Music Player

This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

Friday 30 June 2017

ජනප්‍රිය සිංහල ගීත විස්සක් ලියවුණු රසකතා එකතුව.


මෙතෙක් මයුරපාද මිතුරෝ මෙම අඩවිය හරහා ප්‍රචාරය කළ සියලුම ගීත පිළිබඳ ලිපි පහතින් කියවන්න.


01, මලක් උණේ ඇයි නුඹ මට - අමරසිරි පීරිස් 



02, කන්ද කෙන්ද කරනු පිනිස - මාලිනී බුලත්සිංහල 



03, මගේ ජීවිතේ පුරා - සේනානායක වේරලියද්ද


04, පෙරුම් පුරාගෙන ආ සංසාරේ - සේනානායක වේරලියද්ද



05, හමුවෙන්නට සමු ගන්නට - රොෂාන් ෆනෑන්ඩෝ 



06, කන්ද පිරිමැද ලංද මුදුනට - සේනානායක වේරලියද්ද 



07, රා රා රා බොම්බියේ - සුනිල් එදිරිසිංහ


ලියවුණු හැටි මෙතනින්

08, එදා මෙදා තුර - සනත් නන්දසිරි




ලියවුණු හැටි මෙතනින්

09, මා සනසා මා නලවා - මර්වින් පෙරේරා



ලියවුණු හැටි මෙතනින්

10, අහස පොළව වටපිටාව - සුනිල් එදිරිසිංහ



ලියවුණු හැටි මෙතනින්

11, දුවේ නුඹ මගෙ ප්‍රාණයයි - සුනිල් එදිරිසිංහ



ලියවුණු හැටි මෙතනින්

12,සිංහල සිංදු කියන නලලේ තිලක තියන - ගුනදාස කපුගේ




ලියවුණු හැටි මෙතනින්

13,සමන් කුමාර - ඇන්ටන් ජොන්ස්



ලියවුණු හැටි මෙතනින්

14, ගජමන් නෝනා - ශෂිකා නිසංසලා



ලියවුණු හැටි මෙතනින්

15,වත්සුනු සුවදින් - සෝමතිලක ජයමහ



ලියවුණු හැටි මෙතනින්

16, හෙට දවසේ - ප්‍රියා සූරියසේන


ලියවුණු හැටි මෙතනින්

17, ආසයි බයයි - ඇන්ටන් ජොන්ස්



18, මිනිසෙකු පිට නැගි අසරුවෙකි - සුනිල් එදිරිසිංහ



19, සොර දෙටුවෙක් - සුනිල් එදිරිසිංහ



20, තුන් හෙලේ කැලෑ තුළ - නන්දා මාලිනී


ලියවුණු හැටි මෙතනින්

*******
මයුරපාද මිතුරෝ මෙම අඩවියෙහි පළවන ලිපි පිලිබඳ තොරතුරු ප්‍රථමයෙන් සහ ඉක්මනින් ලබාගැනීමට අපගේ නිල facebook පිටුව සමග එකතුවන්න

මයුරපාද මිතුරෝ සමග එක්වූ ඔබට ස්තූතියි!.

Sunday 25 June 2017

දෙවන ලෝක යුද්ධයේ දී ජපානය ඇමරිකාවේ පර්ල් වරායට පහරදීම



1941 / 12 / 04 දින රාත්‍රියේ ඇමරිකාවට අයත් හයිති දූපතේ පිහිටි පර්ල් වරායට පහර දීම සිදුවිය.  ඇමරිකාව සහ ජපානය අතර පැසිපික් සාගර මධ්‍යයේ පිහිටි මෙම වරායට ප්‍රහාර එල්ල කලේ ඉරිදා දිනයක බැවින් බොහෝ සෙබලුන් යුධ වැදීමට සූදානම්ව සිටියේ නෑ.

පෙරවරු 7.55 වනවිට මුලුමනින්ම පාහේ වරාය ගිණිගෙන දැවෙමින් තිබුනි. එල්ල කළ පලමු ප්‍රහාරයට ජපන් ගුවන් යානා 181 සම්බන්ධ වී ඇත.

මෙම සිද්ධියෙන් පසු ඇමරිකාව ජපානයට එරෙහිව යුධ ප්‍රකාශ කළ අතර ඒ හේතුවෙන් ජර්මනිය ඇමරිකාවට එරෙහිව යුධ ප්‍රකාශ කළා.

ප්‍රහාරය හේතුවෙන් 2500ක් පමණ පිරිසක් මියගොස් ඇත.



චායාරූප එකතුව



පර්ල් වරාය 







පහරදෙන අවස්ථාවේ ජපන් ගුවන් යානයක සිට ලබාගත් චායාරූපයක්











දර්ශන එකතුව 








*******
මයුරපාද මිතුරෝ මෙම අඩවියෙහි පළවන ලිපි පිලිබඳ තොරතුරු ප්‍රථමයෙන් සහ ඉක්මනින් ලබාගැනීමට අපගේ නිල facebook පිටුව සමග එකතුවන්න

මයුරපාද මිතුරෝ සමග එක්වූ ඔබට ස්තූතියි!.

Friday 23 June 2017

මයුරපාද ආදි සිසුවාගේ මේ තරම් රිදවුමක්. තොරතුරු දැනගන්න ලිපිය කියවන්න



කාලෙකට පස්සේ ආයෙත් මයුරපාද ආදි සිසුවෙක් එක්ක කතා කරන්නයි හදන්නේ. මොහු එක්ක කතා කරන්න විශේෂ හේතුව තමයි පහුගිය දවසක එලිදක්වපු ඔහුගේ පලවෙනි ගීතය. ඔහු නමින් චමින්ද. චමින්ද මහතා මයුරපාද මිතුරෝ අපිත් එක්ක කතා කරන්න එකතු වුණේ මේ විදිහට..

_________________

චමින්ද 


* මොකක්ද සම්පූර්ණ නම?

චමින්ද එදිරිසිංහ.

* මයුරපාදයේ මොන කංඩායමේද?

99 කංඩායමේ.

* ගම් පලාත කොහෙද?.. පවුලේ විස්තර ටිකක් මතක් කරොත් ?.

කන්දේවත්ත. අම්මයි  තාත්තයි අක්කයි අයියයි.

* මොකද මේ දවස්වල වෙන්නේ ?

මේ දවස්වල බෑන්ඩ් එකේ වැඩ තමයි දිගටම.

* සංගීත කංඩායමක් තියෙනවාද?. මොකක්ද නම?

නාවික හමුදාවේ සංගීත කංඩායම.

* ඒ කියන්නේ රැකියාව නාවික හමුදාවේ ද?

ඔව් නාවික හමුදා සංගීත කංඩායමේ.

* දැනට සිංදු කීයක් කරලා තියෙනවාද ?

තවම එකයි.



* කවුද සිංදුව ලීවේ?.. සංගීත කාගෙද?. ඒ ගැන විස්තර ටිකක් කියන්න..

Music කලේ ත්‍රිශාන් බදුගේද සිල්වා , Lyrics නවීන් පෙරේරා.

* කොහොමද සිංදුවට ලැබුණු ප්‍රතිචාරය ?

හොද ප්‍රතිචාරයක් තියෙනවා. ලගදී video එක කරන්න බලාපොරොත්තු වෙනවා.

* ඉස්කෝලේ සංගීතය විෂයක් විදිහට කරාද ?

ඔව් මම Music ඉගෙන ගත්තා. රම්‍යලතා වික්‍රමසිංහ මැඩම්ගෙන්.ඒ වගේම පොඩ් කාලේ ගමේ ගල්අතර ඉස්කෝලේට යද්දී සංගීතය උගන්වපු චාන්දනී රනසිංහ ගුරු මෑණියන් මේ වෙලාවේ මතක් කරනවා.

* ඒ කාලේ ඉස්කෝලේ විදුහල්පති විදිහට හිටියේ කවුද ?

මෙඩේරිගම සර්.

* ගුරුවරු කිහිපදෙනක් මතක් කරොත්?


වික්‍රමසිංහ සර් , උදේනි මැඩම් , චාන්දනී මැඩම්

* වැඩිපුරම ගුටි කෑවේ කාගෙන්ද ?.

වික්‍රමසිංහ සර්ගෙන්.

* ඉස්කෝලේ එකට හිටපු යාළුවෝ ටිකක් මතක් කරොත් ?

නදීක දංගොල්ල , චන්දන වික්‍රමසිංහ.



* ඇයි සිංදුවක් කරන්න හිතුවේ ?.

පොඩ් දවස්වල ඉදන්ම ආසාවක් තිබුනා. ඉස්කෝලේ one man show එකක් කරන්න අදහස් තිබුනා. ඒ දවස්වල සල්ලි තිබ්බේ නෑ.

* මයුරපාද ජීවිතේ ගැන මොකද හිතෙන්නේ ?

ගොඩක් සතුටුයි. මට ඉස්කෝලේ ගොඩක් අය ආදරේ කලා මම සිංදු කියන නිසා. මම 98 , 99 අවුරුදු දෙකේම සමස්ථ ලංකා ගියා. 99 අවුරුද්දේ දෙවෙනි ස්ථානය ලැබුනා.

* ආයෙත් ඉස්කෝලේ යන්න අවස්ථාවක් දුන්නොත් වැඩියෙන්ම යන්න කැමති පංතිය මොකක්ද?. ඒ පංතිය භාර ගුරුතුමා , ගුරුතුමිය විදිහට තෝරගන්නේ කවුද?

12 - C,  වික්‍රමසිංහ සර්.

* ඉස්කෝලේ වර්තමාන තත්වය ගැන මොකක්ද අදහස ?

අපේ කාලෙට වඩා ගොඩක් දියුණුයි. පහසුකම් හොදයි , ඒ ගැන සතුටුයි.



* මයුරපාද මිතුරෝ ගැන මොකද හිතෙන්නේ ?

ගොඩක් සතුටුයි. ගොඩක් අය ගැන ලිපි දාලා තියෙනවා දැක්කා. මම ඇත්තටම බලාපොරොත්තු වුණා කවුරු හරි අපි ගැනත් හොයලා බලයි කියලා. මොකද මමත් ඉස්කෝලේට කීර්තියක් ගේන්න මහන්සි වෙලා තියෙනවා.

* අවසාන වශයෙන් මොකක්ද කියන්න තියෙන්නේ?


මේ විදිහට කතා කරපු එකට ගොඩක් ස්තූතියි. මම යන ගමනට උදව් කරන එක මට ලොකු හයියක්. මගේ සිංදුව out කරපු දවස්වල post එකක් දාලා තිබුනා. මට ගොඩක් සතුටුයි. මාව දන්නේ නැති අයත් මට කතා කලා ඒ post එක නිසා. මයුරපාද මිතුරෝ හරහා මාව අදුනගත්තා ගොඩක් යාළුවෝ. ජය වේවා.

* ප්‍රසංගවලට සම්බන්ධ කරගන්න විදිහත් මතක් කරමු..


0714365626.
ඉස්කෝලේ සම්බන්ධ වෙලා කරන ඕනම ප්‍රසංගයකට මම නොමිලේ සම්බන්ධ වෙනවා. ඒක ම⁣ට ලොකු ආඩම්බරයක්.

*******

ගීතය රසවිදින්න පහතින් 
   
                  

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
සිව් වසරක් පුරා " මයුරපාද මිතුරෝ " සමගින් රැදී සිට් ආදරණීය ඔබ සැමට මයුරපාද මිතුරෝ කංඩායමේ විශේෂ ස්තූතිය. 


~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
මයුරපාද මිතුරෝ මෙම අඩවියෙහි පළවන ලිපි පිලිබඳ තොරතුරු ප්‍රථමයෙන් සහ ඉක්මනින් ලබාගැනීමට අපගේ නිල facebook පිටුව සමග එකතුවන්න

මයුරපාද මිතුරෝ සමග එක්වූ ඔබට ස්තූතියි!.

Monday 19 June 2017

1994 සිට 2010 දක්වා සාමාන්‍ය පෙළ විද්‍යා ප්‍රශ්න පත්‍ර එකතුව.




ප්‍රශ්න පත්‍ර Download කරගන්නා ආකාරය.

1, ඔබට අවශ්‍ය අවුරුද්ද තෝරන්න.
2, රූපයේ පරිදි රවුම් කර ඇති කොටස තෝරන්න.


3, රූපයේ පරිදි Direct Download කොටස තෝරන්න.
-------------------------

















******

"බාගත කරගැනීමේදී ඔබට යම් ගැටළුවක් ඇතිවුවහොත් ඒ පිළිබඳ පහතින් comment කරන්න , නැතිනම් අපගේ facebook පිටුවට දැනුම් දෙන්න".

මයුරපාද මිතුරෝ මෙම අඩවියෙහි පළවන ලිපි පිලිබඳ තොරතුරු ප්‍රථමයෙන් සහ ඉක්මනින් ලබාගැනීමට අපගේ නිල facebook පිටුව සමග එකතුවන්න

මයුරපාද මිතුරෝ සමග එක්වූ ඔබට ස්තූතියි!.

Sunday 18 June 2017

මගේ පුංචි රෝස මලේ - ගීතය ලියවුණු සත්‍ය සිදුවීම.


මේ මයුරපාද මිතුරෝ හරහා අපි කතා කරන විසිවෙනි(20) ගීතයයි. තොරාගත්තේ තවත් ඔබ ආදරය කරන ඉතා ජනප්‍රිය ගීතයක් ලියවුණු සත්‍ය සිදුවීමක්.

මගේ පුංචි රෝස මලේ
මමයි නුඹේ වියපත් බඹරා
නුඹ හීනෙන්වත් නොදකින කුමරා
නුඹ හීනෙන්වත් නොදකින කුමරා

කළුවර රෑ සඳක් වගේ
අහසේ නුඹ ඉන්නවා නම්
ආසයි මම නොකී කවිය ඔබට කියන්න
තරහක් නෑ නුඹ බැසයන්න

මගේ පුංචි රෝස මලේ.....

මගේ පුංචි නවාතැනේ
ඇවිදින් සැරිසරනවා නම්
ආසයි මං කවුළු පියන් හැරල තියන්න
තරහක් නැහැ නෑවිත් ඉන්න

මගේ පුංචි රෝස මලේ.....


ස්වාධීන රූපවාහිනියෙන් මුලටම බලන්න ලැබුණු මේ මියුසික් වීඩියෝ එක දැකපු හුඟක් අය හිතුවේ මේ ගීත පිටුපස තියෙන කතාවත් මේකමයි කියලා. ඒත් ඒකෙ ඇත්තම පසුබිම් කතාන්දරය මෙන්න මේ වගේ එකක්. 

සංගීත ක්ෂේත්‍රයේ ඉන්න එක්තරා ගායකයෙක් එයාගේ  සංගීත පන්තිය පැවැත්වූයේ කළුතර පැත්තේ. ඔහු තරමක් වැඩිමහල් වයසේ ඉන්න කෙනෙක්. ඉතින් දවසක් මෙයාගේ පන්තියට බොහොම ලාබාල ගැහැණු ළමයෙක් ආවා වයලින් වාදනය ඉගෙනගන්න.

කොහොම හරි ටික දවසක් යනකොට වයසින් වැඩි කෙනෙක් වුණත් ඒ යුවතිය ගැන මේ ගායකයාට  ආදරයක් ඇතිවෙනවා. ඇය පන්ති ආවේ නැති දවසට පන්තිය පවත්වන්නවත් ඔහුට හිත් දුන්නේ නැහැ. ඇයට පන්තියේ වැඩවලට උදව් කරත්, වචනෙකින්වත් නොගැළපෙන දෙයක් කියන්න ඔහු වග බලාගත්තා. ඒ නිසා ගුරුවරයගේ හිතේ තමන් ගැන තියෙන අසීමිත ආදරය ගැන ඇය හාන්කවිසියක්වත් දැනගෙන හිටියේ නැහැ.

ප්‍රවීණ ගීත රචකයෙක් වන ධම්මික බණ්ඩාරයන් ඔහුගේ මිතුරෙක්. ඒ නිසා ලාබාල තරුණියකට හිතින් ආදරය කරන මේ සංගීත ගුරුවරයාගේ  කතාව ධම්මික බණ්ඩාරයන් පවා දැනගෙන හිටියා. එක දවසක් ඔහු මේ ගායකයාගේ ගෙදරට යන්නේ ගීතයකට තනුවක් හදාගන්න. ඒත් ඔහු ගෙදර හිටියේ නැහැ. කොහොමහරි ධම්මික බණ්ඩාරයන් ඔහුව හොයාගන්නේ ඒ පැත්තේ තිබුණු රෙස්ටුරන්ට් එකකදී.

සංගීතයේ හසල දැනුමක් තිබුණු මේ සංගීතඥයා රෙස්ටුරන්ට් එකකට වෙලා ආදරයෙන් පරාද වුණු තරුණයෙක් වගේ බොන හැටි දැක්කම ඔහුට පුදුම හිතුණා. ඒත් හේතුවත් ඇත්තටම එහෙම දෙයක් තමයි. අර තරුණියගේ විවාහයට ආරාධනා කරලා ඇරයුම්පතක් ඔහුටත් ලැබිලා. ගුරු ගෞරවයෙන් යුතුව, දෙපා නැමදලා ඇයගේ අතින්ම තමයි මේ ආරාධනාව ඇය කරලා තියෙන්නේ.

ඉතින් ඔහුගේ ඒ විරහව පද පෙළට අමුණලා, ධම්මික බණ්ඩාරයන් රචනා කරපු මේ ගීතය අපට අහන්න ලැබෙන්නේ අමරසිරි පීරිස් මහත්මයාගේ ගැඹුරු හඬින්.

*******

ගීතය රසවිදින්න පහතින් 



ගීතය බාගතකරගන්න පහතින්

 ⇝ DOWNLOAD MP3 ⇜

******
මයුරපාද මිතුරෝ මෙම අඩවියෙහි පළවන ලිපි පිලිබඳ තොරතුරු ප්‍රථමයෙන් සහ ඉක්මනින් ලබාගැනීමට අපගේ නිල facebook පිටුව සමග එකතුවන්න

මයුරපාද මිතුරෝ සමග එක්වූ ඔබට ස්තූතියි!.


Thursday 15 June 2017

අරනායක ගැන කියවෙන ගීතයක් ලියවෙයි.. ගීතය රසවිදින්න පිවිසෙන්න



කීරපනේ සෝමාලෝක ස්වාමීන් වහන්සේ විසින් රචිත අරනායක පිළිබඳ කියවෙන ගීතයක් උන්වහන්සේගේ facebook ගිණුම හරහා ප්‍රචාරය කර තිබෙනවා.. ඒ අරනායකට පමනයි යනුවෙන් සටහනක්ද තබමින්.


සෝමාලෝක ස්වාමීන් වහන්සේ 



මයුරපාද මිතුරෝ youtube නාලිකාව හරහා ගීතය පහතින් රසවිදින්න

සෝමාලෝක ස්වාමීන් වහන්සේගේ facebook ගිණුමට මෙතනින්  පිවිසෙන්න.

*******
මයුරපාද මිතුරෝ මෙම අඩවියෙහි පළවන ලිපි පිලිබඳ තොරතුරු ප්‍රථමයෙන් සහ ඉක්මනින් ලබාගැනීමට අපගේ නිල facebook පිටුව සමග එකතුවන්න

මයුරපාද මිතුරෝ සමග එක්වූ ඔබට ස්තූතියි!.


තුන් හෙළේ කැලෑ තුළ සිංහ පැටව් - ගීතයේ අරුත


ගාම්භීර සංගීතයකින් සහ ගාම්භීර හඩකින් ගායනා කරන මේ ගීතය අපේ හිත් වලට අමුතු හැගීමක් අමුතු පිබිදීමක් ලබා දෙනවා.. සුනිල් ආරියරත්න මහතාගේ රචනයෙන් රෝහන වීරසිංහ මහතාගේ සංගීතයෙන් විශාරද නන්දා මාලිනී මහත්මිය ගායනා කරක තුන් හෙළේ කැලෑ තුළ සිංහ පැටවු ගීතය ගැන අපි කතා කරමු.

තුන් හෙළේ කැලෑ තුළ සිංහ පැටව්
නැත උන් රට අතැර ගොසින්


අතීතයේ  රුහුණු, මායා, පිහිටි, ලෙස කෙටෙස් තුනකට වෙන්කර තිබුනා. ඒ කොටස් තුන එක්කර හැදුනු රට තමයි තුන් හෙළය කියන්නේ. රටේ රට වැසියන්ගේ වීරත්වය නිසාම අපේ රටේ මිනිසුන් සමාන කරන්නේ සිංහයන්ටයි ( හැමෝටම නෙමෙයි ).

ඔබ දන්නවා කැලෑවක ජීවත්වන සිංහයන් හීලෑ නොවූ පිරිසක්. තමන්ගේ කංඩායමට , තමන්ගේ වාස භූමියට හෝ තමන්ට අනතුරක් සිදුවන ඕනෑම අවස්ථාවක සිංහයා ඒ ඕනෑම අයෙකුට පහර දෙන්න පසුබට වෙන්නේ නෑ..

කැලෑ තුළ සිංහ පැටවු යනුවෙන් ගීතයේ හදුන්වන්නේ රටට ලැදි පිරිසටයි.. ඉහත සදහන් කළ සිංහයන් හා සමාන හැසිරීම් ඇති පිරිසටයි. එවන් අය මේ රට හැර ගිහින් නෑ.. ඔහුන් තවමත් ඉන්නවා. මේ තුන් හෙළයේ ඔහුන් විසිරිලා ඉන්නවා.

කොටු කර යදැලින් ඇති සිංහ පැටව්
විළි වැද යති දැක හෙළයන්


යදැල ලෙස හදුන්වන්නේ යකඩ දැල් හා සමාන දෙයටයි.. ඔබ දන්නවා ඇති කූඩු කර ඇති සිංහයන් කැලෑ සිංහයන් මෙන් දරුණු නෑ. රටට ආදරය කරන හෙළයන් දකින තමන් සිංහයෙකු වුවත් සිංහ ගති නැති පිරිස් නියම හෙලයන් හමුවේ පසුබ වෙනවා..

සරු දෙරණ මකා තණ කබල කකා
සිංහයෝ සිඟති එතෙරින්


මෙම ගීතයෙන් පහර ගසන්නේ පිටරට ජීවත් වෙන ශ්‍රී ලාංකික පිරිස් වෙතටයි.මෙච්චර වටින පොළවක උපන්නත් පිට රටින් යැපෙන පිරිස් ගීතයෙන් සිඟන පිරිසකට සමාන කරනවා.

සිහ රදුනට දා‍වූ සිංහ පැටව්
තුටු වෙද අනුනගෙ ඉඳුලින්


නියම හෙලයෙකුට උපන් දරුවන් කවදාවත් මේ රට හැර යන්නේ නෑ.. ඔහුන් මේ පෝෂණය කරනවා. එවන් අය අනුන්ගේ ඉදුල් කන පිරිසක් නෙමෙයි.

අප ධජයේ ඉන්නා සිංහ පැටව්
පැනයන්නට පෙර මෙරටින්


හොදින් සිතිය යුතු පද පේලියක්.. යම් දිනක සිංහ ධජයේ සිංහයා නැති වේවිද?... රටට ආදරය කරන ජාතියක ආදරය කරන පිරිස ඒ දවසට නැති වෙන්ක පුලුවන්. ( මේ පුංචි පද පේලිය හරහා ලොකු දෙයක් කියවෙනවා..)

පිට රටුන් දොරින් දොර සිඟා නොකා
සිත අලස සුවය දුරරින්


ඉතින් එවන් දෙයක් මේ රටට වෙන්න කලින් තොපි රට රටවල හිඟා කන්නේ නැතිව ඔය කම්මැලිකම නැති කරලා වරෙන් මේ රටට රැකගනින් අපේ මේ මවුබිම..

*******

උපදින හැම ආත්මයකම මේ උතුම් මව් භූමියේ උපදින්නට මට වරම් ලැබේවා !..







ගීතය රසවිදින්න 


******
මයුරපාද මිතුරෝ මෙම අඩවියෙහි පළවන ලිපි පිලිබඳ තොරතුරු ප්‍රථමයෙන් සහ ඉක්මනින් ලබාගැනීමට අපගේ නිල facebook පිටුව සමග එකතුවන්න

මයුරපාද මිතුරෝ සමග එක්වූ ඔබට ස්තූතියි!.

ශ්‍රී ලංකා දුම්රිය ඉතිහාසයේ සිදුවූ දරුණු අනතුරු


මේ දිනවල දුම්රිය බොහෝ දෙනෙකුගේ අවදානයක් ලබා තිබෙන්නේ වර්තමානයේ දුම්රිය මගින් සියදිවි නසාගන්නා පිරිස වැඩි වීම නිසාය.

මා දන්නා තරමින් දුම්රිය මාර්ගය හරහා ගමන් කිරීම නීතියට අනුව දඩුවම් ලැබිය හැකි වරදක් නමුත් නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොවීම කනගාටුවට කරුණක්.

මෙම ලිපිය හරහා අතීතයේ සිදුවුණු දරුණු දුම්රිය අනතුරු කිහිපයක් පිළිබඳ තොරතුරු ඔබට ලබා දෙනවා..

----------------
* 1962 මාර්තු 18 - අධික වේගයෙන් පැමිණි දුම් රියක් මීරිගමදී පීලි පැනීමෙන් 60කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්විය.

* 1985 ජනවාරි 19 - එල්.ටී.ටී.ඊ ය විසින් යාල් දේවි දුම්රියට බෝම්බ දැමීමෙන් මගීන් 11 දෙනෙකු මරුමුවට පත්විය.

* 1996 ජූලි 24 දෙහිවල දුම්රිය බෝම්බ ප්‍රහාරය - එල්.ටී.ටී.ඊ බෝම්බ ප්‍රහාරයකින් දෙහිවල දි මගීන් 70 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.

* 2002 ජනවාරි - නුවර සිට කොළඹ දක්වා ධාවනය වූ නගරාන්තර දුම්රිය රඹුක්කන දී පිලී පැනීමෙන් 14 දෙනෙකු මරුමුවට පත්විය.

* 2004 දෙසැම්බර් 26 සුනාමි-දුම්රිය ව්‍යසනය - සුනාමි ව්‍යසනය හේතුවෙන් විනාශ වූ දුම්රියෙහි මගීහු බොහෝ පිරිසකට ජීවිත අහිමි විය.

* 2005 අප්‍රේල් 26 - පොල්ගහවෙල යාන්ගල්මෝදරදි මගී බස් රථයක් දුම් රිය හරස් මාර්ගය හරහා යන විට දුම් රියක ගැටී මගීන් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.

* 2011 සැප්තැම්බර් 17 අලව්ව දුම්රිය අනතුර -දුම්රිය දෙකක් එකම මාර්ගයේ ගමන් කර එක් දුම්රියක් ඉදිරියේ තිබූ දුම්රියක ගැටීමෙන් මගීන් 5 දෙනෙකුට ජීවිත අහිමි විය.

අලව්ව දුම්රිය අනතුර 

* 2014 මැයි 31 - පොතුහැරදි පලෙයි බලා ධාවනය වන දුම්රිය පොතුහැර දුම්රිය ස්ථානයේ නවත්වා තිබූ කොළඹ ට පැමිණෙමින් තිබුණු රජරට රැජිණ දුම්රියේ ගැටීමෙන් මගීන් බොහෝ පිරිසක් තුවාල ලැබූහ. මීට අමතරව දුම්රිය දෙකෙහිම එන්ජින් 2කටම බොහෝ හානි සිදුවී තිබේ.

******
මයුරපාද මිතුරෝ මෙම අඩවියෙහි පළවන ලිපි පිලිබඳ තොරතුරු ප්‍රථමයෙන් සහ ඉක්මනින් ලබාගැනීමට අපගේ නිල facebook පිටුව සමග එකතුවන්න

මයුරපාද මිතුරෝ සමග එක්වූ ඔබට ස්තූතියි!.



Tuesday 13 June 2017

සත් පත්තිනි මෑණියන්ගේ අනුහස් ඇති කිරි අම්මා දානය නිවරදිව දෙමු.



කිරි අම්මාවරු ඇදහීම පිදීම අප රටෙහි අනාදිමත් කාලයක සිට පැවත එන චාරිත‍්‍ර විධියකි. මෙය බොහෝ විට යම් යම් ලෙඩ දුරු කර ගැනීමට දෙවියන්ට බාර විමෙන් පසු එම පොරොන්දු ඉටු කිරිමට පවත්වන්නකි. තවත් සමහර නිවෙස් වල වසරක් පසාම පවත්වයි.

කිරි අම්මා පිදීමේදී පත්තිනි දේවිය මුල් කොට සලකන්නේ පතිවෘතා බලය නිසාත් පත්තිනි දේවිය සියළු ලෙඩ රෝග දුක් නසන විශ්වාසය මතය.

          මිනිසුන්හට සෙත සලසන ශාන්ති කාරක පත්තිනි දේවිය, මුළු සිරිලක පුරා පුද පෙත් ලබන්නීය. පත්තිනි දේවිය වෙනුවෙන් පුදනු ලබන කිරි අම්මා දානය බොහෝ හාස්‌කම් බල ඇති වැඩිහිටියන්ට මෙන්ම කුඩා අතදරුවන්ගේ සියලුම රෝගා බාධාවන් හා ආරක්‌ෂාවටත් අතුරු ආන්තරාවන්ගෙන් මිදීමට දරුපල නැති අයට දරුවන් ලැබීමට පිහිට වෙයි.

සමහර නිවෙස්වල සෑම වසරක්‌ පාසාම කිරිඅම්මා දානයක්‌ පිදීම චාරිත්‍රයක්‌ වශයෙන්ම කරන්නේ එම නිවසට රෝ බිය පහව නිවසට කිරි ඉතිරෙන්නාක්‌ මෙන් සෞභාග්‍ය උදාකර ගැනීම සඳහාය.



පත්තිනි දෙවියෝ.. සිද්ධ පත්තිනි, සළඹ පත්තිනි, අඹ පත්තිනි, මල් පත්තිනි, ගිනි පත්තිනි, දේව පත්තිනි, සත් පත්තිනි, යන නම් හත වෙනුවෙන් කිරි අම්මා වරු හත් දෙනෙකු දානයට ඇරයුම් ලබයි.

මෙලෙස කිරි අම්මා දානයට ඇරයුම් ලබන්නේ දරුවන් ඇති, ස්වාමි භක්තිය ඇති ආගමානු කූලව ජීවත්වන කුලවත් ස්ත‍්‍රීන්ය.

කිරි අම්මා දානයක්‌ දෙන විට පළමුව අඩුක්‌කු දීමේ ඇපයක්‌ මත දානය දීමට දිනයක්‌ වෙන්කර ගනී. පසුව එම දිනයේ සුදුවතින් සැරසුණු කිරි අම්මලාට දෙන දානය උදෑසන කපුටන් හඬන්නට පෙර දිය යුතු බවත්,අවසන් කළ යුතු බවද නීතියකි. අති ප්‍රබල පත්තිනි ඇදහිල්ලෙහි මූලික අභිප්‍රාය වන්නේ කුඩා දරුවන්ගේ ආරක්‌ෂාව සඳහා බව වේ.

දානය දීමේදී පළමුව අඩුක්‌කු වෙන්කර පොල්ගහක කොළ බැඳ කිරි අම්මාලට දානයක්‌ දෙන බවට පොරොන්දු වී පඬුරක්‌ බැඳ දිනයක්‌ වෙන්කර බාරවෙයි. පසුව බුලත් දී කිරි අම්මලා හත් දෙනකු වැඩමවීමට ආරාධනා කරයි.

දානය පිරිනමන දිනයේ පළමුව කොළ බැඳි පොල් ගහේ ගෙඩි කඩාගෙන නොයිඳුල් තෙල් සිඳ කැවුම් කිරිබත් උයා ඇඹුල් කෙසෙල් ගෙඩි, කිරිකෑලි නමැති විශේෂ පූපයද එක්‌ වර්ගයකින් හත බැගින් කෙහෙල් කොළවල තබා කිරි අම්මලා නිවසට වැඩිය පසු පැදුරු මත සුදු පිරුවට එළා වැඩ හිඳුවා දානය පිරිනමයි. මෙම අවස්‌ථාවේ කිරි අම්මාවරු කවි ගායනයෙන් සෙත් ශාන්තිය පතා කිසිවකු සමග කතා නොකර නිවසින් පිටව යයි.

පත්තිනි දේවිය මුල් කොටගෙන කරන පහන් මඩු පත්තිනි ඇදහිල්ලේ ප්‍රබලම අවස්‌ථාවයි. එය එකල "සේරමන්" නමැති රජුගේ හිසේ හටගත් රෝගයක්‌ සුව කිරීම සඳහා එම රජුගේ අගමෙහෙසිය වන පත්තිනි දේවිය මුල් කොටගෙන පැවැත්වූ ශාන්ති කර්මය පහන් මඩුව නමින් හැඳින්වේ.

එම කථාව මෙසේය. සේරමන් රජු දිනක්‌ රාත්‍රියේ නිදා සිටින විට ගෝනකුගේ දෙදරුම් කන හඬ ඇසීමෙන් රජුගේ නින්දට බාධාවක්‌ වී නින්ද නොයන නිසා, ගෝනා මරා ගෝනාගේ හිස මොළ කමියි හිතා, යහනාවෙන් නැගිට ගොස්‌ ගෝනා මරා කෑවේය. මැරුණු ගෝනා රජුට අයිති මානෙල් විලක දැකුම්කළු මානෙල් මලක්‌ යට ගෙම්බෙක්‌ වී ඉපදුණේය. දිනක්‌ රජු විලට ගොස්‌ මානෙල් මලක්‌ කඩාගෙන එය සිම්බේය. එවිට එහි සැඟවී හිටිය ගෙම්බා රජුගේ නාසය තුළට ඇතුළු වී මොළයට රිංගා ගත්තේය. එදින සිට රජුට තදබල වේදනා දෙනහිසේ අමාරුවක්‌ ඇතිවිය. එය සුව කිරීමට දන්නා වෙද හෙදකම් කොතෙක්‌ කෙරුවද ඉන් කිසිපලක්‌ නොවීය. එනිසා එය සුව කිරීම සඳහා රජු සිරි ලංකාවට කැඳවාගෙන ඇවිත් මෙම පහන් මඩු ශාන්ති කර්මය කිරීමෙන් පසු රජුට සුවයක්‌ වූ බවට කථාවක්‌ ඇත.


කිරි අම්මා දානය පුදනවිට පළමුව කරන්නේ පොල්ගසක්‌ පට්‌ටා බැඳීමයි. මෙය පොල් ගසක කොළ බැඳීමයි කියති. එසේ කරන්නේ කිරි අම්මලාට දානයක්‌ දෙන බවට පොරොන්දුවකි. ඉන්පසු බුලත් අතට දී දරුවන් බිහිකළ අම්මාවරුන් හත් දෙනකුට ආරාධනය කරති.


දානය පුදන දිනයේ කොළ බැඳි පොල්ගසේ ගෙඩි කඩා නොයිඳුල් තෙල්හිඳ කැවුම්, කිරිබත්, කෙසෙල් ගෙඩි සහ කිරිකෑලි නමින් හැඳින්වෙන විශේෂ ආහාරයද සහිතව එක්‌ වර්ගයෙන් හත බැගින් කෙහෙල් කොලවල තබා කිරි අම්මා වරුන්ට පුද පිරිනමයි.


කිරි අම්මාවරු හත්දෙනෙක් සඳහා අවශ්‍ය ද්‍රව්‍ය

කැකුළු හාල් කිලෝ 7 ක, කිරිබත්
කිලෝ 2 හාල් කිරි, (හාල් කිරියා සඳහා)
කැකුළු හාල් කිලෝ 2 ක, (කැවුම් සඳහා)
කෙසෙල් ගෙඩි 50
කිතුල් හකුරු කෑලි 7
පඬූරු 7
බුලත් විට 7
කෙසෙල් කොළ 7
ලොකු බෑග් 7

සූදානම් වීම

පළමූවෙන්ම ගේ සෝදා පිරිසිදු කරගන්න. ඉන්පසූ ඉඩ ඇති ලෙසට පැදුරු දෙකක් එලා ඒ මත සූදු සාරියක් එලන්න. ගෙයි දොරකඩ දෙහි බෑයක් සමඟ කහ මිශ්‍ර වතුර කෝප්පයක් තබන්න. ඒ කිරි අම්මාවරු ගේ තුළට වඩින විට මූහූණ සෝදා ගැනීම සඳහායි. අම්මාවරු ඉඳගත් පසූ පළමූව පත්තර කොළයක් ඉදිරියෙන් එලාගෙන යන්න. ඉන්පසූ කෙසෙල් කොළය බැගින් බෙදාගෙන යන්න. ඒ මතට කිරි ස්වල්පයක් ඉසින්න. ඉන්පසූව දානය බෙදීම ආරම්භ කරන්න.

දානය බෙදීම


      දානය බෙදීමේදී මුලින්ම බෙදන්නේ කිරිබත්ය. කිරිබත් කැබලි දෙක බැගින් මූලින් බෙදාගෙන යන්න. ඉන්පසූ ඉජතිරි කිරිබත් බෙදන්න. මෙහිදී අපි කිරිබත් කෝප්පයක් දෙවනූව පිළිගන්වා ඇත. මේ කෝප්පයට හාල් හූණ්ඩූ තුනක පමණ කිරිබත් තිබිය යූතුයි. ඉන් ලස්සනක්ද එක්වේ. නැත්නම් කැබලි කපාම පිළිගැන්වීමටද පුළුවනි.
කිරිබත් බෙදාගත් පසූව කැවූම් හත බැගින් බෙදාගෙන යන්න. දෑන් පිළිවෙළින් හාල් කිරි කැබලි 7, කෙසෙල් ගෙඩි 7, හකුරු කැබලි 1,බූලත් විටි 1 හා පඬූරු බෙදා ගෙන යන්න.



පන්සිල් දී අනෙකුත් ආගමික කටයූතු අවසානයේ ආහාර ගෙන අවසන් වන විට කෝපි කෝප්පයක් පිරිනමන්න.

කිරි දානය අවසානයේ කැවිලි වර්ග ගෙන යෑම සඳහා බෑග්වලට දාමා ගැනීමට කිරි අම්මලාට උදව් නොකළ යූතුයි. එය කිරි අම්මාවරුන්ගේ දානයේ සිරිතකි.

නිවැසියන් සඳහා කිරි අම්මාවරුන්ගේ ආශිර්වාදය ලබා ගැනීමට උස පොල් තෙල් පහනක් පත්තුකර තැබිය යූතු අතරම එහි පහන් තිර හතක්ද තිර නිවා දෑමීමට කිරි පීරිසියක්ද තැබිය යූතුය.

ඉන්පසු කිරි අම්මලා දානය පිලිගෙන එක්‌ අතකින් දැල්වූ පහනක්‌ රැගෙන ඉතා රසවත්ව මිහිරව ගීතිකා, හා කාව්‍යයන් කියමින් යාදින්නාවන් කර සෙත් වඩති. එයින් නිවැසියන්ටත් ගැබිනි මාතාවටත් කිව නොහැකි සෙතක්‌ සැලසී සියලූම දුක්‌, රෝග පීඩාවන්ගෙන් මිදී ශාන්තිය සැලසේ. එය සත්‍යයි. වසංගත රෝග බෝනොවේ.මෙහි තවත් සිරිතක් වන්නේ දානය රැගත් කිරි අම්මලා පසු නොබලාම නොනැවතී නෙපෙනෙනෙ දුරක් යාමයි.


 යලි ආපසු හැරී නිවස දෙස බැළු විට එය අගුණ යැයි ගේහිමියෝ විශ්වාස කරති.



පත්තිනි ඇදහිල්ලේ දී කිරි අම්මාවරු ගෙදරින් පිටව යන විට මෙසේ සෙත් පතා යයි.


කිරි අම්මාවරු වඩිනා වේලේ
මල් වරුසාවක්‌ වැස්‌සයි දෑලේ
ඒ මල් අවුලා අමුණන මාලේ
කිරි අම්මාකල ලෙඩ නැත ආලේ



කිරි අම්මලා දානයට නුසුදුසු අය

1.  ඉතා මහළුව හැරමිටියෙන් යන අය.
2.  සුව කල නොහැකි රෝගවලින් පෙළෙන අය.
3.  දෙනෙත් අනධ, බිහිරි අය.
4.  අංගවිකල වුවන්.
5.  අංශබාග අපස් මාර රෝගීන්.
6.  සියළු දරුවන් මියගිය අය.
7.  වැන්දඹු කාන්තාවන්.
8.   වඳ ස්ත‍්‍රීන්.
9.   මත් ද්‍රව්‍ය භාවිතා කරන ස්ත‍්‍රීන්.
10. මස් මාංශ විකුණන අය.
11. නපුරු නිතර දබර කරන, කේලාම් කියන ස්ත‍්‍රීන්.
12. ගණිකාවන්.

කිරි අම්මා දානය පුජා කරන නිවස ඉතාම හොදින් පිරිසිදුව තිබිය යුතුවේ. ඒ සඳහා කිළි කුණු නොමැති සුබ දිනයක් තෝරා ගත යුතුය.

   ඔබ සැමට පත්තිනි දෙවියන්ගේ පිහිටයි

******
මයුරපාද මිතුරෝ මෙම අඩවියෙහි පළවන ලිපි පිලිබඳ තොරතුරු ප්‍රථමයෙන් සහ ඉක්මනින් ලබාගැනීමට අපගේ නිල facebook පිටුව සමග එකතුවන්න

මයුරපාද මිතුරෝ සමග එක්වූ ඔබට ස්තූතියි!.

Sunday 11 June 2017

ජනප්‍රිය⁣ බෝදිලිමා අදෘශ්‍යමාන බලවේග⁣ය පිළිබඳ තොරතුරු.



අදෘශ්‍යමාන බලවේග ගැන අපි අසා ඇත. මෝහිනී , සීරි යකා , බෝදිළිමා , උලමා ,  කළු කුමාරයා සහ තවත් බොහේ බලවේග ගැන අපි යම් යම් කතා අසා ඇත. ඒ අතරින් මෙම ලිපිය හරහා බෝදිළිමා ගැන තොරතුරු කතා කරන්නට බලාපොරොත්තු වෙනවා..



" අතීතයේ එක් තරුණ අඹුසැමි යුවලක් වාසය කරමින් සිටින අතර කලක් ඇවෑමෙන් බිරිඳ දරුවකු ලබන්නට ගැබ්බරව සිටියාය. නමුත් කිසියම් උපද්‍රවයක් හේතුවෙන් ගැබිනියගේ කුස තුළම දරු සිඟිත්තා මිය ගිය අතර වේදනාවෙන්, ඇඹරී, ඇඹරී අඳෝනාව නඟමින්ම ඇය ද අවසන් හුස්ම හෙළුවාය. මේ නිසා ගැබ්ගත් කත වේදනාවක් තබා මියැදෙන්නට මුල් වුණ තම ස්වාමියාට වෛර බැඳගත් අතර පිරිමි සංහතියටම ද්වේශ කරමින් පසුව ”බෝදිලිමා” ආත්මය ලබා පිරිමින් පසුපස පළිගන්නටම කෑගසමින් එන බවයි එම ජනකතාවෙන් කියැවුණේ.”

මේ බෝදිලියා නැතිනම් බෝදිළිමා නැමති අදෘශ්‍යමාන බලවේගය බිහිවූ ආකාරය ගැන කියවෙන ගැමියන්ගේ මතයයි...

බොදිලිමාගේ රුව දකින්නට අපහසු වුවත් හඩ නම් අසන්නට පුලුවන්..මැදියම් රැයේ ප්‍රසූත වේදනාවෙන් සිටින කාන්තා කෙදිරිල්ලකට සමාන හඩක් පිට කරන බෝදිලිමා ඇතමුන් කියන ආකාරයට " අනේ අපොයි අම්මා " යන හඩට සමාන කෙදිරිල්ලකි. ආරම්භයේ ඉතා සෙමින් ඇසෙන මේ හඩ ක්‍රමයෙන් වර්ධනය වී ඝෝෂාවකට පත්වෙයි.

බෝදිලිමා හෙවත් බෝදිලියාගෙන් කාන්තාවන්ට හිරිහැරයක් නැත, ගැමියන් කියන පරිදි බෝදිලිමා කාන්තාවන් හට බියක් දක්වයි. ඔහුන් සොයන්නේ පිරිමින්වය. තෙල් ටිකක් ජීවම් කර තමාගේ දුක නිවා ගන්නට බෝදිළිමා සූදානම් බවත් ජනප‍්‍රවාදයේ ජනප්‍රවාදයේ ඇත. එසේ මෙම අදෘශ්‍යමාන බලය තමගේ දුක කියාගන්නට පිරිමින් සොයා ආවත් ඔවුන් මීට දක්වන බියපත් බව නිසා ”බෝදිලිමා” විශ්වාසය තව තවත් ගුප්ත ජනක වෙයි.

😎 මයුරපාද මිතුරෝ 😎

උලමා සහ බෝදිලිමාගේ හඩට ගැමියන් බියක් දක්වයි.. උලමා යනු පක්ෂියෙකුවන අතර ගහක සිට හෝ යම් ඉහල ස්ථානය සිට හඩ නඟයි. නමුත් බෝදිළිමා කෑගසන්නේ බිම සිටය.

පිටිසර ගම්වල මේ හඩ ඇසෙන විට පිරිමින් නිවස තුළට යවා බිම අතුගාන කොස්ස , ඉඳල හෝ ඉලපත ගෙන ඊට මූත්‍රා කර එලියට එන කාන්තාව දුටු සැනින් මේ හඩ අතුරුදහන් වෙයි. තවද පරුෂ වචන කියා කෑ ගැසීම සහ කාන්තාවන් විසින් දොස් පැවසුමෙන්ද මෙම හඩ අතුරුදහන් වේ.

බෝදිලිමා ආත්මය වැළඳ නොගැනීමට හොඳම කටයුත්ත නම් ”බෝදිලිමා” ආත්මය වැළැක්වීම බව ද ජනපුවත කියයි.

මේ සඳහා කළ යුත්තේ ගර්භණී කාන්තාවක් මිය ගිය පසු ඇය මිහිදන් කරන්නට පළමුව ඇගේ උදරය මත බුලත් කොළයක් තබා දෙකට ඉරා දැමීමයි. එයින්ම ඇය බෝදිලිමා ආත්මය වැළඳ නොගන්නා බව කියැවෙයි.

අතීතයේ ලක්දිව සිරකරුවෙකු වූ රොබට් නොක්ස් පවා බෝදිලිමා සම්බන්ධ ඔහුගේ අත්දැකීම් ඔහු ලියන ලද පොතෙහි සදහන් කර ඇත.

" යකෙකු රාත‍්‍රී කාලයේ නිතරම නඟන හඬක් මා ද නිතර අසා ඇති බව මෙහි ලා පළ කළ යුතුය. වරෙක බල්ලකු නඟන අදෝනාවක් සේ ඇසේ. මේ අමිහිරි හඬින් කිසිවකුටත් විපතක් වන බව නම් මම නෑසුවෙමි. එහෙත් මේ හඬ නම් යකකුගේම යැයි කීමට හේතු කීපයක් වෙයි. එනම් මේ හඬ නොයෙක් ගම් වලින් ඇසීමයි. ඒ වගේම මේ හඬ නඟන වෙනත් සත්වයෙක් මේ ද්වීපයේ නොවීමයි. මේ හඬ ඇසෙත්ම මිනිසුන් හා ගැහැනුන් ”ගෙරි මස්කන වලා. තෝ හැඳි ගෑවෙයි. නොදකින් විතරක්? දෑහැට නොපෙනී පළ?” යයි කියමින් ශාප කරති. එකෙනෙහිම මෙම අඳෝනාව නම් අතුරුදන් වෙයි "

මීට අමතරව * එච්. ජී වෙල්ස් මහතාද ⁣ඔහු රචිත පොත් හරහා බෝදිලිමා සම්බන්ධව විස්තර කර ඇත.

එක්තරා පුවත්පතක ගලිගමුව ආසන්න ප්‍රදේශයක බෝදිලිමෙකුට කොටු වූ අයෙකුගේ අත්දැකීම් පිළිබඳව මෙලෙස විස්තර කර තිබුනා.

" එදා වැහිබර අඳුරු දිනයකි. වරින් වර වැහි වලාකුළු අතරින් මතුවන සඳ එලිය ගමට මඳ ආලෝකයක් ලබා දී තිබිණ. උස් වූ ගොවිපළෙහි නිදා සිටි මේ ගොවිමහතාට මැදියම් රැයේදී අහම්බෙන් මෙන් ඇසුන කෙඳිරිළි හඬක් නිසා අවදිවිය. ටිකෙන් ටික මේ අමිහිරි වේදනාකාරී හඬ ඔහුගේ නිවස දෙසට එන බව හැඟිණ. ප‍්‍රසව වේදනාවෙන් දඟලන ගැබිණියකගේ විලාපයට සමාන අඳෝනාවක් රැුගත් එය මිදුල අසලටම ළඟාවෙන බවයි ඔහුට හැඟී ගියේ. මහත් බියට පත් ඔහු ගෙපිළ මතම හිඳගත්තේය. පුදුමයකි. අඩියක් හෝ එකහමාරක උසක් ඇති තද කළුපාට ගුලියක් සේ පෙණුන එම රුව මිදුලේම පෙරළෙන්නට පටන් ගත්තේය. තමා දෙසත්, අවටත් බලමින් හැඬ තැලූ එම අඳෝනාව හමුවේ කිසිවක් කරකියාගන්නට අසමත් වූ ඔහු තම බිරිඳට කතා කළේය. ඇය ගෙතුළ සිට එලියට ආවේ ඉළපත ද රැගෙනය. ගෙතුළ සිට ඇයටත් මේ හඬ ඇසී ඇති සෙයකි.

පළ යන්ඩ පාහර බැල්ලී... තෝ මගේ මිනිහා ළඟට එන්නේ කැන්දා ගන්නැයි........” කියාගෙනම මිදුලට බසිද්දී ඒ බිහිසුණු දසුන මෙන්ම හඬ ද ඈතට දිව ගොස්ය. වෙනත් ඉසව්වකින් හඬ නිකුත් වෙනු ඇසිණ. "

බොදිළිමගේ හැඩරුව පිළිබඳ ඔහු විස්තර කර තිබුනේ මෙසේය.

" ඉත්තෑවෙක් වගේ. දෙපාවලින් ඇවිදගෙන වගේ ආවේ. දෙපැත්තටම පැද්දි පැද්දි. ඔළුව හරියට පුංචියි. පහළ ලොකුයි. හරියට මාලූ අල්ලන කරක් ගෙඩියක් වගේ.. (කරක් ගෙඩිය යනු පුංචි ලී කෝටු වලින් රවුමට සාදා ”පිරමීඩයක් සේ” මුදුනින් සිදුරක් ඇති මාලූ අල්ලන උපකරණයකි. රජරට වන්නිකරයේ වැව් වලදී අදත් දැකිය හැකිය)

ඇතැම් ප්‍රදේශවල වැසියන් මෙම බෝදිලිමා පලවා හැරීමට

" සබ්බ පාපස්ස අකරණං”
කුසලස්ස උපසම්පදා
සචිත්තපරියෝ දපනං
ඒතං බුද්ධානු ශාසනං”

යන ගාථාව භාවිතා කරන අතර මෙම ගාථාවටද බෝදිලිමා බියක් දක්වයි.

වත්මන් සත්ව විද්‍යාඥයන් බෝදිලිමා හදුන්වන්නේ කටුසු විශේෂයක් ලෙසයි. දෙහිවල සත්ව උද්‍යානයේ පවා බෝදිලිමා නමින් සතෙකු සිටිනවා.

බෝදිලිමා පිළිබඳ පර්යේෂණයක් කළ වනජීවි නිලධාරින් පිරිසකට පොලොන්නරුව වනාන්තරයකදී දැකගන්නට ලැබුනු බෝදිලිමා නම් අමුතුම වර්ගයේ උපද්‍රවයකින් නිර්මාණය වූවෙකි. ඌ දැකගන්නට ලැබී ඇත්තේ ද මැදියම් රැයකය. විපරමින් නිරීක්ෂණය කළ පසු දැකගන්නට ලැබුණේ ඇටි කෙහෙල් අහරට ගෙන වසුරු හෙළන්නට දඟලන උගුඩුවෙකු හෙවත් කළවැද්දෙකි.

එක්තරා ප්‍රදේශයක  ගුරුවරයකුට බෝදිලිමකුගේ අඳෝනාව අසා විදුලි පන්දම අල්ලා බැලූ කල දක්නට ලැබී ඇත්තේ ”කළවැද්දෙකුගේ ග‍්‍රහණයට අසු වී මරණ බියෙන් හඬ තැලූ හම්බාවෙකි

තවද එක්තරා මැනුම් කදවුරක පිරිසක් මේ හඩ ඇසී සිදුකල සොයා බැලීමෙන් දැක ඇත්තේ ගැබ්බර වී ගිය වැළහින්නක් පැටවු වැදීමට ආසන්නයේ පැවැති තද සීතල නිසා කඳවුරු මිදුලේ ඇවිලෙමින් තිබුණු ගිනි මැලය අසළට පැමිණ ප‍්‍රසව වේදනාවෙන් කෙඳිරිගාන බවයි.

මේ සියලු කතා සත්‍ය අසත්‍ය කෙසේ වුවත් අදෘශ්‍යමාන හඩ පිළිබඳ සොයා බැලීමට යාම නම් එතරම් හොද කටයුත්තක් නොවන බව නම් අපේ මතයයි...

******

මයුරපාද මිතුරෝ මෙම අඩවියෙහි පළවන ලිපි පිලිබඳ තොරතුරු ප්‍රථමයෙන් සහ ඉක්මනින් ලබාගැනීමට අපගේ නිල facebook පිටුව සමග එකතුවන්න

මයුරපාද මිතුරෝ සමග එක්වූ ඔබට ස්තූතියි!.

Friday 9 June 2017

සොර දෙටුවෙක් කස තැලුම් කකා - ගීතයේ තේරුම...



සුනිල් එදිරිසිංහ මහතාගේ ඉතාමත් ජනප්‍රිය ගීතයක් ගීතයක අරුත පිළිබඳ අපේ කතාබහට අද දවසේ තෝරා ගත්තා...

ගීත රචකයෝ බණ කියපු අවස්ථා බොහෝමයක් සිංහල ගීතයේදී අපිට හමුවෙනවා..මේ ඉන් එක් අවස්ථාවක්.

" තණ්හාය ජායතී සෝකෝ
තණ්හාය ජායතී භයං
තණ්හාය විප්ප මුත්තස්ස
නත්ථි සෝකෝ කුතෝ භයං ”


මෙම ගීතය රචනය බුදු දහමෙහි ඇති මෙම ගාථාව හරහා ලිවවෙන්නට ඇතැයි කිසිදු තර්කයක් නොමැතිව අපට තේරුම් ගත හැක.

" සොර දෙටුවෙක් කස තැලුම් කකා
දං ගෙඩියට ගෙන යන ගමනේ
වදක බෙරේ දැක සොරා ගන්ට එය
කදිමයි ලොබ සිතුවාලූ....

අනේ මෙහෙම තණ්හාවක්, අනේ මෙහෙම ආශාවක්
මිනිසුනි ලැබේද ඉන් සැනසීමක්... "


ඉතා සරල පද මාලාවක් යොදාගෙන නිර්මානය වී මෙම පද පේලිය නම් තේරුම් ගැනීමට අපහසුවක් නැත.

😎 මයුරපාද මිතුරෝ 😎

සොරෙකු දඩුවම් ලෙස කස පහර සමගින් හිස ගසා දැමීමට ගෙන යන අවස්ථාවේ වදක බෙරය සොරා ගන්නට ඔහුට තණ්හාව පහල උනාලු...

බුදු පුතෙකුන් පිඞු සිඟා වැඩිය හොත්
දෙන්නට වේ යැයි සැක සිතලා
මහ ඉසුරෙක් උඩු මහලේ සැඟවී
පැණි කොමු පිස කෑවේලූ ...

අනේ මෙහෙම තණ්හාවක්, අනේ මෙහෙම ආශාවක්
මිනිසුනි ලැබේද ඉන් සැනසීමක්


පරාක්‍රම කොඩිතුවක්කු මහතාගේ පද රචනයට රෝහණ වීරසිංහයන්ගේ සංගීතය එක්වී නිර්මාණය වූ මේ ගීතයට මූලික වශයෙන් ඉල්සීය ජාතික කතාව පදනම් කොට ගෙන නිර්මාණය කර තිබෙනවා.

ජාතක කතාවේ ඇති මච්ඡරිය කෝසිය සිටාණන් කොමු පිඬු පිස කෑ කතාව මෙහි බොහෝ පැහැදිලි ලෙස අන්තර්ගත කර තිබෙනවා.

( ලිපිය දීර්ඝ කිරීමට අවශ්‍යතාවක් නොමැති නිසා සම්පූර්ණ ජාතික කතාව මෙම ලිපියට එක් කිරීමෙන් වැලකී සිටිනවා.. )



සුරා සොඞෙක් ගිරි කුලකින් විසිවී
මහ පොළොවට පාවී එද්දී
ගත දැවටෙන මේ සීත පවන් ‍රැලි
අහෝ සැපයි කීවාලූ //

අනේ මෙහෙම තණ්හාවක්, අනේ මෙහෙම ආශාවක්
මිනිසුනි ලැබේද ඉන් සැනසීමක්


ගීතයේ අවසානයේදීත් හරි අපූරු මිනිසාගේ මේ තණ්හාව පිළිබඳ කතාවක් අපිට කියනවා...

                         😎 මයුරපාද මිතුරෝ 😎

එක්තරා මතට(මත් පැන් , මත් ද්‍රව්‍ය) ලොල්වූ අයෙක් මේ සුරාව පානය කර මත්වූ නිසා අඩු සිහියකින් යුතුව දෙපැත්තට පැද්දී පැද්දී ඉහල ස්ථානයකින් ගමන් කරන අතරතුර ගලක කකුල පටලැවීම නිසා ඔහු ගමන් කරන උස් ස්ථානයෙන් පහලට ඇදගෙන වැටෙන අතරතුර ඇගේ වදින සුලග " අහෝ මේ තරම් සැපක්" යැයි පැවසුවාලු....

ඉහල සිට පහලට ඇදගෙන වැ⁣ටෙන මොහුට තමන්ගේ ජීවිතයට යම් අනතුර සිදුවේය යන හැගීම ඇති නොවී පහලට වැටෙද්දී ඇගේ වදින සුලග සැපක් වූයේ ඔහු තුල ඇති මේ තණ්හාව සහ  ආශාවේ ප්‍රතිපලයක් ලෙසයි..

පරාක්‍රම කොඩිතුවක්කු මහතා

රෝහණ වීරසිංහ මහතා

ගීතය රසවිදින්න පහතින්


මයුරපාද මිතුරෝ මෙම අඩවියෙහි පළවන ලිපි පිලිබඳ තොරතුරු ප්‍රථමයෙන් සහ ඉක්මනින් ලබාගැනීමට අපගේ නිල facebook පිටුව සමග එකතුවන්න

මයුරපාද මිතුරෝ සමග එක්වූ ඔබට ස්තූතියි!.

Wednesday 7 June 2017

මාවනැල්ල මයුරපාද පාසල් ගීතයේ සගවපු සටන්කාමී ඉතිහාසය.



අපි එදා අව්වේ සීරුවෙන් හිටගෙන අභිමානයෙන්  ගායනා කරපු අපේ පාසල් ගීතයේ අපි හිතනවාට වඩා බොහෝ අභිමානයක් එක්වූ දිගු ඉතිහාස කතාවක සාරාංශයක් මගිනි නිර්මාණය වූ අපූරු ගීතයක්.

ආරම්භයේ සිට අද දක්වාම රටට , ජාතියට , ජාතියට ආදරය කරන පිරිසක් පාසල හරහා බිහිකිරීමට මේ ගීතය ලොකු පිටුවහලක් වූවා නිසැකයි....

" වැජඹේ දිගුකල් දිනේ සදාකල් 
සිවුකෝරල බිම කිරුළු දරා... "

* මේ මාවනැල්ල මයුරපාදයේ පාසල් ගීතයේ එක් පද පේලියක්.. මොකක්ද මේ "සිවුකෝරල" එහෙමත් නැතිනම් සතර කෝරළය කියන්නේ?..

1. කිණිගොඩ කෝරළය (වර්තමාන රඹුක්‌කන ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාශය)

2. ගල්බඩ කෝරළය (වර්තමාන මාවනැල්ල සහ අරණායක යන ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාස දෙකටම අයත් ප්‍රදේශය).

3. පරණ කුරු කෝරළය (ප්‍රධාන වශයෙන් වර්තමාන කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසය සහ මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ සමහර ප්‍රදේශ අයත්ය).

😎 මයුරපාද මිතුරෝ 😎

4. බෙලිගල් කෝරළය (වර්තමාන නෙළුන්දෙනිය සහ ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කෙට්‌ඨාසයට අයත් ප්‍රදේශය)

මෙම කෝරළ සතරට අමතරව බ්‍රිතාන්‍යය යුගයේදී ගම්පහ දිස්‌ත්‍රික්‌කයට අයත් සිය නෑ කෝරළය සහ හා පිටිගම් කෝරළයත් සතර කෝරළයට අයත්ව තිබූ බව සතර කෝරළයේ මහ ලේකම් මිටියේ දැක්‌වේ.



" දශක තුනක කාලයක්‌ පෘතුගීසි, ලන්දේසි සහ ඉංග්‍රීසි ආක්‍රමණ හමුවේ උඩරට රාජධානියේ ස්‌වාධීනත්වය ආරක්‍ෂා වීමට බලපෑ ප්‍රධාන සාධකයක්‌ වූයේ සතර කෝරළ වාසීන් සතුරු ආක්‍රමණ හමුවේ දැක්‌වූ රණ ශූරත්වයයි "

" මාන පසක් අභිමාන ලෙසින් ලැබ 
උදාර ගීය අදීනව ගැයුවෝ... "


* "මාන පසක්" කියන්නේ මොකක්ද ?...

සතර කෝරළේ වාසීන්ගේ රණශූරත්වයට සහ ධෛර්ය සම්පන්න බවට උපකාර පිණිස විවිධ රාජ්‍ය සමයන්හිදී රාජ්‍ය සම්මාන හෙවත් මාන්නයන් පහත් ප්‍රදේශ වාසී ජනතාවට සහ එහි නායකයිනට ප්‍රදානය කර ඇත. මේවා සතර කෝරළයට හිමිවූ මාන්න පස ලෙස හඳුන්වයි. අතීතයේ සිටම මෙම සිංහල රජුන් විසින් පුදනු ලැබූ සම්මාන සතර කෝරලේ වැසියන් මහත් අගේ කොට සලකනු ලැබීය. මෙම සම්මාන පහෙන් ප්‍රධාන මාන්නය වනුයේ ඉර සඳ මහ කොඩියයි. එය සෝමරිවිරුව පිහිටි කොඩිය හෝ විරිදු කොඩිය ලෙසද හඳුන්වයි.

                        😎 මයුරපාද මිතුරෝ 😎

මායාදුන්නේ සහ රාජසිංහ යන රජවරු ඔවුන්ගේ මුලු රාජ්‍ය කාලයේදී යුද්ධ කටයුතු සදහාම කාලය ගතකල හෙයින් සාමකාමී පාලන අවධියක් ගත කිරීමට වාසනාව නොලද්දෝය. පැරණි රජවරුන් මෙන් අභිෂේක මංගල්‍ය පවත්වා සේවක පිරිසට තාන්න මාන්න දීමට තරම් සුදුසු වාතාවරනයක් කිසිදාක උදා නොවුනි. මෙනිසා මේකාලයේදී ප්‍රධානය කරන ලද රාජ්‍ය දීමනා හදිස්සියේ කරන ලද ඒවා විය. සමහර විටක පුකොලයක සටහන් කරන ලද ලියවිල්ලකින් හෝ කට වචනයෙන් හෝ මේ ප්‍රධාන කරන ලද නිසා පසු කාලයේදී ඒවායේ මුල් පිටපත් සපයා ගැනීමට අපහසු විය.



මෙවැනි ප්‍රධානයන් බොහොමයක් සම්බන්දයෙන් අපට අසන්නට ලැබෙන්නේ ජනවහර ඇසුරෙනි. වීදියේ බංඩාර උඩරට රජුගේ ආධාර ඇතිව සතර කෝරලයේ කැරළි ඇති කල අවස්ථාවේ ඒ මැඬ පැවත්වීමට යවන ලද සීතාවක සේනාවේ නායකත්ව්ය දරන ලද්දේ ලාබල වියේ සිටි ටිකිරි රජ්ජුරු බන්ඩරය. මේ අවස්ථාවේ සතර කොරලයේ ජනතාවගෙන් ලැබුන සහයෝගයට පැහැදුන මායාදුන්නේ රජු “අතිවිශ්වාස ජයවර්ධන සතර කෝරලය” යන නාමය ප්‍රධානය කරන ලදී. මේම ප්‍රධානය සම්බන්දව සතර කෝරලයේ විත්ති පොත් බොහොමයක සහහන් වේ. මේ පොත් බොහොමයක සතර කෝරලයට මාන්න පසක් ලැබුනු බව

මේලකුනු වලට මැදිරට පෙර නන් කලේ...
අතිවිශ්වාස ජයවද්දන නම පත ලේ...
පසක් මාන ලක් දස්කම් පා එක ලේ...
පසක් අතුරු රට ඇති සතර කෝර ලේ...



යන ලෙසින් පැවසේ. මේ මාන්න අතරින්, රතු කොඩිය හෙවත් සවරං කොඩිය “කප්පා ගොඩ මුදියන්සේ” විසින් මිනීමරු කිඹුලෙකු මෙල්ල කිරීම නිසාද, දවුණ්ඩය කොඩිය අළුත් නුවර අ‍ටුගෙදර නිළමේ නම් යුධ සෙබලා විසින්ද, පච්චලාසය “හිඟුලේ” විසූ යුධ ශූරයෙකු විසින්ද පලමු වැනි රාජසිංහ රජුගෙන් ලබන ලද නම්බුනාමයන්ය..


"සබර පරම ඉසුරු විදු සක්විති
සතර කලා සිප් විදු වෙසරඳුවෝ

මාන පසක් අභිමාන ලෙසින් ලැබ 
උදාර ගීය අදීනව ගැයුවෝ..."


අපි මේ සිහි කරමින් ගායනා කරන්නේ අතීතයේ ⁣මගේ රට මගේ ජාතික , මගේ ආගම වෙනුවෙන් වීරත්වය පෑ ඔහුන් එදා අප වෙනුවෙන් ලබාදුන් ඒ අභිමානයේ උදාරත්වයේ ගීතයයි..

පාසල් ගීතයකට එහා ගිය අභිමානයක් ගැබ්ව ඇති මෙම ගීතය එදා විරුවන් අප වෙනුවෙන් සිදුකළ මෙහෙවර කියවෙන විරු ගුණ ගීතයක් කීවාටද වැරදි නැත...

අප මෙය ගායනා කරන මොහොතක් පාසා ඒ වීරයන්ගේ ඇල්ම , බැල්ම , පිහිට , ආරක්ෂාව අප පාසලට ලැබෙනවා නිසැකයි...

********

සම්පූර්ණ පාසල් ගීතය මෙතනින් බලන්න.

මෙම ලිපියට අදාල තවත් ලිපි ඉදිරියේදී මයුරපාද මිතුරෝ මෙම අඩවිය හරහා බලාපොරොත්තුවන්න.

-------

මයුරපාද මිතුරෝ මෙම අඩවියෙහි පළවන ලිපි පිලිබඳ තොරතුරු ප්‍රථමයෙන් සහ ඉක්මනින් ලබාගැනීමට අපගේ නිල facebook පිටුව සමග එකතුවන්න



මයුරපාද මිතුරෝ සමග එක්වූ ඔබට ස්තූතියි!.

Monday 5 June 2017

මාවනැල්ල මයුරපාදයේ අභිමානවත් පාසල් ගීතය .



සධාදීර බුජබල විකුමන් පා
උදාර අමිල අදීනවු හැඟුමින්
මයුරපාද මැදි විදුහල් මෑණී
සදා දිනේ රිවි තරිඳු ලෙසේ.... //

සූර වීර විරු දාර සුදීරව
සාර දෙරණ දා මුතු අතුරා...//
වැජඹේ දිගුකල් දිනේ සදාකල්
සිවුකෝරල බිම කිරුළු දරා

සබර පරම ඉසුරු විදු සක්විති
සතර කලා සිප් විදු වෙසරඳුවෝ
මාන පසක් අභිමාන ලෙසින් ලැබ
උදාර ගීය අදීනව ගැයුවෝ...

අවිදු අඳුරු රුදු අගාධ පසුබා
සොඳුරු විදූවන් නැණ තෝතැනි මත
නොබා පාතබා නැගී සිටින්නට
ඔබ වේ ඔබ වේ දීප සිබා...//

පාසල් නිල ලාංඡනය 

*****

මෙම පාසල් ගීතය පිළිබඳ වැදගත් තොරතුරු සහ තවත් පාසල් ඉතිහාසය පිළිබඳ තොරතුරු ඇතුළත් ලිපි කිහිපයක් ඉදිරියේදී මයුරපාද මිතුරෝ මෙම අඩවිය හරහා බලාපොරොත්තුවන්න...
-------
මයුරපාද මිතුරෝ මෙම අඩවියෙහි පළවන ලිපි පිලිබඳ තොරතුරු ප්‍රථමයෙන් සහ ඉක්මනින් ලබාගැනීමට අපගේ නිල facebook පිටුව සමග එකතුවන්න




මයුරපාද මිතුරෝ සමග එක්වූ ඔබට ස්තූතියි!.