Music Player

Friday 9 June 2017

සොර දෙටුවෙක් කස තැලුම් කකා - ගීතයේ තේරුම...



සුනිල් එදිරිසිංහ මහතාගේ ඉතාමත් ජනප්‍රිය ගීතයක් ගීතයක අරුත පිළිබඳ අපේ කතාබහට අද දවසේ තෝරා ගත්තා...

ගීත රචකයෝ බණ කියපු අවස්ථා බොහෝමයක් සිංහල ගීතයේදී අපිට හමුවෙනවා..මේ ඉන් එක් අවස්ථාවක්.

" තණ්හාය ජායතී සෝකෝ
තණ්හාය ජායතී භයං
තණ්හාය විප්ප මුත්තස්ස
නත්ථි සෝකෝ කුතෝ භයං ”


මෙම ගීතය රචනය බුදු දහමෙහි ඇති මෙම ගාථාව හරහා ලිවවෙන්නට ඇතැයි කිසිදු තර්කයක් නොමැතිව අපට තේරුම් ගත හැක.

" සොර දෙටුවෙක් කස තැලුම් කකා
දං ගෙඩියට ගෙන යන ගමනේ
වදක බෙරේ දැක සොරා ගන්ට එය
කදිමයි ලොබ සිතුවාලූ....

අනේ මෙහෙම තණ්හාවක්, අනේ මෙහෙම ආශාවක්
මිනිසුනි ලැබේද ඉන් සැනසීමක්... "


ඉතා සරල පද මාලාවක් යොදාගෙන නිර්මානය වී මෙම පද පේලිය නම් තේරුම් ගැනීමට අපහසුවක් නැත.

😎 මයුරපාද මිතුරෝ 😎

සොරෙකු දඩුවම් ලෙස කස පහර සමගින් හිස ගසා දැමීමට ගෙන යන අවස්ථාවේ වදක බෙරය සොරා ගන්නට ඔහුට තණ්හාව පහල උනාලු...

බුදු පුතෙකුන් පිඞු සිඟා වැඩිය හොත්
දෙන්නට වේ යැයි සැක සිතලා
මහ ඉසුරෙක් උඩු මහලේ සැඟවී
පැණි කොමු පිස කෑවේලූ ...

අනේ මෙහෙම තණ්හාවක්, අනේ මෙහෙම ආශාවක්
මිනිසුනි ලැබේද ඉන් සැනසීමක්


පරාක්‍රම කොඩිතුවක්කු මහතාගේ පද රචනයට රෝහණ වීරසිංහයන්ගේ සංගීතය එක්වී නිර්මාණය වූ මේ ගීතයට මූලික වශයෙන් ඉල්සීය ජාතික කතාව පදනම් කොට ගෙන නිර්මාණය කර තිබෙනවා.

ජාතක කතාවේ ඇති මච්ඡරිය කෝසිය සිටාණන් කොමු පිඬු පිස කෑ කතාව මෙහි බොහෝ පැහැදිලි ලෙස අන්තර්ගත කර තිබෙනවා.

( ලිපිය දීර්ඝ කිරීමට අවශ්‍යතාවක් නොමැති නිසා සම්පූර්ණ ජාතික කතාව මෙම ලිපියට එක් කිරීමෙන් වැලකී සිටිනවා.. )



සුරා සොඞෙක් ගිරි කුලකින් විසිවී
මහ පොළොවට පාවී එද්දී
ගත දැවටෙන මේ සීත පවන් ‍රැලි
අහෝ සැපයි කීවාලූ //

අනේ මෙහෙම තණ්හාවක්, අනේ මෙහෙම ආශාවක්
මිනිසුනි ලැබේද ඉන් සැනසීමක්


ගීතයේ අවසානයේදීත් හරි අපූරු මිනිසාගේ මේ තණ්හාව පිළිබඳ කතාවක් අපිට කියනවා...

                         😎 මයුරපාද මිතුරෝ 😎

එක්තරා මතට(මත් පැන් , මත් ද්‍රව්‍ය) ලොල්වූ අයෙක් මේ සුරාව පානය කර මත්වූ නිසා අඩු සිහියකින් යුතුව දෙපැත්තට පැද්දී පැද්දී ඉහල ස්ථානයකින් ගමන් කරන අතරතුර ගලක කකුල පටලැවීම නිසා ඔහු ගමන් කරන උස් ස්ථානයෙන් පහලට ඇදගෙන වැටෙන අතරතුර ඇගේ වදින සුලග " අහෝ මේ තරම් සැපක්" යැයි පැවසුවාලු....

ඉහල සිට පහලට ඇදගෙන වැ⁣ටෙන මොහුට තමන්ගේ ජීවිතයට යම් අනතුර සිදුවේය යන හැගීම ඇති නොවී පහලට වැටෙද්දී ඇගේ වදින සුලග සැපක් වූයේ ඔහු තුල ඇති මේ තණ්හාව සහ  ආශාවේ ප්‍රතිපලයක් ලෙසයි..

පරාක්‍රම කොඩිතුවක්කු මහතා

රෝහණ වීරසිංහ මහතා

ගීතය රසවිදින්න පහතින්


මයුරපාද මිතුරෝ මෙම අඩවියෙහි පළවන ලිපි පිලිබඳ තොරතුරු ප්‍රථමයෙන් සහ ඉක්මනින් ලබාගැනීමට අපගේ නිල facebook පිටුව සමග එකතුවන්න

මයුරපාද මිතුරෝ සමග එක්වූ ඔබට ස්තූතියි!.

0 comments:

Post a Comment