Music Player

Monday 1 May 2017

ශෂිකා නිසංසලා ගයන ගජමන් නෝනා නොවෙය මං, ගීතය හැදුනු හැටි



සමහර කැපී පේන්න උත්සාහ කරන අය කරන දෙයක් තමයි අනිත් අයව විවේචනය කරන එක. කොච්චර හොද දෙයක් කරත් ඒකේ වැරදි වගේම අඩුපාඩු හොයන්න තමයි එහෙම අය ගොඩක් උත්සාහ කරන්නේ. අර කතාවටත් කියනවානේ කොහේ ගියත් එකෙක් ඉන්නවා කියලා...


😎මයුරපාද මිතුරෝ😎

ඉතින් ඔය තමන්ගේ කුණු වහගන්න අනුන්ගේ කුණු හොයන කපුටු වැඩ කරන පිරිස් ඔයාගේ ජීවිතෙත් මුණගැහිලා ඇති.

අද ගීතයෙන් කතා කරන්නේ සංගීත ලෝකේ වෙච්චි ඒ වගේ දේකට ලැබුණු උත්තරයක් ගැන.

යමුනා මාලිනී පෙරේරා මහත්මිය.

යමුනා මාලිනී පෙරේරා ඉතාමත් ජනප්‍රිය ගීත ගොඩකට අයිතිකාරියක්. එතුමියට සිදුවුණු සත්‍ය සිදුවීමකට ලියවුණු ගීතයක් තමයි ශෂිකා නිසංසලා ගායනා කරන ගජමන් නෝනා නොවෙය මං කියන ගීතය.

                         😎මයුරපාද මිතුරෝ😎

යමුනා මහත්මිය සුනිල් එදිරිසිංහ මහතාගේ ගීත තැටියකට ලියපු එක සිංදුවකට ගීත විචාරකයෙක් එතුමියට එක එක ඇනුම්පද කියන්න ගත්තාලු ගජමන් නෝනා වෙන්න හදනවා කියලා. 

ඒ පුද්ගලයා පත්තරේටත් ලිපියක් ලියලා තිබුනලු ගජමන් නෝනා වෙන්න හදනවා කියලා. 

ඉතින් යමුනා මහත්මිය ඒ හේතුවට පිලිතුරක් විදිහට තමයි ‍මේ ගීතය රචනා කරලා තියෙන්නේ. හරිම අපූරුයි. තමන්ව හෑල්ලුවට ලක්කරන්න හදපු පුද්ගලයාට දීපු කදිම උත්තරය...

ගජමන් නෝනා නොවෙය මං 
නොම බිය වෙන් මේ මහතුන්
ඇලපාත මුදලි ඔහු නම්
ඔහුට යස කවි ලී වෙත් ඈ නම්...

කවි ලියන්න බැරි මං
කොහොම වේද ගජමන්
කෝම වේද ගජමන්...

ඇලපාත ලියූ රස කවි ගැන මං
කවි ගලප ගලප හිටියා එහෙනම්
තාම ලිව්වෙ නෑ කවියක් නම්
ඇලපාතට නම් මගෙ කවි තහනම්
ඇලපාතට නම් මගෙ කවි තහනම්..

කවි ලියන්න බැරි මං
කොහොම වේද ගජමන්
කෝම වේද ගජමන්...

දෙනිපිටියේ නුගරුකේ හෙවනේ මං
හිත රිදව රිදව හැඩුවා තනියෙන්
ආවේ නෑනේ ලග පාතට නම්
ඇලපාත තුමන් මට ගෙන කවිකම්...

ගජමන් නෝනා නොවෙය මං...

ගීතය රසවිදින්න පහතින්.



**********

තවත් මෙවන් ගීතයක රසවත් තොරතුරකින් හමුවෙමු

ලිපිය සම්බන්ධ ඔබගේ අදහස් comment කරන්න.
තවත් කෙනෙකුට දකින්න share කරන්න.

මයුරපාද මිතුරෝ සමග එක්වූ ඔබට ස්තූතියි!

0 comments:

Post a Comment