Music Player

Friday 10 March 2017

මා සනසා මා නළවා මර්වින් පෙරේරා මහතාගේ ගීතයේ තේරුම.


ආයුබෝවන් කියලා ඔන්න මයුරපාද මිතුරෝ අපි ඔයාලව පිලිගන්නවා.

අදත් අපි ජනප්‍රිය ගීතයක් ගැන තමයි කතා කරන්න යන්නේ. අපේ කනට දවසට එක සිංදුවක් හරි ඇහෙනවානේ. ඒත් ඉතින් ඒ්වාගේ තියෙන්නේ මොනවාද තේරුම් මොනවාද කියලා නම් හරියට අපිට අවබෝධයක් නෑ. (අද කාලේ රැල්ලට එන අජපල් සිංදු ගැන නම් නෙමෙයි කීවේ හරිය) ඉතින් අදත් අර්ථවත් ගීතයක් ගැන අපි කතා කතා කරන්න හදන්නේ...

- මයුරපාද මිතුරෝ -

අද කතා කරන්නේ ගායන ශිල්පී මර්වින් පෙරේරා මහතාගේ ජනප්‍රිය ගීතයක් ගැන. ඒ තමයි "මා සනසා මා නළවා සුරංගනාවක් හෙමින් ඇවිල්ලා හදේ ලැගුම් අයදී.."  කවුරුත් අහලා තියෙනවානේ මේ සිංදුව. මොකක් ගැනද කියවෙන්නේ දන්නවාද???..... අපි කතා කරමු.....

මර්වින් පෙරේරා මහතා.


මා සනසා මා නළවා//
සුරංගනාවක් හෙමින් ඇවිල්ලා
හදේ ලැගුම් අයදී


ගීතයෙන් කියවෙන්නේ රාත්‍රී සමාජ ශාලා යුවතියන්ට ලොල් වූ තරුණයෙක් ගැන. ඉතින් මේ සමාජ ශාලා යුවතියන් ඔහුව සනසමින් සහ නළවමින් හ⁣දවතේ ලැගුම් ගන්නට යෝජනා කරනවාලු.



විතක් මධු පෙරා ගෙනල්ලා
සුරන් රවටලා
ඇසක් ඉඟි මරා රැඟුම් පා
මුවට යා කලා
හැඟුම් තෙරපිලාදෝ
හසුන් මුස වෙලා
සිහින ලොවක පා...වේ...
සඳුන් සිහිල යාමේ


රාත්‍රී සමාජ ශාලා කියන්නේ මත්පැන් ගැවසෙන තැනක්නේ. ඉතින් මේ මත්පැන් පාවිච්චි කරපු තරණයාට මේ යුවතියන් පේන්නේ හරියට සුරංගනාවියන් වගේලු. විටක ඇස් ඉගි මරමින් ඇය මායම් පාමින් රංගනයේ යෙදෙන ගමන් මොහු වෙත ලංවෙනවාලු. ඒ අවස්ථාවේ එන හැගීම්වලින් මත්වූ මොහු ඒ යුවතියන්ගේ මුසාවන් නිසා රාත්‍රීය නම් නිසල යාමයේ සිහින ලොවක පාවෙනවා වගේ හැගීමක් දැනෙනවාලු.

- මයුරපාද මිතුරෝ -

රැයක් නිදි වරා සරාගී
ලවන් වෙහෙසිලා
යලිත් එන තුරා සුරංගී
හිඳිමි මඟ බලා
හෙටත් සඳ උදා වේ
රැයක් පැමිණිලා
සිහින ලොවට යා...වී...
සුරඟ මා සොයා එයි


රැයක් ඔහු නිදි මරන්නේ සරාගී ලෝකයක. ගීතයෙන් කියවෙන පරිදි මේ තරුණයා මේ දේවල්වලට ඇබ්බැහි වූ කෙනෙක්. පාන්දර යාමයේ නිවසට යන මොහු ඇගිලි ගණින්නේ යලිත් රාත්‍රීය උදා වන තුරුයි. ඒ ඔහුට නැවතන් මේ යුවතියන්ගේ සමග රාත්‍රී සමාජ ශාලාවේ සිහින ලොවට යාමට අවැසි නිසයි.

ඇත්තටම ඇය නැවතත් මා සොයා ඒවිද??.... තරුණයාගේ හිත දෝංකාර දෙයි.....

*******

මෙම අඩවියේ සිංදු ගැන සියලුම ලිපි එකතුව බලන්න.

*******
මයුරපාද මිතුරෝ මෙම  පළවන ලිපි පිලිබඳ තොරතුරු ප්‍රථමයෙන් සහ ඉක්මනින් ලබාගැනීමට අපගේ නිල facebook පිටුව සමග එකතුවන්න




මෙම ලිපිය සම්බන්ධ ඔබගේ අදහස් පහතින් comment කරන්න.
තවත් කෙනෙකුට දකින්න share කරන්න.

මයුරපාද මිතුරෝ සමග එක්වූ ඔබට ස්තූතියි!.

0 comments:

Post a Comment