විමල් ජයශාන්ත මහතා අතින් 1975 වසරේ ගීතයක් ලියවෙනවා.. ඒ ඔහුහේ පලමු සහ අවසාන ගීතයයි. සනත් නන්දසිරි මහතාගේ ඇවිලුණු ගිනිදැල් කැසට් පටයට ඇතුළත් වූ මේ ගීතය සනත් නන්දසිරි මහතා විසින්ම සංගීතවත් කර ගායනා කරනවා..
ඇවිලුණු ගිනිදැල් කැසට් පටයේ කවරයක්. |
ප්‍රේමය පැරදුණු පෙම්වතුන් බොහෝමයක්ගේ ඇස් කදුළුවලින් පුරවපු ගීතයක් ගැන තමයි අද කතා කරන්න හදන්නේ... ඇත්තටම මේ ගීතය ශ්‍රී ලංකා ගීත ඉතිහාසයේ සංවේදීම ගීතය කියලා කීවොත් නිවරදියි.
එදා මෙදා තුර කඳුලට විවරව
දෑස් පියන් පත් කවුළු වසා...
ලයේ ගලාගිය සෙනේහයේ සුව
සිනා පිරුනු රත් දෙතොල් පියා...
මිලාන වී ගිය රෝස කොපුල්පෙති
කම්මුල් සුදුමැලි පාට හොවා...
දෑත ලයේ බැඳ අවසන් ගමනට
සොඳුරිය මට නොකියාම ගියා...
දෑස් කවුළු පත් පලා කදුලු කැට
වෑහෙද්දී මගෙ දෑස් අගින්
කාත් කවුරුවත් වෙතත් සිතයි මට
පාත් වෙන්න ඔය මුවට උඩින්
ඈත්ව යන්නට - සමුගෙන කදුලක්
ඔබෙ මුව දොවතත් සුවඳ පැනින්
මාත් මගේ හිතටත් ඔබ සුවඳයි
ඈත් නොවේමයි ඒ සුවදින්...
එදා මෙදා තුර කදුලට විවරවු...
ඊයේ ඉපදී අද මිය යන්නට
පෙරුම් පුරාගෙන උපන් ලයේ
හීයේ වේගෙන් අහස උසට බැඳි
ආදර ලෝකය හෙටත් තියේ...
ඒත් ඉතින් ඒ - සොදුරියෙ ඔබ නැත
ඇයිමේ ලොව මා තනිව ගියේ
ආයේ දවසක එක හිත් ඇත්නම්
මේ අපි ඉපදෙමු එකට ප්‍රියේ...
එදා මෙදා තුර කදුලට විවරවු...
සනත් නන්දසිරි මහතා |
ගීතය ගැන ජනප්‍රිය වෙච්චි කතා දෙකක් තියෙනවා.
එකක් තමයි මේ ගීත රචකයා දුම්රිය ස්ථානාධිපති කෙනෙක් ඔහු ගොඩක් ආදරේ කරපු තරුණිය හදිස්සියේම මිය යනවා. ඉතින් ඒ වියෝව මොහුට දරාගන්න බැරි වෙනවා. බොහොම අමාරුවෙන් විදගත්තු දුක ඔහු ගීතයකට හරවනවා. පස්සේ විමල් ජයශාන්ත මහතා විසින්ම ගීතය සනත් නන්දසිරි මහතාට ගිහින් දුන්නාලු. අඩ අඩා කීවලු මම ආය කවදාවත් ගීත ලියන්නේ නෑ. ඔබ තුමාට පුලුවන් නම් මේ ගීතය ගායනා කරන්න කියලා..
ඔය එක සිදුවීමක් මේ ගීතය ගැන තවත් කතාවක් තියෙනවා..
ඔන්න පෙම් යුවළක් ඉන්නවා. කෙල්ල ටිකක් පොහොසත් ඒත් කොල්ලා නම් හරිම දුප්පත් කෙනෙක්. නමුත් ඔහු ඇයට තිබුනු ආදරය නම් හරිම පොහොසත්.
ටික කාලයක් යනකොට මේ සම්බන්ධය පෙම්වතියගේ ගෙදරට දැනගන්න ලැබෙනවා. තමන්ගේ තරමට නොගැලපුනු මේ කොල්ලට කෙල්ලගේ ගෙදරන් කැමති වෙන්නේ නෑ.. ගොඩක් ප්‍රශ්න මේ දෙන්නට ඇති වෙනවා.. කොච්චර මේ ප්‍රශ්නය දුර දිග ගියාද කියනවා නම් කෙල්ල දෙමාපියන් කොහෙවත් යන්න බැරි වෙන්න ගෙදර හිර කරනවා..
ඒත් මේ සම්බන්ධයට පෙම්වතියගේ අක්කා උදව් කරනවා. ගෙදර හිර කරලා හිටපු නංගි ලියපු ලියුම ගෙදර අයට හොරෙන් අක්කා නංගිගේ පෙම්වතාට ගිහින් දෙනවා..
දවසක් මේ පෙම්වතාට ඒ විදිහට ලියුමක් හම්බ වෙනවා. ඒකේ තිබුනේ ගෙදර අය කෙල්ලව වෙන තරුණයෙක්ට බලෙන් විවාහ කරලා දෙන්න යනවා කියලා. ඒ වගේම ඔහු නැතිව ඇයට ජීවත් වෙන්න බෑ කියලත් ලිපියේ සදහන් වෙනවා...
පෙම්වතාට මේක දරාගන්න බැරි වේදනාවක්. නමුත් ඔහු පෙම්වතියගේ අක්කා හරහා ලිපියක් යවනවා ඉවසන්න කලබල වෙන්න එපා කියලා...
ටික දවසක් ගෙවිලා යනවා.. විවාහයට කාලය ලංවෙනවා. මේ පෙම්වතාට හදිස්සියේම පෙම්වතියගේ අක්කාගෙන් පනිවිඩයක් ලැබෙනවා.
ලොකු හදිස්සියක් මල්ලී ඉක්මනින් අපේ ගෙදරට එන්න.
පනිවිඩය ලැබුණු සැනින් මෙහු මේ පෙම්වතියගේ ගෙදරට යනවා... ගේ ඉස්සරහට එන මොහු දකින්නේ ඇස් අදහාගත නොහැකි දෙයක්..
ගේ ඉස්සරහා සුදු කොඩ්......
අනේ දෙවියනේ......
ගේ ඇතුලට පිස්සෙක් වගේ දුවපු මොහු දකින්නේ තමන්ගේ පෙම්වතිය මිනී පෙට්ටියක් මත ඉන්නවා..
කෑගහලා අඩපු මොහු ඇයට තුරුළු කරගන්න හදනවා ඒත් තරුණියගේ පවුලේ අය මොහුව ගෙදරින් පන්නනවා.
මේ අපරාදෙට වගකියන්න ඕන තමුසේ...
තමුසේ නිසයි මේ ඔක්කෝම ....
පවුලේ අය කීවේ ඒ විදිහට.
පෙම්වතා කොච්චර ඇඩුවද කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.. කොහොම හරි හරියට මිනියවත් බලාගන්න බැරි වෙච්චි මොහු මිනිය වලලන දවසේ සොහොන ලග හැංගිලා බලාගෙන ඉන්නවා. අවමංගල්‍ය කටයුතු ඉවර වෙලා සියලු දෙනා යනකල් ඉන්න මොහු ඇගේ මිනිය වලදාපු තැනට ගිහින් බිම පෙරලි පෙරලි අඩනවා.
හිතාගන්න පුලුවන්නේ කොච්චර දුකක් දැනෙන්න ඇතිද කියලා...
ඒ වගේම මේ සම්පූර්ණ ආදර කතාව ඔහු කොලේක ලියනවා. ඒ ලියපු කොලෙත් ලඟ තියාගෙන අවසානයේ සිහිමද ගතියෙන් ඔහේ ඇවිදපු පෙම්වතා රේල් පාරට එනවා... රේල් පාර දිගේ ඔහේ ඇවිදපු මොහුට ඈතින් එන කෝච්චියේ හූ හඩ ඇහෙන්නේ නෑ..
ඔහුගේ ඇස් දෙක දැක්කේ ඇගේ රුව..
ඔහුගේ සවනට ඇසුනේ ඇගේ හඩ...
හුස්මේ පවා රැදුණේ ඇගේ සුවද..
ඇය අද ඔහු දමා ගොසින්..
දුම්රිය ඔහුගේ ඉරනම තීරනය කරනවා. දුම්රියේ එන්ජිමට යටවුණු සිරුර කෑලි කෑලිවලට වෙන් වෙනවා...
ඇය ලෝකය හැර යන දවසේ ඔහුද ලෝකය හැර ගියා..
කෑලි වෙන්වූ සිරුර දුම්රියට පටවන්නේ දුම්රියේ කාර්යමණ්ඩලය සහ මගීන් එකතුවයි.. මේ සිරුර ගේන්නේ දුම්රිය ස්ථානාධිපති විමල් ජයශාන්ත ඒ කියන්නේ ගීත රචකයා සේවය කරපු දුම්රිය ස්ථානයට.
මේ වගේ මියගිය පුද්ගලයෙක් හදුනා ගන්න අදාලා මියගිය පුද්ගලයා පරික්ෂා කිරීමට සාමාන්‍ය දෙයක්නේ. ඉතින් ඒ විදිහට මේ සිරුර පරික්ෂා කරන විමල් ජයශාන්ත මහතාට හම්බ වෙනවා පෙම්වතා එයාගේ පෙම් කතාව ලියපු ලිපිය.
ඒ කතාව කියවපු විමල් ජයශාන්ත මහතාට හිතට ලොකු වේදනාවක් දැනෙනවා. එතුමා මේ ගැන කල්පනා කරලා ගීතයක් ලියනවා. ඒ තමයි අපි අද කතා කරන *එදා මෙදා තුර* කියන ගීතය.
ගීතය ලියලා සනත් නන්දසිරි මහතාට දීලා කීවලු මේ මගේ පලමු සහ අවසාන ගීතය පුලුවන් නම් ඔබතුමා මේ ගීතය ගායනා කරන්න කියලා.
*****
ගීතයේ පද පේලියෙන් පේලියට කතා කරන්න උවමනා උනත් ලිපිය තවත් දීර්ඝ කරන්න ඕන නෑ කියලා මම හිතනවා..
ගී පද ගැන කතා කරන්න ඕන නම් ඒ ගැන අපිට කියන්න අපි වෙනත් ලිපියකින් ඒ ගැන නිවරදිව විස්තර කරන්නම්.
මේ ගීතය පිළිබඳ ඔබේ අදහස් comment කරන්න , ඒ වගේම මයුරපාද මිතුරෝ ඉදිරි ගමනට ඔබගේ අදහස් , යෝජනා , චෝදනා ලබාදෙන්න කියලත් ඉල්ලීමක් කරනවා..
මේ ගීතය පිළිබඳ ඔබේ අදහස් comment කරන්න , ඒ වගේම මයුරපාද මිතුරෝ ඉදිරි ගමනට ඔබගේ අදහස් , යෝජනා , චෝදනා ලබාදෙන්න කියලත් ඉල්ලීමක් කරනවා..
-------------------
තවත් කෙනෙකුට දකින්න share කරන්න..
මයුරපාද මිතුරෝ සමග එක්වූ ඔබට ස්තූතියි!
තවත් කෙනෙකුට දකින්න share කරන්න..
මයුරපාද මිතුරෝ සමග එක්වූ ඔබට ස්තූතියි!
තේරුම දැනගෙන හිටයට කතාව ඇහුවෙ අද.
ReplyDelete. ජය..👌👌👌