Music Player

Thursday 27 April 2017

අභිමානවත් ශිෂ්‍යභට බලකායේ ඉතිහාසය සහ වැදගත් තොරතුරු.



ජාතික ශිෂ්‍යභට බලකායේ ආදර්ශ පාථය

ශිෂ්‍යභටයා යනු පුහුණු සම්පතකි. ඔහු ඕනෑම හදිසි අවස්ථාවකට මුහුණ දීමට පුහුණු වී ඇති පුද්ගලයෙකි. එබවින් මෙම " NON QUAM NON PARATUS” යන ආදර්ශ පාථය යෙදේ.මෙම ආදර්ශ පාථයේ අරමුණ වනුයේ "සුදානම් නොවී නොසිටිනු" හෙවත් සංස්කෘත හාෂාවෙන් "නඛදාවිත් අසං‍ විහිතං‍" යන්නයි.
---------------------------

ජාතික ශිෂ්‍යභට බලකායේ දැක්ම

හෙට දිනයේ නායකත්වය සඳහා පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් විනයගරුක, ජාතියේ හා දේශයේ අභිවුර්ධියට උරදිය හැකි තරුණ පරපුරක් ලෙස ගොඩනැංවීම.
--------------------------

ජාතික ශිෂ්‍යභට බලකායේ මෙහෙවර

සැලසුම් කරන ලද පුහුණු පාඨමාලාවක් තුලින් ශිෂ්‍යභටයින් තුල චරිතවත් බව , චිත්ත ධය්ර්ය, ක්‍රීඩා ශීලී බව, අත්ම විශ්වාසය, ස්වයං විනය, ප්‍රජ හැගීම්, වික්‍රමාන්විත හැගීම්, වගකීම් දැරීම, සුහදශීලී බව යන ගුණාංග වර්ධනය කර ජාතියේ සේවය සඳහා යෙදවියහැකි ඕනෑම ජීවන පැවැත්මකට නායකත්වය දිය හැකි සාරධර්ම වලින් පිරිපුන් තරුණ පරපුරක් බිහිකිරීම.
-----------------------------

ශිෂ්‍යභටයින්

වයස අවුරුදු 14-20 අතර වයසේ පසුවන රජයේ , අර්ධ රජයේ, පුද්ගලික පාසල්වල සිටින සිසු සිසුවියන් හට ජාතික ශිෂ්‍යභට බලකායේ ක්‍රියාකාරී සාමාජිකයන් ලෙස කටයුතුකළ හැක. වර්තමානයේ ශ්‍රී ලංකාව පුර විසිරී සිටින 150,000 අධික ශිෂ්‍යභටයින් පිරිසක් ජාතික ශිෂ්‍යභට බලකාය තුල පුහුණුව ලබමින් සිටී.
---------------------------------

නිල ලාංඡන 

1881 සිට 1919 දක්වා ලංකා පාබල හමුදාව යටතේ පවතී ශිෂ්‍ය භට බල ඇණියේ ලාං‍ඡනය.

1950 සිට 1972 දක්වා ලංකා ශිෂ්‍ය භට බලකායේ ලාං‍ඡනය.

ලංකා ශිෂ්‍යභට බලකාය ශ්‍රී ලංකා ශිෂ්‍යභට බලකාය බවට පත් වුවද එහි ලාං‍ඡනය නොවෙනස්ව පැවතුනි.

1919 සිට1950 දක්වා ලංකා ශිෂ්‍ය භට බල ඇණියේ ලාං‍ඡනය.

1988 සිට අද දක්වා ජාතික ශිෂ්‍ය භට බලකායේ ලාං‍ඡනය.
----------------------

9වන බලඇණිය බිහිවීම 


බ්‍රිගෙඩියර් ජස්ටස් බී රුද්‍රිගු වීඑස්වී(1991-1994)

8,9,10 බලඇණි ආරම්භ කරන ලදී.
-----------------------

ඉතිහාසය

1881 දී රාජකීය විද්‍යාලයේ විදුහල්පති ජෝන් බි කල් මහතා විසින් සරඹ කිරීම මගින් විනය වර්ධනය කිරීමේ අදහසින් ස්වෙච්චා බලකායක් ආරම්භ කරන ලදී.1902 දී ශිෂ්‍යභට බලඇණියක් ආරම්භ කර එයට පාසල් වලින් ළමුන් බදවාගෙන ඔවුන් ලංකා පාබල හමුදාව සමග අනුයුක්ත කිරීමත් සමග කල් මහතාගේ උත්සාහය ඵල දරන ලදී. එම වකවානුවේදී ස්වෙච්චා බල සේනාවේ අන දෙන නිලධාරී වරයා ක්‍රවුන් වෝල් පාබල හමුදාවේ අදිපද වරයා වූ  මේජර් එච්.ජි. මොන්ස් තුමය.

පසුව අධ්‍යාපන අධ්‍යක්ෂක බවට පත්වු මහජන උපදේශක නිලය එවකට හෙබවන ලද්දේ එස්.එම්. බාරෝස් මහතය. ඉන්පසුව රාජකීය , සාන්ත තෝමස්, වෙස්ලි, කින්ස්වූඩ්,ත්‍රිත්ව සහ රිච්මන්ඩ් විද්‍යාල වල ශිෂ්‍යභට ඛණ්ඩ පිහිටුවන ලදී. මෙම ඛණ්ඩ වලට අණ දෙන ලද්දේ ගුරුවරුන් අතරින් තෝරාගත් ස්වෙච්චා නිලධාරීන් සහ ජේෂ්ඨ සිසුන් විසින්ය. 1910 සැත්තැම්බර් මස 1 වන දින සිට බලපැවැත්වෙන පරිදි ලංකා පාබල හමුදාවේ ශිෂ්‍යභට බලඇණිය ප්‍රතිසංවිධානය කරන ලදී. ගුරුවරුන් විසින් අණදෙන ලද වයස අවුරුදු 12 සහ 16 අතර වයසේ වූ ශිෂ්‍යභට ඛණ්ඩ ආරම්භ කරනලදී.

වයස අවුරුදු 16 බවට පත්වූ ශිෂ්‍යභටයින් හට ලංකා පාබල හමුදාවේ ශිෂ්‍යභට ඛණ්ඩ වලට සම්බන්ධ විමේ  අවස්ථාව ලැබුණි එම ඛණ්ඩ වලට අණදීම කරන ලද්දේ පාබල හමුදාව විසින් නම් කරන ලද නිලධාරින්ය.
බ්‍රිගේඩියර් ජෙනරාල් ආර්බි ෆොල් විසින් 1980 දී තව දුරටත් වර්ධනය කිරීම් සිදු කරන ලදී. ලංකා ස්වෙච්චා බල සේනාවේ සෙනා විධායක වරයාගේ නියෝගය මත ශිෂ්‍යභට ඛණ්ඩ විසිරුවා හැර ජ්‍යේෂ්ඨ සහ කනිෂ්ඨ අංශ 2 න් යුත් ශිෂ්‍යභට බලඇණිය ආරම්භ කරන ලදී. බෝයර් යුද්ධයෙන් පසු දිය තලාව 1904 දී පුහුණු මධ්‍යස්ථානය බවට පත් විය.

පොලිස් ශිෂ්‍යභට ඛණ්ඩ වල සේනාවිධායක සහ නියෝජ්‍ය සෙනවිධායක තන තුරු දරන ලද්දේ ශ්‍රී ලංකා පොලිස් සංචිතයේ සෙනා විධායක සහ නියෝජ්‍ය සෙනා විධායක වරු විසින්ය.බලකායේ නිත්‍ය කාර්ය මණ්ඩලය හා පුහුණු අංශය භාර නිලධාරියා පොලිස් සංචිතය භාර පොලිස් පරීක්ෂක වරයා යටතේ කටයුතු කරන ලදී ඔහු නියෝජ්‍ය සෙනවිධායක වරයට හා සේනාවිධායක වරයට වගකිව යුතු විය.වයස අවුරුදු 18ට අඩු සිසු සිසුවියන් හට ශිෂ්‍යභට සාමාජිකත්වය ලබාගත හැකි විය. නිලධාරීන් තොරා ගනු ලද්දේ රජයේ පාසල් වල ගුරු සේවයෙනි.

ශ්‍රී ලංකාව ජන රජයක් බවට පත් වූ 1972 වසරේදී මෙම බලකාය ශ්‍රී ලංකා ශිෂ්‍යභට බලකාය බවට පත්විය. ශිෂ්‍යභාටයින් ලංකා වැවිලිකරුවන්ගේ රයිපල්  බලකාය ලංකා පාබල හමුදාව බ්‍රිතාන්‍ය සහ ඉන්දියානු රේජිමේන්තු සමග කදවුරු ගත විය. ලංකා ශිෂ්‍යභට බලඇණිය 1950 ලංකා ශිෂ්‍යභට බලකාය බවට පත් විය. ඒවම වර්ෂයේදීම මහනුවර මුලස්ථානය බවට පත්කර ගනිමින් 2 වන බලඇණිය ආරම්භ විය.පලවෙනි බලඇණියේ මුලස්ථානය කළුතරට ගෙන එන ලදී. ඇති වූ වර්ධනය සමග 1953 දී  3 වන බල ඇනියද ආරම්භ කරන ලදී .

 1981 දි ගරු අධ්‍යාපන තරුන කටයුතු හා රැකිරක්ෂා පිළිබද ඇමති විසින් ශිෂ්‍යභට බලකාය ජාතික මට්ටමේ ආයතනයක් ලෙස මධ්‍ය අධිකාරියක් යටතට පත්කරන ලදී. ඉන්පසු 1985 අංක 40 දරන පනත මගින් ශ්‍රී ලංකා ශිෂ්‍යභට බලකාය සහ පොලිස් ශිෂ්‍යභට බලකාය එක් ආයතනයක් බවට පත් කර එය මිනිස් බල උපයෝගීතා අමාත්‍යංශය යටතේ ගෙන එන ලදී. 1988 අප්‍රේල් 29 දින ජාතික ශිෂ්‍යභට බලකාය ආරම්භ කරන ලදී. මෙම උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා වුයේ එවකට ජනාධිපති ධුරයය දරන ලද අතිගරු ජේ.ආර්.ජයවර්ධන මැතිතුමාය.


වැදගත් සිදුවීම් 

අතීතයේ වූ වැදගත් සිදුවීම් අතර 1962 දී  ලංකා ශිෂ්‍යභට බලකායේ නිලධාරීන් ස්වෙච්චා බල සේනාව සහ අනිකුත් නිත්‍ය එකක සමග කොලඹ වරායේ රජකාරි සදහා කැඳවන ලදී. 1964,1968,1970 පිළිවලින් 4,5,හා 6 බලඇනි ආරම්භ කරන ලදී.1971 දී රටේ විවිධ පලාත් වල සාමය සදහා නිලධාරීන් 108 දෙනෙකු සක්‍රිය සේවය සදහා කැදවන ලදී.1972 අධ්‍යාපන අමාත්‍යංශය  ආරක්ෂක අමාත්‍යංශය ව්‍යාපෘතියක් ලෙස ශ්‍රී ලංකා පොලිස් ශිෂ්‍යභට බලකාය ආරම්භ කරන ලදී. බලකාය පොලිස් සංචිතයේ කොටසක් ලෙස ක්‍රියාත්මක වන ලදී.

9වන මූලස්ථානය හා සම්බන්ධ වන්න 

9 වන බලඇණි මුලස්ථානය,
ජාතික ශිෂ්‍යභට බලකාය,
නිල්මල්ගොඩ,  කෑගල්ල.

දු.ක. 035-2222845

************

තොරතුරු - ශිෂ්‍ය භට බලකා වෙබ් අඩවියෙන්.

මයුරපාද මිතුරෝ සමග එක්වූ ඔබට ස්තූතියි!.

මයුරපාද මිතුරෝ facebook පිටුව සමග සම්බන්ධ වන්න.




0 comments:

Post a Comment