Music Player

Sunday 4 June 2017

මිනිසෙකු පිට නැගි අසරුවෙකි ගීතය ලියවුණු සත්‍ය සිදුවීම.



ඒ කාලේ ගුවන් විදුලි සංස්ථාව ඉස්සරහා පාර ලඟ ලොකු මාර ගහක් තිබුනා. ගසේ මුල් හැම තැකම විසිරිලා තිබුනු නිසාත් නිස්කලංක තැනක් නිසාත් සංස්ථාවේ පිරිස් විවේකයක් ගන්න මේ ගහ ලගට එකතු වෙනවා..


එක් දිනක් ප්‍රේමකීර්ති මහතා සහ මිතුරන් කිහිපදෙනෙකු සමග මදුවිතක් සප්පායම් වෙමින් සිටින අවස්ථාවක සුනිල් එදිරිසිංහ එම ස්ථානයට පැමිණ ඇත.

ප්‍රේමකීර්ති මහතා.

සරල ගී වැඩසටහනකට පෙර දිනක ගීතයක් ලියා දෙන ලෙස සුනිල් එදිරිසිංහ මහතා ඔහුට කියා තිබූ බව ප්‍රේමකීර්ති මහතාට මතක් වූයේ එවිටයි..

අවස්ථාවට අනුකූලව ප්‍රේමකීර්ති මහතා පිලිතුරක් ලෑස්ති කරගත්තේය.

"සිංදුව හරි සංස්ථාව ඇතුලේ තියෙනවා.. මගේ ලොකර් එකේ, ඒක උබට ගෙනත් දෙන්න මම ගියොත් මුන් මේක  ඉවර කරනවා.. තව මොනවා හරි වැඩක් තියෙනවා නම් කරගෙන පැය භාගෙකින් විතර එන්න"..

😎මයුරපාද මිතුරෝ😎 

ප්‍රේමකීර්ති මහතා සුනිල් මහතාට ඒ කීවේ බොරුවකි. ඇත්තටම ඔහු ගීතයක් ලියා තිබුනේ නැත.

නැවතත් මිතරන් සමඟ එක්වූ ප්‍රේමකීර්ති මහතාට නුදුරින් රේස්(සූදු) පත්තරේ බලමින් සිටින පුද්ගලයෙකු පෙනිණි.

ප්‍රේමකීර්ති මහතා කොළ කෑල්ලක් රැගෙන ඒ අවස්ථාවේ ඔහුගේ හිතට ආ පදවැල ලියා සාක්කුවේ දාමා ගත්තේය.

පැය භාගයකින් පමණ නැවත පැමිනි සුනිල් එදිරිසිංහ මහතාට එම පදවැල දුන්නේය....

ඔබ අදටත් ආදරයෙන් රස විදින මිනිසෙකු පිට නැගි අසරුවෙකි ඒ ගීතයයි..

******

ගීතය රසවිදින්න පහතින්...


මයුරපාද මිතුරෝ මෙම අඩවියෙහි පළවන ලිපි පිලිබඳ තොරතුරු ප්‍රථමයෙන් සහ ඉක්මනින් ලබාගැනීමට අපගේ නිල facebook පිටුව සමග එකතුවන්න

මයුරපාද මිතුරෝ සමග එක්වූ ඔබට ස්තූතියි!.

0 comments:

Post a Comment