Music Player

Tuesday 4 April 2017

දුවේ නුඹ මගෙ ප්‍රාණයයි ගීතය ලියවුණු හැටි දැනගන්න ලිපිය කියවන්න.


ඔබ දියනියක් හෝ දියනියක් සිටින පියෙකු නම් අනිවාර්යයෙන් කියවිය යුතු ලිපියක් තමයි අද අරගෙන ආවේ..

බංඩාර ඇහැලියගොඩ මහතාගේ DSI ආයතනයේ සේවය කරන මිතුරෙකු දියනිය විවාහයෙන් දින කිහිපයකට පසු බංඩාර මහතා හම්බවෙන්න ආවලු, ඇවිත් කීවලු මගේ දුවගේ මගුල් දව‍සේ ගීත වගයක් දැම්මා හැබැයි මට නම් ඒ ගීතවලින් දුව ගැන කිසිම හැගීමක් ඇති උණේ නෑ කියලා. ඒ වගේම එයා ඇහුවලු දුව ගැන හිතට දැනෙන ගීතයත් ලියන්න බැරිද අපිට කියලා.

අන්න ඒ කාරනාව නිසා තමයි මේ සොදුරු ගීතය. ලියවෙන්නේ....

ගීතය ලියන්න තීරනය කරනකොට බංඩාර මහතාට හිතුනාලු දියනියකට පියෙකු විදිහට අවවාදයක් දෙන්න සුදුසුම වෙලාව තමයි මේක කියලා. 

දුවේ නුඹ මගෙ ප්‍රාණයයි
සැබෑ වුණ සුබ සිහිනයයි
සෙනෙහසින් කුලගෙට පියනගන්නේ
සනුහරේ අභිමානයයි //


[[දියනියක් යනු පරපුරක අභිමානයක්. තාත්තා කෙනෙකුගේ ආදරය වැඩිපුර ලැබෙන්නේ දියනියකට. ගීතයෙන් තාත්තාගේ පණට දියනිය සමාන කරන්නේ ඒ නිසයි. තමන්ටත් පරම්පරාවටත් නිගාවක් නොවෙන විදිහට කෙරෙන  දියනියකගේ විවාහය පරපුරේ හැමෝටම අභිමානයක්]]

😎😎මයුරපාද මිතුරෝ බිලොග් අඩවිය😎😎

මං මලක් ලෙස නුඹ නොහැදුවේ
පෙති හැලී පරවෙන නිසාමයි
දුක දිනා හිනැහෙන හැටි දුවේ
නුඹ දැන උගත් පාඩම තමයි
මිල මුදල නිල බල යා නොදෙයි //
කළ හොඳම විතරක් ඉතිරිවෙයි //


[[දියනියක් වූ පමණින් දරුවෙක් මලක් විදිහට හදන්නත් බෑ. මොකද ඇය ජීවිතයට මුහුණු දිය යුතු නිසා. ඉතින් පවුල් ජීවිතයේ ඔබට දුක සතුට සම සමව විදින්නට  හැකියාව තියෙනවා. 

මිල මුදල් බලය කියන්නේ සදාකල් පවතින දෙයක් කම් නොවෙයි. මගෙ දුවේ යම් දිනයක ඔබ කරන හැම හොද ක්‍රියාවක්ම ඔබව සතුට කරයි. ඒ සතුට ජීවිත කාලයටම ඉතිරි වේවි.]]

දුවේ නුඹ මගෙ...

අප මී මුතුන් මිත්තන් එදා
සිය ලේ කඳුළු දහදිය පුදා
පරපුරෙන් පරපුරට රැගෙන ආ
ඒ ගෞරවය මගෙ දුව තමා
නුඹ යන්නෙ හිස් දෑතින් නොවේ //
ගෙනියන්නෙ ඒ අභිමානයයි //


[[පරපුරෙන් පරපුරට රැකුණු අපේ පරම්පරාවේ  ගෞරවය අද රැකපු මගේ දුව, ඔයා ඔය යන්නේ හිස් අතින් නම් නෙමෙයි මගෙ දුවේ. ඔයා යන්නේ ඒ අපේ පරපුරේ අභිමානයත් එක්කමයි මගෙ දුවේ… ගීතයේ මේ කොටස ඇහෙනකොට නම් විවාහ වෙන තරුණයාට උනත් තමන්ගේ මනමාලිය ගැන ලොකු ආඩම්බරයක් , හැගීමක් ඇතිකරවනවා.]]

දුවේ නුඹ මගෙ...


[[ගීතය මුලින්ම ගායනා කරනකොට සුනිල් එදිරිසිංහ මහතා ගීතය මගක් කියලා ටිකක් වෙලා ඉදලා තමයිලු ආපහු ගායනා කරේ. මොකද ඔහුටත් දියනියක් ඉන්න නිසා ඇයව මතකයට එන්න ඇති..]]

(දියනියක විවාහයෙන් පිටත්වයන මොහොතක ‍‍‍පියෙකුගේ දෙනෙත තෙත් කරන ගීතයක්. මොන විදිහේ පියෙකුට උනත් තමන්ගේ දියන්ය ගැන මේ ගීතයෙන් ලොකු හැගීමක් ඇතිවීම නොරහසක්.)

සංගීතය - රෝහන වීරසිංහ.
පද රචනය - බංඩාර ඇහැලියගොඩ.
ගායනය - සුනිල් එදිරිසිංහ. 


******

තවත් මෙවන් ගීතයක රසවත් කතාවකින් හමුවෙමු.

මයුරපාද මිතුරෝ සමග එක්වූ ඔබට ස්තූතියි!

1 comment:

  1. ඉතා වටිනා හැදින්වීමක්👍

    ReplyDelete