Music Player

Wednesday 28 December 2016

මලක් උණේ ඇයි නුඹ මට ගීතය හැදුනු සත්‍ය සිදුවීම දැනගන්න ලිපිය කියවන්න.



ඔන්න පුංචි වෙනසක් කරන්න කියලා හදන්නේ. සිංහල සිංදු ගැන රසවත් කතා ගැන අපි ඔයාලට කියන්න හිතුවා. ඉතින් මේකට ලැබෙන ප්‍රචාර බලලා අපි තවත් ඔයාලා නොදන්න ගීත සම්බන්ධ  අපූරු කතා කියන්න බලාපොරොත්තු වෙනවා.

මම මුලින්ම තෝරාගත්තේ අමරසිරි පීරිස් මහතා ගයන මලක් උනේ ඇයි නුඹ මට කියන ජනප්‍රිය ගීතය.  කියවලා බලන්න සිංදුව අහලා තිබුනට මේ කතාව නම් ඔයාලා දැනගෙන ඉන්න නැතිව ඇති.


                           ---------------------
මලක් උණේ ඇයි නුඹ මට සමන් අතාවුදහෙට්ටි මහත‍ා අතින් ලියවෙන මේ ගීතය ඔහුගේ මිතුරෙකුගේ සත්‍ය අත්දැකීමක් පිලිබඳ කියවෙන ගීයකි.

කාලයක් විදේශ රටක සේවය කරන සමන් මහතාගේ මිතුරෙක් ලංකාවට එන්නේ ඔහු විදේශගතව සිටියදී දැන හදුනාගත් තරුණියක් විවාහ කරගැනීමේ අරමුනින්.

ලංකාවට ආපු මොහු තරුණියගේ පවුලේ අයත් දැනුවත් කරලා විවාහය සදහා දින වෙන් කරගන්නවා. ඔහොම ටික කාලයක් ඉන්නකොට මොහු හදිස්සියේම ඒ තරුණිය විවාහ නොකරගන්න තීරනය කරනවා.

ඒකට හේතුව වෙලා තියෙන්නේ දෙදෙනාගේ අදහස් නොගැලපීමලු. ඇය ගොඩක් සාම්ප්‍රදායික විදිහේ තරුණියක්ලු. කොටින්ම කියනවානම් ඇය අතකින් වත් අල්ලනවට කැමති වෙලා නැහැලු. ඉතින් සමන් මහත්මයාගේ මිතුරට ලොකු දුකක් කලකිරීමක් ඇතිවෙලා තියෙනවා මේ ගැන.

ඉතින් ඔහු ආපහු තමන් හිටපු රටටම යන්න තීරනය කරලා, ලංකාව අතහැරලා ආපහු හිටපු රටටම ගියාලු. මේ කතාව අහපු දැකපු සමන් අතාවුදහෙට්ටි මහතා අතින් *මලක් උනේ ඇයි නුඹ මට* ගීතය ලියවුනාලු.

** මලක් වුනේ ඇයි නුඹ මට
ජීවිතයට සුවඳ සලන
එනමුදු සිප ගන්නට තහනම්...

[[මලක් උනාට වැඩක් නෑ ඒ මල සිපගන්න බැරිනම්]]

විලක් වුනේ ඇයි ඔබ මට
ජීවිතයට සිසිල ඉසින
දිය දෝතක් බොන්නට තහනම්...

[[විලක් උනාට වැඩක් නෑ ඒ විලෙන් වතුර ටිකක් බොන්න බැරිනම්.]]

පහන් තාරකාවක් සේ ජීවිතයට මඟ කීවද
ඒ එළියෙන් මහද පහන දල්වනු කෙලෙසින්

සහන් ගීතිකාවක් සේ ජීවිතයේ ගිම් නිවුවද
ඒ ගීයේ සොඳුරු වදන් මුමුනනු කෙලෙසින්

මලක් වුනේ ඇයි නුඹ මට......**

""'සම්පූර්ණ ගීතය තේරුම් කරන්න ඕන නැහැනේ, සරල බසින් තියෙන නිසා.""

ගායනය - අමරසිරි පීරිස්.
පද රචනය - සමන් අතාවුදහෙට්ටි.

* තවත් මේ වගේ ගීත ගැන අපි කතා කරමු. හැබැයි අපිට මුලින්ම මේ සම්බන්ධ ඔයාලගේ ප්‍රචාරය ඕන.*

••මයුරපාද මිතුරෝ සමග එක්වූ ඔබට ස්තුතිය••

1 comment:

  1. "කසාද බදින්න හිතං හිටියා, ඒත් මෙ ⁣මෙ හෙතු නිසා බැන්දෙ නෑ. රට ගියා"
    ඔය ටික ලියන්න post එකක් ලියන්න ඔනෙද?

    ReplyDelete