Music Player

Saturday 11 February 2017

මගේ ජීවිතේ පුරා ගීතය අහලා තිබුනට මේ දේවල් දැනගෙන හිටියද?



තවත් ජනප්‍රිය ගීතයක් ගැන කතා කරන්න තමයි හදන්නේ මේ අපි කතා කරන තුන්වෙනි ගීතය. අද ගීතය තමයි සේනානායක මහත්මයාගේ " මගේ ජීවිතේ පුරා" කියන ජනප්‍රිය ගීතය..

මගේ ජීවිතේ පුරා... එකම සිතින් ප්‍රාර්ථනා...

මගේ ජීවිතේ පුරා...
එකම සිතින් ප්‍රාර්ථනා...
කෙලෙස හෝ වේදනාවෝ
සඟවා තබා ගමි....
සඟවා තබා ගමි....


[[ හොදටම තේරෙනවා මේක නම් විරහාවක්. ජීවිතයේ පතපු එකම ප්‍රාර්ථනාවට යම් දෙයක් වෙලා තියෙනවා. ඉතින් මොහු ඒ දුක හිරකරගෙන ඉන්න උත්සාහ කරනවා ඇත්තටම මොකක්ද වෙලා තියෙන්නේ?? මේ කොටසින් නම් තේරුම් ගන්න අමාරුයි නේද?? ]]

සඳ සෙවනේ අපි තරු ගැනලා
ඒ තරමට පැතුමන් පුරලා..//
කවදාවත් නෑ තරහ වෙලා
අද නෑ..... අද නෑ තාරකාවී..
අඳුරෙන් වැසී ගියේ..
අඳුරෙන් වැසී ගියේ..

[[මොහු තමන්ගේ පෙම්වතිය ගැන සහ තමන්ගේ ආදර කතාවේ අතීතය සිහිපත් කරනවා. සද එලියේ ඒ ගතකරපු සුන්දර කාලය, අනායෙ වෙනුවෙන් මවපු සිහින.... කවදාකවත්ම තරහා වෙලා හිටියේ නැති උනත් අද එයා නැහැ.. එයා අදුරින් වැහිලා කියලා මොහු කියනවා.. තවමත් අපිට හිතාගන්න බෑ මේ සිදුවෙලා තියෙන්නේ මොකක්ද කියලා හරියට. අපි ඊලඟ පද පේලියත් බලමු]]

සුදු වැලි යට අද සැතපීලා
ඝන අඳුරින් ලෝකය වැසිලා..//
ඉවසා ගන්නේ කෙලෙසද මා
යළි නෑ.......යළි නෑ ආයෙ එන්නේ..
වෙනදා වගේ සදා..
වෙනදා වගේ සදා..

[[ ගීතයේ සම්පූර්ණ තේරුම හැංගිලා තියෙන්නේ මේ "සුදු" කියන වචනය මත. සුදු වැලි යට අද සැතතපීලා කියන්නේ මොකක්ද කියලා ඇහුවොත් ගොඩක් අය කියන් කෙල්ල මැරිලා වෙන්න ඇති කියලා.. ඇත්තටම සුදු කියලා කියන්න උත්සාහ කරන්ගේ තරුණියකගේ පතිවත ගැන. ඉතින් සුදු වැලි යට අද සැතපීලා කියන්නේ මොකක්ද කියලා දැන් ඔයාලට අවබෝධ වෙන්න ඇති.

ඉතින් ඒ හේතුව නිසා මේ ආදර ලෝකය අද ඝන අදුරකින් වැහිලාලු. මේ කාරනාව පෙම්වතාට ඉවසන්නට හරිම අමාරු දෙයක්.

අවසානයේ කියනවා යළි නෑ ආයෙ එන්නේ වෙනදා වගේ සදා කියලා. ඉතින් ඒ කියන්නේ පෙම්වතිය එයා ලගට ආයෙත් නම් කවදාවත් එදා ආපු විදිහට පිවිතුරු තරුණියක් විදිහට නම් ආයේ එන්නේ නෑ කියලා]]

මගේ ජීවිතේ පුරා...

සේනානායක වේරලියද්ද.

ගායනය : සේනානායක වේරලියද්ද
 ශාන්ත දේශබන්දු.


පද රචනය : ශාන්ත දේශබන්දු
සංගීතය : සේනානායක වේරලියද්ද

ගීතය ගැන දැන් ඔයාට හරි අවබෝධයක් ලැබෙන්න ඇති.. අපි තවත් දවසක මේ වගේ තවත් ජනප්‍රිය ගීත ගැන නොදන්න දේවල් කතා කරමු.

ගීතය අහන්න කැමති අය මෙතනින් අහන්න පුලුවන්.
https://m.youtube.com/watch?v=KhtBri5851A

******


මයුරපාද මිතුරෝ සමග එක්වූ ඔබට ස්තූතියි.

1 comment: