Music Player

Thursday 23 March 2017

අහස පොළව වටපිටාව හරිම හිස්තැනක්. ගීතය ලියවුණු හැටි.



යමුනා මාලිනී පෙරේරා මහත්මිය රචනා කරපු සුනිල් එදිරිසිංහ මහතා ගායනා කරන ලස්සන ගීතයක්වන "අහස පොළොව වටපිටාව" කියන ගීතය ගැන තමයි කතා කරන්න හදන්නේ. රචිකාවියගේ අත්දැකීමකට ලියවුණු ගීතයක් වගේම යමුනා මාලිනී මහත්මිය ලියපු පලවෙනි ගීතයත් මේකයි. ඇය ඊට කලින් කවි රචනා තමයි කරලා තියෙන්නේ.




යමුනා මාලිනී මහත්මිය.

යමුනා මාලිනී මහත්මියගේ සැමියා කාලයක් මහවැලියේ සේවය කරා. ඒ කාලේ සුනිල් එදිරිසිංහ මහත්මයත් මහවැලියේ තමයි සේවය කරලා තියෙන්නේ. කොහොම හරි සුනිල් එදිරිසිංහ මහත්මයා යමුනා මහත්මිය ලියපු කවි කියවලා තිබුනලු. එක තැනම වැඩකරපු යමුනා මහත්මියගේ සැමියා (සේනක) අදුර ගත්තු සුනිල් මහත්තයා ඔහුට කීවලු ඇයගෙන් ගීතයක් ලියාගෙන එන්න කියලා.

යමුනා මහත්මියගේ විවාහය ලියාපදිංචි කරාට පස්සේ සැමියාට ශිෂ්‍යත්වයක් ලැබෙනවා රුසියාවට යන්න. මොකද ඔහුට පරාස නාට්‍යයේ හොදම නලුවා වෙන්න හැකිවෙලා ලැබිලා තිබුනු නිසා.

😎😎මයුරපාද මිතුරෝ බිලොග් අඩවිය😎😎 

ඉතින් ඔහු රුසියාවේ ඉන්නකොට යමුනා මහත්මිය මෙහේ ඉදන් ඔහු ගැන කවි කිහිපයක් ලියනවා. ඉතින් සුනිල් මහත්මයා කරපු ඉල්ලීමට ඇය මේ කවි පංතිය හදලා දෙනවා සුනිල් මහත්මයාට දෙන්න.

සුනිල් එදිරිසිංහ මහතා.

ගීතය ලැබුනු සුනිල් මහත්තයා ගොඩක් සංතෝස උනාලු. "මේක නම් හොදට යන ගීතයක් වෙයි" කියපු ඔහු මේ ගීතය රෝහන වීරසිංහ මහත්තයා දීලා සංගීත නිර්මාණය කරාලු.

රජරට සේවය සහ රුහුණු සේවයේ මේ ගීතය මුලින්ම ප්‍රචාරය උනාලු.... කො⁣හොම හරි යමුනා මහත්මිය ලියපු පලවෙනි ගීතය මේ විදිහට ජනප්‍රිය උනා. අදටත් ඉතින් ගීතයේ ජනප්‍රියත්වය අදටත් කිසිම වෙනසක් නම් වෙලා නෑ...

මේ ගීතය කලින් ඔයා අහලා ඇති. නමුත් මම ආරාධනා කරනවා ගීතයේ අර්ථය ගැන දැන් දැනුවත් ඔබට මේ ගීතය නැවතත් රසවිදින්නට...


අහස පොළව වටපිටාව හරිම හිස්තැනක්
ගහක් කොළක් දියක් නොමැති කාන්තාරයක්
ඇදී එන්න ඒ මොහොතේ හඬාවැටෙන හද මඬලට
ඔබයි මමයි ඉන්නා තැන කොහිද තනිකමක්
නැහැනේ තනිකමක්...

කණක මිණක තරුවක රුව
නොපෙනුනි ඔබ දකින තුරා
ලොවක සිරිය නොදුටිමි මා 
ඔබෙ සෙනෙහස දකින තුරා

අහස පොළව...

විලක දොලක සුව නොලදිමි
ඔබ මා හා රැදෙන තුරා
මලෙක සුවඳ ඇත මසිතේ
ඔබ මා ලඟ සිටින තුරා

අහස පොළව...



*****

තවත් මෙවන් සොදුරු ගීතයකින් හමුවෙමු.

මයුරපාද මිතුරෝ සමග එක්වූ ඔබට ස්තූතියි!.


0 comments:

Post a Comment