Music Player

Thursday 23 February 2017

කන්ද පිරිමැද ලන්ද මුදුනට. ගීතයේ කතාව. තොරතුරු දැනගන්න ලිපිය කියවන්න.



තවත් ලස්සන ගීතයක් තොරගත්තා කතා කරන්න... ගීතය රචනා කරන්නේ සියඹලන්ගමුවේ අමරදාස ශූරීන් විසින්. ගීතය තමයි සේනානායක වේරලියද්ද මහතා ගායනා කරන *කන්ද පිරිමැද පිරිමැද පිරිමැද ලන්ද මුදුනට මුදුනට මුදුනට* කියන ගීතය.


සරලවම කියනවා නම් ගීතයෙන් කි⁣යවෙන්නේ බාල වයසේ පෙම්වතියක් ගැන. අපි ඔය කියන්නේ පැන්නා යනවා කියලා අන්න ඒ දෙය ගැන ලියවුණු ගීතයක් තමයි මේක. මේ පෙම්වතියට ආසාවක් ඇතිවෙලා තියෙනවා පෙම්වතා එක්ක පැනලා යන්න. නමුත් තාම මේ පෙම්වතියට නිසි වයස සම්පූර්ණ වෙලා නෑ.

- මයුරපාද මිතුරෝ -

සමහර විට මේ සම්බන්ධට ගෙදර දෙමාපියන් අකමැති ඇති. ⁣ඒකට ඉතින් අපිට හේතු කාරනා හොයන්න දෙයක් නැහැනේ. මොකද මේ පෙම්වතිය  බාල වයස්කාරියක්. පෙම්වතා වුනත් බාල වයසේ කෙනෙක් වෙන්න පුලුවන් නමුත් දුර දිග හිතන කෙනෙක්. ඇයි මම එහෙම කියන්නේ අපි ගීතයට එමු...

දැන් මේ වෙනකොට පෙම්වතිය පෙම්වතාට ආරාධනා කරලා තියෙන්නේ පැනලා යන්න. එතකොට පෙම්වතා කියන දේ තමයි මේ.

කන්ද පිරිමැද පිරිමැද පිරිමැද
ලන්ද මුදුනට මුදුනට මුදුනට
ඒවි හඳ පායලා


කන්ද මුදුනින් හද පායාගෙන එන්නේ හරිම හිමිහිට. කන්ක පිරිමදිමින් ඉහලට පායන හද පායන්න ටික වෙලාවක් යනවා. ඉතින් ඒ විදිහට පොඩ්ඩක් ඉවසන්න අපිට තාම වයස සම්පූර්ණ වෙලා නෑ.

- මයුරපාද මිතුරෝ -

වන්දනාවක යන්නෙ කොහොමද
නන්ගියේ අපි දැන්ම මග බැහැලා //


පවුල් ජීවිතේ හරියට වන්දනාවක් වගේ. වන්දනාවක් වගේ කියන තැනින් අපිට ගොඩක් දේවල් හිතන්න පුලුවන්. ඉතින් අපි මේ ජීවිතය කියන චාරිකාවේ විවාහය කියන වන්දනාව කරන්න නම් ඔයාගේ තීරනය හොද දෙයක් නෙමෙයි. ඒ තීරනයෙන් අපි දෙන්නටම හොදක් නම්  වෙන්නේ නෑ. ඉතින් අපි මේ ජීවන ගමනේ මගින් බහිනවාද?....

අරලියා මල් ඔහේ පිපුනට පෝය නෑ ඇවිදින්//
ගෙවා අටවක වැඩෙයි අවසඳ නොවී ඉමු ඉක්මන්


තවත් බොහෝ දේවල් රචකයා විසින් කියන්නට උත්සාහ කරන පද පේලියක්. අරලිය මල් ඔහේ පිපුනට කියන තැනින් මේ බාල වයස්කාර පෙම්වතිය වැඩිවියට පත්වූ තරුණියක් බව කියන්නට උත්සාහ කරනවා වෙන්න පුලුවන්. ඉතින් මේ අරලියා මල පිපිලා තිබුනට පෝය නම් තාම උදාවෙලා නෑ. ඒ නිසා අපි තව ඉවසන්න ඕන.

කන්ද පිරිමැද .............

ගෙදර බුදුනගෙ ඇල්ම බැල්මේ අමාවක ගෙවපන් //
පුරා පෝයට මලුත් අරගෙන අපිත් යමු පන්සල්..


ගෙදර බුදුන් කියන්නේ නම් ඉතින් දෙමාපියන්ට ඒ ගැන ඉතින් කියන්න දෙයක් නැහැනේ... ඉතින් මේ පෙම්වතා කියනවා. මේ අපේ අමාවක කාලය මේ කාලය දෙමාපියන් එක්ක එයාලගේ සෙනෙහස එක්ක ඉන්න. අපිට දවසක පෝය උදාවේවි. එදාට අපි හැමෝගේම ආශිර්වාද මැදින් පවුලක් පන්සලක් වෙමු.

- මයුරපාද මිතුරෝ -

කන්ද පිරිමැද.......//

ගීතය පරණ වුනාට වර්තමානට උනත් හොදට ගැලපෙනවා.. බාල වයස්කාර පෙම්වතුන් පෙම්වතියන්ට ගීතයෙන් ලොකු දෙයක් කියලා දෙනවා. හැම දේටම නිසි වයසක් තියෙනවා. මේ ගීතයේ කියවෙන කතාවට අදාල චරිත ගැන ඔයාලා ඕන තරම් දන්නවා ඇති.

ඉතින් නිකම්ම නිකම් ගීතයක් අහනවාට වඩා මේ වගේ තේරුමක් දැනගෙන අහ⁣න ගීතයේ වෙනදට වඩා රසයක් ඔයාට දැනේවි.

ගීතය රසවිදින්න...


********

මෙම අඩවියේ සිංදු ගැන සියලුම ලිපි එකතුව බලන්න.

*******
මයුරපාද මිතුරෝ මෙම  පළවන ලිපි පිලිබඳ තොරතුරු ප්‍රථමයෙන් සහ ඉක්මනින් ලබාගැනීමට අපගේ නිල facebook පිටුව සමග එකතුවන්න




මෙම ලිපිය සම්බන්ධ ඔබගේ අදහස් පහතින් comment කරන්න.
තවත් කෙනෙකුට දකින්න share කරන්න.

මයුරපාද මිතුරෝ සමග එක්වූ ඔබට ස්තූතියි!.

0 comments:

Post a Comment