Music Player

Saturday 6 May 2017

හෙට දවසේ අප දෙදෙනා , ප්‍රියා සූරියසේන මහතා ගායනා කරන මේ ඇත්තටම හැදුනු හැටි



ප්‍රියා සූරියසේන මහතාගේ ජනප්‍රිය ගීතයක් තමයි *හෙට දවසේ අප දෙදෙනා අද වාගෙම හමුවිය යුතුවේ* කියන ගීතය. මේ ගීතය ලියවෙන්න හේතුව ගොඩක් අය දන්නවා. නොදන්න කෙනෙක්ගෙන් මේ ගීතයේ තේරුම ඇහුවොත් ගොඩක් අය කියයි මේක නිකම්ම නිකම්  ආදර ගීතයක් කියලා.

ඒ වගේම තමයි ගීතය ලියවුණු විදිහ ගැන කතා කරනකොට ගොඩක් අය දන්නේ අසත්‍ය සිදුවීමක්... ඉතින් මේ ලිපිය හරහා ඒ අසත්‍ය සිදුවීම ගැනත් ප්‍රියා සූරියසේන මහතා කියපු සත්‍ය සිදුවීමත් දෙකම ගැන අපි කතා කරනවා..



ගොඩක් අය දන්න කතාව

දවසක් ප්‍රියා සූරියසේන මහතා ප්‍රේමකීර්ති මහතාගේ ගෙදරට යන්නේ ඔහුට කියලා ගීතයක් ලියාගන්න කියලා හිතාගෙන. සූරියසේන මහත්තයා නිකම්ම යන්නෙත් නෑ. ප්‍රේමකීර්ති මහත්තයා ගොඩක් ආසා කරන වර්ගයේ මත්පැන් බෝතලයකුත් අරගෙන තමයි යන්නේ.

සූරියසේන මහත්තයාගේ අවාසනාව කියන්නේ, ගෙදරට ගොඩවෙනකොට ප්‍රේමකීර්ති මහත්තයා හදිසි ගමනක් පිටත් වෙන්න සූදානම් වෙලා ඉන්නේ.

😎මයුරපාද මිතුරෝ 😎

කොචිචර හදිසි වැඩක් උනත් ප්‍රියා සූරියසේන මහත්තයා ගෙනාපු බෝතලේට හිත වැටුනු ප්‍රේමකීර්ති මහතා අර බෝතලේ දිහා බලාගෙන කොල කෑල්ලක් අරගෙන * හෙට දවසේ අප දෙදෙනා අද වාගෙම හමුවිය යුතුවේ
අද දවසේ මවෙත ගෙනා මිහිර හෙටත් ගෙන ආ යුතුවේ* කියන ගී මුල් පදය ලියන්නේ අර බෝතලය ගැන හිතලා මිසක් ආදරයක් ගැන කියන්න නම් නෙමෙයි.

මේ මුල් පද පේලිය ලියලා අර බෝතලෙත් අරන් ප්‍රේමකීර්ති මහත්තයා තමන් යන්න හිටපු අර වැඩේට පිටත් වෙන්නේ අර කොලකෑල්ල ප්‍රියා සූරියසේන මහත්තයාට දීලා ඊලඟ දවසේ ගීතය සම්පූර්ණ කරලා දෙන්නම් කියලයි.


ප්‍රියා සූරියසේන මහතා කියපු සත්‍ය සිදුවීම 

ප්‍රියා සූරියසේන මහත්තය සරල ගී වැඩසටහනකට  ගීතයක් ලියාගන්න කෙනෙක් හොය හොයා හිටියා..
ඉතින් ඒකට උදව්වක් ගන්න කියලා ගුවන් විදුලි සංස්ථාවේ වෙළෙඳ අංශයේ වැඩරපු එල්මෝ ෆනෑන්ඩෝ කියන නිවේදකයාව හම්බ වෙන්න ගියා. එතුමා  ප්‍රියා සූරියසේන මහත්තයාගේ හිතවතෙක්.

ඉතින් එතුමාට ප්‍රියා සූරියසේන මහත්තයා  කියනවා තව දවස් දෙකකින්  සරල ගී වැඩසටහනක් මට තියෙනවා ඒකට ගීතයක් ලියාගන්න ඕන.. ඒ වගේම ඉක්මනින් වැඩේ වෙන්නත් ඕන කියලා..

එල්මෝ මහත්තයා ඉන්න ඉන්න මෙහේ එක්කනෙක් ඉන්නවා කියලා කියලා ප්‍රේමකීර්ති මහත්තයාට කතා කරනවා..

එල්මෝ මහත්තයා ප්‍රේමකීර්ති මහත්තයාට කියනවා මේ මල්ලී මම හොදට අදුරන කෙනෙක් නාත්තන්ඩියේ ගම මම හලාවත ඒ නිසා ඉක්මනින් සිංදුවක් ලියලා දෙන්න කියලා..

                          😎මයුරපාද මිතුරෝ 😎

ඉක්මනින් කොළ කෑල්ලක් ගත්තු ප්‍රේමකීර්ති මහත්තයා හෙට දවසේ අප දෙදෙනා අද වාගෙම හමුවිය යුතුවේ අද දවසේ මවෙත ගෙනා මිහිර හෙටත් ගෙන ආයුතුවේ... කියලා ලීවලු....

ඒ වෙලාවේ ගොඩක් කාර්යබහුල වෙලා හිටපු ප්‍රේමකීර්ති මහතා එහෙම පොඩි කෑල්ලක් ලියලා දුන්නේ කට්ටිට තිබුනු හදිස්සිය නිසයි.

මේ ටික ලියපු ප්‍රේමකීර්ති මහත්තයා මෙන්න පද පේලියක් ලියලා තියෙනවා ඉතුරු ටික දෙන්න හෙට එන්න කියලා කියනවා .

දැන් ඉතින් මොනවා කරන්නද... ඒ පුංචි පද පේලිය අරගත්තු ⁣ප්‍රියා සූරියසේන මහත්තයා ආයෙත් පහුවදා ගියාලු ප්‍රේමකීර්ති මහත්තයා හම්බවෙන්න.

ප්‍රේමකීර්ති මහත්තයා ඊයේ මම කෑල්ලක් ලියලා දුන්නා නේද... කෝ කෝ... දෙන්න ඒක... කියලා ඉතුරු පද පේලියත් ලියලා දුන්නාලු..

ඉතින් අර කාර්යබහුල නිසා ඉක්මනින් ⁣ගීතය ලියලා දෙන්න බැරි වෙච්චි නිසයි හෙට දවසේ අප දෙදෙනා .... කියලා ලියවුනේ....

මිහිර කිවේ ප්‍රියා සූරියසේන මහත්තයාට අලුත් ගීතයක් හම්බවෙන එකට.. මිහිර හෙටත් ගෙන ආයුතු වේ කියන්නේ ගීතයේ ඉතුරු කොටස ඊලග දවසේ දෙන්න වෙච්චි නිසයි...

ඉතින් මේක තමයි ප්‍රියා සූරියසේන මහතා කියන විදිහට ගීතය ලියවුණු සත්‍ය සිදුවීම..


**හෙට දවසේ අප දෙදෙනා
අද වාගෙම හමුවිය යුතුවේ
අද දවසේ මවෙත ගෙනා
මිහිර හෙටත් ගෙන ආ යුතුවේ,,,

කිසි වෙනසක් නැති
එකම දෙයක් අති
එය මා ලබු ඔබෙ ආදරයයි
මගෙ ජීවිතයම නෞකාවක් නම්
එය ඔබ සුරකින සාගරයයි..

අද සුපිපෙන මල හෙට නොපිපේවී
ලොකය දිව යයි වෙනස් වෙලා
එලෙස වෙනස්වන
ලොවෙහි අළුත් වන
ආදරයම මම ඉඳිමි බලා**

ගායනය - ප්‍රියා සූරියසේන මහතා.
පද රචනය - ප්‍රේමකීර්ති අල්විස් මහතා.


ගීතය රසවිදින්න පහතින්   

********

තවත් මෙවන් ගීත ගැන රසවත් තොරතුරු දැනගන්න මයුරපාද මිතුරෝ අප⁣ගේ facebook පිටුවට එකතුවන්න.


ලිපිය සම්බන්ධ ඔබගේ අදහස් comment කරන්න.
තවත් කෙනෙකුට දකින්න share කරන්න.

මයුරපාද මිතුරෝ සමග එක්වූ ඔබට ස්තූතියි!.

0 comments:

Post a Comment