Music Player

Monday 10 April 2017

සිංහල සින්දු කියන නළලේ තිලක තියන කිරිල්ලියේ ගීතය ලියවුණු හැටි.



මේ ගීතය සියයට සියයක් සත්‍ය සිදුවීමක් ඇසුරිනි  ලියවුණු ගීතයක් තමයි.

ගුණදාස කපුගේ මහත්තයා ඒ කාලේ තිබුනු මාසික සගරාවක කියව කියව ඉන්නකොට සගරාවේ තියෙන එක්තරා ලිපියකට එතුමට හිත යනවා.. ලිපිය කියවලා ඉවර උනු ගමන්ම එතුමා රත්න ශ්‍රී විජේසිංහ මහතාට දුරකථන ඇමතුමක් අරන් කියනවා කොහොම හරි මේ සගරාව අරන් ලිපිය කියවන්න කියලා.


රත්න ශ්‍රී විජේසිංහ මහතා 


කපුගේ මහත්තයාට ඕන කරනවා ලිපියේ තියෙන දේ ගැන ගීතයක් හදන්න ඒකයි තමන්ගේ මිතුරා රත්න ශ්‍රී විජේසිංහ මහත්තයාට ඒ වෙලේම කතා කරන්නේ.

"1992 වසරේ රෑ 7ට විතර තමයි මේ විදිහට දුරකථන ඇමතුම ගන්නේ"
ගුනදාද මහතාට මෙච්චර හිතගිය ඒ කතාව තමයි දැන් කියන්න හදන්නේ.

ඇය කබුරුපිටියේ කාන්තාවන්. නම *විනීතා සමරසිංහ ගුණසේකර*. ඇය පොලිස් සේවයට බැදෙන්නේ කාන්තා පොලිස් නිලදාරිනියක් විදිහටයි. ඇය මිරිහානේ සහ කිරුලපන පොලිස් ස්ථාන දෙකේම සේවය කරනවා.

😎😎මයුරපාද මිතුරෝ බිලොග් අඩවිය😎😎

කිරුලපන පොලිස් ස්ථානයේදි හම්බවෙනවා උතුරු ප්‍රදේශයේ ඉදලා ආපු පොලිස් නිලධාරීයෙක්. එයාගේ නම තමයි නඩේෂන්. මේ දෙන්නා අතර ටික කාලයක් යනකොට පෙම් සම්බන්ධයක් පටන් ගන්නවා.

එතකොට යුද්ධය පටන් අරගෙන. යුද්ධය පටන්ගත්ත කාලෙක මේ වගේ සම්බන්ධයකට පවුලේ අය අකමැති වෙන එක පුදුම වෙන්න දෙයක් නෙමෙයිනේ. ඒ විදිහට පවුල් දෙකෙන්ම අකමැති උනත් දෙන්නා විවාහ වෙනවා, 83 කැරැල්ල පටන් අරන් ටික කාලෙකින් නඩේෂන් පොලිස් සේවයෙන් ඉවත් වෙලා තමන්ගේ මේ සිංහල බිරිඳ එක්ක තමන්ගේ මවු ගමට ඒ කියන්නේ උතුරුකරට යනවා.

දරුවන් පවා ලබන මේ දෙන්න‍ෙ පසු කාලයක කොටි සංවිධානයේ ඉහල නිලධාරීන් දෙදෙනෙක් වෙනවා. මේ සිංහල කාන්තාව කාන්තා කොටි කංඩායමක නායිකාව වෙනවලු.

කොහොම උනත් අවසන් සටනේදී මේ දෙන්නම පුදුකුඩුඉරිප්පුවේදී මැරුණා කියලා තමයි කියන්නේ. 
"කතාව කෙටියෙන් ඔහොමයි"


දැන් ගීතය ගැන ටිකක් බලමු

*සිංහල සින්දු කියන
නළලේ තිලක තියන කිරිල්ලියේ
තුඩින් හදවතක් අරගෙන
ගිනිගත් තල අරඹට ආවදෝ ඉගිල්ලී*

[[ඇය කියන්නේ සිංහල සිංදු , මොකද ඇය දෙමළ දන්නේ නෑ. ඒ උනාට මේ සිංහල කාන්තාව නලලේ තිලක තියනවා. නමුත් මේ සිංහල කාන්තාව ජාතිවාදයෙන් ගිනිගන්න තල් අරඹට ඒ කියන්නේ උතුරුකරයට ආවලු]]

*දිව නුහුරු බසින් පෙම් කවි කී කුරුල්ලට වශී වී
ගිනි මලින් තැනූ මල් පොකුරක් අතට ගත්ත මනාලී
මධුසමේ මදුර කටු අතරේ පිපී වැනුන සුරූපී*

[[මේ තරුණයා දන්නේ දෙමළ විතරයි තරුණිය දන්නේ සිංහල විතරයි, ඉතින් මේ දෙන්නට දෙන්නාම කියපු පෙම් කතා හරිහැටි තේරුනේ නෑ. නමුත් ආදරය නිසා ඇය ඔහුට වශී වෙනවාලු.  වෙන මනාලියන්ට මංගල දිනයට ලැබෙන්නේ ලස්සන මල්වලින් හදපු මල් පොකුරක්, නමුත් ඇයට ලැබෙන්නේ ගිනි මලින් හදපු මල් පොකුරක්. මනාලියකගේ මදුසමය හරිම සුන්දරයි, නමුත් ඇගේ මදුසමය මහා කටු ගොඩක්. නමුත් ඒ කටු අතරින් මේ මල ලස්සනට හිනහුනා]]

*ගිනි අවිත් එක්ක පෙමින් බදුන ව්හඟ සෙනග හාඩාවී
ඒ කඳුළු සිංහලට නගන්න නුඹට හැකිය ප්‍රියාවී
ආදරය නුඹට බාරයි රැක ගනින් දේවතාවී*

[[ ගිනි අවිය නිසා මේ යුද්ධය නිසා මිනිස්සු පීඩා විදිනවා, ඒ උතුරුකරයේ ඉන්න මිනිස්සුන්ගේ අඩන කදුලු ඔයාට සිංහලයට හරවන්න පුලුවන් , මේ ආදරය උබට අයිති දෙයක් අමාරුවෙන් ලබාගත්ත දෙයක් ඒ ආදරය ඔබට බාරයි එය සදා රැකගන්න]]

විශාරද ගුණදාස කපුගේ මහතා.
       😎😎මයුරපාද මිතුරෝ බිලොග් අඩවිය😎😎

ගීතයේ අරුත එහෙම ඉවර කරන කොට තවත් ගීතයට සම්බන්න රසවත් කතා කිහිපයක් කියන්නම්.

1,සාම කාලයේදී පත්තර වාර්තා කරුවෙක් නඩේෂන් හම්බවෙල‍ෙ කීවලු ඔයාලා ගැන ගීතයක් ලියවිලා තියෙනවා ඒක දකුනේ හරිම ප්‍රසිද්ධයි කියලා, ඉතින් නඩේෂන් මේ වාර්තා කරුවාව පොරොන්දු කරගෙන තියෙනවා මේ ගීතය ඇතුලත් කපුගේ මහත්තයාගේ ගීත තැටිය ගෙන්නගන්න. කොහොම හරි ඒ දවසට පහුවදාම මේ ගීත තැටිය ඔහුට ලැබුනාලු. එයා කියලා තියෙනවා ඒ ගීතය පුංචි දුවට කටපාඩම් කියලා.

2, දවසක් ගීතය ලියපු රත්න ශ්‍රී විජේසිංහ මහත්තයා ගිහින් තියෙනවා දේශනාවක් කරන්න කබුරුපිටිය පැත්තේ පාසලකට දේශනාව කරන අතරේ මේ ගීතය හැදුනු හැටි හැන මෙයා විස්තර කරනකොට කාන්තාවක් කලබලයෙන් එලියට ගිහින් කෙල ගැහුවලු. 

ලග හිටපු කෙනෙක්ගෙන් අහපුවාම කීවලු ඒ විනිතාගේ නංගි කියලා,  රත්න ශ්‍රී විජේසිංහ මහත්තයා එක්තරා දේශනයකදී කියනවා, මේ දෙන්නා විවාහ උනාට පස්සේ මේ විනීතාගේ පවුලේ අය ඇය මැරුණා කියලා හිතාගෙන ඒ කාලේ දානෙකුත් දුන්නාලු කියලා.

*මේ ගීතය, කපුගේ මහත්මයාගේ "ඉරබටු තරුව" සීඩි තැටියේ ගීතයක්.*

සිංහල සින්දු කියන
නළලේ තිලක තියන කිරිල්ලි
තුඩින් හදවතක් අරගෙන
ගිනිගත් තල අරඹට ආවදෝ ඉගිල්ලී

දිව නුහුරු බසින් පෙම් කවි කී කුරුල්ලට වශී වී
ගිනි මලින් තැනූ මල් පොකුරක් අතට ගත්ත මනාලී
මධුසමේ මදුර කටු අතරේ පිපී වැනුන සුරූපී

ගිනි අවිත් එක්ක පෙමින් බදුන ව්හඟ සෙනග හාඩාවී
ඒ කඳුළු සිංහලට නගන්න නුඹට හැකිය ප්‍රියාවී
ආදරය නුඹට බාරයි රැක ගනින් දේවතාවී
----------------------------------------------------------------------------------
පද රචනය - රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය     - විශාරද ගුණදාස කපුගේ
ගායනය     - විශාරද ගුණදාස කපුගේ

ඔබේ අදහස් comment කරන්න.

තවත් කෙනෙකුට දකින්න share කරන්න.

මයුරපාද මිතුරෝ සමග එක්වූ ඔබට ස්තූතියි!

0 comments:

Post a Comment