Music Player

This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

Showing posts with label සිංදු ගැන. Show all posts
Showing posts with label සිංදු ගැන. Show all posts

Wednesday, 14 February 2018

දඟකාර ඔය දෑස දුටුවා එදා ගීතය ලියවුණු හැටි.



ආයුබෝවන් !.

අද දවසේදීත් මයුරපාද මිතුරෝ සිංදු ගැන ලිපි එකතුව හරහා තවත් ජනප්‍රිය ගීතයක් ගැන කතා කරන්නයි හදන්නේ. අද දවසේ ගීතය විදිහට තෝරා ගත්තේ සුනිල් ගුණවර්ධන මහතා අතින් ලියවුණු "දඟකාර ඔය දෑස" ගීතයයි.
 

ගීතය ලියවෙන්නේ 1979 සැප්තැම්බර් 30 දින... ඒ සුනිල් ගුණවර්ධන මහතා පිය පදවිය ලැබූ දියයි..

- මයුරපාද මිතුරෝ -

සුනිල් මහතා අතින් සනත් නන්දසිරි මහතා වෙනුවෙන් ලියවුණු මේ ගීතය වෙනත් ගීතවලට වඩා අතිශය ජනප්‍රිය වුනා. ඒ ජනප්‍රියත්වය අදටත් සිදුම අඩුවක් නම් සිදුවෙලා නෑ.

ගීතය ගැන වැඩි යමක් කතා කරන්නට නැතත් ගීතය රචනයේදී සිදුවුණු විශේෂ සිදුවීමක් ගැන සුනිල් ගුණවර්ධන මහතා එක්තරා රූපවාහිනී වැඩසටහනදී මතක් කරනවා.

ඒ තමයි සනත් නන්දසිරි මහතාට ඕන වෙනවා මේ ගීතයට අනිවාර්යයෙන් "ඇස් දෙකෙන් ලියුම් ලීවා" කියන අර්ථය ඇතුළත් කරන. ඉතින් සනත් මහතා සුනිල් මහතාට කියනවා...

'මල්ලියේ ඇස් දෙකෙන් ලියුම් ලීවා කියන අර්ථය මේ ගීතයේ අනිවාර්යයෙන් තියෙන්නම ඕන..'

- මයුරපාද මිතුරෝ -

ඉතින් කොච්චර උත්සාහ කරත් ඇස් දෙකෙන් ලියුම් ලීවා කියන්න ගැලපෙන පදයක් හදාගන්න මේ දෙන්නාටම අමාරු වුණා.

කොහොම හරි දෙන්නාම ඇස් දෙකෙන් ලියුම් ලීවා කියන්න ගැලපෙන වචන කල්පනා කර කර ඉන්න අතර්, සනත් නන්දසිරි මහතා යනවා නාන කාමරයට නාන කාමරයට ගියපු සනත් මහතා එක පාරටම ඇතුලේ ඉදන්ම හයියෙන් කෑ ගහන්න පටන් ගත්තා...

'මල්ලියේ.... මල්ලියේ... අපි ඔතනට දාමු "දසුනින්ම හසුනක් මවා" කියලා....'

ඔන්න ඔය විදිහට තමයි මේ රසවත් ප්‍රේම ගීතයට අත්‍යවශ්‍ය කරපු වචනය වෙච්චි "දසුනින්ම හසුනක් මවා" කියන කොටස ගීතයට එකතු වෙන්නේ.

---

දඟකාර ඔය දෑස දුටුවා එදා
දුර ඈත පාසල් වියේ
නොදැනීම අපගේම සිත් යා වුණා
දසුනින්ම හසුනක් මවා //

උදයේ හවා ඔබ හමු වී එදා
දෙඩුවා බැඳීලා සෙනේ //
දෙකොපුල් විලේ හසරැල් පිපී
සතුටින් කල් යා වුණා

දඟකාර ඔය දෑස දුටුවා එදා...

සසරේ සදා අප බැඳෙමුයි පතා
වැඩුණා හදේහී සෙනේ //
නිලුපුල් නෙතේ හසරැල් මැකී
කඳුලින්ම වෙන් වී ගියා

දඟකාර ඔය දෑස දුටුවා එදා...

ගායනය - සනත් නන්දසිරි
සංගීතය - රංජිත් පෙරේරා
ගීපද - සුනිල් ගුණවර්ධන

***

ගීතය රසවිදින්න


මෙම අඩවියේ සිංදු ගැන සියලුම ලිපි එකතුව බලන්න.

*******
මයුරපාද මිතුරෝ මෙම  පළවන ලිපි පිලිබඳ තොරතුරු ප්‍රථමයෙන් සහ ඉක්මනින් ලබාගැනීමට අපගේ නිල facebook පිටුව සමග එකතුවන්න



මෙම ලිපිය සම්බන්ධ ඔබගේ අදහස් පහතින් comment කරන්න.
තවත් කෙනෙකුට දකින්න share කරන්න.

මයුරපාද මිතුරෝ සමග එක්වූ ඔබට ස්තූතියි!.

Monday, 1 January 2018

බෝ මලුවෙ මල් සුවදක පැටලි. ගීතය ලියවුණු සත්‍ය සිදුවීම.



ආයුබෝවන්...

මුලින්ම මයුරපාද මිතුරෝ කංඩායම ඔබ සැමට සුභ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා... ඉතින් නව වසරේ පළමු ලිපිය තමයි අද දවසේ අරගෙන එන්නේ...

සිංදු ගැන ලිපි එකතුවට තවත ලිපියක් එකතු කරන්නයි අද හදන්නේ... ඉතින් මේ වෙනකොට අපි සිංහල ගීත හතලිහකට(40) ආසන්න ගීත සංඛ්‍යාවක් ගැන ලිපි ඔබට ලබාදීලා තියෙනවා.. ගීත ගැන රසවත් තොරතුරු දැනගන්න කැමති නම් ඒ ලිපි එකතුව බලන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා...

අද දවසේ කතා කරන්නට තෝරා ගත්තේ මහාචාර්ය සනත් නන්දසිරි මහතා ගායනා කරන "බෝ මලුවේ මල් " කියන ගීතය. මේ ගීත රචනයට හිමිකම් කියන්නේ ප්‍රියානන්ද විජේසුන්දර මහතා.

ප්‍රියානන්ද විජේසුන්දර මහතා

රචකයා ගැන මුලින්ම හැදින්වීමක් කරන්නම්.. මොකද ගොඩක් අය සිංදු ඇහුවට ගීත රචකයන් ගැන දැනුවත් නැති නිසා..

ප්‍රියානන්ද විජේසුන්දර මහතා කියන්⁣නේ ගීත 2000ක පමණ හිමිකරුවෙක්.. ඒ අතරින් ගීත 200ක් පමණ ජනප්‍රියයි.

- මයුරපාද මිතුරෝ -

• කෙලෙසද කිව මැන සිපගත් දෑතට.

• මේ පාලු සීත රාත්‍රියේ.

• දෑස නිලුපුල් තෙමා.

• මට ආරාධනාවක් කළාදෝ.

• බිඳුණු කලක අමතක කළ.

• මගෙ දෑසෙ කඳුළු තව දෑසක සතුටු කඳුළු වේ.

•මගෙ ජීවිතේ සතුට රැඳී තිබුණේ.

•දෑස නිලුපුල් තෙමා. (කපුගේ මහතාගේ පළමු ගීතය)

මේ ඒ අතරින් ජනප්‍රිය ගීත කිහිපයක්.. දැනට එතුමන් ජීවත් වෙන්නේ නවසීලන්තයේ.

**

හරි ආයෙත් බෝ මලුවේ මල් ගීතයට එමු....

මේ ගීතය සනත් නන්දසිරි මහතා  මුහුණ පෑ සත්‍ය සිදුවීමකට අනුව ලියවුණු ගීතයක්. ඒ වගේම සංගීතය නිර්මාණය වෙන්නේ සනත් නන්දසිරි මහතා අතින්...

සනත් නන්දසිරි මහතා.

දවසක් සනත් නන්දසිරි මහතා කුලියාපිටිය පැත්තේ දුර පලාතකට රාත්‍රී ප්‍රසංගයකට යනවා. මේ ගමනේදී ගම්මානයක් මැදින් යන අතරතුර  හුළු අත්තක් බැදගෙන පොල් වත්තක් මැදින් වඩින අවුරුදු හතක, අටක කුඩා හාමුදුරුනමක් සනත් නන්දසිරි මහතා දකිනවා. (හුළු අත්ත කියන එක දන්නවා නේද..) මේක දකින සනත් නන්දසිරි මහතා රියදුරාට කියනවා කරුණාකරලා වාහනේ පොඩ්ඩක් නතර කරන්න කියලා. සනත් නන්දසිරි මහතා මේ පුංචි හාමුදුරුවන්ට කතා කරනවා....

- මයුරපාද මිතුරෝ -

අපේ පොඩි හාමුදුරුවනේ කොහෙද වඩින්නේ?.

මම පංසලට වඩින්නේ...

දුරද පංසල?.

නෑ මේ ලඟ.

මොකද මේ රෑවෙලා පොඩි හාමුදුරුවනේ ?.

මම අම්මා බලන්න ගියා මහත්තයා...

මගේ කාර් එකට වඩින්න පොඩි හාමුදුරුවනේ මම පංසලට එක්කන් යන්නම්...

(පොඩි හාමුදුරුවන්ට මේ කවුද කියලා නම් අදුරගන්න බැරි වුණා..)

මම තමයි සනත් නන්දසිරි කියන්න. බයවෙන්න එපා... වඩින්න හාමුදුරුවනේ..

නෑ මහත්තයා.. මගේ පංසල ලඟයි මම තනියම වඩින්නම්...

ඉතින් පොඩි හාමුදුරුවන්ට සමු දීලා සනත් නන්දසිරි මහතා නැවතත් තමන්ගේ ගමන යන්න පිටත් වෙනවා. කොහෙම හරි මේ සිද්ධිය ගීතයක් නිර්මාණයට හොද කතාවක් විදිහට සනත් නන්දසිරි මහතා මතකේ තියාගන්න අමතක කරේ නෑ...

දවසක් හැන්දෑවක සනත් නන්දසිරි මහතාගේ ගෙදරට ආපු ප්‍රියානන්ද විජේසුන්දර මහතාට මේ සිදුවීම කියලා මේ ගැන ගීතයක් ලියලා දෙන්න කියලා සනත් නන්දසිරි මහතා ඉල්ලීමක් කරනවා...

ඒ වගේම සනත් නන්දසිරි මහතා විශේෂයෙන් ප්‍රියානන්ද මහතාට කියනවා ...

" ප්‍රියානන්ද හැබැයි මේ සිංදුවේ අන්තිම වචනේ ලියන්න "අම්මේ අම්මා නිවන් දැක්කහාම මම අම්මාගේ කිරි සුවදේ ඉතිරෙන්න එන්නම්" කියලා... එහෙම හිතෙනකොටම මතක් වෙනවා "අනේ අම්මත් නෑ නේද එතකොට" ... කියලා ...."

ඉතින් ගීතයේ අවසානය රචනා වෙන්නේ සනත් නන්දසිරි මහතා ඒ කරපු යෝජනාවට අනුවයි.... ඒ විදිහට සිදුවුණු සත්‍ය සිදුවීමට තමයි මේ අති සංවේදී ගීතය නිර්මාණ
වෙන්නේ....

- මයුරපාද මිතුරෝ -



**

" බෝ මලුවෙ මල් සුවදක පැටලි
අම්මා පෙව් කිරි සුවද ගලා එන්නේ..
සුපුරුදු උණුසුමකට සිත ඈදි
ගේ දොර සෙල්ලම් පිටිය මතක්‌ වෙන්නේ..
දං බෝවිටියා කැලේ .. මැදින්..
එන්න සිතයි නුඹ ලගට සැනින්…

එතෙර කරන්නම් හතර වර්ගයම
සංසාරේ යන මේ ගමනේ
චුට්‌ටක්‌ සෙල්ලම් කරලා ඒන්නද
පුරුදු යහලුවන් හා සැනෙනී
එහෙම ගියත් ඒ අය පොඩි සාදු
කියා කියන විට වැද වැටිලා
කොහොමද අම්මේ ඔට්‌ටු දුවන්නෙ
වෙල් ඉපනැල්ලේ පැන නටලා

බෝ මලුවේ මල්…

භවයෙන් භවයේ පෙරුම් පුරා මම
භවුන් වඩා උපදින වාරේ
දිනයක මතුදා හතර වර්ගයම
එතෙර කරන්නම් සංසාරෙන්
ඉන්පසු ඇවිදින් අම්මේ ඔබ ලග
ඉන්නම් කිරි සුවදේ එතිලා
කොහොමද අම්මේ එහෙම කරන්නේ
අම්මත් සසරෙන් එතෙර වෙලා ...

භවයෙන් භවයේ පෙරුම් පුරා මම
භවුන් වඩා උපදින වාරේ
දිනයක මතුදා හතර වර්ගයම
එතෙර කරන්නම් සංසාරෙන්
ඉන්පසු ඇවිදින් අම්මේ ඔබ ලග
ඉන්නම් කිරි සුවදේ එතිලා
කොහොමද අම්මේ එහෙම කරන්නේ
අම්මත් සසරෙන් එතෙර වෙලා .. "

ගායනය - සනත් නන්දසිරි මහතා.
රචනය - ප්‍රියානන්ද විජේසුන්දර මහතා.
සංගීතය - සනත් නන්දසිරි මහතා.

ගීතය රසවිඳින...



ගීතය බාගතකරගන්න පිවිසෙන්න..


මෙම අඩවියේ සිංදු ගැන සියලුම ලිපි එකතුව බලන්න.


*******
මයුරපාද මිතුරෝ මෙම  පළවන ලිපි පිලිබඳ තොරතුරු ප්‍රථමයෙන් සහ ඉක්මනින් ලබාගැනීමට අපගේ නිල facebook පිටුව සමග එකතුවන්න


මෙම ලිපිය සම්බන්ධ ඔබගේ අදහස් පහතින් comment කරන්න.
තවත් කෙනෙකුට දකින්න share කරන්න.

මයුරපාද මිතුරෝ සමග එක්වූ ඔබට ස්තූතියි!.

Sunday, 19 November 2017

මයුරපාද ආදිශිෂ්‍ය ශාන් නීරෝගේ සද්දේ දැම්මේ Music Video එක මෙතනින් බලන්න.


මයුරපාද ආදිශිෂ්‍ය "ශාන් නීරෝ'ගේ සද්දේ දැම්මේ නමින් Music Video එකක් මේවන විට නිකුත් කරලා තියෙනවා....

ශාන් පිළිබඳ මාධ්‍ය හරහා වැඩි වශයෙන් කතා බහකට ලක්වෙන හේතුව තමයි තමන් විසින් නිර්මාණ කරගත් ගිටාරයක් වාදනය කරන දර්ශනය අන්තර්ජාලය හරහා ප්‍රසිද්ධ වීම....


අදාළ 🎸 ගිටාර් වාදනය සහ ඔහු සමගින් මයුරපාද මිතුරෝ සිදුකළ කතාබහ බලන්න.

-------------------

සද්දේ දැම්මේ ගීතය


*******
මයුරපාද මිතුරෝ මෙම  පළවන ලිපි පිලිබඳ තොරතුරු ප්‍රථමයෙන් සහ ඉක්මනින් ලබාගැනීමට අපගේ නිල facebook පිටුව සමග එකතුවන්න


මෙම ලිපිය සම්බන්ධ ඔබගේ අදහස් පහතින් comment කරන්න.
තවත් කෙනෙකුට දකින්න share කරන්න.

මයුරපාද මිතුරෝ සමග එක්වූ ඔබට ස්තූතියි!.





Tuesday, 7 November 2017

වක්කඩ ලඟ දිය වැටෙන තාලයට - ගීතයේ සැගවූ අරුත දැනගන්න ලිපිය කියවන්න.



1929 අප්‍රියෙල් මස 7 දින රදාවාන ප්‍රදේශයේ උපන් මහගම සේකර මහතා, සිංහල සාහිත්‍යයේ අති විශිෂ්ඨ නිර්මාණ කරුවෙකු ලෙස හැදින්වීම නිවරදිය. ගීත ,නවකතා, කෙටිකතා , නාට්‍ය ඔහු අතින් රචනා වූ අතර චිත‍්‍රපට අධ්‍යක්ෂණයටද ඔහු දායක වී ඇත. තවද රජයේ ලලිත කලායතනයේ විදුහල්පති ලෙසද කටයුතු කළ එතුමා 1976 වසරේ ජනවාරි 14  දින මියගිය අතර මියයන විට ඔහුගේ වයස අවුරුදු  වයස 46කි.

මහගම සේකර මහතා විසින් රචනාකළ පංඩිත අමරදේව මහතා විසින් ගායනා කරන "වක්කඩ ලඟ දිය වැටෙන තාලයට" ගීතය අද දවසේ සිංදු ගැන කතා කරන්නට තෝරා ගත්තේ මහගම සේකර මහතාගේ ගීත නිර්මාණ අතරින් මයුරපාද මිතුරෝ අඩවියට තෝරාගත් පලමු ගීතය ලෙස එකතු කරමින්.

වක්කඩ ලඟ දිය වැටෙන තාලයට
තිත්ත පැටව් උඩ පැන නැටුවා
වැස්ස වහින්නට ඉස්සර අහසේ
වලාකුලෙන් විදුලිය කෙටුවා

කිව්වට වස් නැත නිල් නිල් පාටින්
කටරොළු මල් වැට වට කෙරුවා
තුන් දවසක් අමනාපෙන් සිටි කලු
නෝක්කාඩු බැල්මෙන් බැලුවා.......

ගල මතුපිට මල පිපෙන්න
මල වට බඹරිඳූ නටන්න
වැහි වැහැලා ගඟ පිරෙන්න
ගඟ උතුරා හිත පිරෙන්න....

ගලා හැලෙන වැහි වතුර වගේ නුඹ
හිනාවෙයන් කලු හිනාවෙයන්
වෙලා මගේ හිත ඉනාවකින් තව
හිනාවෙයන් කලු හිනාවෙයන්...

ගීතය රසවිදින්න අවස්ථාවේ අපිට මැවෙන්නේ කුඹුරක දර්ශනක් නමුත් වැස්සක් වැටෙන්නට නියමිත කුඹුරක දර්ශනයට වඩා එහා ගිය ශෘංගාරාත්මක අර්ථයක් මේ ගීතයේ මහගම සේකර මහතා සගවා තියෙනවා.

"වක්කඩ ලඟ දිය වැටෙන තාලයට
තිත්ත පැටව් උඩ පැන නැටුවා
වැස්ස වහින්නට ඉස්සර අහසේ
වලාකුලෙන් විදුලිය කෙටුවා"


ගීතයේ කියැවෙන සිදුවීම ඇතැම්විට ගොවියෙකුට සම්බන්ධ සිදුවීමක් වෙන්නට පුලුවන්. පලමු පද පේලියෙන් අපිට තේරුම් ගන්නට පුලුවන් ගැමි පරිසරයකට වැස්සක් ඇදහැලෙන්නට නියමිත පෙර නිමිති අවට පරිසරය හරහා මතුවෙමින් තිබෙන බව. ගැමියෙකුට, ගොවියෙකුට වැස්සක් යනු බොහෝ ප්‍රාර්ථනා ඉෂ්ඨ කරන්න සිදුවීමක්.

- මයුරපාද මිතුරෝ -

කිව්වට වස් නැත නිල් නිල් පාටින්
කටරොළු මල් වැට වට කෙරුවා...


කටරොළු මල් පිපී ඇති ලෙසින් අදහස් වන්නේ බොහෝවිට ගැමියාට පවතින වැසි වාතාවරණය හමුවේ තවත් සොදුරු දසුනක් නෙත ගැටීමක් ලෙස අපට සිතන්නට පුලුවන්.

තුන් දවසක් අමනාපෙන් සිටි කලු
නෝක්කාඩු බැල්මෙන් බැලුවා...


පෙර කටරොළු මල් පිපී ඇති බවට දුන් ඉගිය කාන්තාවක් පිළිබඳ කියවූවක් බව අපට හොදාකාරවම ⁣මෙතනදි තේරුම් ගන්න පුලුවන්. තුන් දවසක් අමනාපෙන් සිටි ඇතැම් විට ඇය දින කිහිපයක් ඔහු හා විරසක වී සිටියා විය හැකියි. නැතිනම් දෙදෙනාගේ සම්බන්ධ වෙනුවෙන් පැවති බාධාවක් මගහැරී ගියා වන්නට පුලුවන්.

තවද මල්වර වූ කාන්තාවක් ඔසප්වීමේදී දින තුනක කාලයක් කිලි පවතින බවට පැරැණි ගැමි මතයක් ඇති අතර, දින තුන අවසානයේ ස්නානයෙන් කිලි මිදෙන බව කියැවේ. මේ හේතුවෙන් ගැමි අඹු සැමි යුවලක් මේ කාලයේදී තරමක් සමීප සම්බන්ධතා පැවැත්වීමෙන් වැලකී සිටිනවා විය හැකිය.

- මයුරපාද මිතුරෝ -

ගීතයේ කියවෙන දෙයට අදාලව මෙම සිදුවීම බොහෝසේ ගැලපෙන බවට අපට සිතන්නට පුලුවන්.

කටරොළු මලෙහි විද්යාත්මක නාමය වන්නේ Clitoria ternatea. කටරොලු මලට මෙම නාම යොදා ඇත්තේ එය ස්ත්‍රී බාහිර ලිංගික අවයවයේ ස්වරූපයට සමාන නිසා බව කියැවේ. එය "clitoris" යන වචනයෙන් නිර්මාණය වූවකි. (⁣මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ඇතුළත් ලිපියක් මෙම ලිපිය අවසානයේ ලබාදී ඇත)



කටරොළු මල්

මහගම සේකරයන් කටරොළු මල් හරහා උපමා කරන්නට දැරූ උත්සාහය පිළිබඳ හේතුව දැන් ඔබට පැහැදිලි ඇති.

"කලු නෝක්කාඩු බැල්මෙන් බැලුවා" ලෙසින් මහගම සේකරයන් කියන්නට උත්සාහ කරන්නට ඇත්තේ තමන්ගේ කිලි මිදීම නිසා සැමියාට ඒ පිළිබඳ ඇය විසින් ඉගි ලබාදීම සම්බන්ධයෙන් විය යුතුයි.

- මයුරපාද මිතුරෝ -

වැසි සහිත කාලගුණයක් යනු ශෘංගාරාත්මක සිතුවිලි පහලවීමට ඉඩක් ඇති අවස්ථාවක් ලෙස බොහෝ නිර්මාණ හරහා කියැවෙන කරුණක් සේකර මහතාද අපූරුවට ගලපා ඇත.

ගල මතුපිට මල පිපෙන්න
මල වට බඹරිඳූ නටන්න
වැහි වැහැලා ගඟ පිරෙන්න
ගඟ උතුරා හිත පිරෙන්න


මෙම පද පේලියේදී ගීතයේ රිද්මය තරමක් වැඩිවී ගීතයට යම් ජවයක් ලබාදේ. තවද එමගින් ගීතයේ ඇති ශෘංගාරාත්මක බවද තරමක් වැඩිවේ. මෙහිදී යුවල විසින් කිසියම් ලිංගික සම්බන්ධතාවයක් පැවැත්වීම පිලිබඳ සේකර මහතා විසින් කියන්නට උත්සාහ දරා ඇති බවට වටහා ගන්නට පුලුවන්.

ගලා හැලෙන වැහි වතුර වගේ නුඹ
හිනාවෙයන් කලු හිනාවෙයන්
වෙලා මගේ හිත ඉනාවකින් තව
හිනාවෙයන් කලු හිනාවෙයන්...


මෙම සිදුවීම අතර කාලයේ ගීතයේ මුලින් ඉගි ලබාදුන් වැස්ස ඇදහැලෙමින් ඇත. අහසින් වැටෙන වැහි වතුර ගලන්නේ බොහෝ බාධක හරහායි. එලෙසම දෙදෙනා ශෘංගාරාත්මක සතුටක් බලාපොරොත්තු වෙන බවට මෙහිදී රසිකයාට කියන්නට උත්සාහ දරා ඇත.

- මයුරපාද මිතුරෝ -

කුඩා ළමුන්පවා මේ ගීතය ප්‍රසිද්ධ වේදිකාවල ගායනා කරන අවස්ථාව ඔබ දැක ඇති. ඉහත අප කතා කළ සිදුවීම සේකර මහතා විසින් ගීතයේ බලාපොරොත්තු වූ අදහස නම්, * කුණුහරප * ලෙස කෙනෙකුට කියන්නට හැකියාවක් ඇත. ගීතය ළමයෙකුට කිසිසේත්ම සුදුසු නොවන ගීතයක් ලෙස වර්ග කරන්න හැකිය.

නමුත් සේකර මහතා අති විශිෂ්ඨ ලෙස සියල්ල උපමා කර ඇත්තේ පරිසරයටයි, කුඹුරක් , වැස්සක් , දියඇලි , මල් , ගල් හරහා සියලු කරුණු වියන්ගයක් බවව සේකර මහතා පරිවර්තනය කර ඇත.

සේකර මහතා විසින් ගීතයේ බලාපොරොත්තු වූ අදහස නම්, ලෙස මා ඉහතදී හැදින්වූයේ මෙම ලිපිය කිසිසේත්ම ගීතයේ අරුත නොවන බවට කෙනෙකුට තර්ක කිරීමට හැකියාවක් ඇත. එසේ මේ කරුණු ගීතයට සම්බන්ධ නොවන බව සිතමු. නමුත් අප කතා කළ කරුණු යම් ගැලපීමක් නැහැ ලෙසටද අපට සම්පූර්ණයෙන් කිව නොහැක.

ලිපිය අවසානයේ මෙම ගීතය අති විශිෂ්ඨ නිර්මාණයක් ලෙස ඔබ වර්ග කරනවා නොඅනුමානයි. සැබවින් එය එසේමය.. නමුත් මෙවන් නිර්මාණ ඉදිරියටත් බිහි කිරීමට සේකර මහතා හෝ අමරදේව මහතා අද අප අතර නැත......

ගීතය රසවිදින්න 

----

අමරදේව මහතා 

මහගම සේකර මහතා 
---

කටරොළු මල් පිළිබඳ වැඩිදුර තොරතුරු 
ඇතුළත් ලිපිය බලන්න


මෙම අඩවියෙහි ඇති ගීත පිළිබඳ සියලු ලිපි කියවන්න 

*******
මයුරපාද මිතුරෝ මෙම  පළවන ලිපි පිලිබඳ තොරතුරු ප්‍රථමයෙන් සහ ඉක්මනින් ලබාගැනීමට අපගේ නිල facebook පිටුව සමග එකතුවන්න


මෙම ලිපිය සම්බන්ධ ඔබගේ අදහස් පහතින් comment කරන්න.
තවත් කෙනෙකුට දකින්න share කරන්න.

මයුරපාද මිතුරෝ සමග එක්වූ ඔබට ස්තූතියි!.

Tuesday, 31 October 2017

සමනළයා මල හා ළමයා සේ - ගීතයේ නිවරදි තේරුම..



ආයුබෝවන්....

පහුගිය දවස් කිහිපයේ අපි මේ අඩවියට ලිපියක් එකතු කරේ නෑ. මොකද මෙතනට ගොඩ වැදුණු පිරිස 50 000ක් වෙනකල් ටිකක් බලාගෙන හිටියා.. ඉතින් මයුරපාද මිතුරෝ කංඩායම සියලු දෙනාටම ස්තූති කරනවා අපිත් එක්ක රැදී සිටීම පිළිබඳව.



හරි, අද දවසේ අපි සිංදු ගැන කතා කරන්න එඩ්වඩ් ජයකොඩ් මහතා ගායනා කරන ඉතා ජනප්‍රිය ගීතයක් තමයි අරගෙන ආවේ.ප්‍රේමකීර්ති ද අල්විස්  මහතා අතින් රචනා වෙච්චි මේ ගීතයේ සංගීතය නිර්මාණය කරන්නේ සරත් ද අල්විස් මහතා විසින්. ගීතය තමයි "සමනළයා මල හා ළමයා සේ" කියන ගීතය.

ගීතයේ චරිත තුනක් පිළිබඳව කියවෙනවා.

* සමනළයා.
* ළමයා.
* මල.

ගීතය රසවිදින්න අපිට බොහෝ විට තේරුම් ගන්නට පුලුවන් ගීතය ළමා ගීතයකට සමානයි කියලා. ඒත් ඒක වැරදි නිගමනයක්. ඇත්තටම මේක ප්‍රේම ගීතයක්. විරහා හීතයක් විදිහට හැදින්වීම නිවරදියි. ඒ වගේම ප්‍රේමකීර්ති මහතාගේ අති විශිෂ්ඨ නිර්මාණයක්.

- මයුරපාද මිතුරෝ -

සමනළයා මල හා ළමයා සේ
බාල ළමා වයසේ


ගීතයේ ආරම්භයේදීම අපිට අහන්නට ලැබෙන මේ චරිත තුන පිළිබඳ අපි මුලින් අවධානය යොමු කරමු.

* සමනළයා - සමනළයාගේ රාජකාරිය තමයි මලින් මලට ගිහින් පැණි බොන එක. ගීතයේ සමනළයා විදිහට හදුන්වන්නේ එක්තරා තරුණයෙක් පිළිබඳවයි.

* මල - ගීතයේ මල විදිහට උපමා කරලා තියෙන්නේ තරුණියක්.

ළමයා - ළමයා ලෙස ප්‍රේමකීර්ති මහතා උපමා කරලා තියෙන්නේ තවත් තරුණයෙක් පිළිබඳවයි. ඒ වගේම ළමයාගේ චරිතය අපිට රචකයා විසින් වැඩිදුරටත් විග්‍රහ කරලා තියෙනවා " බාල ළමා වයසේ" කියලා. ඉතින් එතනින් අපිට තේරුම් ගන්න පුලුවන් මේ පුංචි බහ තෝරන වයසේ දරුවෙකුගේ චරිතයක් පිළිබඳවයි අපිට කියන්නට උත්සාහ කරලා තියෙන්නේ කියලා.

කුඩා දරුවෙකුගේ ආදරය ඉතා පිවිතුරුයි, අව්‍යාජයි.

ගීතයේ චරිත ත්‍රිත්වය පිළිබඳ ගීතයේ අපිට හදුන්වා දෙන්නේ ඒ විදිහට.

පෙර තිදෙනා සිටියේ එක යායේ
ජීවිතයේ අරුමේ //


ඉතින් මේ චරිත තුන ( තරුණිය සහ තරුණයින් දෙදෙනා) පෙර දවසක එකට මුණගැහිලා තියෙනවාලු.

මලට වසා පැණි බී රිසි සේමා
සමනළයා පියැඹූ දවසේ //


මල ලෙස හැදින්වූ තරුණිය සමනළයා ලෙස උපමා කළ තරුණයා සමග ප්‍රේම සම්බන්ධක් පවත්වනවා. නමුත් මේ තරුණයා සල්ලාල චරිතයක්. තරුණියන් ගෙන් ඔහුට අවශ්‍ය දෑ සපුරා ගත් පසු තවත් තරුණියක වෙත ඇදෙන පුද්ගලයෙක්. ඒ නිසයි ඔහුව රචකයා විසින් සමනළයෙකු විදිහට හදුන්වන්නේ.

- මයුරපාද මිතුරෝ -

"මලට වසා පැණි බී රිසි සේමා" මෙතනින් අපිට තේරුම් ගන්න පුලුවන් මේ සල්ලාල තරුණිය ඒ තරුණියගෙන් බලාපොරොත්තු වූ සියල්ල සපුරාගෙන තියෙනවා කියලා.

"සමනළයා පියැඹූ දවසේ" අවශ්‍යතා සපුරා ගත් තරුණයා තරුණිය අතහැර ගිහින් තියෙනවා.  ඒ වගේම අපිට තේරුම් ගන්න පුලුවන් ඒ සිදුවීම නිසා තරුණියට යම් අසාධාරණයක් සිදුවෙලා තිබෙනවා කියලා.

ඒ මල ගාවා ඒ පොඩි ළමයා
දෑස වසා සිටියා


ළමයා ලෙස හැදින්වූ තරුණයාත් මල ලෙස උපමා කළ තරුණියට ප්‍රේම කරනවා. ඒ ප්‍රේමය පිවිතුරු සහ අව්‍යාජ ප්‍රේමයක්. ඒ නිසයි මේ තරුණයා කුඩා ළමයෙකු ලෙස රචකයා උපමා කරේ, ඒ පිළිබඳ අපි ලිපිය ආරම්භයේදීත් කතා කලා.

ඒ නිසාම මේ තරුණයා තරුණියට පෙරකී සල්ලාල තරුණයා නිසා සිදුවූ අපරාධය හමුවේත් එය නොදැක්කා සේ ඇයට ප්‍රේම කරනවා.

මලට නොවේ දැණුනේ දුක කාගේ
පොඩි ළමයෝ මොටදෝ හැඬුවේ //


තරුණියට සල්ලාල තරුණයා පිළිබඳ මිසක්, සත්‍ය ලෙස ප්‍රේම කළ තරුණයා හදුනා ගැනීමට නොහැකි උනා. කෙසේ නමුත් සල්ලාල තරුණයෙකු හා සම්බන්ධතා පවත්වන තරුණියට ඉදිරියේදී සිදුවිය හැකි දේ පිළිබඳ අනික් තරුණයා දැන සිටියා.ඒ පිළිබඳ ඔහු කණගාටු වෙනවා.

- මයුරපාද මිතුරෝ -

ඒ මල නොදනී ඒ මල පරවී
සමනළයා කොතැනේ


තරුණියටත් වටහා ගන්නට බෑ සිදුවූ දේ මොකක්ද කියලා. ඒ මල අද පර වෙලා. සියල්ල අවසානයේ අපහසුතාවයට පත්වූයේ තරුණියයි. අපරාධය සිදුකළ සල්ලාලයා අද කොතැනක විය හැකිද?. ඇතැම් විට ඔහු සිදුකළ දෑ නිසා නීතියෙන් දඩුවම් විදිනවා විය හැකියි... නමුත් එයින් තරුණියගේ ජීවිතය වැරදුණු තැනට සාදාරනයක් විය හැකිද?......

ගායනය - එඩ්වඩ් ජයකොඩි
සංගීතය - සරත් ද අල්විස්
ගී පද - ප්‍රේමකීර්ති ද අල්විස්

එඩ්වඩ් ජයකොඩ් මහතා.

සරත් ද අල්විස් මහතා

ප්‍රේමකීර්ති ද අල්විස් මහතා.

ගීතය රසවිදින්න

මෙම අඩවියෙහි ඇති ගීත පිළිබඳ සියලු ලිපි කියවන්න 

*******
මයුරපාද මිතුරෝ මෙම  පළවන ලිපි පිලිබඳ තොරතුරු ප්‍රථමයෙන් සහ ඉක්මනින් ලබාගැනීමට අපගේ නිල facebook පිටුව සමග එකතුවන්න


මෙම ලිපිය සම්බන්ධ ඔබගේ අදහස් පහතින් comment කරන්න.
තවත් කෙනෙකුට දකින්න share කරන්න.

මයුරපාද මිතුරෝ සමග එක්වූ ඔබට ස්තූතියි!.

Sunday, 15 October 2017

සිහිනයට තරම් තටු නෑ මට නම් ගීතය ලියවුණු රචිකාවියගේ ජීවන අත්දැකීම.



ආයුබෝවන්,

පසුගිය සති කිහිපය තුළ ගීත පිළිබඳ කතා කරන්නට අපිට අවස්ථාව ලැබුණේ නැහැ. ඒ හේතුවෙන්ම අද දවසේ තරුණ පරපුරේ ජනප්‍රිය ගීතයක් ගැන කතා කරන්නට තීරනය කරා.

මේ වෙනකොට මයුරපාද මිතුරෝ මෙම අඩවිය හරහා අපි ගීත තිහකට(30) වැඩි ප්‍රමාණයක් පිළිබඳ කතා බහ කරලා තියෙනවා. ඉතින් කලින් කතා කරපු ගීත පිළිබඳ ලිපි හරහා මම සදහන් කරා මගේ ප්‍රියතම ගීත රචිකාවිය " යමුනා මාලිනී පෙරේරා " මහත්මිය බව. ඔබ කරුනාරත්න දිවුල්ගනේ මහතාගේ රසිකයෙකු නම් ඔබ ඔහුගේ රසවිදින්න බොහෝ ගීත ලියවුණේ ඇයගේ අතින්.

යමුනා මාලිනී පෙරේරා මහත්මිය.

යමුනා මාලිනී මහත්මිය යනු දැනට අප අතර සිටින ප්‍රවීණතම ගීත රචිකාවියයි. ඇය ගීත මෙන්ම නවකතා  සහ කවි රචනයෙන් ජනප්‍රිය චරිතයකි.

යොවුන් පරපුරේ ගායන ශිල්පී 'කසුන් කල්හාර' සහ යමුනා මාලිනී මහත්මියගේ දියණිය 'ප්‍රතිභා ප්‍රභා' විසින් ගායනා කරන " සිහිනයට තරම් " ගීතයයි අද දවසේ සිංදු ගැන කතා කරන්නට තෝරා ගත්තේ.


- මයුරපාද මිතුරෝ -

ගීතය පිළිබඳ කතා කරන්නට වැඩි යමක් නැතත් ගීතය ලියවෙන්නේ යමුනා මාලිනී මහත්මියගේ ජීවිතයේ සොදුරු මතක සටහනකට අනුවයි.

යමුනා මාලිනී මහත්මියගේ සැමියා සේනක මහතා
යමුනා මහත්මිය සමඟ සම්බන්ධයට යෝජනා කර පසුව යමුනා මහත්මිය තමන්ගේ කැමැත්ත ප්‍රකාශ කළ අවස්ථාවේ සේනක මහතා යමුනා මහත්මියට " මට දැන් පුලුවන් ඔයාව අරන් අහසේ පියාබන්න " ලෙස පැවසුවාලු.

"සිහිනයට තරම් තටු නෑ මට නම්
පියබන්න අරන් නුඹ අහසේ..."

එදා ඒ සිදුවීම පිළිබඳ යමුනා මහත්මියගේ සිතෙහි තිබූ මතකයන් එක් කර තමයි ඇය දියනිය වෙනුවෙන් ලියූ මේ ගීතය රසවත් කරන්නේ. ගීතය පටිගත වෙන්නේ කොහුවල ප්‍රදේශයේදී.


- මයුරපාද මිතුරෝ -

යමුනා මාලිනී මහත්මියගේ රචනයෙන් කසුන් කල්හාර මහතාගේ සංගීතයෙන් සහ කසුන් කල්හාර , ප්‍රතිභා ප්‍රභා දෙපලගේ ගායනයෙන් ජීවය ලැබුණු  මේ ගීතය යමුනා මහත්මියගේ සියලු ගීත මෙන්ම රසික රසිකාවියන් ආදරයෙන් වැදගත් ගීතයක් බවට පත්වුණා.


"සිහිනයට තරම් තටු නෑ මට නම්
පියබන්න අරන් නුබ අහසේ
ආදරය තරමි සියුමැලි මනරම්
සිහිනයක් තියේවිද ලෝකේ

කදු හිස් මුදුන් කර
තරු ලකුනු වැටෙනා අතර
සිත නුබම සොයා
වලා බැම්මෙන් ඉගිල යයි
ලොව නිදනා අතර

සයුරක් වී වැතිර
නුබ සරලි නගනා අතර
කිරි සිනා ගඟත් මියුරු
ලොකෙන් අරං යයි
ඉන්නවාද ඇහැර

සිහිනයට තරම් තටු නෑ මට නම්...

කදුලක් ලගට දුර
තව දුරස් කලේ නුබය
වැහි ඇල්ලක් වගේ
සොදුරු සිහිලක් ගෙනා මට
ජීවිතයේ කතර

සෙනෙහස් සිහින මල්
හැම සැබෑ කෙරූ සසර
නුබ සදකි
රවන් කුමුදු යායක් 
පුබුදු කර මා හද කල සුවද

සිහිනයට තරම් තටු නෑ මට නම්..."


කසුන් කල්හාර මහතා 

ප්‍රතිභා ප්‍රභා මහත්මිය 

රචනය - යමුනා මාලිනී පෙරේරා මහත්මිය .
සංගීතය - කසුන් කල්හාර මහතා.
ගායනය - කසුන් කල්හාර මහතා සමගින් ප්‍රතිභා                        ප්‍රභා මහත්මිය.

මෙවන් ගී පිළිබඳ රසවත් තොරතුරු මෙම අඩවිය හරහා අපි ඉදිරියටත් ඔබට ලබා දෙන්නට සූදානම්. එය ඔබගේ රසාස්වාදයට මෙන්ම දැනුමටද රුකුලක් වේවි. ....

ගීතය රසවිදින්න.


*******
මයුරපාද මිතුරෝ මෙම අඩවියෙහි පළවන ලිපි පිලිබඳ තොරතුරු ප්‍රථමයෙන් සහ ඉක්මනින් ලබාගැනීමට අපගේ නිල facebook පිටුව සමග එකතුවන්න


මෙම ලිපිය සම්බන්ධ ඔබගේ අදහස් පහතින් comment කරන්න.
තවත් කෙනෙකුට දකින්න share කරන්න.

මයුරපාද මිතුරෝ සමග එක්වූ ඔබට ස්තූතියි!.

Sunday, 17 September 2017

ගිනි මලක් පිපුණාය දොරකඩ වරක් නොව තව වතාවක් ගීතය ලියවුණු හැටි



අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකර මහතාගේ සහෝදරයෙකුවන ගායන ශිල්පී කිත්සිරි ජයසේකර මහතා ගායනා කරන ගීත තරමක් වෙනස් විදිහේ ගීත. එතුමාගේ ගීත වැඩිපුර අපිට අහන්න ලැබුණේ නැතත් ගීත ජනප්‍රියත්වයේ අඩුවක් තියෙනවා කියලා නම් අපිට කියන්න බැහැ.


දයාසිරි ජයසේකර මහතා සහ කිත්සිරි ජයසේකර මහතා.


"කැමිලියා මල් සුවඳට 
සඳ කෙමි මත පා තිය තිය
මගේ කුටියේ කවුළු දොරින් 
නිදි බින්ද දෑස ඒ ඔබමද 
සින්ඩරෙල්ලා "

* "සඳකත් පිණි දිය කඩා හැලෙනවා
දැව මුවා කුළුණු හිස පහන් නිවෙනවා
මං එනතුරු අද්දර අල්තාරේ
ඉන්නවද බලා
අමීෂා අමීෂා අමීෂා"


පේනවානේ..... කිත්සිරි මහත්තයාගේ ගීත ටිකක් අමුතුයි , වෙනස්. ඉතින් එතුමා ගායනා කරන ගීත අතරින් අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ගීතය ගැනයි.

 - මයුරපාද මිතුරෝ -

" ගිනි මලක් පිපුණාය දොරකඩ
වරක් නොව තව වතාවක්
සඳක් සේ දිළිසුණා පුරපස
පිපුණි දොරකඩ රන් මලක් ... "

විශ්වවිද්‍යාලයේදී ලැබුණු අත්දැකීම් ගැන ලියවුණු ගීත ඕන තරම් අපි අහලා තියෙනවා. මේ ගීතයත් ඒ විදිහට විශ්වවිද්‍යාල අත්දැකීමකට ලියවුණු ගීතයක්.

ඒ වගේම ගීත ඉතිහාසයේ මේ ගීතය රචනය පැත්තෙන් විශේෂ ගීතයක්, ඒකට හේතුව තමයි මේ ගීතය රචකයන් දෙදෙනෙකු එකතුවෙලා තමයි ලියලා තියෙන්නේ, ඒ ධම්ම දිසානායක සහ කීර්ති ආරියදාස මහත්වරුන් දෙදෙනා විසින්. ( මේ දෙන්නාම විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන් ) මීට කලින් අහලා තිබුනද දෙන්නෙක් ලියපු සිංදුවක් ගැන. මේ එ් විදිහට විශේෂ ගීතයක්.

රචකයන් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හදාරන කාලයේ ලබපු සත්‍ය අත්දැකීමක් ගීතය ලියවෙන්නට හේතු වෙලා තියෙනවා.

ඒ කාලේ මේ දෙන්නම ඉඳලා තියෙන්නෙ එකම බෝඩිමක. දවසක් මේ බෝඩිමට ගෑණු ළමයෙක් එනවා යම් කිසි පණිවිඩයකට. ඇය ප්‍රියමනාප ලස්සන තරුණියක්,

- මයුරපාද මිතුරෝ -

කොහොම හරි මේ තරුණිය  ඇවිත් ගියාට පස්සෙත් දෙන්නාම ඇය ගැනම කතා කරන්න ගන්නවා.

ඉතින් මේ ඇවිත් ගියපු තරුණිය ගැන දෙන්නා කතා කර කර ඉන්නකොට අහම්බෙන් වගේ ඇය අයෙත් ඔවුන්ගේ බෝඩිමට එනවා.

ඒ විදිහට දෙපාරක්ම තමන් ඉදිරියේ පෙනී හිටපු මේ තරුණිය ගැන ඔහුන්ට දැනුන සිතුවිලි දෙදෙනාම එකතුවෙලා ගීතයක් බවට පත් කරනවා.

ගීතය රස විදින්න කලින් මේ ගී පද ටික කියවලා ඉන්න. එතකොට හොදට තේරුම් ගන්න පුලුවන් වෙයි, ඒ ලබපු අත්දැකීම.

ගිනි මලක් පිපුණාය දොරකඩ
වරක් නොව තව වතාවක්
සඳක් සේ දිළිසුණා පුරපස
පිපුණි දොරකඩ රන් මලක් ... //

මදහසක් දිලිසීය මුව අග
නිමේෂයකට කඩ ඉමක් ඇර
නමුදු ඒ හස කඩා කඩඉම්
ගෙනගියා අප අනන්තය වෙත

ගිනි මලක් ...

දුටිමු අප ඇගෙ ඇසිපියන් යට
දෙසිත් කැළඹූ නිල් උපුල් යුග
දැවි දැවී සැනසුනා අප සිත්
තැබී ඈ තව පියවරක් දුර

ගිනි මලක් ...

කිත්සිරි ජයසේකර මහතාගේ පවුලේ චායාරූපයක්. (මෙතුමාගේ බිරිද කොළඹ විශ්වවිද්‍යලයේ කථිකාචාර්ය වරියක්. ඇය නමින් උපේඛා ගංගොඩවිල )

--------

ගීතය රසවිදින්න...



ඉදිරියටත් අපි මේ වගේ ගීත ගැන රසවත් තොරතුරු පිළිබඳ කතා බහ කරන්න සූදානම් අඩවියේ ඉදිරි ලිපි පිලිබඳ තොරතුරු ලබාගන්න මයුරපාද මිතුරෝ facebook පිටුවට එකතුවන්න අමතක කරන්න එපා.....

*******
මයුරපාද මිතුරෝ මෙම අඩවියෙහි පළවන ලිපි පිලිබඳ තොරතුරු ප්‍රථමයෙන් සහ ඉක්මනින් ලබාගැනීමට අපගේ නිල facebook පිටුව සමග එකතුවන්න


මෙම ලිපිය සම්බන්ධ ඔබගේ අදහස් පහතින් comment කරන්න.
තවත් කෙනෙකුට දකින්න share කරන්න.

මයුරපාද මිතුරෝ සමග එක්වූ ඔබට ස්තූතියි!.

Sunday, 3 September 2017

තිරය ඇරෙනවා තිරය වැහෙනවා - ගීතය ලියවුණු සත්‍ය සිදුවීම.



ප්‍රවීණ ගී පද රචක බංඩාර ඇහැලියගොඩ මහතා විසින් රචිත ගීත කිහිපයක් ගැන අපි මයුරපාද මිතුරෝ හරහා පසුගිය දිනවල කතාබහ කරා. අද දවසේ කතා කරන්නට තෝරා ගත්තේ එතුමාට සුවිශේෂි වූ ඒ වගේම රසිකයන් අතර අදටත් නොවෙනස්ව පවතින ජනප්‍රියත්වයක් තියෙන " තිරය ඇරෙනවා " කියන ගීතයයි.

ඉතින් මම කලින් සදහන් කරා මේ ගීතය බංඩාර ඇහැලියගොඩ මහතාට සුවිශේෂි ගීතයක් කියලා, මම එහෙම කියන්න හේතුව තමයි මේ ගීතය එතුමා රචනා කළ මුල්ම ගීතය වීම.

- මයුරපාද මිතුරෝ -

ගීතය කාටත් සරලව තේරුම් ගත හැකි ලෙස ලියවිලා තියෙන නිසා මේ ලිපිය හරහා ගීතය ලියවුණු හැටි සහ ගීතයට සම්බන්ධ විශේෂ කරුණු කිහිපයක් ගැන කතා කරන්නට බලාපොරොත්තු වෙනවා.

ගීතය බංඩාර ඇහැලියගොඩ මහතා සුනිල් එදිරිසිංහ මහතාට ලබාදෙන්නේ ජයලත් මනෝරත්න මහතා හරහා, මොකද ඒ වෙනකොට බංඩාර මහතා සුනිල් මහතා දැන හදුනා ගෙන හිටියේ නෑ. ඒ විදිහට බංඩාර මහතා යවපු ගීත කිහිපයක් අතරින් "තිරය ඇරෙනවා" ගීතය සහ සුනිල් එදිරිසිංහ මහතාම ගායනා කරන " ලෝකයක් තනන්නට " කියන ගීත දෙක ගුවන් විදුලියේ සරල ගී වැඩසටහනකට තොරා ගෙන තියෙනවා.

                          - මයුරපාද මිතුරෝ -


1983 වසරේ නිර්මාණය වෙන මේ ගීතය බංඩාර ඇහැලියගොඩ මහතාගේ පෞද්ගලික අත්දැකීමකට අනුවයි රචනා වෙන්නේ. ඉතින් මොකක්ද මේ අත්දැකීම ???..... මේ බංඩාර ඇහැලියගොඩ මහතා ඒ ලබපු අත්දැකීම එතුමාගේ වචනයෙන්ම..

"මම ඇහැළියගොඩ ඉගෙනුම ලබමින් හිටි කාළයේ විශාල කොන්සර්ට් එකක් තිබුණා. එකේ කොළඹ කාන්තා විද්‍යාලයෙන් අවිත් හිටිය. ඒ අය තමයි බතේ උපත නැටුවේ.

මට එතකොට කල්පනා උනා, ' අපි උදේ හවස කුඹුරු වැඩ කරන අය. ඉස්කොලේ ඇරිලා ගිහින් කුඹුරේ වැඩට උඩවු වෙන දවස් තියෙනවා. ගොයම් කපලා, මඩවලා, හාල් කරන හැටි අපියි දන්නේ.

සක්‍රීයව කුඹුරට සම්බන්ධ අපි වේදිකාව පල්ලේහාට වෙලා බලන් ඉන්නවා. කිසි දවසක මඩ ගොඩක් නොදැකපු, දැකත්තක් අත නොගාපු අය ඇවිදින් වේදිකාව උඩ නටනවා. අපි නෙවෙයි ද මෙතන ඉන්න ඕනේ?' කියලා. 1970 ගණන් වල මා ලබපු මේ අත්දැකීම තමයි 83 දි ගීතයක් බවට පත්වුනේ."

                         - මයුරපාද මිතුරෝ -

තිරය ඇරෙනවා තිරය වැහෙනවා
ඔල්වරසන් හඩ පැතිරෙනවා
සඳලුතලෙන් බැස මානවිකාවන්
තාලෙට ඉඟසුඟ නටවනවා

කළගෙඩි නැටුමට කළගෙඩි සොළවති
නළ වතුරෙන් සැනහෙන දරුවෝ
ගොයම් නැටුමකට දෑකැති ලෙළවති
කුඹුරක් ඇස නොගැටුන දරුවෝ

තිරය ඇරෙනවා තිරය වැහෙනවා ...

දෙපා සැලෙන මුත් බෙර කවි තාලෙට
කරළිය හිමි නැති අපේ ළමයි
හේනට කුඹුරට ගත සවි දියකර
කරළිය අබියස බලා හිඳී

තිරය ඇරෙනවා තිරය වැහෙනවා ...


රචනය - බංඩාර ඇහැලියගොඩ මහතා.
සංගීතය - ⁣රෝහන වීරසිංහ මහතා.
ගායනය - සුනිල් එදිරිසිංහ මහතා.

ගීතය රසවිදින්න.



ගීතය ගැන නිවරදි වැටහීමක් ඔබට ලැබෙන්නට අැති. ඒ වගේම මේ වගේ කරුණු කාරණා දැග ගෙන අහන ගීතයක රසය වෙනදාට වඩා රසවත්ව දැනෙනවා. ඉතින් මේ තොරතුරු තවත් කෙනෙකුට බලන්න share කරන්න කාරුණික වෙන්න.

ඉදිරියටත් අපි මේ වගේ ගීත ගැන රසවත් තොරතුරු පිළිබඳ කතා බහ කරන්න සූදානම් අඩවියේ ඉදිරි ලිපි පිලිබඳ තොරතුරු ලබාගන්න මයුරපාද මිතුරෝ facebook පිටුවට එකතුවන්න අමතක කරන්න එපා.....

*******
මයුරපාද මිතුරෝ මෙම අඩවියෙහි පළවන ලිපි පිලිබඳ තොරතුරු ප්‍රථමයෙන් සහ ඉක්මනින් ලබාගැනීමට අපගේ නිල facebook පිටුව සමග එකතුවන්න


මෙම ලිපිය සම්බන්ධ ඔබගේ අදහස් පහතින් comment කරන්න.
තවත් කෙනෙකුට දකින්න share කරන්න.

මයුරපාද මිතුරෝ සමග එක්වූ ඔබට ස්තූතියි!.

Sunday, 27 August 2017

ඔබේ සිනා ළඟ ගීතයට රචිකාවිය ඇතුළත් කළ බෞද්ධ දර්ශනයට මොකද උනේ?.



ආයුබෝවන් !
මයුරපාද මිතුරෝ කංඩායම ඔබව සාදරයෙන් පිලිගන්නවා...

සිංදු ගැන අපේ කතාබහට අදත් තෝරා ගත්තේ ඉතා ජනප්‍රිය ගීතයක් ඒ ජගත් වික්‍රමසිංහ මහතා ගායනා කරන " ඔබේ සිනා ළඟ " කියන ගීතයයි.

මයුරපාද මිතුරෝ හරහා කතාබහ කරන මේ සිංදු ගැන ලිපි එකතුව ඔබට අධ්‍යාපනික වශයෙන් සහ ඔබගේ රසාස්වාදයට ලොකු පිටුවහලක් වගේම ගීතයේ වෙනදාට වඩා ඔබට රසයක් එකතු වෙනවා නොඅනුමානයි.

ජගත් වික්‍රමසිංහ මහතා.

ගීතය ලියවෙන්නේ ජගත් වික්‍රමසිංහ මහතාගේ වැඩිමල් සොහොයුරිය අතින් ඒ ඇයගේ පෞද්ගලික අත්දැකීමකට අනුවයි. ඇය නමින් දේශාංජලී  වික්‍රමසිංහ මහත්මියයි.

- මයුරපාද මිතුරෝ -

ගීතයේ පද රචනා වෙන්නේ දේශාංජලී මහත්මිය 80 දශකයේ අග භාගයේ මොරටුව සරසවියේ ඉගෙනුම ලබන කාලයේ. සරසවියේදී ඇය ලැබූ ප්‍රේමණීය අත්දැකීමක් සම්බන්ධව ඇය පොතක ලියා තබනවා.

ගීතයේ මුල් කොටසේ කියවෙන පරිද්දෙන්ම කෙනෙක් තවත් කෙනෙකුට ආකර්ෂණය වන්නේ සිත්ගන්නාසුළු සිනහවෙන්, සහ කතාවෙන්. ඇය මෙම පද පෙළ ලියා තැබුවේ එවැනි දෙයක් තදින්ම සිතට දැනුණු මොහොතක.

මේ ආකාරයෙන් දේශාංජලී මහත්මිය අතින් ලියවෙන පද පේලිය පසු කාලයක අහම්බෙන් ඇගේ සොහොයුරාවන ජගත් වික්‍රමසිංහ මහතාට හමුවෙනවා.

ඔහු සොහොයුරියට යෝජනා කරනවා පොතෙහි ලියූ පද පේලිය හරහා ගීතයක් කරන්නට. පසුව ජගත් මහතා සුදුසු තනුවක් නිර්මාණය කරා.

- මයුරපාද මිතුරෝ -

අප අදහන බෞද්ධ දර්ශනයට අනුව ප්‍රේමය යනු දුකක්. බැදීම් හරහා දුකක් ලැබෙනවා සේම ප්‍රිය අයගෙන් වෙන්වීමද අපට දුකක්. දේශාංජලී මහත්මිය ගීතය හරහා බුදු දහමේ ප්‍රේමය පිළිබඳ දර්ශනයද ලියන්නට අමතක කරන්නේ නැහැ.

කෙසේ නමුත් ඔබ අප රසවිදින්න මේ ගීතය දේශාංජලී මහත්මිය රචනා කළ සම්පූර්ණ ගීතය නම් නොවේ.

දේශාංජලී මහත්මිය ගීතය දිගින් වැඩි වූ නිසා ගීතය ලියන්නේ එක් කොලයක දෙපසකයි. නමුත් අවාසනාවකට ජගත් මහතා ගීතය පටිගත කිරීමේදී ඔහු ගීතය එක් කොලයක දෙපසෙහිම ලියා ඇති බව දකින්නේ නැහැ.

- මයුරපාද මිතුරෝ -

ගීතය ලියූ කොලයේ අනික් පිට ජගත් මහතා ඒ අවස්ථාවේ නොබැලූ නිසා ගීතයේ දේශාංජලී මහත්මිය රචනා කළ බෞද්ධ දර්ශනය ගීතයට ඇතුළත් වෙන්නේ නැහැ. ඒ අනුව ගීතය ඉතා කෙටි පද පේලියකින් නිර්මාණය වෙනවා. කෙසේ නමුත් ගීතයේ ජනප්‍රියත්වය වර්තමානයේත් කිසිදු වෙනසක් නම් සිදුවී නැහැ.

" ඔබේ සිනා ළඟ නෙත නැවතුනු දා
ඔබේ කතා ළඟ සිත නැවතුනු දා
ප්‍රේමය හැදින්නෙමි //
මේ ලෝ තලයේ //

කුමටද උපමා ඉතිහාසයේ උන්
ප්‍රේමවන්තයින්ගෙන් ..
කුමටද ආදරයේ පෙම් සැමරුම්
පෙම් පාරාදීසේ ..

ඉමක් කොනක් නැති ආකාසේ
තරු පායා එන සේමා ..
ඉමක් නිමක් නැත පෙම් හදවත් තුළ
පෙම් සිතුවිලි බෝමා

ඔබේ සිනා ළඟ ... "

ගායනය - ජගත් වික්‍රමසිංහ.
පද රචනය - දේශාංජලී වික්‍රමසිංහ.
සංගීතය - ජගත් වික්‍රමසිංහ.

ගීතය රසවිදින්න...

*******
මයුරපාද මිතුරෝ මෙම අඩවියෙහි පළවන ලිපි පිලිබඳ තොරතුරු ප්‍රථමයෙන් සහ ඉක්මනින් ලබාගැනීමට අපගේ නිල facebook පිටුව සමග එකතුවන්න


මෙම ලිපිය සම්බන්ධ ඔබගේ අදහස් පහතින් comment කරන්න.
තවත් කෙනෙකුට දකින්න share කරන්න.

මයුරපාද මිතුරෝ සමග එක්වූ ඔබට ස්තූතියි!.

Sunday, 20 August 2017

සංවේදී වැඩි නිසා ප්‍රචාරය තහනම් වූ සිංහල ගීතය.



1993 ජූනි 7 යනු ශ්‍රී ලාංකීය ගීත වංශ කතාවේ තවත් එක් විශිෂ්ඨ ගායකයෙකු උපත ලැබූ දිනයයි. ඔහු නමින් "නාරද ලිලනාග කල්දේරා දිසාසේකර" මහතායි. බොහෝ දෙනෙකු ඔහු හදුනාගත්තේ "නාරද දිසාසේකර" නමින්.

1954 වර්ශයේ ගුවන් විදුලියට ශබ්ද ඉංජිනේරුවෙකු ලෙස එක්වන ඔහු  1955 වසරේ ප්‍රථම වරට " තිලෝ තිලක සුගත පියා " ගීතය ගැයීමෙයි ගායන ලෝකයට ඔහු එකතු විය.

නාරද දිසාසේකර මහතා.

නාරද දිසාසේකර මහතා ගැයූ ගීත අතරි වඩාත් ජනයා අතර ජනප්‍රියතම වූයේ එච්මන් ජයසූරිය මහතා ලියු මුළු හදින් මම ඇයට පෙම් කොට හා ධර්මපි‍්‍රය ලොකුහේවා මහතා ලියු අනාගත පෙම් සිහින මැව්වෙමි ගීතයි.

මයුරපාද මිතුරෝ මෙම අඩවියෙහි අද දින ගීත ගැන කතාබහට තොරා ගත්තේ නාරද දිසාසේකර මහතා ගායනා කරන " මුළු හදින් මම ඇයට පෙම් කොට" ගීතයයි. වර්තමානයේ මෙතුමන්ගේ ගීත එතරම් අපට නෑසුනත් නාරද දිසාසේකර යනු සිංහල ගීත ඉතිහාසය උඩු යටිකුරු කල පුද්ගලයෙකි.


- මයුරපාද මිතුරෝ -

එඩ්මන් ජයසූරිය හෙවත් ආරියදාස එඩ්මන්ඩ් පෙරේරා ජයසූරිය මහතා අතින් ලියවෙන මේ ගීතය ඔහුගේ පෞද්ගලික අත්දැකීමක් හරහා ලියවුණු ගීතයක් ලෙස බොහෝ දෙනෙකු හදුන්වනු ලබනවා.

ඒ එතුමන් විසින් රචනා කළ ප්‍රථම සහ එකම ගීතයයි. ගීතය රචනා කර ඔහු එම ගීතය තම පාසල් මිතුරෙකු වූ ගුවන් විදුලියේ එකල සේවය කළ නාරද දිසාසේකර මහතාට ලබා දෙනවා.

ගුවන් විදුලියට ශබ්ද ඉංජිනේරුවෙකු ලෙස නාරද මහතා එකතු වූ නමුත් ඔහුගේ ගීත ගායනා කිරීමේ හැකියාව නිසා ඔහුට ගුවන් විදුලියේ සරල ගී වැඩසටහනකට ගීත තුනක් ගායනා කිරීමේ අවස්ථාව ලැබෙනවා. ඒ ගීත තුන අතරට " මුළු හදින් මම ඇයට පෙම් කොට " ගීයත් ඇතුළත්.




ගීතය ප්‍රෙක්ෂකයා අතර අතිශය ජනප්‍රිය සහ රසිකයාට යම් බලපෑමක් එක් කළ ගීතයක් විය. විරහ ගීතයක් වූ මේ ගීතය සිංහල ගීතයේ අතිශය සංවේදී ගීතයක් ලෙස ඉතිහාසය එක් වන්නේ ප්‍රේක්ෂකයාගේ සංවේදී ප්‍රතිචාර හේතුවෙන්.

                          - මයුරපාද මිතුරෝ -

එකල ගීතය ප්‍රේක්ෂකයන් අතර කොතරම් බලපෑමක් ඇති කරාද යන්නට උදාහරණයක් ලෙස එකල ගුවන් විදුලියේ බළධාරීන් හට ගීතය වසර කිහිපයක් ප්‍රචාරය තහනම් කිරීම පවා සිදුවීම දැක්විය හැකියි.

අංගොඩ මානසික රෝහලේ ප්‍රතිකාර ලැබූ බොහෝ රෝගීන් පවා හුදෙකලාවේ සිට මෙම ගීතය මුමුණන්නට පටන්ගත් බව එකල රෝහල් වෛද්‍ය වරුන් ප්‍රකාශ කර ඇත.

තවද, ගීතයෙහි ඇති බලපෑම හේතුවෙන් ප්‍රේම වියෝගය දරාගත නොහැකි වුනු පුද්ගලයෙකු තම රේඩියෝ එකට පොරෝ පාරක් එල්ල කර රේඩියෝව දෙපළු කළ බව "ඔබ්සවර් පුවත්පතේ 'Song Sends Man insane' යන ශීර්ෂපාඨය යටතේ පළවී ඇත.

මෙය නාරද දිසසේකරයන්ගේ ප්‍රකටම ගීතය වන අතර මේ නමින් නවකතාද පලවී තිබෙනවා. ඒවා නම් ගුණදාස ලියනගේ ලියු ‘මුළු හදින් මම ඇයට පෙම් කොට’ හා ධර්මපි‍්‍රය ලොකුහේවා ලියු ‘අනාගත පෙම් සිහින මැව්වෙමි’ නවකතායි.

                       - මයුරපාද මිතුරෝ -

70 දශකයේ වරක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පැවැත්වූ සංගීත ප්‍රසංගයකදී ශ්‍රාවකයන්ගේ ඉල්ලීම පරිදි මේ ගීතය 5 වතාවක් ගායනා කරන්න නාරද මහතා හට සිදුවී තිබෙනවා.

1967දී ගුවන් විදුලිය සංස්ථාවක් බවට පත්වීමේදී නාරද මහතාට සිදු වූ අසාධාරණයක් නිසාවෙන් ඔහු ඉන් ඉවත් වී "දවස" පුවත්පතට බැඳීය. ඔහු පසු කලෙක නාගරික සංවර්ධන හා පූජා භූමි සංවර්ධන අමාත්‍යංශයේ මාධ්‍ය සම්බන්ධීකරණ ලේකම්වරයා ලෙසින් ද ක්‍රියා කළේ ය.

එසේ කල් ගෙවූ ඔහු 2010 මැයි 19 දින වයස 76ක්ව තිබියදී මිය ගියා.

                          - මයුරපාද මිතුරෝ -

වර්තමාන පරපුර අතර නාරද දිසාසේකර මහතා එතරම් ජනප්‍රියත්වයක් නැතත් එතුමන්ගේ පුත්‍රයා එනම් සාරංග දිසාසේකර මහතා ගායකයෙකු සහ රංගන ශිල්පියෙකු ලෙස සමාජය අතර ජනප්‍රියව ඇත.

නාරද දිසාසේකර මහතාගේ පුත් සාරංග දිසාසේකර මහතා.

නාරද දිසාසේකර මහතාගේ බිරිඳ නිවේදිකාවක වූ තිලකා රණසිංහ මහත්මියයි.

මුළු හදින් මම ඇයට පෙම් කොට
අනාගත පෙම් සිහින මැව්වෙමි
මගේ සොඳුරිය වෙනත් කෙනෙකුට
අයිති වුණු හැටි බලා දුක් වෙමි .

නිසංසල තැනකට වෙලා
හඩන මගෙ ඇස් දෙක දෙස බලා
කියන්නකෝ දෙවියනේ
මේ දුක් කොහොම ඉන්නද ඉවසලා

මගේ අත ගෙන කනට ළං වී
අනෙ සුදු මම ආදරේ යැයි
කියන්නට සිතුනේ ඇයිද සුදු
නොසිතුවෙද මට දුක් ලැබේයැයි

නිදැල්ලේ තුරුලට වෙලා
රහස් එක එක කොඳුරලා
සිනාසුණු හැටි මතක් වෙනකොට
කොහොම ඉන්නද ඉවසලා

එදා රෑ ගං ඉවුර අසබඩ
සුපුන් සඳ පායන වෙලාවක
කතා කී හැටි මතක් වෙනකොට
දුක දැනෙයි පවතින අපායක

මෙහෙම ලෝකෙක ඉපදිලා
සිතෙහි අදහස් සුන් වෙලා
මා උපන්නේ දුක් විදින්නද
දුක් කඳුළු මැද තනිවෙලා

මුළු හදින් මම ...

ගායනය - නාරද දිසාසේකර
පද රචනය - එඩ්මන් ජයසූරිය
සංගීතය - කුලරත්න තෙන්නකෝන්

ගීතය රසවිදින්න....

*******
මයුරපාද මිතුරෝ මෙම අඩවියෙහි පළවන ලිපි පිලිබඳ තොරතුරු ප්‍රථමයෙන් සහ ඉක්මනින් ලබාගැනීමට අපගේ නිල facebook පිටුව සමග එකතුවන්න


මෙම ලිපිය සම්බන්ධ ඔබගේ අදහස් පහතින් comment කරන්න.
තවත් කෙනෙකුට දකින්න share කරන්න.

මයුරපාද මිතුරෝ සමග එක්වූ ඔබට ස්තූතියි!.

Sunday, 6 August 2017

චන්ද්‍ර මණ්ඩලේ සැතපුන පුංචි සාවියේ ගීතයේ අරුත දැනගන්න ලිපිය කියවන්න.




1949 දෙසැම්බර් 19 දින කොළඹදී  උපත ලැබූ පැට්රිකිරිගේ සුනිල් ජයප්‍රීති එදිරිසිංහ යනු සිංහල ගීත ඉතිහාසයේ බිහිවූ අති විශිෂ්ඨ ගායකයෙකු ලෙස කිසිදු තර්කයකින් තොරව අපට පිලිගත හැකි කරුණක්.

1970 වසරේ සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතා එනම් සුනිල් එදිරිසිංහ මහතාගේ සොහොයුරා අධ්‍යක්ෂණය කළ  " මාතර ආච්චි " චිත්‍රපටයට ගීත ගායනයෙන් ප්‍රථම වරට ගායකයෙකු ලෙස එක්වන සුනිල් එදිරිසිංහ මහතාගේ ජනප්‍රියත්වය අද වන විටත් කිසිදු වෙනසක් සිදුවී නොමැත.


- මයුරපාද මිතුරෝ -

සුනිල් එදිරිසිංහ මහතා පෞද්ගලිකවම මේ ලිපිය ලියන මාගේ ප්‍රියතම ගායකයෙක්, මයුරපාද මිතුරෝ හරහා සිංදු ගැන  කතාබහට තෝරාගත්තේ සුනිල් එදිරිසිංහ මහතා ගායනා කරන චංද්‍ර මංඩලේ සැතපුනු පුංචි සාවියේ කියන ගීතයයි.

------------------

රත්න ශ්‍රී විජේසිංහ මහතා අතින් ලියවුණු මේ ගීතය ආචාර්ය රෝහණ වීරසිංහ මහතාගේ සංගීතයෙන් රසවත් වෙනවා. මේ ගීතය සත්‍ය සිදුවීමක් නිසා ලියවුණු ගීතයක් කියලත් සමහරු කීවත් ඒ ගැන නම් හරියටම කියන්න මට හැකියාවක් නෑ.

පියෙකුගේ වියෝවක් තමයි මේ ගීතයෙන් කියවෙන්නේ. ඒ තමන්ගේ දුව හොර රහසේම කිසිදු අයුරකින් නොගැලපෙන පුද්ගලයෙකු එක්ක හොර රහසේම පැන යාම හේතුවෙන්.

චන්ද්‍ර මණ්ඩලේ සැතපුන පුංචි සාවියේ
මන්ද කියාපන් නොකියා හැංගිලා ගියේ


පියෙකුගේ වැඩි අවදානයක් වගේම වැඩි ආදරයක් ආරක්ෂාවක් ලැබෙන්නේ දියණියට. ඒ හේතුවෙන්ම  දියණියගේ මේ හිතුවක්කාර ක්‍රියාව ගැන ගොඩක් දුක් වෙනවා.

- මයුරපාද මිතුරෝ -

"දුවේ ඔයා මං ලඟ හරියට චන්ද්‍ර මංඩලයක ඉන්නවා වගේ හිටියේ. ඔයාට ඕන කරන හැම සැපතක්ම මම පුලුවන් උපරිමය දුන්නා. ඒත් ඇයි මේ වගේ මට නොකියාම යන්න ගියේ"

පාන නිවුන සේ පාළුයි ලැයිම් කාමරේ
මන්ද නුඹ ගියේ කියපන් පුංචි සාවියේ


ලයිම් කාමරේ කියද්දී අපිට හිතෙන්නේ ටකරන් වලින් වට වෙච්චි පුංචි තැනක ඉන්න පවුලක් තමයි මේ කියලා. මොකද අපි ලයිම කියලා කියන්නේ ඒ වගේ තැනකට. නමුත් මෙතනින් ඒ වගේ තැනක් ගැන නම් නෙමෙයි අදහස් වෙන්නේ.

පියෙකු දියණියට තමන්ට ලබාදිය හැකි දෙයිනුත් එහා ගිය දෙයක් දෙන්නට බලාපොරොත්තු වෙනවා. මෙතනිනුත් ඒ ව⁣ගේ දෙයක් අදහස් වෙනවා. මේ ගෙදර මේ ගෙදර පසුබිම මගේ දුවට මදි, කොච්චර වස්තු දේපල තිබුනත් පියා ඒක දැක්කේ දියණිය ඉන්නේ ලයිමක වගේ.

- මයුරපාද මිතුරෝ -

ලාබ රත්තරන් දිලිසෙන පාළු වීදියේ
ගෑණු ළමයි පියාඹලා ඉස්සරත් ගියේ


දියණියට වඩා හොද සමාජය ගැන අත්දැකීමක් පියෙකුට තියෙනවා. ඒ නිසයි සමාජයේ තම දියණියට සිදුවිය හැකි දේ පිළිබඳ පියෙකු වැඩි අවදානයෙන් ඉන්නේ. ඒ ගැන මේ පද පේලියෙන් අපිට තේරුම් ගන්න පුලුවන්.

දුවේ මම දන්නවා ඕවා ලාබ රත්තරන්. උබට ඔය තරුණයා කියපු පෙම් කතා , මවපු ලෝක ඕවා ඔක්කෝම බොරු. ඒ සුරංගනා ලෝකයත් විතරයි. දුව බලාපොරොත්තුවෙන සෙනෙහසක් නම් ඔතන නෑ.  මොකද මම දන්නවා, ඔය විදිහට රැවටුන පලවෙනි කෙනා ඔයා නෙමයි.

උන්ට සෙයිලමේ මග තොට පාර වැරදුණේ
අන්න ඒ නිසයි මට දුක රත්තරන් දුවේ


ඒ රැවටුන ළමයින්ගේ අද තත්වය ගැන මම හොදට දන්නවා දුවේ. ඒ දූවරු අද විදින දුක ගැන මම දන්නවා. ඒ දරුවන්ගේ දෙමාපියෝ අද කොච්චර දුක් වෙනවා ඇතිද.. මට බය මගේ දුවේ උබටත් ඒ ටිකම වෙයි කියලා..

- මයුරපාද මිතුරෝ -

මාල බැඳන් සුදු යකඩෙන් රෝස මල වනේ
මාල ගිරවු ගේ දොරකඩ සින්දු කිවු වෙලේ
හීනෙනුත් හිතුනෙ නෑ මට මොකද කාරණේ
පාර මතක නම් තාමත් ගේ ළඟයි දුවේ


මගේ දුව ගැන මට ලොකු විස්වාසයක් වගේම ආඩම්බරයක් තිබුනා. මම සමහර තරුණ ගැටව් ගැන පුංචි පුංචි සැක තිබුනත් මගේ දුව ගැන මට ලොකු විස්වාසයක් තිබුනා. මම හීනයතින් වත් හිතපු දෙයක් නෙමෙයි මේ වුනේ. මගේ රත්තරන් දුවේ මේ ගෙදර දොර උබට තාමත් ඇරලා මගේ දුවේ..

පදරචනය - රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ
ගායනය - සුනිල් එදිරිසිංහ

ගීතය රසවිදින්න...


සිංදු ගැන කතාබහට තවත් ගීතයකින් හමුවෙමු. 

*******
මයුරපාද මිතුරෝ මෙම අඩවියෙහි පළවන ලිපි පිලිබඳ තොරතුරු ප්‍රථමයෙන් සහ ඉක්මනින් ලබාගැනීමට අපගේ නිල facebook පිටුව සමග එකතුවන්න


මෙම ලිපිය සම්බන්ධ ඔබගේ අදහස් පහතින් comment කරන්න.
තවත් කෙනෙකුට දකින්න share කරන්න.

මයුරපාද මිතුරෝ සමග එක්වූ ඔබට ස්තූතියි!.

Monday, 31 July 2017

වන්නි වන පෙතේ ගීතය ලියවුණු ගීත රචකයාගේ සැබෑ ජීවිත අත්දැකීම.



බංඩාර ඇහැලියගොඩ මහතාගේ සැබෑ අත්දැකීමකට ලියවුණු ගීතයක් ගැනයි අද අපි කතා කරන්නට හදන්නේ, තරුණ පරපුරේ අයට නම් මේ ගීතය ගැන වැඩි අවබෝදයක් නැතිව ඇති නමුත් ඔබ සුනිල් එදිරිසිංහ මහතාගේ රසිකයෙක් නම් නිසැකවම මේ ගීතය ඔබට හුරු පුරුදු ගීතයක්.



බංඩාර ඇහැලියගොඩ මහතා.

බංඩාර ඇහැලියගොඩ මහතාගේ පියා ඔහු කියන හැටියට කොන්ඩේ බැදපු, අඹුඩ ගහපු ගොවියෙක්. ගොඩ ගොවිතැන් එහෙමත් කරපු බංඩාර ඇහැලියගොඩ මහතාගේ පියා කම්මැලි නැති ගැමියෙක්.

ඉතින් මේ ගමේ පුංචි ගෙදර මිරිස් , එළවළු , පලතුරු හොද හැටි අඩුවක් නැතිව වගා කරලා තිබුනා, කුඹුරෙන් වී ටික වගේම අනිත් අවශ්‍ය දේවල් වත්තෙන් ලැබුණු නිසාම කෑම බීමෙන් නම් කිසිම අඩුවක් තිබුනේ නෑ,

බංඩාර ඇහැලියගොඩ මහතා කියන විදිහට ඒ කාලේ කඩෙන් ගෙනාවොත් ගේන්නේ කරෝල කෑල්ලක් , සැමන් ටින් එකක් වගේ දේවල් කිහිපයක් විතරයි.

 - මයුරපාද මිතුරෝ -

කවදාවත් ගේ ඇතුළට වෙලා කෑම කාපු නැති බංඩාර මහතාගේ පියා ගෙදර ඉස්තෝප්පුවේ තිබුණු වැල් ඇදට වෙලා තමයි කෑම කෑවේ, ඒ කාලේ මේ ගෙදර මිදුලෙන් ගමේ මිනිස්සු එහා මෙහා යනවලු. පාරක් තිබුනක් මේ මිදුල මැදින් ගමන කෙටි නිසා ගම්මු පහසුවට මේ මිදුල භාවිතා කරාලු.

ඉතින් මේ එලියේ කෑම කන බංඩාර මහතාගේ පියා කෑම කන අතරතුර මේ මිදුල මැදින් යන අයටත් කන්න කතා කරනවා, ඒ නිසාම කෑමට අමුත්තන් දෙතුන් දෙනෙකුත් වැරදුනේම නැහැ. ඉතින් ගෙදර හැදුනු කෑම වේලත් ගෙදර පිරිසට අමතරව කවත් කිහිප දෙනෙකුට සෑහෙන්න පිළියෙළ වෙනවා.

කොහොම හරි මේ බංඩාර මහතාගේ පියා මියගිය පසු මලගෙදරටත් විශාල පිරිසක් එනවා, මලගෙදර ආපු ගොඩක් අය කියපු දෙයක් තමයි " ගමටම කන්න දීපු මනුස්සයා " කියලා.

                            - මයුරපාද මිතුරෝ -

මලගෙදර වැඩකටයුතු ඉවර උනාට පස්සේ මාලබේ තිබුනු බංඩාර මහතාගේ ගෙදරට එන්න බස් එකට ගොඩවුණු බංඩාර මහතාට මේ මලගෙදර ආපු පිරිස් තමන්ගේ තාත්තා ගැන කියපු දේවල් විටෙන් විටේ මතක් වෙනවා..

ඉතින් බංඩාර මහත්තයා කල්පනා කරනවා  මාසේ පඩියකට , කුලී ගෙදරක කොළඹට වෙලා ඉන්න හැටි, නිවසට අවශ්‍ය හැම දෙයක්ම ගන්න උනේ සල්ලි වලට ගන්න වෙන හැටි, මේ හැම දේකටම වියදම් කරාම මාසේ අන්තිමට ඉතිරි වෙන දෙයක් නෑ.

බංඩාර මහතා මේ තමාගේ වර්තමාන තත්වයයි තාත්තා ගමේ ගතකරපු තත්වයයි ගැන ගොඩක් හිතනවා. ගේ ඉස්සරහාට වෙලා පාරේ යන අයටත් කන්න දුන්නා තාත්තා, ඒත් කොළඹ ජීවිතයේදී ඒ දේවල් ඒ විදිහට කරන්න බංඩාර මහතාට හැකියාවක් නෑ. කෑම කන්නත් උනේ ගෙදර දොර ජනෙල් වගගෙන. මොකද ඒ තරමටම වියදම සැරයි.

ඉතින් මේ සිදුවීමට තමයි මේ වන්නි වන පෙතේ කියන ගීතය 1985/86 වගේ තමයි ලියවෙන්නේ. ඒ හටන් කවි ආකාරයටයි.

රෝහන වීරසිංහ මහතාගේ සංගීතය එකතු වෙච්චි මේ ගීතය සුනිල් එදිරිසිංහ මහතාගේ කටහඩින් පණ ලබනවා...

                            - මයුරපාද මිතුරෝ -

බංඩාර මහතාගේ ජීවිතයේ ඔහුගේ තාත්තා සහ ඔහුගේ ජීවිතය එක් කොට නිර්මාණය වූ මේ ගීතය වර්තමානටත් යම් ගැලපීමක් තියෙනවා...

වන්නි වන පෙතේ..
ගම් දනව් පුරා නිවහන වංක ගිරි වනේ..
වෙසතුරු සදිසි පියවරුන්..
අත් මුදුන් තබා බැතියෙන් වන්දනා කරම්..

කන්ට බෑ කියා - තනියම එන්ට යයි කියා
ගමටම බත් බුලත් - නිතර දන් දුන් පියවරුන් වෙතින්..
ජාත වී ඇතත් - පූරුවෙ කරන ලද පවක් පලදී
බින්න බැස හිදී නගරය අසල දූ පුතුන්..

වන්නි වන පෙතේ...

කල්ප කාලයක් - පරපුර දුන්නු දන් ඇතත් සිත තුල
මාසෙකට වරක් ලැබෙනුයෙ - සොච්චමක් බැවින්
කන්ට ගත් ගමන් බත් පත - කවුරුවත් එතැයි බිය වැද
දොර ජනෙල් වසා තනියම - බුදිති බෝ දුකින්..

වන්නි වන පෙතේ...


ගායනය : සුනිල් එදිරිසිංහ
පද රචනය : බණ්ඩාර ඇහැලියගොඩ
සංගීතය : රෝහණ වීරසිංහ

ගීතය රසවිදින්න පහතින්..


සිංදු ගැන කතාබහට තවත් ගීතයකින් හමුවෙමු. 

*******
මයුරපාද මිතුරෝ මෙම අඩවියෙහි පළවන ලිපි පිලිබඳ තොරතුරු ප්‍රථමයෙන් සහ ඉක්මනින් ලබාගැනීමට අපගේ නිල facebook පිටුව සමග එකතුවන්න
 ↪ මෙතනින්  ↩

මෙම ලිපිය සම්බන්ධ ඔබගේ අදහස් පහතින් comment කරන්න.
තවත් කෙනෙකුට දකින්න share කරන්න.

මයුරපාද මිතුරෝ සමග එක්වූ ඔබට ස්තූතියි!.

Thursday, 13 July 2017

කරුණාරත්න දිවුල්ගනේ මහතාගේ ගහක මල් පිපිලා ගීතයේ ගීතයේ තේරුම.




ඔයා වැඩියෙන්ම කැමති ගායකයා හෝ ගායිකාව කවුද ?. මම මෙහෙම ඇහුවොත් ඔයාලා ගොඩක් උත්තර දෙයි. ඔයා කැමතිම ගීත රචකයා හෝ රචිකාවිය කවුද?. මේ ප්‍රශ්නයට නම් ගොඩක් අයට උත්තර දෙන්න අමාරුයි. මොකද සිංදු ගැන දැනගත්තට ඒවා ඇහුවාට අපි ගොඩක් අය ඒ ගීතයේ කටහඩට වඩා එහා දෙයක් දැනගන්න , හොයන්න බලාපොරොත්තු වෙන්නේ නෑ.


මගෙන් කවුරු හරි වැඩියෙන්ම කැමති ගීත රචකයා , රචිකාවිය කවුද කියලා ඇහුවොත් මම නම් කියන්නේ ඒ "යමුනා මාලිනී" මහත්මිය කියලා. යමුනා මාලිනී මහත්මිය කියන්නේ කරුණාරත්න දිවුල්ගනේ මහතා වෙනුවෙන් බොහෝ ගීත රචනා කරපු රචිකාවියක්.

අද කතාබහට තොරාගත්තේ යමුනා මාලිනී මහත්මිය රචනා කරපු, කරුණාරත්න දිවුල්ගනේ මහතා ගායනා කරන, ගුනදාස කපුගේ මහතාගේ සංගීතයෙන් නිර්මාණය වූ ගහක මල් පිපිලා කියන ගීතය.

- මයුරපාද මිතුරෝ -

මේ ගීතය රචනය සදහා  සම්පූර්ණයෙන්ම ස්වභාව ධර්මය හරි අපූරුවට උපමා ලෙස යොදා ගෙන තිබෙනවා. මේ ගීතය ප්‍රේම ගීතයක්, නමුත් ගීතය තුළ කතාව නම් සම්මතයට පටහැනි දෙයක්.

" ගහක මල් පිපිලා පිපෙන්නේ
ඇයිද නොදන්නෙමී
හිතක මල් පිපිලා පිපෙන්නේ
ඇයිද නොදන්නෙමී
නුඹට සිත බැඳුනේ කිමැයි මා
තවම නොදන්නෙමි
නුඹට සිත බැදි කාරණේ මා
තවම සොයන්නෙමී "


පෙර කී ලෙසම ගීතය පරිසර වර්ණනා එකතු කරමින් යමුනා මාලිනී මහත්මිය හරි අපූරුවට රචනා කරලා තියෙනවා. ගීතයේ පලවෙනි පද පේලියෙන් කියවෙන විදිහට ගීතයේ සදහන් කරන පුද්ගලයා ප්‍රේම කරනවා. නමුත් ඔහුට ඒ ප්‍රේම කීරීමට හේතුව නම් හරිහැටි පැහැදිලි නෑ.

කතරෙ වැලි කැට හිරුට පෙම්බැද
ඇතත් ලෝ දහමින්
සොදුරු වැස්සට දැවෙන කතරත්
ආදරෙයි පණමෙන්
ලොවට නොපෙනෙන අරුම සෙනෙහස
ඒ වගෙයි මනරම්
කරනුබැරි තහනම්


ලෝක ධර්මයට අනුව නම් කාන්තාරයේ වැලි ආදරය කරන්නේ ඉරට වෙන්න ඇති. ඒත් ඒ පිච්චෙන , පිරිරෙන වැලි කැට කාන්තාරයට වැටෙන වැස්සකට ආදරය කරන්න බැරිද?. මම හිතනවා හැමදාම වැටෙන ඉරෙන් පිච්චි පිචිවී තියෙන වැලි කැට කවදා හෝ දවසක ඒ කාන්තාරයට වැටෙන වැස්සකට පණ වගේ ආදරය කරයි කියලා. ගොඩක් අයට මේ දේ තේරෙන්නේ නෑ. ඒ ඇයි මම දන්නෑ. නමුත් මගේ හිතේ ඔබට තියෙන ප්‍රේමයත් අන්න ඒ වගේ , හරිම විරල දෙයක්. ඒත් කාටවත් තහනම් කරන්න බෑ.

- මයුරපාද මිතුරෝ -

ගීතයේ මේ කොටසින් කියවෙන පරිදි  අසම්මත ප්‍රේමයක ඉගි අපට දෙනවා. සරලව කියනවා නම් කාන්තාවක් තවත් කාන්තාවකට හෝ පිරිමියෙකු තවත් පිරිමි පුද්ගලයෙකුට කරන ප්‍රේමයක් සම්බන්ධව පරිසර උපමා සහිතව අපට පහදා දෙනවා.

සදට සදහට සෙනෙහෙ පෑමුත්
උදුල තරු කැටයම්
හිරුටපෙම් බැදි එකම තරුවක්
සිටිය නොහැකිද යම්


අර අසම්මත සම්බන්ධය පිළිබඳ අපට දීපු ඉගි මෙතනදී තහවුරු කරනවා. රාත්‍රියේ පායන තරු හරිනම් ආදරය කර යුත්තේ රාත්‍රියේ පායන හදටයි, නමුත් ඔය අහසේ එක තරුවක් හරි නැතිව ඇතිද දවාලට පායන හදට පෙම් කරන.. එහෙම වෙන්න පුලුවන් නේද?.

නුඹට නොහැගෙන මගේ ප්‍රේමය
ඒ වගේ මනරම්
පුදුමවෙයි නුඹ නම්


අපට තේරෙන විදිහට නම් තවමත් ගීතයෙන් කියවෙන තැනැත්තා තමන්ගේ මේ අසම්මත ප්‍ර්මය ප්‍රකාශ කරලා නෑ. ඒ ප්‍රකාශ කිරීමට යම් බියක් දක්වන නිසා විය හැකියි. ⁣මොකද මෙය සම්මතයට පටහැනි අසම්මත දෙයක් නිසා. ඉතින් මේ ප්‍රේමය ප්‍රකාශ කිරීමෙන් අදාල පුද්ගලයා පුදුමයට පත්වීම සාමාන්‍ය දෙයක්. ඉතින් මේ ගීතයේ කියවෙන චරිතයත් යම් පසුබෑමකට ලක්වෙනවා මේ අසම්මත ප්‍රේමය ප්‍රකාශ කිරීමට. නමුත් ඔහු හිතින් බොහෝසේ ප්‍රේම කරනවා.

- මයුරපාද මිතුරෝ -

බොහේ දෙනෙකු කියන විදිහට ලංකාවේ පලවෙනි වරට අසම්මත ප්‍රේමය පිළිබඳ ලියවුණු ගීතය මේ ගීතය කියලා අපට හදුන්වන්න පුලුවන්. නමුත් ඇතැම් පිරිස් මේ ගීතයේ නිවරදි තේරුම මේක නෙවෙයි කියලා තර්ක කරන අවස්ථද නැතුවාම නොවෙයි. ඒ වගේම ගීතය වෙනුවෙන් නිර්මාණය වූ රූප රචනයේද එවන් අසම්මතයක් සම්බන්ධ දර්ශන ඇතුළත් වී නැහැ. ( ඒ වීඩියෝ එක පහලින් බලන්න පුලුවන් )

එක්තරා ගීත විචාරකයෙකු ඔහුගේ වැඩසටහනකදී කියා සිටියේ මේ ගීතය අප පෙර කී අසම්මතයට සම්බන්ධ ගීතයක් බවයි.

ඒ කෙසේ නමුත් අප ප්‍රවීණයන් ලෙස පිළිගත හැකි රචකයන් හෝ රචිකාවියන්ගේ නිර්මාණය පිළිබඳ සුළුවෙන් හෝ යම් අධ්‍යනයක් කළ යුතුය යන්න මේ ගීත වලින් අපිට පහදලා දෙනවා.

ගීතයෙන් කියවෙන දෙයට වඩා බොහෝ එහා ගිය දෙයක් ඇති ගීත බොහෝමයක් සිංහල ගීත තුළ පැවතියත් , ගීතය හදවතින්ම රසවිදින්න අපි ඒ ගීතයේ නිවරදි අරුත හෝ ගීත රචනයේ දී සිදුවූ රසවත් සිදුවීම් පිළිබඳ නිසි අවදානයක් නොදැක්වීම කනගාටුවට කරුණක්.

සිංහල ගීත ගැන විචාරාත්මකව සහ ගවේෂණාත්මකව තොරතුරු සොයා බලන්ට කැමති ඔබ වෙනුවෙන් ඉදිරියටත් අප " මයුරපාද මිතුරෝ " හරහා ලිපි ඔබට ලබාදෙන්න සූදානම්. ඉදිරියටත් රැදීසිටින්න අපත් සමග.

යමුනා මාලිනී පෙරේරා මහත්මිය

කරුණාරත්න දිවුල්ගනේ මහතා

ගුණදාස කපුගේ මහතා 

ගීතය රසවිදින්න 

*******
මයුරපාද මිතුරෝ මෙම අඩවියෙහි පළවන ලිපි පිලිබඳ තොරතුරු ප්‍රථමයෙන් සහ ඉක්මනින් ලබාගැනීමට අපගේ නිල facebook පිටුව සමග එකතුවන්න
 ↪ මෙතනින්  ↩

මෙම ලිපිය සම්බන්ධ ඔබගේ අදහස් පහතින් comment කරන්න.
තවත් කෙනෙකුට දකින්න share කරන්න.

මයුරපාද මිතුරෝ සමග එක්වූ ඔබට ස්තූතියි!.