Music Player

Sunday 17 September 2017

ගිනි මලක් පිපුණාය දොරකඩ වරක් නොව තව වතාවක් ගීතය ලියවුණු හැටි



අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකර මහතාගේ සහෝදරයෙකුවන ගායන ශිල්පී කිත්සිරි ජයසේකර මහතා ගායනා කරන ගීත තරමක් වෙනස් විදිහේ ගීත. එතුමාගේ ගීත වැඩිපුර අපිට අහන්න ලැබුණේ නැතත් ගීත ජනප්‍රියත්වයේ අඩුවක් තියෙනවා කියලා නම් අපිට කියන්න බැහැ.


දයාසිරි ජයසේකර මහතා සහ කිත්සිරි ජයසේකර මහතා.


"කැමිලියා මල් සුවඳට 
සඳ කෙමි මත පා තිය තිය
මගේ කුටියේ කවුළු දොරින් 
නිදි බින්ද දෑස ඒ ඔබමද 
සින්ඩරෙල්ලා "

* "සඳකත් පිණි දිය කඩා හැලෙනවා
දැව මුවා කුළුණු හිස පහන් නිවෙනවා
මං එනතුරු අද්දර අල්තාරේ
ඉන්නවද බලා
අමීෂා අමීෂා අමීෂා"


පේනවානේ..... කිත්සිරි මහත්තයාගේ ගීත ටිකක් අමුතුයි , වෙනස්. ඉතින් එතුමා ගායනා කරන ගීත අතරින් අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ගීතය ගැනයි.

 - මයුරපාද මිතුරෝ -

" ගිනි මලක් පිපුණාය දොරකඩ
වරක් නොව තව වතාවක්
සඳක් සේ දිළිසුණා පුරපස
පිපුණි දොරකඩ රන් මලක් ... "

විශ්වවිද්‍යාලයේදී ලැබුණු අත්දැකීම් ගැන ලියවුණු ගීත ඕන තරම් අපි අහලා තියෙනවා. මේ ගීතයත් ඒ විදිහට විශ්වවිද්‍යාල අත්දැකීමකට ලියවුණු ගීතයක්.

ඒ වගේම ගීත ඉතිහාසයේ මේ ගීතය රචනය පැත්තෙන් විශේෂ ගීතයක්, ඒකට හේතුව තමයි මේ ගීතය රචකයන් දෙදෙනෙකු එකතුවෙලා තමයි ලියලා තියෙන්නේ, ඒ ධම්ම දිසානායක සහ කීර්ති ආරියදාස මහත්වරුන් දෙදෙනා විසින්. ( මේ දෙන්නාම විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන් ) මීට කලින් අහලා තිබුනද දෙන්නෙක් ලියපු සිංදුවක් ගැන. මේ එ් විදිහට විශේෂ ගීතයක්.

රචකයන් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හදාරන කාලයේ ලබපු සත්‍ය අත්දැකීමක් ගීතය ලියවෙන්නට හේතු වෙලා තියෙනවා.

ඒ කාලේ මේ දෙන්නම ඉඳලා තියෙන්නෙ එකම බෝඩිමක. දවසක් මේ බෝඩිමට ගෑණු ළමයෙක් එනවා යම් කිසි පණිවිඩයකට. ඇය ප්‍රියමනාප ලස්සන තරුණියක්,

- මයුරපාද මිතුරෝ -

කොහොම හරි මේ තරුණිය  ඇවිත් ගියාට පස්සෙත් දෙන්නාම ඇය ගැනම කතා කරන්න ගන්නවා.

ඉතින් මේ ඇවිත් ගියපු තරුණිය ගැන දෙන්නා කතා කර කර ඉන්නකොට අහම්බෙන් වගේ ඇය අයෙත් ඔවුන්ගේ බෝඩිමට එනවා.

ඒ විදිහට දෙපාරක්ම තමන් ඉදිරියේ පෙනී හිටපු මේ තරුණිය ගැන ඔහුන්ට දැනුන සිතුවිලි දෙදෙනාම එකතුවෙලා ගීතයක් බවට පත් කරනවා.

ගීතය රස විදින්න කලින් මේ ගී පද ටික කියවලා ඉන්න. එතකොට හොදට තේරුම් ගන්න පුලුවන් වෙයි, ඒ ලබපු අත්දැකීම.

ගිනි මලක් පිපුණාය දොරකඩ
වරක් නොව තව වතාවක්
සඳක් සේ දිළිසුණා පුරපස
පිපුණි දොරකඩ රන් මලක් ... //

මදහසක් දිලිසීය මුව අග
නිමේෂයකට කඩ ඉමක් ඇර
නමුදු ඒ හස කඩා කඩඉම්
ගෙනගියා අප අනන්තය වෙත

ගිනි මලක් ...

දුටිමු අප ඇගෙ ඇසිපියන් යට
දෙසිත් කැළඹූ නිල් උපුල් යුග
දැවි දැවී සැනසුනා අප සිත්
තැබී ඈ තව පියවරක් දුර

ගිනි මලක් ...

කිත්සිරි ජයසේකර මහතාගේ පවුලේ චායාරූපයක්. (මෙතුමාගේ බිරිද කොළඹ විශ්වවිද්‍යලයේ කථිකාචාර්ය වරියක්. ඇය නමින් උපේඛා ගංගොඩවිල )

--------

ගීතය රසවිදින්න...



ඉදිරියටත් අපි මේ වගේ ගීත ගැන රසවත් තොරතුරු පිළිබඳ කතා බහ කරන්න සූදානම් අඩවියේ ඉදිරි ලිපි පිලිබඳ තොරතුරු ලබාගන්න මයුරපාද මිතුරෝ facebook පිටුවට එකතුවන්න අමතක කරන්න එපා.....

*******
මයුරපාද මිතුරෝ මෙම අඩවියෙහි පළවන ලිපි පිලිබඳ තොරතුරු ප්‍රථමයෙන් සහ ඉක්මනින් ලබාගැනීමට අපගේ නිල facebook පිටුව සමග එකතුවන්න


මෙම ලිපිය සම්බන්ධ ඔබගේ අදහස් පහතින් comment කරන්න.
තවත් කෙනෙකුට දකින්න share කරන්න.

මයුරපාද මිතුරෝ සමග එක්වූ ඔබට ස්තූතියි!.

0 comments:

Post a Comment