Music Player

Sunday 15 October 2017

සිහිනයට තරම් තටු නෑ මට නම් ගීතය ලියවුණු රචිකාවියගේ ජීවන අත්දැකීම.



ආයුබෝවන්,

පසුගිය සති කිහිපය තුළ ගීත පිළිබඳ කතා කරන්නට අපිට අවස්ථාව ලැබුණේ නැහැ. ඒ හේතුවෙන්ම අද දවසේ තරුණ පරපුරේ ජනප්‍රිය ගීතයක් ගැන කතා කරන්නට තීරනය කරා.

මේ වෙනකොට මයුරපාද මිතුරෝ මෙම අඩවිය හරහා අපි ගීත තිහකට(30) වැඩි ප්‍රමාණයක් පිළිබඳ කතා බහ කරලා තියෙනවා. ඉතින් කලින් කතා කරපු ගීත පිළිබඳ ලිපි හරහා මම සදහන් කරා මගේ ප්‍රියතම ගීත රචිකාවිය " යමුනා මාලිනී පෙරේරා " මහත්මිය බව. ඔබ කරුනාරත්න දිවුල්ගනේ මහතාගේ රසිකයෙකු නම් ඔබ ඔහුගේ රසවිදින්න බොහෝ ගීත ලියවුණේ ඇයගේ අතින්.

යමුනා මාලිනී පෙරේරා මහත්මිය.

යමුනා මාලිනී මහත්මිය යනු දැනට අප අතර සිටින ප්‍රවීණතම ගීත රචිකාවියයි. ඇය ගීත මෙන්ම නවකතා  සහ කවි රචනයෙන් ජනප්‍රිය චරිතයකි.

යොවුන් පරපුරේ ගායන ශිල්පී 'කසුන් කල්හාර' සහ යමුනා මාලිනී මහත්මියගේ දියණිය 'ප්‍රතිභා ප්‍රභා' විසින් ගායනා කරන " සිහිනයට තරම් " ගීතයයි අද දවසේ සිංදු ගැන කතා කරන්නට තෝරා ගත්තේ.


- මයුරපාද මිතුරෝ -

ගීතය පිළිබඳ කතා කරන්නට වැඩි යමක් නැතත් ගීතය ලියවෙන්නේ යමුනා මාලිනී මහත්මියගේ ජීවිතයේ සොදුරු මතක සටහනකට අනුවයි.

යමුනා මාලිනී මහත්මියගේ සැමියා සේනක මහතා
යමුනා මහත්මිය සමඟ සම්බන්ධයට යෝජනා කර පසුව යමුනා මහත්මිය තමන්ගේ කැමැත්ත ප්‍රකාශ කළ අවස්ථාවේ සේනක මහතා යමුනා මහත්මියට " මට දැන් පුලුවන් ඔයාව අරන් අහසේ පියාබන්න " ලෙස පැවසුවාලු.

"සිහිනයට තරම් තටු නෑ මට නම්
පියබන්න අරන් නුඹ අහසේ..."

එදා ඒ සිදුවීම පිළිබඳ යමුනා මහත්මියගේ සිතෙහි තිබූ මතකයන් එක් කර තමයි ඇය දියනිය වෙනුවෙන් ලියූ මේ ගීතය රසවත් කරන්නේ. ගීතය පටිගත වෙන්නේ කොහුවල ප්‍රදේශයේදී.


- මයුරපාද මිතුරෝ -

යමුනා මාලිනී මහත්මියගේ රචනයෙන් කසුන් කල්හාර මහතාගේ සංගීතයෙන් සහ කසුන් කල්හාර , ප්‍රතිභා ප්‍රභා දෙපලගේ ගායනයෙන් ජීවය ලැබුණු  මේ ගීතය යමුනා මහත්මියගේ සියලු ගීත මෙන්ම රසික රසිකාවියන් ආදරයෙන් වැදගත් ගීතයක් බවට පත්වුණා.


"සිහිනයට තරම් තටු නෑ මට නම්
පියබන්න අරන් නුබ අහසේ
ආදරය තරමි සියුමැලි මනරම්
සිහිනයක් තියේවිද ලෝකේ

කදු හිස් මුදුන් කර
තරු ලකුනු වැටෙනා අතර
සිත නුබම සොයා
වලා බැම්මෙන් ඉගිල යයි
ලොව නිදනා අතර

සයුරක් වී වැතිර
නුබ සරලි නගනා අතර
කිරි සිනා ගඟත් මියුරු
ලොකෙන් අරං යයි
ඉන්නවාද ඇහැර

සිහිනයට තරම් තටු නෑ මට නම්...

කදුලක් ලගට දුර
තව දුරස් කලේ නුබය
වැහි ඇල්ලක් වගේ
සොදුරු සිහිලක් ගෙනා මට
ජීවිතයේ කතර

සෙනෙහස් සිහින මල්
හැම සැබෑ කෙරූ සසර
නුබ සදකි
රවන් කුමුදු යායක් 
පුබුදු කර මා හද කල සුවද

සිහිනයට තරම් තටු නෑ මට නම්..."


කසුන් කල්හාර මහතා 

ප්‍රතිභා ප්‍රභා මහත්මිය 

රචනය - යමුනා මාලිනී පෙරේරා මහත්මිය .
සංගීතය - කසුන් කල්හාර මහතා.
ගායනය - කසුන් කල්හාර මහතා සමගින් ප්‍රතිභා                        ප්‍රභා මහත්මිය.

මෙවන් ගී පිළිබඳ රසවත් තොරතුරු මෙම අඩවිය හරහා අපි ඉදිරියටත් ඔබට ලබා දෙන්නට සූදානම්. එය ඔබගේ රසාස්වාදයට මෙන්ම දැනුමටද රුකුලක් වේවි. ....

ගීතය රසවිදින්න.


*******
මයුරපාද මිතුරෝ මෙම අඩවියෙහි පළවන ලිපි පිලිබඳ තොරතුරු ප්‍රථමයෙන් සහ ඉක්මනින් ලබාගැනීමට අපගේ නිල facebook පිටුව සමග එකතුවන්න


මෙම ලිපිය සම්බන්ධ ඔබගේ අදහස් පහතින් comment කරන්න.
තවත් කෙනෙකුට දකින්න share කරන්න.

මයුරපාද මිතුරෝ සමග එක්වූ ඔබට ස්තූතියි!.

0 comments:

Post a Comment