Music Player

Friday 9 December 2016

ලීඩි ගිටාර් ගහලා රට හොල්ලන මයුරපාදේ අපේ ආදි සිසුවා. තොරතුරු දැනගන්න ලිපිය කියවන්න




අපේ සමහර ආදි සිසුන් ලංකාවේ සහ ලෝකේ ගොඩක් ජනප්‍රිය සහ ඉහල තැන්වල ඉන්නවා. නමුත් ගොඩක් කට්ටිය ඒ මයුරපාදයේ ආදි සිසුවෙක් කියලා දන්නේ නෑ. කිසිම තැනක එයාලා ගැන කතා කරලා හරි ඇගයීමක් කරලා හරි තියෙනවාත් හරිම අඩුයි. ඉතින් ඒකට පිලියමක් විදිහට අපි මයුරපාද මිතුරෝ හරහා ඒ වගේ ආදි සිසුන් ගැන කතාකරන්න හිතුවා.



අපි මුලින්ම තෝරාගත්තේ ගායකයෙක් වගේම ජනප්‍රිය වාදකයෙක්. හරියටම කියනවානම් ලංකාවේ බිහිවූ අංක එකේ ගිටාර් වාදකයෙක්. ඒ තමයි ශාන් නීරෝ.
•ඔහු මයුරපාද මිතුරෝ එක්ක කතාබහට එකතු උණේ මේ විදිහට•


________________________________________________

* මොකක්ද ඇත්තම නම?

නිරෝශන් දයාවංශ.

* තාම සංගීත කංඩායමක ඉන්නවාද ?

දැනට නම් නැහැ. ටික කාලෙකට ලංකාවෙන් පිට ඉන්නේ. පොඩි කාලෙකට ලංකාවට ආවා.

* මයුරපාදේ මොන අවුරුද්දේ කංඩායමේ ද?

මම 2002 O/L කංඩායමේ.

* මයුරපාදේ සංගීතය ඉගෙන ගත්තද?

ඔව්. මම සංගීතය විෂයක් විදිහට කරා.

* කවුද උගන්වපු ගුරුවරු?

චාන්දනී මැඩම් , රම්‍යා මැඩම් , උදේනි මැඩම්.

* මොකක්ද මුල්ම සංගීත කංඩායම ?

මුලින්ම seapl කියලා උතුවන්කන්දේ සංගීත කංඩායමක්.
 

 * ඊට පස්සේ ?

ගොඩක් සංගීත කංඩායමේවල හිටියා හැබැයි ගොඩක් ජනප්‍රිය උණේ දම්ත් අසංක‍ගේ සංතෝෂා කංඩායමේන්. 2008 සිරස TV අහන්න ආසයි ගයන්න වැඩසටහනේ සංගීතය සැපයුවේ ඒ කංඩායම. ඒ වැඩසටහනේ පලවෙනි සම්මුඛ පරීක්ෂණ කරේ මම.

ඊට පස්සේ මාවනැල්ල ෂා කංඩායමේ හිටියා. පස්සේ තුෂාර සුභසිංහගේ OXYGEN කංඩායමේ. අන්තිමට LIYARA කංඩායමේ..

* කංඩායමක් විදිහට වැඩියෙන්ම ජනප්‍රිය උණේ කොයි සංගීත කංඩායම ද?

ගොඩක් ජනප්‍රිය උණේ තුෂාර සුභසිංහ ගේ OXYGEN කංඩායම. ඒ කංඩායමේ දැන් රිදම් ගිටාර් ගහන්නේ මයුරපාදේ ආදි කොල්ලෙක් එයාගේ නම ශාමන් ප්‍රබෝද්.            
Oxygen  සංගීත කංඩායම එදා 
 

* ගීත කීයක් කරලා තියෙනවා ද?

දැනට 5ක් කරලා තියෙනවා. ඒකෙන් 4ක්ම වේග රිද්ම ගීත.
 චංගුමී මගේ පලවෙනි සිංදුව.

•මේ මගේ නෝනා
•අනේ යෝදියේ
•ත්‍රී වීල් (reggae)
•නිදා වැටුනු නෙතු (love song)

මේ සිංදු ඔක්කෝම ලියුවේ මම.

 * හදපු ගිටාර් එකක් වාදන කරන වීඩියෝ එකක් ගොඩක් ජනප්‍රිය උනා නේද? ඒ ගැනත් කියමු.

ඒ ගිටාර් එක හැදුවේ මිනුවන්ගොඩ දේවාලේපොල මගේ යාළුවෙක්ගේ මහප්පා කෙනෙක්. එයා මේසන් බාස් කෙනෙක්.

හදාගත්තු ගිටාර් එක. මේ වීඩියෝ එක ගොඩක් රූපවාහිනී නාලිකාවලත් ප්‍රචාරය උනා

**ඒ ගිටාර් වාදනයේ වීඩියෝ එක බලන්න **


* මයුරපාද මිතුරෝ ගැන මොකද හිතෙන්නේ?

ඇත්තටම මයුරපාද මිතුරෝ නිසා මම මගේ ගොඩක් පරණ යාළුවෝ හොයාගත්තා. Thanks ඒකට. ඉතින් මම හිතනවා අනිවාර්යයෙන් අනික් අයටත් ඔයාලා කරන මේ මයුරපාද මිතුරෝ ලොකු උදව්වක් වෙන්න ඇති. මම හිතන විදිහට මේක facebook page එක්කට එහා ගිය සේවයක්. ගොඩක් පිං ඔයාලට.

තව ගොඩක් පාසලේ බාහිර සංවිධාන වැඩවලට ගොඩක් ලොකු පිටුවහලක්.මේ වගේ දේවල් ඉදිරියටත් කරන්න ඔයාලට ශක්තිය ලැබෙන්න ඕන.

* අවසාන වශයෙන් මොකක්ද කියන්න තියෙන්නේ?

දවසකට message සෑහෙන්න එනවා මගෙන් සැප දුක අහලා.මම ස්තූති කරනවා ඒ හැමෝටම. ගොඩක් අයට reply කරන්න බැරි වෙන එකට මම සමාව ඉල්ලනවා.
_______________________________________________

මම ශාන් එක්ක කතාබහ ඒ විදිහට ඉවර කරා. අවසානයේ මම ඔහුට ස්තූතිය කරා අපිට සහය දුන්නට. ඒ වෙලාවේ මට බුදුසරණයි කියලා කීවා. අවුරුදු තුනක මයුරපාද මිතුරෝ ඉතිහාසයේ ප්‍රථම වතාවට තමයි මේ විදිහට තමන්ගේ ආගමට අනුව කෙනෙක් අපිට ආශිර්වාද කරේ.

කතාවක් අවසානයේ bye කියන සමාජයක ඔහුගේ ඒ ක්‍රියාව අපි අගය කරනවා. ඒ වගේම අපි ඔහුට සුභපතනවා දිගුගමනක් යන්න ලැබෙන්න කියලා

රහල් අල්විස් එක්ක 
Bypass සංගීත කංඩායම සමගින් TV1 නාලිකාවේ වැඩසටහනකට එක්වෙමින්.
.

••මේ වගේ තවත් මයුරපාදයන් ගැන අපි ඉදිරියටත් කතා කරමු. ඔබ දන්න මෙවන් මයුරපාදයන් ගැන තොරතුරු අපිට ලබාදෙන්න. නැතිනම් ඔබ විසින්ම ලිපියක් නිර්මාණය කර අපිට එවන්න••

••අප වෙත ලිපි, තොරතුරු , චායාරූප ලබාදීමට අපගේ facebook අඩවිය හෝ mayurapadamithuro@gmail.com අපගේ විද්යුත් ලිපිනය භාවිතා කරන්න••

ඔබගේ අදහස් comment කරන්න. තවත් කෙනෙකුට දකින්න share කරන්න අමතක කරන්න එපා.

0 comments:

Post a Comment