Music Player

Sunday 20 August 2017

සංවේදී වැඩි නිසා ප්‍රචාරය තහනම් වූ සිංහල ගීතය.



1993 ජූනි 7 යනු ශ්‍රී ලාංකීය ගීත වංශ කතාවේ තවත් එක් විශිෂ්ඨ ගායකයෙකු උපත ලැබූ දිනයයි. ඔහු නමින් "නාරද ලිලනාග කල්දේරා දිසාසේකර" මහතායි. බොහෝ දෙනෙකු ඔහු හදුනාගත්තේ "නාරද දිසාසේකර" නමින්.

1954 වර්ශයේ ගුවන් විදුලියට ශබ්ද ඉංජිනේරුවෙකු ලෙස එක්වන ඔහු  1955 වසරේ ප්‍රථම වරට " තිලෝ තිලක සුගත පියා " ගීතය ගැයීමෙයි ගායන ලෝකයට ඔහු එකතු විය.

නාරද දිසාසේකර මහතා.

නාරද දිසාසේකර මහතා ගැයූ ගීත අතරි වඩාත් ජනයා අතර ජනප්‍රියතම වූයේ එච්මන් ජයසූරිය මහතා ලියු මුළු හදින් මම ඇයට පෙම් කොට හා ධර්මපි‍්‍රය ලොකුහේවා මහතා ලියු අනාගත පෙම් සිහින මැව්වෙමි ගීතයි.

මයුරපාද මිතුරෝ මෙම අඩවියෙහි අද දින ගීත ගැන කතාබහට තොරා ගත්තේ නාරද දිසාසේකර මහතා ගායනා කරන " මුළු හදින් මම ඇයට පෙම් කොට" ගීතයයි. වර්තමානයේ මෙතුමන්ගේ ගීත එතරම් අපට නෑසුනත් නාරද දිසාසේකර යනු සිංහල ගීත ඉතිහාසය උඩු යටිකුරු කල පුද්ගලයෙකි.


- මයුරපාද මිතුරෝ -

එඩ්මන් ජයසූරිය හෙවත් ආරියදාස එඩ්මන්ඩ් පෙරේරා ජයසූරිය මහතා අතින් ලියවෙන මේ ගීතය ඔහුගේ පෞද්ගලික අත්දැකීමක් හරහා ලියවුණු ගීතයක් ලෙස බොහෝ දෙනෙකු හදුන්වනු ලබනවා.

ඒ එතුමන් විසින් රචනා කළ ප්‍රථම සහ එකම ගීතයයි. ගීතය රචනා කර ඔහු එම ගීතය තම පාසල් මිතුරෙකු වූ ගුවන් විදුලියේ එකල සේවය කළ නාරද දිසාසේකර මහතාට ලබා දෙනවා.

ගුවන් විදුලියට ශබ්ද ඉංජිනේරුවෙකු ලෙස නාරද මහතා එකතු වූ නමුත් ඔහුගේ ගීත ගායනා කිරීමේ හැකියාව නිසා ඔහුට ගුවන් විදුලියේ සරල ගී වැඩසටහනකට ගීත තුනක් ගායනා කිරීමේ අවස්ථාව ලැබෙනවා. ඒ ගීත තුන අතරට " මුළු හදින් මම ඇයට පෙම් කොට " ගීයත් ඇතුළත්.




ගීතය ප්‍රෙක්ෂකයා අතර අතිශය ජනප්‍රිය සහ රසිකයාට යම් බලපෑමක් එක් කළ ගීතයක් විය. විරහ ගීතයක් වූ මේ ගීතය සිංහල ගීතයේ අතිශය සංවේදී ගීතයක් ලෙස ඉතිහාසය එක් වන්නේ ප්‍රේක්ෂකයාගේ සංවේදී ප්‍රතිචාර හේතුවෙන්.

                          - මයුරපාද මිතුරෝ -

එකල ගීතය ප්‍රේක්ෂකයන් අතර කොතරම් බලපෑමක් ඇති කරාද යන්නට උදාහරණයක් ලෙස එකල ගුවන් විදුලියේ බළධාරීන් හට ගීතය වසර කිහිපයක් ප්‍රචාරය තහනම් කිරීම පවා සිදුවීම දැක්විය හැකියි.

අංගොඩ මානසික රෝහලේ ප්‍රතිකාර ලැබූ බොහෝ රෝගීන් පවා හුදෙකලාවේ සිට මෙම ගීතය මුමුණන්නට පටන්ගත් බව එකල රෝහල් වෛද්‍ය වරුන් ප්‍රකාශ කර ඇත.

තවද, ගීතයෙහි ඇති බලපෑම හේතුවෙන් ප්‍රේම වියෝගය දරාගත නොහැකි වුනු පුද්ගලයෙකු තම රේඩියෝ එකට පොරෝ පාරක් එල්ල කර රේඩියෝව දෙපළු කළ බව "ඔබ්සවර් පුවත්පතේ 'Song Sends Man insane' යන ශීර්ෂපාඨය යටතේ පළවී ඇත.

මෙය නාරද දිසසේකරයන්ගේ ප්‍රකටම ගීතය වන අතර මේ නමින් නවකතාද පලවී තිබෙනවා. ඒවා නම් ගුණදාස ලියනගේ ලියු ‘මුළු හදින් මම ඇයට පෙම් කොට’ හා ධර්මපි‍්‍රය ලොකුහේවා ලියු ‘අනාගත පෙම් සිහින මැව්වෙමි’ නවකතායි.

                       - මයුරපාද මිතුරෝ -

70 දශකයේ වරක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පැවැත්වූ සංගීත ප්‍රසංගයකදී ශ්‍රාවකයන්ගේ ඉල්ලීම පරිදි මේ ගීතය 5 වතාවක් ගායනා කරන්න නාරද මහතා හට සිදුවී තිබෙනවා.

1967දී ගුවන් විදුලිය සංස්ථාවක් බවට පත්වීමේදී නාරද මහතාට සිදු වූ අසාධාරණයක් නිසාවෙන් ඔහු ඉන් ඉවත් වී "දවස" පුවත්පතට බැඳීය. ඔහු පසු කලෙක නාගරික සංවර්ධන හා පූජා භූමි සංවර්ධන අමාත්‍යංශයේ මාධ්‍ය සම්බන්ධීකරණ ලේකම්වරයා ලෙසින් ද ක්‍රියා කළේ ය.

එසේ කල් ගෙවූ ඔහු 2010 මැයි 19 දින වයස 76ක්ව තිබියදී මිය ගියා.

                          - මයුරපාද මිතුරෝ -

වර්තමාන පරපුර අතර නාරද දිසාසේකර මහතා එතරම් ජනප්‍රියත්වයක් නැතත් එතුමන්ගේ පුත්‍රයා එනම් සාරංග දිසාසේකර මහතා ගායකයෙකු සහ රංගන ශිල්පියෙකු ලෙස සමාජය අතර ජනප්‍රියව ඇත.

නාරද දිසාසේකර මහතාගේ පුත් සාරංග දිසාසේකර මහතා.

නාරද දිසාසේකර මහතාගේ බිරිඳ නිවේදිකාවක වූ තිලකා රණසිංහ මහත්මියයි.

මුළු හදින් මම ඇයට පෙම් කොට
අනාගත පෙම් සිහින මැව්වෙමි
මගේ සොඳුරිය වෙනත් කෙනෙකුට
අයිති වුණු හැටි බලා දුක් වෙමි .

නිසංසල තැනකට වෙලා
හඩන මගෙ ඇස් දෙක දෙස බලා
කියන්නකෝ දෙවියනේ
මේ දුක් කොහොම ඉන්නද ඉවසලා

මගේ අත ගෙන කනට ළං වී
අනෙ සුදු මම ආදරේ යැයි
කියන්නට සිතුනේ ඇයිද සුදු
නොසිතුවෙද මට දුක් ලැබේයැයි

නිදැල්ලේ තුරුලට වෙලා
රහස් එක එක කොඳුරලා
සිනාසුණු හැටි මතක් වෙනකොට
කොහොම ඉන්නද ඉවසලා

එදා රෑ ගං ඉවුර අසබඩ
සුපුන් සඳ පායන වෙලාවක
කතා කී හැටි මතක් වෙනකොට
දුක දැනෙයි පවතින අපායක

මෙහෙම ලෝකෙක ඉපදිලා
සිතෙහි අදහස් සුන් වෙලා
මා උපන්නේ දුක් විදින්නද
දුක් කඳුළු මැද තනිවෙලා

මුළු හදින් මම ...

ගායනය - නාරද දිසාසේකර
පද රචනය - එඩ්මන් ජයසූරිය
සංගීතය - කුලරත්න තෙන්නකෝන්

ගීතය රසවිදින්න....

*******
මයුරපාද මිතුරෝ මෙම අඩවියෙහි පළවන ලිපි පිලිබඳ තොරතුරු ප්‍රථමයෙන් සහ ඉක්මනින් ලබාගැනීමට අපගේ නිල facebook පිටුව සමග එකතුවන්න


මෙම ලිපිය සම්බන්ධ ඔබගේ අදහස් පහතින් comment කරන්න.
තවත් කෙනෙකුට දකින්න share කරන්න.

මයුරපාද මිතුරෝ සමග එක්වූ ඔබට ස්තූතියි!.

0 comments:

Post a Comment