Music Player

Sunday 27 August 2017

ඔබේ සිනා ළඟ ගීතයට රචිකාවිය ඇතුළත් කළ බෞද්ධ දර්ශනයට මොකද උනේ?.



ආයුබෝවන් !
මයුරපාද මිතුරෝ කංඩායම ඔබව සාදරයෙන් පිලිගන්නවා...

සිංදු ගැන අපේ කතාබහට අදත් තෝරා ගත්තේ ඉතා ජනප්‍රිය ගීතයක් ඒ ජගත් වික්‍රමසිංහ මහතා ගායනා කරන " ඔබේ සිනා ළඟ " කියන ගීතයයි.

මයුරපාද මිතුරෝ හරහා කතාබහ කරන මේ සිංදු ගැන ලිපි එකතුව ඔබට අධ්‍යාපනික වශයෙන් සහ ඔබගේ රසාස්වාදයට ලොකු පිටුවහලක් වගේම ගීතයේ වෙනදාට වඩා ඔබට රසයක් එකතු වෙනවා නොඅනුමානයි.

ජගත් වික්‍රමසිංහ මහතා.

ගීතය ලියවෙන්නේ ජගත් වික්‍රමසිංහ මහතාගේ වැඩිමල් සොහොයුරිය අතින් ඒ ඇයගේ පෞද්ගලික අත්දැකීමකට අනුවයි. ඇය නමින් දේශාංජලී  වික්‍රමසිංහ මහත්මියයි.

- මයුරපාද මිතුරෝ -

ගීතයේ පද රචනා වෙන්නේ දේශාංජලී මහත්මිය 80 දශකයේ අග භාගයේ මොරටුව සරසවියේ ඉගෙනුම ලබන කාලයේ. සරසවියේදී ඇය ලැබූ ප්‍රේමණීය අත්දැකීමක් සම්බන්ධව ඇය පොතක ලියා තබනවා.

ගීතයේ මුල් කොටසේ කියවෙන පරිද්දෙන්ම කෙනෙක් තවත් කෙනෙකුට ආකර්ෂණය වන්නේ සිත්ගන්නාසුළු සිනහවෙන්, සහ කතාවෙන්. ඇය මෙම පද පෙළ ලියා තැබුවේ එවැනි දෙයක් තදින්ම සිතට දැනුණු මොහොතක.

මේ ආකාරයෙන් දේශාංජලී මහත්මිය අතින් ලියවෙන පද පේලිය පසු කාලයක අහම්බෙන් ඇගේ සොහොයුරාවන ජගත් වික්‍රමසිංහ මහතාට හමුවෙනවා.

ඔහු සොහොයුරියට යෝජනා කරනවා පොතෙහි ලියූ පද පේලිය හරහා ගීතයක් කරන්නට. පසුව ජගත් මහතා සුදුසු තනුවක් නිර්මාණය කරා.

- මයුරපාද මිතුරෝ -

අප අදහන බෞද්ධ දර්ශනයට අනුව ප්‍රේමය යනු දුකක්. බැදීම් හරහා දුකක් ලැබෙනවා සේම ප්‍රිය අයගෙන් වෙන්වීමද අපට දුකක්. දේශාංජලී මහත්මිය ගීතය හරහා බුදු දහමේ ප්‍රේමය පිළිබඳ දර්ශනයද ලියන්නට අමතක කරන්නේ නැහැ.

කෙසේ නමුත් ඔබ අප රසවිදින්න මේ ගීතය දේශාංජලී මහත්මිය රචනා කළ සම්පූර්ණ ගීතය නම් නොවේ.

දේශාංජලී මහත්මිය ගීතය දිගින් වැඩි වූ නිසා ගීතය ලියන්නේ එක් කොලයක දෙපසකයි. නමුත් අවාසනාවකට ජගත් මහතා ගීතය පටිගත කිරීමේදී ඔහු ගීතය එක් කොලයක දෙපසෙහිම ලියා ඇති බව දකින්නේ නැහැ.

- මයුරපාද මිතුරෝ -

ගීතය ලියූ කොලයේ අනික් පිට ජගත් මහතා ඒ අවස්ථාවේ නොබැලූ නිසා ගීතයේ දේශාංජලී මහත්මිය රචනා කළ බෞද්ධ දර්ශනය ගීතයට ඇතුළත් වෙන්නේ නැහැ. ඒ අනුව ගීතය ඉතා කෙටි පද පේලියකින් නිර්මාණය වෙනවා. කෙසේ නමුත් ගීතයේ ජනප්‍රියත්වය වර්තමානයේත් කිසිදු වෙනසක් නම් සිදුවී නැහැ.

" ඔබේ සිනා ළඟ නෙත නැවතුනු දා
ඔබේ කතා ළඟ සිත නැවතුනු දා
ප්‍රේමය හැදින්නෙමි //
මේ ලෝ තලයේ //

කුමටද උපමා ඉතිහාසයේ උන්
ප්‍රේමවන්තයින්ගෙන් ..
කුමටද ආදරයේ පෙම් සැමරුම්
පෙම් පාරාදීසේ ..

ඉමක් කොනක් නැති ආකාසේ
තරු පායා එන සේමා ..
ඉමක් නිමක් නැත පෙම් හදවත් තුළ
පෙම් සිතුවිලි බෝමා

ඔබේ සිනා ළඟ ... "

ගායනය - ජගත් වික්‍රමසිංහ.
පද රචනය - දේශාංජලී වික්‍රමසිංහ.
සංගීතය - ජගත් වික්‍රමසිංහ.

ගීතය රසවිදින්න...

*******
මයුරපාද මිතුරෝ මෙම අඩවියෙහි පළවන ලිපි පිලිබඳ තොරතුරු ප්‍රථමයෙන් සහ ඉක්මනින් ලබාගැනීමට අපගේ නිල facebook පිටුව සමග එකතුවන්න


මෙම ලිපිය සම්බන්ධ ඔබගේ අදහස් පහතින් comment කරන්න.
තවත් කෙනෙකුට දකින්න share කරන්න.

මයුරපාද මිතුරෝ සමග එක්වූ ඔබට ස්තූතියි!.

0 comments:

Post a Comment