Music Player

Wednesday 19 April 2017

අපි එගොඩ මෙගොඩ යන මාවනැල්ල ගඩොල් පාලමේ ඉතිහාසය



අද ලිපියෙන් කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ මාවනැල්ල ගඩොල් පාලම ගැන. කොළඹ නුවර පාරේ හැමදාම මගේ එහා මෙහා ගියපු ඔබට මේ ලිපිය වැදගත් වේවි කියලා අපි හිතනවා...


අද අප රටේ ප‍්‍රචලිතව පවතින නූතන පාලම් තාක්‍ෂණයේ මූලාරම්භය සිදුවී ඇත්තේ බි‍්‍රතාන්‍යය යුගයේදියි. විදේශියයන් අප රටට පැමිණෙන්නට ප‍්‍රථම අපට අපේම කියා පාලම් තාක්‍ෂණයක් තිබුණා. එහෙත් වැවිලි කර්මාන්තය පදනම් කරගත් බි‍්‍රතාන්‍යයන්ගේ ආර්ථිකය නඟා සිටුවන්නට නම් ක‍්‍රමවත් වූ මාර්ග පද්ධතියක් අවශ්‍ය වුණා. ඒ හා සමග ගිරි දුර්ග, ජල දුර්ග තරණයට පාලම් ඉදිකිරීම ද අත්‍යවශ්‍ය කාරණාවක් වුණා. ඒ අනුව බි‍්‍රතාන්‍යයන් සිය රටේ වූ පාලම් තාක්‍ෂණය මෙරටට හඳුන්වා දුන්නා.



 අපේ රටේ පාලම් ඉදිකිරීමේ කටයුතු රාජකීය ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ අධීක්‍ෂණය යටතේ සිදු කෙරුණු අතර ඒ සඳහා මේජර් තෝමස් ස්කිනර්, ලුතිනන් ජනරාල් ජෝන් ෆ‍්‍රසර්, කපිතාන් ගෝඩන්, කපිතාන් ඒ. බ‍්‍රව්න් සහ කපිතාන් ග‍්‍රැහැම් ප‍්‍රමුඛත්වය ගෙන කටයුතු කර තිබෙනවා.බි‍්‍රතාන්‍ය ජාතිකයන් විසින් මෙරට ඉදිකරන ලද පාලම් අතරින් මුල්ම පාලම් පහම ඉදිවුණේ කොළඹ – මහනුවර මහා මාර්ගයේයි.

😎 මයුරපාද මිතුරෝ 😎

උඩරට වතු නිෂ්පාදන කාර්යක්‍ෂම ලෙස කොළඹ වරාය කරා ප‍්‍රවාහනය කිරීමට අවශ්‍ය පසුබිම සකසා ගැනීම මෙහි ප‍්‍රධාන අරමුණ වුණා.මෙසේ ඉදිකරන ලද පැරණිම පාලම් අතරින් අද ඉතිරිව තිබෙන්නේ පාලම් දෙකක් පමණයි. එනම් පිළිමතලාව නානුඔය පාලම සහ මාවනැල්ල පාලමයි. මීට අමතරව දෙවැනිවරට ඉදිකරන ලද පේරාදෙණිය පාලමද දැනට ඉතිරිව ඇති තවත් පැරණි පාලමක් ලෙසින් හඳුන්වන්න පුළුවනි. බි‍්‍රතාන්‍ය ජාතිකයන් මෙරටට මුලින්ම හඳුන්වා දෙන ලද්දේ ගල් සහ ගඩොල් උපයෝගී කරගෙන ඉදිකෙරුණු ආරුක්කු පාලම්ය.

1822 දී නුවර පාරේ 59 වැනි සැතපුමේදී ශී‍්‍ර ලංකාවේ මුල්ම ආරුක්කු පාලම බිහිවුණා. ‘ගෝඩන් පාලම’ නම් වූ එම පාලම, කැප්ටන් ගෝඩන් විසින් සැලසුම් කරන ලද්දකි.දැනට නුවර පාරේ දැකිය හැකි පැරණිම (එමෙන්ම දැනට ඉතිරිව ඇති බි‍්‍රතාන්‍ය යුගයට අයත් පැරණිම) පාලම වන්නේ පිළිමලාව මහාමාර්ග කෞතුකාගාරය අසල ඇති නානුඔය පාලමයි. දැනට භාවිතයට නොගන්නා මෙම පාලම 1826 දී කැප්ටන් බ‍්‍රව්න් විසින් නිර්මාණය කරන ලද්දක්. මීටර් 8 ක් දිගැති ආරුක්කු තුනකින් සැදි මේ පාලමේ මුළු දිග මීටර් 28 ක් වෙනවා.

                     😎 මයුරපාද මිතුරෝ 😎


නානුඔය පාලම ඉදිකිරීමෙන් අනතුරුව ඉදිකරන ලද මාවනැල්ල පාලම ද, කැප්ටන් බ‍්‍රව්න්ගේම නිර්මාණයකි. මහඔය හරහා ඉදිකර ඇති මෙම පාලම, දැනට ලංකාවේ භාවිතයට ගැනෙන පැරණිම පාලමයි. දිගින් මීටර 70 ක් පමණ වන මෙම පාලම විශාල ප‍්‍රමාණයේ ආරුක්කු හතරකින් සමන්විතයි



ක්‍රි.ව1821 දී සර් එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරවරයාගේ සමයෙහි කොළඹ මහනුවර මාර්ගය නිර්මාණය කිරීමෙන් පසුව මා ඔය හරහා මෙම විශාල ආරක්කු සහිත දිගම හා විශාලතම ගඩොල් පාලම ඉදිවිය.මෙම ආරැක්කු පාලම කොලඹ මහනුවර මාර්ගයේ ඇති දිගම හා විශාලතම ගඩොල් පාලම වේ. ඒ නිසා මෙය පෞරාණික වස්තුවක් වශයෙන් ද ඵෙතිහාසික වශයෙන් ද ඉතා වැදගත් වේ.

                   😎 මයුරපාද මිතුරෝ 😎

ඉංග්‍රිසි වතුකාරයින්ගේ ගමන් බිමන්වලට ද ⁣බොහෝ ප්‍රවාහන කටයුතු සදහා ද අශ්ව කරත්ත භාවිත කරනු ලැබිණි. එම අශ්වයන් ගාල් කරන ලද අශ්ව ගාල පිහිටුවා තිබී ඇත්තේ ද මාවනැල්ල ඔය අද්දරය.

මාන නදිය අසල වූ කඩා කඳු ගැටය මත ඉංග්‍රිසීන්ගේ නවාතැන් සදහා තානායමක් ඉදිකර තිබුණි. එහි පසුකාලීනව මාවනැල්ල ජනතාවගේ පරිපාලනමය කටයුතු ඉටු කරන මාවනනැල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පිහිටුවා ඇත.


***********


තවත් කෙනෙකුට දකින්න share කරන්න .
ලිපිය සම්බන්ධ ඔබගේ අදහස් comment කරන්න.

තවත් මේ වගේ ලිපි බලන්න මයුරපාද මිතුරෝ facebook පිටුවට Like කරලා එකතු වෙන්න.

මයුරපාද මිතුරෝ සමග එක්වූ ඔබට ස්තූතියි!.

0 comments:

Post a Comment