Music Player

Tuesday 25 April 2017

ලංකාවේ දරුවෙකු පැහැරගෙන ගොස් ඝාතනය කළ ප්‍රථම සිදුවීම වූ සමන් කුමාර ඝාතනය.



අලුත් අවුරුද්දට පාසල් නිවාඩු දෙන දිනය වූයේ අප්‍රේල් 8 වැනිදායි. 14 හැවිරිදි සමන් කුමාර සිසුවා එදින උදේ පාසල් යන අතරතුර යම් කිසි පුද්ගලයකුගේ පැහැරගැනීමට ලක්විය. දින තුනකට පසුව සමන් කුමාරගේ මළ සිරුර මතුගම බෝපිටිය රබර් වතුයායේ කඳු මුදුනේ තිබී සොයා ගැනිණි.

මතුගම ධනවත් ව්‍යාපාරිකයකු ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටියේ තිලක නයන ස්ටෝර්ස් වෙළඳසල හිමි තිලකරත්න මහතාය. පිරිමි දරුවන් තිදෙනකු සහ දියණියන් දෙදෙනකුගෙන් සමන්විත එම පවුලේ බාල පුතා වූයේ සමන් කුමාරය.

1984 වර්ෂයේ දී මතුගම මධ්‍ය මහා විදුහලේ අධ්‍යාපනය හැදෑරු සමන් කුමාර අද ජීවත්ව සිටියා නම් වයස අවුරුදු 44ක පුද්ගලයෙකි. මවුපියන්ට පවුලට යෝධ ශක්තියක් වීමට සිටි දරුවෙ

                   😎 මයුරපාද මිතුරෝ 😎

එහෙත් අකාලයේ මේ දරුවාගේ ජීවිතය මිලිනව ගියේ මුදලට, ධනයට, කෑදර මනුෂ්‍ය වෙස්ගත් අමනුෂ්‍ය ම්ලේච්ඡ මිනිසකුගේ ක්‍රියා කලාපය නිසාය.

සමන්ගේ පියාගේ ව්‍යාපාරික ස්ථානය මතුගම නගරයේ පිහිටා තිබිණි. පියා මෙන් ම වැඩිමල් දරුවෝ ව්‍යාපාරික කටයුතුවල නිරත වූ අය වෙති. එම පවුලේ වැඩිමහල් පුතුගේ හිතවත් තරුණයෙක් විය.

ඔහු නමින් ධර්මසිරිය. ධර්මසිරි එම පවුලේ තවත් දරුවකු තරමට පවුලට සමීපව සිටි අයෙකි. මතුගම නගරයට ආසන්නයේ කුඩා වෙළඳසැලක් පවත්වාගෙන ගිය ධර්මසිරි ඊට අවශ්‍ය බඩු බාහිරාදිය ලබාගත්තේ් තිලකරත්න මුදලාලිගෙනි.



එම පවුලට සමීපව සිටි ධර්මසිරි ගේ යටි සිත තුළ කුරිරු අදහස් පවතින බව එම පවුලේ කිසිවකුත් දැන සිටියේ නැත. කුමන හෝ හේතුවක් මත සමන් කුමාරව පැහැරගෙන ගොස් කප්පම් මුදලක් ලබා ගැනීමට ධර්මසිරි යටි සිතින් සැළසුම් කළේ කිලකරත්න නිවසෙන් ලැබෙන ආහාර පාන සහ වෙනත් උවමනා එපාකම් භුක්ති විඳිමින්ය.

සමන් කුමාර තම ගොදුරට හසුකර ගැනීමට හේ කළ සැළසුම ක්‍රියාත්මක කරන දිනය ක්‍රමයෙන් ළඟා වෙමින් තිබිණි. ඔහු ඒ සඳහා යොදා ගත්තේ පාසල් නිවාඩු දෙන දවසයි.

😎 මයුරපාද මිතුරෝ 😎

එදින ඔහු තිලකරත්න නිවසට ගොස් පා පැදිය ඉල්ලා ගත්තේ ය. අනතුරුව ඔහු සමන් කුමාර පාසල් යාමට නිවසින් එළියට බසින තෙක් ඉවසිලි නැතිව බලා සිටියා විය හැකිය.

තමාගේ ජීවිතයට එදින මහා අනතුරක්වේ යැයි සිහිනෙකුදු නොසිතූ සමන් කුමාර පාසල් යන්නට නිවසින් පිටවිය. එසේ යන අතරතුර සමන් කුමාරගේ මාරයා වූ ධර්මසිරි ඔහු වෙත ළඟාවිය.

ධර්මසිරි බොරුවක් පවසා සමන් කුමාර බයිසිකලයට නංවාගෙන තිබිණි. පොලීිසිය පවසන්නේ සැකකරු ගැන සැකයක් නොසිතූ සමන් තම නිවසේ පා පැදියත් ධර්මසිරි අත තිබූ නිසා ඔහු කියූ දේ විශ්වාස කර පිටත්ව යන්නට ඇති බවයි.

ධර්මසිරිගේ අපරාධ සැළසුමට සහාය වූ අනෙක් පුද්ගලයා කලවාන ප්‍රදේශයේ ඔහුගේ ම මිත්‍රයෙකි. සමන් කුමාර රැගෙන එන තෙක් ඔහු මඟ බලා සිට ඇත.

බෝපිටිය කඳු මුදුනට ගිය විට දුර ඈත පළාත් කඳු වැටි මුහුද දැක ගැනීමට ලැබෙයි.

ඔවුන් සමන් කුමාරට එවැනි දේ පෙන්වීමට යැයි බොරු කියා රැගෙන යන්නට ඇති බව පොලිසියේ විශ්වාසයයි.

කෙසේ හෝ සමන් කුමාර රැගෙන එතැනට ගිය ඔවුන් ගේ හැසිරීම පිළිබඳව සැක කළ මේ අහිංසක දරුවා ඔවුන්ගෙන් බේරී පලා යාමට උත්සාහ කර ඇත.

එහෙත් තරුණයන් දෙදෙනකු සමඟ සටන් කර එතැනින් පලා යාමට මෙවැනි දරුවකුට හැකියාවක් නැත. සමන්ගේ අත් පා ගැටගැසූ ධර්මසිරි සහ සෙසු තරුණයා සමන් කුමාරගේ මේස් ගලවා කටේ ඔබා තිබිණි.

අනතුරුව මිතුරා එහි නවතා මතුගමට පැමිණ ඇති වීරසිරි ඔහුගේ අත් අකුරින් සමන් කුමාර පැහැර ගත් බවත් රුපියල් ලක්ෂ එකහමාරක් දුන්නොත් ඔහු නිදහස් කරන බවට ලිපියක් ලියා තිලකරත්න මහතාගේ ව්‍යාපාරික ස්ථානයට යවා තිබේ.

එම ලිපිය දුටු තිලකරත්න මහතා එය විහිළුවක් යැයි සිතා කොයිදේටත් පුතා පාසලට පැමිණියේ දැයි සොයා බැලීය.

😎 මයුරපාද මිතුරෝ 😎

ඒ වන විට වෙලාව දහවල් 12.30 ට පමණ විය. සමන් කුමාර පාසලට පැමිණ තිබුණේ නැත. තිලකරත්න මහතාත්, හිතවතුන්, පවුලේ උදවිය, ගම්වාසීන් සියලු දෙනාම එක්ව සමන් කුමාර සෙවීමට පටන් ගත්හ. ඒ අතර ධර්මසිරි ද පැමිණ සමන් කුමාර සෙවීමේ කටයුතුවල නිරත විය.

පස්වරුවේ යළිත් දුරකතන ඇමතුමක් මගින් කප්පම් මුදල් ඉල්ලා . පොලීිසියට කිවහොත් දරුවා මරණ බවට ද තර්ජනය කර තිබිණි.

දවසක් දෙකක් ගතවිය. එහෙත් දරුවා පිළිබඳ තොරතුරක් නොවීය. සමන් කුමාර පැහැර ගත් ධර්මසිරි රැවුල වවාගෙන සිටි අයෙකි. එහෙත් සමන් පැහැරගත් දින දහවල් ඔහු රැවුල සම්පූර්ණයෙන් ම කපා දමා ඔහුගේ පෙනුම ද වෙනස් කර ඇත.

තිලකරත්න මහතා ඍජුවම පවසා සිටියේ තම පුතා පැහැරගෙන යන්නට ඇත්තේ තම පවුලට හිතවත් අයකු විසින් බවය. ඊට හේතුව සමන් කුමාර පවුලේ හෝ පවුලට හිතවත් අයකු සමඟ මිස නාඳුනන අයකු සමඟ කතා බහ නොකරන දරුවකු නිසාය.

දැන් මතුගම ප්‍රදේශයම සමන් කුමාරගේ අතුරුදන්වීමෙන් කැළඹීමට පත්ව ඇත. මේ අතර එක් කුඩා පාසල් සිසුවියක පවසා තිබුණේ යම් පුද්ගලයකු සමන් කුමාර බයිසිකලයක තබාගෙන යන බව තමා දුටු බවයි.

මතුගම පොලීිසියේ ස්ථානාධිපතිවරයා ලෙස එවකට කටයුතු කළේ බරණගල මහතාය. පොලිස් පරීක්ෂක ඉන්දු කරුණාරත්න මහතා අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළේය.

පොලීසිය කණ්ඩායම් කීපයක් යොදා සමන් කුමාරගේ අතුරුදන්වීම පිළිබඳව ඒ වන විට පරීක්ෂණ ආරම්භකර තිබිණි. ඉහත කී පාසල් දැරියගේ ප්‍රකාශය කෙරෙහි ද පොලීිසිය දැඩි අවධානය යොමු වී තිබිණි.

😎 මයුරපාද මිතුරෝ 😎

දවස දෙක ගෙවී යද්දී නැවත නැවතත් කප්පම් මුදල් ඉල්ලා ලැබෙන ඇමතුම් සහ ලිපි ද වැඩි වෙන්නට විය. “දරුවා දීපන්; දරුවා නැතුව කොහොමද සල්ලි දෙන්නේ?

තිලකරත්න මුදලාලි ගෙන් දුරකථන ඇමතුම්වලට ලැබුණ පිළිතුර විය. තවත් අවස්ථාවක ඔහු ගේ පිළිතුර වූයේ කප්පම්කාරයන්ට දරුවා වෙනුවෙන් තමා සතයක්වත් නොදෙන බවයි.

සමන්ගේ පවුලේ ඥාතීන් සමඟ එක්ව සමන් සෙවීමේ කටයුතුවල නිරතව සිටි සමන්ගේ මාරයා වූ ධර්මසිරි පිළිබඳව සැකය ඇති වූයේ කරුණු කාරණා ගණනාවක් හේතු කොටගෙනය. පොලිස් පරීක්ෂකවරුන් වන බරණගල, ඉන්දු කරුණාරත්න මහත්වරුන්ගේ සැකය ස්ථිර කරමින් අත්අඩංගුවට පත් ධර්මසිරි සමන් කුමාරගේ පැහැරගැනීමේ තොරතුරු වැමෑරුවේය.

සමන් කුමාර පැහැර ගෙන ගිය ස්ථානය වූ බෝපිටිය කඳු මුදුනට ගිය විට පොලීිසියටත් දහස් සංඛ්‍යාත ජනතාවටත් දැක ගැනීමට ලැබුණේ ඒ අහිංසක දරුවා අමානුෂික ලෙස ඝාතනය කර තිබූ ආකාරයයි.

සමන්ගේ සපත්තුවේ ලේස් පටියෙන් ගෙල හිර කර මරා දමා තිබිණි. ඒවන විටත් ඔහු මරා දින තුන ඉක්ම වී තිබූ බව පෙනී ගිය අතර සැකකාර සමන් කුමාර ඝාතනය කර තිබුණේ පැහැරගෙන ගිය දිනයේදීමය.

දරුවා ඝාතනය කර ඊට පසු මොහු කප්පම් ඉල්ලීම සිදුකර තිබිණි. කප්පම් දුන්නත් තිලකරත්න මුදලාලිට ලැබෙන්නට සමන් ඒ වන විටත් ජීවතුන් අතර සිටියේ නැත.

දිවයිනේ දරුවකු පැහැර ගෙන ගොස් ඝාතනය කළ ප්‍රථම සිද්ධිය වූ සමන කුමාර ඝාතන සිද්ධියෙන් මතුගම කළුතර ප්‍රදේශ පමණක් නොව මුළු රටම කම්පා වූහ.

සමන් කුමාර නැමැති නම ගැසූ තිලකරත්න මහතාගේ ලොරියෙන් ම තම පුතුගේ මළ සිරුර බොරැල්ල මෘත ශරීරාගාරය වෙත ගෙන එද්දී දහස් සංඛ්‍යාත ජනතාව මග දෙපස රැදී සිටියහ.

😎 මයුරපාද මිතුරෝ 😎

අපරාධකරුවා දැක බලා ගැනීමට මතුගම උසාවිය අසලට මහ සෙනග එක් රොක් වී සිටියහ.
ළමාවිය ද නොයික්ම වු මේ අහිංසක දරුවාගේ වියෝවෙන් පියා, මව, ඇතුළු සොයුරි සොයුරියන් දැඩි කම්පාවටත් පීඩනයටත් පත්වූහ.

සාක්කිකරුවන් 35 දෙනකුගෙන් සාක්කි විමසනු ලැබිණි. සමන් කුමාර ඝාතනය කිරීමේ අපරාධ චෝදනාවට වැරදිකරු වූ ධර්මසිරි එල්ලුම් ගසට නියම විය.

අහිංසක දරුවකුට අමානුෂික වධ හිංසා පමුණුවා ඝාතනය කළ මේ අපරාධකරුට විසි වසරකට පසු සමාව ලැබුණි. 

මේ සම්බන්ධව ලියවුණු ඇන්ටන් ජොන්ස් මහතා ගායනා කරන ගීතය මෙතනින් අහන්න.↴

https://m.youtube.com/watch?v=75Q6b7sqmWI


************

මයුරපාද මිතුරෝ සමග එක්වූ ඔබට ස්තූතියි!.

0 comments:

Post a Comment