Music Player

Saturday 15 April 2017

කැප්ටන් ඩෝසන් මහතා සහ මාවනැල්ල මයුරපාදයේ යටගිය සම්බන්ධය. පාසල් ඉතිහාසයේ තොරතුරු



මාවනැල්ල මයුරපාදයේ ඉතා වැදගත් තොරතුරු කිහිපයක් ඔබට ලබාදෙන්න තමයි හදන්නේ... මීට පෙරත් අපි ඔබ වෙනුවෙන් පාසල් ඉතිහාසය ගැන තොරතුරු කිහිපයක් කතා කලා.

මෙම ලිපියෙන් මාවනැල්ල මයුරපාදය බිහිවීම සහ තවත් තොරතුරු කිහිපයක් සමගින් කොළඹ නුවර මාර්ගය ඉදිකිරීම , කැප්ටන් ඩෝසන් මහතා හා ඒ මහතා වෙනුවෙන් නිර්මාණය කරපු ඩෝසන් කුලුන ගැනත් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. 



මාවනැල්ල මයුරපාදය බිහිවීම. 

ඊ. එවොන්ස් මහතාගේ විශ්ලේෂණයට  1969 වසරේ "ANGLO VERNCULAR BOYS SCHOOL" යන නමින් ආරම්භ කරා කියලා සැලකෙන මාවනැල්ල මයුරපාදය කොළඹ නුවර මාර්ගයේ වැඩ කරපු  කැප්ටන් ඩෝසන් සහ ඔහුගේ කාර්ය මණ්ඩලයේ දූ දරුවන් වෙනුවෙන් කරපු ඉදිකිරීමක්.

පාසලේ හෙඩ් ටීචර් ලෙස එංගල්තිනා පෙරේරා මුල් ගුරු තනතුරේ වැඩ භාර ගනිමින් ගැහැණු ළමයින් හත් දෙනෙකුගෙන් ගැහැණු පාසලක් ලෙස  ආරම්භ කර ඇති අතර ඉතා කෙටි කාලයක් තුළ ළමුන් සංඛ්‍යාව වර්ධනය වී ඇත.

😎 මයුරපාද මිතුරෝ 😎

පාසල ජේ්‍යෂ්ඨ පාසලක් බවට පත්වූ මුල් කාලයේ පාසල් පාඨය ලෙස යොදාගත් "ආපදාන සෝභිනී පඤ්ඤා" (ප්‍රඥාව චරිතය සෝභමාන වේ) අදටත් එලෙසම භාවිතා කරනවා.

කාලයත් එක්ක කණිෂ්ඨ විද්‍යාලයක් විදිහටත් සහ  ජ්‍යෙෂ්ඨ පාඨශාලාවක් විදිහටත් දියුණු වූ පාසල 1976 වසර වන විට කණිෂ්ඨ හා ජ්‍යෙෂ්ඨ යනුවෙන් විද්‍යාල දෙකක් පැවති මෙය විද්‍යාල දෙක ඒකාබද්ධ  විද්‍යා ස්ථානයක් බවට පත් කළ අතර 1979 අගෝස්තු මාසයේදී මයුරපාද මහා විද්‍යාලය ලෙසද 1996 වර්ෂයේදී මයුරපාද ජාතික පාසල ලෙසද උසස් වීම් ලබාගෙන තියෙනවා..

ඒ වගේම පාසල් නාමයවන "මයුරපාද" යන්න මයුරපාද බුද්ධපුත්‍ර හිමියන්ගේ නාමයටත්, මයුරපාද පිරිවෙනටත් උපහාරයක් විදිහට යෙදුවාලු.

------------

කවුද මේ කැප්ටන් ඩෝසන් ??....මේ ඒ පිළිබඳ විස්තර..



කැප්ටන් ඩෝසන් සහ කොළඹ නුවර මාර්ගය ඉදිකිරීම. 

බ්‍රිතාන්‍යයන් විසින් මෙරට ඉදිකල මුල්ම මහා මාර්ගය වූ, කොළඹ-මහනුවර මාර්ගයේ වැඩ කටයුතු 1820 වර්ෂයේදී ආරම්භ කරා. මේ මාර්ගය නිර්මාණයට ඉතා අසීරු වෙලා තියෙනවා. මේ මාර්ගයේ සම්පූර්ණ වැඩ භාරව කටයුතු  කරලා තියෙන්නේ කැප්ටන් ඩෝසන් කියන ඉන්ජිනේරුවා. මාර්ගය නිර්මාණය කරනකොට කදු , හෙල් , දිය පාරවල් වගේම දැවැන්ත ගල් පර්වත වන සතුන් සමගම මැලේරියා රෝගයත් එදා තිබුනලු.

කැප්ටන් ඩෝසන් මහතා.

1817 - 18 කැරැල්ලෙන් පස්සේ උඩරට රාජධානිය මුලු මුළුමනින්ම අත්පත් කරගෙන මහනුවර සහ කොළඹ අතර සමීප සම්බන්ධයක් ගොඩනගන්න ඉංශ්‍රීසින්ට උවමනා උනා. මොකද ඇතිවිය හැකි කැරැල්ලකට ඉක්මනින් යුධ හමුදාව යවන්නට පහසුවක් සහ ප්‍රභූ පිරිස්ටද ඉක්මනින් යාමට සහ ඒමට ඒක පහසුවක් වගේ හේතු නිසා. ඉතින් ඒකට කොළඹ නුවර මාර්ගය නිර්මාණය කරන්න තීරනය උනා.

                       😎 මයුරපාද මිතුරෝ 😎

ඊට කලින් නුවරට යන්න යොදාගත්තු පාරවල් ඉතාමත් දුෂ්කර සහ යන්නට ලොකු කාලයකුත් ගතවුනාලු.



මාර්ගය ඉදිකිරීම අතරතුර රෝගාතුර වෙච්චි කැප්ටන් ඩෝසන් මහතා නැතවත් එංගලන්තයට ගොස් නැවතත් සුවය ලබලා 1822 දී ආයෙත් ලංකාවට ආවා.

කොහොම හරි මාර්ගයේ ඉදිකිරීම් ආරම්භ වී වැඩකටයුතු දිගටම කෙරීගෙන ගියත් අවාසනාවකට වගේ මාර්ගය සම්පූර්ණ කිරීමට පෙර, කැප්ටන් ඩෝසන් හදිසියේ අසනීප වීම නිසා ඔහුට ප්‍රතිකාර කරනු කරන්න කොළඹට රැගෙන යනවා. නමුත් මාර්තු 28 වැනි දිනක කොළඹදී කැප්ටන් ඩෝසන් අභවප්‍රාප්ත වෙනවා, ඔහුගේ මරණය විෂ සහිත සර්පයෙකුගේ දශ්ඨ කිරීමක් නිසා සිදුවන්නට ඇතැයි විශ්වාස කරනවා.

කුළුණ සහ මාර්ගයේ පැරැණි චායාරූපයක්.

කොළඹ නුවර මේ මාර්ගය ඉදිකරනකොට ගොඩක් සර්පයන් හම්බ උනාලු. ඉතින් මේ ඉදිකිරීම්දී ගොඩක් සර්පයන් මරන්න උනාලු. ඉතින් එහෙම හිටපු සර්පයකු ඩෝසන් මහතාට  දශ්ඨ කරා කියලා තමයි කියන්නේ.

😎 මයුරපාද මිතුරෝ 😎


ඩෝසන් කුළුණ ඉදිකිරීම.


ඉතින් මාර්ගය ඉදිකිරීමේදී කැප්ටන් ඩෝසන් විසින් සිදුකරන ලද කැපකිරීම් ඇගයීමකට ලක්කල යුතු යැයි හිතපු ඔහුගේ මිතුරෝ පිරිසක්, ඊට අදාල යෝජනාවක් එවක ආණ්ඩුකාරවරයා වෙතට ඉදිරිපත් කිරීමට කටයුතු කරන කරා. කැප්ටන් ඩෝසන් විසින් මාර්ගය ඉදිකරන කාලයේ සිටි බාන්ස් ආණ්ඩුකාරවරයා ඒ වන විට නික්ම ගොස් සිටියත්, ඉන් පසුව පැමිණි සර් රොබට් හොර්ටන් (Sir Robert Horton) ආණ්ඩුකාරවරයා, කැප්ටන් ඩෝසන් විසින් සිදු කරන ලද වටිනා සේවය දැකහඳුනාගනිමින්, ඉදිරිපත් කරන ලද එම යෝජනාවට අනුමැතිය ලබා දුන්නා.

මේ අනූව වැඩකටයුතු සිද්ධවෙමින්, කැප්ටන් ඩෝසන් වෙනුවෙන් ඉදිකරනා ස්මාරකය, කඩුගන්නාව ගල බිඳි ස්ථානයට (කපොල්ල) ආසන්නව පිහිටුවීමට සැලසුම් කර ඊට මුල් ගල තැබීම, එංගලන්තයේ වෙලින්ටන් ආදිපාදිවරයා අනුස්මරණය කරන්නට ලන්ඩනයේ හයිඩ් පාක්හී හදපු කුළුණට මුල් ගල තියපු දවසේම කරා. ඉදිකර නිමකරනු ලැබූ ඩෝසන් කුළුණෙහි උස, ලන්ඩන් වෙලින්ටන් කුළුණේ උසට (අඩි 200) සමානවම හදලා තියෙනවාලු.



😎 මයුරපාද මිතුරෝ 😎

*******

ඔබ සතුව මෙවන් තොරතුරු ඇතිනම් මයුරපාද මිතුරෝ වෙත ලබාදෙන්න...

*******
මයුරපාද මිතුරෝ මෙම අඩවියෙහි පළවන ලිපි පිලිබඳ තොරතුරු ප්‍රථමයෙන් සහ ඉක්මනින් ලබාගැනීමට අපගේ නිල facebook පිටුව සමග එකතුවන්න


මෙම ලිපිය ගැන ඔබේ අදහස් comment කරන්න.
තවත් කෙනෙකුට දකින්න share කරන්න..

මයුරපාද මිතුරෝ සමග එක්වූ ඔබට ස්තූතියි!.

0 comments:

Post a Comment