Music Player

This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

Tuesday 28 February 2017

රණමඟ ඔස්සේ නන්දිකඩාල් පොත අන්තර්ජාලට. Download කරන්න ලිපිය බලන්න



"මේජර් ජෙනරාල් කමල් ගුණරත්න" මහතා විසින් රචනා කරපු "රණමඟ ඔස්සේ නන්දිකඩාල්" පොත කියන්නේ ලංකාවේ ලොකු පෙරලියක් කරපු ගොඩක් ප්‍රසංසා සහ චෝදනා ලැබුණු වර්තමානයේ අලවි වාර්තා තියපු පොතක්..


"මේජර් ජෙනරාල් කමල් ගුණරත්න" මහතා

ගොඩක් අය මේ පොත ගන්න උත්සාහ කරන්න ඇති. ලබාගන්නත් ඇති. මොකද කොළඹ පොත් ප්‍රදර්ශනයේ වැඩියෙන්ම අලවි වූ පොත තමයි මේක.



කොහොම හරි මේ වෙනකොට මේ පොතේ PDF සංස්කරණයක් අන්තර්ජාල හරහා බාගතකරන්න අවස්ථාව ලැබිලා තියෙනවා. විදේශ රටක ඉදලා පොත ගන්න බැරි වෙච්චි අයට මේක හොද අවස්ථාවක් වෙයි.

ඉතින් කැමති අය පොත Download කරගන්න.


* මෙම PDF සංස්කරණය අන්තර්ජාලට එක්කිරීම සම්බන්ධ සියළුම වගකීම් අදාළ වෙබ් අඩවිය සතුයි. * 



පහත ලබාදී ඇති Link හරහා පොත බාගතකරගන්න.



මයුරපාද මිතුරෝ සමග එක් වූ ඔබට ස්තූතියි!.

Thursday 23 February 2017

කන්ද පිරිමැද ලන්ද මුදුනට. ගීතයේ කතාව. තොරතුරු දැනගන්න ලිපිය කියවන්න.



තවත් ලස්සන ගීතයක් තොරගත්තා කතා කරන්න... ගීතය රචනා කරන්නේ සියඹලන්ගමුවේ අමරදාස ශූරීන් විසින්. ගීතය තමයි සේනානායක වේරලියද්ද මහතා ගායනා කරන *කන්ද පිරිමැද පිරිමැද පිරිමැද ලන්ද මුදුනට මුදුනට මුදුනට* කියන ගීතය.


සරලවම කියනවා නම් ගීතයෙන් කි⁣යවෙන්නේ බාල වයසේ පෙම්වතියක් ගැන. අපි ඔය කියන්නේ පැන්නා යනවා කියලා අන්න ඒ දෙය ගැන ලියවුණු ගීතයක් තමයි මේක. මේ පෙම්වතියට ආසාවක් ඇතිවෙලා තියෙනවා පෙම්වතා එක්ක පැනලා යන්න. නමුත් තාම මේ පෙම්වතියට නිසි වයස සම්පූර්ණ වෙලා නෑ.

- මයුරපාද මිතුරෝ -

සමහර විට මේ සම්බන්ධට ගෙදර දෙමාපියන් අකමැති ඇති. ⁣ඒකට ඉතින් අපිට හේතු කාරනා හොයන්න දෙයක් නැහැනේ. මොකද මේ පෙම්වතිය  බාල වයස්කාරියක්. පෙම්වතා වුනත් බාල වයසේ කෙනෙක් වෙන්න පුලුවන් නමුත් දුර දිග හිතන කෙනෙක්. ඇයි මම එහෙම කියන්නේ අපි ගීතයට එමු...

දැන් මේ වෙනකොට පෙම්වතිය පෙම්වතාට ආරාධනා කරලා තියෙන්නේ පැනලා යන්න. එතකොට පෙම්වතා කියන දේ තමයි මේ.

කන්ද පිරිමැද පිරිමැද පිරිමැද
ලන්ද මුදුනට මුදුනට මුදුනට
ඒවි හඳ පායලා


කන්ද මුදුනින් හද පායාගෙන එන්නේ හරිම හිමිහිට. කන්ක පිරිමදිමින් ඉහලට පායන හද පායන්න ටික වෙලාවක් යනවා. ඉතින් ඒ විදිහට පොඩ්ඩක් ඉවසන්න අපිට තාම වයස සම්පූර්ණ වෙලා නෑ.

- මයුරපාද මිතුරෝ -

වන්දනාවක යන්නෙ කොහොමද
නන්ගියේ අපි දැන්ම මග බැහැලා //


පවුල් ජීවිතේ හරියට වන්දනාවක් වගේ. වන්දනාවක් වගේ කියන තැනින් අපිට ගොඩක් දේවල් හිතන්න පුලුවන්. ඉතින් අපි මේ ජීවිතය කියන චාරිකාවේ විවාහය කියන වන්දනාව කරන්න නම් ඔයාගේ තීරනය හොද දෙයක් නෙමෙයි. ඒ තීරනයෙන් අපි දෙන්නටම හොදක් නම්  වෙන්නේ නෑ. ඉතින් අපි මේ ජීවන ගමනේ මගින් බහිනවාද?....

අරලියා මල් ඔහේ පිපුනට පෝය නෑ ඇවිදින්//
ගෙවා අටවක වැඩෙයි අවසඳ නොවී ඉමු ඉක්මන්


තවත් බොහෝ දේවල් රචකයා විසින් කියන්නට උත්සාහ කරන පද පේලියක්. අරලිය මල් ඔහේ පිපුනට කියන තැනින් මේ බාල වයස්කාර පෙම්වතිය වැඩිවියට පත්වූ තරුණියක් බව කියන්නට උත්සාහ කරනවා වෙන්න පුලුවන්. ඉතින් මේ අරලියා මල පිපිලා තිබුනට පෝය නම් තාම උදාවෙලා නෑ. ඒ නිසා අපි තව ඉවසන්න ඕන.

කන්ද පිරිමැද .............

ගෙදර බුදුනගෙ ඇල්ම බැල්මේ අමාවක ගෙවපන් //
පුරා පෝයට මලුත් අරගෙන අපිත් යමු පන්සල්..


ගෙදර බුදුන් කියන්නේ නම් ඉතින් දෙමාපියන්ට ඒ ගැන ඉතින් කියන්න දෙයක් නැහැනේ... ඉතින් මේ පෙම්වතා කියනවා. මේ අපේ අමාවක කාලය මේ කාලය දෙමාපියන් එක්ක එයාලගේ සෙනෙහස එක්ක ඉන්න. අපිට දවසක පෝය උදාවේවි. එදාට අපි හැමෝගේම ආශිර්වාද මැදින් පවුලක් පන්සලක් වෙමු.

- මයුරපාද මිතුරෝ -

කන්ද පිරිමැද.......//

ගීතය පරණ වුනාට වර්තමානට උනත් හොදට ගැලපෙනවා.. බාල වයස්කාර පෙම්වතුන් පෙම්වතියන්ට ගීතයෙන් ලොකු දෙයක් කියලා දෙනවා. හැම දේටම නිසි වයසක් තියෙනවා. මේ ගීතයේ කියවෙන කතාවට අදාල චරිත ගැන ඔයාලා ඕන තරම් දන්නවා ඇති.

ඉතින් නිකම්ම නිකම් ගීතයක් අහනවාට වඩා මේ වගේ තේරුමක් දැනගෙන අහ⁣න ගීතයේ වෙනදට වඩා රසයක් ඔයාට දැනේවි.

ගීතය රසවිදින්න...


********

මෙම අඩවියේ සිංදු ගැන සියලුම ලිපි එකතුව බලන්න.

*******
මයුරපාද මිතුරෝ මෙම  පළවන ලිපි පිලිබඳ තොරතුරු ප්‍රථමයෙන් සහ ඉක්මනින් ලබාගැනීමට අපගේ නිල facebook පිටුව සමග එකතුවන්න




මෙම ලිපිය සම්බන්ධ ඔබගේ අදහස් පහතින් comment කරන්න.
තවත් කෙනෙකුට දකින්න share කරන්න.

මයුරපාද මිතුරෝ සමග එක්වූ ඔබට ස්තූතියි!.

Sunday 19 February 2017

හමුවෙන්නට සමුගන්නට ගීතය ලියවුණු දුක හිතෙන කතාව.



පේරාදෙණිය සරසවියේ 2003-2004 කංඩායම් අය  කියන්න යන කතාව දන්නවා ඇති. මොකද මේ එයාලා හැමෝම ලබපු සංවේදී අත්දැකීමක්. මේ කියන්න හදන්නේ සත්‍ය කතාවක්. 2003/2004 අධ්‍යාපන වර්ෂවල වෙන කතාවක් තමයි මේ.


පොල්ගහවෙල ඉදන් තරුණයෙක් එනවා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට. කවුරුත් දන්න දෙයක්නේ දුම්රියපොළක් තියෙන ලංකාවේ එකම විශ්වවිද්‍යාලය පේරාදෙණිය විශ්වවිද්‍යාලය කියලා.  ඉතින් මේක මේ පොල්ගහවෙල ඉදන් එන තරුණයාට හරිම පහසු දෙයක් වුණා.

කැම්පස් ජීවිතයට තමන්ට කියලා අනුවර්ත නමක් ලැබෙන එක සාමාන්‍ය දෙයක්නේ. ඉතින් මෙයාටත් එහෙම එකක් ලැබුනා. ඒ තමයි බොනපාට්. මුලු සරසවියම ඔහුව දන්නේ බොනපාට් කියන නමින්.

මේ බොනපාට් පට්ටම මීටරයක්.. ඔහු පැමිණියේ භූගර්භ විද්‍යා උපාධිය හදාරන්න. ඔය උපාධිය ලංකාවෙන්ම පවත්වන්නෙ පේරාදෙණිය සරසවියේ පමණයි. ඔවුන්ගෙනුත් විශේෂ භූගර්භ විද්‍යා උපාධිය සදහා තේරෙන්නෙ 10 දෙනෙක් පමණයි...

මේ බොනපාට් ඒ 10දෙනා අතරට තේරුණාම කොහොමද මිනිහගෙ මීටරේ කියල අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ..... කෙටියෙන්ම කියනවනම් වසරකට භූගර්භ විද්‍යා විශේෂ උපාධිධාරීන් ලංකාවෙන්ම බිහිවෙන්නේ 10 දෙනයි..... (මේ භූගර්භ විද්‍යා විශේෂ උපාධිය තියෙන ඕනම කෙනෙකුට ඕනෑම රටකින් නොමිලේ රැකියා සහ වීසා දෙනව.... කොහොමද උපාධියෙ තත්වය)

බොනපාට් කියන්නේ පවුලේ එකම දරුවා. විශ්වවිද්‍යාලයේදී මෙයාට ආදරවන්තියක් හමුවෙනවා. එයාටත් අර විදිහේ අනුවර්ත නමක් තිබුනලු ඒ තමයි සෝබනී. ඇයත් පොල්ගහවෙල පැත්තේමයි. දෙන්නම වැඩිපුර ගමන් ගියේ කොච්චියෙන්.

බොනපාට් ගැන යාළුවන්ගේ භාෂාවෙන් කියනවා නම් සිරාම බොක්කක්. හොද හැදි දැඩ් ශරීරයක් තමයි තිබුනේ. ඒ වගේම හරිම සංවේදී වගේම ජනප්‍රිය එනෙක්.

ගෙවල්වලින් එහෙමත් සම්බන්ධයට අහිතක් තිබිලා නෑ. දෙන්නම පොල්ගහවෙල නිසා ආවේ ගියේ දෙන්නම එකට. අනික් අය වගේම මේ දෙන්නත් ගොඩක් ආදරෙන් තමයි හිටියේ.

නමුත් හිටි හැටියේම සෝබනී බොනපාට්ව අත අරිනවා. ඇය සම්බන්ධය නතර කරනවා. මේක ⁣බොනපාට්ට දරාගන්න පුලුවන් වෙන්නේ නෑ. නමුත් බොනපාට් ඇය සම්බන්ධය නතර කරපු බව කිසි කෙනෙක්ට දැනෙන්නට ඇරියේ නැතිලු.

කාටවත් මේ සම්බන්ධය නතර කරපු එක ගැන නොකියපු මොහුට මේක දරාගන්න තනියම පුලුවන් වෙන්නේ නෑ.

මොහු තීරනයක් ගන්නවා. බොනපාට් විශ්ව විද්‍යාලයෙන් හොරෙන් ගත්ත රසායනික කැට ටිකක්.... ගියා හන්තානේ මාකස් නේවාසිකාගාරයට ඈතින් ෆයිනස් යායේ තිබෙන ගල් තලාවක් මතට.... අවසන් උත්සාහය දැරුව ඔහු ඇමතුමක් අරගෙන සොබනිට කතා කරන්න... වැඩක් නෑ.. ඇය එතරම් සංවේදී කෙනෙක් නෙමෙයි.

සුපිරි මොළ කාරයාගේ ජීවිතය ඒ විදිහට අවසන් වුණා. ඔහුගේ සිසුර හම්බවුනේ ඊට දවස් කිහිපයකට පස්සේ. නිල් ඉරි ටීෂර්ට් එක ඇදගෙන ගල් තලාවේ තිබුනු ඔහුගේ සිරුර දැකපු යාළුවන්ට ඇතිවුණේ පපුව පැලෙන්න තරම් වේදනාවක්..


හමුවෙන්නට සමුගන්නට ඇවිත් යන එන
දුම්රියපොල පෙම්වතුන්ගේ සරසවි උයන
අවුරුද්දෙම තුරුලිය ගොමු මලින් සැරසුන
අපි දෙන්නා එනතුරු මග බලයි සැම දින


* රසායනික කැට ටික අතට ගත්තු බොනපාට්ට මෙහෙම හිතෙන්න ඇති. අපි දෙන්නා හැමදාම එකට දුම්රියපොළේ එකට හිටියා. අත් අල්ලගෙන හරිම ආදරෙන්.  හැම දවසකම මල් පිපිලා තියෙන සරසවි උයනේ මල් බලාගෙන හිටියේ අපි දෙන්නා එන්නේ කොයි වෙලාවෙද කියලා. *

මලක නැවුම් සුවඳ පිරුන සොදුරු මදනල
ඔබ ගැන තොරතුරු විමසයි මගදි හමුවෙන
සඳ ඇවිදින් ගියා වගේ කිසිත් නොකියම
ඔබ සැඟවී ගිහින් මගේ හිතත් අරගෙන


* මම අද තනියම යනකොට ඒ මල් දකින මට හිතෙන්නේ හරියට "කොහෙද ඔයාගේ පෙම්වතිය? ඇයි මේ තනියම?" දෙයක් මගෙන් අහනවා වගේ. අනේ දෙවියනේ ඇයි මේ අද මම තනියම. අද ඔයා මගේ හිත අරගෙන මගෙන් වෙන්වෙලා. *

නෙතින් නෙතට එබී බලා ගන්න හදවත
ඉස්සර මෙන් ඇවිත් යන්න සරසවි බිමට
ඔබ වෙනුවෙන් පෙරුම් පුරා ඉනූ කදුලට
බිම වැටෙන්න දෙන්න එපා රිදෙයි හොඳටම


* හිතන්න මේ බොනපාට් අවසාන මොහොතේ සෝබනීට දුරකථන ඇමතුමින් කියන්න හදපු දේවල් වෙන්න ඇති. රචකයා ගලපලා තියෙනවා හරිම සංවේදියි නේද. ආයෙත් මගෙත් එක්ක යන්න ඇයි ඔයා එන්නේ නැත්තේ. මේ කදුළු මට හුගාක් රිදවනවා. *

කොහොම හරි ඔහුගේ හොදම යාළුවෙක් එයාගේ මලගෙදර ගියේ නැත්ලු. ඒ ඇයි කියලා අහපුහාම එයා කියලා තියෙන්නේ....

"අම්ම තාත්තගෙ එකම ලෝකය කෙල්ලෙක් නිසා බොනපාට් නැති කරගත්තෙ ඌ,ඌ ගැන වටිනාකමක් නැති නිසා.... ඉතින් ඌට ඌ වටින්නෙ නැත්නම්... එහෙම එකෙක් මට කෙහොමත් වටිනාකමක් නෑ. ඒ නිසා මම මලගෙදර යන්නෙ නෑ......"

කොහොම උනත් සෝබනී මේ වෙනකොට හොද පවුල් ජීවිතයක් ගතකරනවාලු..

වෙනදට අහපු ගීතයට වඩා දැන් ඔයාගේ හිත කකියනවා ඇති නේද... ඔව් මටත් එහෙම වුණා. කොහොම හරි බොනපාට් මේ හැමෝටම හොද පාඩමක් කියලා දුන්නා..

අවසානයේ සුපිරි මොළකාරයෙක් අපිට නැති වුණා.........

ඔ⁣බේ අදහස් කියන්න අමතක කරන්න එපා...

ගීතය අහන්න මෙතනින්..
https://m.youtube.com/watch?v=jL89rU2dhv4


මයුරපාද මිතුරෝ සමඟ එක්වූ ඔබට ස්තූතියි!

Friday 17 February 2017

මයුරපාදය ලංකාවට බිහිකළ කබඩි තරු. තොරතුරු දැනගන්න ලිපිය කියවන්න.



මාවනැල්ල මයුරපාදය කියන්නේ ලංකාවේ කබඩි ක්‍රීඩාව වෙනුවෙන් දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහිකළ පාසලක්. ඉතින් මේ වෙනකොට ඒ ආදි සිසුන් කබඩි ක්‍රීඩාවේ ඉහලම තැන්වල ඉන්නවා. අද ඒ මයුරපාදීන් ගැන අපිත් එක්ක කතා කරන්න එකතු වුණේ සජිනි.

සජිනි 
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
මාස තුනකට අඩු කාලයක් තුළ මයුරපාද මිතුරෝ බිලොග් අඩවිය නරඹන්නන් ප්‍රමාණය දසදහස (10,000) පසුකළා. ඔබ සැම අප වෙත ලබාදුන් ඉහල ප්‍රචාරය සදහා මයුරපාද මිතුරෝ කංඩායමේ ස්තූතිය.

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~


1. මොකක්ද සම්පූර්ණ නම?

සජිනි මනෝරි ජයසිංහ. මේ නම කීවට වැඩිය කට්ටිය දන්නේ නෑ. "ලේනි" කීවොත් දන්නවා.

2. මයුරපාදයේ මොන කංඩායමේ ද?

මයුරපාද ප්‍රථම රන් පදක්කම් ලාභී කාන්තා කබඩි කංඩායම.

3. කබඩි ක්‍රීඩාව පැත්තෙන් අද ලංකාවේ ගොඩක් ඉහල තැනක ඉන්නවා. ඒ ගැන කතා කරොත් ?

ලංකාවේ ඉහලම තැනකට මයුරපාද නම ඔසවා තැබීමට ලැබීම ගැන මුලින්ම සතුටු වෙනවා.ඒවගේම ගුවන් හමුදා කබඩි කංඩායමේ සාමාජිකාවක්, ජාත්‍යන්තර තරඟ බොහෝමයක් ජයග්‍රහනයකළ ශ්‍රී ලංකා කබඩි කංඩායම නියෝජනය කරන්න ලැබුණු එක ගැන නිහතමානී ආඩම්බරයක් තියෙනවා.



4. විදේශ රටවල් කිහිපයක ක්‍රීඩා තරඟවලට ලංකාව නියෝජනය කරමින් සහභාගි වෙන්න අවස්ථාව ලැබුනා. ඒ ගැන මතක් කරොත්?

* මුලින්ම ලංකාව නියෝජනය කිරීමට මයුරපාද ක්‍රීඩිකාවක් විදිහට වෙන්න ලැබුනා.

* 2009/2011 වසර දෙකේම මැලේසියාවේ පැවැත්වූ කනිෂ්ඨ ආසියානු කබඩි තරගාවලියේ ලෝකඩ පදක්කම් දෙකක් ලබාගත්තා.

* 2008 ඉන්දියාවේ පැවති අන්තර් ප්‍රාන්ත කබඩි තරඟාවලියට සහභාගි වුණා.

* 2016 ඉන්දියාවේ පැවැත්වූ දකුණු ආසියානු ක්‍රීඩා තරගාවලිය (SAG) ලෝකඩ පදක්කම් ලාභී.

* 2016 වසරේ කොරියාවේ පැවැත්වූ 4වන ආසියානු කාන්තා කබඩි ශූරතාවලියේ ලෝකඩ පදක්කම් ලාභී.

* 2016 වියට්නාමයේ පැවැත් වුණා 5වන වෙරළ කබඩි තරගාවලියේ ලෝකඩ පදක්කම් ලාභී.

5. ආසියානු ක්‍රීඩාවලදී ශ්‍රී ලංකා කංඩායමට අසාධාරණයක් උනා කියලා කතාවක් තිබුනා. මොකක්ද ඒකේ ඇත්ත ?


ඒ දේවල් මොනවා උනත් අපි ශ්‍රී ලංකාව නියෝජනය කරන කංඩායමක් විදිහට අවසන් විනිසුරු තීරනයට ගෞරව කරනවා.



6. මයුරපාදයෙන් බිහිවුණු කබඩි ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනෙක්ම අද ක්‍රීඩාව පැත්තෙන් ඉහල තැනක ඉන්නවා. ඒ අය ගැන මතක් කරොත් ?

එදා මෙදාතුර බිහිවූ මයුරපාදයේ කබඩි ක්‍රීඩකයින් ලංකාව තුළ ඉහල ස්ථානයක දෙවා තබමින් තවමත් වත්මන් කබඩි ක්‍රීඩාවේ උන්නතිය උදෙසා විශාල මෙහෙයක් ඉටු කරමින් ඉන්නවා.

පලමු වෙන්ම සිහිපත් වෙන්නේ 1996 ප්‍රථම පාසල් කබඩි තරගාවලිය නියෝජනය කර මයුරපාදයට රන් පදක්කම් ගෙන ආවේ අපගේ පුහුණුකරුවන S.M.T. සමරකෝන් සර්(කළු අයියා) ඇතුළු කංඩායමයි. මේ වෙනකොට එතුමා ශ්‍රී ලංකා පාසල් කබඩි සංගමයේ තරඟ ලේකම් වශයෙන් ජාතික කබඩි සම්මේලනයේ උප සභාපති , ජාත්‍යන්තර කබඩි විනිසුරු වරයෙකු වශයෙන් ශ්‍රී ලංකා කාන්තා කබඩි කංඩායමේ ප්‍රධාන පුහුණුකරු වශයෙනුත් ශ්‍රී ලංකාවේ නම ජාත්‍යන්තර කබඩි පිටියේ ඉහලින් තැබීමට මහගු මෙහෙවරක් ඉටු කරනවා.

K.A.L.K.B කුරුප්පු (කුරා) 


2009 සමස්ථ ලංකා පාසල් කබඩි තරගාවලිය රන් පදක්කම් ලාභී කංඩායමේ විශේෂ දක්ෂතා සහිත ක්‍රීඩකයෙකු ලෙස පැමිණ මේ වන විට ශ්‍රී ලංකා කබඩි කංඩායමේ අති දක්ෂ ක්‍රීඩකයෙකු ලෙස ජාත්‍යන්තර තරඟ රාශියකට සහභාගි වී ජයග්‍රහන ලබාගෙන ඇත.ඒ අතරින් විශේෂ තරඟ ලෙස.

* 2006 SAG ඉන්දියාවේ පැවැත්වූ තරඟයේ ලෝකඩ පදක්කම් ලාභී.

* 2016 වියට්නාමයේ පැවති 4වන ආසියානු වෙරළ කබඩි තරඟාවලියේ ලෝකඩ පදක්කම් ලාභී.

E.N.K එදිරිසිංහ (කෝකිලා)

* චීනයේ පැවති වෙරළ කබඩි තරඟාවලිය.
* තායිලන්තයේ පැවති තරඟාවලිය.
* ශ්‍රී ලංකාවේ පැවති වෙරළ කබඩි තරගාවලිය.

E.N.N. ජයවර්ධන (නදුන්)

* ශ්‍රී ලංකා කබඩි කංඩායමේ ක්‍රීඩකයෙක වන අතර ජාත්‍යන්තර තරඟ ජයග්‍රහනය කර ඇත.

E.W.I.S. විජේතුංග (ඉන්දීවරී)

* 2016 දකුණු ආසියානු කාන්තා කබඩි තරඟාවලිය.

A.R.S.A.M. ජයවර්ධන (ආලෝකා)

* 2010 සමස්ථ ලංකා කබඩි කංඩායමේ නායිකාව ලෙස කටයුතු කලා. 2009/2011 ආසියානු කනිෂ්ඨ කබඩි තරඟාවලිය නියෝජනය කරමින් ලෝකඩ පදක්කම් ලබා ඇති අතර මේවන විට අප පාසලේ ක්‍රීඩා උපදේශිකාවක් ලෙසිත් කබඩි කංඩායමේ ප්‍රධාන පුහුණුකාරිය ලෙසත් ශ්‍රී ලංකා කබඩි සංගමයේ විනිසුරු වරියක ලෙසත් පාසල් කබඩි සදහා විශාල මෙහෙයක් ඉටු කරනවා.



7. ඒ කාලේ ඉස්කෝලේ නියෝජනය කරපු කබඩි කංඩායමේවල ජයග්‍රහනය නියත දෙයක්. අද ඉස්කෝලේ කබඩි ක්‍රීඩාව ගැන මොකක්ද අදහස ?

ඒ කාලේ මතක් වෙනකොටත් ගොඩක් සතුටුයි. ඉස්සර අපි තරඟාවලියට යනකොට මයුරපාදේ නමටත් බයයි. ඒ වගේ තැනක් මයුරපාද කබඩි වලට අපි ඉස්කෝලේන් සමුගන්න කොටත් තිබුනා. ඒකට අපි වගේම අපිට කලින් කබඩි ක්‍රීවාවෙන් ජය ලැබූ සහෝදර ක්‍රීඩකයිනුත් ලබාගත් දෙයක්. ඉස්සරහටත් එ් නම අරන් යයි කියලා අපෙන් පස්සේ පරපුරකුත් හදලයි පාසලෙන් ගියේ. ඒත් ඒ නමත් ගෞරවයත් කබඩ් ක්‍රීඩාවත් අපිත් එක්ක ආවද කියලා දැන් ආපහු හැරිලා බලද්දී හිතෙනවා. ඒත් වාසනාවකට වගේ අප පාසලේ කබඩි භාර ගුරුවරිය ලෙස මගේ ලගම යෙහෙලියක්වන ආලෝකා ජයවර්ධන ගැන ලොකු බලාපොරොත්තුවක් තියෙනවා.

8. ඉස්කෝලේ කබඩිවලට අතදෙන්න අදහස් නැද්ද ?


මේ ප්‍රශ්නය අහපු එක ගැන ගොඩක් දුකයි. මේවා ඔයාලා හොයලා බැලුවා නම් තේරෙයි අපි ඇරෙන්න මේ පාසලට එදා වගේම අදත් ඇවිත් ක්‍රීඩාවට උදව් කරන්න වෙන කවුරුත් නෑ කියලා මේ ප්‍රශ්නෙට කියන්න ගොඩක් දේවල් තියෙනවා. ඒවා කියලා හිත රිද්ද ගන්න කැමති නෑ.



9. මයුරපාදය නියෝජනය කරලා පාසල් මට්ටමින් ගත්තු ඉහලම ජයග්‍රහන මොනවාද ?


2009/2011 මැලේසියාවේ පැවති ආසියානු කනිෂ්ඨ කබඩි තරඟාවලිය.

10. ක්‍රීඩිකාවක් විදිහට ඉදිරියට යන්න අත දීපු ගුරුවරු කවුද ?

ගුරුවරුන් කීවාම මට වගේම අනික් සහෝදර ක්‍රීඩක ක්‍රීඩිකාවන්ටත් මතක් වෙන්නේ S.M.T. සමරකෝන් සර්. අපි ආදරේට කියන්නේ කළු සර් කියලා. අද අපි හැමෝම යම් කිසි තැනක ඉන්නවා නම් ඒ අපේ සර් හින්දා. ක්‍රීඩාව වගේම ජීව්තේත් කියලා දුන්නා.

ඒ වගේම මාව කබඩි ක්‍රීඩාවට ගත්තේ රංජිත් සර්,  ප්‍රියානි මැඩම් , වෑගන්තලේ සර් ගොඩක් ආදරෙන් මතක් කරනවා. විදුහල්පතිවරු වශයෙන් මෙඩේරිගම සර් , තිලකරත්න සර් ගොඩක් උදව් කරා. ඒ අයට ස්තූතිය පූර්වකව මතක් කරනවා. ගුරුවරුන් නොවුනත් මගේ ක්‍රීඩාවට අත දුන්න සහෝදර සහෝදරියන්ව මතක් කරනවා.



11. ඉස්කෝලේ වර්තමාන තත්වය ගැන මොකක්ද හිතෙන්නේ ?

අද නම් ඉතින් ගොඩක් කාලෙකින් අපේ පොඩ් එවුන්ට සමස්ථ ලංකා කබඩි කබඩි තරඟාවලියේ රිදී පදක්කමක් දිනලා තියෙනවා. කියන්න සතුටුයි ආලෝකා අක්කා සියලුම වගකීම් අරන් මයුරපාදයේ කබඩ් ආයෙත් පරණ පාරට අරන් එනවා කියලා විශ්වාසයි. අපිත් පරණ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ හැටියට පුලුවන් උපරිම සහය දුන්නා. අපේ ඉස්කෝලේ නම පාසල් කබඩි ක්‍රීඩා පිටියේ ඉහලින් තැබීමට අවස්ථාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් ඒ දේ කරන්න ආලෝකා අක්කට හදවතින්ම සුභ පතනවා.

12. මයුරපාද මිතුරෝ ගැන මොකද හිතෙන්නේ ?
මෙහෙම හරි අපි ගැන හොයන එක ගැන සතුටුයි. ඔයාලට ඒ වගේම තවත් වැඩ කටයුතු සාර්ථකව කරගෙන යන්න සුභ පතනවා.

13. අවසාන වශයෙන් මොකක්ද කියන්න තියෙන්නේ ?


කියන්න දේවල් ගොඩක් තියෙනවා. සමාජ ගත නොවුනත් අපි පාසල වෙනුවෙන් කරපු දේවල් මේ කේෂ්ත්‍රයේ ඉන්න අය දන්නවා. ගොඩක් ප්‍රශ්න මැද තමයි අපි පාසලත් එක්ක ඉන්නේ. අපිට මොන ප්‍රශ්න ආවත් අපි පාසලට ආදරෙයි. අදටත් ඉස්සරහටත්. ඒ නිසා මම මගේ පාසලට පුලුවන් කාලයක් පුලුවන් තරම් උදව් කරනවා.

ඒ වගේම අද මම ඉන්න තැනට යන්න මට වචනෙකින් හරි සහයෝගය දුන්න හැමෝම ආදරෙන් මතක් කරනවා. ඒ වගේම ඔයාලාටත් ස්තූතියි.

****

















Wednesday 15 February 2017

පෙරුම් පුරාගෙන ආ සංසාරේ. ගීතය ලියවුණු සත්‍ය සිදුවීම.



අනුරාධපුර සිට කොළඹ බලා ගමන්කරන දුම්රිය සුපුරුදු පරිදි අනුරාධපුර නැවතුම්පොළින් පිටත් වුනා. මේ කියන්න හදන කතාවට මුහුණු දුන්නේ ස්වාමීන් වහන්සේ නමක්. ඒ තමයි මහකණුමුල්ලේ වජිර හිමි. උන්වහන්සේ දුම්රියට ගොඩවැදුනේ කොළඹ බලා වඩින්න.

දුම්රියේ මුල්ලක තිබුන අසුනක උන්වහන්සේ අසුන්  ගන්නවා. වැඩි සෙනඟක් එදා හිටපු නැති නිසා වැඩි කලබලයක් තිබුනේ නෑ.


දුම්රිය අනුරාධපුරයෙන් පිටත් වෙලා ටික දුරක් එනවා. වැඩිය ජනාකීර්ණ නොවුණු නැවතුම්පොළක් නැති තැනක හදිස්සියේම දුම්රිය නතර කරනවා. ටික වෙලාවකින් දුම්රිය හිටපු අය කලබලයෙන් දුම්රිය එංජිම පැත්තට යන්න පටන් ගන්නවා. මිනිස්සු ඒ මේ අත දුවනවා. හරිම කලබලයක් මේ හාමුදුරුවෝ දකිනවා. ⁣



මේ වෙලාවේ හාමුදුරුවෝ ළග හිටපු පුද්ගලයාත් යනවා මේ කලබලය මොකක්ද කියලා බලන්න.කොහොම වුනත් හාමුදුරුවෝ නම් එලියට වඩින්නේ නෑ. සිද්ධිය යාන්තමට තේරුම් ගන්න උන්වහන්සේට පුලුවන් වෙනවා.

ඔය අතරේ සිද්ධිය බලන්න ගියපු හාමුදුරුවෝ ළග හිටපු පුද්ගලයා ආයෙත් අසුනට එනවා. හාමුදුරුවෝ මේ ගැන ඔහුගෙන් විස්තර අහනවා.

මොකක්ද වෙලා තියෙන්නේ?.

ජෝඩුවක්  කෝච්චිය පැනලා හාමුදුරුවනේ.

ඉතින්?

එතනමයි හාමුදුරුවනේ. කෑලි.

තරුණ අයද?

ඔව්. තවම ඉස්කෝලේ යනවා ඇති. එච්චර වයසක් පේන්න නෑ.


කලබල ගතිය ටික වෙලාවකින් නැති වුණා. කෝච්චිය ආයෙත් සුපුරුදු ගමන ආරම්භ කළා. ඊලඟ නැවතුම්පොළින් හාමුදුරුවෝ ළග හිටපු මගීන් බැහැලැ ගියා. මෙච්චර වෙලා හිතේ කකියපු ගොඩක් දේවල් පෑනක් අරන් තමන්ගේ නෝට් පොත එලියට අරන් ගලපන්න පටන් ගත්තා.

ඔය විදිහට තමයි මේ දුක බර ගීතය ලියවෙන්නේ. මේක සත්‍ය කතාවක්. කොහොම උනත් මේ කතාවට මුහුණ දුන් ස්වාමීන් වහන්සේ මේ වෙනකොට ගිහි ජීවිතයක් ගතකරනවා වජිර මහකණුමුල්ල තමයි වර්තමාන ගිහි නම.

කොහොම හරි මේ මියගිය තරුණියගේ පවුලේ අය රචකයා ගෙන් ඉල්ලීමක් කරලා තියෙනවාලු මේ සිද්ධියේ ඇත්ත කතාව කියන්න එපා කියලා. ඒක තමයි මේ සිද්ධියේ නම් ගම් නිවරදි විදිහට කිසිම තැනක නැත්තේ.

පෙරුම් පුරාගෙන ආ සංසාරේ

පැතුමද සුනු විසුනුව වැටුනේ

කාටද රිදුනේ කවුරුද හැඩුවේ

දුම්රිය මොහොතක් නතර වුනේ ...



*මේ අපි පෙරුම් පුරාගෙන ආපු සංසාර ගමන පැතුම් සුණුවිසුණු වීම සාමාන්‍ය දෙයක්. ඉතින් ඔබේ පැතුම් බොද වුනාද?  ඒකට උත්තරයද මේ?. මේ කරගත්තු දෙයින් ඒ පැතුම් ඉටුවෙයිද? ඔයා කාටද මෙහෙම රිදවන්න හැදුවේ?. අවසානයේ වුණේ මේ කෝච්චිය ටික වෙලාවකට නතර වුණ එක විතරයි.*

මලක් වගේ රොන් සුවඳ වගේ

ජිවතය සුව අපමන වේ ...//

දොලක් වගේ දිය දොක වගේ

ජිවතයේ අම සිසල දැනේ....


* මේක හැමෝටම ලොකු පාඩමක්. ස්වාමීන් වහන්සේ මේ ගැන දැනුවත් කරන්න ගීතය යොදා ගන්නවා. පරිසරයට උපමා යොදනවා. අපිට මේ ජීවිතේ ගොඩක් දේවල්ට මුහුණ දෙන්න වෙනවා. ඒ හැම දෙයක්ම සතුටක් නම් අපිට දෙන්නේ නෑ*

පෙරුම් පුරාගෙන ආ සංසාරේ...


වරක් නෙතඟ කදුළැලි පිරුනාදෝ

සිතට දරාගනු බැරි දුක් වීදෝ....//

දිවිය මොන තරම් සුන්දරදෝ

දුකම කොයි තරම් සතුටක්දෝ...


* ඇස්වලට කදුළු එන ⁣, හිත රිදවන දෙයක් ඔබට වෙන්න ඇති. ඒක හිතට දරාගන්න බැරිවෙන්න ඇති. ඔයාට ඒවට මුහුණ දෙන්න තිබුනා. මේ වගේ මනුෂ්‍ය ජීවිතයක් ලබන්න හරිම අමාරුයි. මේ අපිට ලැබෙන දුක සතුට මොනතරම් අපිට ලැබෙනවාද. ඒක හැමෝටම පොදු දෙයක්. මේ දුක තුළ සැගවුනු සතුට ඔයාට තේරුම් ගන්න බැරිවුණා*

පෙරුම් පුරාගෙන ආ සංසාරේ...


ගායනය / සංගීතය - සේනානායක වේරලියද්ද.
පද රචනය -  වජිර මහකණුමුල්ල.

*********

මයුරපාද මිතුරෝ සමග එක්වූ ඔබට ස්තූතියි.

Saturday 11 February 2017

මගේ ජීවිතේ පුරා ගීතය අහලා තිබුනට මේ දේවල් දැනගෙන හිටියද?



තවත් ජනප්‍රිය ගීතයක් ගැන කතා කරන්න තමයි හදන්නේ මේ අපි කතා කරන තුන්වෙනි ගීතය. අද ගීතය තමයි සේනානායක මහත්මයාගේ " මගේ ජීවිතේ පුරා" කියන ජනප්‍රිය ගීතය..

මගේ ජීවිතේ පුරා... එකම සිතින් ප්‍රාර්ථනා...

මගේ ජීවිතේ පුරා...
එකම සිතින් ප්‍රාර්ථනා...
කෙලෙස හෝ වේදනාවෝ
සඟවා තබා ගමි....
සඟවා තබා ගමි....


[[ හොදටම තේරෙනවා මේක නම් විරහාවක්. ජීවිතයේ පතපු එකම ප්‍රාර්ථනාවට යම් දෙයක් වෙලා තියෙනවා. ඉතින් මොහු ඒ දුක හිරකරගෙන ඉන්න උත්සාහ කරනවා ඇත්තටම මොකක්ද වෙලා තියෙන්නේ?? මේ කොටසින් නම් තේරුම් ගන්න අමාරුයි නේද?? ]]

සඳ සෙවනේ අපි තරු ගැනලා
ඒ තරමට පැතුමන් පුරලා..//
කවදාවත් නෑ තරහ වෙලා
අද නෑ..... අද නෑ තාරකාවී..
අඳුරෙන් වැසී ගියේ..
අඳුරෙන් වැසී ගියේ..

[[මොහු තමන්ගේ පෙම්වතිය ගැන සහ තමන්ගේ ආදර කතාවේ අතීතය සිහිපත් කරනවා. සද එලියේ ඒ ගතකරපු සුන්දර කාලය, අනායෙ වෙනුවෙන් මවපු සිහින.... කවදාකවත්ම තරහා වෙලා හිටියේ නැති උනත් අද එයා නැහැ.. එයා අදුරින් වැහිලා කියලා මොහු කියනවා.. තවමත් අපිට හිතාගන්න බෑ මේ සිදුවෙලා තියෙන්නේ මොකක්ද කියලා හරියට. අපි ඊලඟ පද පේලියත් බලමු]]

සුදු වැලි යට අද සැතපීලා
ඝන අඳුරින් ලෝකය වැසිලා..//
ඉවසා ගන්නේ කෙලෙසද මා
යළි නෑ.......යළි නෑ ආයෙ එන්නේ..
වෙනදා වගේ සදා..
වෙනදා වගේ සදා..

[[ ගීතයේ සම්පූර්ණ තේරුම හැංගිලා තියෙන්නේ මේ "සුදු" කියන වචනය මත. සුදු වැලි යට අද සැතතපීලා කියන්නේ මොකක්ද කියලා ඇහුවොත් ගොඩක් අය කියන් කෙල්ල මැරිලා වෙන්න ඇති කියලා.. ඇත්තටම සුදු කියලා කියන්න උත්සාහ කරන්ගේ තරුණියකගේ පතිවත ගැන. ඉතින් සුදු වැලි යට අද සැතපීලා කියන්නේ මොකක්ද කියලා දැන් ඔයාලට අවබෝධ වෙන්න ඇති.

ඉතින් ඒ හේතුව නිසා මේ ආදර ලෝකය අද ඝන අදුරකින් වැහිලාලු. මේ කාරනාව පෙම්වතාට ඉවසන්නට හරිම අමාරු දෙයක්.

අවසානයේ කියනවා යළි නෑ ආයෙ එන්නේ වෙනදා වගේ සදා කියලා. ඉතින් ඒ කියන්නේ පෙම්වතිය එයා ලගට ආයෙත් නම් කවදාවත් එදා ආපු විදිහට පිවිතුරු තරුණියක් විදිහට නම් ආයේ එන්නේ නෑ කියලා]]

මගේ ජීවිතේ පුරා...

සේනානායක වේරලියද්ද.

ගායනය : සේනානායක වේරලියද්ද
 ශාන්ත දේශබන්දු.


පද රචනය : ශාන්ත දේශබන්දු
සංගීතය : සේනානායක වේරලියද්ද

ගීතය ගැන දැන් ඔයාට හරි අවබෝධයක් ලැබෙන්න ඇති.. අපි තවත් දවසක මේ වගේ තවත් ජනප්‍රිය ගීත ගැන නොදන්න දේවල් කතා කරමු.

ගීතය අහන්න කැමති අය මෙතනින් අහන්න පුලුවන්.
https://m.youtube.com/watch?v=KhtBri5851A

******


මයුරපාද මිතුරෝ සමග එක්වූ ඔබට ස්තූතියි.

Thursday 9 February 2017

මයුරපාදය බිහිකළ විශ්වවිද්‍යාල උපකුලපති. තොරතුරු දැනගන්න ලිපිය කියවන්න.



තවත් අභිමානවත් ආදි සිසුවෙක් ගැන තමයි කතා කරන්න හදන්නේ.. අද අපේ කතා නායකයා තිලක් ධර්මරත්න මහතා.



සැ.යු. - මෙම ලිපිය 2015.06.23 දින දිවයින පුවත්පත් වෙබ් අඩවියේ ප්‍රචාරයකළ ලිපියකි. වර්තමානට ගැලපෙන ආකාරයට වෙනස්කම් කිහිපයක් කර ඇත.

සාගර විශ්වවිද්‍යාලයේ ප්‍රථම උපකුලපති ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කළ තිලක්‌ ධර්මරත්න මහතා  2015/06/22 දින පෙරවරුවේ සුබ මොහොතින් මට්‌ටක්‌කුලියේ පිහිටි සාගර විශ්වවිද්‍යාලයේදී සිය ධුරයේ වැඩ බාරගෙන ඇත.

තිලක් ධර්මරත්න මහතා.

මෙම තනතුරට පත්වීමට පෙර තිලක්‌ ධර්මරත්න මහතා ජාතික මැණික්‌ හා ස්‌වර්ණාභරණ පර්යේෂණ හා අභ්‍යාස ආයතනයේ අධ්‍යක්‍ෂ ජනරාල් ලෙස කටයුතු කරන ලදී.

එතුමන් උපකුලපති ලෙස වැඩ බාරගැනීමට මට්‌ටක්‌කුලිය ශ්‍රී බෝධිරාජාරාමාධිපති නායක හිමියෝ පැමිණ සිටි පිරිස පංච ශීලයෙහි පිහිටුවීමෙන් අනතුරුව සුබ මොහොතින් තිලක්‌ ධර්මරත්න මහතා ලියවිල්ලකට අත්සන් තබමින් සිය ධුරයේ රාජකාරි ආරම්භ කළේය.

වෘත්තීය සහ කාර්මික පුහුණු අමාත්‍යාංශයේ ලේකම් ආර්. එම්. අබේරත්න, ජාතික ධීවර හා නාවික ඉංජිනේරු ආයතනයේ සභාපති ඩබ්ලිව්. එම්. ටී. ඩී. වන්නිනායක, සාගර විශ්වවිද්‍යාලයේ පාලක මණ්‌ඩලයේ නිලධාරීන්, සාගර විශ්වවිද්‍යාලයේ අධ්‍යයන, අනධ්‍යයන කාර්ය මණ්‌ඩලයේ සේවක සේවිකාවන්, ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇතුළු පිරිසක්‌ වැඩ බාර ගැනීමේ අවස්ථාව සහභාගි වූහ.

තිලක්‌ ධර්මරත්න මහතා මාවනැල්ල අඩුවේවල ප්‍රාථමික විදුහලෙන් හා මයුරපාද මධ්‍ය මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා මහනුවර ශාන්ත සිල්වෙස්‌තර විදුහලෙන් ද්විතීක අධ්‍යාපනය ලබා ඇත. ඒ මහතා පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් භූ විද්‍යාව ඇතුළු විද්‍යාවේදී උපාධිය ලබා පසුව එංගලන්තයේ සවුත්ඇම්ටන් විශ්වවිද්‍යාලයෙන් සාගර විද්‍යාව පිළිබඳව පශ්චාත් උපාධිය ලබා ඇත.

එමෙන්ම ධර්මරත්න මහතා ශ්‍රී ලංකා සංවර්ධන හා පරිපාලන ආයතනයේ ජාතික කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධියද හදාරා ඇති අතර 1988 සිට 2000 වසර දක්‌වා හෙතෙම ජාතික ජලජ සම්පත් නියෝජිත ආයතනයේ සාගර විද්‍යා අංශයේ සේවය කර ඉන් වසර 5ක්‌ එම අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කර ඇත.

වැඩ බාර ගැනීමෙන් පසු අදහස්‌ දැක්‌වූ සාගර විශ්වවිද්‍යාලයේ උප කුලපති තිලක්‌ ධර්මරත්න මහතාá සාගර විශ්වවිද්‍යාලයේ ප්‍රථම උප කුලපති ලෙස තමන්ව තෝරා ගැනීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටත්, නිපුණතා සංවර්ධන, වෘත්තීය සහ කාර්මික පුහුණු ඇමැති පියසේන ගමගේ මහතාටත් ස්‌තුතිවන්ත වන බව ප්‍රකාශ කළේය.

ජාත්‍යන්තර සම්මුතීන්වලට අනුව වසර 2018 වන විට අප රටේ සම්පූර්ණ ගොඩබිම් ප්‍රමාණයට වඩා විසිතුන් ගුණයක අයිතිය මුහුද සහ මුහුදු පතුල පිළිබඳව ලංකාවට ලැබෙන බවත් ඒ වන විට සාගර සම්පත් වැඩිදියුණු කිරීම සඳහා විශේෂඥයන් බිහි කිරීම අපගේ කාර්යය බවත් තිලක්‌ ධර්මරත්න මහතා පැවසීය. ඒ සඳහා සාගර විශ්වවිද්‍යාලයට විශේෂ කර්තව්‍යක්‌ කළ යුතු බවත් ඒ සඳහා සාගර විශ්වවිද්‍යාලයට විශේෂ අවස්‌ථාවක්‌ ලැබී තිබෙන බවත් ප්‍රකාශ කළේය.

සාගර අධ්‍යයන පිළිබඳ අවශ්‍ය පීඨ, පාඨමාලා සහ ආචාර්යවරුන් ඇති කළ යුතු බවත් ඒ සඳහා දැනට සිටින ආචාර්ය මණ්‌ඩලයත් විශ්වවිද්‍යාල පනත යටතේ අවශ්‍ය අය බඳවාගත යුතු බවත් ධර්මරත්න මහතා පැවසීය. ඒ සඳහා තමා නායකත්වය දෙන බවත් සාගර විශ්වවිද්‍යාලය ඉන්දියානු කලාපයේ සාගර කටයුතු පිළිබඳ අංක එකේ විශ්වවිද්‍යාලය බවටත් ලෝකයේ හොඳම විශ්වවිද්‍යාල දහස අතරට පත් කිරීමටත් තමා සමග එක්‌වන මෙන් විශ්වවිද්‍යාල ආචාර්ය මණ්‌ඩලයෙන් හා කාර්ය මණ්‌ඩලයෙන් ඉල්ලා සිටින බවත් තිලක්‌ ධර්මරත්න මහතා එම අවස්ථාවේ වැඩිදුරටත් කියා ඇත.


********


මයුරපාද මිතුරෝ සමග එක්වූ ඔබට ස්තූතියි!.

Monday 6 February 2017

OB එක මෙච්චර කල් මොකද කරේ.. මෙන්න විස්තරේ..


සුභ දවසක් වේවා

තවත් වැදගත් මතෘකාවක් තොරා ගත්තා කතා කරන්න. කවුරුත් දන්න දෙයක් තමයි පාසල් 150වන සංවත්සරයට සමගාමීව ආදිශිෂ්‍ය සංගමය වැඩ 150ක් සංවිධානය කරනවා කියලා. ඉතින් සංගමය මේ වෙනකොට මොනවාද කරලා තියෙන්නේ?..

ඇත්තටම ගොඩක් අය සංවිධානය කරපු වැඩසටහන් කිහිපයක් ගැන විතරයි දන්නේ. විශේෂයෙන් විදේශ රටවල ඉන්න අය නම් වැඩිය දැනුවත් නැතුව ඇති. ඉනිත් ඒ හේතුව නිසා අපි තීරනය කරා සංගමය සංවිධානය කරපු වැඩසටහන් කිහිපයක් ගැන දැනුවත් කරන්න.


මේ තියෙන්නේ ආදිශිෂ්‍ය සංගමය දැනට සංවිධානය කරලා තියෙන වැඩසටහන් කිහිපයක්.



---------------------

* වර්තමාන ගුරුවරුන් ඇගයීමට ලක්කරමිනි ත්‍යාග ප්‍රධානය. 2015-12-04

* මයුර රැළිය සංවිධානය 2015,11,14

* ආදිසිසුන් සහ ගුරුවරුන් එක් කරමින් පාසල් කාලෙට ආයෙත්(Back To School) සංවිධානය.

* පාසලට ත්‍රි⁣ රෝද රථයක් ලබාදීම.

* ආදි ශිෂ්‍ය නිල වෙබ් අඩවිය නිර්මාණය.

* ආදි ගුරු උපහාර උලෙළ.

* ආදි ගුරු ආදිශිෂ්‍ය සුහද හමුවක් සංවිධානය.

* විද්‍යාලයේ දීප්තිමත් ආදිසිසුන් දෙදෙනෙකුට සමරු ඵලක සහ උපහාර ලබාදීම.

* ත්‍රීරෝද රථය ගාල් කිරීම සදහා නිමල් මෝටර්ස් අනුග්‍රහයෙන් ගරාජයක් සකස් කිරීම.

* 2016 වසරට අවශ්‍ය ගුරු වාර්තා පොත් ලබාදීම.

* ප්‍රාථමික අංශය සදහා බුදු මැදුර සකස් කිරීම. (මෙහි වහලයට සම්පූර්ණ මුදල 60,000ක් ලබාදීම.

* ලේ දන්දීමේ කදවුර.

* රැකියා විරහිත ආදි සිසුන්ට ආදිශිෂ්‍ය සංගමයේ උප ලේකම් තුමා විසින් රැකියා පොලක් සංවිධානය.

* පාසල් වානිජ දිනය සදහා ජාත්‍යන්තර කීර්තිමත්ම ව්‍යපාරික ආදිශිෂ්‍ය නන්දන ප්‍රේමසාර මහතා විසින් මෙහෙයවීම සම්බන්ධීකරණය.

* ගණිත කදවුර සංවිධානය කිරීම.

* 10 වසර මාපිය වන්දනා වැඩසටහන සංවිධානය.

*පාසලේ විද්‍යා දින සැමරුම් උත්සවයක් සංවිධානය.

* පාසල් නිවාසාන්තර ක්‍රීඩා තරග පුහුණුකරුවන්ට ත්‍යාග ලබාදීම.

* විද්‍යා දිනයේ සහතිකපත් ලබාදීම.

* පාසල් ප්‍රධාන ශාලාව සහ තාප්පය වර්ණ ආලේප කර අවසන් කිරීම. (එස් ඒ අබේකෝන් සහ කේ.බී රත්නායක මහත්වරුන්ගේ මූලිකත්වයෙන් යුතු කංඩායමක්)

* ආදිශිෂ්‍ය නාමලේඛනය පරිගණක ගත කිරීම, (ආදිශිෂ්‍ය සංගමයේ උප ලේකම් ජී නන්දන පී වික්‍රමසිංහ මහතා විසින්)

* මයුර රැළිය 2016 සංවිධානය.

* වර්තමාන ගුරු සංවර්ධනය සදහා එකමුතුවක් සංවිධානය.

* ඩුප්ලෝ යන්ත්‍රයක් පරිත්‍යාග කිරීම.

* කැන්වස් රෙද්දෙන් නිර්මාණයකළ විශාල ප්‍රමාණයේ කූඩාරම් 2ක් පාසලට ලබාදීම.
(ආදිශිෂ්‍ය රෝහන බණ්ඩාර මහතා)

* ක්‍රීඩා උපකරණ ලබාදීම.

* නව ක්‍රීඩාවක හදුන්වා දීම.

* Bress Band සෑදීමට බඩු ලබාදීම.

* ශිෂ්‍ය භට බලකාය නැවත ස්ථාපිත කිරීම.

* ආදි ගුරුවරුන්ගෙන සමන්විත උපදේශක මඩුල්ලක් සැකසීම (ආදි ගුරු සංවර්ධනය)

* නාට්‍ය ප්‍රදර්ශනය කිරීම දර්ශන 3ක්.
(ආදිශිෂ්‍ය සංගමයේ මූල්‍ය ශක්තිය සංවර්ධනය කිරීමට)

--------------------

මයුරපාද මිතුරෝ සමග එක්වූ ඔබට ස්තූතියි.


Saturday 4 February 2017

මයුරපාද විදු මව බිහිකළ කමාන්ඩෝ මේජර්. තොරතුරු දැනගන්න ලිපිය කියවන්න



ආයුබෝවන් !.

අපි තවත් විශේෂ ආදි සිසුවෙක් අපේ කතාබහට එකතු කරගත්තා. ඔහු කමාන්ඩෝ බලකායේ නිලදාරියෙක්. කතා කරන්න තොර ගන්නත් විශේෂ හේතුවක් තියෙනවා. ඒ තමයි කාලයක් තිස්සේ නැවතිලා තිබුනු ශිෂ්‍ය භට බලකාය නැවත ගොඩනගන්න දායක වුණු එක් නිලදාරියෙක් තමයි ඔහු. ඔහු නමින් මේජර් නදීක දංගොල්ල මහතා.

එතුමා අපිත් එක්ක කතා කරන්න එකතු උණේ මේ විදිහට
-------------------------------------------------

නදීක දංගොල්ල මහතා 


* මොකක්ද සම්පූර්ණ නම?.

මේජර් ඩි.ජි. නදීක ප්‍රියදර්ශන දංගොල්ල.

* මයුරපාදයේ මොන කංඩායමේද ?

මම 2001 A/L කංඩායමේ.

* ඒ කාලේ ඉස්කෝලේ හිටපු යාළුවෝ ටිකක් මතක් කරොත් ?

මල්ලව බංඩාර , සමරකෝන් (කළු අයියා) , චන්දන වික්‍රමසේන , නාරද නිශ්ශංක , ගයාන් අදිකාරී , මහේෂ් සම්පත් ආරියරත්න , දිනේෂ් , රංකොත් , නන්දේ , සදුන්.

* වැඩිම මතකයන් තියෙන ගුරුවරු කවුද ?

විදුහල්පති මෙඩේරිගම සර් , ආරියරත්න සර් , නාලනී පෙරේරා මැඩම් , ශ්‍රියානි රාජකරුණා මැඩම් , මහින්ද අබේගුණසේකර සර්  , සන්ධ්‍යා මැඩම් , වික්‍රමසිංහ සර් , මල්ලව සර් , සේනානායක සර් , රම්‍යලතා මැඩම් , සේනානායක සර් , ජෙනිටා මැඩම් , ෆොන්සේකා සර් , රෝහිණී මැඩම් , කරුණාරත්න සර් , අමරකෝන් සර් , කුමුදුනී මැඩම් , නාරගල සර් , වසන්තා රාජකරුණා මැඩම් , කල්යානි මැඩම් , ගුණතිලක සර් , මැණිකේ මැඩම් , රණවීර මැඩම්.

* මුලින්ම හමුදාවට බැදුනේ මොන කාලෙද ?

2004/01/10 හමුදාවට බැදුනේ ආධුනික කැඩෙට් නිලදාරියෙක් විදිහට.

* ඒ කාලේ ඉදන් අද වෙනකල් ආපු ගමන ගැනක් කරොත් ?

මම 1997 වර්ෂයේ මයුරපාද ශිෂ්‍ය භට කංඩායමට බැදුනේ ආධුනික ශිෂ්‍ය භටයෙකු විදිහට. එතන ඉදන් ශිෂ්‍ය භට බලකායේ තනතුරු හොබවමින් මයුරපාදයේ සැරයන් මේජර් වශයෙන් උසස්වීම් ලබා ගත්තා. ඊට පස්සේ ඉතිහාසයේ පලමු වරට වර්ෂ අවසානයේ පැවැත්වෙන රන්ටැඹේ පැවැත්වෙන හර්මන් ලෝස් ශුරතාවලියට , ආදි සිසුවෙකු මෙන්න අප විද්‍යාලයේ ශිෂ්‍ය භට කංඩායම භාර නිළධාරි මහින්ද අබේගුණසේකර සර් සමග සහභාගි විය. 2001 වර්ෂයේ හර්මන් ලෝස් ශූරතාවලියට එවකට 9වන විධායක අධිකාරී තනතුර හෙබවූ මහින්ද අබේගුණසේකර හා මා සහභාගි විය. මා සමස්ථ පෙළපාලියේ සැරයන් මේජර් වශයෙන් කටයුතු කිරීම. මයුරපාද ඉතිහාසයේ තවත් අභිමානයක් වූයේ ඉතිහාසයේ ප්‍රථම වතාවට 9වන බලඇණියේ විධායක තනතුර මහින්ද අබේගුණසේකර හෙබවීම.

එවකට මයුරපාදට මහනුවර ඉතිහාසයේ මුලින් 2වන බලඇණිය අනුයුක්තව තිබුනේ. මෙහිදී රත්නපාල සර් චන්ද්‍රපාල සර් , ආරියරත්න සර් , මහින්ද සර් , වෑගන්තලේ සර් සිහිපත්කළ යුතුය. එවකට වැපුරූ බීජවල අස්වැන්න නෙලීමට අපට හැකිවිය. නමුත් වර්තමානයේ එය නවතා ප්‍රතිසංවිධානය කිරීමට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ අනුග්‍රහය ලබාදීමට හැකිවීම මා ලද  භාග්‍යයකි.

° 2001 වර්ශයේ පාසල් අධ්‍යාපනය කරන කාලය තුළ ඉතිහාසයේ පලමු වතාවට මයුරපාද විදු මාතාව නියෝජනය කරමින් ඔස්ට්‍රයාවේ වියානා නගරයේ පැවති අන්තර්ජාතික රතු කුරුස සම්මේලනය නියෝජනය කිරීමට හැකියාව ලැබීම. එහිදී මේස පන්දු තරගයක් පැවිති අතර ඉන් රිදී පදක්කමක් ලබා ගැනීමට හැකියාව ලැබුනා ඒ සදහා මා යොමුකල ආරියරත්න ගුරු පියාණන්ට මාගේ හෘදයාංගම ස්තූතිය.

° 2000/2001 වර්ෂයේ පාසල් ප්‍රධාන ශිෂ්‍ය නායක.

° පාසල් නිවාසාන්තර ක්‍රීඩා උළෙලහි වයස අවුරුදු 13න් පහල සිට 19 පහල දක්වා අති ශූර ක්‍රීඩකයා වීම. නිවාස නායක (අභය නිවාසය)

° 2000 වසරේ සමස්ථ  ලංකා කබඩි අනු ශූරතාවය ලබා ගැනීම.

° 2000 වසරේ සමස්ථ ලංකා නර්තන අංශයෙන්  ප්‍රථම ස්ථානය ලබා ගැනීම. සේනානායක සර්ට මාගේ විශේෂ ස්තූතිය.

° පාසල් විවාද කංඩායමේ නායක , පරිසර භටයෙකු , බාලදක්ෂ කංඩායමේ සාමාජික.

° කැඩෙට් නිලධාරී විසිර යාමෙන් පසු සබරගමු විශ්වවිද්‍යාලයෙන් රණ විද්‍යාවේදී උපාදිය හදාරන ලදී.
අනතුරුව කොළඹ විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාදි පාඨමාලාව හදාරා අනතුරු කොළඹ විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් උපාදිය හදාරන ලදී.
ගැටුම් කලමනාකරණය සහ සාමය පිළිබඳ
 Conflict and peace student , university of colombo.

මෙතුන් ක්‍රීඩා අංශ , නර්තන අංශ , රතුකුරුස , පරිසර භට , බාලදක්ෂ , ශිෂ්‍ය භට සහ පාසල් උත්සව කටයුතු මෙහෙය වීමද සිදුකර ඇත.

* අපි දන්නවා කමාන්ඩෝ සෙබලෙක් වෙනඑක ලේසි පහසු දෙයක් නෙමෙයි. අද නිලදාරියෙක් විදිහට මොකද හිතෙන්නේ ?

පාසලෙන් සමුගත් පසු ශ්‍රී ලංකා යුධ හමුවේ කැඩෙට් නිලදාරියෙකු ලෙස සම්බන්ධවිය. ශ්‍රී ලංකා යුධ හමුදා විද්‍යාපීඨ වාර්ශික ත්‍යාග ප්‍රධාන උත්සවයේදී අති ශූර කැඩෙට් නිලදාරියා වීම. පසුව විද්‍යාපීඨයේ දෙවන ලුතිනන් වරයෙකු වශයෙන් විසිර ගොස් කමාන්ඩෝ රෙජිමේන්තුවට බැදුනි. කමාන්ඩෝ නිලධාරියෙකු වීම පහසු දෙයක් නොව ඉතා දුෂ්කර පාඨමාලාවක්.



* යුද්ධය කාලේ සම්බන්ධ වෙච්චි ක්‍රියාන්විත ගැන කත‍ා කරන්න පුලුවන්ද ? මොනවාද ඒ ?

වන්නි මානුෂික මෙහෙයුමේ 58වන සේනාංකය යටතේ රාජකාරි කිරීම.

* අද ශිෂ්‍ය භට බලකාය ආයෙත් ආරම්භ වෙලා තියෙනවා. ඔබතුමා මූලික වෙලා කටයුතු කරා. ඒ ගැන කතා කරොත් ?

මට පුදුම සතුටක් මගේ අනාගතේ හදාගන්න මට තෝතැන්නක් වුණු මයුරපාදයට සේවය කිරීමට ලැබීම මා ලද භාග්‍යයක්. මට ශිෂ්‍ය භට කංඩායම ලංකාවේ තියෙන දීප්තිමත් ශිෂ්‍ය භට කංඩායමක් කිරීමට අවශ්‍යයි. ඒක මගේ අරමුණ. මොකද ශිෂ්‍ය ව්‍යාපාරය කියන්නේ  අපේ ජීවිත ගොඩනගා ගන්න හොද තැනක්. විනය ගරුක මිනිසෙකු ලොවට බිහිකරන තැනක්. අනාගත මගේ නංගිලා මල්ලිලා වෙනුවෙන් එය කරන්න ලැබීම මට සතුටක්.



* කාලයක් මයුරපාදයේ කැඩෙට් බලකාය මුලු ලංකාවම ආක්‍රමණය කරලා අපේ අභිමානය මුලු රටටම පෙන්නුවා. ආයෙත් ඒ තත්වයට කැඩෙට් බලකාය පත්වෙයි කියලා හිතනවාද ?

අනිවාර්යයෙන්ම එයට ත්‍රිවිධ හමුදා සහය ඇතිව ආදි සිසුන්වන බ්‍රිගේඩියර් කැටකුඹුර , කමාන්ඩර් ධර්මරත්න , ලුතිනන් තාරක , මේජර් සංජීව ධර්මරත්න , කර්නල් හේරත් , මේජර් කන්දේවත්ත , මේජර් මල්ලව බංඩාර , මේජර් බාලසූරිය , මේජර් එමිල්සන් හපුතෙටුව , මේජර් එදිරිසිංහ , මේජර් නිශ්ශංක , කපිතාන් අබේසිංහ වික්‍රමසේකර , මේජර් දසනායක යන නිලදාරින්ගේ සහය ඇතිව මෙය ගොඩනැගීමට කටයුතු කරනවා. එය අපේ යුතුකම. සියලුම නිලදාරීන්ගේ කැපවීම මා අගය කරනවා.

හමුදා නිලධාරීන්ට හා අනෙකුත් හමුදාවල රාජකාරි කරන ආදි මයුරපාදීන්ට ආරාධනා කරනවා පාසල සමග එකතු වී ශිෂ්‍ය භට පමණක් නොව අනෙකුත් හැම කටයුත්තක්ම මයුරපාද විදු මෑණියන්ගේ නම ජාතික හා ජාත්‍යන්තර තලයට ගෙන යාමට කටයුතු කරන්න. වර්තමානයේ නාවික හමුදාවේ ජේ්‍යෂ්ඨ නිලධාරීතුමෙකු බිහිවීමද මාගේ සතුටට මෙන්න විද්‍යාලයටද අභිමානයක්. අනෙක ඉතිහාසයේ මාවනැල්ල ප්‍රදේශයෙන් ආරක්ෂක ලේකම් තුමෙකු බිහිවීම අප ලද භාග්‍යයක්. ඒ ආරක්ෂක ලේකම් ධූරයෙන් පිදුම් ලැබූ 1990/91 වර්ෂයේ ආරක්ෂක ලේකම් ජෙනරාල් සිරිල් රණතුංග මහතාද සිහිපත් කරනුයේ ඒ අභිමානය  මාවනැල්ල පුරාවටම ප්‍රචලිතව ඇති බැවිනි.

අතීතයේ තිබූ තත්වයට අපට ශිෂ්‍ය භට කංඩායම නැවත ජාතික මට්මමට දායකත්වය දක්වන සියලුම නිලධාරීන්ට මාගේ ස්තූතිය.



* මයුරපාදය බිහිකරපු ඉහල හමුදා නිලදාරීයෙක් ඔබතුමා. මොකද හිතෙන්නේ ?

මයුරපාදයට මම හැමදාමත් ආදරෙයි. අද මේ තැනට එන්නට මයුරපාදයෙන් ලද ආභාෂයට මම හැමදාම අගය කරනවා. විශේෂයෙන් මා හට මේ තැනට එන්නට මාව යොමුකල සියලුම ගුරු මෑණියන්ට සහ පියවරුන්ට මා හිස නමා ආචාර කරනවා. මට අද ආරක්ෂක ආමාත්‍යශයේ සේවය කිරීමට හැකිවීම මා ලද භාග්‍යයකි. යුධ හමුදාවෙන් ඔබ්බට ගොස් ත්‍රිවිධ හමුදාව හා පොලීසිය , සිවිල් ආරක්ෂක බලකාය , ජාතික ශිෂ්‍ය භට බලකාය යන ආයතන තුළ වැඩ කිරීමට හැකියාව ලැබීම මා ලද සුවිශේෂ වූ භාග්‍යයකි. එම භාග්‍යය මාගේ දෙමාපියන්ට මෙන්ම මයුරපාද විදු මෑණියන්ටද ලැබිය යුතුය.

අනෙක මා මයුරපාදය වෙනුවෙන් මගේ උපරිම කැපවීමෙන් කටයුතු කිරීමට මා පොරොන්දු වෙනවා. ශිෂ්‍ය භට කංඩායම නොව මා නියෝජනය කළ සෑම විශය බාහිර සෑම අංශයන්ටම උදව් උපකාර කිරීමට මා නිබදව කැප වෙනවා. විද්‍යලයෙන් ලද පන්නරය නිසා අන්තර් ජාතික රතු කුරුස සම්මේලනය හා එක්සත් ජාතීන්ගේ සම්මේලන සැසිවාරවලට සහභාගි වීමට හැකියාව ලැබීම ඇමරිකාවේ නිවියෝක් නුවර මා ලද තවත් ජයක්.

එක්සත් ජාතීන්ගේ සම්මේලනයට සහභාගි වීම

මට වන්නි මානුෂික මෙහෙයුමේදී 55වන සේනාංකයේ සේනාංකයේ අධිපති මේජර් ජෙනරාල් ප්‍රසන්න සිල්වා සේනාංකයේ අදි සහයක (ADC) වශයෙන් කටයුතු කිරීමට හැකියාව ලැබීමද මා ලද භාග්‍යයක්.

* ආයෙත් ඉස්කෝලේ යන්න ලැබුනොත් වැඩියෙන්ම යන්න කැමති මොන පංතියටද ?

ආයෙත් ඉස්කෝලේ යන්න ලැබුනොත් ගොඩක් ආසයි O/L පංතියට 11-E . ඒ වගේම උසස් පෙළ පංතියට. හැබැයි ගොඩක් ආස ශිෂ්‍ය භට කංඩායමට සහ ශිෂ්‍ය භට කාමරයට. ඒත් එක්කම 9වන බලඇණි මූලස්ථානයට.

තව 2000, 2001 මා ප්‍රධාන ශිෂ්‍ය නායක වශයෙන් කටයුතු කරන කාලයේ මාගේ ශිෂ්‍ය නායක , නායිකාවන් දක්වපු සහයෝගය මා අගය කරනවා.



* ඉස්කෝලේ වර්තමාන තත්වය ගැන මොකක්ද අදහස ?

වර්තමාන තත්වය ගැන සතුටුයි. මට පේනවා වර්තමාන විදුහල්පති තුමිය සහ ආචාර්ය මණ්ඩලය ලොකු වෙහෙසක් ගන්නවා පාසලේ අභිවෘද්ධියට. එයට මා විදුහල්පති තුමියට ස්තූති කරනවා. අපි ඔක්කෝම එකතුවෙලා ඉස්කෝලේ දියුණුවට කටයුතු කරමු කියලා සියළුම ආදි සිසුන් ගෙන් ඉල්ලා සිටිනවා. විදුහලක දියුණුව කෙනෙකුට තනියමකළ නොහැකියි. එයට සියළුම දෙනාගේ සහයෝගය අවශ්‍ය වෙනවා. ඒ නිසා සියලු දෙනා එකතු වෙලා විදුහල්පති තුමියට සහයෝගය දෙමු කියලා මම සියලු දෙනාටම කියනවා. දැනට කරගෙන යන වැඩවලට විදුහල්පති තුමියට ස්තූති කරනවා.

මා මේ අවස්ථාවේ ජාතික ශිෂ්‍ය භට බලකායේ අධ්‍යක්ෂක තුමාටද ස්තූති කරනවා බලකාය නැවත ගොඩනැගීමට සහය වීම ගැන.

* වර්තමාන ශිෂ්‍ය භට බලකායේ මල්ලිලාට මොකක්ද කියන්න තියෙන්නේ ?

ශිෂ්‍ය භටයෙකු ලෙස කටයුතු කරන්න කියන්නේ එය තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්න හොද තැනක්. හොද විනයක් තියෙන තැනක්.

* වර්තමාන මයුරපාදයේ නංගිලා මල්ලිලා වෙනුවෙන් මොකක්ද කියන්න තියෙන්නේ ?

අපිව ආදර්ශයට අරගෙන ජීවිතේ ගොඩනගා ගන්න.

* මයුරපාද මිතුරෝ ගැන මොකද හිතෙන්නේ ?

මයුරපාද මිතුරෝ කරන සේවය අගය කරනවා. හොද වැඩක්.

එක්සත් ජාතීන්ගේ සම්මේලන සැසිවාරයකට සහභාගි වීම.

**************
මයුරපාද මිතුරෝ අපට දැක්වූ සහයෝගය පිලිබඳ අපි එතුමන්ට ස්තූති කරන අතර, සියලු බලාපොරොත්තු ඉටුවන මෙන් අපි ඔහුට සුභපතනවා.

තවත් මෙවන් සොදුරු ආදි සිසුවෙකු සමගින් හමුවෙමු.



මයුරපාද මිතුරෝ blog අඩවිය සමග එක්වූ ඔබට ස්තූතියි.

_________________________________________




**Mayurapada Mithuro News Alert**
•ආදිශිෂ්‍ය සංගමයේ සහ පාසල් තොරතුරු  ඕනෑම රටක සිටින ඔබගේ ජංගම දුරකථනයටත්, සම්පූර්ණයෙන්ම නොමිලේ•

" මයුරපාද මිතුරෝ පුවත්  කෙට් පනිවිඩ සේවය" ලගදීම