Music Player

Friday 17 February 2017

මයුරපාදය ලංකාවට බිහිකළ කබඩි තරු. තොරතුරු දැනගන්න ලිපිය කියවන්න.



මාවනැල්ල මයුරපාදය කියන්නේ ලංකාවේ කබඩි ක්‍රීඩාව වෙනුවෙන් දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහිකළ පාසලක්. ඉතින් මේ වෙනකොට ඒ ආදි සිසුන් කබඩි ක්‍රීඩාවේ ඉහලම තැන්වල ඉන්නවා. අද ඒ මයුරපාදීන් ගැන අපිත් එක්ක කතා කරන්න එකතු වුණේ සජිනි.

සජිනි 
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
මාස තුනකට අඩු කාලයක් තුළ මයුරපාද මිතුරෝ බිලොග් අඩවිය නරඹන්නන් ප්‍රමාණය දසදහස (10,000) පසුකළා. ඔබ සැම අප වෙත ලබාදුන් ඉහල ප්‍රචාරය සදහා මයුරපාද මිතුරෝ කංඩායමේ ස්තූතිය.

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~


1. මොකක්ද සම්පූර්ණ නම?

සජිනි මනෝරි ජයසිංහ. මේ නම කීවට වැඩිය කට්ටිය දන්නේ නෑ. "ලේනි" කීවොත් දන්නවා.

2. මයුරපාදයේ මොන කංඩායමේ ද?

මයුරපාද ප්‍රථම රන් පදක්කම් ලාභී කාන්තා කබඩි කංඩායම.

3. කබඩි ක්‍රීඩාව පැත්තෙන් අද ලංකාවේ ගොඩක් ඉහල තැනක ඉන්නවා. ඒ ගැන කතා කරොත් ?

ලංකාවේ ඉහලම තැනකට මයුරපාද නම ඔසවා තැබීමට ලැබීම ගැන මුලින්ම සතුටු වෙනවා.ඒවගේම ගුවන් හමුදා කබඩි කංඩායමේ සාමාජිකාවක්, ජාත්‍යන්තර තරඟ බොහෝමයක් ජයග්‍රහනයකළ ශ්‍රී ලංකා කබඩි කංඩායම නියෝජනය කරන්න ලැබුණු එක ගැන නිහතමානී ආඩම්බරයක් තියෙනවා.



4. විදේශ රටවල් කිහිපයක ක්‍රීඩා තරඟවලට ලංකාව නියෝජනය කරමින් සහභාගි වෙන්න අවස්ථාව ලැබුනා. ඒ ගැන මතක් කරොත්?

* මුලින්ම ලංකාව නියෝජනය කිරීමට මයුරපාද ක්‍රීඩිකාවක් විදිහට වෙන්න ලැබුනා.

* 2009/2011 වසර දෙකේම මැලේසියාවේ පැවැත්වූ කනිෂ්ඨ ආසියානු කබඩි තරගාවලියේ ලෝකඩ පදක්කම් දෙකක් ලබාගත්තා.

* 2008 ඉන්දියාවේ පැවති අන්තර් ප්‍රාන්ත කබඩි තරඟාවලියට සහභාගි වුණා.

* 2016 ඉන්දියාවේ පැවැත්වූ දකුණු ආසියානු ක්‍රීඩා තරගාවලිය (SAG) ලෝකඩ පදක්කම් ලාභී.

* 2016 වසරේ කොරියාවේ පැවැත්වූ 4වන ආසියානු කාන්තා කබඩි ශූරතාවලියේ ලෝකඩ පදක්කම් ලාභී.

* 2016 වියට්නාමයේ පැවැත් වුණා 5වන වෙරළ කබඩි තරගාවලියේ ලෝකඩ පදක්කම් ලාභී.

5. ආසියානු ක්‍රීඩාවලදී ශ්‍රී ලංකා කංඩායමට අසාධාරණයක් උනා කියලා කතාවක් තිබුනා. මොකක්ද ඒකේ ඇත්ත ?


ඒ දේවල් මොනවා උනත් අපි ශ්‍රී ලංකාව නියෝජනය කරන කංඩායමක් විදිහට අවසන් විනිසුරු තීරනයට ගෞරව කරනවා.



6. මයුරපාදයෙන් බිහිවුණු කබඩි ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනෙක්ම අද ක්‍රීඩාව පැත්තෙන් ඉහල තැනක ඉන්නවා. ඒ අය ගැන මතක් කරොත් ?

එදා මෙදාතුර බිහිවූ මයුරපාදයේ කබඩි ක්‍රීඩකයින් ලංකාව තුළ ඉහල ස්ථානයක දෙවා තබමින් තවමත් වත්මන් කබඩි ක්‍රීඩාවේ උන්නතිය උදෙසා විශාල මෙහෙයක් ඉටු කරමින් ඉන්නවා.

පලමු වෙන්ම සිහිපත් වෙන්නේ 1996 ප්‍රථම පාසල් කබඩි තරගාවලිය නියෝජනය කර මයුරපාදයට රන් පදක්කම් ගෙන ආවේ අපගේ පුහුණුකරුවන S.M.T. සමරකෝන් සර්(කළු අයියා) ඇතුළු කංඩායමයි. මේ වෙනකොට එතුමා ශ්‍රී ලංකා පාසල් කබඩි සංගමයේ තරඟ ලේකම් වශයෙන් ජාතික කබඩි සම්මේලනයේ උප සභාපති , ජාත්‍යන්තර කබඩි විනිසුරු වරයෙකු වශයෙන් ශ්‍රී ලංකා කාන්තා කබඩි කංඩායමේ ප්‍රධාන පුහුණුකරු වශයෙනුත් ශ්‍රී ලංකාවේ නම ජාත්‍යන්තර කබඩි පිටියේ ඉහලින් තැබීමට මහගු මෙහෙවරක් ඉටු කරනවා.

K.A.L.K.B කුරුප්පු (කුරා) 


2009 සමස්ථ ලංකා පාසල් කබඩි තරගාවලිය රන් පදක්කම් ලාභී කංඩායමේ විශේෂ දක්ෂතා සහිත ක්‍රීඩකයෙකු ලෙස පැමිණ මේ වන විට ශ්‍රී ලංකා කබඩි කංඩායමේ අති දක්ෂ ක්‍රීඩකයෙකු ලෙස ජාත්‍යන්තර තරඟ රාශියකට සහභාගි වී ජයග්‍රහන ලබාගෙන ඇත.ඒ අතරින් විශේෂ තරඟ ලෙස.

* 2006 SAG ඉන්දියාවේ පැවැත්වූ තරඟයේ ලෝකඩ පදක්කම් ලාභී.

* 2016 වියට්නාමයේ පැවති 4වන ආසියානු වෙරළ කබඩි තරඟාවලියේ ලෝකඩ පදක්කම් ලාභී.

E.N.K එදිරිසිංහ (කෝකිලා)

* චීනයේ පැවති වෙරළ කබඩි තරඟාවලිය.
* තායිලන්තයේ පැවති තරඟාවලිය.
* ශ්‍රී ලංකාවේ පැවති වෙරළ කබඩි තරගාවලිය.

E.N.N. ජයවර්ධන (නදුන්)

* ශ්‍රී ලංකා කබඩි කංඩායමේ ක්‍රීඩකයෙක වන අතර ජාත්‍යන්තර තරඟ ජයග්‍රහනය කර ඇත.

E.W.I.S. විජේතුංග (ඉන්දීවරී)

* 2016 දකුණු ආසියානු කාන්තා කබඩි තරඟාවලිය.

A.R.S.A.M. ජයවර්ධන (ආලෝකා)

* 2010 සමස්ථ ලංකා කබඩි කංඩායමේ නායිකාව ලෙස කටයුතු කලා. 2009/2011 ආසියානු කනිෂ්ඨ කබඩි තරඟාවලිය නියෝජනය කරමින් ලෝකඩ පදක්කම් ලබා ඇති අතර මේවන විට අප පාසලේ ක්‍රීඩා උපදේශිකාවක් ලෙසිත් කබඩි කංඩායමේ ප්‍රධාන පුහුණුකාරිය ලෙසත් ශ්‍රී ලංකා කබඩි සංගමයේ විනිසුරු වරියක ලෙසත් පාසල් කබඩි සදහා විශාල මෙහෙයක් ඉටු කරනවා.



7. ඒ කාලේ ඉස්කෝලේ නියෝජනය කරපු කබඩි කංඩායමේවල ජයග්‍රහනය නියත දෙයක්. අද ඉස්කෝලේ කබඩි ක්‍රීඩාව ගැන මොකක්ද අදහස ?

ඒ කාලේ මතක් වෙනකොටත් ගොඩක් සතුටුයි. ඉස්සර අපි තරඟාවලියට යනකොට මයුරපාදේ නමටත් බයයි. ඒ වගේ තැනක් මයුරපාද කබඩි වලට අපි ඉස්කෝලේන් සමුගන්න කොටත් තිබුනා. ඒකට අපි වගේම අපිට කලින් කබඩි ක්‍රීවාවෙන් ජය ලැබූ සහෝදර ක්‍රීඩකයිනුත් ලබාගත් දෙයක්. ඉස්සරහටත් එ් නම අරන් යයි කියලා අපෙන් පස්සේ පරපුරකුත් හදලයි පාසලෙන් ගියේ. ඒත් ඒ නමත් ගෞරවයත් කබඩ් ක්‍රීඩාවත් අපිත් එක්ක ආවද කියලා දැන් ආපහු හැරිලා බලද්දී හිතෙනවා. ඒත් වාසනාවකට වගේ අප පාසලේ කබඩි භාර ගුරුවරිය ලෙස මගේ ලගම යෙහෙලියක්වන ආලෝකා ජයවර්ධන ගැන ලොකු බලාපොරොත්තුවක් තියෙනවා.

8. ඉස්කෝලේ කබඩිවලට අතදෙන්න අදහස් නැද්ද ?


මේ ප්‍රශ්නය අහපු එක ගැන ගොඩක් දුකයි. මේවා ඔයාලා හොයලා බැලුවා නම් තේරෙයි අපි ඇරෙන්න මේ පාසලට එදා වගේම අදත් ඇවිත් ක්‍රීඩාවට උදව් කරන්න වෙන කවුරුත් නෑ කියලා මේ ප්‍රශ්නෙට කියන්න ගොඩක් දේවල් තියෙනවා. ඒවා කියලා හිත රිද්ද ගන්න කැමති නෑ.



9. මයුරපාදය නියෝජනය කරලා පාසල් මට්ටමින් ගත්තු ඉහලම ජයග්‍රහන මොනවාද ?


2009/2011 මැලේසියාවේ පැවති ආසියානු කනිෂ්ඨ කබඩි තරඟාවලිය.

10. ක්‍රීඩිකාවක් විදිහට ඉදිරියට යන්න අත දීපු ගුරුවරු කවුද ?

ගුරුවරුන් කීවාම මට වගේම අනික් සහෝදර ක්‍රීඩක ක්‍රීඩිකාවන්ටත් මතක් වෙන්නේ S.M.T. සමරකෝන් සර්. අපි ආදරේට කියන්නේ කළු සර් කියලා. අද අපි හැමෝම යම් කිසි තැනක ඉන්නවා නම් ඒ අපේ සර් හින්දා. ක්‍රීඩාව වගේම ජීව්තේත් කියලා දුන්නා.

ඒ වගේම මාව කබඩි ක්‍රීඩාවට ගත්තේ රංජිත් සර්,  ප්‍රියානි මැඩම් , වෑගන්තලේ සර් ගොඩක් ආදරෙන් මතක් කරනවා. විදුහල්පතිවරු වශයෙන් මෙඩේරිගම සර් , තිලකරත්න සර් ගොඩක් උදව් කරා. ඒ අයට ස්තූතිය පූර්වකව මතක් කරනවා. ගුරුවරුන් නොවුනත් මගේ ක්‍රීඩාවට අත දුන්න සහෝදර සහෝදරියන්ව මතක් කරනවා.



11. ඉස්කෝලේ වර්තමාන තත්වය ගැන මොකක්ද හිතෙන්නේ ?

අද නම් ඉතින් ගොඩක් කාලෙකින් අපේ පොඩ් එවුන්ට සමස්ථ ලංකා කබඩි කබඩි තරඟාවලියේ රිදී පදක්කමක් දිනලා තියෙනවා. කියන්න සතුටුයි ආලෝකා අක්කා සියලුම වගකීම් අරන් මයුරපාදයේ කබඩ් ආයෙත් පරණ පාරට අරන් එනවා කියලා විශ්වාසයි. අපිත් පරණ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ හැටියට පුලුවන් උපරිම සහය දුන්නා. අපේ ඉස්කෝලේ නම පාසල් කබඩි ක්‍රීඩා පිටියේ ඉහලින් තැබීමට අවස්ථාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් ඒ දේ කරන්න ආලෝකා අක්කට හදවතින්ම සුභ පතනවා.

12. මයුරපාද මිතුරෝ ගැන මොකද හිතෙන්නේ ?
මෙහෙම හරි අපි ගැන හොයන එක ගැන සතුටුයි. ඔයාලට ඒ වගේම තවත් වැඩ කටයුතු සාර්ථකව කරගෙන යන්න සුභ පතනවා.

13. අවසාන වශයෙන් මොකක්ද කියන්න තියෙන්නේ ?


කියන්න දේවල් ගොඩක් තියෙනවා. සමාජ ගත නොවුනත් අපි පාසල වෙනුවෙන් කරපු දේවල් මේ කේෂ්ත්‍රයේ ඉන්න අය දන්නවා. ගොඩක් ප්‍රශ්න මැද තමයි අපි පාසලත් එක්ක ඉන්නේ. අපිට මොන ප්‍රශ්න ආවත් අපි පාසලට ආදරෙයි. අදටත් ඉස්සරහටත්. ඒ නිසා මම මගේ පාසලට පුලුවන් කාලයක් පුලුවන් තරම් උදව් කරනවා.

ඒ වගේම අද මම ඉන්න තැනට යන්න මට වචනෙකින් හරි සහයෝගය දුන්න හැමෝම ආදරෙන් මතක් කරනවා. ඒ වගේම ඔයාලාටත් ස්තූතියි.

****

















0 comments:

Post a Comment