Music Player

Saturday 4 February 2017

මයුරපාද විදු මව බිහිකළ කමාන්ඩෝ මේජර්. තොරතුරු දැනගන්න ලිපිය කියවන්න



ආයුබෝවන් !.

අපි තවත් විශේෂ ආදි සිසුවෙක් අපේ කතාබහට එකතු කරගත්තා. ඔහු කමාන්ඩෝ බලකායේ නිලදාරියෙක්. කතා කරන්න තොර ගන්නත් විශේෂ හේතුවක් තියෙනවා. ඒ තමයි කාලයක් තිස්සේ නැවතිලා තිබුනු ශිෂ්‍ය භට බලකාය නැවත ගොඩනගන්න දායක වුණු එක් නිලදාරියෙක් තමයි ඔහු. ඔහු නමින් මේජර් නදීක දංගොල්ල මහතා.

එතුමා අපිත් එක්ක කතා කරන්න එකතු උණේ මේ විදිහට
-------------------------------------------------

නදීක දංගොල්ල මහතා 


* මොකක්ද සම්පූර්ණ නම?.

මේජර් ඩි.ජි. නදීක ප්‍රියදර්ශන දංගොල්ල.

* මයුරපාදයේ මොන කංඩායමේද ?

මම 2001 A/L කංඩායමේ.

* ඒ කාලේ ඉස්කෝලේ හිටපු යාළුවෝ ටිකක් මතක් කරොත් ?

මල්ලව බංඩාර , සමරකෝන් (කළු අයියා) , චන්දන වික්‍රමසේන , නාරද නිශ්ශංක , ගයාන් අදිකාරී , මහේෂ් සම්පත් ආරියරත්න , දිනේෂ් , රංකොත් , නන්දේ , සදුන්.

* වැඩිම මතකයන් තියෙන ගුරුවරු කවුද ?

විදුහල්පති මෙඩේරිගම සර් , ආරියරත්න සර් , නාලනී පෙරේරා මැඩම් , ශ්‍රියානි රාජකරුණා මැඩම් , මහින්ද අබේගුණසේකර සර්  , සන්ධ්‍යා මැඩම් , වික්‍රමසිංහ සර් , මල්ලව සර් , සේනානායක සර් , රම්‍යලතා මැඩම් , සේනානායක සර් , ජෙනිටා මැඩම් , ෆොන්සේකා සර් , රෝහිණී මැඩම් , කරුණාරත්න සර් , අමරකෝන් සර් , කුමුදුනී මැඩම් , නාරගල සර් , වසන්තා රාජකරුණා මැඩම් , කල්යානි මැඩම් , ගුණතිලක සර් , මැණිකේ මැඩම් , රණවීර මැඩම්.

* මුලින්ම හමුදාවට බැදුනේ මොන කාලෙද ?

2004/01/10 හමුදාවට බැදුනේ ආධුනික කැඩෙට් නිලදාරියෙක් විදිහට.

* ඒ කාලේ ඉදන් අද වෙනකල් ආපු ගමන ගැනක් කරොත් ?

මම 1997 වර්ෂයේ මයුරපාද ශිෂ්‍ය භට කංඩායමට බැදුනේ ආධුනික ශිෂ්‍ය භටයෙකු විදිහට. එතන ඉදන් ශිෂ්‍ය භට බලකායේ තනතුරු හොබවමින් මයුරපාදයේ සැරයන් මේජර් වශයෙන් උසස්වීම් ලබා ගත්තා. ඊට පස්සේ ඉතිහාසයේ පලමු වරට වර්ෂ අවසානයේ පැවැත්වෙන රන්ටැඹේ පැවැත්වෙන හර්මන් ලෝස් ශුරතාවලියට , ආදි සිසුවෙකු මෙන්න අප විද්‍යාලයේ ශිෂ්‍ය භට කංඩායම භාර නිළධාරි මහින්ද අබේගුණසේකර සර් සමග සහභාගි විය. 2001 වර්ෂයේ හර්මන් ලෝස් ශූරතාවලියට එවකට 9වන විධායක අධිකාරී තනතුර හෙබවූ මහින්ද අබේගුණසේකර හා මා සහභාගි විය. මා සමස්ථ පෙළපාලියේ සැරයන් මේජර් වශයෙන් කටයුතු කිරීම. මයුරපාද ඉතිහාසයේ තවත් අභිමානයක් වූයේ ඉතිහාසයේ ප්‍රථම වතාවට 9වන බලඇණියේ විධායක තනතුර මහින්ද අබේගුණසේකර හෙබවීම.

එවකට මයුරපාදට මහනුවර ඉතිහාසයේ මුලින් 2වන බලඇණිය අනුයුක්තව තිබුනේ. මෙහිදී රත්නපාල සර් චන්ද්‍රපාල සර් , ආරියරත්න සර් , මහින්ද සර් , වෑගන්තලේ සර් සිහිපත්කළ යුතුය. එවකට වැපුරූ බීජවල අස්වැන්න නෙලීමට අපට හැකිවිය. නමුත් වර්තමානයේ එය නවතා ප්‍රතිසංවිධානය කිරීමට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ අනුග්‍රහය ලබාදීමට හැකිවීම මා ලද  භාග්‍යයකි.

° 2001 වර්ශයේ පාසල් අධ්‍යාපනය කරන කාලය තුළ ඉතිහාසයේ පලමු වතාවට මයුරපාද විදු මාතාව නියෝජනය කරමින් ඔස්ට්‍රයාවේ වියානා නගරයේ පැවති අන්තර්ජාතික රතු කුරුස සම්මේලනය නියෝජනය කිරීමට හැකියාව ලැබීම. එහිදී මේස පන්දු තරගයක් පැවිති අතර ඉන් රිදී පදක්කමක් ලබා ගැනීමට හැකියාව ලැබුනා ඒ සදහා මා යොමුකල ආරියරත්න ගුරු පියාණන්ට මාගේ හෘදයාංගම ස්තූතිය.

° 2000/2001 වර්ෂයේ පාසල් ප්‍රධාන ශිෂ්‍ය නායක.

° පාසල් නිවාසාන්තර ක්‍රීඩා උළෙලහි වයස අවුරුදු 13න් පහල සිට 19 පහල දක්වා අති ශූර ක්‍රීඩකයා වීම. නිවාස නායක (අභය නිවාසය)

° 2000 වසරේ සමස්ථ  ලංකා කබඩි අනු ශූරතාවය ලබා ගැනීම.

° 2000 වසරේ සමස්ථ ලංකා නර්තන අංශයෙන්  ප්‍රථම ස්ථානය ලබා ගැනීම. සේනානායක සර්ට මාගේ විශේෂ ස්තූතිය.

° පාසල් විවාද කංඩායමේ නායක , පරිසර භටයෙකු , බාලදක්ෂ කංඩායමේ සාමාජික.

° කැඩෙට් නිලධාරී විසිර යාමෙන් පසු සබරගමු විශ්වවිද්‍යාලයෙන් රණ විද්‍යාවේදී උපාදිය හදාරන ලදී.
අනතුරුව කොළඹ විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාදි පාඨමාලාව හදාරා අනතුරු කොළඹ විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් උපාදිය හදාරන ලදී.
ගැටුම් කලමනාකරණය සහ සාමය පිළිබඳ
 Conflict and peace student , university of colombo.

මෙතුන් ක්‍රීඩා අංශ , නර්තන අංශ , රතුකුරුස , පරිසර භට , බාලදක්ෂ , ශිෂ්‍ය භට සහ පාසල් උත්සව කටයුතු මෙහෙය වීමද සිදුකර ඇත.

* අපි දන්නවා කමාන්ඩෝ සෙබලෙක් වෙනඑක ලේසි පහසු දෙයක් නෙමෙයි. අද නිලදාරියෙක් විදිහට මොකද හිතෙන්නේ ?

පාසලෙන් සමුගත් පසු ශ්‍රී ලංකා යුධ හමුවේ කැඩෙට් නිලදාරියෙකු ලෙස සම්බන්ධවිය. ශ්‍රී ලංකා යුධ හමුදා විද්‍යාපීඨ වාර්ශික ත්‍යාග ප්‍රධාන උත්සවයේදී අති ශූර කැඩෙට් නිලදාරියා වීම. පසුව විද්‍යාපීඨයේ දෙවන ලුතිනන් වරයෙකු වශයෙන් විසිර ගොස් කමාන්ඩෝ රෙජිමේන්තුවට බැදුනි. කමාන්ඩෝ නිලධාරියෙකු වීම පහසු දෙයක් නොව ඉතා දුෂ්කර පාඨමාලාවක්.



* යුද්ධය කාලේ සම්බන්ධ වෙච්චි ක්‍රියාන්විත ගැන කත‍ා කරන්න පුලුවන්ද ? මොනවාද ඒ ?

වන්නි මානුෂික මෙහෙයුමේ 58වන සේනාංකය යටතේ රාජකාරි කිරීම.

* අද ශිෂ්‍ය භට බලකාය ආයෙත් ආරම්භ වෙලා තියෙනවා. ඔබතුමා මූලික වෙලා කටයුතු කරා. ඒ ගැන කතා කරොත් ?

මට පුදුම සතුටක් මගේ අනාගතේ හදාගන්න මට තෝතැන්නක් වුණු මයුරපාදයට සේවය කිරීමට ලැබීම මා ලද භාග්‍යයක්. මට ශිෂ්‍ය භට කංඩායම ලංකාවේ තියෙන දීප්තිමත් ශිෂ්‍ය භට කංඩායමක් කිරීමට අවශ්‍යයි. ඒක මගේ අරමුණ. මොකද ශිෂ්‍ය ව්‍යාපාරය කියන්නේ  අපේ ජීවිත ගොඩනගා ගන්න හොද තැනක්. විනය ගරුක මිනිසෙකු ලොවට බිහිකරන තැනක්. අනාගත මගේ නංගිලා මල්ලිලා වෙනුවෙන් එය කරන්න ලැබීම මට සතුටක්.



* කාලයක් මයුරපාදයේ කැඩෙට් බලකාය මුලු ලංකාවම ආක්‍රමණය කරලා අපේ අභිමානය මුලු රටටම පෙන්නුවා. ආයෙත් ඒ තත්වයට කැඩෙට් බලකාය පත්වෙයි කියලා හිතනවාද ?

අනිවාර්යයෙන්ම එයට ත්‍රිවිධ හමුදා සහය ඇතිව ආදි සිසුන්වන බ්‍රිගේඩියර් කැටකුඹුර , කමාන්ඩර් ධර්මරත්න , ලුතිනන් තාරක , මේජර් සංජීව ධර්මරත්න , කර්නල් හේරත් , මේජර් කන්දේවත්ත , මේජර් මල්ලව බංඩාර , මේජර් බාලසූරිය , මේජර් එමිල්සන් හපුතෙටුව , මේජර් එදිරිසිංහ , මේජර් නිශ්ශංක , කපිතාන් අබේසිංහ වික්‍රමසේකර , මේජර් දසනායක යන නිලදාරින්ගේ සහය ඇතිව මෙය ගොඩනැගීමට කටයුතු කරනවා. එය අපේ යුතුකම. සියලුම නිලදාරීන්ගේ කැපවීම මා අගය කරනවා.

හමුදා නිලධාරීන්ට හා අනෙකුත් හමුදාවල රාජකාරි කරන ආදි මයුරපාදීන්ට ආරාධනා කරනවා පාසල සමග එකතු වී ශිෂ්‍ය භට පමණක් නොව අනෙකුත් හැම කටයුත්තක්ම මයුරපාද විදු මෑණියන්ගේ නම ජාතික හා ජාත්‍යන්තර තලයට ගෙන යාමට කටයුතු කරන්න. වර්තමානයේ නාවික හමුදාවේ ජේ්‍යෂ්ඨ නිලධාරීතුමෙකු බිහිවීමද මාගේ සතුටට මෙන්න විද්‍යාලයටද අභිමානයක්. අනෙක ඉතිහාසයේ මාවනැල්ල ප්‍රදේශයෙන් ආරක්ෂක ලේකම් තුමෙකු බිහිවීම අප ලද භාග්‍යයක්. ඒ ආරක්ෂක ලේකම් ධූරයෙන් පිදුම් ලැබූ 1990/91 වර්ෂයේ ආරක්ෂක ලේකම් ජෙනරාල් සිරිල් රණතුංග මහතාද සිහිපත් කරනුයේ ඒ අභිමානය  මාවනැල්ල පුරාවටම ප්‍රචලිතව ඇති බැවිනි.

අතීතයේ තිබූ තත්වයට අපට ශිෂ්‍ය භට කංඩායම නැවත ජාතික මට්මමට දායකත්වය දක්වන සියලුම නිලධාරීන්ට මාගේ ස්තූතිය.



* මයුරපාදය බිහිකරපු ඉහල හමුදා නිලදාරීයෙක් ඔබතුමා. මොකද හිතෙන්නේ ?

මයුරපාදයට මම හැමදාමත් ආදරෙයි. අද මේ තැනට එන්නට මයුරපාදයෙන් ලද ආභාෂයට මම හැමදාම අගය කරනවා. විශේෂයෙන් මා හට මේ තැනට එන්නට මාව යොමුකල සියලුම ගුරු මෑණියන්ට සහ පියවරුන්ට මා හිස නමා ආචාර කරනවා. මට අද ආරක්ෂක ආමාත්‍යශයේ සේවය කිරීමට හැකිවීම මා ලද භාග්‍යයකි. යුධ හමුදාවෙන් ඔබ්බට ගොස් ත්‍රිවිධ හමුදාව හා පොලීසිය , සිවිල් ආරක්ෂක බලකාය , ජාතික ශිෂ්‍ය භට බලකාය යන ආයතන තුළ වැඩ කිරීමට හැකියාව ලැබීම මා ලද සුවිශේෂ වූ භාග්‍යයකි. එම භාග්‍යය මාගේ දෙමාපියන්ට මෙන්ම මයුරපාද විදු මෑණියන්ටද ලැබිය යුතුය.

අනෙක මා මයුරපාදය වෙනුවෙන් මගේ උපරිම කැපවීමෙන් කටයුතු කිරීමට මා පොරොන්දු වෙනවා. ශිෂ්‍ය භට කංඩායම නොව මා නියෝජනය කළ සෑම විශය බාහිර සෑම අංශයන්ටම උදව් උපකාර කිරීමට මා නිබදව කැප වෙනවා. විද්‍යලයෙන් ලද පන්නරය නිසා අන්තර් ජාතික රතු කුරුස සම්මේලනය හා එක්සත් ජාතීන්ගේ සම්මේලන සැසිවාරවලට සහභාගි වීමට හැකියාව ලැබීම ඇමරිකාවේ නිවියෝක් නුවර මා ලද තවත් ජයක්.

එක්සත් ජාතීන්ගේ සම්මේලනයට සහභාගි වීම

මට වන්නි මානුෂික මෙහෙයුමේදී 55වන සේනාංකයේ සේනාංකයේ අධිපති මේජර් ජෙනරාල් ප්‍රසන්න සිල්වා සේනාංකයේ අදි සහයක (ADC) වශයෙන් කටයුතු කිරීමට හැකියාව ලැබීමද මා ලද භාග්‍යයක්.

* ආයෙත් ඉස්කෝලේ යන්න ලැබුනොත් වැඩියෙන්ම යන්න කැමති මොන පංතියටද ?

ආයෙත් ඉස්කෝලේ යන්න ලැබුනොත් ගොඩක් ආසයි O/L පංතියට 11-E . ඒ වගේම උසස් පෙළ පංතියට. හැබැයි ගොඩක් ආස ශිෂ්‍ය භට කංඩායමට සහ ශිෂ්‍ය භට කාමරයට. ඒත් එක්කම 9වන බලඇණි මූලස්ථානයට.

තව 2000, 2001 මා ප්‍රධාන ශිෂ්‍ය නායක වශයෙන් කටයුතු කරන කාලයේ මාගේ ශිෂ්‍ය නායක , නායිකාවන් දක්වපු සහයෝගය මා අගය කරනවා.



* ඉස්කෝලේ වර්තමාන තත්වය ගැන මොකක්ද අදහස ?

වර්තමාන තත්වය ගැන සතුටුයි. මට පේනවා වර්තමාන විදුහල්පති තුමිය සහ ආචාර්ය මණ්ඩලය ලොකු වෙහෙසක් ගන්නවා පාසලේ අභිවෘද්ධියට. එයට මා විදුහල්පති තුමියට ස්තූති කරනවා. අපි ඔක්කෝම එකතුවෙලා ඉස්කෝලේ දියුණුවට කටයුතු කරමු කියලා සියළුම ආදි සිසුන් ගෙන් ඉල්ලා සිටිනවා. විදුහලක දියුණුව කෙනෙකුට තනියමකළ නොහැකියි. එයට සියළුම දෙනාගේ සහයෝගය අවශ්‍ය වෙනවා. ඒ නිසා සියලු දෙනා එකතු වෙලා විදුහල්පති තුමියට සහයෝගය දෙමු කියලා මම සියලු දෙනාටම කියනවා. දැනට කරගෙන යන වැඩවලට විදුහල්පති තුමියට ස්තූති කරනවා.

මා මේ අවස්ථාවේ ජාතික ශිෂ්‍ය භට බලකායේ අධ්‍යක්ෂක තුමාටද ස්තූති කරනවා බලකාය නැවත ගොඩනැගීමට සහය වීම ගැන.

* වර්තමාන ශිෂ්‍ය භට බලකායේ මල්ලිලාට මොකක්ද කියන්න තියෙන්නේ ?

ශිෂ්‍ය භටයෙකු ලෙස කටයුතු කරන්න කියන්නේ එය තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්න හොද තැනක්. හොද විනයක් තියෙන තැනක්.

* වර්තමාන මයුරපාදයේ නංගිලා මල්ලිලා වෙනුවෙන් මොකක්ද කියන්න තියෙන්නේ ?

අපිව ආදර්ශයට අරගෙන ජීවිතේ ගොඩනගා ගන්න.

* මයුරපාද මිතුරෝ ගැන මොකද හිතෙන්නේ ?

මයුරපාද මිතුරෝ කරන සේවය අගය කරනවා. හොද වැඩක්.

එක්සත් ජාතීන්ගේ සම්මේලන සැසිවාරයකට සහභාගි වීම.

**************
මයුරපාද මිතුරෝ අපට දැක්වූ සහයෝගය පිලිබඳ අපි එතුමන්ට ස්තූති කරන අතර, සියලු බලාපොරොත්තු ඉටුවන මෙන් අපි ඔහුට සුභපතනවා.

තවත් මෙවන් සොදුරු ආදි සිසුවෙකු සමගින් හමුවෙමු.



මයුරපාද මිතුරෝ blog අඩවිය සමග එක්වූ ඔබට ස්තූතියි.

_________________________________________




**Mayurapada Mithuro News Alert**
•ආදිශිෂ්‍ය සංගමයේ සහ පාසල් තොරතුරු  ඕනෑම රටක සිටින ඔබගේ ජංගම දුරකථනයටත්, සම්පූර්ණයෙන්ම නොමිලේ•

" මයුරපාද මිතුරෝ පුවත්  කෙට් පනිවිඩ සේවය" ලගදීම

0 comments:

Post a Comment