Music Player

Thursday 9 February 2017

මයුරපාදය බිහිකළ විශ්වවිද්‍යාල උපකුලපති. තොරතුරු දැනගන්න ලිපිය කියවන්න.



තවත් අභිමානවත් ආදි සිසුවෙක් ගැන තමයි කතා කරන්න හදන්නේ.. අද අපේ කතා නායකයා තිලක් ධර්මරත්න මහතා.



සැ.යු. - මෙම ලිපිය 2015.06.23 දින දිවයින පුවත්පත් වෙබ් අඩවියේ ප්‍රචාරයකළ ලිපියකි. වර්තමානට ගැලපෙන ආකාරයට වෙනස්කම් කිහිපයක් කර ඇත.

සාගර විශ්වවිද්‍යාලයේ ප්‍රථම උපකුලපති ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කළ තිලක්‌ ධර්මරත්න මහතා  2015/06/22 දින පෙරවරුවේ සුබ මොහොතින් මට්‌ටක්‌කුලියේ පිහිටි සාගර විශ්වවිද්‍යාලයේදී සිය ධුරයේ වැඩ බාරගෙන ඇත.

තිලක් ධර්මරත්න මහතා.

මෙම තනතුරට පත්වීමට පෙර තිලක්‌ ධර්මරත්න මහතා ජාතික මැණික්‌ හා ස්‌වර්ණාභරණ පර්යේෂණ හා අභ්‍යාස ආයතනයේ අධ්‍යක්‍ෂ ජනරාල් ලෙස කටයුතු කරන ලදී.

එතුමන් උපකුලපති ලෙස වැඩ බාරගැනීමට මට්‌ටක්‌කුලිය ශ්‍රී බෝධිරාජාරාමාධිපති නායක හිමියෝ පැමිණ සිටි පිරිස පංච ශීලයෙහි පිහිටුවීමෙන් අනතුරුව සුබ මොහොතින් තිලක්‌ ධර්මරත්න මහතා ලියවිල්ලකට අත්සන් තබමින් සිය ධුරයේ රාජකාරි ආරම්භ කළේය.

වෘත්තීය සහ කාර්මික පුහුණු අමාත්‍යාංශයේ ලේකම් ආර්. එම්. අබේරත්න, ජාතික ධීවර හා නාවික ඉංජිනේරු ආයතනයේ සභාපති ඩබ්ලිව්. එම්. ටී. ඩී. වන්නිනායක, සාගර විශ්වවිද්‍යාලයේ පාලක මණ්‌ඩලයේ නිලධාරීන්, සාගර විශ්වවිද්‍යාලයේ අධ්‍යයන, අනධ්‍යයන කාර්ය මණ්‌ඩලයේ සේවක සේවිකාවන්, ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇතුළු පිරිසක්‌ වැඩ බාර ගැනීමේ අවස්ථාව සහභාගි වූහ.

තිලක්‌ ධර්මරත්න මහතා මාවනැල්ල අඩුවේවල ප්‍රාථමික විදුහලෙන් හා මයුරපාද මධ්‍ය මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා මහනුවර ශාන්ත සිල්වෙස්‌තර විදුහලෙන් ද්විතීක අධ්‍යාපනය ලබා ඇත. ඒ මහතා පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් භූ විද්‍යාව ඇතුළු විද්‍යාවේදී උපාධිය ලබා පසුව එංගලන්තයේ සවුත්ඇම්ටන් විශ්වවිද්‍යාලයෙන් සාගර විද්‍යාව පිළිබඳව පශ්චාත් උපාධිය ලබා ඇත.

එමෙන්ම ධර්මරත්න මහතා ශ්‍රී ලංකා සංවර්ධන හා පරිපාලන ආයතනයේ ජාතික කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධියද හදාරා ඇති අතර 1988 සිට 2000 වසර දක්‌වා හෙතෙම ජාතික ජලජ සම්පත් නියෝජිත ආයතනයේ සාගර විද්‍යා අංශයේ සේවය කර ඉන් වසර 5ක්‌ එම අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කර ඇත.

වැඩ බාර ගැනීමෙන් පසු අදහස්‌ දැක්‌වූ සාගර විශ්වවිද්‍යාලයේ උප කුලපති තිලක්‌ ධර්මරත්න මහතාá සාගර විශ්වවිද්‍යාලයේ ප්‍රථම උප කුලපති ලෙස තමන්ව තෝරා ගැනීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටත්, නිපුණතා සංවර්ධන, වෘත්තීය සහ කාර්මික පුහුණු ඇමැති පියසේන ගමගේ මහතාටත් ස්‌තුතිවන්ත වන බව ප්‍රකාශ කළේය.

ජාත්‍යන්තර සම්මුතීන්වලට අනුව වසර 2018 වන විට අප රටේ සම්පූර්ණ ගොඩබිම් ප්‍රමාණයට වඩා විසිතුන් ගුණයක අයිතිය මුහුද සහ මුහුදු පතුල පිළිබඳව ලංකාවට ලැබෙන බවත් ඒ වන විට සාගර සම්පත් වැඩිදියුණු කිරීම සඳහා විශේෂඥයන් බිහි කිරීම අපගේ කාර්යය බවත් තිලක්‌ ධර්මරත්න මහතා පැවසීය. ඒ සඳහා සාගර විශ්වවිද්‍යාලයට විශේෂ කර්තව්‍යක්‌ කළ යුතු බවත් ඒ සඳහා සාගර විශ්වවිද්‍යාලයට විශේෂ අවස්‌ථාවක්‌ ලැබී තිබෙන බවත් ප්‍රකාශ කළේය.

සාගර අධ්‍යයන පිළිබඳ අවශ්‍ය පීඨ, පාඨමාලා සහ ආචාර්යවරුන් ඇති කළ යුතු බවත් ඒ සඳහා දැනට සිටින ආචාර්ය මණ්‌ඩලයත් විශ්වවිද්‍යාල පනත යටතේ අවශ්‍ය අය බඳවාගත යුතු බවත් ධර්මරත්න මහතා පැවසීය. ඒ සඳහා තමා නායකත්වය දෙන බවත් සාගර විශ්වවිද්‍යාලය ඉන්දියානු කලාපයේ සාගර කටයුතු පිළිබඳ අංක එකේ විශ්වවිද්‍යාලය බවටත් ලෝකයේ හොඳම විශ්වවිද්‍යාල දහස අතරට පත් කිරීමටත් තමා සමග එක්‌වන මෙන් විශ්වවිද්‍යාල ආචාර්ය මණ්‌ඩලයෙන් හා කාර්ය මණ්‌ඩලයෙන් ඉල්ලා සිටින බවත් තිලක්‌ ධර්මරත්න මහතා එම අවස්ථාවේ වැඩිදුරටත් කියා ඇත.


********


මයුරපාද මිතුරෝ සමග එක්වූ ඔබට ස්තූතියි!.

0 comments:

Post a Comment