Music Player

Wednesday 14 December 2016

අධ්‍යාපන අයිතීන් වෙනුවෙන් සටන් කරන ආදි මයුරපාදයා. තොරතුරු දැනගන්න ලිපිය කියවන්න.




 අද අපි කතා කරන්නේ තවත් විශේෂ ආදි සිසුවෙක් එක්ක ඒ තමයි බාහිර උපාධි සංසදයේ මාධ්‍ය ප්‍රකාශක චතුර සොයුරා.

චතුර ගැන අපි කලින් දවසක අපේ facebook අඩවියට ඔහු ගැන පුංචි සදහනක් කරලා චායාරූපයක් පලකරලා තිබුනා. ඉතින් අපි චතුර සම්බන්ධ කරගත්තා ඇත්තටම මොකද වෙන්නේ කියලා දැනගන්න..


_____________________________________________

* මොකක්ද සම්පූර්ණ නම??

චතුර මධුශංඛ තිලකරත්න.

* මයුරපාදේ මොන කංඩායමේ ද??

මම 2009 O/L
2012 A/L

* මොකද මේ පෙළපාලි යන්නේ ??

අපෙන් පස්සෙ එන දුප්පත් ළමයින්ට උපාධික් ගන්න තියන අවස්ථාව රකින්න.මොකද අපේ ගම්වල හැම ලමයටම privt campz යන වත්කමක් නෑ. ඒත් එහෙමයි කියල උන්ට හැමදාම සමාජයේ  3න්වෙනි පංතියෙ ඉන්න බෑ..

මගෙ අැස් ඉසරහ වෙන සමාජ අසාධාරණයක් බලන් ඉන්න බැරි නිසා.අද මේ අසාධාරණයට කට පියන් හිටියොත් හෙට ජාතික විශ්වවිද්‍යාල ටික privt කරයි. ඉස්කෝල ටික privt කරයි. එතකොට කෝ මේ රටේ දුප්පත් අම්ම තාත්තාගෙ දරුවන්ට හෙටක්

සරලම උත්තරේ නිදහස් අධ්‍යාපය සුරක්ෂිත කරන අරමුණින්

* අධ්‍යාපනය සුරක්ෂිත කරන්න ඔයා කවුද?? තනතුරක් තියෙනවද??
 

තනතුරක් තිබුන නෑ මට මං මේ සටනට බහිනකොට.. නිකම්ම නිකන් බාහිර උපාධි අපේක්ෂකයෙක්

* තාමත් නිකම්ම නිකම් අපේක්ෂකයෙක් ද??

මේ සටන පටන් ගද්දි මට දැනුනෙ මගෙන් වෙන්න ඕනි යුතුකමක් තියනවා.එක කරන්න ඕනි කියල විතරයි.. අපිව අපේ ඉස්කෝන් හුරු කලේ නෑ සමාජ වගකීමක් වෙනන ඕනි වෙලාවෙ මුලුගැන්වෙනන්..ඕනිම තැනක කොන්ද කෙලින් තියන් ඉන්න පුරුද්ද එදා ඉස්කෝලෙන් දුන්න පන්නරය මාව මේ සටනේ ප්‍රධානම නායකයෙක් කරනවා.

මුලින්ම මාව කාරක සභිකයෙක් විදියට තේරෙනව..ඊට පස්සෙ මාධ්‍ය සම්බන්දීකාරක ලේකම්.මාධ්‍ය ප්‍රකාශක වෙනකන් එනව.මම මාධ්‍ය ලේකම් ඒ වගෙව්ම මාධ්‍ය ප්‍රකාශ.



* ඔය වගේ වැඩකට අතගහපු පලවෙනි මයුරපාදයා ඔයා... ඒ ගැන මොකද හිතෙන්නේ ??

ඒ ගැන නිහතමානී ආඩම්බරයක් තියනව.ඒත් මේ දේවල් වලින් අපිට පුද්ගලිකව ලැබෙන කිසිම දෙයක් නෑ..ඒත් අද වෙද්දි "මාවනැල්ලෙ මයුරපාදෙ කොල්ලෙක් ඌ" කියන්න දන්න පිරිසක් ලංකාව වටෙන්ම අපිත් එකක් ඉන්නවා.හැබැයි මං මයුරපාදෙන් මේ වගේ බිහිවුන අන්තිමය නොවිය යුතුයි.

අපේ සහෝදර සහෝදරියො එලියට නාවට තම තමන් නියෝජනය කරන ක්ෂේත්‍ර වලින් ලොකු මෙහෙයක් මේ රටට කරන්වා.අපි සමහරවිට ඒ අය ගැන දැනුවත් නෑ.

* ඔය වැඩ කරන්නේ දේශපාලනයට නේද ??

පාලකයො තමන්ගෙ නිදිනම්..ඒ අයගෙ වගකීම් හරියට ඉටු නොකරනවමම් ඒ අයව අවදි කරන එක සාමාන්‍ය ජනතාව හැටියට අපේ වගකීමක්.. මේකත් ඒ වගේ. අපි කිසිම දේශපාලන පක්ෂයකවත් දේශපාලන කණ්ඩායමක වත් ගැත්තො නෙමෙයි.අපි ස්වාධීන පිරුසක්.මේක සටන සංයුක්ත වෙන්නෙ ශිෂ්‍යයන්ගෙන් මිසක් පාක්ශිකයන්ගෙන් නෙමෙයි. නමුත් යම් අවස්ථාවක මේ ප්‍රශ්නෙට දේශපාලන අධිකාරියෙ සහයෝගය ලැබුනම අපි ඒක අගේ කිරීමක් කලා.මොකද වත්මන් විධායකය මේ ප්‍රශ්නය විසදන්න මැදිහත් උනා.. මේක ශිෂ්‍ය අරගලයක් හෝ සටනක් මිසක් දේශපාලන සටනක් නෙමෙයි.



* ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙක් විදිහට අද ඉස්කෝලේ තත්වය ගැන සතුටු වෙනවද??

දුකයී..ඇත්තටම දුකයි.. cadet වලින් island level එකක හිටපු අපි.. dancing වලින් ජාතික මට්ටමේ හිටපු අපි kabadi වලින් ජාතික මට්ටමේ හිටපු අපි කෝ අද.... යම් යම් සාධනීය තැන් තියනව.ඒත් සහෝ අපි හැදුන,අපිව හැදුව මයුරපාද අම්ම නෙමෙයි මේ..ඒත ඉස්කෝලෙට ගියාම ඉස්සර නොතිබුණු මාහා පාලුවක් දැනෙනව.

මං මේ දේ දකින්නෙ ආදිශිෂ්‍යයෙක් විදියට.. අපි දන්න අපේ මතකයන් එක්ක.

* කීපාරක් ගුටි කෑවද? කදුළු ගෑස් කී පාරක් වැදුනද??

ගුටි නොකා මේ ප්‍රශ්නෙන් බාගයක් විසද ගන්න අපි සමතවුනා.ඒක ජයග්‍රහණයක්.ඒත් ඉස්සරහට සමහර විට ගුටි කාලා විතරක් නෙමෙයි හිරේ ඉන්නත් වේවි සමහරවිට.
 

* දැන් ඕවා පටන් අරන් කොච්චර කල් වෙනවද?? දැන් කොහොමද ප්‍රතිඵල ??

මාස 3ක් 4ක් වගේ... මේ ප්‍රශ්නෙ වෙන්න කැළණිය විශ්යවිද්‍යලයට 2014 අධ්‍යාන වසරට උපාධි අපේක්ෂකයන් 14000ක් ඉල්ලුම කරන්වා.නමුත් මේ රජය කිසිම පැහැදිලි ක්‍රමයක් නැතුව මේ පිරිස 2400 දක්වා කප්පාදු කරනවා.

ඒත් එක්ක අපි රටපුරා කරගෙන යන විරෝධතාත් එක්ක රජයට අපි බල කරා මේ 14000 ට නිදහසේ ලියාපදිංචි වෙනන් දෙන්න.මොවුන් කප්පාදුවට ලක් කරන්න එපා කියලා.මේ වෙද්දි අපි සමත් වුනා මේ 14000ටම නිදහසේ ඉගෙන ගන්න නිදහසේ උපාධිය කරගන්න අවස්ථාවට ලබල දෙන්න.

ඒත් එක්කම රජය පැත්තෙන් එකඟ උනා 2015 අධ්‍යාන වර්ෂය සදහාත් මේ වගේම ළමයින්ට සාධාරණ තීන්දුවක් දෙනව කියල.ඒ සම්බන්ධව සාකච්ඡාවෙනව මේ දවස්වල... නමුත් අපිට සටන අත්හරින්න බෑ.මොකද නිදහස් අධ්‍යාපන අයිතිය කප්පාදු කරන්න,සීමා කරන්න රජය ගෙනාපු 2016 අංක 13 දරන චක්‍රලේඛයෙනය තාමත් බලාතමකයි.

අපි අපේ දේ දිනාගත්‍තා.දැන් අපිට කට පියන් පැත්තකට වෙන්න පුලුවන්.ඒත් එහෙම අපි පැත්‍තකට වුනොත් අපෙන් පස්සෙ එන අපේ නංඟිලා මල්ලිලාට කෝ උපාධි හීනෙ හැබෑකරගන්න පාරක්.. අපි ලොකු ජයග්‍රහණයක් ලැබුව.නමුත් ඒක සර්වසම්පූර්ණ් නෑ ... අපි මේ චක්‍රලේඛයෙනය අහෝසි කරනකන් දිගටම මේ සටන ගෙනියනවා.
 

* පාරවල් අවහිර නොකර ඕවා විසදගන්න බැරිද ?? පාරේ යන එන මිනිස්සුන්ට කරදරයක් නේද??

අපි මුලින්ම බොහෝම අහිංසක විදියට මේ පාලකයින්ගෙන් මේ ඉල්ලීම ඉල්ලුව.අපි ජනාධිපතිට ලිව්ව.උසස් අධ්‍යාපන ඇමතිට ලිව්වා.ඔම්බූඩ්ස්මන්ට ලිව්වා.ඒ තිය අපි පාර්ලිමේන්තුවේ 225ටම ලිව්ව. ඒත් ඒ එකකින්වත් වැඩක් උන් නෑ..අඩුම තරමෙ උසස් අධ්‍යාපන ඇමතිවරය ඔහුව හම්බවෙනනවත් අපිට අවස්ථාවක් දුන් නෑ .. අපිව පාරට බස්සන තැනට වැඩ කලේ මේ පාලකයො.

අපි කරදරයක් වගේ පෙනුනට ලංකාව පුරා අපි කරපු දැනුත් කිරීම වල ප්‍රතිපලයක් විදියට ජනතාව මේක තේරුම් ගත්ත.අපි මේ පාරට බැහැල ඉල්ලන්නෙ මේ රටේ පොඩි මිනිස්සුන්ගෙ අයිතිය කියල ඒ අය දැනගත්ත.... මොකද මේ කප්පාදුවෙන් හානින්වෙන්නෙ දුප්පත් දරුවන්ට.ඒක තේරුම් ගත්තු මේරගේ බුද්ධිමත් මිනිස්සු අපිත් එක්ක එකතු උනා.මේ වෙද්දි ලක්ෂ 10කට ආසන්න පිරිසක් අපිත් එක්ක ජනතා පවුරක් විදියට ගොඩනැගිල තියනවා.

* මයුරපාද මිතුරෝ ගැන මොකක්ද හිතෙන්නේ ??

මයුරපාදීය දරුවන් මයුරපාදීය මෑණියන්ට සම්බන්ධ කරණ පෙකනු වැල තමයි මයුරපාද මිතුරෝ කියන්නෙ.. අද වෙද්දි මයුරපාද මිතුරෝ නිසා මහා පුදුමාකාර බැදීමක් දෙස් විදෙස් මයුරපාදීයන් අතර ඇතිවෙලා තියනව.ඒ බැදීම පාසලත් ආදිශිෂ්‍යයින් අතරත්.. ආදිශිෂ්‍යයින් ආදිශිෂ්‍යයින් අතරටත් ගෙනිච්යන්න තරන් ඔබ දක්ශ වෙල තියන්ව.

ඒ වගේමයි අපේ ඉස්කෝලෙන් ඈත් වෙලා හිටපු අපේම අය ආපහු එකට ගොනු කරන්න සමත් උනා මයුරපාද මිතුරෝ.. ඒකෙන් අපේ ඉස්කෝලෙට ඉතිහාසයේ නොවූවිරූ සෑහෙන්න සාධනීය දේවල් එකතු උනා.. සතුටුයි ආඩම්බරයි ඔබ මේ කරන කර්තව්‍යය ගැන.. ඒ වගේමයි ප්‍රධාන ක්‍රියාකරුටත් මයුරපාද මිතුරෝ ප්‍රධාන සාමාජිකයන් set එකටමත් අලුත් admin සහෝදරයටත් හදවතින්ම සුබ පතනවා.



* අවසාන වශයෙන් මොකක්ද කියන්න තියෙන්නේ ??

අපි අද තැනකට ගිහිල්ල කොන්ද කෙලින් තියන් ඉන්නෙ මේ මයුරපාද මෑණියනට පිංසිද්ද වෙනන්.. ඒ අපි ඇගෙන් උගත් දේවල්.ඒ වගේමයි අපි ඇගෙන් පෝෂණය උනා. ඇය දුන්නු ඒ ශක්තියෙන් සමාජයට පුංචිම හරිදෙයක් කරමු.. ඒ වගේමයි අපි අපේ පාසල් මෑණියන් ගැන සොයල බලමු.. අපිට ඒ වෙනුවෙන් කරන්න පුලුවන් දෙයක් තියන්වනම් අපි හොයල බලල කරමු.ඒ වගේමයි පාසල් මෑණියන්ගෙ තුරුලෙ මේ වෙද්දි සැදීවැඩෙන නංගිලා මල්ලිලා වෙනුවෙන් යමක් කරන්න උත්සාහ කරමු.. එතකොට අපිව තැනකට ගෙනාව අපේ පාසල් මෑණියන්ව මේ රටේ වඩාත් හොඳ තැනකට ගේනන දායක වෙන්න අපට පුලුවන් වේවි....


චතුර ගැන සිසුන්ගේ අදහස්

චතුර ගැන සිසුන්ගේ අදහස්

චතුර ගැන සිසුන්ගේ අදහස්



චතුර මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් 
______________________________________________

••මේ වගේ තවත් මයුරපාදයන් ගැන අපි ඉදිරියටත් කතා කරමු. ඔබ දන්න මෙවන් මයුරපාදයන් ගැන තොරතුරු අපිට ලබාදෙන්න. නැතිනම් ඔබ විසින්ම ලිපියක් නිර්මාණය කර අපිට එවන්න••

••අප වෙත ලිපි, තොරතුරු , චායාරූප ලබාදීමට අපගේ facebook අඩවිය හෝ mayurapadamithuro@gmail.com අපගේ විද්යුත් ලිපිනය භාවිතා කරන්න••

ඔබගේ අදහස් comment කරන්න. තවත් කෙනෙකුට දකින්න share කරන්න අමතක කරන්න එපා.

0 comments:

Post a Comment