Music Player

Tuesday 20 December 2016

මයුරපාදය බිහිකළ තවත් අභිමානවත් විරුවෙක්. තොරතුරු දැනගන්න ලිපිය කියවන්න



අද මයුරපාද මිතුරෝ අපි අවධානය යොමු කරන්නේ රට වෙනුවෙන් ජීවිතය පරදුවට තැබූ අපේ ආදි මයුරපාදයෙක් ගැන.

මට ඔහුත් එක්ක ඔහුත් එක්ක කතාබහ කරන්නට අවස්ථාව ලැබුනා. ඔහු නමින් සජිත් ලසන්ත විජේසිංහ. මයුරපාද 2005 O/L කංඩායමේ සාමාජිකයෙක්.


2007-11-26 දින මූලික පුහුණු පාඨමාලා අංක එක  දෙවන විශේෂ බලකා පුහුණු පාසල මංකිබීච් වෙතින් මාස නවයක පමන කාලයක් පුහුණුව හදාරා 7වන ශ්‍රී ලංකා පාබළ හමුදා ඒකකය වෙත ඇතුළත් වී ත්‍රස්තවාදී ඉදිරි ආරක්ෂක වලල්ලේ කලක් ඔහු රාජකාරි කරමින් සිටියා. 2007 වසර යනු අපි කවුරුත් හොදින් දන්නා යුද්ධයේ දරුණුම කාලයක්.



හමුදාවට එක්වන විට මොහුගේ වසය අවුරුදු 18කි.  
හත් දෙනෙකු ගෙන් යුත් පවුලේ බාලයා මොහු විය. පවුලේ හමුදා සේවයට එක්වූ එකම සාමාජිකයා ඔහුය. 

සේවයට එක්වන්නේ කෝප්රල් තනතුරින්. මුල්ම රාජකාරිය වූයේ මඩුපල්ලි බේරාගැනීමයි. *මඩුපල්ලි ගලව ගත්තේ අපි* ඔහු ඒ ගැන අපිට කීවේ ආඩම්බරයකින්.

ඉදිරි ආරක්ෂක වලල්ලේ මෙහෙයුම් කිහිපයකට පසු කුඩා කංඩායමේ පාඨමාලාවක්ද මොහු හදාරා ඇත. 

තුනුක්කායි ආරුකුලම් බන්ට් එක මුදාගැනීමේ මෙහෙයුමටද මොහුට එක්වන්නට අවස්ථාව ලැබුනා. එහිදි සතුරා සමග මුහුණට මුහුණ සටන් කිරීමේදී  ත්‍රස්තවාදී මෝටාර් ප්‍රහාරයකට ලක්ව මේ වන විට රට ජාතිය වෙනුවෙන් ආබාධිත තත්වයට පත්වී ඇත.




වම් අතේ ඉහල බාහුවේ සිට පණ නැත. තවද බඩ සහ කකුලක්ද තුවාල ලබා එක් අතක අස්ථි ඉවත් කොට කම්බි දමා ඇත. 

එම මෝටාර් ප්‍රහාරය නිසා හමුදා සෙබලුන් මොහු ඇතුළු දොළොස් දෙනෙකු තුවාල ලබා තවත් විරුවන් දෙදෙනෙකු රටට අහිමි වී ඇත. ප්‍රහාරයෙන් සාමාජිකයන් දෙදෙනෙකුට දිවි ගලවා ගැනීමට හැකිවූ බව ඔහු අපට පැවසුවා.

මේ වන විට ශල්‍යකර්ම 12ක් පමන මොහු වෙනුවෙන් සිදුකර ඇත. මාස 6ක පමණ කාලයක් රෝදපුටුවේ ඉන්නටත් මොහුට සිදුවුණා. අද මොහු දරුවන් දෙදෙනෙකුගේ ආදරණීය පියෙකි.



මේ අපේ අභිමානය. අපි හැමෝම අද සතුටින් ජීවත් වන්නේ මොහු වැනි ආදරණීය විරුවන් නිසයි. මාවනැල්ල මයුරපාද යනු රට වෙනුවෙන් විශාල විරුවන් ප්‍රමාණයක් බිහිකළ පාසලක්. ත්‍රිවිධ හමුදාවේම ඉහලතම නිලධාරීන් බිහිකරන්නට මයුරපාද විදු මෑණියන් සමත්වෙලා තියෙනවා. අපි ඔහුන් ගැන ඉදිරි ලිපිවලින් කතා කරමු.

ඔබ දන්න මෙවන් මයුරපාදයන් ගැන තොරතුරු අපගේ facebook අඩවියට හෝ mayurapadamithuro@gmail.com අපගේ විද්යුත් ලිපිනයට ලබාදෙන්න.


1 comment:

  1. ජාතිය නගන රිසියෙන් හද ඔද වැඩුණු
    එනු ඉදිරියට පුත පැරකුම් දුටුගැමුණු....

    Respect...

    ReplyDelete