Music Player

Friday 16 December 2016

මයුරපාදයෙන් බිහිවුණු පලවෙනි පලාත් සභා මංත්‍රිවරයා මම. තොරතුරු දැනගන්න ලිපිය කියවන්න.



 මයුරපාදයේ අපේ ආදිසිසුන් ගැන කතාබහට අද මයුරපාද මිතුරෝ එක්ක එකතු උණේ දේශපාලන නායකයෙක්. ඒ තමයි උපුල් මහතා. එතුමා අපිත් එක්ක කරපු සංවාදය තමයි මේ.

ස.යු - මයුරපාද මිතුරෝ කිසිදු ආකාරයකින් දේශපාලනයට සහය නොදෙන අතර. අදි සිසුවා ගැන තොරතුරු අනාවරණය මෙහි මූලික අරමුණ වේ.


------------------------------------------------------------------------

* මොකක්ද සම්පූර්ණ නම?

උපුල් ශාමල් බංඩාර.

* මයුරපාදේ මොන කංඩායමේද ?

මම 1996 A/L

* දේශපාලනයට එන්නේ මොන කාලෙද ?

2006 ප්‍රාදේශීය සභා මංත්‍රි. 2008 පලාත් සභා මංත්‍රි.

* රැකියාව දේශපාලනයද? ඇයි දේශපාලනය තොරාගත්තේ ?

මගේ තාත්තයි මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක. අපිත් එක්ක ලොකු පිරිසක් හිටියා. ඒ අයගේ ඉල්ලීමට සහ දේශපාලනයට ආසයි.

 

* දේශපාලනයෙන් අද ඉන්න තැන මොකක්ද ?

මයුරපාදයෙන් බිහිවුණු පලවෙනි පලාත් සභා මංත්‍රිවරයා මම.

*මොකක්ද දේශපාලන පක්ෂය? ඇයි ඒ පක්ෂය තොරාගත්තේ ?

එක්සත් ජාතික පක්ෂය.
රටක් ඉදිරියට යන්න නම් හොද දැක්මක් තියෙන්න ඕන. ඒක පටු සහ වාසි සහගත නොවන ඉදිරි දැක්මක් ඇති කෙලින් තීරන ගන්න පක්ෂයක් වෙන්න ඕන.ලංකාවට නිදහස දිනා දුන් ලංකාවේ පලවෙනි පක්ෂය UNP ඒ නිසා.

* ජනතා නායකයෙක් විදිහට මේ වෙනකොට මොන වගේ වැඩ කොටසක් කරලා තියෙනවාද ?

මගේ මට්ටමින් මට පුලුවන් වැඩ කොටසක් කරලා තියෙනවා. මාවනැල්ලේ ඉපදිලා මාවනැල්ලේ ජිවත් වෙලා මාවනැල්ලේ මැරෙන කෙනෙක් විදිහට පක්ෂ බේදයකින් තොරව මිනිස්සුන්ගේ දුකේදී ඒ අයත් එක්ක ඉන්නවා.

 

* ගොඩක් දේශපාලන නායකයෝ වැඩකරන්නේ තමන්ට චන්දය දීපු අයට විතරයි. ඒ ගැන මොකක්ද අදහස ?

ඒක වැරදී. පක්ෂයකින් චන්දේ ඉල්ලුවාට අපි වැඩ කරන්න ඕන සමාජයේ අසරණ අයට. පක්ෂය චන්දේ කාලෙට විතරයි.

* අද ඔය තැන ඉන්න හේතුව මයුරපාදය. ඉස්කෝලේ වෙනුවෙන් දෙයක් කරලා තියෙනවාද? කරන් බලාපොරොත්තු වෙනවද ?

පහුගිය කාලේ ඉස්කෝලේට වැඩක් කරනවා තියා ඉස්කෝලේට අපි එනවට වත් ඒ කාලේ හිටපු අය කැමති උණේ නෑ. හැබැයි එයාලා ගියා. OB එක නැවතත් ගොඩනගන්න මුලින්ම උදව් කරේ මම. අඩු ආදායම් ලාබී දරුවන්ට ආධාර දෙනවා. පාසල් අරමුදලට 50000ක් දුන්නා. ඉස්කෝලේ සංවිධානය කරපු හැම වැඩකටම උදව් කරා. ඉස්කෝලේ වෙනුවෙන් හැම වෙලාවේම පෙනී ඉන්නවා.

* ආදිශිෂ්‍යයෙක් විදිහට සහ නායකයෙක් විදිහට ඉස්කෝලේ වර්තමාන තත්වය ගැන මොකද හිතෙන්නේ ?

සතුටු වෙන්න බෑ. අවුරුදු විස්සකට කලින් දැකපු ඉස්කෝලේ තාම එහෙමයි.

* දේශපාලන නායකයෙක් විදිහට ඒකට පියවරක් ගන්න බැරිද ?

තාම බෑ.

* ඉස්කෝලේට ආයෙත් පාරක් යන්න ලැබුණොත් යන්න කැමති මොන පංතියටද ?

A/L commerce class එකට.

* ඉස්කෝලේ ජීවිතේදී වැඩියෙන්ම ගුටිකෑවේ මොන ගුරුවරයාගෙන්ද ?

කාගෙන් වත් ගුටිකෑවේ නෑ.

* මයුරපාද මිතුරෝ ගැන මොකද හිතෙන්නේ ?

හොද වැඩක් කරන හොද කංඩායමක්. මයුරපාදය ලෝකෙට අරන් ගියේ ඔයාලා. අපි ආසයි ආපහු ඉස්කෝලේ යන්න.තාම මම දකින ලස්සනම හීනය ඉස්කෝලේ යනවා දකින එක. ඒ හීනය අපිට අලුත් කරේ මයුරපාද මිතුරෝ. සුභපතනවා. වැඩකටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා .

* ජනතා නායකයෙක් විදිහට සහ ආදිශිෂ්‍යයෙක් විදිහට වර්තමානයේ ඉස්කෝලේ යන මයුරපාදයන්ට මොකක්ද කියන්න තියෙන්නේ ?

පාසල තමයි ජීවිතේ අඩිතාලම. අද මම මෙතන ඉන්නේ ඉස්කෝලේ නිසා. ඉස්කෝලේ රැකගන්න. ජීවිතය හදාගන්න. ගුරුවරුන්ට සලකන්න. අදටත් අපි ගුරුවරුන්ට බය සහ ගෞරවය තියෙනවා.

* අවසාන වශයෙන් මොකක්ද කියන්න තියෙන්නේ ?

අපි ඔක්කෝම එකතුවෙලා මාවනැල්ලේ තියෙන එකම ජාතික පාසල ගොඩනගමු.

මොන දේශපාලන පක්ෂයේ හිටියත් මම ඉස්කෝලේ ගේට්ටුවෙන් ඇතුළට එන්නේ පක්ෂ එලියෙන් තියලා ආදිශිෂ්‍යයෙක් විදිහටයි.
-------------------------------------------------------------------------
ඔහුත් එක්ක කතාබහ අපි ඒ විදිහට අවසාන කරමින් මම ඔහුට ස්තූති කරා. ඒකට ප්‍රතිචාර විදිහට ඔහු බුදු සරණයි කියලා මට ආශිර්වාද කරා.
දේශපාලන නායකයෝ ජාතිය ආගම පවා අමතක කර ඇති යුගයක එතුමාගේ ඒ ක්‍රියාව අපි අගය කරනවා.

ඒ වගේම ඉදිරි දේශපාලන ගමනට අපි සුභපතනවා.

මයුරපාද ආදිශිෂ්‍ය සංගමය සංවිධානයකල ලේ දන්දීමේ වැඩසටහනකට එක්වෙමින් .
මයුරපාද රැළිය 2015 වැඩසටහනට එක්වෙමින් 
විදුහල්පති තුමිය ඇතුළු ආදිශිෂ්‍ය සංගම් නිලධාරීන් සමගින්. මයුර රැළිය 2015 වැඩසටහන අතරතුර ලබාගත් චායාරූපයක්

වත්මන් ජනාධිපතිතුමා සමග 
ක්‍රීඩා ඇමතිතුමා සමග 
                      


 ________________________________________________
මේ වගේ තවත් ආදි සිසුන් ගැන අපි ඉදිරියේදීත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මෙවන් ආදි සිසුන් ගැන ඔබත් දැනුවත් නම් ඒ ගැන අප වෙත inbox මගින් දැනුම් දෙන්න. නැතිනම් ඔබ විසින් සැකසූ ලිපියක් mayurapadamithuro@gmail.com අපගේ විද්යුත් ලිපිනයට ලබාදෙන්න.

මයුරපාද මිතුරෝ සමඟ එක්වූ ඔබට ස්තූතියි.

0 comments:

Post a Comment