Music Player

This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

Friday 30 December 2016

මයුරපාදේ ආදි අපි ඒ කාලේ ගත්තු සුපිරි අාතල්. කෙල්ලෝ කොල්ලෝ අනිවා බලන්න.



කොහොම... හැමෝම හොදින් කියලා හිතනවා. අද නම් ඔන්න සුපිරි වැඩක් තමයි කරන්න හදන්නේ. 2016 වසරේ අවසාන ලිපිය තමයි මේ. ඉස්කෝලේ ජීවිතේදී වෙච්චි කරුණු කිහිපයක් ගැන තමයි කතා කරන්න හදන්නේ..

විනෝදයටත් එක්ක ඔන්න කරුණු වලට ලකුණු දෙන්නත් හිතුවා. බලන්න ඔයාට ලකුණු කීයද කියලා...

------------------------
පාසල් කාලය ඇසුරිනි මතක ආවර්ජනය කරන කරුණු එකතුව.


                              
•• පලමු කරුණු 10ට එක් කරුණකට ලකුණු 10 බැගින් හිමිවේ.

•• පලමු කරුණු 10ට හිමිවන ලකුණු ප්‍රමාණය 100කි.

-----------------------------------------------------------------------

1. කේක් කාලා තිබීම(දන්නවානේ)
(ලකුණු 10)

2. අර ඉස්කෝලේ තියෙන අඹ ගස්වලින් පොලු ගල් ගහලා ගෙඩි කාලා තියෙනවා නම්.
(ලකුණු 10)

3. ඉස්කෝලේ ඇතුලේ යාලුවෝ එක්ක මොනවා හරි උයාගෙන කාලා තියෙනවා නම්.
(ලකුණු 10)

4. පොඩි පැත්තේ බෝ ගහ යට බෝ මුල් උඩ ඉදගෙන ඉදලා සෙල්ලම් කරලා තියෙන්න ඕන.(ඔය දැන් තියෙන විදිහට බැමි බැදලා පස් පුරවන්න ඉස්සර හොදේ.)
(ලකුණු 10)

5. සත 50ට අඩුවෙන් බුල්ටෝ කාලා තියෙනවා නම්. (ලකුණු 10)

6. ඉස්කෝලේ ඇතුලේ ප්‍රේම සම්බන්ධයක් තිබීම.
(ලකුණු 10)

7. පාසල් ගීතය තවමත් කටපාඩම් තිබීම.
(ලකුණු 10)

8. එක්කනෙක් කරපු වැරැද්දකට පංතියේ හැමෝම ගුටිකාලා තිබීම.
(ලකුණු 10)

9. ඉන්ටවල් එකට කලින් කෑම කාලා තිබීම.
(ලකුණු 10)

10. සෙල්ලම් කරන කොට පංතියේ කාගේ හරි ඔලුවක් පැළිලා තිබීම.
(ලකුණු 10)
_______________________________________________


•බෝනස් ලකුණු හිමිවන කරුණු•

•• බෝනස් කරුණු 5ට හිමිවන ලකුණු ප්‍රමාණය 50කි.


* මා ඔයේ නාන්න ගිහින් එක්කනෙක් ගිලෙන්න යද්දී අනූ නවයෙන් බේරාගත් අවස්ථාවක් තිබීම.    
(ලකුණු 10)

* එහා පංතියේ අය මෙහා පංතියේ අය හුණු කොට්ටෙන් ගහ ගැනීම.
 (ලකුණු 10)

* ටොයිලට් එක ඇතුලේ පංතියේ හිටපු කාගේ හරි කෙනෙක්ගේ නමක් ලියලා තිබීම.
 (ලකුණු 10)

* විදුහල්පති තුමා/තුමිය ගෙන් ගුටිකාලා තිබීම. (ලකුණු 10)

* 2000 වසරට පෙර (2000 වසරත් ඇතුළුව) ඉස්කෝලේ එක වසරට ඇතුළත් වී තිබීම
 (ලකුණු 10)
________________________________________

•සියලුම කරුණු සදහා හිමිවන සම්පූර්ණ ලකුණු ගණන 150කි•.


** දැන් ඉතින් අපේ ආදි අයියලා අක්කලා නංගිලා මල්ලිලා තමන්ට ලකුණු කීයද කියලා comment පාරක් දාන්න බලන්න.

සැ.යු. - මෙය අපගේ සුන්දර පාසල් ජීවිතය සිහිකිරීම සදහා නිර්මාණය කළ දෙයක් පමණි.

ආදි සිසුන් ඇතුළු ඔබ සැමටම 2017 වසර ජයෙන් ජයම වෙන්න කියලා මයුරපාද මිතුරෝ කංඩායම ප්‍රාර්ථනා කරනවා. 

හැමදාමත් අලුත් දෙයක් කරපු මයුරපාද මිතුරෝ 2017 වසරේදීත් තවත් අලුත් දේවල් ඔයාලා වෙනුවෙන් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් හැමදාමත් වගේ ඉදිරියටත් එකතුවෙලා ඉන්න අපිත් එක්ක..

අපිව copy කරන අයියලාත් ලෑස්ති වෙලා ඉන්න.... ඉවර නෑ හොදේ.. අපි තවත් ගොඩක් අලුත් දේවල් කරනවා...

ලකුණු comment කරන්න අමතක කරන්න එපා....

මයුරපාද මිතුරෝ සමග එක්වූ ඔබට ස්තුතිය..

Wednesday 28 December 2016

මලක් උණේ ඇයි නුඹ මට ගීතය හැදුනු සත්‍ය සිදුවීම දැනගන්න ලිපිය කියවන්න.



ඔන්න පුංචි වෙනසක් කරන්න කියලා හදන්නේ. සිංහල සිංදු ගැන රසවත් කතා ගැන අපි ඔයාලට කියන්න හිතුවා. ඉතින් මේකට ලැබෙන ප්‍රචාර බලලා අපි තවත් ඔයාලා නොදන්න ගීත සම්බන්ධ  අපූරු කතා කියන්න බලාපොරොත්තු වෙනවා.

මම මුලින්ම තෝරාගත්තේ අමරසිරි පීරිස් මහතා ගයන මලක් උනේ ඇයි නුඹ මට කියන ජනප්‍රිය ගීතය.  කියවලා බලන්න සිංදුව අහලා තිබුනට මේ කතාව නම් ඔයාලා දැනගෙන ඉන්න නැතිව ඇති.


                           ---------------------
මලක් උණේ ඇයි නුඹ මට සමන් අතාවුදහෙට්ටි මහත‍ා අතින් ලියවෙන මේ ගීතය ඔහුගේ මිතුරෙකුගේ සත්‍ය අත්දැකීමක් පිලිබඳ කියවෙන ගීයකි.

කාලයක් විදේශ රටක සේවය කරන සමන් මහතාගේ මිතුරෙක් ලංකාවට එන්නේ ඔහු විදේශගතව සිටියදී දැන හදුනාගත් තරුණියක් විවාහ කරගැනීමේ අරමුනින්.

ලංකාවට ආපු මොහු තරුණියගේ පවුලේ අයත් දැනුවත් කරලා විවාහය සදහා දින වෙන් කරගන්නවා. ඔහොම ටික කාලයක් ඉන්නකොට මොහු හදිස්සියේම ඒ තරුණිය විවාහ නොකරගන්න තීරනය කරනවා.

ඒකට හේතුව වෙලා තියෙන්නේ දෙදෙනාගේ අදහස් නොගැලපීමලු. ඇය ගොඩක් සාම්ප්‍රදායික විදිහේ තරුණියක්ලු. කොටින්ම කියනවානම් ඇය අතකින් වත් අල්ලනවට කැමති වෙලා නැහැලු. ඉතින් සමන් මහත්මයාගේ මිතුරට ලොකු දුකක් කලකිරීමක් ඇතිවෙලා තියෙනවා මේ ගැන.

ඉතින් ඔහු ආපහු තමන් හිටපු රටටම යන්න තීරනය කරලා, ලංකාව අතහැරලා ආපහු හිටපු රටටම ගියාලු. මේ කතාව අහපු දැකපු සමන් අතාවුදහෙට්ටි මහතා අතින් *මලක් උනේ ඇයි නුඹ මට* ගීතය ලියවුනාලු.

** මලක් වුනේ ඇයි නුඹ මට
ජීවිතයට සුවඳ සලන
එනමුදු සිප ගන්නට තහනම්...

[[මලක් උනාට වැඩක් නෑ ඒ මල සිපගන්න බැරිනම්]]

විලක් වුනේ ඇයි ඔබ මට
ජීවිතයට සිසිල ඉසින
දිය දෝතක් බොන්නට තහනම්...

[[විලක් උනාට වැඩක් නෑ ඒ විලෙන් වතුර ටිකක් බොන්න බැරිනම්.]]

පහන් තාරකාවක් සේ ජීවිතයට මඟ කීවද
ඒ එළියෙන් මහද පහන දල්වනු කෙලෙසින්

සහන් ගීතිකාවක් සේ ජීවිතයේ ගිම් නිවුවද
ඒ ගීයේ සොඳුරු වදන් මුමුනනු කෙලෙසින්

මලක් වුනේ ඇයි නුඹ මට......**

""'සම්පූර්ණ ගීතය තේරුම් කරන්න ඕන නැහැනේ, සරල බසින් තියෙන නිසා.""

ගායනය - අමරසිරි පීරිස්.
පද රචනය - සමන් අතාවුදහෙට්ටි.

* තවත් මේ වගේ ගීත ගැන අපි කතා කරමු. හැබැයි අපිට මුලින්ම මේ සම්බන්ධ ඔයාලගේ ප්‍රචාරය ඕන.*

••මයුරපාද මිතුරෝ සමග එක්වූ ඔබට ස්තුතිය••

Saturday 24 December 2016

මයුරපාදේ කොල්ලෝ තුන්දෙනාගේ Sweety. තොරතුරු දැනගන්න ලිපිය කියවන්න.



ආයුබෝවන්.

මුලින්ම අපි ඔබ සැමට ස්තූති කරනවා ඉතා කෙටි කාලයකින් අපගේ blog අඩවිය හිතුවට වඩා හොද ප්‍රතිචාරයක් වගේම හොද ජනප්‍රියත්වයක් ලබා දීම ගැන. මේ ලිපිය පලකරන මොහොතෙත් අඩවිය නැරඹූ පිරිස 5000 පසුකරලා තියෙන්නේ...

                     ------------------------------------------


අද අපි කතා කරන්න හදන්නේ මයුරපාදයේ යාළුවෝ කංඩායමක් කරපු දෙයක් ගැන. අපිත් එක්ක කතා කරන්න එකතු උණේ ඉසුරු සොයුරා.


____________________________________________

ඉසුරු

* මොකක්ද සම්පූර්ණ නම ?

ඉසුරු තිලිණ.

* මයුරපාදේ මොන කංඩායමේද ?

2008 A/L

* මොකක්ද මේ sweety කියන්නේ ?

අපේ මුල්ම සිංදුව. ඒක rap normal beat (RNB) විදිහට හදපු සිංදුවක්.

* සිංදුවට සම්බන්ධ වෙච්චි අනික් යාළුවෝ ගැන මතක් කරොත් ?

සිංදුව ලීවේ යශාන් ශාලින්ද. මාත් එක්ක සිංදුව කියන්න එකතු උනා දුලංජන සමීර.

"ඉසුරු - rapper /සමීර - vocal /යශාන් - lyrics"

සිංදුව ලියපු ශාලින්ද.

 
 * සිංදුවට සම්බන්ධ වෙච්චි හැමෝම එකම පංතියේ අයද ?

Music කරේ ටිරෝන් කියලා නුවර කොල්ලෙක්. අපි තුන් දෙනා එකම class එකේ.මමයි, ශාලින්දයි, සමීරයි. commerce class එකේ.

         
සමීර 
                   

* ඇයි සිංදුවක් කරන්න හිතුනේ ?

සමීරයි මමයි O/L කාලේ ඉදන් සිංදුවක් කරන්න plan කරන් හිටියේ. ඒක  hip-hop එකක් වෙන්න ඕන කියලා අපි දෙන්නම plan කරා. අපි ඒ දවස්වල hip-hop වලට තමයි ගොඩක් කැමති වෙලා හිටියේ. ඒ දවස් වල radio එකේ යන හැම rap එකක්ම කටපාඩම් කරනවා. A/L කරන්න ආපුහම තමයි සිංදු සුපිරියටම ලියන ශාලින්ද හම්බවුනේ.

* දැන් සිංදුව කරලා කොචිචර කාලයක් වෙනවද ?

දැන් අවුරුදු 9ක් විතර.

* ඉස්කෝලේ යන කාලේ සිංදුවක් කරන්න කොහෙන්ද සල්ලි ?

අපේ සල්ලිවලින් තමයි කරේ. ඊට අමතරව bookmark එකක් print කරා.ඉස්කෝලේ ගොඩක් අය ගත්තා. සමහර ගුරුවරු උදව් කරා. සමහර අය නම් කැමති උණේ නෑ. හැබැයි ළමයි ගොඩක් කැමති උනා.




* ඉස්කෝලෙන් ලැබුණු ප්‍රතිචාරය කොහොමද ?

හොඩක් හොද ප්‍රතිචාරයක් ලැබුනා. යාළුවෝ සිංදුව දාගන්න mp3 phone ගත්තා. ඊට අමතරව Y fm එකේ play උනා මේක. තවමත් request කරොත් play කරනවා.

* ඉස්කෝලේ සංගීතය විෂයක් විදිහට කරාද ?. සංගීතය කරපු ගුරුවරු උදව් කරාද ?

මම විතරයි සංගීතය ඉගෙන ගත්තේ. ශාලින්ද කොහොමද දන්නෑ. අපි බටහිර සංගීතයට නැබුරු වෙලා සිංදුව කරපු නිසා සංගීත ගුරුවරුන්ට උදව් කරන්න අවස්ථාව ලැබුණේ නෑ. ඒත් සිංදුව අහලා ප්‍රසංසා කලා.

* දැනට කීයක් කරලා තියෙනවද ? ඉස්සරහට සංගීතය පැත්තෙන් තව දේවල් කරන්න බලාපොරොත්තු වෙනවද?

සිංදු 2ක් කරලා තියෙනවා. අපි job කරන නිසා සිංදු කරන්න කට්ටියට වෙලාවක් නැති උනා.ඒත් අපි තවමත් වෙලාවක් ලැබුන ගමන් සිංදුවක් කරන්න plan කරලා තියෙන්නේ.
                       

* මොකද අනික් සිංදුව?

දුටු මුල් දිනයේ කියලා සිංදුවක්. ඒක තාම අපි එලියට දැම්ම නෑ. ඒකත් ලීවේ ශාලින්ද.

* ආදිශිෂ්‍යයෙක් විදිහට ඉස්කෝලේ වර්තමාන තත්වය ගැන මොකක්ද හිතෙන්නේ ?

ලොකු වෙනසක් වෙලා කියලා නම් දැනෙන්නේ නෑ.

* මයුරපාද මිතුරෝ ගැන මොකද හිතෙන්නේ ?.

සුපිරි වැඩක් කරනවා ඉස්කෝලේ වෙනුවෙන්. මේක කවුරුත් නොකරපු අලුත් දෙයක්. ඉස්කෝලේ ආදි කොල්ලෝ කෙල්ලෝ එකතු කරනවා කියන්නේ ලේසි දෙයක් නෙමෙයි. මයුරපාද මිතුරෝ ඒක කරලා පෙන්නුවා. දිගු ගමනක් යන්න ලැබෙන්න කියලා wish කරනවා.

* අවසාන වශයෙන් මොකක්ද කියන්න තියෙන්නේ ?

ශාලින්ද දැන් army officer කෙනෙක්. සමීර guest searvice manager cinnamon Lake side. මම lecturer කෙනෙක් ඉන්දියාවේ campus එකක. ඉස්කෝලේ කාලේ මොන දේ කරත් අපි අපේ වැඩ නතර කරේ නෑ.
_______________________________________________

°°ගීතය රසවිදින්න සහ බාගතකරන්න පහලින්°°

                        
                     

         
                      
                      
                 



                    


-----------------------------------------------------------------------

Sweety සිංදුව මෙතනින් අහන්න...


Download කරගන්න මෙතනින්...


______________________________________________


තවත් මේ වගේ මයුරපාදයන් ගැන අපි ඉදිරියටත් කතාකරමු. ඔබ දන්න මෙවන් මයුරපාදයන් ගැන තොරතුරු අපගේ facebook අඩවියට හෝ mayurapadamithuro@gmail.com අපගේ විද්යුත් ලිපිනයට ලබාදෙන්න.

මයුරපාද මිතුරෝ සමග එක්වූ ඔබට ස්තුතිය

Tuesday 20 December 2016

මයුරපාදය බිහිකළ තවත් අභිමානවත් විරුවෙක්. තොරතුරු දැනගන්න ලිපිය කියවන්න



අද මයුරපාද මිතුරෝ අපි අවධානය යොමු කරන්නේ රට වෙනුවෙන් ජීවිතය පරදුවට තැබූ අපේ ආදි මයුරපාදයෙක් ගැන.

මට ඔහුත් එක්ක ඔහුත් එක්ක කතාබහ කරන්නට අවස්ථාව ලැබුනා. ඔහු නමින් සජිත් ලසන්ත විජේසිංහ. මයුරපාද 2005 O/L කංඩායමේ සාමාජිකයෙක්.


2007-11-26 දින මූලික පුහුණු පාඨමාලා අංක එක  දෙවන විශේෂ බලකා පුහුණු පාසල මංකිබීච් වෙතින් මාස නවයක පමන කාලයක් පුහුණුව හදාරා 7වන ශ්‍රී ලංකා පාබළ හමුදා ඒකකය වෙත ඇතුළත් වී ත්‍රස්තවාදී ඉදිරි ආරක්ෂක වලල්ලේ කලක් ඔහු රාජකාරි කරමින් සිටියා. 2007 වසර යනු අපි කවුරුත් හොදින් දන්නා යුද්ධයේ දරුණුම කාලයක්.



හමුදාවට එක්වන විට මොහුගේ වසය අවුරුදු 18කි.  
හත් දෙනෙකු ගෙන් යුත් පවුලේ බාලයා මොහු විය. පවුලේ හමුදා සේවයට එක්වූ එකම සාමාජිකයා ඔහුය. 

සේවයට එක්වන්නේ කෝප්රල් තනතුරින්. මුල්ම රාජකාරිය වූයේ මඩුපල්ලි බේරාගැනීමයි. *මඩුපල්ලි ගලව ගත්තේ අපි* ඔහු ඒ ගැන අපිට කීවේ ආඩම්බරයකින්.

ඉදිරි ආරක්ෂක වලල්ලේ මෙහෙයුම් කිහිපයකට පසු කුඩා කංඩායමේ පාඨමාලාවක්ද මොහු හදාරා ඇත. 

තුනුක්කායි ආරුකුලම් බන්ට් එක මුදාගැනීමේ මෙහෙයුමටද මොහුට එක්වන්නට අවස්ථාව ලැබුනා. එහිදි සතුරා සමග මුහුණට මුහුණ සටන් කිරීමේදී  ත්‍රස්තවාදී මෝටාර් ප්‍රහාරයකට ලක්ව මේ වන විට රට ජාතිය වෙනුවෙන් ආබාධිත තත්වයට පත්වී ඇත.




වම් අතේ ඉහල බාහුවේ සිට පණ නැත. තවද බඩ සහ කකුලක්ද තුවාල ලබා එක් අතක අස්ථි ඉවත් කොට කම්බි දමා ඇත. 

එම මෝටාර් ප්‍රහාරය නිසා හමුදා සෙබලුන් මොහු ඇතුළු දොළොස් දෙනෙකු තුවාල ලබා තවත් විරුවන් දෙදෙනෙකු රටට අහිමි වී ඇත. ප්‍රහාරයෙන් සාමාජිකයන් දෙදෙනෙකුට දිවි ගලවා ගැනීමට හැකිවූ බව ඔහු අපට පැවසුවා.

මේ වන විට ශල්‍යකර්ම 12ක් පමන මොහු වෙනුවෙන් සිදුකර ඇත. මාස 6ක පමණ කාලයක් රෝදපුටුවේ ඉන්නටත් මොහුට සිදුවුණා. අද මොහු දරුවන් දෙදෙනෙකුගේ ආදරණීය පියෙකි.



මේ අපේ අභිමානය. අපි හැමෝම අද සතුටින් ජීවත් වන්නේ මොහු වැනි ආදරණීය විරුවන් නිසයි. මාවනැල්ල මයුරපාද යනු රට වෙනුවෙන් විශාල විරුවන් ප්‍රමාණයක් බිහිකළ පාසලක්. ත්‍රිවිධ හමුදාවේම ඉහලතම නිලධාරීන් බිහිකරන්නට මයුරපාද විදු මෑණියන් සමත්වෙලා තියෙනවා. අපි ඔහුන් ගැන ඉදිරි ලිපිවලින් කතා කරමු.

ඔබ දන්න මෙවන් මයුරපාදයන් ගැන තොරතුරු අපගේ facebook අඩවියට හෝ mayurapadamithuro@gmail.com අපගේ විද්යුත් ලිපිනයට ලබාදෙන්න.


Friday 16 December 2016

මයුරපාදයෙන් බිහිවුණු පලවෙනි පලාත් සභා මංත්‍රිවරයා මම. තොරතුරු දැනගන්න ලිපිය කියවන්න.



 මයුරපාදයේ අපේ ආදිසිසුන් ගැන කතාබහට අද මයුරපාද මිතුරෝ එක්ක එකතු උණේ දේශපාලන නායකයෙක්. ඒ තමයි උපුල් මහතා. එතුමා අපිත් එක්ක කරපු සංවාදය තමයි මේ.

ස.යු - මයුරපාද මිතුරෝ කිසිදු ආකාරයකින් දේශපාලනයට සහය නොදෙන අතර. අදි සිසුවා ගැන තොරතුරු අනාවරණය මෙහි මූලික අරමුණ වේ.


------------------------------------------------------------------------

* මොකක්ද සම්පූර්ණ නම?

උපුල් ශාමල් බංඩාර.

* මයුරපාදේ මොන කංඩායමේද ?

මම 1996 A/L

* දේශපාලනයට එන්නේ මොන කාලෙද ?

2006 ප්‍රාදේශීය සභා මංත්‍රි. 2008 පලාත් සභා මංත්‍රි.

* රැකියාව දේශපාලනයද? ඇයි දේශපාලනය තොරාගත්තේ ?

මගේ තාත්තයි මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක. අපිත් එක්ක ලොකු පිරිසක් හිටියා. ඒ අයගේ ඉල්ලීමට සහ දේශපාලනයට ආසයි.

 

* දේශපාලනයෙන් අද ඉන්න තැන මොකක්ද ?

මයුරපාදයෙන් බිහිවුණු පලවෙනි පලාත් සභා මංත්‍රිවරයා මම.

*මොකක්ද දේශපාලන පක්ෂය? ඇයි ඒ පක්ෂය තොරාගත්තේ ?

එක්සත් ජාතික පක්ෂය.
රටක් ඉදිරියට යන්න නම් හොද දැක්මක් තියෙන්න ඕන. ඒක පටු සහ වාසි සහගත නොවන ඉදිරි දැක්මක් ඇති කෙලින් තීරන ගන්න පක්ෂයක් වෙන්න ඕන.ලංකාවට නිදහස දිනා දුන් ලංකාවේ පලවෙනි පක්ෂය UNP ඒ නිසා.

* ජනතා නායකයෙක් විදිහට මේ වෙනකොට මොන වගේ වැඩ කොටසක් කරලා තියෙනවාද ?

මගේ මට්ටමින් මට පුලුවන් වැඩ කොටසක් කරලා තියෙනවා. මාවනැල්ලේ ඉපදිලා මාවනැල්ලේ ජිවත් වෙලා මාවනැල්ලේ මැරෙන කෙනෙක් විදිහට පක්ෂ බේදයකින් තොරව මිනිස්සුන්ගේ දුකේදී ඒ අයත් එක්ක ඉන්නවා.

 

* ගොඩක් දේශපාලන නායකයෝ වැඩකරන්නේ තමන්ට චන්දය දීපු අයට විතරයි. ඒ ගැන මොකක්ද අදහස ?

ඒක වැරදී. පක්ෂයකින් චන්දේ ඉල්ලුවාට අපි වැඩ කරන්න ඕන සමාජයේ අසරණ අයට. පක්ෂය චන්දේ කාලෙට විතරයි.

* අද ඔය තැන ඉන්න හේතුව මයුරපාදය. ඉස්කෝලේ වෙනුවෙන් දෙයක් කරලා තියෙනවාද? කරන් බලාපොරොත්තු වෙනවද ?

පහුගිය කාලේ ඉස්කෝලේට වැඩක් කරනවා තියා ඉස්කෝලේට අපි එනවට වත් ඒ කාලේ හිටපු අය කැමති උණේ නෑ. හැබැයි එයාලා ගියා. OB එක නැවතත් ගොඩනගන්න මුලින්ම උදව් කරේ මම. අඩු ආදායම් ලාබී දරුවන්ට ආධාර දෙනවා. පාසල් අරමුදලට 50000ක් දුන්නා. ඉස්කෝලේ සංවිධානය කරපු හැම වැඩකටම උදව් කරා. ඉස්කෝලේ වෙනුවෙන් හැම වෙලාවේම පෙනී ඉන්නවා.

* ආදිශිෂ්‍යයෙක් විදිහට සහ නායකයෙක් විදිහට ඉස්කෝලේ වර්තමාන තත්වය ගැන මොකද හිතෙන්නේ ?

සතුටු වෙන්න බෑ. අවුරුදු විස්සකට කලින් දැකපු ඉස්කෝලේ තාම එහෙමයි.

* දේශපාලන නායකයෙක් විදිහට ඒකට පියවරක් ගන්න බැරිද ?

තාම බෑ.

* ඉස්කෝලේට ආයෙත් පාරක් යන්න ලැබුණොත් යන්න කැමති මොන පංතියටද ?

A/L commerce class එකට.

* ඉස්කෝලේ ජීවිතේදී වැඩියෙන්ම ගුටිකෑවේ මොන ගුරුවරයාගෙන්ද ?

කාගෙන් වත් ගුටිකෑවේ නෑ.

* මයුරපාද මිතුරෝ ගැන මොකද හිතෙන්නේ ?

හොද වැඩක් කරන හොද කංඩායමක්. මයුරපාදය ලෝකෙට අරන් ගියේ ඔයාලා. අපි ආසයි ආපහු ඉස්කෝලේ යන්න.තාම මම දකින ලස්සනම හීනය ඉස්කෝලේ යනවා දකින එක. ඒ හීනය අපිට අලුත් කරේ මයුරපාද මිතුරෝ. සුභපතනවා. වැඩකටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා .

* ජනතා නායකයෙක් විදිහට සහ ආදිශිෂ්‍යයෙක් විදිහට වර්තමානයේ ඉස්කෝලේ යන මයුරපාදයන්ට මොකක්ද කියන්න තියෙන්නේ ?

පාසල තමයි ජීවිතේ අඩිතාලම. අද මම මෙතන ඉන්නේ ඉස්කෝලේ නිසා. ඉස්කෝලේ රැකගන්න. ජීවිතය හදාගන්න. ගුරුවරුන්ට සලකන්න. අදටත් අපි ගුරුවරුන්ට බය සහ ගෞරවය තියෙනවා.

* අවසාන වශයෙන් මොකක්ද කියන්න තියෙන්නේ ?

අපි ඔක්කෝම එකතුවෙලා මාවනැල්ලේ තියෙන එකම ජාතික පාසල ගොඩනගමු.

මොන දේශපාලන පක්ෂයේ හිටියත් මම ඉස්කෝලේ ගේට්ටුවෙන් ඇතුළට එන්නේ පක්ෂ එලියෙන් තියලා ආදිශිෂ්‍යයෙක් විදිහටයි.
-------------------------------------------------------------------------
ඔහුත් එක්ක කතාබහ අපි ඒ විදිහට අවසාන කරමින් මම ඔහුට ස්තූති කරා. ඒකට ප්‍රතිචාර විදිහට ඔහු බුදු සරණයි කියලා මට ආශිර්වාද කරා.
දේශපාලන නායකයෝ ජාතිය ආගම පවා අමතක කර ඇති යුගයක එතුමාගේ ඒ ක්‍රියාව අපි අගය කරනවා.

ඒ වගේම ඉදිරි දේශපාලන ගමනට අපි සුභපතනවා.

මයුරපාද ආදිශිෂ්‍ය සංගමය සංවිධානයකල ලේ දන්දීමේ වැඩසටහනකට එක්වෙමින් .
මයුරපාද රැළිය 2015 වැඩසටහනට එක්වෙමින් 
විදුහල්පති තුමිය ඇතුළු ආදිශිෂ්‍ය සංගම් නිලධාරීන් සමගින්. මයුර රැළිය 2015 වැඩසටහන අතරතුර ලබාගත් චායාරූපයක්

වත්මන් ජනාධිපතිතුමා සමග 
ක්‍රීඩා ඇමතිතුමා සමග 
                      


 ________________________________________________
මේ වගේ තවත් ආදි සිසුන් ගැන අපි ඉදිරියේදීත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මෙවන් ආදි සිසුන් ගැන ඔබත් දැනුවත් නම් ඒ ගැන අප වෙත inbox මගින් දැනුම් දෙන්න. නැතිනම් ඔබ විසින් සැකසූ ලිපියක් mayurapadamithuro@gmail.com අපගේ විද්යුත් ලිපිනයට ලබාදෙන්න.

මයුරපාද මිතුරෝ සමඟ එක්වූ ඔබට ස්තූතියි.

Wednesday 14 December 2016

අධ්‍යාපන අයිතීන් වෙනුවෙන් සටන් කරන ආදි මයුරපාදයා. තොරතුරු දැනගන්න ලිපිය කියවන්න.




 අද අපි කතා කරන්නේ තවත් විශේෂ ආදි සිසුවෙක් එක්ක ඒ තමයි බාහිර උපාධි සංසදයේ මාධ්‍ය ප්‍රකාශක චතුර සොයුරා.

චතුර ගැන අපි කලින් දවසක අපේ facebook අඩවියට ඔහු ගැන පුංචි සදහනක් කරලා චායාරූපයක් පලකරලා තිබුනා. ඉතින් අපි චතුර සම්බන්ධ කරගත්තා ඇත්තටම මොකද වෙන්නේ කියලා දැනගන්න..


_____________________________________________

* මොකක්ද සම්පූර්ණ නම??

චතුර මධුශංඛ තිලකරත්න.

* මයුරපාදේ මොන කංඩායමේ ද??

මම 2009 O/L
2012 A/L

* මොකද මේ පෙළපාලි යන්නේ ??

අපෙන් පස්සෙ එන දුප්පත් ළමයින්ට උපාධික් ගන්න තියන අවස්ථාව රකින්න.මොකද අපේ ගම්වල හැම ලමයටම privt campz යන වත්කමක් නෑ. ඒත් එහෙමයි කියල උන්ට හැමදාම සමාජයේ  3න්වෙනි පංතියෙ ඉන්න බෑ..

මගෙ අැස් ඉසරහ වෙන සමාජ අසාධාරණයක් බලන් ඉන්න බැරි නිසා.අද මේ අසාධාරණයට කට පියන් හිටියොත් හෙට ජාතික විශ්වවිද්‍යාල ටික privt කරයි. ඉස්කෝල ටික privt කරයි. එතකොට කෝ මේ රටේ දුප්පත් අම්ම තාත්තාගෙ දරුවන්ට හෙටක්

සරලම උත්තරේ නිදහස් අධ්‍යාපය සුරක්ෂිත කරන අරමුණින්

* අධ්‍යාපනය සුරක්ෂිත කරන්න ඔයා කවුද?? තනතුරක් තියෙනවද??
 

තනතුරක් තිබුන නෑ මට මං මේ සටනට බහිනකොට.. නිකම්ම නිකන් බාහිර උපාධි අපේක්ෂකයෙක්

* තාමත් නිකම්ම නිකම් අපේක්ෂකයෙක් ද??

මේ සටන පටන් ගද්දි මට දැනුනෙ මගෙන් වෙන්න ඕනි යුතුකමක් තියනවා.එක කරන්න ඕනි කියල විතරයි.. අපිව අපේ ඉස්කෝන් හුරු කලේ නෑ සමාජ වගකීමක් වෙනන ඕනි වෙලාවෙ මුලුගැන්වෙනන්..ඕනිම තැනක කොන්ද කෙලින් තියන් ඉන්න පුරුද්ද එදා ඉස්කෝලෙන් දුන්න පන්නරය මාව මේ සටනේ ප්‍රධානම නායකයෙක් කරනවා.

මුලින්ම මාව කාරක සභිකයෙක් විදියට තේරෙනව..ඊට පස්සෙ මාධ්‍ය සම්බන්දීකාරක ලේකම්.මාධ්‍ය ප්‍රකාශක වෙනකන් එනව.මම මාධ්‍ය ලේකම් ඒ වගෙව්ම මාධ්‍ය ප්‍රකාශ.



* ඔය වගේ වැඩකට අතගහපු පලවෙනි මයුරපාදයා ඔයා... ඒ ගැන මොකද හිතෙන්නේ ??

ඒ ගැන නිහතමානී ආඩම්බරයක් තියනව.ඒත් මේ දේවල් වලින් අපිට පුද්ගලිකව ලැබෙන කිසිම දෙයක් නෑ..ඒත් අද වෙද්දි "මාවනැල්ලෙ මයුරපාදෙ කොල්ලෙක් ඌ" කියන්න දන්න පිරිසක් ලංකාව වටෙන්ම අපිත් එකක් ඉන්නවා.හැබැයි මං මයුරපාදෙන් මේ වගේ බිහිවුන අන්තිමය නොවිය යුතුයි.

අපේ සහෝදර සහෝදරියො එලියට නාවට තම තමන් නියෝජනය කරන ක්ෂේත්‍ර වලින් ලොකු මෙහෙයක් මේ රටට කරන්වා.අපි සමහරවිට ඒ අය ගැන දැනුවත් නෑ.

* ඔය වැඩ කරන්නේ දේශපාලනයට නේද ??

පාලකයො තමන්ගෙ නිදිනම්..ඒ අයගෙ වගකීම් හරියට ඉටු නොකරනවමම් ඒ අයව අවදි කරන එක සාමාන්‍ය ජනතාව හැටියට අපේ වගකීමක්.. මේකත් ඒ වගේ. අපි කිසිම දේශපාලන පක්ෂයකවත් දේශපාලන කණ්ඩායමක වත් ගැත්තො නෙමෙයි.අපි ස්වාධීන පිරුසක්.මේක සටන සංයුක්ත වෙන්නෙ ශිෂ්‍යයන්ගෙන් මිසක් පාක්ශිකයන්ගෙන් නෙමෙයි. නමුත් යම් අවස්ථාවක මේ ප්‍රශ්නෙට දේශපාලන අධිකාරියෙ සහයෝගය ලැබුනම අපි ඒක අගේ කිරීමක් කලා.මොකද වත්මන් විධායකය මේ ප්‍රශ්නය විසදන්න මැදිහත් උනා.. මේක ශිෂ්‍ය අරගලයක් හෝ සටනක් මිසක් දේශපාලන සටනක් නෙමෙයි.



* ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙක් විදිහට අද ඉස්කෝලේ තත්වය ගැන සතුටු වෙනවද??

දුකයී..ඇත්තටම දුකයි.. cadet වලින් island level එකක හිටපු අපි.. dancing වලින් ජාතික මට්ටමේ හිටපු අපි kabadi වලින් ජාතික මට්ටමේ හිටපු අපි කෝ අද.... යම් යම් සාධනීය තැන් තියනව.ඒත් සහෝ අපි හැදුන,අපිව හැදුව මයුරපාද අම්ම නෙමෙයි මේ..ඒත ඉස්කෝලෙට ගියාම ඉස්සර නොතිබුණු මාහා පාලුවක් දැනෙනව.

මං මේ දේ දකින්නෙ ආදිශිෂ්‍යයෙක් විදියට.. අපි දන්න අපේ මතකයන් එක්ක.

* කීපාරක් ගුටි කෑවද? කදුළු ගෑස් කී පාරක් වැදුනද??

ගුටි නොකා මේ ප්‍රශ්නෙන් බාගයක් විසද ගන්න අපි සමතවුනා.ඒක ජයග්‍රහණයක්.ඒත් ඉස්සරහට සමහර විට ගුටි කාලා විතරක් නෙමෙයි හිරේ ඉන්නත් වේවි සමහරවිට.
 

* දැන් ඕවා පටන් අරන් කොච්චර කල් වෙනවද?? දැන් කොහොමද ප්‍රතිඵල ??

මාස 3ක් 4ක් වගේ... මේ ප්‍රශ්නෙ වෙන්න කැළණිය විශ්යවිද්‍යලයට 2014 අධ්‍යාන වසරට උපාධි අපේක්ෂකයන් 14000ක් ඉල්ලුම කරන්වා.නමුත් මේ රජය කිසිම පැහැදිලි ක්‍රමයක් නැතුව මේ පිරිස 2400 දක්වා කප්පාදු කරනවා.

ඒත් එක්ක අපි රටපුරා කරගෙන යන විරෝධතාත් එක්ක රජයට අපි බල කරා මේ 14000 ට නිදහසේ ලියාපදිංචි වෙනන් දෙන්න.මොවුන් කප්පාදුවට ලක් කරන්න එපා කියලා.මේ වෙද්දි අපි සමත් වුනා මේ 14000ටම නිදහසේ ඉගෙන ගන්න නිදහසේ උපාධිය කරගන්න අවස්ථාවට ලබල දෙන්න.

ඒත් එක්කම රජය පැත්තෙන් එකඟ උනා 2015 අධ්‍යාන වර්ෂය සදහාත් මේ වගේම ළමයින්ට සාධාරණ තීන්දුවක් දෙනව කියල.ඒ සම්බන්ධව සාකච්ඡාවෙනව මේ දවස්වල... නමුත් අපිට සටන අත්හරින්න බෑ.මොකද නිදහස් අධ්‍යාපන අයිතිය කප්පාදු කරන්න,සීමා කරන්න රජය ගෙනාපු 2016 අංක 13 දරන චක්‍රලේඛයෙනය තාමත් බලාතමකයි.

අපි අපේ දේ දිනාගත්‍තා.දැන් අපිට කට පියන් පැත්තකට වෙන්න පුලුවන්.ඒත් එහෙම අපි පැත්‍තකට වුනොත් අපෙන් පස්සෙ එන අපේ නංඟිලා මල්ලිලාට කෝ උපාධි හීනෙ හැබෑකරගන්න පාරක්.. අපි ලොකු ජයග්‍රහණයක් ලැබුව.නමුත් ඒක සර්වසම්පූර්ණ් නෑ ... අපි මේ චක්‍රලේඛයෙනය අහෝසි කරනකන් දිගටම මේ සටන ගෙනියනවා.
 

* පාරවල් අවහිර නොකර ඕවා විසදගන්න බැරිද ?? පාරේ යන එන මිනිස්සුන්ට කරදරයක් නේද??

අපි මුලින්ම බොහෝම අහිංසක විදියට මේ පාලකයින්ගෙන් මේ ඉල්ලීම ඉල්ලුව.අපි ජනාධිපතිට ලිව්ව.උසස් අධ්‍යාපන ඇමතිට ලිව්වා.ඔම්බූඩ්ස්මන්ට ලිව්වා.ඒ තිය අපි පාර්ලිමේන්තුවේ 225ටම ලිව්ව. ඒත් ඒ එකකින්වත් වැඩක් උන් නෑ..අඩුම තරමෙ උසස් අධ්‍යාපන ඇමතිවරය ඔහුව හම්බවෙනනවත් අපිට අවස්ථාවක් දුන් නෑ .. අපිව පාරට බස්සන තැනට වැඩ කලේ මේ පාලකයො.

අපි කරදරයක් වගේ පෙනුනට ලංකාව පුරා අපි කරපු දැනුත් කිරීම වල ප්‍රතිපලයක් විදියට ජනතාව මේක තේරුම් ගත්ත.අපි මේ පාරට බැහැල ඉල්ලන්නෙ මේ රටේ පොඩි මිනිස්සුන්ගෙ අයිතිය කියල ඒ අය දැනගත්ත.... මොකද මේ කප්පාදුවෙන් හානින්වෙන්නෙ දුප්පත් දරුවන්ට.ඒක තේරුම් ගත්තු මේරගේ බුද්ධිමත් මිනිස්සු අපිත් එක්ක එකතු උනා.මේ වෙද්දි ලක්ෂ 10කට ආසන්න පිරිසක් අපිත් එක්ක ජනතා පවුරක් විදියට ගොඩනැගිල තියනවා.

* මයුරපාද මිතුරෝ ගැන මොකක්ද හිතෙන්නේ ??

මයුරපාදීය දරුවන් මයුරපාදීය මෑණියන්ට සම්බන්ධ කරණ පෙකනු වැල තමයි මයුරපාද මිතුරෝ කියන්නෙ.. අද වෙද්දි මයුරපාද මිතුරෝ නිසා මහා පුදුමාකාර බැදීමක් දෙස් විදෙස් මයුරපාදීයන් අතර ඇතිවෙලා තියනව.ඒ බැදීම පාසලත් ආදිශිෂ්‍යයින් අතරත්.. ආදිශිෂ්‍යයින් ආදිශිෂ්‍යයින් අතරටත් ගෙනිච්යන්න තරන් ඔබ දක්ශ වෙල තියන්ව.

ඒ වගේමයි අපේ ඉස්කෝලෙන් ඈත් වෙලා හිටපු අපේම අය ආපහු එකට ගොනු කරන්න සමත් උනා මයුරපාද මිතුරෝ.. ඒකෙන් අපේ ඉස්කෝලෙට ඉතිහාසයේ නොවූවිරූ සෑහෙන්න සාධනීය දේවල් එකතු උනා.. සතුටුයි ආඩම්බරයි ඔබ මේ කරන කර්තව්‍යය ගැන.. ඒ වගේමයි ප්‍රධාන ක්‍රියාකරුටත් මයුරපාද මිතුරෝ ප්‍රධාන සාමාජිකයන් set එකටමත් අලුත් admin සහෝදරයටත් හදවතින්ම සුබ පතනවා.



* අවසාන වශයෙන් මොකක්ද කියන්න තියෙන්නේ ??

අපි අද තැනකට ගිහිල්ල කොන්ද කෙලින් තියන් ඉන්නෙ මේ මයුරපාද මෑණියනට පිංසිද්ද වෙනන්.. ඒ අපි ඇගෙන් උගත් දේවල්.ඒ වගේමයි අපි ඇගෙන් පෝෂණය උනා. ඇය දුන්නු ඒ ශක්තියෙන් සමාජයට පුංචිම හරිදෙයක් කරමු.. ඒ වගේමයි අපි අපේ පාසල් මෑණියන් ගැන සොයල බලමු.. අපිට ඒ වෙනුවෙන් කරන්න පුලුවන් දෙයක් තියන්වනම් අපි හොයල බලල කරමු.ඒ වගේමයි පාසල් මෑණියන්ගෙ තුරුලෙ මේ වෙද්දි සැදීවැඩෙන නංගිලා මල්ලිලා වෙනුවෙන් යමක් කරන්න උත්සාහ කරමු.. එතකොට අපිව තැනකට ගෙනාව අපේ පාසල් මෑණියන්ව මේ රටේ වඩාත් හොඳ තැනකට ගේනන දායක වෙන්න අපට පුලුවන් වේවි....


චතුර ගැන සිසුන්ගේ අදහස්

චතුර ගැන සිසුන්ගේ අදහස්

චතුර ගැන සිසුන්ගේ අදහස්



චතුර මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් 
______________________________________________

••මේ වගේ තවත් මයුරපාදයන් ගැන අපි ඉදිරියටත් කතා කරමු. ඔබ දන්න මෙවන් මයුරපාදයන් ගැන තොරතුරු අපිට ලබාදෙන්න. නැතිනම් ඔබ විසින්ම ලිපියක් නිර්මාණය කර අපිට එවන්න••

••අප වෙත ලිපි, තොරතුරු , චායාරූප ලබාදීමට අපගේ facebook අඩවිය හෝ mayurapadamithuro@gmail.com අපගේ විද්යුත් ලිපිනය භාවිතා කරන්න••

ඔබගේ අදහස් comment කරන්න. තවත් කෙනෙකුට දකින්න share කරන්න අමතක කරන්න එපා.

Friday 9 December 2016

ලීඩි ගිටාර් ගහලා රට හොල්ලන මයුරපාදේ අපේ ආදි සිසුවා. තොරතුරු දැනගන්න ලිපිය කියවන්න




අපේ සමහර ආදි සිසුන් ලංකාවේ සහ ලෝකේ ගොඩක් ජනප්‍රිය සහ ඉහල තැන්වල ඉන්නවා. නමුත් ගොඩක් කට්ටිය ඒ මයුරපාදයේ ආදි සිසුවෙක් කියලා දන්නේ නෑ. කිසිම තැනක එයාලා ගැන කතා කරලා හරි ඇගයීමක් කරලා හරි තියෙනවාත් හරිම අඩුයි. ඉතින් ඒකට පිලියමක් විදිහට අපි මයුරපාද මිතුරෝ හරහා ඒ වගේ ආදි සිසුන් ගැන කතාකරන්න හිතුවා.



අපි මුලින්ම තෝරාගත්තේ ගායකයෙක් වගේම ජනප්‍රිය වාදකයෙක්. හරියටම කියනවානම් ලංකාවේ බිහිවූ අංක එකේ ගිටාර් වාදකයෙක්. ඒ තමයි ශාන් නීරෝ.
•ඔහු මයුරපාද මිතුරෝ එක්ක කතාබහට එකතු උණේ මේ විදිහට•


________________________________________________

* මොකක්ද ඇත්තම නම?

නිරෝශන් දයාවංශ.

* තාම සංගීත කංඩායමක ඉන්නවාද ?

දැනට නම් නැහැ. ටික කාලෙකට ලංකාවෙන් පිට ඉන්නේ. පොඩි කාලෙකට ලංකාවට ආවා.

* මයුරපාදේ මොන අවුරුද්දේ කංඩායමේ ද?

මම 2002 O/L කංඩායමේ.

* මයුරපාදේ සංගීතය ඉගෙන ගත්තද?

ඔව්. මම සංගීතය විෂයක් විදිහට කරා.

* කවුද උගන්වපු ගුරුවරු?

චාන්දනී මැඩම් , රම්‍යා මැඩම් , උදේනි මැඩම්.

* මොකක්ද මුල්ම සංගීත කංඩායම ?

මුලින්ම seapl කියලා උතුවන්කන්දේ සංගීත කංඩායමක්.
 

 * ඊට පස්සේ ?

ගොඩක් සංගීත කංඩායමේවල හිටියා හැබැයි ගොඩක් ජනප්‍රිය උණේ දම්ත් අසංක‍ගේ සංතෝෂා කංඩායමේන්. 2008 සිරස TV අහන්න ආසයි ගයන්න වැඩසටහනේ සංගීතය සැපයුවේ ඒ කංඩායම. ඒ වැඩසටහනේ පලවෙනි සම්මුඛ පරීක්ෂණ කරේ මම.

ඊට පස්සේ මාවනැල්ල ෂා කංඩායමේ හිටියා. පස්සේ තුෂාර සුභසිංහගේ OXYGEN කංඩායමේ. අන්තිමට LIYARA කංඩායමේ..

* කංඩායමක් විදිහට වැඩියෙන්ම ජනප්‍රිය උණේ කොයි සංගීත කංඩායම ද?

ගොඩක් ජනප්‍රිය උණේ තුෂාර සුභසිංහ ගේ OXYGEN කංඩායම. ඒ කංඩායමේ දැන් රිදම් ගිටාර් ගහන්නේ මයුරපාදේ ආදි කොල්ලෙක් එයාගේ නම ශාමන් ප්‍රබෝද්.            
Oxygen  සංගීත කංඩායම එදා 
 

* ගීත කීයක් කරලා තියෙනවා ද?

දැනට 5ක් කරලා තියෙනවා. ඒකෙන් 4ක්ම වේග රිද්ම ගීත.
 චංගුමී මගේ පලවෙනි සිංදුව.

•මේ මගේ නෝනා
•අනේ යෝදියේ
•ත්‍රී වීල් (reggae)
•නිදා වැටුනු නෙතු (love song)

මේ සිංදු ඔක්කෝම ලියුවේ මම.

 * හදපු ගිටාර් එකක් වාදන කරන වීඩියෝ එකක් ගොඩක් ජනප්‍රිය උනා නේද? ඒ ගැනත් කියමු.

ඒ ගිටාර් එක හැදුවේ මිනුවන්ගොඩ දේවාලේපොල මගේ යාළුවෙක්ගේ මහප්පා කෙනෙක්. එයා මේසන් බාස් කෙනෙක්.

හදාගත්තු ගිටාර් එක. මේ වීඩියෝ එක ගොඩක් රූපවාහිනී නාලිකාවලත් ප්‍රචාරය උනා

**ඒ ගිටාර් වාදනයේ වීඩියෝ එක බලන්න **


* මයුරපාද මිතුරෝ ගැන මොකද හිතෙන්නේ?

ඇත්තටම මයුරපාද මිතුරෝ නිසා මම මගේ ගොඩක් පරණ යාළුවෝ හොයාගත්තා. Thanks ඒකට. ඉතින් මම හිතනවා අනිවාර්යයෙන් අනික් අයටත් ඔයාලා කරන මේ මයුරපාද මිතුරෝ ලොකු උදව්වක් වෙන්න ඇති. මම හිතන විදිහට මේක facebook page එක්කට එහා ගිය සේවයක්. ගොඩක් පිං ඔයාලට.

තව ගොඩක් පාසලේ බාහිර සංවිධාන වැඩවලට ගොඩක් ලොකු පිටුවහලක්.මේ වගේ දේවල් ඉදිරියටත් කරන්න ඔයාලට ශක්තිය ලැබෙන්න ඕන.

* අවසාන වශයෙන් මොකක්ද කියන්න තියෙන්නේ?

දවසකට message සෑහෙන්න එනවා මගෙන් සැප දුක අහලා.මම ස්තූති කරනවා ඒ හැමෝටම. ගොඩක් අයට reply කරන්න බැරි වෙන එකට මම සමාව ඉල්ලනවා.
_______________________________________________

මම ශාන් එක්ක කතාබහ ඒ විදිහට ඉවර කරා. අවසානයේ මම ඔහුට ස්තූතිය කරා අපිට සහය දුන්නට. ඒ වෙලාවේ මට බුදුසරණයි කියලා කීවා. අවුරුදු තුනක මයුරපාද මිතුරෝ ඉතිහාසයේ ප්‍රථම වතාවට තමයි මේ විදිහට තමන්ගේ ආගමට අනුව කෙනෙක් අපිට ආශිර්වාද කරේ.

කතාවක් අවසානයේ bye කියන සමාජයක ඔහුගේ ඒ ක්‍රියාව අපි අගය කරනවා. ඒ වගේම අපි ඔහුට සුභපතනවා දිගුගමනක් යන්න ලැබෙන්න කියලා

රහල් අල්විස් එක්ක 
Bypass සංගීත කංඩායම සමගින් TV1 නාලිකාවේ වැඩසටහනකට එක්වෙමින්.
.

••මේ වගේ තවත් මයුරපාදයන් ගැන අපි ඉදිරියටත් කතා කරමු. ඔබ දන්න මෙවන් මයුරපාදයන් ගැන තොරතුරු අපිට ලබාදෙන්න. නැතිනම් ඔබ විසින්ම ලිපියක් නිර්මාණය කර අපිට එවන්න••

••අප වෙත ලිපි, තොරතුරු , චායාරූප ලබාදීමට අපගේ facebook අඩවිය හෝ mayurapadamithuro@gmail.com අපගේ විද්යුත් ලිපිනය භාවිතා කරන්න••

ඔබගේ අදහස් comment කරන්න. තවත් කෙනෙකුට දකින්න share කරන්න අමතක කරන්න එපා.