Music Player

This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

Friday 29 September 2017

Whatsapp / Viber / Imo එකම දුරකථනයට දෙකක් දාන්නේ මෙහෙමයි..


ආයුබෝවන්....

මයුරපාද මිතුරෝ අපි අද ඔයාලට අරගෙන ආවේ කාට කාටත් ගොඩක් වටින ලිපියක්. වර්තමාන වෙනකොට අන්තර්ජාල හරහා භාවිතා කරන සමාජ ජාලා මාධ්‍ය අපිට නැතුවම බැරි දෙයක් වෙලා.


Facebook , Whatsapp , Viber , Imo මේ වගේ ගොඩක් දේවල් දැනටමත් ඔයා පාවිච්චි කරනවා ඇති. Facebook නම් ඉතින් ගිණුම් කිහිපයක් එකවර පාවිච්චි කරන එක එච්චර දෙයක් නෙමෙයි. ඒත් මේ Whatsapp , Viber වගේ දේවල් අපි කොහොමද එකම දුරකථනය⁣ට අංක දෙකක ගිණුම් දෙකක් හදාගන්නේ...



අද කියලා දෙන විදිහෙන් whatsapp , viber , imo විතරක් නෙමෙයි ඔයාට ඕනම app එකක් මේ විදිහට දෙක ගානේ දාගන්න පුලුවන්..

- මයුරපාද මිතුරෝ -

කොහොමත් ඉතින් අපි ලඟ තියෙන දුරකථනයට Sim කාඩ් දෙකක් තියෙනවා. ඒ නැතත් ඉතින් අපි ලඟ අනිවා දුරකථන දෙකක් හරි තියෙනවා. හරි හරි වැඩි කතා නැතුව අපි වැඩේට බහිමු..



මේකට අපි පාවිච්චි කරන්නේ Parallel Space කියන ඇප් එක. Play Story වලින් නොමිලේ ලබාගන්න පුලුවන්. ඒ වගේම Apple දුරකථන පාවිච්චි කරන අයටත් නොමිලේ ගන්න පුලුවන්.

මුලින්ම පහල දීලා තියෙන තැනින් Play Story එකෙන් මෙන්න මේ app එක Install කරගන්න..

( තත්පර 5ක් රැදී සිට SKIP ADඔබන්න )


සුපුරුදු විදිහට Install කරගෙන open කරගන්න.


හරි දැන් Start දෙන්න..⁣



දැන් ඔයාට ඕන app තෝරගන්න. තෝරගෙන Add to Parallel Space කරන්න ( පස්සේ තව එකතු කරගන්නත් පුලුවන් )

දැන් ඉතින් වැඩේ හරි👍....

- මයුරපාද මිතුරෝ -

දැන් whatsapp එහෙම open කරලා සුපුරුදු පරිදි අලුත් accunt හදාගන්න... මේ ක්‍රමය කිසිම ප්‍රශ්නයක් නෑ. සාමාන්‍ය විදිහටම සියලු දේවල් , සියලු පහසුකම් ඔයාට ලැබෙනවා...

මොකක් හරි ගැටළුවක් තියෙනවා නම් පහලින් comment කරන්න. නැතිනස් අපේ facebook පිටුවට msg එකක් දාන්න..



*******
මයුරපාද මිතුරෝ මෙම අඩවියෙහි පළවන ලිපි පිලිබඳ තොරතුරු ප්‍රථමයෙන් සහ ඉක්මනින් ලබාගැනීමට අපගේ නිල facebook පිටුව සමග එකතුවන්න


මෙම ලිපිය සම්බන්ධ ඔබගේ අදහස් පහතින් comment කරන්න.
තවත් කෙනෙකුට දකින්න share කරන්න.

මයුරපාද මිතුරෝ සමග එක්වූ ඔබට ස්තූතියි!.

Wednesday 27 September 2017

කුඩා දරුවන්ට වින කරන බාලගිරි දෝශය පිළිබඳ තොරතුරු.



ලෝකයේ ඕනෑම රටක ඕනෑම ජන සමාජයකට උරුම ඇදහිලි සහ විස්වාස පවතී. වර්තමාන සමාජය තුලින් යම් මට්ටමින් මෙවන් දෑ ගිලිහී ගියත් ඇතැම් විස්වාසයන් රැල්ලට හෝ අන් පුද්ගලයන් සිදු කරන නිසා කළයුතු යැයි සිතා සිදුකළත් ඊට අදාල හේතුව පිළිබඳ දැනුවත් බවක් ඇත්තේ බොහෝ අඩු පිරිසකටය.


* බාලගිරි දෝශය අද නොවේ හෙට * අළුත උපන් කුඩා දරුවෙකු සිටින නිවසක මෙසේ සදහන් කර ඇති අයුරු ඔබ ඕනෑ තරම් දැක ඇති බවට සැකයක් නැහැ. පෙර කී පරිදිම මේ සමාජයේ වැඩි පිරිසක් තුළ එතරම් දැනුමක් නැතත් රැල්ලට හෝ අන් අය අය සිදු කරන නිසා වේවා කුඩා දරුවෙකු සිටින නිවසක මෙලෙස සදහන් කර තිබීම වර්තමානයේදීත් සාමාන්‍ය දෙයක්.



මෙසේ සිදුකරනු ලබන්නේ ගිරි දේවියගේ යක්ෂ ආත්මයෙන් කුඩා දරුවන් මුදවා ගැනීමේ අරමුණින්.


- මයුරපාද මිතුරෝ -

ගිරි දේවිය යනු කවුරුන්ද? . බාලගිරි දෝශය යනු කුමක්ද ?. මේ සම්බන්ධ සමාජයේ පවතින විස්වාසයන් මොනවාද ?. මෙම දෝශයෙන් මිදිය හැක්කේ කෙසේද ?. අද මයුරපාද මිතුරෝ හරහා අප ඒ පිළිබඳ අවදානය යොමු කරමු.

අතීත දඹදිව දන්ත පුරයේ සිංහ කුමාර රජු හා හංසවතී දේවිය නමින් රජයුවලක් විය. මෙම යුවලට රූමත් දූ කුමාරිකාවක් සහ පුත් කාමාරයෙකු සිටිය නමුත් අනාවැකි කරුවන් මේ දරුවන් පිළිබඳ පැවසූ අනාවැකිය එතරම් සුභවාදී දෙයක් නොවීය.

අනාවැකි කරුවන් පැවසුවේ, යම් දිනය රජ යුවළගේ පුත් කුමරු වූ දළ කුමරු තම එක් කුස උපන් සහෝදරිය සහවාසයට ගන්නා බවය. මෙම අනාවැකිය නිසා මහත් කම්පාවට පත් රජ යුවළ ඊට පිලියමක් ලෙස කුඩා කාලයේදීම තම  දූ කුමරිය ගිරි ලෙනක සගවා අගේ ආරක්ෂාව සදහා දැඩි මුරකාවල් යෙදූහ. මෙසේ ගිරි ලෙනක සැගවූ නිසාම ඇය ගිරි කුමරිය නම් විය.

කුඩා කාලයේදීම කුමරිය ලෙනක සැගවූ නිසා දළ කුමරු තමාට සහෝදරියක් සිටින බව දැන සිටියේ නැත.

- මයුරපාද මිතුරෝ -

දළ කුමරුට නිසි වයස සම්පූර්ණ වූ පසු සුදුසු විවාහයක් කර දීම පිනිස කුමාරිකාවන් පන්සියයක් රජ මැදුරට ගෙන්වීය.

මහත් උත්සවශ්‍රීයෙන් පැවති මෙය දැක බලා ගැනීමට මෙතෙක් ගිරි ලෙනෙහි විසූ ගිරි කුමාරිකාවටද බලාගැනීමට අවසර ලැබුණි. කෙසේ නමුත් එයින් සිදුවූයේ අනාවැකි කරුවන් පැවසූ දෙය සිදුවීමයි. පැමින සිට පන්සියයක් කුමරියන් අබිබවා  කුමරුගේ සිත තම සොහොයුරිය වූ ගිරි කුමරිය කෙරෙහි ඇදී ගියේය.

කුමරුගේ දැඩි ඉල්ලීම නිසාත් මෙය අසම්මත ඇල්මක් නිසාත් මොහුන් එක් කුස උපන් සහෝදර සහෝදරියන් ලෙස නොපවසා  විවාහ කර දීමට රජ යුවල තීරනය කලේය.

විවාහය සිදුවී කාලය ඇවෑමෙන් ගිරි කුමරිය ගැබ් ගත් අතර මෙතෙක් කළක් තම මවුපියන් සගවා ගෙන සිටි රහස කෙසේ හෝ කුමරියට අනාවරණය විය.


- මයුරපාද මිතුරෝ -

තමාගේ ස්වාමියා තමාගේම සොහොයුරා බවත් , තම කුස දරා සිටින්නේ තමාගේම සොහොයුරාගේ දරුවෙකු බවත් දැනගත් කුමරිය මහත් කම්පනයට පත් වී මාලිගය අසල ගසක ගෙල වැළලා සිය දිවි හානි කර ගත්හ.

මේ හේතුවෙන් කම්පාවට පත් දළ කුමරු වනගත විය. කාලයක් වනයේ විසූ කුමරු මිය ගොස් "ගරා යකා" ලෙසින් උපන්නේය. සමාජයේ ජනප්‍රිය "ගරා යකා ලෙස හදුන්වන්නේ මොහුය.

මෙයට අමතරව සමාජයේ තවත් මේ සම්බන්ධ ජනප්‍රවාදයක් ඇත එනම්, ගිරි ලෙනෙහි සැගවූ කුමරිය දැක බලා ගැනීමට තරුණ වියට පැමිණි කුමරුට අවශ්‍ය විය. දෙමාපියන්ගෙන් කෙතරම් ඉල්ලීම් කළද අවසර නොලැබුණු නිසා දළ කුමරු බොරු ලෙඩක් මවා ගත්තා.

කෙසේ හෝ ගිරි ලෙනෙහි සගවා ඇති තම සහෝදරිය වූ ගිරි කුමරිය දැක බලා ගැනීමට අවසර ලබාගත් දළ කුමරු ඇය දැකීමෙන් ඇගේ රූපය නිසා රාගයෙන් මුසපත් කුමරු කෙසේ හෝ ගිරි කුමරිය පොළබවාගෙන ඇය සමග අනාවැකි කරුවන් කී පරිදිම සංවාසයේ යෙදුනේය.

"රන්දම් සේ අත්දෙක අල්ලාගෙන...
කැන්දා ගොස් යහනේ ඉන්දාගෙන...
මන් දැන් විඳි දුක නුඹම සිතාගෙන...
රන් තලි මද යුද හැසුරුනු කැන්දන..."


තම සොහොයුරා අතින් කෙලෙසුණු ගිරි කුමරිය ගෙල වැළලා සියදිවි හානි කර ගත්තේය.


- මයුරපාද මිතුරෝ -

සියදිවි හානි කරගත් කුමරිය පිළිබඳ තොරතුරු ලැබුණු කුමරු ඇය සොයා ගිය අතර ඒ වන විටත් ඇගේ සිරුර ශක්‍ර දේවේන්ද්‍රයා විසින් සගවා තිබුණි.

ඒ නිසා ගිරිකුමරියගේ සිරුර දැකගැනිමට දළ කුමරුට නොහැකි විය, ඔහු සක්වල පුරා උන්මත්තකයෙකු ලෙස ගම්බිම් පාළුකරමින් සතුන් මරා දමමින් ගමන් කළේය.

මෙසේ මිනිසුනට වන හානිය දුටු ශක්‍රයා දළ කුමරුට කුමරියගේ සිරුර පෙන්වා පසුව ඇගේ පණ පිහිටුවා ශක්‍ර භවනට ගෙනගියේයැයි කියවේ.

" ඔසරි පොටෙන් ඇයගත පිරි මැදලා...
තිසරු ලෙසින් පියයුරු දෙක දැකලා...
වියරු වකින් වත සිඹ සනසා ලා...
කියති ඉතින් දෙන් පණ පිහිටා ලා..."


ගිරි දේවිය වරක දේවතාවියකි වරක යක්ෂණියකි. එසේම දළකුමරා වරක දෙවියෙකි වරක යක්ෂයෙකි. . ඔවුන් දෙදෙනාටම වෙන්වූ දේවාල ලංකාවේ කිසි ස්ථානයක නැතිමුත් දෙදෙනාම අදත් ලංකාවේ නොයෙක් පලත්වල පුද ලබති.


- මයුරපාද මිතුරෝ -

දළකුමරුට සියලුම කැතකුනු කිලි ඉවත්කිරිමේ බලයක් ඇත . එම බලය ලැබුනේ තම එකකුසින්ම උපන් සොහොයුරිය සමග සංවාසයේ යේදිම නිසා බව පැවසෙයි. මෙම දෝෂ පහ කිරිමේ හැකියාව නිසා සියලුම ගම්මඩු බලි තොවිල් අවසානයේ ගරායාකා පුදකිරිම සිදුකෙරේ . සමහර නව නිවාසවල හෝ නිවාස ඉදිරිපිට යක් මුහුනක් තබා ඇත්තේ මේ ගරායකා සිහිකිරිමටයි.ඔහුට ඇස්වහ කටවහ නැතිකිරිමට බලයක් ඇතිබව ගැමි විශ්වාසයි.

ගරා යකා


ගරා යකා අවතාර දොළසකින් පෙනී සිටින බව පැවසේ.

01. කීල ගරා 
02. සෝලන් ගරා
03. මෝලන් ගරා
04. අදුන් ගරා
05. සදුන් ගරා
06. පට්ටි ගරා
07. ඔකද ගරා
08. ජල ගරා
09. පුෂ්ප ගරා
10. සොහොන් ගරා
11. වට ගරා
12. කොට ගරා



එමෙන්ම ද්වේශය මුල් කර ගනිමින් මියගිය ගිරි දේවිය දුෂ්ඨ යක්ෂණියක්ව ගිරි ලියෝ දොළසක් ලෙසින් අවතාර මවා පාන බව කියවේ.

01. මදනගිරි
02. හපුමල් ගිරි
03. බාලගිරි
04. මෝලන් ගිරි
05. භූත ගිරි
06. නීල ගිරි
07. රත්න ගිරි
08. හඳුන් ගිරි
09. පට්ට ගිරි
10. කොට ගිරි
11. අඳුන් ගිරි
12. වලියක් ගිරි

ලදරුවන් නිතර නිතර, අධික ශබ්දයකින්, දිගු වේලාවක් හැඬීම බාලගිරි දෝෂය ලෙස සිංහලයන් හඳුන්වයි.


- මයුරපාද මිතුරෝ -

කුඩා දරුවන් ඉපදී මාස 03 ක කාලයක්‌ දක්‌වා පෙර විසූ ආත්මය පිළිබඳව සිහිනෙන් දකිතැයි වැඩිහිටියෝ සිතයි. වැඩි කාලයක්‌ නින්දෙන් ගත කරන සිඟිත්තෝ අඬන බව, සිනාසෙන බව අප නිතර දකියි. ඒ වගේම නිතර ඇස්‌ දෙක උඩ හොවාගෙන සිටීම, මව්ගෙන් කිරි ඉල්ලා ඇඩුම, වෙනකෙකුට දරුවා සනසාලිය හැකි වුවත් මව්ට නොහැකි වීම, ඇස්‌ උඩ හිදුවා නිතර ඇඬිම ආදී නොයෙකුත් දෑ අප දැක ඇත. මෙයට අප බොහෝ දෙනෙක්‌ "බාලගිරි දෝෂය" යෑයි කියති.

ඉපදී මාස 12 ක කාලය තුළ දී එක්‌ එක්‌ මාසයට යක්‌ෂ යක්‌ෂනියන් දොළොස්‌ දෙනෙකු දරුවන් වෙත එළෙඹ මෙසේ දරුවන් බියගැන්වීම්, වඩා ගැනීමට තැත් කිරීම් ආදී දෑ කරන බව පොත පතෙහි සඳහන් වේ. බාලගීරි, නීලගිරි, මදනගිරි, සඳුන්ගිරි, අඳුන්ගිරි යනාදි යක්‌ෂ යක්‌ෂනියන් මේ කාලයේදී දරුවන් බිය ගන්වමින් නොයෙක්‌ දෝෂ කරන බව කියවේ.



යක්‌ෂනියන් දරුවන්ට කිරි පෙවීම, පහරදීම බිය කිරීම ආදී දෑ කරන බවද අලි ඇතුන් ආදී සතුන් පාගා මරා දමන දර්ශන සිහිනෙන් දරුවන්ට පෙනීමට සලස්‌වන බවද විස්වාස කෙරේ.

" බිළිඳු වඩා රෑ සිහිනෙන් කිරි පෙව්වා...
විරිදු පොළොං අලි වලසුන් පෑගෙව්වා...
සිනිඳු ඇඟේ ඇඟ වයිරන් නැංගෙව්වා...
මෙබඳු දෝෂ ගිරි යකු කල දුරලැව්වා... "


මෙවන් දෝෂ තිබෙන විට කුඩා බිළිඳන්ට එම දෝෂ නැති කිරීමට නිතර රතන සූත්‍රය භාවිතය, රතන යන්ත්‍රය සාදවා කොට්‌ටයට පැළඳවීම, කරනු ලබයි. ඒ වගේම බාල ගිරි දෝෂයට සුවඳ දූප අල්ලනු ලැබේ. එම අබ, සුවඳ කොට්‌ටං, පුදාහල මල්, කොහොඹ කොළ, බෙලි කොළ, නයි හැව, සුදු ළුණු යනාදිය පැඟිරි තෙල්, තල තෙල් සමඟ මුසු කර රතන සූත්‍රයෙන් ජපකර දුම් ඇල්ලීමෙන් දරුවාට සහනයක්‌ ලැබේ.


- මයුරපාද මිතුරෝ -

තවද "බාලගිරි අද නොවේ හෙටයි" යනුවෙන් පත් ඉරුවක ලියා දරුවා සිටින කාමරයේ දොරකඩ එල්ලීමද කරනු ලබයි.

වර්තමානයේද අනුරාධපුර , පොලොන්නරුව ප්‍රදේශවල පැවැත්වෙන යාතුකර්මයක් ඉඩෝර කාලයන්හී සිදු කරයි. ඒ වර්ෂාව ලබා ගැනිමට සදහා. දළකුමාරයාගේ සහ ගිරි දේවියගේ නිරුවත් රූප දෙකක් අඹා අඳුර වැටෙත්ම දෝලාවකින් වැව්පිටිය වෙත ගෙනයනු ලබයි. අනතුරුව කවි කීයමින් නටා මොහොතකින් නිරුවත් රූප දෙක එතැන හුදකලා කර ගමට පියමං කරතී. මෙය දළ කූමාරයාගේ හා ගිරි දේවියගේ බල්ලිය නමින් හැන්දින්වේ.

වර්තමාන නවීන ලෝකය කොතරම් මෙවන් විස්වාසවලින් මිදී සිටියද, බාලගිරි දෝශයට පිළියම් යෙදීම වර්තමාන සමාජයේත් සුලභ දසුනක්...


*******
මයුරපාද මිතුරෝ මෙම අඩවියෙහි පළවන ලිපි පිලිබඳ තොරතුරු ප්‍රථමයෙන් සහ ඉක්මනින් ලබාගැනීමට අපගේ නිල facebook පිටුව සමග එකතුවන්න


මෙම ලිපිය සම්බන්ධ ඔබගේ අදහස් පහතින් comment කරන්න.
තවත් කෙනෙකුට දකින්න share කරන්න.

මයුරපාද මිතුරෝ සමග එක්වූ ඔබට ස්තූතියි!.

Monday 18 September 2017

රොඩී කුලයේ ආරම්භ හා ජනප්‍රවාද සහ ඔහුන්ට ලැබුණු පහත් සැලකිලි.



රොඩී ‌හෙවත් ගාඩි ලෙස හැඳින්‌වෙන්‌නේ ශ්‍රී ලංකා‌වේ පහත් යයි සලකනු ලැබූ ජන ප්‍රජාවකි.  ඔවුන් හට 'හුලවාලි' සහ 'ගහලයා' යන නම් ද ව්‍යවහාර වෙයි. මීට අමතරව වැද්දා වැද්දී හුලවාලිවා නැට්ටුක්කාරී මධුකාරයා මධුකාරී යන ප්‍රාදේශිය විවාහාරයන්ද දක්නට ලැබේ.


ජනප්‍රවාද‌යේ ‌ලෙස ‌රොඩී රැලට නායක රත්නවල්ලි යයි කියනු ලැ‌බේ. රත්නවල්ලී ‌ලෙසින් හඳුන්වන්‌නේ මහා පැරකුම්බා රජුන් ගේ දියණිය ‌යයි කියනු ලැ‌බේ.

පුරාතණ‌යේ පටන් ‌කොළපතකට සිඟමන් යදිමින් ජීවත් වූ ‌‌රොඩිහූ, බෙර සෑදීම, ‌කොහු ඉදල් සෑදීම වැනි දැ‌තෙහි කර්මාත කළ හ. යන්ත්‍රමන්ත්‍ර, ‌කොඩිවිණ, හූනියම් සඳහා දක්ෂයන් ‌ලෙස සැල‌කෙන ‌මොවුන් ආනන්ද හාමුදුරුවන්ට ද, වශි ගුරුකමක් කළ බව පැව‌සේ. ආනන්ද හාමුදුරුවන් පිඬුසිඟා වඩින කල්හි ‌රොඩී ස්ත්‍රියක් විසින් ‌දෙනු ලැබූ ජලය පානය කිරී‌මෙන් පසුව කරන ලද බන්ධනයකින් ආනන්ද හිමියන් වශි වූ බවත්, එය කැපීමට ජලනන්දන නැමැති පිරිත බුදුන් ‌දේවා වදාළ බවත් ප්‍රකට ය.‌


- මයුරපාද මිතුරෝ -

මේ කතාවස්තුව පසුකාලයක නිර්මාණය වූ‌යේයයි සැලකිය හැකි ‌පෙ‌නෙන නමුත් එයින් ‌රොඩීන් ‌කෙ‌රෙහි වූ සමකාලීන සමාජ‌යේ වූ බිය මැනවින් මතු වී ‌පෙ‌නේ.ඔවුන් විසින් කරනු ලබනු යයි සැල‌කෙන බලවත් මන්ත්‍ර ‌ලෙස 'නීච කුලබන්ධනය' සහ 'මහා මාතාංග' නමින් හඳුන්වනු ලැ‌බේ.



පුරාණ රජදව‌සේ පටන් ‌රොඩීන් හට අහිකුණ්ඨක ස්ථාවර නිවාස තනා ගැනීමට ‌හෝ ගම්වැද ජීවත්වීමට ‌හෝ අවසර තිබූ‌‌ණේ නැත. එ‌හෙත් පසුකාලීන ව, ඔවුන්ට ම ‌වෙන් වූ ගම්මාන තිබිණි. ඒවා 'ඟුබ්බෑයම්' ලෙසින් හඳුන්වනු ලැ‌බේ.

මේ රොඩී කුලය කවදා කෙසේ ආරම්භ වුයේදැයි කිසිවෙකුට කිව නොහැකිය. ගෙරි මස් කෑම එහි මුල පිරීමට හේතු වූ බව සමහරු පවසති. තවත් අයගේ මතයක් වන්නේ අතීතයේදී නීච නින්දිත අපරාධ කළවුන් රොඩී රැහැට දැමු වගය. සර් ජෝන් ඩොයිලිගේ ග්‍රන්ථ වලින්ද ඒ බව මොනවට පැහැදිලි වේ.

දුටුගැමුණු රජුගේ පුත්‍ර සාලිය කුමාරයා රොඩී කෙල්ලක සමගින් ප්‍රේම සම්බන්ධයක් ඇතිකර ගත් බවත් ඒ හේතුවෙන් පිය රජුගේ ඇවෑමෙන් ලැබෙන්නට තිබුණු රජකමද නැති වූ බවත් මහා වංශයේ සඳහන් වෙයි.

අතීතයේදී අනුරාධපුරයේ විසු මවක් තම බල දියණියත් කැටුව තෙල් මල් හා සුවඳ දුම් රැගෙන අභයගිරි චෛත්‍ය වැඳ පුදා ගැනීමට ගියාය. මෑණියෝ දියණිය සෑ මළුවේ නවත්වා පැන් ටිකක් ගෙනෙනු පිණිස අසල පොකුණකට ගියාය. ඒ අතරතුර කාලයේහි මලස්න නොසෝදා අත දෝවනය නොකොට මේ දැරිය මල් මිට චෛත්‍යයට පිදු බව සද්ධර්මාලංකාරයෙ ස්වර්ණලතා කතා වස්තුවෙන් පෙනේ.


- මයුරපාද මිතුරෝ -

මලස්න නොසෝදා අත දෝවනය නොකොට මල් පුජා කිරීම ගැන උදහස් වූ මෑණියෝ, දියණියට වගවිත්ති කියමින් බැන වැදුනාය. " තී නම් සැඩොලියක්ම තමා යි " අම්ම කී වචනයකට කෝපාවිෂ්ට වූ දියණිය " මං නොවෙයි උබයි සැඩොලිය " කියා බැන වැදීමේ පාප කර්මය හේතු කොටගෙන ඈ මිය ගොස් දබදිව සැඩොල් කුලයක උපත ලැබූ බව කියා තිබේ. නමුත් රොඩී කුලයේ උපත සෙවීමට මෙයද කරුණක් හැටියට සැලකිය නොහැක.



රොඩී කුලයේ ආරම්භ හා බැඳුණු ජනප්‍රවාද රැසක් පවතී භාරතයේ පැවති පංචම කුල ප්‍රභේදයට අයත් චණ්ඩාල කුලයෙන් රොඩී කුලය බිහිවී ඇතිබවයි වැලිවිටියේ ශ්‍රී රෝහත හිමියන් වැනි විද්වතුන්ද මෙමම මතය බොහෝවිට සත්‍ය බව පවසයි තවත් අදහසකට අනුව මොවුන් සංඝමිත්තා තෙරණිය සමග ලංකාවට පැමිණි අහඅට කුලයට අයත්වූ කුලයක් බවයි තවත් අදහසකට අනුව ගජබා රජු ඉන්දියාවෙන් ගෙනා දුවිඩයන්ගෙන් මොවුන් පැවතෙන බවයි මොවුන් වහල් සේවයට යොදාගත් බැවින් වාලිය/වල්ලියා නම් රොඩීන් අතර භාවිත වන බවයි.

අතීත සිංහල සමාජයේ පැවති දඩුවම් ක්‍රමයක් ලෙස බරපතල දඩුවම් කළ පුද්ගලයින් රොඩී කුලයට පන්නා දැමූ බව සදහන් වෙයි එසේම ඉතා දරුණු දඩබ්බර දරදඩු පුද්ගලයන් මහා සමාජයෙන් පිටමන් කොට වෙනම කුලයක් ලෙස සිටීමට සැළස්සූ බව පැවසේ එු අනුව රෞද්‍ර කුලය පසුව එොඩී කුලය ලෙස විවාහාර වූ බව පැවසේ තවත් අදහසක් වන්නේ අතීතයේ දරුණු බෝවන රෝග සෑදුන අයද මෙසේ මහා සමාජයෙන් පිටුවහල් කර වෙනම කුලයක් ලෙස වාසය කිරීමට අවස්ථාව දුන් බවයි ඔවුන් සුව උවද යලි මහා සමාජයට ඇතුලත් කර නොගත්හ.


- මයුරපාද මිතුරෝ -

රොඩී කුලය හා බැදුනු තවත් ජනප්‍රවාදයක් රොබට් නොක්ස් විසින් රචිත එදා හෙළදිව ග්‍රන්තයේ දැක්වේ නොක්ස් පවසන පරිදි මෙම පුරාවෘත්තය මෙසේය.අතීතයේ රොඩී ජනයාගේ රාජකාරියවී තිබුනේ රජවාසළට මස් සැපයීමයි.දිනක් ඔවුන්ට මස් පිනිස සතකු එළවාගැනීමට නොහැකිවිය.රජුට මස් සැපයීම සිදු නොකළහොත් සිදුවන රාජ උදහසට බියෙන් මොවුන් අමුසොහොනට ගොස් මියගිය මිනිසකු මස්කර මිනීමස් රජුට ගෙනආවාය.මේ පිළිබද කිසිවක් නොදත් රජු ඉතා ගිජුලෙස මිනීමස් අනුභව කළේය.මිනි මසට රසවැටුනු රජු නැවත නැවත පෙර තමාවෙත ගෙනා සතාගේම මස් ගෙනෙන ලෙස පැවසීය.මේ අතර රජවාසළ කරණවෑමියා මෙය දැනගෙන රජුට දන්වයි.මෙයින් බලවත් සේ කෝපයට පත්වූ රජු මොවුන්ට මරණ දඩුවමදීමට වඩා බලවත් දඩුවමක් දිය යුතුය සිතා රොඩීනට කිසිදු කර්මාන්තයක් කිරීම තහනම් කළේය.දිවිපුරාම සිගමනෙන් පමණක් යැපිය යුතුය.එසේම අන් සියළු කුලයන්ට අයත් කුලහීනයැයි සම්මත අයට පවා රදළයන්ට සේ ගරුකර කතාකරයුතුය ඔවුන්ට වෙන්වූ ළිං වලින් මිස වෙනත් ළිදකින් වතුර නොබිය යුතුය සිගාකෑමට කොළපතක් පමණක් භාවිතකල යුතුය ආදී වශයෙන් තහංචි පැනවූ බව නොක්ස් සදහන් කරයි.ඔවුන් තරමක් මහා සමාජයෙන් ඈත්ව තම වාසස්තාන තනාගෙනසිටිබවත් සිංහල සමාජයේ එකළ දැඩි ලෙස පිළිකුල් කළ ගවමස් ඔවුන් අනුභව කළ බවත් ඇතැම් විට ගවයින් ඇතිකර හොරෙන් විකිණූ බවත් එසේ විකිණු ගවයන් රොඩීන් විසින් හදාගත් බව දතහොත් මිලදී නොගන්නා බවත් නොක්ස් සදහන් කරයි.



මේ ජනප්‍රවාද අතර ප්‍රමුක වැදගත් කමක් හිමිවන්නේ රොඩීන් මහා පරාක්‍රමභාහු රජුගේ දියණියවූ රත්තවල්ලී කුමරිය ගෙන් පැවත එන බවයි මේහා බැඳුණු කතා පුවතක් මෙසේය මහා පරාක්‍රමභාහු රජුගේ මිදුල අමදීම සදහා යොදවා සිටි සේවකයෙකු මිදුල අමදිමින් සිටියදී උඩුමහලේ සිටි රත්නවල්ලි කුමරිය ගැසූ කෙළපිඩක් මෙම සේවකයාගේ හිසෙහි පතිත විය එයින් කෝපයට පත් සේවකයා ඇගෙන් පළිගනිමී සිතා ඇය ලැබෙනතුරු නොනැගිටිමී කියා මාළිගා දොරකට වැතිරුනහ මෙසේ ශින කුලිකයෙකු නිරාහාරව මියගිය හොත් අවැඩක් බව දැනගත් මහරජු වහාම රත්නවල්ලිය කුමරිය දාසයාට පාවාදී පිටමන් කළහ ඔවුන්ගෙන් රොඩී කුලය පැවතෙන බව පැවසේ තවත් ජනප්‍රවාදයක සදහන් වන්නේ රත්නවල්ලී කුමරිය රජමැදුරේ මිදුල අමදින දාසයෙකුට පෙම්බැද රහසේ ඔහු හා අනියම් ඇසුරක් පැවැත් වූ අතර පවුව මෙම දාසයා නිසා කුමරිය ගැබ් ගත්තාය මෙය දැනගත් පැරකුම් රජ කෝපයට පත්ව ඇ ඇදසිටි අභරණ සියල්ල ඉවත්කර උඩුකය නිරුවත් කර ඉනට රෙදිකඩක් අන්දවා කොණ්ඩය ඉහලට කර බැද දාසයා සමග රජමැදුරෙන් පිටමන් කළ බවයි ඔවුන්ගෙන් රොඩී කුලය ආරම්භවූ බවයි.


- මයුරපාද මිතුරෝ -

රත්නවල්ලි කුමරිය හා බැඳුනු තවත් ජනප්‍රවාදයක දැක්වෙන්නේ රත්නවල්ලී කුමරිය මිනීමස් කෑමට ඇබිබැහි වි සිටි බවයි දිනක් රජ වාසල කරණවෑමියාට පොහෝ දිනයක් නිසා මස් ලබා ගැනීමට සොහැකි විය මේ නිසා ඔහු සොහාන් පිටිය වෙත ගොස් අමුසොහොනට ගෙනැවිත් දමාගිය මළසිරුරක් දඩමස් ලෙස සකසා රජුට පිළිගැන් වීය මෙම මස් රසට වහ වැටුනු රජු නැවත නැවත මේ දඩමස්ම ගෙන එන ලෙස අණ කළහ කරණවෑමියාද අමුසොහොනට ගොස් මළසිරුරු දඩමස් ලෙස සකසා දුන්හ කෙසේ වෙතත් මෙම රහස රත්නවල්ලි කුමරිය දැනගත්හ එහෙකත් ඇය දැඩි ලෙස මීනීමස් වලට ගිජුවී සිටි බැවින් රහස රජුගෙන් වසන් කළහ පසුව රජුට මෙය සැළවිය තමා මෙතෙක් කල් නොදැන ආහාරයට ගෙන ඇත්තේ මිනීමස් මව දැනගත් රජු දැඩි සේ කිපී කරණවෑමියා ඔහුට උදවුකළ රත්නවල්ලිට ආවාහ කරදී රජමාළිගයෙන් පිටමන් කළහ ඔවුන්ට දින 07ක් නගරයේ සිගමන් යැද ඉන් පසු පිටුවහල් වන ලෙස අණ ලැබිණ කරණවෑමියාත් රත්නවල්ලි කුමරියත් දින හතක් නගරයේ සිගා කා පසුව ඔවුන්ට බෙරකරුවකුගෙන් සිඟාකෑමට අවශය කත් ලීයක් කූඩයක් එකැස් බෙරයක් තැටියක් කැත්තක් හා බල්ලෙල් ලැබිණ පසුව මොවුන් සිගමන් යදිමින් ජීවත්විය ඔවුන්ගෙන් රොඩී කුලය බිහිවූබව පැවසේ.

- මයුරපාද මිතුරෝ -

අතීතයේ මංකොල්ලයක් ,සොරකමක් හෝ මිනීමැරුමක් සම්බන්ධයෙන් රොඩීයකු චෝදනා ලැබුවහොත්  කුප්පායමේ හුලවාලියා ( නායකයා ) මේ කරණය සිරගෙයි කංකානමට දැන්විය යුතුය. සිරගෙයි කංකානම ඒ චුදිතයා තොටුපොලට කැඳවාගෙන එන ලෙස දිනයක් නියම කරයි.



මෙසේ කිරීමට හේතුව රොඩීයකු ගඟෙන් මෙගොඩට ගෙන්වා ගැනීමට නීතියෙන් බලයක් නැතිකමය. නඩු දිනයෙහි චුදිතයා පමණක් නොව, ඔහුගේ නෑදෑයන් ද පවුල් පිටින් තොටුපොළට රොක්වන්නේ නඩුව විසඳෙන හැටි නරඹන්නටය. ඉක්බිති සිරගෙයි කංකානම ඔරුවක නැග ගඟින් මෙහා තොටුපොළේ නැවතී නඩුව විසඳන්නට පටන් ගන්නේය. චුදිතයගේ වරද ඔප්පු වූ කල්හී ඔහුට කටුසැමිටි වලින් තලන්නට නියම කරනු ලැබේ.

මේ දඬුවම් දීම සඳහා වැඩිපුරම පාවිච්චි කොට ඇත්තේ ගැට සහිත එරමිනියා පොල්ලක් හෝ කැප්පෙට්ටියා පොල්ලකි. ඇතැම්විට ඒ දඬුවම් දීම සඳහා අලුගෝසුවකු වෙනින් රොඩී ගමකින් කැඳවනු ලබයි. උඩරට ප්‍රදේශයන්හි කුරහන්පිටිය , කොස්කොටේ යන දෙගම්හි විශාල රොඩී කුප්පායම් දෙකක් තිබුණු බව පැරණි පොත පතේ සඳහන් වෙයි. ඒවා පාලනය කරන ලද්දේ මහා අධිකාරම් විසිනි.



රොඩීනට ගොවිතැන් කිරීම තහනම් විය. කුමන කර්මාන්තයක යෙදුනද ඔවුන් ඒවා කළේ සිඟාකෑමට රුකුලක් වන පරිද්දෙනි. ඔවුනට සිඟාකෑම හැර වෙනත් කිසිම වෘත්තියක් කිරීමට අවසර නොතිබිණ.

- මයුරපාද මිතුරෝ -

සිංහල රජ දවස රොඩීනට අංග සම්පූර්ණ නිවසත් තනාගැනීමට අවහර නොවීය. ඔවුන්ගේ නිවස තාවකාලික මඩුවක් පමණක් විය.මීට අමතරව ඔවුනගේ ජීවතයට පීඩාකාරී තහංචි රැසක් විය.ඔරුවක් මත හිඳ ගගින් එතෙරවීම රාජකීය කෙත්වතු ඇළ මාර්ග අසලින් ගමන් කිරීම රාජකීය ගබඩා අසලින් ගමන් කිරීම ආදිය තහංචිවිය මොවුනෙග් දිවි පැවැත්ම එදා ඉතාමත් පීඩාකාරී විය.

කෙසේ නමුත් වර්තමානයේ මෙම තත්වයන් යම් මට්ටමකින් වෙනස් වී ඇත.

රොඩී කුලය පිළිබඳ ලියවුණු පොතක්.


*******
මයුරපාද මිතුරෝ මෙම අඩවියෙහි පළවන ලිපි පිලිබඳ තොරතුරු ප්‍රථමයෙන් සහ ඉක්මනින් ලබාගැනීමට අපගේ නිල facebook පිටුව සමග එකතුවන්න


මෙම ලිපිය සම්බන්ධ ඔබගේ අදහස් පහතින් comment කරන්න.
තවත් කෙනෙකුට දකින්න share කරන්න.

මයුරපාද මිතුරෝ සමග එක්වූ ඔබට ස්තූතියි!.

Sunday 17 September 2017

ගිනි මලක් පිපුණාය දොරකඩ වරක් නොව තව වතාවක් ගීතය ලියවුණු හැටි



අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකර මහතාගේ සහෝදරයෙකුවන ගායන ශිල්පී කිත්සිරි ජයසේකර මහතා ගායනා කරන ගීත තරමක් වෙනස් විදිහේ ගීත. එතුමාගේ ගීත වැඩිපුර අපිට අහන්න ලැබුණේ නැතත් ගීත ජනප්‍රියත්වයේ අඩුවක් තියෙනවා කියලා නම් අපිට කියන්න බැහැ.


දයාසිරි ජයසේකර මහතා සහ කිත්සිරි ජයසේකර මහතා.


"කැමිලියා මල් සුවඳට 
සඳ කෙමි මත පා තිය තිය
මගේ කුටියේ කවුළු දොරින් 
නිදි බින්ද දෑස ඒ ඔබමද 
සින්ඩරෙල්ලා "

* "සඳකත් පිණි දිය කඩා හැලෙනවා
දැව මුවා කුළුණු හිස පහන් නිවෙනවා
මං එනතුරු අද්දර අල්තාරේ
ඉන්නවද බලා
අමීෂා අමීෂා අමීෂා"


පේනවානේ..... කිත්සිරි මහත්තයාගේ ගීත ටිකක් අමුතුයි , වෙනස්. ඉතින් එතුමා ගායනා කරන ගීත අතරින් අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ගීතය ගැනයි.

 - මයුරපාද මිතුරෝ -

" ගිනි මලක් පිපුණාය දොරකඩ
වරක් නොව තව වතාවක්
සඳක් සේ දිළිසුණා පුරපස
පිපුණි දොරකඩ රන් මලක් ... "

විශ්වවිද්‍යාලයේදී ලැබුණු අත්දැකීම් ගැන ලියවුණු ගීත ඕන තරම් අපි අහලා තියෙනවා. මේ ගීතයත් ඒ විදිහට විශ්වවිද්‍යාල අත්දැකීමකට ලියවුණු ගීතයක්.

ඒ වගේම ගීත ඉතිහාසයේ මේ ගීතය රචනය පැත්තෙන් විශේෂ ගීතයක්, ඒකට හේතුව තමයි මේ ගීතය රචකයන් දෙදෙනෙකු එකතුවෙලා තමයි ලියලා තියෙන්නේ, ඒ ධම්ම දිසානායක සහ කීර්ති ආරියදාස මහත්වරුන් දෙදෙනා විසින්. ( මේ දෙන්නාම විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන් ) මීට කලින් අහලා තිබුනද දෙන්නෙක් ලියපු සිංදුවක් ගැන. මේ එ් විදිහට විශේෂ ගීතයක්.

රචකයන් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හදාරන කාලයේ ලබපු සත්‍ය අත්දැකීමක් ගීතය ලියවෙන්නට හේතු වෙලා තියෙනවා.

ඒ කාලේ මේ දෙන්නම ඉඳලා තියෙන්නෙ එකම බෝඩිමක. දවසක් මේ බෝඩිමට ගෑණු ළමයෙක් එනවා යම් කිසි පණිවිඩයකට. ඇය ප්‍රියමනාප ලස්සන තරුණියක්,

- මයුරපාද මිතුරෝ -

කොහොම හරි මේ තරුණිය  ඇවිත් ගියාට පස්සෙත් දෙන්නාම ඇය ගැනම කතා කරන්න ගන්නවා.

ඉතින් මේ ඇවිත් ගියපු තරුණිය ගැන දෙන්නා කතා කර කර ඉන්නකොට අහම්බෙන් වගේ ඇය අයෙත් ඔවුන්ගේ බෝඩිමට එනවා.

ඒ විදිහට දෙපාරක්ම තමන් ඉදිරියේ පෙනී හිටපු මේ තරුණිය ගැන ඔහුන්ට දැනුන සිතුවිලි දෙදෙනාම එකතුවෙලා ගීතයක් බවට පත් කරනවා.

ගීතය රස විදින්න කලින් මේ ගී පද ටික කියවලා ඉන්න. එතකොට හොදට තේරුම් ගන්න පුලුවන් වෙයි, ඒ ලබපු අත්දැකීම.

ගිනි මලක් පිපුණාය දොරකඩ
වරක් නොව තව වතාවක්
සඳක් සේ දිළිසුණා පුරපස
පිපුණි දොරකඩ රන් මලක් ... //

මදහසක් දිලිසීය මුව අග
නිමේෂයකට කඩ ඉමක් ඇර
නමුදු ඒ හස කඩා කඩඉම්
ගෙනගියා අප අනන්තය වෙත

ගිනි මලක් ...

දුටිමු අප ඇගෙ ඇසිපියන් යට
දෙසිත් කැළඹූ නිල් උපුල් යුග
දැවි දැවී සැනසුනා අප සිත්
තැබී ඈ තව පියවරක් දුර

ගිනි මලක් ...

කිත්සිරි ජයසේකර මහතාගේ පවුලේ චායාරූපයක්. (මෙතුමාගේ බිරිද කොළඹ විශ්වවිද්‍යලයේ කථිකාචාර්ය වරියක්. ඇය නමින් උපේඛා ගංගොඩවිල )

--------

ගීතය රසවිදින්න...



ඉදිරියටත් අපි මේ වගේ ගීත ගැන රසවත් තොරතුරු පිළිබඳ කතා බහ කරන්න සූදානම් අඩවියේ ඉදිරි ලිපි පිලිබඳ තොරතුරු ලබාගන්න මයුරපාද මිතුරෝ facebook පිටුවට එකතුවන්න අමතක කරන්න එපා.....

*******
මයුරපාද මිතුරෝ මෙම අඩවියෙහි පළවන ලිපි පිලිබඳ තොරතුරු ප්‍රථමයෙන් සහ ඉක්මනින් ලබාගැනීමට අපගේ නිල facebook පිටුව සමග එකතුවන්න


මෙම ලිපිය සම්බන්ධ ඔබගේ අදහස් පහතින් comment කරන්න.
තවත් කෙනෙකුට දකින්න share කරන්න.

මයුරපාද මිතුරෝ සමග එක්වූ ඔබට ස්තූතියි!.

Tuesday 5 September 2017

මරණය නියත BLUE WHALE ක්‍රීඩාව ගැන දැනුවත්ද?..



මේ වෙනකොට ගොඩක් අය කතා කරන මාතෘකාවක් තමයි Blue Whale (නිල් තල්මසාගේ අභියෝගය) ක්‍රීඩාව කියන්නේ. මයුරපාද මිතුරෝ හරහා අපි අද කතා කරන්නේ ඒ ගැන.


2013 වසරේ රුසියානු Philipp Budeikin නම් 22 හැවිරිදි තරුණයෙක් විසින් නිර්මාණය කරන මේ ක්‍රීඩාව කරලියට එන්නේ 2016 වසරේ රුසියානු මාධ්‍ය වේදියෙක් කරන වාර්තාවක ප්‍රතිපලයක් විදිහට. පරිගණක සහ ජංගම දුරකථන හරහා ක්‍රීඩා කරන්න පුලුවන් මේ ක්‍රීඩාව මේ වෙනකොට ලංකාවෙත් අපේ තරුණ තරුණියන් හොයන්න පටන් අරගෙන තියෙනවා...


ඉතින් මුලින්ම කියන්න ඕන ඔයාට මේ game එක ලැබුනොත් ඒක computer එකට හරි phone එකට හරි ආසාවට කොහොමද කියලා බලන්නවත් දාන්න නම් එපා. මොකද මේ game එක install වෙන අතරතුරේ ඔයාගේ පෞද්ගලික දත්ත හොරා ගැනීමක් සිද්ධ වෙනවා.

ඒ වගේම අතරමග ක්‍රීඩාව නතර කරන්න හැදුවෙත් ඔබට තර්ජනය කරමින් දිගටම ක්‍රීඩාවේ යෙදෙන්නට බලකරනවා.

මේ game එක vkontakte (VK) සමාජ ජාලා අඩවියෙන් තමයි මුලින්ම සමාජ අතර පැතිරෙන්නේ. (රුසියාවේ facebook වලට වඩා vkontakte අඩවිය ජනප්‍රියයි )

ඒ වගේම වැඩිම මරණ වාර්තා වෙන්නෙත් රුසියාවෙන්. ඒ වගේම කසකස්ථාන වගේ මධ්‍යම ආසියානු රටවල් වලිනුත් වාර්ථා වෙනවා.



මේ game එකේදී අපිට පියවර 50ක් ලැබෙනවා. ඒ වගේම තමයි ඔයාව මේ game එකේදී උපදෙස් දෙන්නත් admin කෙනෙක් ලැබෙනවා. ඒ admin එක්ක whatsapp , skype වගේ සමාජ ජාලා අඩවි එක්ක සම්බන්ධ වෙලා ලැබිය යුතු විධාන ලබා දෙනවා.

ඉතින් ඔයා හිතනවා නම් බොරුවක් කරලා game එක දිනන්න ඒකත් කරන්න බැරි වැඩක් මොකද ඔයාල ලබාදෙන විධාන කරා කියලා ඔයාට ඔප්පු කරන්න වෙනවා. ( photo , video වගේ දේවල් වලින් )

මුලින්ම පොඩ් පොඩ් දේවල් වලින් පටන් අරගෙන ඔයාගේ මානසිකත්වය වෙනස් කරන ගමන්ම ටික ටික බරපතළ වැඩ කරන්න ඔයාව යොමු කරවනවා.

* අතේ F57ලෙස කපා ගැනීම ( දන්න තරමින් මේ f57 කියන්නේ සියදිවි නසා ගැනීමේ කංඩායමක් )



* අවේලාවේ නිර්මාණය කරුවන් එවනු ලබන හොල්මන් චිත්‍රපටි නැරඹීම.

* රහස් ලිපියක් හරහා ලැබෙන රහස් ක්‍රියාකාරකමක්.

* අතෙහි තල්මසෙකුගේ රූපයක් කපා ගැනීම.



* තල්මසෙකු වීමට කැමති නම් අතෙහි YES යනුවෙන් කපා ගැනීම. ( අකමැති නම් තමාට දඩුවම් පමුණුවා ගත යුතුයි )



* ක්‍රීඩාවේ නිර්මාණය කරුවන් එවන භයානක සහ මනස විකෘති කරවන සංගීතයන්ට ( Heavy metal ) සවන් දීම.

* ඉදිකටුවකින් ඇන ගැනීම.

* ක්‍රීඩාවේ 50වන අදියරය ලෙස සියදිවි හානි කර ගැනීම.

කොහොම උනත් මේ game එක නිර්මාණය කරපු කෙනාව නම් මේ වෙනකොට අත්අඩංගුවට අරගෙන තියෙනවා කියලා තමයි කියන්නේ. නමුත් සමූහය හරහා තවමත් ක්‍රීඩාව නම් සුපුරුදු පරිදි කෙරීගෙන යනවා.

මේ වෙනකොට ඉන්දියාවේ එක් තරුණයෙක් මේ ක්‍රීඩාව නිසා සියදිවි හානි කරගෙන තියෙනවා වගේම ඉන්දියාවේ මේ ක්‍රීඩාව සම්බන්ධයෙන් Blue Whale නමින් චිත්‍රපටියක් පවා නිර්මාණය වෙමින් පවතිනවා.

ක්‍රීඩාව නිසා සිදුවූ ආසන්නතම සියදිවි හානි කරගැනීම වාර්ථා වෙන්නේ ඊයේ(04) දියයේ.  ඒ තට්ටු 50ක ගොඩනැගිල්ලක සිට තරුණියන් දෙදෙනෙකු බිමට පැනීමෙන්. මේවන විට මෙම ක්‍රීඩාව නිසා ලොව පුරා 140කට ආසන්න පිරිසක් සියදිවි හානි කරගෙන ඇත.



ඊයේ (04) දින තරුණියන් දෙදෙනෙකු සියදිවි හානි කර ගැනීමට අදාල දර්ශන

මෙම ක්‍රීඩාව නිසා ලොව පුරා සියදිවි හානිකර ගන්නා දර්ශන.   

ඉන්දියාවේ නිර්මාණයවන ක්‍රීඩාව සම්බන්ධ චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය.

කරුණාකර මෙම ක්‍රීඩාව ක්‍රීඩා කිරීමට හෝ පරිගණකයේ , ජංගම දුරකථනයේ ස්ථාපිත  කිරීමට උත්සාහ කිරීමෙන් වලකින්න.

*******
මයුරපාද මිතුරෝ මෙම අඩවියෙහි පළවන ලිපි පිලිබඳ තොරතුරු ප්‍රථමයෙන් සහ ඉක්මනින් ලබාගැනීමට අපගේ නිල facebook පිටුව සමග එකතුවන්න


මෙම ලිපිය සම්බන්ධ ඔබගේ අදහස් පහතින් comment කරන්න.
තවත් කෙනෙකුට දකින්න share කරන්න.

මයුරපාද මිතුරෝ සමග එක්වූ ඔබට ස්තූතියි!.

Sunday 3 September 2017

තිරය ඇරෙනවා තිරය වැහෙනවා - ගීතය ලියවුණු සත්‍ය සිදුවීම.



ප්‍රවීණ ගී පද රචක බංඩාර ඇහැලියගොඩ මහතා විසින් රචිත ගීත කිහිපයක් ගැන අපි මයුරපාද මිතුරෝ හරහා පසුගිය දිනවල කතාබහ කරා. අද දවසේ කතා කරන්නට තෝරා ගත්තේ එතුමාට සුවිශේෂි වූ ඒ වගේම රසිකයන් අතර අදටත් නොවෙනස්ව පවතින ජනප්‍රියත්වයක් තියෙන " තිරය ඇරෙනවා " කියන ගීතයයි.

ඉතින් මම කලින් සදහන් කරා මේ ගීතය බංඩාර ඇහැලියගොඩ මහතාට සුවිශේෂි ගීතයක් කියලා, මම එහෙම කියන්න හේතුව තමයි මේ ගීතය එතුමා රචනා කළ මුල්ම ගීතය වීම.

- මයුරපාද මිතුරෝ -

ගීතය කාටත් සරලව තේරුම් ගත හැකි ලෙස ලියවිලා තියෙන නිසා මේ ලිපිය හරහා ගීතය ලියවුණු හැටි සහ ගීතයට සම්බන්ධ විශේෂ කරුණු කිහිපයක් ගැන කතා කරන්නට බලාපොරොත්තු වෙනවා.

ගීතය බංඩාර ඇහැලියගොඩ මහතා සුනිල් එදිරිසිංහ මහතාට ලබාදෙන්නේ ජයලත් මනෝරත්න මහතා හරහා, මොකද ඒ වෙනකොට බංඩාර මහතා සුනිල් මහතා දැන හදුනා ගෙන හිටියේ නෑ. ඒ විදිහට බංඩාර මහතා යවපු ගීත කිහිපයක් අතරින් "තිරය ඇරෙනවා" ගීතය සහ සුනිල් එදිරිසිංහ මහතාම ගායනා කරන " ලෝකයක් තනන්නට " කියන ගීත දෙක ගුවන් විදුලියේ සරල ගී වැඩසටහනකට තොරා ගෙන තියෙනවා.

                          - මයුරපාද මිතුරෝ -


1983 වසරේ නිර්මාණය වෙන මේ ගීතය බංඩාර ඇහැලියගොඩ මහතාගේ පෞද්ගලික අත්දැකීමකට අනුවයි රචනා වෙන්නේ. ඉතින් මොකක්ද මේ අත්දැකීම ???..... මේ බංඩාර ඇහැලියගොඩ මහතා ඒ ලබපු අත්දැකීම එතුමාගේ වචනයෙන්ම..

"මම ඇහැළියගොඩ ඉගෙනුම ලබමින් හිටි කාළයේ විශාල කොන්සර්ට් එකක් තිබුණා. එකේ කොළඹ කාන්තා විද්‍යාලයෙන් අවිත් හිටිය. ඒ අය තමයි බතේ උපත නැටුවේ.

මට එතකොට කල්පනා උනා, ' අපි උදේ හවස කුඹුරු වැඩ කරන අය. ඉස්කොලේ ඇරිලා ගිහින් කුඹුරේ වැඩට උඩවු වෙන දවස් තියෙනවා. ගොයම් කපලා, මඩවලා, හාල් කරන හැටි අපියි දන්නේ.

සක්‍රීයව කුඹුරට සම්බන්ධ අපි වේදිකාව පල්ලේහාට වෙලා බලන් ඉන්නවා. කිසි දවසක මඩ ගොඩක් නොදැකපු, දැකත්තක් අත නොගාපු අය ඇවිදින් වේදිකාව උඩ නටනවා. අපි නෙවෙයි ද මෙතන ඉන්න ඕනේ?' කියලා. 1970 ගණන් වල මා ලබපු මේ අත්දැකීම තමයි 83 දි ගීතයක් බවට පත්වුනේ."

                         - මයුරපාද මිතුරෝ -

තිරය ඇරෙනවා තිරය වැහෙනවා
ඔල්වරසන් හඩ පැතිරෙනවා
සඳලුතලෙන් බැස මානවිකාවන්
තාලෙට ඉඟසුඟ නටවනවා

කළගෙඩි නැටුමට කළගෙඩි සොළවති
නළ වතුරෙන් සැනහෙන දරුවෝ
ගොයම් නැටුමකට දෑකැති ලෙළවති
කුඹුරක් ඇස නොගැටුන දරුවෝ

තිරය ඇරෙනවා තිරය වැහෙනවා ...

දෙපා සැලෙන මුත් බෙර කවි තාලෙට
කරළිය හිමි නැති අපේ ළමයි
හේනට කුඹුරට ගත සවි දියකර
කරළිය අබියස බලා හිඳී

තිරය ඇරෙනවා තිරය වැහෙනවා ...


රචනය - බංඩාර ඇහැලියගොඩ මහතා.
සංගීතය - ⁣රෝහන වීරසිංහ මහතා.
ගායනය - සුනිල් එදිරිසිංහ මහතා.

ගීතය රසවිදින්න.



ගීතය ගැන නිවරදි වැටහීමක් ඔබට ලැබෙන්නට අැති. ඒ වගේම මේ වගේ කරුණු කාරණා දැග ගෙන අහන ගීතයක රසය වෙනදාට වඩා රසවත්ව දැනෙනවා. ඉතින් මේ තොරතුරු තවත් කෙනෙකුට බලන්න share කරන්න කාරුණික වෙන්න.

ඉදිරියටත් අපි මේ වගේ ගීත ගැන රසවත් තොරතුරු පිළිබඳ කතා බහ කරන්න සූදානම් අඩවියේ ඉදිරි ලිපි පිලිබඳ තොරතුරු ලබාගන්න මයුරපාද මිතුරෝ facebook පිටුවට එකතුවන්න අමතක කරන්න එපා.....

*******
මයුරපාද මිතුරෝ මෙම අඩවියෙහි පළවන ලිපි පිලිබඳ තොරතුරු ප්‍රථමයෙන් සහ ඉක්මනින් ලබාගැනීමට අපගේ නිල facebook පිටුව සමග එකතුවන්න


මෙම ලිපිය සම්බන්ධ ඔබගේ අදහස් පහතින් comment කරන්න.
තවත් කෙනෙකුට දකින්න share කරන්න.

මයුරපාද මිතුරෝ සමග එක්වූ ඔබට ස්තූතියි!.