Music Player

Tuesday 5 September 2017

මරණය නියත BLUE WHALE ක්‍රීඩාව ගැන දැනුවත්ද?..



මේ වෙනකොට ගොඩක් අය කතා කරන මාතෘකාවක් තමයි Blue Whale (නිල් තල්මසාගේ අභියෝගය) ක්‍රීඩාව කියන්නේ. මයුරපාද මිතුරෝ හරහා අපි අද කතා කරන්නේ ඒ ගැන.


2013 වසරේ රුසියානු Philipp Budeikin නම් 22 හැවිරිදි තරුණයෙක් විසින් නිර්මාණය කරන මේ ක්‍රීඩාව කරලියට එන්නේ 2016 වසරේ රුසියානු මාධ්‍ය වේදියෙක් කරන වාර්තාවක ප්‍රතිපලයක් විදිහට. පරිගණක සහ ජංගම දුරකථන හරහා ක්‍රීඩා කරන්න පුලුවන් මේ ක්‍රීඩාව මේ වෙනකොට ලංකාවෙත් අපේ තරුණ තරුණියන් හොයන්න පටන් අරගෙන තියෙනවා...


ඉතින් මුලින්ම කියන්න ඕන ඔයාට මේ game එක ලැබුනොත් ඒක computer එකට හරි phone එකට හරි ආසාවට කොහොමද කියලා බලන්නවත් දාන්න නම් එපා. මොකද මේ game එක install වෙන අතරතුරේ ඔයාගේ පෞද්ගලික දත්ත හොරා ගැනීමක් සිද්ධ වෙනවා.

ඒ වගේම අතරමග ක්‍රීඩාව නතර කරන්න හැදුවෙත් ඔබට තර්ජනය කරමින් දිගටම ක්‍රීඩාවේ යෙදෙන්නට බලකරනවා.

මේ game එක vkontakte (VK) සමාජ ජාලා අඩවියෙන් තමයි මුලින්ම සමාජ අතර පැතිරෙන්නේ. (රුසියාවේ facebook වලට වඩා vkontakte අඩවිය ජනප්‍රියයි )

ඒ වගේම වැඩිම මරණ වාර්තා වෙන්නෙත් රුසියාවෙන්. ඒ වගේම කසකස්ථාන වගේ මධ්‍යම ආසියානු රටවල් වලිනුත් වාර්ථා වෙනවා.



මේ game එකේදී අපිට පියවර 50ක් ලැබෙනවා. ඒ වගේම තමයි ඔයාව මේ game එකේදී උපදෙස් දෙන්නත් admin කෙනෙක් ලැබෙනවා. ඒ admin එක්ක whatsapp , skype වගේ සමාජ ජාලා අඩවි එක්ක සම්බන්ධ වෙලා ලැබිය යුතු විධාන ලබා දෙනවා.

ඉතින් ඔයා හිතනවා නම් බොරුවක් කරලා game එක දිනන්න ඒකත් කරන්න බැරි වැඩක් මොකද ඔයාල ලබාදෙන විධාන කරා කියලා ඔයාට ඔප්පු කරන්න වෙනවා. ( photo , video වගේ දේවල් වලින් )

මුලින්ම පොඩ් පොඩ් දේවල් වලින් පටන් අරගෙන ඔයාගේ මානසිකත්වය වෙනස් කරන ගමන්ම ටික ටික බරපතළ වැඩ කරන්න ඔයාව යොමු කරවනවා.

* අතේ F57ලෙස කපා ගැනීම ( දන්න තරමින් මේ f57 කියන්නේ සියදිවි නසා ගැනීමේ කංඩායමක් )



* අවේලාවේ නිර්මාණය කරුවන් එවනු ලබන හොල්මන් චිත්‍රපටි නැරඹීම.

* රහස් ලිපියක් හරහා ලැබෙන රහස් ක්‍රියාකාරකමක්.

* අතෙහි තල්මසෙකුගේ රූපයක් කපා ගැනීම.



* තල්මසෙකු වීමට කැමති නම් අතෙහි YES යනුවෙන් කපා ගැනීම. ( අකමැති නම් තමාට දඩුවම් පමුණුවා ගත යුතුයි )



* ක්‍රීඩාවේ නිර්මාණය කරුවන් එවන භයානක සහ මනස විකෘති කරවන සංගීතයන්ට ( Heavy metal ) සවන් දීම.

* ඉදිකටුවකින් ඇන ගැනීම.

* ක්‍රීඩාවේ 50වන අදියරය ලෙස සියදිවි හානි කර ගැනීම.

කොහොම උනත් මේ game එක නිර්මාණය කරපු කෙනාව නම් මේ වෙනකොට අත්අඩංගුවට අරගෙන තියෙනවා කියලා තමයි කියන්නේ. නමුත් සමූහය හරහා තවමත් ක්‍රීඩාව නම් සුපුරුදු පරිදි කෙරීගෙන යනවා.

මේ වෙනකොට ඉන්දියාවේ එක් තරුණයෙක් මේ ක්‍රීඩාව නිසා සියදිවි හානි කරගෙන තියෙනවා වගේම ඉන්දියාවේ මේ ක්‍රීඩාව සම්බන්ධයෙන් Blue Whale නමින් චිත්‍රපටියක් පවා නිර්මාණය වෙමින් පවතිනවා.

ක්‍රීඩාව නිසා සිදුවූ ආසන්නතම සියදිවි හානි කරගැනීම වාර්ථා වෙන්නේ ඊයේ(04) දියයේ.  ඒ තට්ටු 50ක ගොඩනැගිල්ලක සිට තරුණියන් දෙදෙනෙකු බිමට පැනීමෙන්. මේවන විට මෙම ක්‍රීඩාව නිසා ලොව පුරා 140කට ආසන්න පිරිසක් සියදිවි හානි කරගෙන ඇත.



ඊයේ (04) දින තරුණියන් දෙදෙනෙකු සියදිවි හානි කර ගැනීමට අදාල දර්ශන

මෙම ක්‍රීඩාව නිසා ලොව පුරා සියදිවි හානිකර ගන්නා දර්ශන.   

ඉන්දියාවේ නිර්මාණයවන ක්‍රීඩාව සම්බන්ධ චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය.

කරුණාකර මෙම ක්‍රීඩාව ක්‍රීඩා කිරීමට හෝ පරිගණකයේ , ජංගම දුරකථනයේ ස්ථාපිත  කිරීමට උත්සාහ කිරීමෙන් වලකින්න.

*******
මයුරපාද මිතුරෝ මෙම අඩවියෙහි පළවන ලිපි පිලිබඳ තොරතුරු ප්‍රථමයෙන් සහ ඉක්මනින් ලබාගැනීමට අපගේ නිල facebook පිටුව සමග එකතුවන්න


මෙම ලිපිය සම්බන්ධ ඔබගේ අදහස් පහතින් comment කරන්න.
තවත් කෙනෙකුට දකින්න share කරන්න.

මයුරපාද මිතුරෝ සමග එක්වූ ඔබට ස්තූතියි!.

0 comments:

Post a Comment