Music Player

This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

Tuesday 31 October 2017

සමනළයා මල හා ළමයා සේ - ගීතයේ නිවරදි තේරුම..



ආයුබෝවන්....

පහුගිය දවස් කිහිපයේ අපි මේ අඩවියට ලිපියක් එකතු කරේ නෑ. මොකද මෙතනට ගොඩ වැදුණු පිරිස 50 000ක් වෙනකල් ටිකක් බලාගෙන හිටියා.. ඉතින් මයුරපාද මිතුරෝ කංඩායම සියලු දෙනාටම ස්තූති කරනවා අපිත් එක්ක රැදී සිටීම පිළිබඳව.



හරි, අද දවසේ අපි සිංදු ගැන කතා කරන්න එඩ්වඩ් ජයකොඩ් මහතා ගායනා කරන ඉතා ජනප්‍රිය ගීතයක් තමයි අරගෙන ආවේ.ප්‍රේමකීර්ති ද අල්විස්  මහතා අතින් රචනා වෙච්චි මේ ගීතයේ සංගීතය නිර්මාණය කරන්නේ සරත් ද අල්විස් මහතා විසින්. ගීතය තමයි "සමනළයා මල හා ළමයා සේ" කියන ගීතය.

ගීතයේ චරිත තුනක් පිළිබඳව කියවෙනවා.

* සමනළයා.
* ළමයා.
* මල.

ගීතය රසවිදින්න අපිට බොහෝ විට තේරුම් ගන්නට පුලුවන් ගීතය ළමා ගීතයකට සමානයි කියලා. ඒත් ඒක වැරදි නිගමනයක්. ඇත්තටම මේක ප්‍රේම ගීතයක්. විරහා හීතයක් විදිහට හැදින්වීම නිවරදියි. ඒ වගේම ප්‍රේමකීර්ති මහතාගේ අති විශිෂ්ඨ නිර්මාණයක්.

- මයුරපාද මිතුරෝ -

සමනළයා මල හා ළමයා සේ
බාල ළමා වයසේ


ගීතයේ ආරම්භයේදීම අපිට අහන්නට ලැබෙන මේ චරිත තුන පිළිබඳ අපි මුලින් අවධානය යොමු කරමු.

* සමනළයා - සමනළයාගේ රාජකාරිය තමයි මලින් මලට ගිහින් පැණි බොන එක. ගීතයේ සමනළයා විදිහට හදුන්වන්නේ එක්තරා තරුණයෙක් පිළිබඳවයි.

* මල - ගීතයේ මල විදිහට උපමා කරලා තියෙන්නේ තරුණියක්.

ළමයා - ළමයා ලෙස ප්‍රේමකීර්ති මහතා උපමා කරලා තියෙන්නේ තවත් තරුණයෙක් පිළිබඳවයි. ඒ වගේම ළමයාගේ චරිතය අපිට රචකයා විසින් වැඩිදුරටත් විග්‍රහ කරලා තියෙනවා " බාල ළමා වයසේ" කියලා. ඉතින් එතනින් අපිට තේරුම් ගන්න පුලුවන් මේ පුංචි බහ තෝරන වයසේ දරුවෙකුගේ චරිතයක් පිළිබඳවයි අපිට කියන්නට උත්සාහ කරලා තියෙන්නේ කියලා.

කුඩා දරුවෙකුගේ ආදරය ඉතා පිවිතුරුයි, අව්‍යාජයි.

ගීතයේ චරිත ත්‍රිත්වය පිළිබඳ ගීතයේ අපිට හදුන්වා දෙන්නේ ඒ විදිහට.

පෙර තිදෙනා සිටියේ එක යායේ
ජීවිතයේ අරුමේ //


ඉතින් මේ චරිත තුන ( තරුණිය සහ තරුණයින් දෙදෙනා) පෙර දවසක එකට මුණගැහිලා තියෙනවාලු.

මලට වසා පැණි බී රිසි සේමා
සමනළයා පියැඹූ දවසේ //


මල ලෙස හැදින්වූ තරුණිය සමනළයා ලෙස උපමා කළ තරුණයා සමග ප්‍රේම සම්බන්ධක් පවත්වනවා. නමුත් මේ තරුණයා සල්ලාල චරිතයක්. තරුණියන් ගෙන් ඔහුට අවශ්‍ය දෑ සපුරා ගත් පසු තවත් තරුණියක වෙත ඇදෙන පුද්ගලයෙක්. ඒ නිසයි ඔහුව රචකයා විසින් සමනළයෙකු විදිහට හදුන්වන්නේ.

- මයුරපාද මිතුරෝ -

"මලට වසා පැණි බී රිසි සේමා" මෙතනින් අපිට තේරුම් ගන්න පුලුවන් මේ සල්ලාල තරුණිය ඒ තරුණියගෙන් බලාපොරොත්තු වූ සියල්ල සපුරාගෙන තියෙනවා කියලා.

"සමනළයා පියැඹූ දවසේ" අවශ්‍යතා සපුරා ගත් තරුණයා තරුණිය අතහැර ගිහින් තියෙනවා.  ඒ වගේම අපිට තේරුම් ගන්න පුලුවන් ඒ සිදුවීම නිසා තරුණියට යම් අසාධාරණයක් සිදුවෙලා තිබෙනවා කියලා.

ඒ මල ගාවා ඒ පොඩි ළමයා
දෑස වසා සිටියා


ළමයා ලෙස හැදින්වූ තරුණයාත් මල ලෙස උපමා කළ තරුණියට ප්‍රේම කරනවා. ඒ ප්‍රේමය පිවිතුරු සහ අව්‍යාජ ප්‍රේමයක්. ඒ නිසයි මේ තරුණයා කුඩා ළමයෙකු ලෙස රචකයා උපමා කරේ, ඒ පිළිබඳ අපි ලිපිය ආරම්භයේදීත් කතා කලා.

ඒ නිසාම මේ තරුණයා තරුණියට පෙරකී සල්ලාල තරුණයා නිසා සිදුවූ අපරාධය හමුවේත් එය නොදැක්කා සේ ඇයට ප්‍රේම කරනවා.

මලට නොවේ දැණුනේ දුක කාගේ
පොඩි ළමයෝ මොටදෝ හැඬුවේ //


තරුණියට සල්ලාල තරුණයා පිළිබඳ මිසක්, සත්‍ය ලෙස ප්‍රේම කළ තරුණයා හදුනා ගැනීමට නොහැකි උනා. කෙසේ නමුත් සල්ලාල තරුණයෙකු හා සම්බන්ධතා පවත්වන තරුණියට ඉදිරියේදී සිදුවිය හැකි දේ පිළිබඳ අනික් තරුණයා දැන සිටියා.ඒ පිළිබඳ ඔහු කණගාටු වෙනවා.

- මයුරපාද මිතුරෝ -

ඒ මල නොදනී ඒ මල පරවී
සමනළයා කොතැනේ


තරුණියටත් වටහා ගන්නට බෑ සිදුවූ දේ මොකක්ද කියලා. ඒ මල අද පර වෙලා. සියල්ල අවසානයේ අපහසුතාවයට පත්වූයේ තරුණියයි. අපරාධය සිදුකළ සල්ලාලයා අද කොතැනක විය හැකිද?. ඇතැම් විට ඔහු සිදුකළ දෑ නිසා නීතියෙන් දඩුවම් විදිනවා විය හැකියි... නමුත් එයින් තරුණියගේ ජීවිතය වැරදුණු තැනට සාදාරනයක් විය හැකිද?......

ගායනය - එඩ්වඩ් ජයකොඩි
සංගීතය - සරත් ද අල්විස්
ගී පද - ප්‍රේමකීර්ති ද අල්විස්

එඩ්වඩ් ජයකොඩ් මහතා.

සරත් ද අල්විස් මහතා

ප්‍රේමකීර්ති ද අල්විස් මහතා.

ගීතය රසවිදින්න

මෙම අඩවියෙහි ඇති ගීත පිළිබඳ සියලු ලිපි කියවන්න 

*******
මයුරපාද මිතුරෝ මෙම  පළවන ලිපි පිලිබඳ තොරතුරු ප්‍රථමයෙන් සහ ඉක්මනින් ලබාගැනීමට අපගේ නිල facebook පිටුව සමග එකතුවන්න


මෙම ලිපිය සම්බන්ධ ඔබගේ අදහස් පහතින් comment කරන්න.
තවත් කෙනෙකුට දකින්න share කරන්න.

මයුරපාද මිතුරෝ සමග එක්වූ ඔබට ස්තූතියි!.

Sunday 15 October 2017

සිහිනයට තරම් තටු නෑ මට නම් ගීතය ලියවුණු රචිකාවියගේ ජීවන අත්දැකීම.



ආයුබෝවන්,

පසුගිය සති කිහිපය තුළ ගීත පිළිබඳ කතා කරන්නට අපිට අවස්ථාව ලැබුණේ නැහැ. ඒ හේතුවෙන්ම අද දවසේ තරුණ පරපුරේ ජනප්‍රිය ගීතයක් ගැන කතා කරන්නට තීරනය කරා.

මේ වෙනකොට මයුරපාද මිතුරෝ මෙම අඩවිය හරහා අපි ගීත තිහකට(30) වැඩි ප්‍රමාණයක් පිළිබඳ කතා බහ කරලා තියෙනවා. ඉතින් කලින් කතා කරපු ගීත පිළිබඳ ලිපි හරහා මම සදහන් කරා මගේ ප්‍රියතම ගීත රචිකාවිය " යමුනා මාලිනී පෙරේරා " මහත්මිය බව. ඔබ කරුනාරත්න දිවුල්ගනේ මහතාගේ රසිකයෙකු නම් ඔබ ඔහුගේ රසවිදින්න බොහෝ ගීත ලියවුණේ ඇයගේ අතින්.

යමුනා මාලිනී පෙරේරා මහත්මිය.

යමුනා මාලිනී මහත්මිය යනු දැනට අප අතර සිටින ප්‍රවීණතම ගීත රචිකාවියයි. ඇය ගීත මෙන්ම නවකතා  සහ කවි රචනයෙන් ජනප්‍රිය චරිතයකි.

යොවුන් පරපුරේ ගායන ශිල්පී 'කසුන් කල්හාර' සහ යමුනා මාලිනී මහත්මියගේ දියණිය 'ප්‍රතිභා ප්‍රභා' විසින් ගායනා කරන " සිහිනයට තරම් " ගීතයයි අද දවසේ සිංදු ගැන කතා කරන්නට තෝරා ගත්තේ.


- මයුරපාද මිතුරෝ -

ගීතය පිළිබඳ කතා කරන්නට වැඩි යමක් නැතත් ගීතය ලියවෙන්නේ යමුනා මාලිනී මහත්මියගේ ජීවිතයේ සොදුරු මතක සටහනකට අනුවයි.

යමුනා මාලිනී මහත්මියගේ සැමියා සේනක මහතා
යමුනා මහත්මිය සමඟ සම්බන්ධයට යෝජනා කර පසුව යමුනා මහත්මිය තමන්ගේ කැමැත්ත ප්‍රකාශ කළ අවස්ථාවේ සේනක මහතා යමුනා මහත්මියට " මට දැන් පුලුවන් ඔයාව අරන් අහසේ පියාබන්න " ලෙස පැවසුවාලු.

"සිහිනයට තරම් තටු නෑ මට නම්
පියබන්න අරන් නුඹ අහසේ..."

එදා ඒ සිදුවීම පිළිබඳ යමුනා මහත්මියගේ සිතෙහි තිබූ මතකයන් එක් කර තමයි ඇය දියනිය වෙනුවෙන් ලියූ මේ ගීතය රසවත් කරන්නේ. ගීතය පටිගත වෙන්නේ කොහුවල ප්‍රදේශයේදී.


- මයුරපාද මිතුරෝ -

යමුනා මාලිනී මහත්මියගේ රචනයෙන් කසුන් කල්හාර මහතාගේ සංගීතයෙන් සහ කසුන් කල්හාර , ප්‍රතිභා ප්‍රභා දෙපලගේ ගායනයෙන් ජීවය ලැබුණු  මේ ගීතය යමුනා මහත්මියගේ සියලු ගීත මෙන්ම රසික රසිකාවියන් ආදරයෙන් වැදගත් ගීතයක් බවට පත්වුණා.


"සිහිනයට තරම් තටු නෑ මට නම්
පියබන්න අරන් නුබ අහසේ
ආදරය තරමි සියුමැලි මනරම්
සිහිනයක් තියේවිද ලෝකේ

කදු හිස් මුදුන් කර
තරු ලකුනු වැටෙනා අතර
සිත නුබම සොයා
වලා බැම්මෙන් ඉගිල යයි
ලොව නිදනා අතර

සයුරක් වී වැතිර
නුබ සරලි නගනා අතර
කිරි සිනා ගඟත් මියුරු
ලොකෙන් අරං යයි
ඉන්නවාද ඇහැර

සිහිනයට තරම් තටු නෑ මට නම්...

කදුලක් ලගට දුර
තව දුරස් කලේ නුබය
වැහි ඇල්ලක් වගේ
සොදුරු සිහිලක් ගෙනා මට
ජීවිතයේ කතර

සෙනෙහස් සිහින මල්
හැම සැබෑ කෙරූ සසර
නුබ සදකි
රවන් කුමුදු යායක් 
පුබුදු කර මා හද කල සුවද

සිහිනයට තරම් තටු නෑ මට නම්..."


කසුන් කල්හාර මහතා 

ප්‍රතිභා ප්‍රභා මහත්මිය 

රචනය - යමුනා මාලිනී පෙරේරා මහත්මිය .
සංගීතය - කසුන් කල්හාර මහතා.
ගායනය - කසුන් කල්හාර මහතා සමගින් ප්‍රතිභා                        ප්‍රභා මහත්මිය.

මෙවන් ගී පිළිබඳ රසවත් තොරතුරු මෙම අඩවිය හරහා අපි ඉදිරියටත් ඔබට ලබා දෙන්නට සූදානම්. එය ඔබගේ රසාස්වාදයට මෙන්ම දැනුමටද රුකුලක් වේවි. ....

ගීතය රසවිදින්න.


*******
මයුරපාද මිතුරෝ මෙම අඩවියෙහි පළවන ලිපි පිලිබඳ තොරතුරු ප්‍රථමයෙන් සහ ඉක්මනින් ලබාගැනීමට අපගේ නිල facebook පිටුව සමග එකතුවන්න


මෙම ලිපිය සම්බන්ධ ඔබගේ අදහස් පහතින් comment කරන්න.
තවත් කෙනෙකුට දකින්න share කරන්න.

මයුරපාද මිතුරෝ සමග එක්වූ ඔබට ස්තූතියි!.

Friday 6 October 2017

මාවනැල්ල ශෝක වූ මයුරපාද ආදි සිසුන් දෙදෙනාගේ වියෝව.



අයියේ මයුරපාදේ අපේ පංතියේ හිටපු කොල්ලෙක් නැති වෙලා අද...