Music Player

Friday 6 October 2017

මාවනැල්ල ශෝක වූ මයුරපාද ආදි සිසුන් දෙදෙනාගේ වියෝව.



අයියේ මයුරපාදේ අපේ පංතියේ හිටපු කොල්ලෙක් නැති වෙලා අද...


මයුරපාද මිතුරෝ වෙත දින කිහිපයකට කලින් ආදි සිසුන් කිහිප දෙනෙකුම මෙවන් කෙටි පනිවිඩ එවමින් අප වෙත තොරතුරු ලබාදුන්නේ තමන්ගේ මිතුරාගේ වියෝව පිළිබඳ ශෝකය ප්‍රකාශ කරමින්.

ඔහු නමින් දුල්ෂාන් චාමල් විජේසිංහ (දුලා)  මාවනැල්ල මයුරපාද ජාතික පාසලේ 2015 A/L කංඩායමේ සාමාජිකයෙකි. ආදි සිසුවා ජීවිතයෙන් සමුගන්නේ 2017/10/03 දිනයි.  අප වෙත තොරතුරු ලැබුණු පරිදි ඒ හදිස්සි අනතුරකින්. දුලා යනු මිතුරු මිතුරියන් අතර ආදරණීය චරියයකි.

දුල්ෂාන් චාමල් (දුලා)

දුල්ෂාන් සොයුරාගේ අවසන් කටයුතු හෙට දිනයේදී එනම් ඔක්තෝබර් හත(07) දින සිදු කිරීමට තිබූ අතර, අද(06) උදෑසන සිට මයුරපාද මිතුරෝ වෙත කෙටි පනිවිඩ ගලා ආවේ තවත් කණගාටුදායක සිදුවීමක් පිළිබඳ තොරතුරු ලබා දෙමින්.

ඒ අවාසනාවන්ත ලෙස  ජීවිතයෙන් සමුදුන් මාවනැල්ල මයුරපාද ආදිශිෂ්‍ය ඉන්දික සෝමරත්න සොයුරාගේ වියෝව පිළිබඳ තොරතුරු ලබාදෙමින්. අප වෙත තොරතුරු ලැබුණු පරිදි ඒ විදුලි සැර වැදිමෙන්.

ඉන්දික සෝමරත්න සොයුරාට ශෝක පනිවිඩ

මාවනැල්ල නගරයේ තරුණයන් අතර ජනප්‍රිය චරිතයක් ලෙස ඉන්දික සොයුරා කාටත් දුටු තැන සිනහවකින් සංග්‍රහ කළ තරුණයෙකි. එමෙන්ම මිතුරන් අතර විහිලුකාර චරිතයකි.

සමාජ සේවා වැඩසටහන් වෙනුවෙන් විශාල දායකත්වයක් දැක්වූ ඔහු වසර කිහිපයකට පෙර මාවනැල්ල ආසනයේ යොවුන් පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙකු ලෙසද කටයුතු කර ඇත.

දුල්ෂාන් සහ ඉන්දික තරුණයින් දෙදෙනාම මියයන විට වයස 25 පසු නොවූ යොවුන් තරුණයින්වන අතර මාවනැල්ල මයුරපාද ජාතික පාසලේ කැපී පෙනෙන චරිත දෙකකි.

මයුරපාද ආදි සිසුන් මෙන්ම මාවනැල්ලේ බොහෝ පිරිසක් මොහුන් දෙදෙනාගේ වියෝව පිළිබඳ ශෝකය පලකර තිබූ අයුරු පහතින් බලන්න.

දුල්ෂාන්ගේ නිසල දේහය.
































ආදරණීය ආදි සිසුවනි අපි ඔබ දෙපළට නිවන් සුව පතමු..

*******
මයුරපාද මිතුරෝ මෙම අඩවියෙහි පළවන ලිපි පිලිබඳ තොරතුරු ප්‍රථමයෙන් සහ ඉක්මනින් ලබාගැනීමට අපගේ නිල facebook පිටුව සමග එකතුවන්න


මෙම ලිපිය සම්බන්ධ ඔබගේ අදහස් පහතින් comment කරන්න.
තවත් කෙනෙකුට දකින්න share කරන්න.

මයුරපාද මිතුරෝ සමග එක්වූ ඔබට ස්තූතියි!.

0 comments:

Post a Comment