Music Player

Wednesday 16 August 2017

බැංකු කාඩ් මගින් අන්තර්ජාල හරහා භාණ්ඩ මිලදී ගන්නේ මෙහෙමයි.



ආයුබෝවන්!.

ඔන්න එහෙනම් අන්තර්ජාල ගණුදෙනු ගැන කතා කරන්න අපි දෙවෙනි ලිපියත් අරගෙන ආවා. ඉතින් අපි කතා කරන්නේ බැංකු Debit කාඩ් හරහා ගණුදෙනු කරන විදිහ ගැන.

අන්තර්ජාල ගණුදෙනු ගැන කාතා කරන මේ අපේ දෙවන ලිපිය  පලවෙනි ලිපියෙන් අපි කතා කරා Debit කාඩ් එකේ මේ ගණුදෙනු සදහා අවශ්‍ය දේවල් ගැන. ඉතින් ඒ ලිපිය තාම බැලුවේ නැතිනම් අනිවාර්යයෙන් ඒ ලිපිය බලලා එන්න.


හරි, ගොඩක් ලොකු විස්තරයක් කරන්න නම් මම බලාපොරොත්තු වෙන්නේ නෑ. මොකද දැනටමත් facebook ගිණුමක් භාවිතා කරන ඔයාට මේ ebay ගිණුමක් ආරම්භ කරන එක එච්චර අමාරු දෙයන් නෙමෙයි.

සුපුරුදු පරිදි සහ මගේ පහසුවට මම ඔයාලට උදාහරණ දෙන්න පාවිච්චි කරන්නේ මගේ ජංගම දුරකථනය.

0.1 රූපය

ඔයා දැනටම ebay ගිණුමක හිමිකාරයෙක් නම් ඉතින් සුපුරුදු පරිදි sing in වෙන්න. තාම ebay ගිණුමක් නැතිනම් Register කියන තැනින් ebay ගිණුමක් හදුගන්න පුලුවන්.

0.2 රූපය

Email ලිපිනය සහ ඔයාගේ password එක ඇතුළත් කරන්න. ඒ වගේම අපි ඔය Mayurapada Mithuro කියලා දීලා තියෙන තැන තමයි ඔයාගේ නම ඇතුළත් කරන්න ඕන. ( හරි සරලයි ) ඒ වගේම ඔයාගේ දුරකථන අංකය. මේ දේවල් ඇතුළත් කරලා Register වෙන්න.

දැන් අපිට ebay ගිණුම්ක් තියෙනවා. දැන් අපි අපිට අවශ්‍ය බඩු මිලදී ගන්න හැටි බලමු.

0.3 රූපය

මම නම් ඉතින් තෝර ගත්තේ බෙල්ට් එකක්. ⁣මේ මිලදී ගැනීම්වලදී ඔයා සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක් තියෙනවා. ඔයාට පේනවා ඇති 0.3 රූපයේ මම තැන් තුනක් පාට තුනකින් කොටු කරලා තියෙනවා.

- මයුරපාද මිතුරෝ -

කළු පාටින් පෙන්නන තැන බලන්න. ඒ භාණ්ඩ මිලදී ගනිද්දී ඔයාට භාණ්ඩයේ මිලට අමතරව ගෙන්න ගන්නත් ගානක් ගෙවන්න වෙනවා. +$0.39 shipping කියලා තියෙන්නේ ඒ භාණ්ඩය ඔයා⁣ට ගෙන්න ගන්න භාණ්ඩයේ මිලට අමතරව ගෙවන්න වෙන මිල.

ඊලඟට 0.3 රූපයේ මැද තියෙන බෙල්ට් එකට නම් අපිට භාණ්ඩයේ මිල විතරයි ගෙවන්න ඕන මම නිල් පාටින් කොටු කරලා තියෙනවා, එතන තියෙන්නේ free shipping කියලා. ඉතින් මේ free shipping භාණ්ඩවලට ඔයාට අමතර මුදලක් වියදම් කරන්න ඕන නෑ භාණ්ඩය ගෙන්න ගන්න.

ඉතින් ඔයාට ⁣මේ free shipping කරන භාණ්ඩ විතරක් අවශ්‍ය නම් 0.3 රූපයේ රතු පාටින් පාට කරලා තියෙන Filter කියන එක තෝරන්න.

0.4 රූපය
ඉතින් මේ Filter කියන තැනින් අපිට පුලුවන් shipping තෝරලා එතනින් free shipping තියෙන බඩු විතරක් තෝරගන්න. ඒ වගේම ⁣මේ filter කියන තැනින් ඔයා කැමති විදිහට ගොඩක් දේවල් තොරගන්න පුලුවන්.

                          - මයුරපාද මිතුරෝ -

0.5 රූපය
0.5 රූපයෙන් පෙන්නන්නේ මම තෝරගත්ත බෙල්ට් එක. ඔයාට පේනවා ඇති මේක free shipping වලින් ගෙන්ක ගන්න පුලුවන්. දැන් ඔයා Buy It Now තෝරන්න.

0.6 රූපය
දැන් ඔයාගේ විස්තර ටික දෙන්න. රට ඉතින් ලංකාවනේ.... ඔයාගේ ලිපිනය, නගරය , ZIP Code කියන්නේ ඔයාගේ ප්‍රදේශයේ තැපැල් කාර්යාලයේ අංකය. (0.6 රූපයේ රතු පාටින් කොටු කරලා තියෙනවා. ) ඔයා මේ අංකය දන්නේ නැති නම් google හරහා ඔයාට මේ අංකය ලබාගන්න පුලුවන්.

0.7 රූපය

ඉතින් 0.6 රූපයේ මම රතු පාටින් කොටු කරලා තියෙන තැනට 71500 කියලා දුන්නේ ඒ මාවනැල්ල තැපැල් අංකය නිසයි. අපිත් එක්ක එකතු වෙන වැඩි පිරිසක් මාවනැල්ල අවට නිසා මම ඒ අයට පහසුවට මම මේ අංකය තොර ගත්තා.

                         - මයුරපාද මිතුරෝ -

ඔයා මාවනැල්ලේ නෙමෙයි නම් ඔයාගේ අදාල ප්‍රදේශයේ ⁣තැපැත් අංකය 0.7 රූපයේ වගේ ඔයාට google හරහා ලබාගන්න පුලුවන්.

දැන් ඔයා 0.6 රූපයේ පහලින් තියෙන continue බොත්තම ඔබන්න.

0.8 රූපය

අපි මුදල් ගෙවන්නේ අපේ Debit කාඩ් එකෙන් නිසා ඔයා debit කාඩ් කියන කොටස තෝරන්න.

0.9 රූපය

මේක තමයි ඉතින් ගෙ ගාඩක් අයට නොතේරෙන තැන. මෙතන තමයි අපි මුදල් ගෙවන debit කාඩ් විස්තර ඇතුළත් කරන්න ඕන තැන.

මුලින් තියෙන Card number කියන තැනක අපි පලවෙනි ලිපියෙන් කතා කරපු කාඩ් අංකය කියන එක ඇතුළත් කරන්න.

                         - මයුරපාද මිතුරෝ -

Expiration date කියන තැනට debit කාඩ් එක කල් ඉකුත්වීමේ දිනය දෙන්න. ( මේවා ගැන අපි පලවෙනි ලිපියෙන් කතා කරා )

Security cord කියන තැනට කාඩ් එක අනික් පැත්තේ තියෙන තියෙන රහස් අංක ඇතුළත් කරන්න.

ඊට පස්සේ ඔයාගේ නම... හරි දැන් වැඩේ හරි..... දැන් ඉතින් ඔයාට ebay හරහා මිලදී ගැනීම් කරන්න පුලුවන්.

තව දෙයක් මේ පිංතූර මේ තියෙන පිළිවෙලටම ebay ගිණුම ආරම්භ කරනකොට එන්නේ නැති වෙයි සමහර විට, මොකද මගේ ebay ගිණුම දැන් අවුරුදු 4-5ක් පරණයි. ඔයාලට පෙන්වන්න ඕන නිසා තමයි මේ පිංතූර ටික ගත්තේ. අනිත් එක මේ මගේ දුරකථනයෙන් කරපු විදිහ, computer එකේ පොඩ්ඩක් වෙනස් විදිහට එන්නේ, ඒක තේරුම් ගන්න පුලුවන් ඔයාට.

                          - මයුරපාද මිතුරෝ -

ඒ ගැන එච්චර හිතන්න එපා, ඔයාලා නොදන්න තැනක් තිබුනොත් ඒ , තැපැල් අංකයයි, Debit කාඩ් අංක ඇතුළත් කරන තැනයි විතරයි..

0.10 රූපය
0.10 රූපයේ පේන්නේ Aliexpress වෙඩ් අඩවියේ ලියාපදිංචි වෙලා භාණ්ඩ මිලදී ගන්න මුදල් ගෙවන්න debit කාඩ් විස්තර ඇතුළත් කරන තැන.. පේනවානේ වෙනසක් නෑ අර ටිකම තමයි.

Ebay හරහා මිලදී ගත්තු භාණ්ඩයක් ගෙදරට එන්න දවස් 30ක් විතර යනවා. Aliexpress හරහා නම් දන්න තරමින් දවස් 40ක් විතර යනවා.

                          - මයුරපාද මිතුරෝ -

ඔයා ebay හරහා ගෙන්නන්න භාණ්ඩය ආවේ නැතිනම්. එහෙමත් නැතිනම් කැඩිලා තිබුනොත් ඔයාට ඔයාේ මුදල් ආපසු ගන්න හැකියාවත් , එහෙම නැතිනම් ඒ භාණ්ඩය මුදල් රහිතව නැවත ගෙන්න ගන්න හැකියාවත් තියෙනවා.

ඉතින් මුලින් කීවා වගේ ගොඩක් විස්තර නම් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. මේ ලිපිය මෙතනින් අවසන් කරනවා. මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් comment කරන්න . එහෙමත් නැතිනම් අපේ facebook පිටුවට msg එකක් දාන්න.

*******
මයුරපාද මිතුරෝ මෙම අඩවියෙහි පළවන ලිපි පිලිබඳ තොරතුරු ප්‍රථමයෙන් සහ ඉක්මනින් ලබාගැනීමට අපගේ නිල facebook පිටුව සමග එකතුවන්න


මෙම ලිපිය සම්බන්ධ ඔබගේ අදහස් පහතින් comment කරන්න.
තවත් කෙනෙකුට දකින්න share කරන්න.

මයුරපාද මිතුරෝ සමග එක්වූ ඔබට ස්තූතියි!.

0 comments:

Post a Comment