Music Player

Wednesday 9 August 2017

අන්තර්ජාල හරහා භාණ්ඩ මිලදී ගන්නේ මෙහෙමයි.




ඔන්න කලින් ලිපිය පොරොන්දු වෙච්චි විදිහටම අද අපි කතා කරන්න හදන්නේ අන්තර්ජාල හරහා භාණ්ඩයක් මිලදී ගන්නේ කොහොමද කියලා.


භාණ්ඩ මිලදී ගන්න පුලුවන් වෙබ් අඩවි ගැන කතා කරනකොට අපි කවුරුත් දන්න වෙබ් අඩවිය තමයි ebay කියන්නේ. ඒ වගේම amazon , Aliexpress කියන්නෙත් අන්තර්ජාල හරහා භාණ්ඩ මිලදී ගන්න පුලුවන් වෙබ් අඩවි.

amazon වෙබ් අඩවියෙන් නම් මම දන්න තරමින් භාණ්ඩයක් ලංකාවට ගෙන්න ගන්න ටිකක් අමාරුයි. amazon වෙබ් අඩවියෙන් භාණ්ඩ ගෙන්න ගන්න ඕන නම් අපිට ලංකාවේ kapruka.com වෙබ් අඩවියෙන් සහය ලබාගන්න පුලුවන්


අන්තර්ජාල හරහා භාණ්ඩ මිලදී ගන්න පුලුවන් ලංකාවේ වෙබ් අඩවිත් ගොඩක් තියෙනවා. ඒ ලංකාවේ වෙබ් අඩවි හරහා නම් ඔයාලට mobitel m cash සහ dialog ez cash වගේ සේවා භාවිතා කරලා මුදල් ගෙවන්න හැකියාවක් තියෙනවා වගේම භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවීමේ හැකියාවත් තියෙනවා.

                           - මයුරපාද මිතුරෝ -

ඕනම දෙයක් මිලදී ගන්න නම් අපිට මුදල් තියෙන්න ඕන. ඉතින් මේ අන්තර්ජාල ගනුදෙනු සදහා ඔයාට Visa Debit කාඩ් එකක් Visa Credit කාඩ් වගේ දෙයක් භාවිතා කරන්න පුලුවන් ( තව ක්‍රම තියෙනවා ). ලංකාවේ නම් අපිට Commercial
 (කොමල්ෂල්) බැංකුව , HNB බැංකුව , සහ සම්පත් බැංකුව මේ බැංකු තුනෙන් විතරයි මේ කාඩ් මගින් කරන අන්තර්ජාල ගණුදෙනු අපිට කරන්න පුලුවන්.

සම්පත් බැංකුව නම් ඔයාට "සම්පත් වෙබ් කාඩ්" එකක් ඕන කරනවා මේ අන්තර්ජාල ගණුදෙනුවලට.

පෞද්ගලිකව මම නම් මේ අතරින් පාවිච්චි කරන්නේ HNB බැංකුවේ Visa Debit කාඩ් එක. ඉතින් මම ඒක අමුතුවෙන් මේ අන්තර්ජාල ගණුදෙනු වෙනුවෙන් හදපු එකක් නෙමෙයි. මම පොඩි කාලේ මගේ දෙමව්පියෝ මට හදපු බැංකු ගිණුම, මට වයස 18 උනාට පස්සේ මගේ පහසුව වෙනුවෙන් මම හදාගත්තු Debit කාඩ් එක තමයි ඒක.

                           - මයුරපාද මිතුරෝ -

මේ Commercial සහ HNB බැංකු Debit කාඩ් නම් හරිම පහසුවෙන් බැංකු ගිණුමත් සමඟ ලබාගන්න ඔයාට පුලුවන් (අන්තර්ජාල ගණුදෙනු කරන්න පුලුවන් කාඩ් එකක් කියන්න), ඒ වගේම සම්පත් බැංකුවේ වෙබ් කාඩ් එකත් ඔයාලට ගිණුමක් ආරම්භ කරලා ඉල්ලුම්පත් කිහිපයක් සම්පූර්ණ කරපුවාම ලබාගන්න පුලුවන්.

ඉතින් කලින් කීවා වගේ මම දැනට පාවිච්චි කරන්නේ මගේ HNB Visa Debit කාඩ් එක ඒ නිසා මම පැහැදිලි කරන්නම් මේ HNB Debit කාඩ් එකෙන් ගණුදෙනු කරන විදිහ.


HNB බැංකු කාඩ් එක තියෙන්නේ මේ විදිහට. දැන් මේ කාඩ් එකෙන් ගණුදෙනු කරන්න ඔයාලට දේවල් 3ක් ඕන කරනවා.

                           - මයුරපාද මිතුරෝ -

පළවෙනි එක තමයි ඔය අංක 16ක් තියෙන කාඩ් අංකය. දෙවනි එක තමයි කාඩ් එක කල් ඉකුත් වීමේ දිනය.

කාඩ් එකේ මේ පැත්තෙන් අපිට ඕන කරන්නේ මේ දෙක විතරයි. දැන් කාඩ් එකේ අනික් පැත්ත බලන්න.


මේ අනික් පැත්ත. මේ රූපයේ ඔය රතු පාටින් රවුම් කරලා තියෙන තැන ඇති අංක තුනක්. ඉතින් අපිට ඕන කරන අන්තිම දේ තමයි ඒ අංක තුන.

ඉතින් මේ අංක තුනන් තමයි අපි Visa Debit කාඩ් හරහා අන්තර්ජාල මගින් භාණ්ඩයක් මිලදී ගන්නේ.

                           - මයුරපාද මිතුරෝ -

මේ අංක ඔයාලා ලඟ තියෙන ඕනම බැංකු කාඩ් එක්ක ඇති. නමුත් ඒ හැම කාඩ් එකෙන්ම ඔයාලට අන්තර්ජාල හරහා භාණ්ඩ මිලදී ගන්න හැකියාවක් නම් නෑ, මම දන්න තරමින් මම කලින් සදහන් කරපු බැංකු තුන මගින් විතරයි ලංකාවේ මේ පහසුකම අපිට ලැබෙන්නේ.

ඉතින් මේ කාඩ් එක පාවිච්චි කරලා භාණ්ඩ මිලදී ගන්නේ කොහොමද?. අපි ඒ ගැන ඊලඟ ලිපියෙන් කතා කරමු. මේ ලිපිය ගැන ඔයාට මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් ඒ ගැන පහතින් comment කරන්න. නැතිනම් මයුරපාද මිතුරෝ අපේ facebook page එකට msg එකක් දාන්න.

*******
මයුරපාද මිතුරෝ මෙම අඩවියෙහි පළවන ලිපි පිලිබඳ තොරතුරු ප්‍රථමයෙන් සහ ඉක්මනින් ලබාගැනීමට අපගේ නිල facebook පිටුව සමග එකතුවන්න


මෙම ලිපිය සම්බන්ධ ඔබගේ අදහස් පහතින් comment කරන්න.
තවත් කෙනෙකුට දකින්න share කරන්න.

මයුරපාද මිතුරෝ සමග එක්වූ ඔබට ස්තූතියි!.

0 comments:

Post a Comment