Music Player

This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

Tuesday 30 May 2017

මාවනැල්ල සහන යාත්‍රා වැඩසටහනේ මෙන්න සියළු තොරතුරු



ස්වභාවික විපත්වලින් විපතට පත් ජනතාව වෙනුවෙන් සහය ලබාදීමට මේවන විට මාවනැල්ල ආවරණය කරන සියලුම facebook පිටු සහ තවත් facebook පිටුව  කිහිපයක් එකට එක්ව තිබෙනවා. ඒ සමාජ ජාලා හරහා මාවනැල්ල ජනතාව දැනුවත් කරමින් අවතැන් පිරිස් වෙනුවෙන් ආදාර එකතු කිරීම සදහායි.





මයුරපාද මිතුරෝ / Mawanella / කුනුකටුවා / සරදියල් / සත්කාර / කැම්පස් කොල්ලෝ / බෝසත් පවුර / ගිඟුල සණස
, මෙම පිටු සහ තවත් විසිපහකට(25) ආසන්න  අඩවි හරහා පිරිස් දැනුවත් කරමින් ආධාර එකතු කරන මෙම වැඩසටහනට සහයක් වෙමින්,

* රේන්කෝ ආයතනය - බෙලිගම්මන.
* රුවන් ඉලෙක්ට්‍රොනික් - හසන් ගොඩනැගිල්ල.
* සණස බැංකුව - ගිඟුල.
* දුම්බර කැබ් - මාවනැල්ල .





මෙම ආයතන මේවන විට ආදාර එකතු කිරීමේ මධ්‍යස්ථාන ලෙස ලබාදීමට එකතුවී සිටිනවා.

තවද සෙන්සුමා ෆැෂන් ආයතනයේ සහයෝගයෙන් හෙට දින(31) ආදාර එකතු කිරීමේ කුටියක් පැවැත්වීමට බොහෝවිට හැකියාව ලැබී ඇත.

පානීය ජලය / සෝයාමීට් / කිරි පිටි / තේ කොළ / බිස්කට්

ගිනි පෙට්ටි / ඉටි පන්දම් / මදුරු කොයිල් / සබන් / දත් බෙහෙත් සහ බුරුසු / සනීපාරක්ෂක ද්‍රව්‍ය / කුඩා දරුවන්ට අවශ්‍ය ආහාර / බෙහෙත් වර්ග.

ඉහත සදහන් හෝ ලබාදීමට සුදුසු ඕනෑම දෙයක් ආදාර ලෙස ඔබට ලබාදිය හැකි අතර එම ආධාර ජූනි 4(ඉරිදා) දින රත්නපුර ප්‍රදේශයේ අවතැන් පිරිස් වෙනුවෙන් ලබාදීමට මේවන විට තීරනය කර ඇත.

වැඩසටහන වෙනුවෙන් හැකි අයුරකින් ආධාර උපකාර කරන ලෙස ⁣ඔබගෙන් ඉල්ලා සිටින අතර , වැඩසටහනට ඔබට හැකි අයුරකින් දායක වන්න.

තොරතුරු දැනගන්න කතා කරන්න
කැළුම් - 0714860606
බුද්ධික - 0717989113


Friday 26 May 2017

ඇන්ටන් ජොන්ස් මහතා ගායනා කරන ආසයි බයයි ගීතය ලියවුණු සත්‍ය සිදුවීම.



" මහත්තයාගේ සහායට බෝට්‌ටුවේ ගියපු තුන්දෙනාගෙන් දෙන්නෙකුත් දියේ ගිලිලා මැරුණා. මමත් දරුවෙක්‌ ලැබෙන්න ඔන්න මෙන්න තිබුණත් ඒ මළසිරුරු බලන්න මෘත ශරීරාගාරයට පවා ගියා. අපටත් දරුවෝ ඉන්න නිසා ඒ මළ සිරුරු දැක්‌කම වාවන්න බැරි තරමට දුකයි. මළ සිරුරු 35 ක්‌ නම් ගම් සහිතව තිබුණා. 34 ක අයිතිකාරයෝ හිටියා. අයිතිකරුවෙක්‌ නැති සිරුරුත් එක්‌ක ඔක්‌කොම මළ සිරුරු 36 ක්‌ තිබුණා. මියගිය ඔක්‌කොම අය අවුරුදු පහළව දාසය වගේ වයස 18 ට පහළ පිරිමි අයයි ".


මේ එක්තරා පුවත් පතකට හැන්නදිගේ සෝමසිරි මහතාගේ බිරිඳ සෝමාවතී මහත්මිය දැක්වූ අදහස්.

සෝමසිරි යනු 1977 වසරේ වෙසක් පොහොය දින එනම් මැයි මස 3වන දින "ආසයි බයයි" බෝට්ටුව අනතුරට ලක්වූ අවස්ථාවේ එම යාත්‍රාව පැදවූ පුද්ගලයාය.

සෝමසිරි මහතා

ඇන්ටන් ජොන්ස් මහතා ගායනා කරන වේග රිද්මයේ ගීත අතර ජනප්‍රිය මේ ගීතය ඔබ හොදින් අසා ඇති බව නම් නිසැකයි.

සයුරු බලා බඳ ළෙලවා
ඉවුරුතලා ගලා ගියා
මාතර ගං කොමළි නිල්වලා...
එතෙර සිටිය අය කැඳවා
මරු තුරුළට අරන් ගියා
මුළු සිරිලක දුකෙහි ගිල්වලා...
''...ආසයි... බයයි...
ඒ බෝට්‌ටුවේ නමයි...''
යළිනොම එන්නට ගිය ගමනයි.
දිය රකුසයි - ගඟ මැද මරුවයි
ජීවිත ගණනක්‌ බිළිගත්තයි

වසර 40කට පෙර සිදුවූ මෙම ගීතය ලියවුණු සත්‍ය සිදුවීම ගැන මෙම ලිපියෙන් කතා කතා කරන්න අප බලාපොරොත්තු වෙනවා.

එදා වෙසක් පොහොය දවස නිසා බොහෝ පිරිසක් වෙසක් සිරි නරඹන්න මාතර නගරයට එකතු උනා.  නිල්වලා ගඟේ බෝට්ටු සවාරියක් යන්නත් බොහෝ පිරිසක් උත්සාහ කලේ පුංචි විනෝදාස්වාදයක් ලබාගන්නයි.



මාතර ප්‍රධාන බස්‌නැවතුම්පළ පෙනෙන මානයේ මාතර නිල්වලා ගඟ තරණය පිණිස ඇති මහානාම මහ පාලම අසලින් බෝට්‌ටු වලට නංවා ගන්නා පිරිස් ගඟදිය ඔස්‌සේ නිල්වලා ගඟ මුහුදට වැටෙනා තොටමුණ දෙසටත් එතැනින් ආපසු හරවා නැවත මහානාම පාලම යටින් ගොස්‌ පීක්‌වැල්ල විහාරස්‌ථානය දෙසටත් කිලෝමීටර දෙකක පමණ දුරක්‌ සංචාරය කිරීම මේ බෝට්ටු චාරිකාව විය. මෙම චාරිකාව සදහා එකල අයකළ මුදල සත විසි පහකි.

ආසයි බයයි කියන්නේ එම්. ජී. 10 වර්ගයේ අඩි 32 එක්‌දින ධීවර යාත්‍රාවක්‌. බෝට්‌ටුවේ නිල්පාට, රතු පාට, සුදු පාට ආලේප කර තිබූ අතර නිල් පාට තීරුවේ සුදු පාටින් "ආසයි බයයි" ලෙස සදහන් කර තිබුනා .

😎මයුරපාද මිතුරෝ😎 

එදින දෙවරක් චාරිකා කළ "ආසයි බයයි" යාත්‍රාව 3වන චාරිකාව සදහා සූදානම් උනා. චාරිකාව සදහා එක්වූ වැඩි පිරිසක් තරුණයන්වන අතර අදාල ප්‍රමාණයට වඩා වැඩි පිරිසක් බලෙන්න බෝට්ටුවට ගොඩවෙනකොට ප්‍රශ්පරාණී සහ ඇයත් සමග තවත් එක් අයෙකුද මේ චාරිකාවට එකතුවුණා.

" මේ වෙනකොට වෙලාව හවස පහමාරට විතර ඇති. බෝට්‌ටුව ගඟ උඩහට ගෙනිහින් පීක්‌වැල්ල පන්සල හරියෙන් මම ආපහු බෝට්‌ටුව හැරෙව්වා. බෝට්‌ටුව ආපහු හරවන හරියේ පන්සල පැත්තේ ගං ඉවුරේ ලොකු කෝන් ගහක්‌ තිබුණා. ඒ කෝන්ගහේ බරට ගෙඩි හැදිලා කෝන් ගෙඩි පිරුණු කෝන් වලු බරට බරේ පහලට එල්ලෙමිනුයි තිබුණේ.

දැන් බෝට්‌ටුව හැරවෙන්නේ ඒ කෝන් ගහ යටිනුයි. ඒ වෙලාවේ බෝට්‌ටුවේ ගියපු කට්‌ටියම එකසැරේ තරෙඟට වගේ අර කෝන්ගෙඩි කඩන්න බෝට්‌ටුවේ එක පැත්තකට රොක්‌ වුණා. එක පැත්තට කුට්‌ටි ගැහෙන්න එපා බෝට්‌ටුව පෙරළේය කියලා මම විලාප ගැහුවා. කොහේද?... කියලා කට ගන්න ලැබුණෙ නෑ එතකොටම ඇලවෙච්ච පැත්තෙන් බෝට්‌ටුවට වතුර දැම්මා. 





මට දෙවියන් සිහිවුණා. එසැනින් බෝට්‌ටුව තව තවත් ඒ පැත්තටම ඇලවුණා. කට්‌ටිය මරහ`ඩ තලනවා ඇහුණා. පෙරලෙන බෝට්‌ටුවේ කවුදෝ මට කීවා අය්යේ මාව බේරගන්න කියලා. එසැනින් මම කෝන්ගහේ අත්තක එල්ලිලා ඒ කෑගහපු දිහාවට අත දික්‌ කරනකොටම කෝන් අත්තත් කඩාගෙන මම ගඟට වැටුනා. මට මතක එච්චරයි....

මට සිහිය එනකොට නාහෙන් කටින් බට හයිකරලා මාතර මහ ඉස්‌පිරිතාලෙ ඇඳක මම දිගා කරලා තිබුණා...''


මේ යාත්‍රාව පැදවූ සෝමසිරි මහතා එදින අත්දැකීම විස්තර කළ ආකාරයයි.

⁣මෙම සිදුවීම නිසා එවකට සිරිමාවෝ බණ්‌ඩාරණායක අගමැතිනියගේ රජය පසු දිනය ශෝක දිනයක් ලෙස නම් කරා.

35ක් පමණ ජීවිත බිලිගත් මෙම සිදුවීමෙන් මියගිය බොහෝ දෙනා වයස අවුරුදු 16 - 20ත් අතර විය.

                         😎මයුරපාද මිතුරෝ😎 

අනතුර නිසා සෝමසිරි මහතාට දින 14 ක්‌ පොලිස්‌ අත්අඩංගුවේ ද පසුව බන්ධනාගාරගත කළා. ඊට දින ගණනාවකට පස්‌සේ ශරීර ඇප මත නිදහස ලැබුවා.



1977 මැයි 30 දින පැවති නඩු විභාගයෙන් ධීවර යාත්‍රාවක අනවසරයෙන් මගීන් ප්‍රවාහනය කිරීමේ වරදට වසර දෙකක් බරපතළ වැඩ සහිතව දඩුවම් නියමවන අතර පසුව එය ලිහිල් කර ඇත.

ගිලුණු "ආසයි බයයි" යාත්‍රාව පසු කාලයක ගොඩ ගෙන නැවත ප්‍රතිසංස්කරණ කර " යළි ඉපදේ " ලෙස නම් කර දෙවුන්දර කේ. ඩී. පියසේන යන අයට භාර කරනවා.

*********

මෙම සිදුවීම සම්බන්ධයෙන් ඇන්ටන් ජොන්ස් මහතා ගායනා කරන ගීතය ⁣පහලින් නරඹන්න.
    

********

තවත් මෙවන් ගීත ගැන රසවත් තොරතුරු දැනගන්න මයුරපාද මිතුරෝ අප⁣ගේ facebook පිටුවට එකතුවන්න.


Sunday 21 May 2017

නිර්මාංශ ප්‍රශ්න - පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් රචිත පොත නොමිලේ



පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් රචනාකළ ඉතා වැදගත් සහ වටිනා පොතක් ලෙස නිර්මාංශ ප්‍රශ්න නම් පොත හැදින්විය හැක.

ඉතා සරළව සහ ඕනෑම අයෙකුට කියවික හැකි ලෙස රචනා කර ඇති මෙය, කිසිදු අපහසුවකින් තොරව ඉතා පහසුවෙන් ඔබට කරුණු කාරනා තේරුම් ගතහැකිය.

පොත නොමිලේ ලබාගැනීමට පිවිසෙන්න


මයුරපාද මිතුරෝ මෙම අඩවියේ යාවත්කාලීන තොරතුරු ප්‍රථමයෙන් දැනගන්න එකතුවන්න අපගේ facebook පිටුව සමගින් 


ඔබගේ අදහස් comment කරන්න.
තවත් කෙනෙකුට දකින්න share කරන්න.

මයුරපාද මිතුරෝ සමග එක්වූ ඔබට ස්තූතියි!

Friday 19 May 2017

මාවනැල්ල - බෙලිගම්මන පොත්ගුල් විහාරස්ථානයේ ඉතිහාසය.



ආයුබෝවන් !.

මයුරපාද මිතුරෝ  කංඩායමේ අපි ඔබව සාදරයෙන් පිලිගන්නවා...

අදත් මාවනැල්ල අවට ඔබට වැදගත් ලිපියක් තමයි අරගෙන එන්නේ. ඉතින්, මාවනැල්ල බෙලිගම්මන පොතුවිල් විහාරස්ථානය පිළිබඳ අප මෙම ලිපියෙන් අද කතා කරන්නට බලාපොරොත්තු වෙනවා...

-------------------------

මාවනැල්ල නගරයේ සිට මීටර් 400 - 450ත් අතර දුර ප්‍රමාණයකින් නුවර දෙසට වන්නට පිහිටා ඇති මෙම විහාරස්ථානය කොළඹ නුවර ප්‍රධාන මාර්ගය අසල වම් පසින් පිහිටා ඇති අතර, මාවනැල්ල සහ අවට බෞද්ධ ජනයා පූජනීය සහ බැති සිතින් වන්දනාමාන කරන විහාරස්ථානයකි.



අනගාරික ධර්මපාල මහතාගේ බෞද්ධ පුනර්ජීවන කටයුතු හේතුවෙන් පිබිදුණු මාවනැල්ල අවට ජනතාවට විහාරස්ථානයක අඩුව හොදින් දැනෙන්නට විය. ඒ හේතුවෙන් නිර්මාණයවන මේ විහාරස්ථානය ඉදිකිරීමේදී යම් ප්‍රමාණයක ඉංග්‍රීසි බලපෑමක් ද එල්ලවී ඇත.

😎මයුරපාද මිතුරෝ😎

විශාල දෙමහල් පොත්ගුල විහාරස්ථානයේ ඇති නිසා මෙම විහාරස්ථානයට පොත්ගුල් විහාරස්ථානය ලෙස නම් ලැබී ඇති බව සදහන්.

බෙලිගම්මන වලව්වේ විසූ W.කිරිබංඩා මහතාගේ භූමි පරිත්‍යාගයෙන් ඉදිවන බෙලිගම්මන පොතුවිල් විහාරස්ථානය ආරම්භය 19වන ශතවර්ෂයේ 1820 වසරේ සිදුවී ඇත.



විහාරස්ථානය ඉදිකිරීම සදහා මූලික ධනය Y.K.B සෙනවිරත්න නොතාරිස් නිළමේ තුමාත්, W කිරිබංඩා මහතාගේත් දායකත්වය තුළ මෙම විහාරස්ථානයේ ගොඩනැගිලි හා විහාරස්ථානයේ මූලික කටයුතු සිදුවී ඇත. මෙම දෙපළ එවකට සතර කෝරළයේ දානපතියන් දෙදෙනෙකු ලෙස සදහන්ය.

😎මයුරපාද මිතුරෝ😎

මෙතුමන් දෙදෙනාගේ මූලික ධන පරිත්‍යාග සිදුවන අතර තවත් දානපතියන් බොහෝ දෙනෙකු විහාරස්ථානය නිර්මාණයට දායක වී ඇත.

*********
ඔබේ අදහස් comment කරන්න.
තවත් කෙනෙකුට දකින්න share කරන්න

තවත් තොරතුරු සහ චායාරූප සදහා මයුරපාද මිතුරෝ facebook පිටුව සමග එකතුවන්න.

Monday 15 May 2017

කෑගල්ල - නම හැදුනේ මෙහෙමයි. තොරතුරු දැනගන්න ලිපිය කියවන්න.



ක්‍රි.පු 89 කාලයේ ලක්දිව ආක්‍රමණයකල ද්‍රවිඩ සතුරන් පරාජය කරන්න වළගම්බා රජතුමා සේනා සංවිධානය කරා.

දවසක්, සේනා සංවිධානය කරන්න රට පුරා යන වලගම්බා රජතුමා දඹුල්ලේ සිට දනකිරිගල ඇකිරියගල හරහා සල්ගලට යන අතරතුර ගල්තලාවක නැවත්ලා දිවා ආහාරය ගෙන පසුව බුලත් විටකින් සප්පායම් වුණා.

නැවතත් ගමන පිටත් ⁣වී ටික දුරක් යනවිට නැවතත් බුලත් විටක් කෑමට උවමනා වූ රජතුමා තමන්ගේ රත්තරං ගිරය හොයන වුණා, තමන් ගිරය දිවා ආහාරය ගත් ගල්තලාව මත ගිරය අමතක වූ බව වැටහුණු රජතුමා තමන්ගේ නියෝජිතයන්ට "කෑ ගල" මත ගිරය අමතක වූ බවත් එය රැගෙන එන ලෙසත් පවසනවා.


😎මයුරපාද මිතුරෝ😎

"එදා රජතුමා කියූ "කෑ ගල" පසු කාලයේ කෑගල්ල උනාලු.

ඔය කියන "කෑගල" තියෙන්නේ කෑගල්ල වළගම්බා විද්‍යාලය ඉදිරියෙන්  ඒ වගේම ඒ ගල උඩ තියෙන පල්ලියට කියන්නෙ 'ගල් පල්ලිය' කියලයි. ඔය 'කෑගල්ලෙ වළගම්බා විද්‍යාලය' ඉස්සරහ තියෙන එහෙමත් නැති නම් 'ගල් පල්ලිය' ලග තියෙන ගලේ තමයි වළගම්බා රජ්ජුරුවො නැවතිලා බුලත් විටක් එහෙම කාල ගිහින් තියෙන්නෙ.

වත්මන් කෑගල්ල දිස්ත්‍රික්කය අතීතයේ රුහුණු, මායා, පිහිටි කියන ත්‍රිසිංහලයේ මායා රටට අයත් ප්‍රදේශයක් ලෙස සඳහන් වෙනවා.

*********

ඔබේ අදහස් comment කරන්න.
තවත් කෙනෙකුට දකින්න share කරන්න

තවත් තොරතුරු සහ චායාරූප සදහා මයුරපාද මිතුරෝ facebook පිටුව සමග එකතුවන්න.


 මයුරපාද මිතුරෝ සමග එක්වූ ඔබට ස්තූතියි !.

Friday 12 May 2017

මයුරපාද ආදි සිසුන් නිර්මාණයකළ ලංකාවේ ප්‍රථම කැරකෙන තොරණ.



10,11,12,13, යන දිනයන්හි කෑගල්ල නගරයේ  ප්‍රදර්ශනය කරන ගුත්තිල ජාතික කතා වස්තුව ඇතුළත් ලංකාවේ ප්‍රථම වරට ඉදිරිපත් කරන කැරකෙන තොරණ මාවනැල්ල මයුරපාදයේ ආදි සිසුවෙකුවන තනුෂ්ක බංඩාර නිර්මාණය කර තිබෙනවා.


තනුෂ්ක බංඩාර 

නිර්මාණ කංඩායමේ දෙවන නිර්මාණයවන මෙම ⁣තොරණේ බොහෝ නිර්මාණ සදහා මාවනැල්ල මයුරපාදයේ ආදි සිසුන් සහයෝගය ලබා දී ඇති අතර චිත්‍ර නිර්මාණයද මයුරපාද ආදි සිසුන් සම්බන්ධ වී අැත.



මෙම තොරණ උස අපි 36කි.

දර්ශන පහතින් නරඹන්න.



*********

ඔබේ අදහස් comment කරන්න.
තවත් කෙනෙකුට දකින්න share කරන්න

තවත් තොරතුරු සහ චායාරූප සදහා මයුරපාද මිතුරෝ facebook පිටුව සමග එකතුවන්න.


 මයුරපාද මිතුරෝ සමග එක්වූ ඔබට ස්තූතියි !.


Thursday 11 May 2017

සතුරාට යටත් නොවූ මිග් 27 යානය. මිග් 27 යානයේ වැදගත් තොරතුරු.



වර්ගය - ප්‍රහාරක ගුවන් යානයක්.
නිශ්පාදකයා - මයිකෝයාන්-ගෘවිචි.
පළමු ගුවන් ගත විම - 1972.
පළමු වරට හදුන්වා‍දිම - 1975.


මයිකෝයාන්-ගෘවිචි සමාගම සැලසුමි කොට නිෂ්පාදනය කරන ලද මයිකෝයාන් මිග්-27 ගුවන්යානයට ගුවනේ සිට ගොඩබ්ම ඉලක්ක වෙත ප්‍රහාර එල්ලකිරිමේ හැකියාව පවති.

                         😎මයුරපාද මිතුරෝ 😎

මුලික වශයෙන් මිග්-27යානය සඳහා මිග්-23 යානයේම බාහිර සැකැස්ම යොදාගෙන ඇති අතර, එය සතුරු ඉලක්ක හදුනා ගැනිමට හා විනාශ කිරිමට යොදා ගන්නා ප්‍රහාරක පද්ධතිය නවිනතම සංවේදන යොදාතනා ඇති අතර නියමු කුටියේ අමතර ආරක්ෂක ආවරනයක් යොදා තිබිමද විශේෂත්වයකී.

මිග් 23 යානය

ප්‍රධාන වශයෙන් මිග්-27 යානා ඉතා පහලින් පියාසර කර සතුරු ඉලක්ක විනාශ කිරිමට බොහෝ විට යොදා ගන්නා නිසා, මිග්-23 යානයේ තිබු එන්ජිමට සම්බන්ධ යම් කොටස් කිහිපයක් ඉවත් කර යානය සැහැල්ලුව හා නඩතුව පහසුවන ලෙස නිර්මාණය කර තිබේ.

විශාල,සවිමත්රෝද පද්ධතිය නිසා රළු ගුවන් පථයක වුවද ගොඩබැස්සවිමේ හැකියාව ලැබි ඇත.

මිග් 27 යාන⁣ය

2000 වසරේ සිට ශ්‍රී ලංකා‍වේ ගුවන් හමුදාවේ සේවයට යොදා ගෙන ඇති මෙම යානය “චාවකච්චේරියේ” පිහිටා තිබු “එල්.ටී.ටී.ඊ.”ඉලක්ක වෙත ගුවන් යානා තුනක් යොදා ගෙන ප්‍රහාර එල්ල කිරිම ශ්‍රී ලංකාවේ ගුවන් හමුදාව සංග්‍රාමික වශයෙන් මිග් යානා යොදාගත් ප්‍රථම අවස්ථාවවේ.

😎මයුරපාද මිතුරෝ 😎

එතැන් පටන් අද දක්වා යුධමය වශයෙන් වැදගත් ස්ථාන බෝම්බ හෙලා විනාශ කිරිමට හා පාබල හමුදාවන්ට අවශය ගුවන් සහාය ලබා දිමට ශ්‍රී ලංකාවේ ගුවන් හමුදාව මිග්-27 යානා යොදා ගනි.

ශ්‍රී  ලංකාවේ ගුවන් හමුදාවට අයත් මිග්යානා වලට කිසිදු සතුරු ප්‍රහාරයක් එල්ලවි නැති අතර යානා දෙකක් යාන්ත්‍රික දෝෂ හේතුවෙන් කඩා වැටි ඇති අතර එක් යානයක් 2001 වසරේ කටුනායක ගුවන් හමුදා කදවුරට එල්ලවු ත්‍රස්තවාදි ප්‍රහාරය හේතු වෙන් විනාශයට පත් වි ඇත. මිග් යානා සතු අභියෝග කල නොහැකි ප්‍රහාරක ශක්තිය ඉන් මානාව පිළිබිඹු වේ.



මෙම යානා ශ්‍රී ලංකාවට අමතරව, 1971 සිට 1993 අතර කාලයේ ඇෆ්ගනිස්ථානු ගුවන් හමුදාව විසින් මිග් යානා 30 කට ආසන්න සංඛ්‍යාවක් භාවිතා කර තිබේ. නමුත් වර්ථමානයේ භාවිතා වන මිග් යානා සංඛ්යාරව පිලිඹද ව වාර්ථා නොවේ. තවද ඉන්දියානු ගුවන් හමුදාව , කසකස්ථාන ගුවන් හමුදාව රුසියානු සහ සිරියානු ගුවන් හමුදා මෙම යානා භාවිතා කරයි.

සාමාන්‍යයෙන් මෙම යානය කාර්යමණ්ඩල එක් සාමාජිකයෙක් සහ දිග අඩි 56ක් පමණ වේ. ගුවන් තටුවක දිග අඩි අඩි 45ක් පමණද , උස මීටර් 5ක් වේ.

මිග් 27 යානයට සම්බන්ධ දර්ශන පහතින් බලන්න.
__________________________________________________

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මිග් 27 යානයක් අනතුරකට ලක්වීම.


මිග් 27 යානයක් අනතුරකට ලක්වීම


මිග් 27 මගින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතුරාට  සිදුකල ප්‍රහාරයක්



*********

ඔබේ අදහස් comment කරන්න.
තවත් කෙනෙකුට දකින්න share කරන්න

තවත් තොරතුරු සහ චායාරූප සදහා මයුරපාද මිතුරෝ facebook පිටුව සමග එකතුවන්න.


 මයුරපාද මිතුරෝ සමග එක්වූ ඔබට ස්තූතියි !.

Tuesday 9 May 2017

මාවනැල්ලට කලින් ටවුන් එක තිබුනේ උතුවන්කන්දේ.. මෙන්න විස්තරේ .



අපි මීට කලින් කතා කරපු මාවනැල්ල පාලම ගැන ලිපිය අඩවියේ වැඩ්ම පරිසකගේ අවධානය දිනාගත්තු ලිපියක් වුණා. ඒ නිසාම අපි තීරනය කරා මාවනැල්ල අවට වැදගත් තොරතුරු ගැන කතා කරන්න.

ඉතින් ඒ තීරනයට අනුව පළකරපු මංගලගම අම්බලම සහ එම ගම්මානයේ වැදගත් තොරතුරු කතා කරපු ලිපියත් ගොඩක් අයගේ අවධානය දිනාගෙන තිබුනා..


අන්තර්ජාලයේ එහේ මෙහේ සැරිසරනකොට ඉතා වැදගත් ලිපියක් හම්බවුණා. ලිපියට වැඩි සැලකිල්ලක් දැක්වුවේ ⁣හුරු පුරුදු නමක් ලිපියේ සදහන් වෙලා තිබුනු නිසා. ඒ තමයි නාලනී පෙරේරා. ඇය මාවනැල්ල මයුරපාද මධ්‍ය මහා විද්‍යාලයේ හිටපු මේවන විට විශ්‍රාම දිවිය ගත කරන උප ප්‍රධාන විදුහල්පති තුමියක්. 

ලිපිය සහ තොරතුරු ලබාගත් අඩවිය විශේෂඥ වෛද්‍ය අාරියසේන යු ගමගේ මහතාගේ නිර්මාණයක් විය යුතුය. ඔහු සරදියල් ගම්මාන නිර්මාණයේ හිමිකරුවා බව මේ ලිපියෙන් පැහැදිලි වේ..

මාවනැල්ල අවට ඔබට ඉතා වැදගත් ඒ ලිපියි මේ....
______________________________________


*ලිපිය පළකර තිබූ දිනය - 2012/09/11*

"උපටා ගැනීමකි"

ඒ 1980 දශකයයි'එකල මා මාවනැල්ලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාය' නිවෙස් වලට ගොස් ඔත්පල වු රෝගීන්ට පෞද්ගලිකව ප්‍රතිකාර කිරිමේ සේවයේද යෙදි සිටියෙමි'

දිනක් මා හමුවීමට තරුණියන් දෙදෙනෙක් පැමිණ සිටියෝය'

 එක් අයෙක් නාලනීය' අනෙක් අය රමණිය' දෙදෙනා සොයුරියන්ය' දෙදෙනාම ගුරුවරියන්ය' අද තෙරේසා නාලනී ද මැල් මාවනැල්ල මයුරපාද මධ්‍ය මහා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිනියයි' රමණි පෙරේරා මහත්මිය මාණික්කාව විදුහලේ සහකාර විදුහල්පතිනියයි'

ඩොක්ටර් අපේ තාත්තාට ගොඩක් වයසයි' අවුරුදු 85ක් විතර ඇති' ලෙඩ ඇදේ ඉන්නේ' එක්කර ගෙන එන්න අපහසුයි' අපේ ගෙදර උතුවන්කන්දේ අන්වාරම තියෙන්නේ' ගෙදරට ඇවිත් ප්‍රතිකාර කරන්න පුළුවන්ද' ඔවුන් මගෙන් විමසුවේය' මම එකඟ වුනෙමි'

ඔහුගේ නම ඇලෝසියස් පෙරේරාය' ඔහුද වෘත්තියෙන් ගුරුවරයෙකි' ජීවත් වුනේ කොළඹ නුවර මහාමාර්ගය අද්දරය' ගෙදර නම ගාලේ ගෙදරය˜' එය ඉතා පැරණි ගෙයකි'ගෙදර මිදුලේ තිබුණු නමිනං ගසේ කඳ පොල් කඳක් තරම් විශාලය' එතරම් විශාල නමිනං ගසක් මගේ ජිවිතයට දැක තිබුණේ නැත'

මේක හරි විශාල නමිනං ගසක් නේ.රෑ ගසේ වයස කියක් විතර වෙන්න ඇද්දරෑ මම නාලනීගෙන් විමසුවෙමි'

ඕක සරදියෙල් ගේ කාලේ ගහක් අවුරුදු සියයකට වඩා වයස ඇති' ඇය පිළිතුරු දුන්නාය'

ශත වර්ෂයක් පැරණි නමිනං ගසක් ගේ මිදුලේ තිඛෙන්නට නම් එම ගෙය ඊටත් වඩා පැරණි විය යුතුය'

මේ ගෙදරට ගාලේ ගෙදර කියන්නේ ඇයි?.

 ඒ දවස් වල අපේ සීයගෙ තාත්තා (මුත්තා) මෙතන කරත්ත ගාලක් පවත්වා ගෙන ගිහින් තියෙනවා. අපේ ගෙදරට ගාලේ ගෙදර කියන්නේ ඒ නිසයි' නාලනී පිළිතුරු දුන්නාය'

ඇලෝසියස් පෙරේරා මහතා ගාලේ ගෙදර ඇතුලේ කාමරයක සැතපී සිටියේය' උස මහතින් යුත් පුද්ගලයෙකු වු පෙරේරා මහතා ඔත්පල වි ටික කලක් ගතවී තිබුණි' ඔහු ශ්වසන රෝගයකින් පෙළුණේය' මම ඔහු පරීක‍ෂාවට ලක් කළෙමි' ප්‍රතිකාර නියම කළෙමි' ඉන්පසු සතුටු සාමීචියේ යෙදුනෙමි'

පෙරේරා මහතා කතෝලිකයෙකි'නිවසේ බිත්තියේ ගසා තිබු කුරුසයෙන් සහ කාමරයේ පසෙක තබා තිබු දේව මැණියන්ගේ ප්‍රතිමාවෙන්  මම එය වටහා ගතිමි'

මේ මිස්ටර් පෙරේරාගේ ගම මද?.

නෑ මම ඉපදුනේ කළුතර' කතෝලිකයෙක් වුණාට මම පන්සලේ අධ්‍යාපනය ලබපු කෙනෙක්' උතුවන්කන්දට ආවේ පල්ලියේ ඉස්කෝලේ උගන්වන්න'

ඒ ගමන තමයි ගාලේ ගෙදරින් කසාද බැන්දේ' මේ මගේ නෝනාගේ ගෙදර' එයාගේ නම ජෙනට් සිල්වා' එයාගේ තාත්තා රොමෙල් සිල්වා, රොමෙල් සිල්වාගේ තාත්තා හෙන්දිරික් අප්පුහාමි' ඒ කියන්නේ මගේ නෝනාගේ සීයා'එයා උතුවන්කන්දට ඇවිත් තියෙන්නේ මුල්ලේරියාවේ ඉදලා' එයා තමයි මෙතන කරත්තගාලක් ආරම්භ කරලා තියෙන්නේ. 19 වෙනි සියවසේ මුල් කාලේ' මේජර් තෝමස් ස්කිනර්ල කැප්ටන් ඩෝසන් ලා අඹේපුස්සේ ඉදලා කන්ද උඩරටට යන කොළඹ - නුවර මහ පාර හදන කාලේ' ඒ කාලේ මේ පාරේ කාර් වෑන් ලොරි ගියේ නැහැ' බරකරත්ත, බක්කි කරත්ත, අශ්ව කරත්ත තිරික්කල වගේ දේවල් වලින් තමයි බඩු ඇදලා තියෙන්නේ' ඉතින් ඒවා නවත්තලා ගොන්නුන්ට කන්න දීලා පිදුරු මිටි එහෙම කරත්තකාරයෝ මිලදී ගෙන කරත්තවල බැද ගත්තේ මෙතන' පෙරේරා මහතා මා දහනව වන සියවසට කැඳවා ගෙන ගියේය'

ඒ කාලේ මාවනැල්ල කුඩා ගම්මානයක්' නගරය තිබුනේ උතුවන්කන්දේ' උතුවන්කන්ද සරදියෙල් ගලට හැරනෙ තැන තියෙන වත්තට අදත් කියන්නේ පොලීසියේ වත්ත කියලා' ඒ කාලේ එතන තමයි පොලීසිය තිබිලා තියෙන්නේ'

 ඔය චන්ද්‍ර රණතුංග මහත්තයාගේ (හිටපු අමාත්‍ය) ගෙදර හදලා තියෙන වත්තට කිව්වේ 'ඉස්තාල වත්ත" කියලා' එතන තමයි අශ්ව ඉස්තාලේ තිබිලා තියෙන්නේ'

උතුවන්කන්ද කතෝලික පල්ලිය හදල තියෙන්නේත් අපේ සීයලා පරිත්‍යාග කරපු ඉඩම්වල'

ඒ කාලේ උතුවන්කන්දේ සූර සර්දියෙල් මේ ගෙදරට නිතර ඇවිත් තියෙනවා' රොමෙල් සිල්වා ඒ කියන්නේ මගේ නෝනාගේ තාත්තා. පිචෝ හාමි කෙල්ල කාලේ ඉදලා තියෙන්නේ හෙන්දිරික් අප්පුහාමි සීයාගේ ගෙදර' රොමෙල් මාමා පුංචි කාලේ නාවලා බලාගෙන තියෙන්නේත් පිචෝහාමි' අදාසි අප්පුට කසාද බන්දලා දීලා තියෙන්නේත් හෙන්දිරික් අප්පුහාමි. පිචෝ හාමිට ලැබුණ පළවෙනි දරුවා තමයි සරදියෙල් පසු කාලෙක හෙන්දිරික් අප්පුහාමි සීයාට සරදියෙල් මහ හිසරදයක් වෙලා තියෙනවා'

මොකද මිනිහා දාමරිකම් කරන කාලේ මේ ගෙදරට යනවා එනවාලූ' සමහර දවස් වලදි සරදියෙල් එනකොට ගෙදර දොරවල් වහලා ගෙදර අය සොල්දරයට නැගලා හැංගිලා ඉන්නවලූ.

1864 කාලයේ හෙන්දිරික් අප්පුහාමි සීයා මේ ගෙවල් වහලා දාලා ටික දවසක් මුල්ලේරියාවට පිටමං වෙලත් තියෙනවා'

පෙරේරා මහතා ඉතිහාසඥයෙකි' ඔහු උතුවන්කනද පල්ලියේ ඉස්කෝලේ සිංහල සහ ගණිතය උගන්වන ගුරුවරයෙකු ලෙස කටයුතු කර තිබේ' සුදු සරමක් හා සුදු කමිසයක් ඇද සුදු පටියක් බැද ඛෙල්ලේ බොත්තම දමා සුදු කෝට් එකක් ඊට උඩින් ඇද කුඩයක් අතට ගෙන බක්කි කරත්තයක නැඟ උතුවන්කන්ද පල්ලියේ ඉස්කෝලයට යන තරුණ පෙරේරා මහතා මා හට මැවී පෙනේ'

උතුවන්කන්ද ප්‍රදේශය පිළිබඳව ඔහු බොහෝ දේ දනී'එබැවින් ඔහුගෙන් උතුවන්කන්දේ සරදියෙල්ගේ කතාව දැනගැනීමේ ආශාවක් මා සිත් තුල ඇති විය'

පෙරේරා මහත්තයා උතුවන්කන්දේ ඉතිහාසය හොඳින් දන්නවා වගේ. මට ආසයි ඒ ගැන කතා කරන්න' මං ආයිත් එන්නම්කෝ' ඔබතුමා බලලා යන්න' එතකොට අපට සරදියෙල් ගැන තව ටිකක් තොරතුරු කතා කරන්න පුළුවන්නේ' මම අනාගත සාකච්ඡාවන් සඳහා පොටක් පාදා ගතිමි'

සූර සරදියෙල් අප්පු මගේ වීරයෙක්' එයාට සුද්දො කිව්වේ "ලංකාවේ රොබින්හුඩ්" කියලා' එයා ගැන ලියවිච්ච පත්තර ලිපි, සඟරා ලිපි, මා ළඟ එකතු කරලා තියෙනවා'  මං ඒවා දොස්තර මහත්තයාට පෙන්වන්නම් ලබන පාර අවාට පස්සේ'

උතුවන්කන්දේ සූර සරදියෙල් ගැන මා කුඩා කල සිට අසා ඇත්තෙමි' ගාළු දිස්තික්කයේ හිනිදුම්පත්තුවේ මාපලගම ඉපදුණු මා උතුවන්කන්දේ සූර සරදියෙල් ඉපදුණු ප්‍රදේශයේ පදිංචියට පැමිණේවි යයි කිසි දිනක සිතුවේ නැත'

එය අහඹු සිදුවීමකි' කෙනෙකු එය දෛවෝපගත සිද්ධියක් ලෙසද හැදින්විය හැකිය' කෙසේ වෙතත් මගෙන් ප්‍රතිකාර ලබාගත් පෙරේරා මහතාට වැළදී තිබු සුවිශේෂි උණක් ඔහුගෙන් මා හට බෝ විය. ඒ සූර සරදියෙල් උණයි'

පෙරේරා ගුරුතුමාගේ දුක් සැප බලා ප්‍රතිකාර කිරීමට කිහිප විටක්ම එතුමාගේ නිවසට ගියෙමි. එක් දිනක් ඔහු බැලීමට ගිය විට ඔහුගේ අල්මාරියක සඟවා තිබු සර්දියෙල් පිළිබද පැරණි ලිපි එකතුවක් මා හට පෙන්වීම සඳහා ඔහුගේ ඇඳ මත තබාගෙන සිටියේය.

ඇල්.ඩි.ඒ. රත්නායක මහතා විසින් ප්‍රබන්ධ කොට කි්‍ර.ව. 1924 දි සෙව්‍යශ්‍ර යන්ත්‍රාලයේ අච්චු ගස්වා ප්‍රසිද්ධ කරන ලද ලෝක ප්‍රසිද්ධ සර්දියෙල් නාටකය නැමති පොත සහ කොළඹ කෞතුකාගාරයේ එච්.ඇල්. කල්දේරා මහතා විසින් සිළුමිණ පුවත්පතට 1935 ක් වු අප්‍රේල් මස 07 වෙනිදා ලියන ලද උතුවන්කන්දේ සරදියෙල් දහනව වන වෙනි ශත වර්ෂයේ ලංකාවම බියෙන් ඇළලූ ප්‍රචණ්ඩ දාමරිකයා ඔහු සතුව තිබු පැරණිම ලියවිලි දෙකයි'

කේ.ඩි.පී.වික්‍රමසිංහයන් විසින් 1951 නොවැම්බර් 11 වන දින ඉරිදා ලංකාදීපයට ලියන ලද උතුවන්කන්දේ සරදියෙල් ගේ නඩු විභාගය,  1958 දී ඩබ්ලිව්.කේ.පි. ගුණවර්ධන විසින් සරදියෙල් පිළිබදව ලියන ලද ලිපි පෙළ පමණක් නොව 1983 දි නීල්ද මොරාසෙස් විසින් සිළුමිණ පත්‍රයට ලියු සරදියෙල් පිළිබද ලිපි පෙලද, සරදියෙල්ගේ නෑ පරපුරේ තොරතුරු සොයා ගිය ගමනක්˜ නමින් නවයුගය සඟරාවට "මගීයා" විසින් ලියන ලද ලිපියක් ද පෙරේරා මහතා සතුව තිබුනි'

ඔබතුමා සරදියෙල් ගේ රසිකයෙක් වගේ නේද මටත් ආසයි සරදියෙල් ගැන දැන ගන්න'

දොස්තර මහත්තයාට ඕනේ නම් මේ ලිපි කියවලා ගෙනත් දෙන්න'

මගේ සිතේ සරදියෙල් ගම්මානයක් නිර්මාණය කිරිමේ කිසිදු අදහසක් එකල නොවිය' එහෙත් සරදියෙල් පිළිබඳව තොරතුරු රැස් කිරිමේ උනන්දුවක් නම් එහිදි ඇති විය'

ඒ උනන්දුව ඇති  කිරිමට මුල් වුනේ ඇලෝසියස් පෙරේරා ගුරුතුමාය'

කොළඹ සිට දුම්රියෙන් හෝ බසයකින් නුවර දෙසට ගමන් කරන ඕනැම කෙනෙකුගේ ඇස ගැටෙන අලංකාරවු කඳුගැටයකි උතුවන්කන්ද' එය දකින ඕනම කෙනෙකුට මතක් වෙන්නේ සූර සරදියෙල් හෙවත් ලංකාවේ රොබින්හුඩ්ය. එදා බි්‍රතාන්‍යයන් අශ්ව කරත්ත (අශ්වකෝච්චි) ගොං කරත්ත සහ දෝලාවල නැගී කන්ද උඩරට බලා ගමන් කරන විට උතුවන්කන්ද මුදුනේ පිහිටි ගල් කුල දුටුවේ එංගලන්තයේ පිහිටි රජ මාළිගාවක් ලෙසය' එබැවින් ඔවුන් එය  කාසල් රොක් ලෙස නම් කළේය'

එනමුත් උතුවන්කන්ද පිහිටි උතුවන ගමේ මිනිසුන් එය හඳුන්වන ලද්දේ "උකුණු ගල" ලෙසය' එසේ හදුන්වන්නේ අම්මා කෙනෙක් දුවකගේ හිසේ උකුණන් බලන අකාරයට එම ගල් පර්වතය ගමේ මිනිසුන්ට පෙනෙන නිසාය'

නමුත් අපේ සූර සරදියෙල් ගම්මානයේ සිට බැලූ කල එම ගල් කුළ මට නම් පෙනෙන්නේ මිහින්තලා පර්වතය මෙනි්.

එහෙත් අද ලංකාවේ කවුරුත් එම ගල හදුන්වන්නේ 'සරදියෙල් ගල" ලෙසය' ඒ සරදියෙල් තම සහචරයන් සමඟ එහි සැඟවි සිට කොළඹ නුවර පාරේ ගමන් ගත් අශ්ව කෝච්චි සහ ගැල් නවතා මං පහරා මුදල් ගෙනැවිත් දුප්පතුන් අතර ඛෙදා දුන් නිසාය'

කොළඹ නුවර පාරේ උතුවන්කන්දේ පිහිටි උතුවන තැපැල් කන්තෝරුව ළඟින් වමට හැරි කිලෝමීටරයක් ගිය විට මා විසින් නිර්මාණය කරන ලද 'සරදියෙල් ගම්මානය' හමුවනු ඇත'

අක්කර හයක භූමී භාගයක් තුළ ගොඩනැගෙන සරදියෙල් ගම්මානය මහජනතාවට දැක බලා ගැනිම සදහා 2012 ජනවාරි 29 වන දින විවෘත විය.

පූජ්‍ය පක‍ෂය සහ පෙර පාසැල් ළමුන් ගෙන් අය කිරිමක් නොකරේ' නිල ඇඳුමෙන් සැරසී පැමිණෙන පාසැල් සිසුන් සඳහා ටිකට් පතක මිල රුපියල් 20කි' වෙනත් ළමුන් සඳහා රුපියල් 50 කි' වැඩිහිටියන් සඳහා ටිකට් පතක මිල රුපියල් 100= කි'  වැඩි විස්තර 072-2220318' 077-9418999' 077-7808979 අංක ඇමතීමෙන් ලබාගත හැකිය'

"උපටා ගැනීම අවසන්

*****
ඔබේ අදහස් comment කරන්න.
තවත් කෙනෙකුට දකින්න share කරන්න

තවත් තොරතුරු සහ චායාරූප සදහා මයුරපාද මිතුරෝ facebook පිටුව සමග එකතුවන්න.


 මයුරපාද මිතුරෝ සමග එක්වූ ඔබට ස්තූතියි !.

Monday 8 May 2017

නිවුන්නු නාට්‍යයේ දෙවන කොටස. මාවනැල්ල මයුරපාද මධ්‍ය මහා විද්‍යාලයේ ඉදිරිපත් කිරීමක්




2014 වසරේ ටවර් හෝල් හීදී පැවති ගණිත  නාට්‍ය තරගාවලියේ 8වන 
ස්ථානය දිනාගත් මාවනැල්ල මයුරපාද මධ්‍ය මහා විද්‍යාලය ඉදිරිපත් කළ *නිවුන්නු* නාට්‍යයේ දෙවන කොටස

පහතින් නරඹන්න.



පළමු කොටස බැලුවේ නැතිනම් මෙතනින් බලන්න.


ඔබේ අදහස් comment කරන්න.
තවත් කෙනෙකුට දකින්න share කරන්න

තවත් තොරතුරු සහ චායාරූප සදහා මයුරපාද මිතුරෝ facebook පිටුව සමග එකතුවන්න.


 මයුරපාද මිතුරෝ සමග එක්වූ ඔබට ස්තූතියි !.

Sunday 7 May 2017

නිවුන්නු - මාවනැල්ල මයුරපාද මධ්‍ය මහා විද්‍යාලයේ ඉදිරිපත් කිරීමක්..





2014 වසරේ ටවර් හෝල් හීදී පැවති ගණිත  නාට්‍ය තරගාවලියේ 8වන 
ස්ථානය දිනාගත් මාවනැල්ල මයුරපාද මධ්‍ය මහා විද්‍යාලය ඉදිරිපත් කළ *නිවුන්නු* නාට්‍යයේ පළමු කොටස

පහතින් නරඹන්න.






ඔබේ අදහස් comment කරන්න.
තවත් කෙනෙකුට දකින්න share කරන්න

තවත් තොරතුරු සහ චායාරූප සදහා මයුරපාද මිතුරෝ facebook පිටුව සමග එකතුවන්න.


 මයුරපාද මිතුරෝ සමග එක්වූ ඔබට ස්තූතියි !.

Saturday 6 May 2017

හෙට දවසේ අප දෙදෙනා , ප්‍රියා සූරියසේන මහතා ගායනා කරන මේ ඇත්තටම හැදුනු හැටි



ප්‍රියා සූරියසේන මහතාගේ ජනප්‍රිය ගීතයක් තමයි *හෙට දවසේ අප දෙදෙනා අද වාගෙම හමුවිය යුතුවේ* කියන ගීතය. මේ ගීතය ලියවෙන්න හේතුව ගොඩක් අය දන්නවා. නොදන්න කෙනෙක්ගෙන් මේ ගීතයේ තේරුම ඇහුවොත් ගොඩක් අය කියයි මේක නිකම්ම නිකම්  ආදර ගීතයක් කියලා.

ඒ වගේම තමයි ගීතය ලියවුණු විදිහ ගැන කතා කරනකොට ගොඩක් අය දන්නේ අසත්‍ය සිදුවීමක්... ඉතින් මේ ලිපිය හරහා ඒ අසත්‍ය සිදුවීම ගැනත් ප්‍රියා සූරියසේන මහතා කියපු සත්‍ය සිදුවීමත් දෙකම ගැන අපි කතා කරනවා..



ගොඩක් අය දන්න කතාව

දවසක් ප්‍රියා සූරියසේන මහතා ප්‍රේමකීර්ති මහතාගේ ගෙදරට යන්නේ ඔහුට කියලා ගීතයක් ලියාගන්න කියලා හිතාගෙන. සූරියසේන මහත්තයා නිකම්ම යන්නෙත් නෑ. ප්‍රේමකීර්ති මහත්තයා ගොඩක් ආසා කරන වර්ගයේ මත්පැන් බෝතලයකුත් අරගෙන තමයි යන්නේ.

සූරියසේන මහත්තයාගේ අවාසනාව කියන්නේ, ගෙදරට ගොඩවෙනකොට ප්‍රේමකීර්ති මහත්තයා හදිසි ගමනක් පිටත් වෙන්න සූදානම් වෙලා ඉන්නේ.

😎මයුරපාද මිතුරෝ 😎

කොචිචර හදිසි වැඩක් උනත් ප්‍රියා සූරියසේන මහත්තයා ගෙනාපු බෝතලේට හිත වැටුනු ප්‍රේමකීර්ති මහතා අර බෝතලේ දිහා බලාගෙන කොල කෑල්ලක් අරගෙන * හෙට දවසේ අප දෙදෙනා අද වාගෙම හමුවිය යුතුවේ
අද දවසේ මවෙත ගෙනා මිහිර හෙටත් ගෙන ආ යුතුවේ* කියන ගී මුල් පදය ලියන්නේ අර බෝතලය ගැන හිතලා මිසක් ආදරයක් ගැන කියන්න නම් නෙමෙයි.

මේ මුල් පද පේලිය ලියලා අර බෝතලෙත් අරන් ප්‍රේමකීර්ති මහත්තයා තමන් යන්න හිටපු අර වැඩේට පිටත් වෙන්නේ අර කොලකෑල්ල ප්‍රියා සූරියසේන මහත්තයාට දීලා ඊලඟ දවසේ ගීතය සම්පූර්ණ කරලා දෙන්නම් කියලයි.


ප්‍රියා සූරියසේන මහතා කියපු සත්‍ය සිදුවීම 

ප්‍රියා සූරියසේන මහත්තය සරල ගී වැඩසටහනකට  ගීතයක් ලියාගන්න කෙනෙක් හොය හොයා හිටියා..
ඉතින් ඒකට උදව්වක් ගන්න කියලා ගුවන් විදුලි සංස්ථාවේ වෙළෙඳ අංශයේ වැඩරපු එල්මෝ ෆනෑන්ඩෝ කියන නිවේදකයාව හම්බ වෙන්න ගියා. එතුමා  ප්‍රියා සූරියසේන මහත්තයාගේ හිතවතෙක්.

ඉතින් එතුමාට ප්‍රියා සූරියසේන මහත්තයා  කියනවා තව දවස් දෙකකින්  සරල ගී වැඩසටහනක් මට තියෙනවා ඒකට ගීතයක් ලියාගන්න ඕන.. ඒ වගේම ඉක්මනින් වැඩේ වෙන්නත් ඕන කියලා..

එල්මෝ මහත්තයා ඉන්න ඉන්න මෙහේ එක්කනෙක් ඉන්නවා කියලා කියලා ප්‍රේමකීර්ති මහත්තයාට කතා කරනවා..

එල්මෝ මහත්තයා ප්‍රේමකීර්ති මහත්තයාට කියනවා මේ මල්ලී මම හොදට අදුරන කෙනෙක් නාත්තන්ඩියේ ගම මම හලාවත ඒ නිසා ඉක්මනින් සිංදුවක් ලියලා දෙන්න කියලා..

                          😎මයුරපාද මිතුරෝ 😎

ඉක්මනින් කොළ කෑල්ලක් ගත්තු ප්‍රේමකීර්ති මහත්තයා හෙට දවසේ අප දෙදෙනා අද වාගෙම හමුවිය යුතුවේ අද දවසේ මවෙත ගෙනා මිහිර හෙටත් ගෙන ආයුතුවේ... කියලා ලීවලු....

ඒ වෙලාවේ ගොඩක් කාර්යබහුල වෙලා හිටපු ප්‍රේමකීර්ති මහතා එහෙම පොඩි කෑල්ලක් ලියලා දුන්නේ කට්ටිට තිබුනු හදිස්සිය නිසයි.

මේ ටික ලියපු ප්‍රේමකීර්ති මහත්තයා මෙන්න පද පේලියක් ලියලා තියෙනවා ඉතුරු ටික දෙන්න හෙට එන්න කියලා කියනවා .

දැන් ඉතින් මොනවා කරන්නද... ඒ පුංචි පද පේලිය අරගත්තු ⁣ප්‍රියා සූරියසේන මහත්තයා ආයෙත් පහුවදා ගියාලු ප්‍රේමකීර්ති මහත්තයා හම්බවෙන්න.

ප්‍රේමකීර්ති මහත්තයා ඊයේ මම කෑල්ලක් ලියලා දුන්නා නේද... කෝ කෝ... දෙන්න ඒක... කියලා ඉතුරු පද පේලියත් ලියලා දුන්නාලු..

ඉතින් අර කාර්යබහුල නිසා ඉක්මනින් ⁣ගීතය ලියලා දෙන්න බැරි වෙච්චි නිසයි හෙට දවසේ අප දෙදෙනා .... කියලා ලියවුනේ....

මිහිර කිවේ ප්‍රියා සූරියසේන මහත්තයාට අලුත් ගීතයක් හම්බවෙන එකට.. මිහිර හෙටත් ගෙන ආයුතු වේ කියන්නේ ගීතයේ ඉතුරු කොටස ඊලග දවසේ දෙන්න වෙච්චි නිසයි...

ඉතින් මේක තමයි ප්‍රියා සූරියසේන මහතා කියන විදිහට ගීතය ලියවුණු සත්‍ය සිදුවීම..


**හෙට දවසේ අප දෙදෙනා
අද වාගෙම හමුවිය යුතුවේ
අද දවසේ මවෙත ගෙනා
මිහිර හෙටත් ගෙන ආ යුතුවේ,,,

කිසි වෙනසක් නැති
එකම දෙයක් අති
එය මා ලබු ඔබෙ ආදරයයි
මගෙ ජීවිතයම නෞකාවක් නම්
එය ඔබ සුරකින සාගරයයි..

අද සුපිපෙන මල හෙට නොපිපේවී
ලොකය දිව යයි වෙනස් වෙලා
එලෙස වෙනස්වන
ලොවෙහි අළුත් වන
ආදරයම මම ඉඳිමි බලා**

ගායනය - ප්‍රියා සූරියසේන මහතා.
පද රචනය - ප්‍රේමකීර්ති අල්විස් මහතා.


ගීතය රසවිදින්න පහතින්   

********

තවත් මෙවන් ගීත ගැන රසවත් තොරතුරු දැනගන්න මයුරපාද මිතුරෝ අප⁣ගේ facebook පිටුවට එකතුවන්න.


ලිපිය සම්බන්ධ ඔබගේ අදහස් comment කරන්න.
තවත් කෙනෙකුට දකින්න share කරන්න.

මයුරපාද මිතුරෝ සමග එක්වූ ඔබට ස්තූතියි!.

Tuesday 2 May 2017

සෝමතිලක ජයමහ මහතා ගායනා කරන වත්සුණු සුවඳින් සුවඳ කෙරේයා ගීතය ලියවුණු හැටි



සෝමතිලක ජයමහ මහතා ගායනා කරන "වත්සුනු සුවදින් සුවද කෙරේයා" කියන ගීතය ගැන තමයි අපි අද කතා කරන්න හදන්නේ...

මේ ගීතය පද රචනය , සංගීතය සහ ගායනය මේ සියල්ලම කරන්නේ සෝමතිලක ජයමහ මහතා විසින්...


සෝමතිලක ජයමහ මහතා.

සෝමතිලක ජයමහ මහතා කාලයක් විභාග දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පරිපාලන නිලදාරියා විදිහට ⁣සේව කරා. ඉතින් එතුමාගේ කාර්යාලය ලගින් තමයි කැන්ටිමට යන්න තිබුනේ.. ඉතින් දෙපාර්තමේන්තුවේ වැඩ කරන හැමෝම එතුමාගේ මේසය ලගින් තමයි කැන්ටිමට යන්නේ.
ඉතින් මෙතනින්  කාන්තාවෝ කැන්ටිමට යන එනකොට එයාලාගේ විලවුන් සුවද මෙතුමාට දැනෙනවාලු.

දවසක් සෝමතිලක ජයමහ මහත්මයා කුරුණෑගල එතුමාගේ ගමේ ගිහින් ලිඳෙන් නානකොට නිකම්ම හිතට ආවලු "වත්සුනු සුවදින් සුවද කෙරේයා" කියන කෑල්ල. හිතේ තියාගෙන හිටපු මේ පද පේලිය නාලා ඉවර වෙලා කොලේක සටහන් කරගත්තලු...

😎 මයුරපාද මිතුරෝ 😎

ගීතයක් නොවී එතුමා ලඟ තිබුනු ටික කාලයක් තිබුනු මේ පදයට ගීතයක් ලියන්න කරුණු ලැබෙන්නේ ආයෙත් දවසක් ගමට යන්න බස් එකෙන් යන අතරවාරේදීයි.

බස් එක ගමන අතර වාරයේ තේ පානයට නතර කරාලු. ඒත් එතුමා නම් බස් එකේම හිටියලු. ඒ වෙලාවේ එතුමා දකිනවා අලුත බැදපු ජෝඩුවක්. මේ දෙන්නත් අර අවන්හලට ගියේ නෑ... මොකද කෑමට අවශ්‍ය දේවල් ඒ දෙන්නා ගෙනත් තිබුනලු.

සෝමතිලක ජයලත් මහත්මයා මේ දෙන්නා  දිහා ටිකක් වෙලා බලාගෙන හිටියලු. මෙයා එයාට කවනවා.... එයා මෙයාට කවනවා.... ඉතින් මේක දිහා බලන් ඉන්නකොට "බැඳි සෙනෙහස රන් රස මෙන් වේයා... සිඳු කුස වන් ගං කොමළිය සේයා...සිසි වත තුරුලෙහි සාමුව සේයා .... පතිනිය පතිකුලයට පැමිණේයා..." කියන පද ටිකත් හිතට ආවලු.

                          😎 මයුරපාද මිතුරෝ 😎

ඉතින් ⁣අර කැන්ටිමේ සිද්ධිය සහ මේ බස් එකේ වෙච්චි සිදුවීම් දෙක නිසා මේ රසවත් ගීතය ලියවෙලා තියෙනවා ..

වත්සුණු සුවඳින් සුවඳ කෙරේයා
පෙම් කුසුමන් හද පුබුදු කෙරේයා
ආසිරි මංගල ගී පැතිරේයා
පතිනිය පතිකුලයට පැමිණේයා
පතිනිය පතිකුලයට පැමිණේයා

බැඳි සෙනෙහස රන් රස මෙන් වේයා
සිඳු කුස වන් ගං කොමළිය සේයා...//
සිසි වත තුරුලෙහි සාමුව සේයා
පතිනිය පතිකුලයට පැමිණේයා 


නළලත තිලකය මෙන් සසැඳේයා
සසර පුරා පැතුවයි පැවසේවා...//
කුළඟනකගෙ යහගුණ කියවේයා
පතිනිය පතිකුලයට පැමිණේයා


ගීතය රසවිදින්න පහතින්...





********

තවත් මෙවන් ගීත ගැන රසවත් තොරතුරු දැනගන්න මයුරපාද මිතුරෝ අප⁣ගේ facebook පිටුවට එකතුවන්න.


ලිපිය සම්බන්ධ ඔබගේ අදහස් comment කරන්න.
තවත් කෙනෙකුට දකින්න share කරන්න.

මයුරපාද මිතුරෝ සමග එක්වූ ඔබට ස්තූතියි!.

මංගලගම ඉපැරැණි අම්බලම සහ ඉබේ පැලවූ අනුහස් ඇති බෝ ගස.



මංගලගම අම්බලම ශ්‍රී ලංකාවේ දැකගත හැකි ඉපැරණි අම්බලම් අතුරින් එකකි. එය කෑගල්ල සහ මාවනැල්ල යන නගර දෙක අතර ඉදිකොට තිබෙයි.

ජනප්‍රවාද

මංගලගම අම්බලම, දුටුගැමුණු රජ සමයේ ඉදිකරන ලද අම්බලමක් බැව් විශ්වාස කෙරේ.

ඉන්දියාවේ සිටි මංගල නම් බ‍්‍රාහ්මණයෙකු, ආනන්ද බෝධි පරපුරේ බෝධි අංකුරයක් ද සහිතව මෙරටට පැමිණි අතර, ඔහු ලක්දිව තැනින් තැන පිහිටි වෙරහ විහාර වැඳ පුදා ගනිමින් සෙංකඩගලපුර දෙසට ගමන් කළේය. සිය සංචාරය අතරතුරදී දිනක් රෑ බෝවූ නිසා ඔහු තමා රැගෙන ආ බෝධි අංකුරය සහිත බඳුණ අසල පිහිටි උස් භූමියක තබා, මහමග අයිනේ වූ මෙම අම්බලමේ ලැගුම් ගත් බව සඳහන් වෙයි.


පසුදිනදී නැවතත් සිය ගමන ඇරඹීමට සූදානම් වූ බ‍්‍රාහ්මණයාට, තමා කලින් දින සැන්දෑවේ තැන්පත් කළ බෝධි අංකුරයේ මුල් පොළවට ඇදී ඇති ගොස් ඇති බව දැකගත හැකි විය. කිසියම් ආශ්චර්යයක් නිසා මෙවැනි සිදුවීමක් වෙන්නට ඇතැයි සිතූ බ‍්‍රාහ්මණයා, පසුව එම බෝධි අංකුරය රෝපණය කිරීමට සුදුසු ස්ථානය එයම බව සිතා එහිම රෝපණය කළ බ‍්‍රාහ්මණයා බෝධීන්වහන්සේට ඇප උපස්ථාන කරමින් එහිම නතර විය.

මංගලගම විහාරස්ථානය ඉදිවීම 

මේ සිදුවීම සැළවූ එකල ලක්දිව රජු, සිදුවූ සියළු තෙරතුරු බ‍්‍රාහ්මණයාගෙන් විමසා එම ස්ථානයේ විහාරස්ථානයක් කර, අවට ප‍්‍රදේශය ගම්වාරයක් වශයෙන් ඔහුට දුන්නේය. මංගල නමැති බ‍්‍රාහ්මණයාට නින්දගම් වශයෙන් ලබාදුන් නිසා එම ගම මංගලගම නම් විය.

විහාරස්ථානයේ වර්තමාන චායාරූපයක්

බ‍්‍රාහ්මණයා විසින් රැගෙන ආ එම බෝධි අංකුරය, අම්බලම අසල ඇති මංගලගම බෝධිමාලකාරාම විහාරස්ථානයේ පිහිටි පැරණි බෝධිය බව පැවසෙයි.


අම්බලම ප්‍රතිසංස්කරණය කිරීම 

මෙම අම්බලමේ පියස, පෙතිඋළු ආදිය කැඞී බිඳී විනාශවී ගොස් ගල් කණු ටික පමණක් බිම පතිතවී තිබූ අතර 1970 සමගි පෙරමුණු රජය සමයේ රඹුක්කන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයා වශයෙන් සිටි ආන්නද සිරිසේන මහතා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහාය ඇතිව මෙය යළි ගොඩනැංවීමට පියවර ගත්තේය.


😎 මයුරපාද මිතුරෝ 😎

මිනිස් ක්‍රියාකාරකම් හෝ ස්වාභාවික උපද්‍රව හේතුවෙන් විනාශවී තිබු මෙහි එකල ඉතිරි වී තිබෙන්නේ පේකඩය සහිත එක් ලී කැටයම් කණුවක් පමණක් හා ගල්කණු කිහිපයක් (08ක්) පමණි. පසුව එම ගල්කණු හා ගල්කණුවල අනුරුවට ඉදිකරනලද කොන්ක්‍රීට් කණු උපයෝගී කරගෙන මෙය නැවත ඉදිකර ඇත.

පැරණි ගල් කණු 8ක් සහ පසුව ඉදිකරනලද කොන්ක්‍රීට් කණු 8ක්ද සහිතව මුළු කණු 16ක් මෙම ගොඩනැගිල්ල සතුය. ශේෂවී තිබු දැව කණුවේ ආකාරයටම අළුතින් පේකඩ තනා හා කැටයම් කපා ලී කණු තනා ඇත. කැටයම් වැඩ සඳහා මුලිකත්වය ගෙන ඇත්තේ ප්‍රදේශයේම එකල පදිංචිව සිටි අමුහේනේ පියදාස බාසුන්නැහේ නම් මහතෙකු විසිනි.

අම්බලමට ඇතුලුවීම සඳහා ප්‍රධාන හා අතුරු මාර්ගයන්ට මුහුණලා පිහිටි දොරටු දෙකකි.
තවද මෙහි ඇති ලී කැටයම් සඳහා නෙළුම් මල, බිනර මල, පළාපෙති හා අරිම්බුව වැනි සිංහල සැරසිලි මෝස්‌තර යොදාගෙන ඇත.

                     😎 මයුරපාද මිතුරෝ 😎

අද දක්නට ඇත්තේ පැරණි ක‍්‍රමයට ගල්කණු මත ගොඩනැංවූ එම අම්බලමය. මෙම පැරණි අම්බලම පිළිබඳව ආනන්ද කුමාරස්සාමි මහතා ස්වකීය ”මධ්‍යකාලීන සිංහල කලා” නමැති ග‍්‍රන්ථයෙහි මෙසේ සඳහන් කර තිබේ.

"ඉතා අලංකාර සාමාන්‍ය ප‍්‍රමාණයේ අම්බලමක් සතරකෝරළේ මංගලගම විය. කුලූණු ගලින් නිමවිය. ලියකම් කරන ලද දැව ද යොදා තිබිණ. ලී වහලයේ උළු සෙවිලිකර තිබිණ. වහල මත දෙකෙළවරේ මැටියෙන් කරන ලද කොත් දෙකක් විය. අම්බලමේ අත්තිවාරමේ ගල්මත දැව ඇදලාය. එම දැවමත මිනිස්සු ඉඳගනිති. කොන් සතරේ කණු සතරකි. එයට අල්ලා වහලකි. අම්බලමේ කණු බොහෝ විය. රාත‍්‍රිය ගත කරන්නන්ගේ පහසුව සඳහා ගොඩනැගිල්ල කොටස්වලට වෙන්කර ඇත."

😎 මයුරපාද මිතුරෝ 😎

ප්‍රතිසංස්කරණය වූ දෑ නැවතත් විනාශවී යන අයුරු

පෙති උළු සවිකර ඇති වහලය

පැති පෙනුම 


අතුරු මාර්ගයට මුහුණලා ඇති දොරටුව





වහලය මුදුනේ පරාල සවිකර ඇති අයුරු

පේකඩ සහ ලී කණු


නෙළුම් මල



බිනර මල

ප්‍රතිසංස්කරණ වූ පේකඩක්


***********

මාවනැල්ල සහ අවට ප්‍රදේශවල තවත් මෙවන් තොරතුරු දැනගන්න මයුරපාද මිතුරෝ facebook පිටුවට එකතුවන්න.


ලිපිය සම්බන්ධ ඔබේ අදහස් comment කරන්න.
තවත් කෙනෙකුට දකින්න share කරන්න.

Monday 1 May 2017

ශෂිකා නිසංසලා ගයන ගජමන් නෝනා නොවෙය මං, ගීතය හැදුනු හැටි



සමහර කැපී පේන්න උත්සාහ කරන අය කරන දෙයක් තමයි අනිත් අයව විවේචනය කරන එක. කොච්චර හොද දෙයක් කරත් ඒකේ වැරදි වගේම අඩුපාඩු හොයන්න තමයි එහෙම අය ගොඩක් උත්සාහ කරන්නේ. අර කතාවටත් කියනවානේ කොහේ ගියත් එකෙක් ඉන්නවා කියලා...


😎මයුරපාද මිතුරෝ😎

ඉතින් ඔය තමන්ගේ කුණු වහගන්න අනුන්ගේ කුණු හොයන කපුටු වැඩ කරන පිරිස් ඔයාගේ ජීවිතෙත් මුණගැහිලා ඇති.

අද ගීතයෙන් කතා කරන්නේ සංගීත ලෝකේ වෙච්චි ඒ වගේ දේකට ලැබුණු උත්තරයක් ගැන.

යමුනා මාලිනී පෙරේරා මහත්මිය.

යමුනා මාලිනී පෙරේරා ඉතාමත් ජනප්‍රිය ගීත ගොඩකට අයිතිකාරියක්. එතුමියට සිදුවුණු සත්‍ය සිදුවීමකට ලියවුණු ගීතයක් තමයි ශෂිකා නිසංසලා ගායනා කරන ගජමන් නෝනා නොවෙය මං කියන ගීතය.

                         😎මයුරපාද මිතුරෝ😎

යමුනා මහත්මිය සුනිල් එදිරිසිංහ මහතාගේ ගීත තැටියකට ලියපු එක සිංදුවකට ගීත විචාරකයෙක් එතුමියට එක එක ඇනුම්පද කියන්න ගත්තාලු ගජමන් නෝනා වෙන්න හදනවා කියලා. 

ඒ පුද්ගලයා පත්තරේටත් ලිපියක් ලියලා තිබුනලු ගජමන් නෝනා වෙන්න හදනවා කියලා. 

ඉතින් යමුනා මහත්මිය ඒ හේතුවට පිලිතුරක් විදිහට තමයි ‍මේ ගීතය රචනා කරලා තියෙන්නේ. හරිම අපූරුයි. තමන්ව හෑල්ලුවට ලක්කරන්න හදපු පුද්ගලයාට දීපු කදිම උත්තරය...

ගජමන් නෝනා නොවෙය මං 
නොම බිය වෙන් මේ මහතුන්
ඇලපාත මුදලි ඔහු නම්
ඔහුට යස කවි ලී වෙත් ඈ නම්...

කවි ලියන්න බැරි මං
කොහොම වේද ගජමන්
කෝම වේද ගජමන්...

ඇලපාත ලියූ රස කවි ගැන මං
කවි ගලප ගලප හිටියා එහෙනම්
තාම ලිව්වෙ නෑ කවියක් නම්
ඇලපාතට නම් මගෙ කවි තහනම්
ඇලපාතට නම් මගෙ කවි තහනම්..

කවි ලියන්න බැරි මං
කොහොම වේද ගජමන්
කෝම වේද ගජමන්...

දෙනිපිටියේ නුගරුකේ හෙවනේ මං
හිත රිදව රිදව හැඩුවා තනියෙන්
ආවේ නෑනේ ලග පාතට නම්
ඇලපාත තුමන් මට ගෙන කවිකම්...

ගජමන් නෝනා නොවෙය මං...

ගීතය රසවිදින්න පහතින්.



**********

තවත් මෙවන් ගීතයක රසවත් තොරතුරකින් හමුවෙමු

ලිපිය සම්බන්ධ ඔබගේ අදහස් comment කරන්න.
තවත් කෙනෙකුට දකින්න share කරන්න.

මයුරපාද මිතුරෝ සමග එක්වූ ඔබට ස්තූතියි!