
ඉතා කෙටි කාලයකින් මේ වනවිට අපගේ blog අඩවියට පිවිසුණ පිරිස බලනකොට ඉතාමත් සතුටුයි.
අද නම් අපි හදන්නේ පොඩිඩක් අපේ ආදි කොල්ලන්ව කෙල්ලන්ව අතීතය අරගෙන යන්න...
මතකද ඉස්කෝලේට මුලින්ම ගියපු දවස..
හරියටම දිනයක් නම් මතකයේ නැති උනත් පුංචි අයියා කෙනෙක් පුංචි අක්කා කෙනෙක් මට මල් ටිකක් අතට දීලා මාව පිලිගත්තා. මට මතක විදිහට නම් එතන තිබුනේ ඇන්තූරියම් මල්. ගොඩක් අය ඇඩුවා..
සාරියක් ඇදගෙන මගේ අම්මා මාත් එක්ක ආවත් ගේට්ටුව ලගින් ඇතුළට නම් එන්න දුන්නේ නැද්ද කොහෙද.. සමහර අම්මලාගේ ඇස් වලත් කදුළු.
අයියලා අක්කලා අපේ අතින් අල්ලාගෙන ඉස්කෝලේ එහා කෙලවර තිබුනු මගේ පංතියට එක්කන් ගියා. අදුරන කිසිම කෙනෙක් හිටියේ නෑ. පංතියේ ගොඩක් ළමයි ඇඩුවා. මාත් ඇඩුවද??
හරිම කරුණාවන්ත ටීචර් කෙනෙක් අපේ පංතියේ හිටියේ. සතියක් විතර ගෙවිලා ගියා මට යාළුවෝ ටික දෙනෙක් නම් හම්බවුණා. ඒත් ඉස්කෝලේට නම් ආවේ ආසාවකින් නම් නෙමෙයි.
කාලය ගෙවිලා ගියා.. මට මතකයි. අම්මලා තාත්තලා ඇවිත් අපිට ලස්සන සෙල්ලම් ගෙවල් හැදුවා. මගේ පංතිය පිටිපස්සේ තිබුනා සෙල්ලම් පිට්ටනියක් ඒකේ ඔංචිල්ලා තිබුනා. තව එක එක විදිහේ අපිට සෙල්ලම් කරන්න දේවල් එතන තිබුනා.

අපි හැමදාම උදේට බුදුන් වැන්දා.
බුදු සරණ වේවා.…
සදහම් සරණ වේවා.…
සඟ සරණ වේවා.…
මෙතුන් සරණින් ජයම වේවා.…

සමහර යාළුවෝ එක එක සෙල්ලම් කියලා දුක්නා. මැඩම් පංතියේ නැති උනහම පංතියේ ළමයි කෑගහනවා.. මාර සද්දයි.. ලොකු ටීචර්ට ළමයි බයයි. මාත් බයයි.

අපිව මැඩම් සමහර වෙලාවට බෝ ගහ ලගට එක්කන් යනවා පාඩම් කරන්න. මම එතනට හරි ආසයි. බෝ ගහේ හෙවනට වෙලා බෝ මුලක් උඩ මගේ හොදම යාළුවෝ එක්ක එකට වාඩිවෙලා හිටියා. අපි ඉන්ටවල් එකේ බෝ ගහ යට සෙල්ලම් කලා. මට තාම මතයකි ළමයි වැටිලා ඔලුව පලාගත්තා.එතකොට ටීචර්ලා ත්‍රීවීලර් එක්ක දාගෙන එයාව ඉස්පිරිතාලෙට අරගෙන ගියා.

මං වගේම මගේ යාළුවෝත් ගොඩක් ආසාවෙන් හිටියේ ලොකු පැත්තට යන්න. අපිව සමහර වෙලාවට ටීචර් ඒ පැත්තට එක්කන් ගියා. අපි හරි ආසාවෙන් ගියේ. යාළුවයි මායි අතින් අල්ලාගෙන එහා පැත්තට ගියේ දෙන්නා දෙන්නා පෝලිමට. අද වගේ උඩින් යන්න පාලම් ඒ කාලේ තිබුනේ නෑ.
අදට කොචිචර කාලයක් ගෙවිලා ගියත් තවමත් මට හැම ගහක් කොලක් නෑරම තාමත් හොදට මතකයි.



[මෙම ලිපිය මිතුරන් අතර බෙදාහැරීමට ඔබත් කැමති නම් පහත සදහන් share හරහා ඔබ කැමති මාධ්‍යයක් තෝරන්න. ඔබගේ අදහස් පහතින් comment කරන්න]
*මයුරපාද මිතුරෝ සමඟ එක්වූ ඔබට ස්තූතියි.*