Music Player

Sunday 27 November 2016

මයුරපාද මිතුරෝ දැවැන්ත වෙනසක් තොරතුරු දැනගන්න ලිපිය කියවන්න



දෙස් විදෙස් ආදි සිසුන් මයුරපාදය වෙත නැවත එක් කරමින් මීට වසර තුනකට පෙර මයුරපාද මිතුරෝ facebook පිටුව අපි නිර්මාණය කලා. මේ වන විට 1500කට වැඩි චායාරූප සහ මයුරපාදයේ වැඩිම තොරතුරු එකතුව ඇතුළු වැඩිම ආදි සිසුන් පිරිසක් මයුරපාද මිතුරෝ සමග එක්ව සිටිනවා.


ආදිශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරන වැඩසටහන් තොරතුරු , අනු කමිටු සංවිධානය කරන වැඩසටහන් තොරතුරු , පාසල් සිසුන් , ආදි මිතුරු මිතුරියන් විසින් සංවිධානය කරන වැඩසටහන් තොරතුරු , ගුරුවරුන් සහ ආදි සිසුන් පිළිබඳ විස්තර. ඇතුළු තවත් බොහෝ තොරතුරු එකතුවක් මයුරපාද මිතුරෝ සතුව ඇත.

ආදි සිසුන් , වත්මන් මයුරපාදයන්, දෙමාපියන්  සහ ගුරුවරුන් අප වෙත ලබාදෙන තොරතුරු චායාරූප   වැඩිම ආදි සිසුන් පිරිසක් වෙත ලබාදෙමින් අදහස් ,  චෝදනා , යෝජනා ඔබට අවශ්‍ය පරිදි පල කිරීමට මයුරපාද මිතුරෝ ඉඩකඩ ලබාදී ඇත්තේ තම පාසල සියලු සිසුන්ගේ අයිතිය නිසාය.
ආදිශිෂ්‍ය සංගමයට දැවැන්ත ශක්තියක් වෙමින් *මයුර රැළිය* වැනි මෙතෙක් මයුරපාදය තුළ ආදි සිසුන් වැඩිම පිරිසක් එක්කරමින් සිදුවූ දැවැන්ත වැඩසටහන් සංවිධානය කිරීමට මයුරපාද මිතුරෝ අපට හැකියාව ලැබුණේ මයුරපාද පාසල් ඉතිහාසයේ වැඩිම ආදි සිසුන් පිරිසක් එක්වුණු වැඩසටහන ලෙස පත්වෙමිනි.

කෙසේවෙතත් කිහිප වරක් මයුරපාද මිතුරෝ මයුරපාද මිතුරෝ නවතා දැමීමට අප තීරනය කලත් මයුරපාදයන්ගේ ඉල්ලීම් සහ අදහස් හේතුවෙන් ක්‍රියාකාරිත්වයේ කිසිදු වෙනසකින් තොරව පවත්වාගෙන යාමට අප උනන්දු විය. වසර තුනකට වැඩි දිගු ගමනක් පැමිණි මයුරපාද මිතුරෝ 2016/11/27 දින සිට ශක්තිමත් කිරීමේ අරමුනින් තවත් ඇඩිමින් වරයෙකු යටතේ ඉදිරියට ගෙනයාමට අප තීරනය කර ඇත. එමගින් ක්‍රියාකරුවන් දෙදෙනකු යටතේ වඩාත් පුලුල් වූ ආකාරයකින් මයුරපාද මිතුරෝ ඉදිරියේදී ඔබට දැකගත හැකිවනවා සේම තවත් ක්‍රම කිහිපයන් ඔස්සේ තොරතුරු ලබාදීමට අප කටයුතු කිරීමට තීරනය කර ඇති බව සතුටින් දන්වා සිටිමු.

0 comments:

Post a Comment