Music Player

Monday 28 November 2016

ආදි මයුරයන්ගේ සත්කාර වැඩසටහන.තොරතුරු දැනගන්න ලිපිය කියවන්න.




2005 O/L E පංතියේ මිතුරු මිතුරියන් "සත්කාර" නමින් වැඩසටහන් මාලාවක් පටන් අරගෙන දැන් ටික කාලයක් වෙනවා.
මයුරපාද මිතුරෝ blog අඩවියේ කතා කරන පලමු කංඩායම විදිහට අපි ඔහුන් තොරාගත්තේ ‍මේ කංඩායම විසින් සිදුකරන සමාජ සත්කාරය අගයකල යුතු නිසාමයි.


මයුරපාද ආදි සිසුන් ප්‍රධාන කොටගෙන ඔහුන්ගේ මිතුරු මිතුරියන්ගේද උදව් උපකාර ඇතිව මේ වෙනකොට වැඩසටහන් කිහිපයක්ම සංවිධානය කරන්න මේ කංඩායමට මේ වෙනකොට හැකියාව ලැබිලා තියෙනවා.

ළමා නිවාසයකට දහවල් ධානය ලබාදීම ,

සීල භාවනා වැඩසටහන් ,

අඩු ආදායම් ලාබී මයුරපාදයන් ඇතුළු පාසල් කිහිපයක ළමුන් සදහා පාසල් උපකරණ ලබාදීම වගේ වැඩසටහන් කිහිපයක්ම මේ වෙනකොට සංවිධානය කරපු වැඩසටහන් කිහිපයක්.




දැනට මේ මිතුරු මිතුරියන් එකතුවෙලා සංවිධානය කරපු වැඩසටහන් කිහිපයක් පිළිබඳව අපි අපේ facebook අඩවිය හරහා ප්‍රචාරය කරලා තියෙනවා.



ඇත්තටම අද තරුණ සමාජය දිහා බලනකොට මේ වගේ සමාජ සත්කාර කරන තරුණ මිතුරන් අපි අගයකල යුතුයි..



ඉදිරියටත් මෙවැනි දෑ සංවිධානය කිරීමට ශක්තිය ලැබේවා කියා මයුරපාද මිතුරෝ ඇතුළු ආදි සිසුන් අප එක සිතින් සුභපතනවා.

••මයුරපාද ආදිසිසුන් ,වත්මන් මයුරපාදයන්  සංවිධානය කරන වැඩසටහන් පිළිබඳ සහ මයුරපාදයේ තවත් තොරතුරු දැනගන්න රැදීසිටින්න මයුරපාද මිතුරෝ සමග••
මෙම ලිපිය මිතුරන් අතර බෙදාහැරීමට පහත share  හරහා ඔබ කැමති මාධ්‍ය තෝරන්න.

*මයුරපාද මිතුරෝ සමග එක්වූ ඔබට ස්තුතියි.

0 comments:

Post a Comment