Music Player

This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

Monday 31 July 2017

වන්නි වන පෙතේ ගීතය ලියවුණු ගීත රචකයාගේ සැබෑ ජීවිත අත්දැකීම.



බංඩාර ඇහැලියගොඩ මහතාගේ සැබෑ අත්දැකීමකට ලියවුණු ගීතයක් ගැනයි අද අපි කතා කරන්නට හදන්නේ, තරුණ පරපුරේ අයට නම් මේ ගීතය ගැන වැඩි අවබෝදයක් නැතිව ඇති නමුත් ඔබ සුනිල් එදිරිසිංහ මහතාගේ රසිකයෙක් නම් නිසැකවම මේ ගීතය ඔබට හුරු පුරුදු ගීතයක්.



බංඩාර ඇහැලියගොඩ මහතා.

බංඩාර ඇහැලියගොඩ මහතාගේ පියා ඔහු කියන හැටියට කොන්ඩේ බැදපු, අඹුඩ ගහපු ගොවියෙක්. ගොඩ ගොවිතැන් එහෙමත් කරපු බංඩාර ඇහැලියගොඩ මහතාගේ පියා කම්මැලි නැති ගැමියෙක්.

ඉතින් මේ ගමේ පුංචි ගෙදර මිරිස් , එළවළු , පලතුරු හොද හැටි අඩුවක් නැතිව වගා කරලා තිබුනා, කුඹුරෙන් වී ටික වගේම අනිත් අවශ්‍ය දේවල් වත්තෙන් ලැබුණු නිසාම කෑම බීමෙන් නම් කිසිම අඩුවක් තිබුනේ නෑ,

බංඩාර ඇහැලියගොඩ මහතා කියන විදිහට ඒ කාලේ කඩෙන් ගෙනාවොත් ගේන්නේ කරෝල කෑල්ලක් , සැමන් ටින් එකක් වගේ දේවල් කිහිපයක් විතරයි.

 - මයුරපාද මිතුරෝ -

කවදාවත් ගේ ඇතුළට වෙලා කෑම කාපු නැති බංඩාර මහතාගේ පියා ගෙදර ඉස්තෝප්පුවේ තිබුණු වැල් ඇදට වෙලා තමයි කෑම කෑවේ, ඒ කාලේ මේ ගෙදර මිදුලෙන් ගමේ මිනිස්සු එහා මෙහා යනවලු. පාරක් තිබුනක් මේ මිදුල මැදින් ගමන කෙටි නිසා ගම්මු පහසුවට මේ මිදුල භාවිතා කරාලු.

ඉතින් මේ එලියේ කෑම කන බංඩාර මහතාගේ පියා කෑම කන අතරතුර මේ මිදුල මැදින් යන අයටත් කන්න කතා කරනවා, ඒ නිසාම කෑමට අමුත්තන් දෙතුන් දෙනෙකුත් වැරදුනේම නැහැ. ඉතින් ගෙදර හැදුනු කෑම වේලත් ගෙදර පිරිසට අමතරව කවත් කිහිප දෙනෙකුට සෑහෙන්න පිළියෙළ වෙනවා.

කොහොම හරි මේ බංඩාර මහතාගේ පියා මියගිය පසු මලගෙදරටත් විශාල පිරිසක් එනවා, මලගෙදර ආපු ගොඩක් අය කියපු දෙයක් තමයි " ගමටම කන්න දීපු මනුස්සයා " කියලා.

                            - මයුරපාද මිතුරෝ -

මලගෙදර වැඩකටයුතු ඉවර උනාට පස්සේ මාලබේ තිබුනු බංඩාර මහතාගේ ගෙදරට එන්න බස් එකට ගොඩවුණු බංඩාර මහතාට මේ මලගෙදර ආපු පිරිස් තමන්ගේ තාත්තා ගැන කියපු දේවල් විටෙන් විටේ මතක් වෙනවා..

ඉතින් බංඩාර මහත්තයා කල්පනා කරනවා  මාසේ පඩියකට , කුලී ගෙදරක කොළඹට වෙලා ඉන්න හැටි, නිවසට අවශ්‍ය හැම දෙයක්ම ගන්න උනේ සල්ලි වලට ගන්න වෙන හැටි, මේ හැම දේකටම වියදම් කරාම මාසේ අන්තිමට ඉතිරි වෙන දෙයක් නෑ.

බංඩාර මහතා මේ තමාගේ වර්තමාන තත්වයයි තාත්තා ගමේ ගතකරපු තත්වයයි ගැන ගොඩක් හිතනවා. ගේ ඉස්සරහාට වෙලා පාරේ යන අයටත් කන්න දුන්නා තාත්තා, ඒත් කොළඹ ජීවිතයේදී ඒ දේවල් ඒ විදිහට කරන්න බංඩාර මහතාට හැකියාවක් නෑ. කෑම කන්නත් උනේ ගෙදර දොර ජනෙල් වගගෙන. මොකද ඒ තරමටම වියදම සැරයි.

ඉතින් මේ සිදුවීමට තමයි මේ වන්නි වන පෙතේ කියන ගීතය 1985/86 වගේ තමයි ලියවෙන්නේ. ඒ හටන් කවි ආකාරයටයි.

රෝහන වීරසිංහ මහතාගේ සංගීතය එකතු වෙච්චි මේ ගීතය සුනිල් එදිරිසිංහ මහතාගේ කටහඩින් පණ ලබනවා...

                            - මයුරපාද මිතුරෝ -

බංඩාර මහතාගේ ජීවිතයේ ඔහුගේ තාත්තා සහ ඔහුගේ ජීවිතය එක් කොට නිර්මාණය වූ මේ ගීතය වර්තමානටත් යම් ගැලපීමක් තියෙනවා...

වන්නි වන පෙතේ..
ගම් දනව් පුරා නිවහන වංක ගිරි වනේ..
වෙසතුරු සදිසි පියවරුන්..
අත් මුදුන් තබා බැතියෙන් වන්දනා කරම්..

කන්ට බෑ කියා - තනියම එන්ට යයි කියා
ගමටම බත් බුලත් - නිතර දන් දුන් පියවරුන් වෙතින්..
ජාත වී ඇතත් - පූරුවෙ කරන ලද පවක් පලදී
බින්න බැස හිදී නගරය අසල දූ පුතුන්..

වන්නි වන පෙතේ...

කල්ප කාලයක් - පරපුර දුන්නු දන් ඇතත් සිත තුල
මාසෙකට වරක් ලැබෙනුයෙ - සොච්චමක් බැවින්
කන්ට ගත් ගමන් බත් පත - කවුරුවත් එතැයි බිය වැද
දොර ජනෙල් වසා තනියම - බුදිති බෝ දුකින්..

වන්නි වන පෙතේ...


ගායනය : සුනිල් එදිරිසිංහ
පද රචනය : බණ්ඩාර ඇහැලියගොඩ
සංගීතය : රෝහණ වීරසිංහ

ගීතය රසවිදින්න පහතින්..


සිංදු ගැන කතාබහට තවත් ගීතයකින් හමුවෙමු. 

*******
මයුරපාද මිතුරෝ මෙම අඩවියෙහි පළවන ලිපි පිලිබඳ තොරතුරු ප්‍රථමයෙන් සහ ඉක්මනින් ලබාගැනීමට අපගේ නිල facebook පිටුව සමග එකතුවන්න
 ↪ මෙතනින්  ↩

මෙම ලිපිය සම්බන්ධ ඔබගේ අදහස් පහතින් comment කරන්න.
තවත් කෙනෙකුට දකින්න share කරන්න.

මයුරපාද මිතුරෝ සමග එක්වූ ඔබට ස්තූතියි!.

Thursday 13 July 2017

කරුණාරත්න දිවුල්ගනේ මහතාගේ ගහක මල් පිපිලා ගීතයේ ගීතයේ තේරුම.




ඔයා වැඩියෙන්ම කැමති ගායකයා හෝ ගායිකාව කවුද ?. මම මෙහෙම ඇහුවොත් ඔයාලා ගොඩක් උත්තර දෙයි. ඔයා කැමතිම ගීත රචකයා හෝ රචිකාවිය කවුද?. මේ ප්‍රශ්නයට නම් ගොඩක් අයට උත්තර දෙන්න අමාරුයි. මොකද සිංදු ගැන දැනගත්තට ඒවා ඇහුවාට අපි ගොඩක් අය ඒ ගීතයේ කටහඩට වඩා එහා දෙයක් දැනගන්න , හොයන්න බලාපොරොත්තු වෙන්නේ නෑ.


මගෙන් කවුරු හරි වැඩියෙන්ම කැමති ගීත රචකයා , රචිකාවිය කවුද කියලා ඇහුවොත් මම නම් කියන්නේ ඒ "යමුනා මාලිනී" මහත්මිය කියලා. යමුනා මාලිනී මහත්මිය කියන්නේ කරුණාරත්න දිවුල්ගනේ මහතා වෙනුවෙන් බොහෝ ගීත රචනා කරපු රචිකාවියක්.

අද කතාබහට තොරාගත්තේ යමුනා මාලිනී මහත්මිය රචනා කරපු, කරුණාරත්න දිවුල්ගනේ මහතා ගායනා කරන, ගුනදාස කපුගේ මහතාගේ සංගීතයෙන් නිර්මාණය වූ ගහක මල් පිපිලා කියන ගීතය.

- මයුරපාද මිතුරෝ -

මේ ගීතය රචනය සදහා  සම්පූර්ණයෙන්ම ස්වභාව ධර්මය හරි අපූරුවට උපමා ලෙස යොදා ගෙන තිබෙනවා. මේ ගීතය ප්‍රේම ගීතයක්, නමුත් ගීතය තුළ කතාව නම් සම්මතයට පටහැනි දෙයක්.

" ගහක මල් පිපිලා පිපෙන්නේ
ඇයිද නොදන්නෙමී
හිතක මල් පිපිලා පිපෙන්නේ
ඇයිද නොදන්නෙමී
නුඹට සිත බැඳුනේ කිමැයි මා
තවම නොදන්නෙමි
නුඹට සිත බැදි කාරණේ මා
තවම සොයන්නෙමී "


පෙර කී ලෙසම ගීතය පරිසර වර්ණනා එකතු කරමින් යමුනා මාලිනී මහත්මිය හරි අපූරුවට රචනා කරලා තියෙනවා. ගීතයේ පලවෙනි පද පේලියෙන් කියවෙන විදිහට ගීතයේ සදහන් කරන පුද්ගලයා ප්‍රේම කරනවා. නමුත් ඔහුට ඒ ප්‍රේම කීරීමට හේතුව නම් හරිහැටි පැහැදිලි නෑ.

කතරෙ වැලි කැට හිරුට පෙම්බැද
ඇතත් ලෝ දහමින්
සොදුරු වැස්සට දැවෙන කතරත්
ආදරෙයි පණමෙන්
ලොවට නොපෙනෙන අරුම සෙනෙහස
ඒ වගෙයි මනරම්
කරනුබැරි තහනම්


ලෝක ධර්මයට අනුව නම් කාන්තාරයේ වැලි ආදරය කරන්නේ ඉරට වෙන්න ඇති. ඒත් ඒ පිච්චෙන , පිරිරෙන වැලි කැට කාන්තාරයට වැටෙන වැස්සකට ආදරය කරන්න බැරිද?. මම හිතනවා හැමදාම වැටෙන ඉරෙන් පිච්චි පිචිවී තියෙන වැලි කැට කවදා හෝ දවසක ඒ කාන්තාරයට වැටෙන වැස්සකට පණ වගේ ආදරය කරයි කියලා. ගොඩක් අයට මේ දේ තේරෙන්නේ නෑ. ඒ ඇයි මම දන්නෑ. නමුත් මගේ හිතේ ඔබට තියෙන ප්‍රේමයත් අන්න ඒ වගේ , හරිම විරල දෙයක්. ඒත් කාටවත් තහනම් කරන්න බෑ.

- මයුරපාද මිතුරෝ -

ගීතයේ මේ කොටසින් කියවෙන පරිදි  අසම්මත ප්‍රේමයක ඉගි අපට දෙනවා. සරලව කියනවා නම් කාන්තාවක් තවත් කාන්තාවකට හෝ පිරිමියෙකු තවත් පිරිමි පුද්ගලයෙකුට කරන ප්‍රේමයක් සම්බන්ධව පරිසර උපමා සහිතව අපට පහදා දෙනවා.

සදට සදහට සෙනෙහෙ පෑමුත්
උදුල තරු කැටයම්
හිරුටපෙම් බැදි එකම තරුවක්
සිටිය නොහැකිද යම්


අර අසම්මත සම්බන්ධය පිළිබඳ අපට දීපු ඉගි මෙතනදී තහවුරු කරනවා. රාත්‍රියේ පායන තරු හරිනම් ආදරය කර යුත්තේ රාත්‍රියේ පායන හදටයි, නමුත් ඔය අහසේ එක තරුවක් හරි නැතිව ඇතිද දවාලට පායන හදට පෙම් කරන.. එහෙම වෙන්න පුලුවන් නේද?.

නුඹට නොහැගෙන මගේ ප්‍රේමය
ඒ වගේ මනරම්
පුදුමවෙයි නුඹ නම්


අපට තේරෙන විදිහට නම් තවමත් ගීතයෙන් කියවෙන තැනැත්තා තමන්ගේ මේ අසම්මත ප්‍ර්මය ප්‍රකාශ කරලා නෑ. ඒ ප්‍රකාශ කිරීමට යම් බියක් දක්වන නිසා විය හැකියි. ⁣මොකද මෙය සම්මතයට පටහැනි අසම්මත දෙයක් නිසා. ඉතින් මේ ප්‍රේමය ප්‍රකාශ කිරීමෙන් අදාල පුද්ගලයා පුදුමයට පත්වීම සාමාන්‍ය දෙයක්. ඉතින් මේ ගීතයේ කියවෙන චරිතයත් යම් පසුබෑමකට ලක්වෙනවා මේ අසම්මත ප්‍රේමය ප්‍රකාශ කිරීමට. නමුත් ඔහු හිතින් බොහෝසේ ප්‍රේම කරනවා.

- මයුරපාද මිතුරෝ -

බොහේ දෙනෙකු කියන විදිහට ලංකාවේ පලවෙනි වරට අසම්මත ප්‍රේමය පිළිබඳ ලියවුණු ගීතය මේ ගීතය කියලා අපට හදුන්වන්න පුලුවන්. නමුත් ඇතැම් පිරිස් මේ ගීතයේ නිවරදි තේරුම මේක නෙවෙයි කියලා තර්ක කරන අවස්ථද නැතුවාම නොවෙයි. ඒ වගේම ගීතය වෙනුවෙන් නිර්මාණය වූ රූප රචනයේද එවන් අසම්මතයක් සම්බන්ධ දර්ශන ඇතුළත් වී නැහැ. ( ඒ වීඩියෝ එක පහලින් බලන්න පුලුවන් )

එක්තරා ගීත විචාරකයෙකු ඔහුගේ වැඩසටහනකදී කියා සිටියේ මේ ගීතය අප පෙර කී අසම්මතයට සම්බන්ධ ගීතයක් බවයි.

ඒ කෙසේ නමුත් අප ප්‍රවීණයන් ලෙස පිළිගත හැකි රචකයන් හෝ රචිකාවියන්ගේ නිර්මාණය පිළිබඳ සුළුවෙන් හෝ යම් අධ්‍යනයක් කළ යුතුය යන්න මේ ගීත වලින් අපිට පහදලා දෙනවා.

ගීතයෙන් කියවෙන දෙයට වඩා බොහෝ එහා ගිය දෙයක් ඇති ගීත බොහෝමයක් සිංහල ගීත තුළ පැවතියත් , ගීතය හදවතින්ම රසවිදින්න අපි ඒ ගීතයේ නිවරදි අරුත හෝ ගීත රචනයේ දී සිදුවූ රසවත් සිදුවීම් පිළිබඳ නිසි අවදානයක් නොදැක්වීම කනගාටුවට කරුණක්.

සිංහල ගීත ගැන විචාරාත්මකව සහ ගවේෂණාත්මකව තොරතුරු සොයා බලන්ට කැමති ඔබ වෙනුවෙන් ඉදිරියටත් අප " මයුරපාද මිතුරෝ " හරහා ලිපි ඔබට ලබාදෙන්න සූදානම්. ඉදිරියටත් රැදීසිටින්න අපත් සමග.

යමුනා මාලිනී පෙරේරා මහත්මිය

කරුණාරත්න දිවුල්ගනේ මහතා

ගුණදාස කපුගේ මහතා 

ගීතය රසවිදින්න 

*******
මයුරපාද මිතුරෝ මෙම අඩවියෙහි පළවන ලිපි පිලිබඳ තොරතුරු ප්‍රථමයෙන් සහ ඉක්මනින් ලබාගැනීමට අපගේ නිල facebook පිටුව සමග එකතුවන්න
 ↪ මෙතනින්  ↩

මෙම ලිපිය සම්බන්ධ ඔබගේ අදහස් පහතින් comment කරන්න.
තවත් කෙනෙකුට දකින්න share කරන්න.

මයුරපාද මිතුරෝ සමග එක්වූ ඔබට ස්තූතියි!.

Friday 7 July 2017

මයුරපාද ආදි සිසුන්ගේ තොරණේ දිනමිණ පුවත්පත් ලිපිය



මාවනැල්ල මයුරපාද ආදිශිෂ්‍ය තනුෂ්ක බංඩාර ඇතුළු කංඩායම විසින් නිර්මාණය කළ ලංකාවේ ප්‍රථම කැරකෙන තොරණ පිළිබඳ මයුරපාද මිතුරෝ මෙම අඩවිය හරහා පසුගිය දවසක අපි අනාවරණය කරා.

මෙම තොරණ කංඩායමේ දෙවන නිර්මාණයවන අතර රූපවාහිනී නාලිකා සහ පුවත්පත් එම නිර්මාණය පිළිබඳව සිදුකළ ප්‍රචාරයද අප මයුරපාද මිතුරෝ හරහා ඔබට තොරතුරු ලබා දුන්නා.

දිනමිණ වෙබ් අඩවිය හරහා 2017-06-16 දින මෙම තොරණ සම්බන්ධ තොරතුරු සහ ආදි සිසුවා සමග සිදුකළ කතාබහ ප්‍රචාරය කර ඇති අතර එම ලිපිය සහ "මයුරපාද මිතුරෝ" මෙම තොරණ සම්බන්ධ ලිපි වෙත පහතින් පිවිසෙන්න.





*******
මයුරපාද මිතුරෝ මෙම අඩවියෙහි පළවන ලිපි පිලිබඳ තොරතුරු ප්‍රථමයෙන් සහ ඉක්මනින් ලබාගැනීමට අපගේ නිල facebook පිටුව සමග එකතුවන්න
 ↪ මෙතනින්  ↩

මෙම ලිපිය සම්බන්ධ ඔබගේ අදහස් පහතින් comment කරන්න.
තවත් කෙනෙකුට දකින්න share කරන්න.

මයුරපාද මිතුරෝ සමග එක්වූ ඔබට ස්තූතියි!.

Thursday 6 July 2017

රුවක් ඇදෙනවා කවුදෝ එනවා ගීතය ලියවුණු හැටි.




සිංදු ගැන කතාබහට අදත් සිංහල ගීත ඉතිහාසයේ අති විශිෂ්ඨ ගෘතයක් ගැන තමයි කතා කරන්න හදන්නේ. ගුනදාස කපුගේ මහතා ගායනා කරපු මේ අපූරු ගීතය බොහෝ දෙනෙකු දැන හදුනා ගත්තේ සමලිංගික සේවනයේ යෙදෙන දෙදෙනෙකුගේ සිදුවීමක් ලෙසටයි. ඇත්තටම එය වැරදි මතයකි.

එක්තරා අවන්හලකට දිනපතා මදුවිත සප්පායම් ⁣වන්නට මැදිවියේ පුද්ගලයෙකු පැමිණෙනවා. අවන්හල ඔහුට සුපුරුදු තැනක්, දිනපතා පැමිණෙන මේ පුද්ගලයා ගැන හොදින් දන්න අවන්හලේ සේවකයෝ ඔහුට සුපුරුදු පරිදි සෑම දිනකම ඔහුගේ දිව හුරු මදුවිත ඉක්මනින් ඔහුට ලබාදෙනවා.

හැමදාම තමන්ට සුපුරුදු අවන්හලේ මුල්ලේ අසුනක මත්පැන් පානය කරමින් ඉන්න මේ පුද්ගලයාගේ මේසයේ දිනක් ඔහුට ඉදිරිපස පුටුවේ හුරුපුරුදු නොවූ තරුණයෙක් අසුන් ගන්නවා.

                        😎 මයුරපාද මිතුරෝ 😎

කඩිනමින් අවන්හලේ සේවකයන්ට කතා කරන මේ තරුණයා ඔහුට අවශ්‍ය මදුවිත සහ අනෙතුත් දෑ ඇනවුම් කරන මේ තරුණයාට මද වෙලාවකින් ඔහුට අවශ්‍ය දෑ ලැබෙනවා.

කුමක් නමුත් යම් ගැටළුවක මේ තරුණයා ඇති බව හැඟුණු පෙරකී මැදිවියේ පුද්ගලයා ඔහුගේ ක්‍රියා දෙස බලා ඉන්නවා.

මදුවිත උගුරු කිහිපයක් සප්පායම් වූ මේ තරුණයා දුම්වැටියක්ද දල්වා ගත්තා. විටක බර කල්පනාවක වැඩෙන විටක සුසුමි හෙලන මේ තරුණයාගේ හැසිරීම් දෙස බලා සිටි මැදිවියේ තැනැත්තා ඔහුත් සමග කතාබහ කරන්න තීරනය කරනවා.

" මොකෝ මල්ලි මේ? "

" නෑ , මොකුත් නෑ "

" මොකුත් නෑ?, මොකුත් නැති වෙන්න බෑ... මොකක්ද අවුල? "

දිගු සුසුමක් හෙලූ තරුණයා ඔහුගේ කතාව කියන්නට සූදානම් වෙනවා. ඒ ඔහුගේ ආදර කතාව,  ඔහු ආදරයෙන් පැරදිලා, තමාගේ සම්පූර්ණ කතාව අර මැදිවියේ පුද්ගලයාට කියපු මොහු......

" මම පැරදුණා අයියේ , අන්තිමට මට ඉතුරු උණේ මෙච්චර " කියමින් තවත් මදුවිත උගුරු කිහිපයක් පානය කරනවා.

                        😎 මයුරපාද මිතුරෝ 😎

" නෑ, මල්ලී උබ පැරදිලා නෑ.. උබට තව ජීවිතේ එහෙම්මයි.. උබට තව ගොඩක් දුර යන්න තියෙනවා , ඔය බොන එක නවත්තපං "

ගීතය ලියවෙන්නට මුල් වෙච්චි සත්‍ය කතාව තමයි ඔය, තවත් දෙයක් මේ ගීතය මුලින්ම රචනා උණේ අද අපි අහන විදිහට නම් නෙමෙයි.

" මීවිතෙන් ගිණි කණ වැසුණු ඇස
කාගේ රුවදෝ ඇදෙන්නේ
නිමේෂයකින් ඔබට සැසදෙන
හිතවතෙකි ඔබ දකින්නේ

භද්‍ර යෞවන මලණුවකි ඔබ
කිමද මධු විත සොයන්නේ

නුරා දාහය නැත නිවෙන්නේ
එයිනි දුක් ගිණි දළු දමන්නේ

ජීවිතේ දියවී යා නොදී
වෙනින් ඔරුවක නැග යමන්නේ "


මහින්ද දසනායක මහතා අතින් ලියවෙන මේ ගීතය ගුණදාස කපුගේ මහතා දෙතුන් වරක් කියවනවා...

"  'රුවක් ඇදෙනවා කවුදෝ එනවා' අපි මේ විදිහට සිංදුව පටන්ගමුද මහින්ද? "

                        😎 මයුරපාද මිතුරෝ 😎

ගුණදාස මහතාගේ ඒ ඉල්ලීමට එකග වෙන මහින්ද දසනායක ඉතා කෙටි කාලයක් තුළ නැවත මුළු ගීතයම සංස්කරණය කරන්නේ මේ විදිහට.

 " රුවක් ඇදෙනවා කවුදෝ එනවා
මීවිත ඇඳරිය දෑස වසනවා
හද පොදි බැඳි දුක දියකර පා කර
ඔබේ ලොවට මා මොහොතින් එනවා

සොඳුරු යොවුන් විය මල් මග මුල හිඳ
කිම තොල මීවිත පොඟවන්නේ
නුරා විරහ ගිනි නිවා දමන්නයි
සුරා විතින් මා දෙතොල තෙමන්නේ

නැගුණු නුරා ගිනි මී පොද වැටිලා
හතර වටින් දළු ලා එනවා
අවන් හලේ මී විත තනි කරලා
වරෙන් මලේ පියවර නගලා "


රචනය - මහින්ද දිසානායක මහතා.
සංගීතය - විශාරද ගුනදාස කපුගේ මහතා.
ගායනය - විශාරද ගුනදාස කපුගේ මහතා සමගින්                       කරුණාරත්න දිවුල්ගනේ මහතා.

ගීතය රසවිදින්න පහතින්


---------------
මහින්ද දිසානායක මහතා

විශාරද ගුනදාස කපුගේ මහතා

කරුණාරත්න දිවුල්ගනේ මහතා

***********


සිංදු ගැන කතාබහට තවත් සොදුරු ගීතයකින් හමුවෙමු.

*******
මයුරපාද මිතුරෝ මෙම අඩවියෙහි පළවන ලිපි පිලිබඳ තොරතුරු ප්‍රථමයෙන් සහ ඉක්මනින් ලබාගැනීමට අපගේ නිල facebook පිටුව සමග එකතුවන්න
 ↪ මෙතනින්  ↩

මෙම ලිපිය සම්බන්ධ ඔබගේ අදහස් පහතින් comment කරන්න.
තවත් කෙනෙකුට දකින්න share කරන්න.

මයුරපාද මිතුරෝ සමග එක්වූ ඔබට ස්තූතියි!.

Wednesday 5 July 2017

Password නැතිව Wifi සම්බන්ධතාවය ලබාගන්නේ මෙහෙමයි.



ආයුබෝවන්!.

අද අපි කියලා දෙන්න හදන්නේ Password නැතිව Wifi සම්බන්ධතාවය ලබාගන්න විදිහ. මුලින්ම කියන්න ඕන මේක මේ Hack කරනවා නම් නෙමෙයි. මේක අපිට Router එක හරහා ලැබෙන පහසුකමක්.
මේ ක්‍රමය හරහා ඔයාගේ Android Phone එකෙක් Wifi සම්බන්ධතාවය ලබාගන්න පුලුවන්. සමහර විට ඔයාගේ පරිගණකයටත් මේ විදිහට සම්බන්ධ වෙන්න පුලුවන් ඇති. හැබැයි මම නම් Android Phone එකෙන් විතරයි මේ විදිහට සම්බන්ධ වෙලා තියෙන්නේ.
                  
                          😎 මයුරපාද මිතුරෝ 😎

වැඩි කතා නැතිව දැන් වැඩේට බහිමු.

මුලින්ම Router එක ළගට යන්න, දැන් බලන්න WPS කියලා බොත්තමක් තියෙනවාද කියලා. මේ WPS හරහා තමයි අපි Wifi ලබාගන්නේ.  මේ WPS බොත්තම Router එකේ ඕනම තැනක තියෙන්න පුලුවන්. එක එක Router වල එක එක තැන්වල තියෙන්නේ.





WPS කියලා නැති නම් මේ වගේ සලකුණක් ඇති.




දැන් මේ WPS ON කරන්න. මගේ Router එකේ නම් මේ WPS බොත්තම ටික වෙලාවක් ඔබාගෙන ඉන්න කොට Signal පෙන්නන බල්බ් එක නිවි නිවී පත්තු වෙනවා. ඒ විදිහට ඔයාටත් මොකක් හරි සංඥාවක් ලැබෙයි.
           
                         😎 මයුරපාද මිතුරෝ 😎

දැන් ඔයාගේ phone එක ගන්න.

ඔයාගේ Android Phone එකේ Wifi Setting වලට යන්න..



දැන් MORE බොත්තම තෝරන්න.


දැන් පහත රූපයේ පරිදි WPS push button තෝරන්න.


දැන් මෙන්න මෙහෙම ඇවිත් ඔයා අර WPS ON කරපු Wifi Router එක සමග ඔයාගේ දුරකථනය සම්බන්ධ වේවි.


--------

දැන් ඉතින් Wifi Router පාවිච්චි කරන අයට පොඩ් ප්‍රශ්නයක් එයි. මොකද මේ විදිහට ඕනම කෙනෙක්ට Password දාලා තිබුනත් Router එකට ලේසියෙන්ම සම්බන්ධ වෙන්න පුලුවන් නේද කියලා..
😎 මයුරපාද මිතුරෝ 😎

ඔව් පුලුවන් තමයි.. Wifi Router එක කියන්නේ එලියෙන් තියලා තියෙන එකක් නෙමෙයි. එක්කෝ උස් තැනකින් තියන්න නැතිනම් හංගන්න. Wifi තියෙනවා කියලා රටේ මිනිස්සුන්ට පෙන්නන්න ඕන නැහැනේ😆😆😆😆

******

ඉදිරි තාක්ෂණික ලිපි හරහා ebay හරහා ගෙදරට බඩු ගෙන්වන විදිහ , පහසුවෙන් CCTV පද්ධතියක්  ස්ථාපනය කරන විදිහ වගේ තවත් තොරතුරු අපි කියලා දෙන්නම්. 

ඉතින් "මයුරපාද මිතුරෝ" මේ අඩවියේ ලිපි පිළිබඳ පහසුවෙන් සහ ඉක්මනින් තොරතුරු ලබාගන්න මයුරපාද මිතුරෝ අපේ facebook පිටුව සමග සම්බන්ධ වෙන්න කියලා ආරාධනා කරනවා.

ඒ වගේම මේ ලිපිය ගැන මොකක් හරි නොතේරෙන තැනක් තියෙනවා නම් ඒ ගැනත් comment කරන්න. නැතිනම් අපේ facebook පිටුවට msg එකක් දාන්න

*******
මයුරපාද මිතුරෝ මෙම අඩවියෙහි පළවන ලිපි පිලිබඳ තොරතුරු ප්‍රථමයෙන් සහ ඉක්මනින් ලබාගැනීමට අපගේ නිල facebook පිටුව සමග එකතුවන්න
 ↪ මෙතනින්  ↩

මෙම ලිපිය සම්බන්ධ ඔබගේ අදහස් පහතින් comment කරන්න.
තවත් කෙනෙකුට දකින්න share කරන්න.

මයුරපාද මිතුරෝ සමග එක්වූ ඔබට ස්තූතියි!.

Tuesday 4 July 2017

දුරකථනයෙන් Youtube Video Download කරන්න සුපිරි ඇප් එකක්.



ආයුබෝවන්!.

ඔන්න අද ඉදන් අපේ ලිපි එකතුවට Computer Software සහ Mobile App වගේ දේවල් ටිකක් එකතු කරන්න හදන්නේ. ඉතින් මුලින්ම තෝරාගත්තේ Youtube හරහා Download කරන්න පුලුවන් app එකක්, මම දන්න තරමින් play story වල Youtube Download කරන්න පුලුවන් App එකක් නෑ.

TubeMate කියන්න ජංගම දුරකථන හරහා Youtube Download කරන්න පහසුම ඇප් එක. ඔයා කැමති Video එකක් ඔයා කැමති සංස්කරණයකින් වගේම ඉතාමත් ඉක්මනින් සහ පහසුවෙන් Download කරගන්න හැකියාව මේ ඇප් එක හරහා ඔයාට ලැබෙනවා.

                        ↪ DOWNLOAD APP ↩

ඇප් එක Download කරලා Install කරගන්න.

Install කරගත්තු ඇප් එකෙන් Youtube Download කරන්නේ මෙහෙමයි.

1).


ඔයා කැමති Video එක තෝරන්න ඉහත රූපයේ රතු පාටින් රවුම් කරලා තියෙන කොළපාට ඊතලය තෝරන්න.

2).

මෙතනින් ඔයා කැමති සංස්කරණයක් තෝරලා Download කරන්න.

ඇප් එක Download කරන්න හරි Install කරන්න හරි ගැටළුවක් තියෙනවා නම් පහලින් comment කරන්න නැත්නම් " මයුරපාද මිතුරෝ " අපේ facebook page එකට Msg එකක් දාන්න, උදව් කරන්නම්..

********

මයුරපාද මිතුරෝ මෙම අඩවියෙහි පළවන ලිපි පිලිබඳ තොරතුරු ප්‍රථමයෙන් සහ ඉක්මනින් ලබාගැනීමට අපගේ නිල facebook පිටුව සමග එකතුවන්න
 ↪ මෙතනින්  ↩

මෙම ලිපිය සම්බන්ධ ඔබගේ අදහස් පහතින් comment කරන්න.
තවත් කෙනෙකුට දකින්න share කරන්න.

මයුරපාද මිතුරෝ සමග එක්වූ ඔබට ස්තූතියි!.

Sunday 2 July 2017

දියණිය වෙනුවෙන් ගැයුණු සොදුරුතම ගීත හත.


සිංහල ගීතයේ දියණිය වෙනුවෙන් කියවෙන අති සංවේදී ගීත හතක් ගැන අද අපි අවධානය යොමුකරමු.

මෙම ගීත හතෙන් එක් ගීතයක් ගැන පමණක් මේ වන විට මයුරපාද මිතුරෝ මෙම අඩවිය හරහා නිර්මාණය වූ අයුරු සහ තවත් තොරතුරු කිහිපයක් ඔබට ලබාදී ඇති අතර, අනෙකුත් ගීත සදහාද ඉදිරීයේදී එක් එක් ගීතය පිළිබඳ තොරතුරු ඔබට ලබාදෙන බැවින් මෙම ලිපිය හරහා ගීත පිළිබඳ විස්තර කිරීමක් සිදු නොවේ.

ඉදිරි ලිපි පිළිබඳ තොරතුරු ලබාගැනීමට පහතින් අපගේ facebook පිටුව සමග එකතුවන්න.

°°°°°°°°°°°°

1, මගෙ දුවේ නුඹ අවදියෙන් නම්.


ගායනය - කරුණාරත්න දිවුල්ගනේ
පද රචනය - රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය - රෝහණ වීරසිංහ

2, පුංච් දවස්වල නින්දට යද්දී.


ගායනය : සුජාතා අත්තනායක
පද රචනය : ආචාර්ය අජන්තා රණසිංහ
සංගීතය : සරත් දසනායක

3, රත්තරං දුවේ මගේ


ගායනය : නන්දා මාලිනී සහ රෝහණ වීරසිංහ
පද රචනය : කාලෝ ෆොන්සේකා
සංගීතය : රෝහණ වීරසිංහ

4, සද තරු මල්


ගායනය : අතුල අධිකාරි, සමිතා මුදුන්කොටුව
පද රචනය : රඹුකන සිද්ධාර්ථ හිමි
සංගීතය : රෝහණ වීරසිංහ

5, දුවේ නුඹ මගෙ ප්‍රාණයයි.


ගායනය : සුනිල් එදිරිසිංහ
පද රචනය : බණ්ඩාර ඇහැළියගොඩ
සංගීතය : රෝහණ වීරසිංහ

මෙම ගීතය පිළිබඳ තොරතුරු ඇතුළත් ලිපිය මෙතනින් බලන්න 

6, රතු ගුරු පාරේ හැන්දෑවේ.


ගායනය : ලතා වල්පොල , ධම්මිකා වල්පොල

7, මංගල නැකතින් යන්නට.


පද - සේන  සමරසිංහ 
ගායනය - චන්ද්‍රලේඛා පෙරේරා

°°°°°°°
මයුරපාද මිතුරෝ මෙම අඩවියෙහි පළවන ලිපි පිලිබඳ තොරතුරු ප්‍රථමයෙන් සහ ඉක්මනින් ලබාගැනීමට අපගේ නිල facebook පිටුව සමග එකතුවන්න
 ↪ මෙතනින්  ↩

මෙම ලිපිය සම්බන්ධ ඔබගේ අදහස් පහතින් comment කරන්න.
තවත් කෙනෙකුට දකින්න share කරන්න.

මයුරපාද මිතුරෝ සමග එක්වූ ඔබට ස්තූතියි!.