Music Player

Thursday 6 July 2017

රුවක් ඇදෙනවා කවුදෝ එනවා ගීතය ලියවුණු හැටි.




සිංදු ගැන කතාබහට අදත් සිංහල ගීත ඉතිහාසයේ අති විශිෂ්ඨ ගෘතයක් ගැන තමයි කතා කරන්න හදන්නේ. ගුනදාස කපුගේ මහතා ගායනා කරපු මේ අපූරු ගීතය බොහෝ දෙනෙකු දැන හදුනා ගත්තේ සමලිංගික සේවනයේ යෙදෙන දෙදෙනෙකුගේ සිදුවීමක් ලෙසටයි. ඇත්තටම එය වැරදි මතයකි.

එක්තරා අවන්හලකට දිනපතා මදුවිත සප්පායම් ⁣වන්නට මැදිවියේ පුද්ගලයෙකු පැමිණෙනවා. අවන්හල ඔහුට සුපුරුදු තැනක්, දිනපතා පැමිණෙන මේ පුද්ගලයා ගැන හොදින් දන්න අවන්හලේ සේවකයෝ ඔහුට සුපුරුදු පරිදි සෑම දිනකම ඔහුගේ දිව හුරු මදුවිත ඉක්මනින් ඔහුට ලබාදෙනවා.

හැමදාම තමන්ට සුපුරුදු අවන්හලේ මුල්ලේ අසුනක මත්පැන් පානය කරමින් ඉන්න මේ පුද්ගලයාගේ මේසයේ දිනක් ඔහුට ඉදිරිපස පුටුවේ හුරුපුරුදු නොවූ තරුණයෙක් අසුන් ගන්නවා.

                        😎 මයුරපාද මිතුරෝ 😎

කඩිනමින් අවන්හලේ සේවකයන්ට කතා කරන මේ තරුණයා ඔහුට අවශ්‍ය මදුවිත සහ අනෙතුත් දෑ ඇනවුම් කරන මේ තරුණයාට මද වෙලාවකින් ඔහුට අවශ්‍ය දෑ ලැබෙනවා.

කුමක් නමුත් යම් ගැටළුවක මේ තරුණයා ඇති බව හැඟුණු පෙරකී මැදිවියේ පුද්ගලයා ඔහුගේ ක්‍රියා දෙස බලා ඉන්නවා.

මදුවිත උගුරු කිහිපයක් සප්පායම් වූ මේ තරුණයා දුම්වැටියක්ද දල්වා ගත්තා. විටක බර කල්පනාවක වැඩෙන විටක සුසුමි හෙලන මේ තරුණයාගේ හැසිරීම් දෙස බලා සිටි මැදිවියේ තැනැත්තා ඔහුත් සමග කතාබහ කරන්න තීරනය කරනවා.

" මොකෝ මල්ලි මේ? "

" නෑ , මොකුත් නෑ "

" මොකුත් නෑ?, මොකුත් නැති වෙන්න බෑ... මොකක්ද අවුල? "

දිගු සුසුමක් හෙලූ තරුණයා ඔහුගේ කතාව කියන්නට සූදානම් වෙනවා. ඒ ඔහුගේ ආදර කතාව,  ඔහු ආදරයෙන් පැරදිලා, තමාගේ සම්පූර්ණ කතාව අර මැදිවියේ පුද්ගලයාට කියපු මොහු......

" මම පැරදුණා අයියේ , අන්තිමට මට ඉතුරු උණේ මෙච්චර " කියමින් තවත් මදුවිත උගුරු කිහිපයක් පානය කරනවා.

                        😎 මයුරපාද මිතුරෝ 😎

" නෑ, මල්ලී උබ පැරදිලා නෑ.. උබට තව ජීවිතේ එහෙම්මයි.. උබට තව ගොඩක් දුර යන්න තියෙනවා , ඔය බොන එක නවත්තපං "

ගීතය ලියවෙන්නට මුල් වෙච්චි සත්‍ය කතාව තමයි ඔය, තවත් දෙයක් මේ ගීතය මුලින්ම රචනා උණේ අද අපි අහන විදිහට නම් නෙමෙයි.

" මීවිතෙන් ගිණි කණ වැසුණු ඇස
කාගේ රුවදෝ ඇදෙන්නේ
නිමේෂයකින් ඔබට සැසදෙන
හිතවතෙකි ඔබ දකින්නේ

භද්‍ර යෞවන මලණුවකි ඔබ
කිමද මධු විත සොයන්නේ

නුරා දාහය නැත නිවෙන්නේ
එයිනි දුක් ගිණි දළු දමන්නේ

ජීවිතේ දියවී යා නොදී
වෙනින් ඔරුවක නැග යමන්නේ "


මහින්ද දසනායක මහතා අතින් ලියවෙන මේ ගීතය ගුණදාස කපුගේ මහතා දෙතුන් වරක් කියවනවා...

"  'රුවක් ඇදෙනවා කවුදෝ එනවා' අපි මේ විදිහට සිංදුව පටන්ගමුද මහින්ද? "

                        😎 මයුරපාද මිතුරෝ 😎

ගුණදාස මහතාගේ ඒ ඉල්ලීමට එකග වෙන මහින්ද දසනායක ඉතා කෙටි කාලයක් තුළ නැවත මුළු ගීතයම සංස්කරණය කරන්නේ මේ විදිහට.

 " රුවක් ඇදෙනවා කවුදෝ එනවා
මීවිත ඇඳරිය දෑස වසනවා
හද පොදි බැඳි දුක දියකර පා කර
ඔබේ ලොවට මා මොහොතින් එනවා

සොඳුරු යොවුන් විය මල් මග මුල හිඳ
කිම තොල මීවිත පොඟවන්නේ
නුරා විරහ ගිනි නිවා දමන්නයි
සුරා විතින් මා දෙතොල තෙමන්නේ

නැගුණු නුරා ගිනි මී පොද වැටිලා
හතර වටින් දළු ලා එනවා
අවන් හලේ මී විත තනි කරලා
වරෙන් මලේ පියවර නගලා "


රචනය - මහින්ද දිසානායක මහතා.
සංගීතය - විශාරද ගුනදාස කපුගේ මහතා.
ගායනය - විශාරද ගුනදාස කපුගේ මහතා සමගින්                       කරුණාරත්න දිවුල්ගනේ මහතා.

ගීතය රසවිදින්න පහතින්


---------------
මහින්ද දිසානායක මහතා

විශාරද ගුනදාස කපුගේ මහතා

කරුණාරත්න දිවුල්ගනේ මහතා

***********


සිංදු ගැන කතාබහට තවත් සොදුරු ගීතයකින් හමුවෙමු.

*******
මයුරපාද මිතුරෝ මෙම අඩවියෙහි පළවන ලිපි පිලිබඳ තොරතුරු ප්‍රථමයෙන් සහ ඉක්මනින් ලබාගැනීමට අපගේ නිල facebook පිටුව සමග එකතුවන්න
 ↪ මෙතනින්  ↩

මෙම ලිපිය සම්බන්ධ ඔබගේ අදහස් පහතින් comment කරන්න.
තවත් කෙනෙකුට දකින්න share කරන්න.

මයුරපාද මිතුරෝ සමග එක්වූ ඔබට ස්තූතියි!.

0 comments:

Post a Comment