Music Player

Sunday 5 March 2017

රා රා රා බොම්බියේ. මේක අවුරුදු ගීතයක් නෙමෙයි. තොරතුරු දැනගන්න ලිපිය කියවන්න


ඔන්න අවුරුදු කාලෙත් ලගයි. අවුරුදු කාලෙට හැම තැනම අවුරුදු ගීත ඇහෙනවා. අපි වැරදියට තේරුම් ගත්තු අවුරුදු ගීතයක් කියලා හිතන් ඉන්න ගීතයක් ගැන අද කතා කරන්න හදන්නේ.. මේ ගීතය ගායනා කරන්නේ ප්‍රවීණ ගායක සුනිල් එදිරිසිංහ මහතා. ගීතය රචනා කරලා තියෙන්නේ සරත් පෙරේරා මහතා.


රා රා රා බොම්බියේ මුවා වෙයන් නංගියේ //
ජපං මැන්ඩලින් නද කර //
අවුරුදු එයි හන්දියේ...

උජාරුවට කිව්වත් ලෝකෙට පරකාසේ
දේසේ හැටියට නොම වෙයි එන එන බාසේ
සීගිරි කැටපත් පවුරේ ඇත සංගීතේ
මිහිරට ගයමුකො මල්ලියෙ සීපද ගීතේ
අවුරුදු එයි හන්දියේ මුවා වෙයන් නංගියේ
අවුරුදු එයි හන්දියේ මුවා වෙයන් මල්ලියේ

රා රා රා බොම්බියේ...

ලලයි ලිලයි ලයි වැයුවත් වියෝලෙ බැන්ජෝ
කාගේවත් පට්ටන්දර මොකටද සිංඤෝ
කාලෙන් කාලෙට කියැවෙයි නෙක නෙක බයිලා
දෙස බස රැකුමට නුවණින් වැඩ කරපල්ලා
අවුරුදු එයි හන්දියේ මුවා වෙයන් නංගියේ
අවුරුදු එයි හන්දියේ මුවා වෙයන් මල්ලියේ

රා රා රා බොම්බියේ...


මුලින් කීවා වගේ මේක අවුරුදු ගීතයක් නම් නෙමෙයි. මේ ගීතයෙන් කියවෙන්නේ දේශිය දේවල් අගය කරන්න කියලයි. ඒ වගේම මේ ගීතය විදේශීය දේවල් විවේචනය කරනවා කියලත් කියන්න පුලුවන්.

ගීතයේ අවුරුදු කියලා කියන්නේ පිට රටවලින් එන විච්චූරණවලට. මේවා දකින අපේ මිනිසුන්ට ඒක නිකන් හරියට අවුරුදු ලැබුවා වගේලු. ඉතින් ඒ දේවල් අපිට වැඩක් නෑ අපි අපේ දේශීය දේ අගය කරමු කියලා මේ ගීතයෙන් බාල පරම්පරාව දැනුවත් කරනවා.

ඒ වගේම දෙස බස රැකගන්න මේ ගීතයෙන් අනාගත පරම්පරාවට උපදෙස් දෙනවා. ඇත්තටම අපේ තරුණ පරම්පරාවට අපේ රටේ සංස්කෘතිය  ගොඩක් දුරට අමතක වෙලා තියෙන්නේ. අනාගතේ බාරගන්න ඉන්න තරුණ අය ඉන්නේ වෙනම ලෝකවල. ඉතින් ඒක සුද්දා අපිට දීපු ලනුවක් පුලුවන් අය බේරියල්ලා... මේ ගීතයේ අදහස ඒකයි...

ගීතය රසවිදින්න කියලා ආරාධනා කරනවා....



https://m.youtube.com/watch?v=iKiwfurQyMg

*****

මයුරපාද මිතුරෝ සමග එක්වූ ඔබට ස්තූතියි!.

0 comments:

Post a Comment