Music Player

This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

Thursday 23 March 2017

අහස පොළව වටපිටාව හරිම හිස්තැනක්. ගීතය ලියවුණු හැටි.



යමුනා මාලිනී පෙරේරා මහත්මිය රචනා කරපු සුනිල් එදිරිසිංහ මහතා ගායනා කරන ලස්සන ගීතයක්වන "අහස පොළොව වටපිටාව" කියන ගීතය ගැන තමයි කතා කරන්න හදන්නේ. රචිකාවියගේ අත්දැකීමකට ලියවුණු ගීතයක් වගේම යමුනා මාලිනී මහත්මිය ලියපු පලවෙනි ගීතයත් මේකයි. ඇය ඊට කලින් කවි රචනා තමයි කරලා තියෙන්නේ.




යමුනා මාලිනී මහත්මිය.

යමුනා මාලිනී මහත්මියගේ සැමියා කාලයක් මහවැලියේ සේවය කරා. ඒ කාලේ සුනිල් එදිරිසිංහ මහත්මයත් මහවැලියේ තමයි සේවය කරලා තියෙන්නේ. කොහොම හරි සුනිල් එදිරිසිංහ මහත්මයා යමුනා මහත්මිය ලියපු කවි කියවලා තිබුනලු. එක තැනම වැඩකරපු යමුනා මහත්මියගේ සැමියා (සේනක) අදුර ගත්තු සුනිල් මහත්තයා ඔහුට කීවලු ඇයගෙන් ගීතයක් ලියාගෙන එන්න කියලා.

යමුනා මහත්මියගේ විවාහය ලියාපදිංචි කරාට පස්සේ සැමියාට ශිෂ්‍යත්වයක් ලැබෙනවා රුසියාවට යන්න. මොකද ඔහුට පරාස නාට්‍යයේ හොදම නලුවා වෙන්න හැකිවෙලා ලැබිලා තිබුනු නිසා.

😎😎මයුරපාද මිතුරෝ බිලොග් අඩවිය😎😎 

ඉතින් ඔහු රුසියාවේ ඉන්නකොට යමුනා මහත්මිය මෙහේ ඉදන් ඔහු ගැන කවි කිහිපයක් ලියනවා. ඉතින් සුනිල් මහත්මයා කරපු ඉල්ලීමට ඇය මේ කවි පංතිය හදලා දෙනවා සුනිල් මහත්මයාට දෙන්න.

සුනිල් එදිරිසිංහ මහතා.

ගීතය ලැබුනු සුනිල් මහත්තයා ගොඩක් සංතෝස උනාලු. "මේක නම් හොදට යන ගීතයක් වෙයි" කියපු ඔහු මේ ගීතය රෝහන වීරසිංහ මහත්තයා දීලා සංගීත නිර්මාණය කරාලු.

රජරට සේවය සහ රුහුණු සේවයේ මේ ගීතය මුලින්ම ප්‍රචාරය උනාලු.... කො⁣හොම හරි යමුනා මහත්මිය ලියපු පලවෙනි ගීතය මේ විදිහට ජනප්‍රිය උනා. අදටත් ඉතින් ගීතයේ ජනප්‍රියත්වය අදටත් කිසිම වෙනසක් නම් වෙලා නෑ...

මේ ගීතය කලින් ඔයා අහලා ඇති. නමුත් මම ආරාධනා කරනවා ගීතයේ අර්ථය ගැන දැන් දැනුවත් ඔබට මේ ගීතය නැවතත් රසවිදින්නට...


අහස පොළව වටපිටාව හරිම හිස්තැනක්
ගහක් කොළක් දියක් නොමැති කාන්තාරයක්
ඇදී එන්න ඒ මොහොතේ හඬාවැටෙන හද මඬලට
ඔබයි මමයි ඉන්නා තැන කොහිද තනිකමක්
නැහැනේ තනිකමක්...

කණක මිණක තරුවක රුව
නොපෙනුනි ඔබ දකින තුරා
ලොවක සිරිය නොදුටිමි මා 
ඔබෙ සෙනෙහස දකින තුරා

අහස පොළව...

විලක දොලක සුව නොලදිමි
ඔබ මා හා රැදෙන තුරා
මලෙක සුවඳ ඇත මසිතේ
ඔබ මා ලඟ සිටින තුරා

අහස පොළව...



*****

තවත් මෙවන් සොදුරු ගීතයකින් හමුවෙමු.

මයුරපාද මිතුරෝ සමග එක්වූ ඔබට ස්තූතියි!.


Monday 20 March 2017

මයුරපාදයේ නව නිපැයුම් වැඩ්ඩෝ. බල්බ් 21,000ට දල්වන්න දවසටම රු.20යි.



අද කතා කරන්න හදන්නේ තවත් ආදි මයුරපාදීන් කංඩායමක අපූරු වැඩක් ගැන. ඒ පසුගිය වසරේ වෙසක් උත්සවය සදහා නිර්මාණය වූ අපූරු තොරණක් ගැන. මේ තොරණ සාමාන්‍ය තොරණකට වඩා ටිකක් විශේෂ එකක්...20000කට අදික විදුලි බුබුළු සදහා ⁣මේ තොරණට දවසට වියදම් වෙන්නේ රුපියල් 20වගේ සුලු මුදලක්. ඒ ගැන කතා කරන්න අපිත් එකක් මේ තොරණ නිර්මාණයට දායක වෙච්චි ආදි සිසුන් දෙදෙනෙක් සම්බන්ධ කරගත්තා..


මේ තොරණ නිර්මාණයට මූලික උණේ තනුෂ්ක බංඩාර සොයුරා.....


තනුෂ්ක 

මොකක්ද නම ?.

තනුෂ්ක  කැලුම් බණ්ඩාර.

පාසල් ගිය කාලසීමාව ?

1996-2009

ඇයි හිතුනේ මෙහෙම දෙයක් කරන්න ?

වෙනසක් කරන්න හිතුනා,
අලුත් දේවල් කරන්න ආසයි.



මොකක්ද තොරණට සම්බන්ධ කරගත්තු ජාතක කතාව.

අපි කරේ අපන්නක ජාතකය.

මොකද්ද මේ තොරණ හා වෙනත් තොරණ අතර වෙනස්කම් ?.

මේ තොරණ ක්‍රියා කරන්නේ සම්පූර්ණයෙන් බැටරි කරන්ට් එකකින් (12V)

LED විදුලි බුබුලු 21000ක් පමණ එක් කරලා තමා මේ තොරණ ආලෝකමත් වෙන්නේ.

LED නිසා මෙම තොරණ පුදර්ශණය කිරීමේදී දවසකට රුපියල් 20ක් වැනි කුඩා මුදලක් විදුලි බලය සදහා වැයවෙන්න‍ේ.

රටා නිර්මාණය වෙන්නෙ පරිඝණකය හා සම්බන්ධ  පරිපත සමූහයකින්.

කොච්චරක් උසයිද මේ තොරණ ?.

අඩි 40ක් උසයි සම්පූර්ණම.



කවුද මේ නිර්මාණයට උදවු කරපු පිරිස් ?.

චිත්‍ර ඇදලා දුන්නේ යුගාන්ත චන්ද්‍රෙස්න කියන අපේ පාසලේම මගෙ යාලුවෙකුයි එයාගේ සහෝදරයෝ දෙන්නයි.

වයරින් වැඩ වලදි වරුණ විෂ්මිණ මල්ලි උදවු කරා ගොඩක්ම.

ඒ වගේම බානුක ගනේගොඩ මිතුරා Programming වලදි උදවු කරා.

අපේ ඉස්කෝලෙ ගොඩක් අය මුදල් වලින් උදවු කරා අවශ්‍ය අමුද්‍රව්‍ය මිලදීගැනීම් වලදී.
ඒ අයටනම් අදටත් ස්තූති කරනවා.

කොච්චර කාලයක් ගියාද මේ නිර්මාණය කරන්න ?.

මාස 6ක් විතර දිගටම වැඩකරා.



ඉදිරියේදිත් මේ වගේ වෙනස්ම නිර්මාණ කරන්න බලාපොරොත්තු වෙනවද? වෙනත් නව නිර්මාණ තියෙනවද ?.

ඔව්.
පාසලේදිත් නවනිපැයුම් තරගවලින් ජයග්‍රහන අරන් තියෙනවා.

ඉදිරියටත් අලුත් වෙනස් දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා

පාසල් කාලයේදී මොනවද කලේ ?.

බාලදක්ෂ කණ්ඩායමේ හිටියා 2004 වර්ෂවල
ශිෂ්‍ය නායකයෙක් විදිහට 2005-2009 වසරවල හිටියා.
පාසල් මාද්‍ය ඒකකයේ ආරම්භක සභාපති විදිහට කටයුතු කරා.

මයුරපාදෙ කොල්ලො ටිකක් එකතුවෙලා මේ කරපු දේ ගැන ගොඩක් සතුටුයි.. මොකද මේ දේවල් කරන්න පන්නරය ආවෙ මයුරපාද විදු මෑණියන්ගෙන් තමා.



මයුරපාද මිතුරො ගැන මොකද හිතෙන්නේ ?.

කවුරු කුමන අරමුණින් පටන්ගත්තත් මේක තමා වෙන් ඕනි. පාසලේ සියලුම දෙනා එකම ස්ථානයකට ගොනුකරන මේ වගේ නිර්මාණාත්මකව මේ ක්‍රියාව කරගෙන යන ඔබ සියලුදෙනා අගය කරනවා.
ගොඩක් වටිනවා....

-----------

⁣මේ ගැන වැඩිදුරටත් කතා කරන්න තොරණේ චිත්‍ර නිර්මාණය කරපු මයුරපාද ආදි සිසුවෙකුත් අපි සම්බන්ධ කරගත්තා. ⁣චිත්‍ර නිර්මාණය සදහා දායක වෙලා තියෙන්නේ මයුරපාද ආදිශිෂ්‍ය එකම පවුල් සහෝදරයන් තිදෙනෙක්...

අපිත් එක්ක කතා කරන්න එකතු උනේ 
ප්‍රබුද්ධ  චන්ද්‍රසේන.


ප්‍රබුද්ධ 

ඔයාලා තුන්දෙනාගෙ නම් ?.

යුගාන්ත චන්ද්‍රසේන.
ප්‍රබුද්ධ චන්ද්‍රසේන.
විශ්ව චන්ද්‍රසේන.

පාසලේ ඉගෙනුම ලැබුව කාලසීමාවන් ?.

යුගාන්ත 1995 - 2009
ප්‍රබුද්ධ 1997 - 2008
විශ්ව - 2002 - 2013

පාසල් කාලයේදී ඉදලම චිත්‍ර අදිනවාද ?.

ඔව්. රේණුකා ගුරු මෑණියන්ගෙන් , වනසිංහ ගුරු මෑණියන්ගෙන් චිත්‍ර හැදෑරුවා.

තරග වලට ගිහින් දිනලා තියෙනවද ?.

ඔව්.



තොරණට කොහොමද සම්බන්ධවුනේ ?.

අපේ ඉස්කෝලේ ඉගෙන ගත්තු කැළුම් අයියගේ අදහසකට.

මයුරපාදෙ 5 දෙනෙක් එකතුවෙලා මේ දේ කරනකොට මොන වගේ දෙයක්ද දැනුනේ ?.

ලොකු සතුටක් ඒ වගේම අභිමානයක්.

මේ වගේ වැඩකට අත ගහපු කීවෙනි වතාවද?

පලවෙනි වතාව.

ආයෙත් කැමතිද තොරණකට මේ වගේ චිත්‍ර ඇදලා ඔයාලගේ දස්කම් පෙන්වන්න?

ගොඩක් කැමති. මේ අවුරුද්දේ තොරණක් නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙනවා.

මයුරපාද විදුහලේ වර්ථමාන තත්වය ගැන ඔයාගේ අදහස් මොනවාද?

මයුරපාදය දිනෙන් දින වැජඹීම අපේ බලාපොරොත්තුවයි.

මයුරපාද මිතුරෝ ගැන මොකද හිතන්නෙ?

ගොඩක් වටිනා සංවිධානයක් වගේම ලොකු සේවයක් මයුරපාද ආදි සිසුන් වෙනුවෙන් කරනවා.


****












තොරණේ දර්ශන බලන්න මෙතනින්.

https://m.youtube.com/watch?feature=youtu.be&v=0sGi07vcTog



මෙම ලිපිය සම්බන්ධ ඔබගේ අදහස් පහතින් comment කරන්න.

මයුරපාද මිතුරෝ සමග එක්වූ ඔබට ස්තූතියි!.





Friday 10 March 2017

මා සනසා මා නළවා මර්වින් පෙරේරා මහතාගේ ගීතයේ තේරුම.


ආයුබෝවන් කියලා ඔන්න මයුරපාද මිතුරෝ අපි ඔයාලව පිලිගන්නවා.

අදත් අපි ජනප්‍රිය ගීතයක් ගැන තමයි කතා කරන්න යන්නේ. අපේ කනට දවසට එක සිංදුවක් හරි ඇහෙනවානේ. ඒත් ඉතින් ඒ්වාගේ තියෙන්නේ මොනවාද තේරුම් මොනවාද කියලා නම් හරියට අපිට අවබෝධයක් නෑ. (අද කාලේ රැල්ලට එන අජපල් සිංදු ගැන නම් නෙමෙයි කීවේ හරිය) ඉතින් අදත් අර්ථවත් ගීතයක් ගැන අපි කතා කතා කරන්න හදන්නේ...

- මයුරපාද මිතුරෝ -

අද කතා කරන්නේ ගායන ශිල්පී මර්වින් පෙරේරා මහතාගේ ජනප්‍රිය ගීතයක් ගැන. ඒ තමයි "මා සනසා මා නළවා සුරංගනාවක් හෙමින් ඇවිල්ලා හදේ ලැගුම් අයදී.."  කවුරුත් අහලා තියෙනවානේ මේ සිංදුව. මොකක් ගැනද කියවෙන්නේ දන්නවාද???..... අපි කතා කරමු.....

මර්වින් පෙරේරා මහතා.


මා සනසා මා නළවා//
සුරංගනාවක් හෙමින් ඇවිල්ලා
හදේ ලැගුම් අයදී


ගීතයෙන් කියවෙන්නේ රාත්‍රී සමාජ ශාලා යුවතියන්ට ලොල් වූ තරුණයෙක් ගැන. ඉතින් මේ සමාජ ශාලා යුවතියන් ඔහුව සනසමින් සහ නළවමින් හ⁣දවතේ ලැගුම් ගන්නට යෝජනා කරනවාලු.



විතක් මධු පෙරා ගෙනල්ලා
සුරන් රවටලා
ඇසක් ඉඟි මරා රැඟුම් පා
මුවට යා කලා
හැඟුම් තෙරපිලාදෝ
හසුන් මුස වෙලා
සිහින ලොවක පා...වේ...
සඳුන් සිහිල යාමේ


රාත්‍රී සමාජ ශාලා කියන්නේ මත්පැන් ගැවසෙන තැනක්නේ. ඉතින් මේ මත්පැන් පාවිච්චි කරපු තරණයාට මේ යුවතියන් පේන්නේ හරියට සුරංගනාවියන් වගේලු. විටක ඇස් ඉගි මරමින් ඇය මායම් පාමින් රංගනයේ යෙදෙන ගමන් මොහු වෙත ලංවෙනවාලු. ඒ අවස්ථාවේ එන හැගීම්වලින් මත්වූ මොහු ඒ යුවතියන්ගේ මුසාවන් නිසා රාත්‍රීය නම් නිසල යාමයේ සිහින ලොවක පාවෙනවා වගේ හැගීමක් දැනෙනවාලු.

- මයුරපාද මිතුරෝ -

රැයක් නිදි වරා සරාගී
ලවන් වෙහෙසිලා
යලිත් එන තුරා සුරංගී
හිඳිමි මඟ බලා
හෙටත් සඳ උදා වේ
රැයක් පැමිණිලා
සිහින ලොවට යා...වී...
සුරඟ මා සොයා එයි


රැයක් ඔහු නිදි මරන්නේ සරාගී ලෝකයක. ගීතයෙන් කියවෙන පරිදි මේ තරුණයා මේ දේවල්වලට ඇබ්බැහි වූ කෙනෙක්. පාන්දර යාමයේ නිවසට යන මොහු ඇගිලි ගණින්නේ යලිත් රාත්‍රීය උදා වන තුරුයි. ඒ ඔහුට නැවතන් මේ යුවතියන්ගේ සමග රාත්‍රී සමාජ ශාලාවේ සිහින ලොවට යාමට අවැසි නිසයි.

ඇත්තටම ඇය නැවතත් මා සොයා ඒවිද??.... තරුණයාගේ හිත දෝංකාර දෙයි.....

*******

මෙම අඩවියේ සිංදු ගැන සියලුම ලිපි එකතුව බලන්න.

*******
මයුරපාද මිතුරෝ මෙම  පළවන ලිපි පිලිබඳ තොරතුරු ප්‍රථමයෙන් සහ ඉක්මනින් ලබාගැනීමට අපගේ නිල facebook පිටුව සමග එකතුවන්න




මෙම ලිපිය සම්බන්ධ ඔබගේ අදහස් පහතින් comment කරන්න.
තවත් කෙනෙකුට දකින්න share කරන්න.

මයුරපාද මිතුරෝ සමග එක්වූ ඔබට ස්තූතියි!.

Monday 6 March 2017

එදා මෙදා තුර. නම් ගීතය ලියවුණු දුම්රිය ස්ථානාධිපති වූ රචකයාගේ අත්දැකීම.



විමල් ජයශාන්ත මහතා අතින් 1975 වසරේ ගීතයක් ලියවෙනවා.. ඒ ඔහුහේ පලමු සහ අවසාන ගීතයයි. සනත් නන්දසිරි මහතාගේ ඇවිලුණු ගිනිදැල් කැසට් පටයට ඇතුළත් වූ මේ ගීතය සනත් නන්දසිරි මහතා විසින්ම සංගීතවත් කර ගායනා කරනවා..


ඇවිලුණු ගිනිදැල් කැසට් පටයේ කවරයක්.


ප්‍රේමය පැරදුණු පෙම්වතුන් බොහෝමයක්ගේ ඇස් කදුළුවලින් පුරවපු ගීතයක් ගැන තමයි අද කතා කරන්න හදන්නේ... ඇත්තටම මේ ගීතය ශ්‍රී ලංකා ගීත ඉතිහාසයේ සංවේදීම ගීතය කියලා කීවොත් නිවරදියි.



එදා මෙදා තුර කඳුලට විවරව
දෑස් පියන් පත් කවුළු වසා...
ලයේ ගලාගිය සෙනේහයේ සුව
සිනා පිරුනු රත් දෙතොල් පියා...
මිලාන වී ගිය රෝස කොපුල්පෙති
කම්මුල් සුදුමැලි පාට හොවා...
දෑත ලයේ බැඳ අවසන් ගමනට
සොඳුරිය මට නොකියාම ගියා...



දෑස් කවුළු පත් පලා කදුලු කැට
වෑහෙද්දී මගෙ දෑස් අගින්
කාත් කවුරුවත් වෙතත් සිතයි මට
පාත් වෙන්න ඔය මුවට උඩින්
ඈත්ව යන්නට - සමුගෙන කදුලක්
ඔබෙ මුව දොවතත් සුවඳ පැනින්
මාත් මගේ හිතටත් ඔබ සුවඳයි
ඈත් නොවේමයි ඒ සුවදින්...

එදා මෙදා තුර කදුලට විවරවු...

ඊයේ ඉපදී අද මිය යන්නට 
පෙරුම් පුරාගෙන උපන් ලයේ
හීයේ වේගෙන් අහස උසට බැඳි
ආදර ලෝකය හෙටත් තියේ...
ඒත් ඉතින් ඒ - සොදුරියෙ ඔබ නැත
ඇයිමේ ‍ලොව මා තනිව ගියේ
ආයේ දවසක එක හිත් ඇත්නම්
මේ අපි ඉපදෙමු එකට ප්‍රියේ...

එදා මෙදා තුර කදුලට විවරවු...


සනත් නන්දසිරි මහතා 

ගීතය ගැන ජනප්‍රිය වෙච්චි කතා දෙකක් තියෙනවා.

එකක් තමයි මේ ගීත රචකයා දුම්රිය ස්ථානාධිපති කෙනෙක් ඔහු ගොඩක් ආදරේ කරපු තරුණිය හදිස්සියේම මිය යනවා. ඉතින් ඒ වියෝව මො⁣හුට දරාගන්න බැරි වෙනවා. ⁣බොහොම අමාරුවෙන් විදගත්තු දුක ඔහු ගීතයකට හරවනවා. පස්සේ විමල් ජයශාන්ත මහතා විසින්ම ගීතය සනත් නන්දසිරි මහතාට ගිහින් දුන්නාලු. අඩ අඩා කීවලු මම ආය කවදාවත් ගීත ලියන්නේ නෑ. ඔබ තුමාට පුලුවන් නම් මේ ගීතය ගායනා කරන්න කියලා..

ඔය එක සිදුවීමක් මේ ගීතය ගැන තවත් කතාවක් තියෙනවා..

ඔන්න පෙම් යුවළක් ඉන්නවා. කෙල්ල ටිකක් පොහොසත් ඒත් කොල්ලා නම් හරිම දුප්පත් කෙනෙක්. නමුත් ඔහු ඇයට තිබුනු ආදරය නම් හරිම පොහොසත්.

ටික කාලයක් යනකොට මේ සම්බන්ධය පෙම්වතියගේ ගෙදරට දැනගන්න ලැබෙනවා. තමන්ගේ තරමට නොගැලපුනු මේ කොල්ලට කෙල්ලගේ ගෙදරන් කැමති වෙන්නේ නෑ.. ගොඩක් ප්‍රශ්න මේ දෙන්නට ඇති වෙනවා.. කොච්චර මේ ප්‍රශ්නය දුර දිග ගියාද කියනවා නම් කෙල්ල දෙමාපියන් කොහෙවත් යන්න බැරි වෙන්න ගෙදර හිර කරනවා..

ඒත් ⁣මේ සම්බන්ධයට පෙම්වතියගේ අක්කා උදව් කරනවා. ගෙදර හිර කරලා හිටපු නංගි ලියපු ලියුම ගෙදර අයට හොරෙන් අක්කා නංගිගේ පෙම්වතාට ගිහින් දෙනවා..



දවසක් මේ පෙම්වතාට ඒ විදිහට  ලියුමක් හම්බ වෙනවා. ඒකේ තිබුනේ ගෙදර අය කෙල්ලව වෙන තරුණයෙක්ට බලෙන් විවාහ කරලා දෙන්න යනවා කියලා. ඒ වගේම ඔහු නැතිව ඇයට ජීවත් වෙන්න බෑ කියලත් ලිපියේ සදහන් වෙනවා...

පෙම්වතාට මේක දරාගන්න බැරි වේදනාවක්. නමුත් ඔහු පෙම්වතියගේ අක්කා හරහා ලිපියක් යවනවා ඉවසන්න කලබල වෙන්න එපා කියලා...

ටික දවසක් ගෙවිලා යනවා.. විවාහයට කාලය ලංවෙනවා. මේ පෙම්වතාට හදිස්සියේම පෙම්වතියගේ අක්කාගෙන් පනිවිඩයක් ලැබෙනවා.

ලොකු හදිස්සියක් මල්ලී ඉක්මනින් අපේ ගෙදරට එන්න.


පනිවිඩය ලැබුණු සැනින් මෙහු මේ පෙම්වතියගේ ගෙදරට යනවා... ගේ ඉස්සරහට එන මොහු දකින්නේ ඇස් අදහාගත නොහැකි දෙයක්..

ගේ ඉස්සරහා සුදු කොඩ්......

අනේ දෙවියනේ......



ගේ ඇතුලට පිස්සෙක් වගේ දුවපු මොහු දකින්නේ තමන්ගේ පෙම්වතිය මිනී පෙට්ටියක් මත ඉන්නවා..

කෑගහලා අඩපු මොහු ඇයට තුරුළු කරගන්න හදනවා ඒත් තරුණියගේ පවුලේ අය මොහුව ගෙදරින් පන්නනවා.

මේ අපරාදෙට වගකියන්න ඕන තමුසේ...


තමුසේ නිසයි මේ ඔක්කෝම ....


පවුලේ අය කී⁣වේ ඒ විදිහට.

පෙම්වතා කොච්චර ඇඩුවද කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.. කොහොම හරි හරියට මිනියවත් බලාගන්න බැරි වෙච්චි මොහු මිනිය වලලන දවසේ සොහොන ලග හැංගිලා බලාගෙන ඉන්නවා. අවමංගල්‍ය කටයුතු ඉවර වෙලා සියලු දෙනා යනකල් ඉන්න මොහු ඇගේ මිනිය වලදාපු තැනට ගිහින් බිම පෙරලි පෙරලි අඩනවා.

හිතාගන්න පුලුවන්නේ කොච්චර දුකක් දැනෙන්න ඇතිද කියලා...

ඒ වගේම මේ සම්පූර්ණ ආදර කතාව ඔහු කොලේක ලියනවා. ඒ ලියපු කොලෙත් ලඟ තියාගෙන අවසානයේ සිහිමද ගතියෙන් ඔහේ ඇවිදපු පෙම්වතා රේල් පාරට එනවා... රේල් පාර දිගේ ඔහේ ඇවිදපු මොහුට ඈතින් එන කෝච්චියේ හූ හඩ ඇහෙන්නේ නෑ..

ඔහුගේ ඇස් දෙක දැක්කේ ඇගේ රුව..
ඔහුගේ සවනට ඇසුනේ ඇගේ හඩ...
හුස්මේ පවා රැදුණේ ඇගේ සුවද..
ඇය අද ඔහු දමා ගොසින්..



දුම්රිය ඔහුගේ ඉරනම තීරනය කරනවා. දුම්රියේ එන්ජිමට යටවුණු සිරුර කෑලි කෑලිවලට වෙන් වෙනවා...

ඇය ලෝකය හැර යන දවසේ ඔහුද ලෝකය හැර ගියා..

කෑලි වෙන්වූ සිරුර දුම්රියට පටවන්නේ දුම්රියේ කාර්යමණ්ඩලය සහ මගීන් එකතුවයි.. මේ සිරුර ගේන්නේ දුම්රිය ස්ථානාධිපති  විමල් ජයශාන්ත ඒ කියන්නේ ගීත රචකයා සේවය කරපු දුම්රිය ස්ථානයට.

මේ වගේ මියගිය පුද්ගලයෙක් හදුනා ගන්න අදාලා මියගිය පුද්ගලයා පරික්ෂා කිරීමට සාමාන්‍ය දෙයක්නේ. ඉතින් ඒ විදිහට මේ සිරුර පරික්ෂා කරන විමල් ජයශාන්ත මහතාට හම්බ වෙනවා ⁣පෙම්වතා ⁣එයාගේ පෙම් කතාව ලියපු ලිපිය.

ඒ කතාව කියවපු විමල් ජයශාන්ත මහතාට හිතට ලොකු වේදනාවක් දැනෙනවා. එතුමා මේ ගැන කල්පනා කරලා ගීතයක් ලියනවා. ඒ තමයි අපි අද කතා කරන *එදා මෙදා තුර* කියන ගීතය.

ගීතය ලියලා සනත් නන්දසිරි මහතාට දීලා කීවලු මේ මගේ පලමු සහ අවසාන ගීතය පුලුවන් නම් ඔබතුමා මේ ගීතය ගායනා කරන්න කියලා.

මේ තමයි මේ ගීතය ගැන හැදුනු හැටි ගැන තියෙන කතා. කොහොම නමුත් ගීතය රචකයාගේ පෞද්ගලික අද්දැකීමක් කියන එක නම් පැහැදිලියි.

*****

ගීතයේ පද පේලියෙන් පේලියට කතා කරන්න උවමනා උනත් ලිපිය තවත් දීර්ඝ කරන්න ඕන නෑ කියලා මම හිතනවා.. 



ගී පද ගැන කතා කරන්න ඕන නම් ඒ ගැන අපිට කියන්න අපි වෙනත් ලිපියකින් ඒ ගැන නිවරදිව විස්තර කරන්නම්.

මේ ගීතය පිළිබඳ ඔබේ අදහස් comment කරන්න , ඒ වගේම මයුරපාද මිතුරෝ ඉදිරි ගමනට ඔබගේ අදහස් , යෝජනා , චෝදනා ලබාදෙන්න කියලත් ඉල්ලීමක් කරනවා..
-------------------

තවත් කෙනෙකුට දකින්න share කරන්න..

මයුරපාද මිතුරෝ සමග එක්වූ ඔබට ස්තූතියි!

Sunday 5 March 2017

රා රා රා බොම්බියේ. මේක අවුරුදු ගීතයක් නෙමෙයි. තොරතුරු දැනගන්න ලිපිය කියවන්න


ඔන්න අවුරුදු කාලෙත් ලගයි. අවුරුදු කාලෙට හැම තැනම අවුරුදු ගීත ඇහෙනවා. අපි වැරදියට තේරුම් ගත්තු අවුරුදු ගීතයක් කියලා හිතන් ඉන්න ගීතයක් ගැන අද කතා කරන්න හදන්නේ.. මේ ගීතය ගායනා කරන්නේ ප්‍රවීණ ගායක සුනිල් එදිරිසිංහ මහතා. ගීතය රචනා කරලා තියෙන්නේ සරත් පෙරේරා මහතා.


රා රා රා බොම්බියේ මුවා වෙයන් නංගියේ //
ජපං මැන්ඩලින් නද කර //
අවුරුදු එයි හන්දියේ...

උජාරුවට කිව්වත් ලෝකෙට පරකාසේ
දේසේ හැටියට නොම වෙයි එන එන බාසේ
සීගිරි කැටපත් පවුරේ ඇත සංගීතේ
මිහිරට ගයමුකො මල්ලියෙ සීපද ගීතේ
අවුරුදු එයි හන්දියේ මුවා වෙයන් නංගියේ
අවුරුදු එයි හන්දියේ මුවා වෙයන් මල්ලියේ

රා රා රා බොම්බියේ...

ලලයි ලිලයි ලයි වැයුවත් වියෝලෙ බැන්ජෝ
කාගේවත් පට්ටන්දර මොකටද සිංඤෝ
කාලෙන් කාලෙට කියැවෙයි නෙක නෙක බයිලා
දෙස බස රැකුමට නුවණින් වැඩ කරපල්ලා
අවුරුදු එයි හන්දියේ මුවා වෙයන් නංගියේ
අවුරුදු එයි හන්දියේ මුවා වෙයන් මල්ලියේ

රා රා රා බොම්බියේ...


මුලින් කීවා වගේ මේක අවුරුදු ගීතයක් නම් නෙමෙයි. මේ ගීතයෙන් කියවෙන්නේ දේශිය දේවල් අගය කරන්න කියලයි. ඒ වගේම මේ ගීතය විදේශීය දේවල් විවේචනය කරනවා කියලත් කියන්න පුලුවන්.

ගීතයේ අවුරුදු කියලා කියන්නේ පිට රටවලින් එන විච්චූරණවලට. මේවා දකින අපේ මිනිසුන්ට ඒක නිකන් හරියට අවුරුදු ලැබුවා වගේලු. ඉතින් ඒ දේවල් අපිට වැඩක් නෑ අපි අපේ දේශීය දේ අගය කරමු කියලා මේ ගීතයෙන් බාල පරම්පරාව දැනුවත් කරනවා.

ඒ වගේම දෙස බස රැකගන්න මේ ගීතයෙන් අනාගත පරම්පරාවට උපදෙස් දෙනවා. ඇත්තටම අපේ තරුණ පරම්පරාවට අපේ රටේ සංස්කෘතිය  ගොඩක් දුරට අමතක වෙලා තියෙන්නේ. අනාගතේ බාරගන්න ඉන්න තරුණ අය ඉන්නේ වෙනම ලෝකවල. ඉතින් ඒක සුද්දා අපිට දීපු ලනුවක් පුලුවන් අය බේරියල්ලා... මේ ගීතයේ අදහස ඒකයි...

ගීතය රසවිදින්න කියලා ආරාධනා කරනවා....



https://m.youtube.com/watch?v=iKiwfurQyMg

*****

මයුරපාද මිතුරෝ සමග එක්වූ ඔබට ස්තූතියි!.