Music Player

This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

Monday 1 January 2018

බෝ මලුවෙ මල් සුවදක පැටලි. ගීතය ලියවුණු සත්‍ය සිදුවීම.



ආයුබෝවන්...

මුලින්ම මයුරපාද මිතුරෝ කංඩායම ඔබ සැමට සුභ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා... ඉතින් නව වසරේ පළමු ලිපිය තමයි අද දවසේ අරගෙන එන්නේ...

සිංදු ගැන ලිපි එකතුවට තවත ලිපියක් එකතු කරන්නයි අද හදන්නේ... ඉතින් මේ වෙනකොට අපි සිංහල ගීත හතලිහකට(40) ආසන්න ගීත සංඛ්‍යාවක් ගැන ලිපි ඔබට ලබාදීලා තියෙනවා.. ගීත ගැන රසවත් තොරතුරු දැනගන්න කැමති නම් ඒ ලිපි එකතුව බලන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා...

අද දවසේ කතා කරන්නට තෝරා ගත්තේ මහාචාර්ය සනත් නන්දසිරි මහතා ගායනා කරන "බෝ මලුවේ මල් " කියන ගීතය. මේ ගීත රචනයට හිමිකම් කියන්නේ ප්‍රියානන්ද විජේසුන්දර මහතා.

ප්‍රියානන්ද විජේසුන්දර මහතා

රචකයා ගැන මුලින්ම හැදින්වීමක් කරන්නම්.. මොකද ගොඩක් අය සිංදු ඇහුවට ගීත රචකයන් ගැන දැනුවත් නැති නිසා..

ප්‍රියානන්ද විජේසුන්දර මහතා කියන්⁣නේ ගීත 2000ක පමණ හිමිකරුවෙක්.. ඒ අතරින් ගීත 200ක් පමණ ජනප්‍රියයි.

- මයුරපාද මිතුරෝ -

• කෙලෙසද කිව මැන සිපගත් දෑතට.

• මේ පාලු සීත රාත්‍රියේ.

• දෑස නිලුපුල් තෙමා.

• මට ආරාධනාවක් කළාදෝ.

• බිඳුණු කලක අමතක කළ.

• මගෙ දෑසෙ කඳුළු තව දෑසක සතුටු කඳුළු වේ.

•මගෙ ජීවිතේ සතුට රැඳී තිබුණේ.

•දෑස නිලුපුල් තෙමා. (කපුගේ මහතාගේ පළමු ගීතය)

මේ ඒ අතරින් ජනප්‍රිය ගීත කිහිපයක්.. දැනට එතුමන් ජීවත් වෙන්නේ නවසීලන්තයේ.

**

හරි ආයෙත් බෝ මලුවේ මල් ගීතයට එමු....

මේ ගීතය සනත් නන්දසිරි මහතා  මුහුණ පෑ සත්‍ය සිදුවීමකට අනුව ලියවුණු ගීතයක්. ඒ වගේම සංගීතය නිර්මාණය වෙන්නේ සනත් නන්දසිරි මහතා අතින්...

සනත් නන්දසිරි මහතා.

දවසක් සනත් නන්දසිරි මහතා කුලියාපිටිය පැත්තේ දුර පලාතකට රාත්‍රී ප්‍රසංගයකට යනවා. මේ ගමනේදී ගම්මානයක් මැදින් යන අතරතුර  හුළු අත්තක් බැදගෙන පොල් වත්තක් මැදින් වඩින අවුරුදු හතක, අටක කුඩා හාමුදුරුනමක් සනත් නන්දසිරි මහතා දකිනවා. (හුළු අත්ත කියන එක දන්නවා නේද..) මේක දකින සනත් නන්දසිරි මහතා රියදුරාට කියනවා කරුණාකරලා වාහනේ පොඩ්ඩක් නතර කරන්න කියලා. සනත් නන්දසිරි මහතා මේ පුංචි හාමුදුරුවන්ට කතා කරනවා....

- මයුරපාද මිතුරෝ -

අපේ පොඩි හාමුදුරුවනේ කොහෙද වඩින්නේ?.

මම පංසලට වඩින්නේ...

දුරද පංසල?.

නෑ මේ ලඟ.

මොකද මේ රෑවෙලා පොඩි හාමුදුරුවනේ ?.

මම අම්මා බලන්න ගියා මහත්තයා...

මගේ කාර් එකට වඩින්න පොඩි හාමුදුරුවනේ මම පංසලට එක්කන් යන්නම්...

(පොඩි හාමුදුරුවන්ට මේ කවුද කියලා නම් අදුරගන්න බැරි වුණා..)

මම තමයි සනත් නන්දසිරි කියන්න. බයවෙන්න එපා... වඩින්න හාමුදුරුවනේ..

නෑ මහත්තයා.. මගේ පංසල ලඟයි මම තනියම වඩින්නම්...

ඉතින් පොඩි හාමුදුරුවන්ට සමු දීලා සනත් නන්දසිරි මහතා නැවතත් තමන්ගේ ගමන යන්න පිටත් වෙනවා. කොහෙම හරි මේ සිද්ධිය ගීතයක් නිර්මාණයට හොද කතාවක් විදිහට සනත් නන්දසිරි මහතා මතකේ තියාගන්න අමතක කරේ නෑ...

දවසක් හැන්දෑවක සනත් නන්දසිරි මහතාගේ ගෙදරට ආපු ප්‍රියානන්ද විජේසුන්දර මහතාට මේ සිදුවීම කියලා මේ ගැන ගීතයක් ලියලා දෙන්න කියලා සනත් නන්දසිරි මහතා ඉල්ලීමක් කරනවා...

ඒ වගේම සනත් නන්දසිරි මහතා විශේෂයෙන් ප්‍රියානන්ද මහතාට කියනවා ...

" ප්‍රියානන්ද හැබැයි මේ සිංදුවේ අන්තිම වචනේ ලියන්න "අම්මේ අම්මා නිවන් දැක්කහාම මම අම්මාගේ කිරි සුවදේ ඉතිරෙන්න එන්නම්" කියලා... එහෙම හිතෙනකොටම මතක් වෙනවා "අනේ අම්මත් නෑ නේද එතකොට" ... කියලා ...."

ඉතින් ගීතයේ අවසානය රචනා වෙන්නේ සනත් නන්දසිරි මහතා ඒ කරපු යෝජනාවට අනුවයි.... ඒ විදිහට සිදුවුණු සත්‍ය සිදුවීමට තමයි මේ අති සංවේදී ගීතය නිර්මාණ
වෙන්නේ....

- මයුරපාද මිතුරෝ -



**

" බෝ මලුවෙ මල් සුවදක පැටලි
අම්මා පෙව් කිරි සුවද ගලා එන්නේ..
සුපුරුදු උණුසුමකට සිත ඈදි
ගේ දොර සෙල්ලම් පිටිය මතක්‌ වෙන්නේ..
දං බෝවිටියා කැලේ .. මැදින්..
එන්න සිතයි නුඹ ලගට සැනින්…

එතෙර කරන්නම් හතර වර්ගයම
සංසාරේ යන මේ ගමනේ
චුට්‌ටක්‌ සෙල්ලම් කරලා ඒන්නද
පුරුදු යහලුවන් හා සැනෙනී
එහෙම ගියත් ඒ අය පොඩි සාදු
කියා කියන විට වැද වැටිලා
කොහොමද අම්මේ ඔට්‌ටු දුවන්නෙ
වෙල් ඉපනැල්ලේ පැන නටලා

බෝ මලුවේ මල්…

භවයෙන් භවයේ පෙරුම් පුරා මම
භවුන් වඩා උපදින වාරේ
දිනයක මතුදා හතර වර්ගයම
එතෙර කරන්නම් සංසාරෙන්
ඉන්පසු ඇවිදින් අම්මේ ඔබ ලග
ඉන්නම් කිරි සුවදේ එතිලා
කොහොමද අම්මේ එහෙම කරන්නේ
අම්මත් සසරෙන් එතෙර වෙලා ...

භවයෙන් භවයේ පෙරුම් පුරා මම
භවුන් වඩා උපදින වාරේ
දිනයක මතුදා හතර වර්ගයම
එතෙර කරන්නම් සංසාරෙන්
ඉන්පසු ඇවිදින් අම්මේ ඔබ ලග
ඉන්නම් කිරි සුවදේ එතිලා
කොහොමද අම්මේ එහෙම කරන්නේ
අම්මත් සසරෙන් එතෙර වෙලා .. "

ගායනය - සනත් නන්දසිරි මහතා.
රචනය - ප්‍රියානන්ද විජේසුන්දර මහතා.
සංගීතය - සනත් නන්දසිරි මහතා.

ගීතය රසවිඳින...



ගීතය බාගතකරගන්න පිවිසෙන්න..


මෙම අඩවියේ සිංදු ගැන සියලුම ලිපි එකතුව බලන්න.


*******
මයුරපාද මිතුරෝ මෙම  පළවන ලිපි පිලිබඳ තොරතුරු ප්‍රථමයෙන් සහ ඉක්මනින් ලබාගැනීමට අපගේ නිල facebook පිටුව සමග එකතුවන්න


මෙම ලිපිය සම්බන්ධ ඔබගේ අදහස් පහතින් comment කරන්න.
තවත් කෙනෙකුට දකින්න share කරන්න.

මයුරපාද මිතුරෝ සමග එක්වූ ඔබට ස්තූතියි!.