Music Player

This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

Saturday 21 January 2017

කන්ද කෙන්ද කරනු පිනිස ගීතය ලියවුණු සත්‍ය සිදුවීම



තවත් ගීතයක් තෝරාගත්තා කතා කරන්න මයුරපාද මිතුරෝ blog අඩවිය හරහා කතා කරන දෙවන ගීතය තමයි මේ. අද තෝරගත්තේ කන්ද කෙන්ද කරනු පිනිස කියන ජනප්‍රිය ගීතය..

මේ ගීතයෙන් කියවෙන්නේ මාලනී බුලත්සිංහල මහත්මියගේ සත්‍ය සිදුවීමක්.
කාලයක් එතුමිය ආනන්ද බාලිකාවේ සංගීත ගුරුවරියක් විදිහට සේවය කරන කොට එක් සිසුවියක් සමඟ සමීපව ඇසුරු කරාලු, ඒ ශිෂ්‍යාවගේ ගෙදර අය පවා ගොඩක් ලෙන්ගතු උනාලු.



කාලයක් යනකොට මාලනී මහත්මියට ටිකක් දුර පලාතකට ප්‍රසංගයකට ආරාධනා ලැබුනාලු, ඇයට ඒ ප්‍රසංගයට යන්න වෙන්නේ ටිකක් පරක්කු වෙලා.

තවත් ගමනක් යන්නට සූදානම් වෙලා ආපු මාලනී මහත්මියට ගීත ගායනා කරන්න ගොඩක් වෙලා ඉන්න වෙනවා කියල සංවිදායක මංඩලය දැනුම් දුන්නත් ඇයට තවත් වැඩකට යන්න තිබුන නිසා පොඩි සහයක් ලබාදෙන්න කියල‍ා ඉල්ලුවාලු.

මුලින් ඉන්න ගායක ගායිකාවෝ කවුරු හරි කැමතිනම් එයාගේ වෙලාව තමන්ට ගන්න පුලුවන් කියලා සංවිධානය මංඩලය කියපු නිසා ඇය ඉක්මනින් ගායක ගායිකා නාමලේඛනය පරික්ෂා කරන කොට ඇගේ හිතට සතුටක් දැනුනේ පෙර කී ශිෂ්‍යාවගේ නම ලේඛනයේ තිබුනු නිසයි.

මාලනී මහත්මිය ඉක්මනින් ඒ සිසුවිය හොයාගෙන යන්නේ ඇයගෙන් ඒ උපකාරය ලබාගන්න. නමුත් සිදුවුණේ නොසිතු දෙයක්. සිසුවිය ඇගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරනවා වගේම ඇගේ පවුලේ අයත් එතුමියගේ හිත රිදෙන දේවල් කීවලු.

කොහොම උනත් අවසානයේ මාලනී මහත්මියට ප්‍රසංයේ අවසානයට තමයි ගීත ගායනා කරන්න ලැබෙන්නේ.

මේ ප්‍රසංගයට ප්‍රේමකීර්ති මහත්මයත් ඇවිත් හිටියලු ඇය මේ කතාව එතුමාට කීවේ කදුලු පිරුණු දෙනෙතින්. ඒ අවස්ථාවේ ප්‍රේමකීර්ති මහත්තයා කොලයක් අරන් මෙහෙම ලීවලු.

*කන්ද කෙන්ද කරනු පිනිස කන්දට ගරහාලා
කෙන්ද කන්ද පාමුල සිටියලු තනි වීලා
අන්ද මන්ද ගන අදුරේ කෙන්ද පටලැවීලා
කන්ද කඩා වැටේ සිතූ කෙන්ද බලාපල්ලා*

ඇත්තටම කාටත් ගැලපෙන ගීතයක් තමන්ගෙන්ම උඩට අැවිත් අන්තිමට තමන්වම කපලා දාපු පිරිස් ඔයාගේ ජීවිතේ ඇති.. අන්න එයාලා ගැනයි මේ ගීතය..

*කන්ද කෙන්ද කරනු පිනිස කන්දට ගරහාලා
කෙන්ද කන්ද පාමුල සිටියලු තනි වීලා
අන්ද මන්ද ගන අදුරේ කෙන්ද පටලැවීලා
කන්ද කඩා වැටේ සිතූ කෙන්ද බලාපල්ලා

ගහේ පිපුන මල් සේරම බබරුන්ටත් දීලා
බලා හිදී ගසක් ඔහේ සුලගේ හිනහීලා
බඹරු වෙතත් දෙඹරු වෙතත් ගහ නැහැ කැලබීලා
ඔහේ සිනා සෙනු මිස විහගුන්ගේ ගී අසලා

කුනාටු සුලි සුලං වැදී ගහකොල පෙරලාවි
මුල හොදනම් ගසක් මුලදි කුනාටු පරදිවී
ගහේම මල් බුදු පුදටත් නෙලා රැගෙන යාවී
ඒ ඈයෝම ඒ ගහේම මල් බිම පාගාවී*

ගායනව - මාලනී බුලත්සිංහල.
රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්.


ප්‍රේමකීර්ති ද අල්විස්.

මාලනී බුලත්සිංහල


ඔබගේ අදහස් comment කරන්න.
මිතුරන් දැනුවත් කිරීමට share කර සහය දෙන්න.


ඔබගේ ලිපි අපගේ blog අඩව්ය මගින් දෙස් විදෙස් වැඩිම ආදිසිසුන් පිරිසක් අතරට රැගෙන යන්න අපගේ facebook අඩවියට හෝ mayurapadamithuro @gmail.com අපගේ විද්යුත් ලිපියට ලබාදෙන්න.

-------------


මාවනැල්ල මයුරපාදයේ ප්‍රථම සහ එකම youtube නාලිකාව Mayurapada Mithuro Youtube Channel වෙත මෙතනින් පිවිසෙන්න.


අපගේ facebook පිටුව වෙත මෙතනින් එකතුවන්න.



දැන් ඔබට පහත සදහන් සියලු මාධ්‍ය හරහා මයුරපාද මිතුරෝ සමග සම්බන්ධවිය හැක.

Facebook / Tweeter / Google + / youtube / gmail / blog.

wikipedia හරහා මාවනැල්ල මයුරපාදයේ ලිපි සහ තොරතුරු ප්‍රචාරය මයුරපාද මිතුරෝ කංඩායම   ආරම්භ කර ඇති බව සතුටින් දන්වා සිටිමු.

මයුරපාද මිතුරෝ අපගේ ලිපි,චායාරූප,දර්ශන, සමාජ ජාලා අඩවි, පුවත් සහ තවත් දෑ පිලිබඳ තොරතුරු ලබාගැනීමට google සෙවුම් යන්ත්‍රයේ mayurapada mithuro ලෙස පිරික්සන්න.

මයුරපාද මිතුරෝ - මාවනැල්ල මයුරපාදයේ විශාලතම තොරතුරු ජාලය සමග සම්බන්ධ වූ ඔබට ස්තූතියි..





Thursday 5 January 2017

මෙඩේරිගම විදුහල්පති තුමා ගැන දියණිය කියපු කතාව. තොරතුරු දැනගන්න ලිපිය කියවන්න



2017 වසරේ අපේ පලවෙනි ලිපිය තමයි මේ. අද අපි කවුරුත් ආදරය කරන මෙඩේරිගම විදුහල්පති තුමා ගැනයි කතා කරන්න හදන්නේ. අද දවස මයුරපාද මිතුරෝ සියලුම අඩවි එතුමා වෙනුවෙන් මේ වෙනකොට වෙන් කරලයි තියෙන්නේ. ඒකට හේතුව නම් මේ වෙනකොට හැමෝම දන්නවා ඇති.




මුලින්ම මේ නව වසර මාවනැල්ල මයුරපාදයේ ගුරුවරුන් , ආදිසිසුන් , වත්මන් මයුරපාදයන් ඇතුළු ඔබ සියලු දෙනාට පැතුමන් ඉටුවන නව වසරක් වෙන්න කියලා මයුරපාද මිතුරෝ කංඩායම එක සිතින් ප්‍රාර්ථනා කරනවා.

විදුහල්පති තුමා ගැන කතාබහට අපිත් එක්ක එකතු උණේ විදුහල්පති තුමාගේ දියනිය සංදීපනී.  මයුරපාද මිතුරෝ අපේ හැම වැඩකටම වගේ අදහස් , යෝජනා , චෝදනා එකතු කරපු කෙනෙක් තමයි සංදීපනී කියන්නේ.

ඇය අපිත් සමග කතාබහට එකතු උණේ මේ විදිහට.
----------------

සංදීපනී

*. මොකක්ද සම්පූර්ණ නම ?

සංදීපනී නිරෝෂිනී මෙඩේරිගම.

*. මයුරපාදේ නේද? මොන කංඩායමේ ද?

ඔව්. මම 1999 A/L කරේ.

*. මයුරපාදයේ කීර්තිමත්ම විදුහල්පති වරයෙකුගේ දියනිය වීම ගැන මොකද හිතෙන්නේ ?

ගොඩක් සතුටුයි. තාමත් ගොඩක් අය තාත්තා ගැන කතා කරනවා. ඒ ගැන සතුටුයි.

*. පවුලේ උදවිය කවුද ?

මට ඉන්නේ මල්ලි කෙනෙක් විතරයි.

*. ඔයාගේ අම්මා. අපේ විදුහල්පති තුමාගේ බිරිඳ ගැන කතා කරොත් ?

අම්මා චංද්‍රා මෙඩේරිගම.ඇයත් ගුරුවරියක්. තාත්තා ඉස්කෝලේ වෙනුවෙන්ම මුලු ජීවිතේම කැප කරේ. අම්මා ඉතින් ඒ හැමදේම දරාගෙන තාත්තාගේ සෙවනැල්ල වගේ හිටියා. අදටත් එහෙමයි.



*. විදුහල්පති තුමාගේ උපන්දිනය කවද්ද ?

1952 ජනවාරි 6.



*.මේ වෙනකොට විදුහල්පති තුමාගේ සෞඛ්‍ය තත්වය කොහොමද ?.

දැන් සුවයි. දැන් සාමාන්‍ය විදිහට ඉන්නවා තාත්තා.

*. ඒ කාලේ ඉස්කෝලේ ළමයි කරපු වැරදි වැඩ ගැන එහෙම ගෙදර ඇවිත් කතා කරලා තියෙනවාද ? මොනවා ගැනද වැඩිපුර කතා කරලා තියෙන්නේ.?


ගෙදර ඇවිත් කියනවා. මායි මල්ලියි අම්මයි තාත්තයි අපි හතර දෙනාම හවසට තේ බිබී ගොඩක් දේවල් කතා කර කර ඉන්නවා. ඉස්කෝලේ ළමයින්ට වැරැද්දකට ගැහුවත් තාත්තට දුකයි. ගෙදර ඇවිත් අපිත් එක්ක කියලා ගොඩක් දුක් වෙනවා ඒ ගැන. වැඩිපුරම කීවේ කේක් කාපු එක තමයි අපේ අයියලා මල්ලිලා.



*. තාත්තා විදුහල්පති වෙලා ඉන්කොට දුව ශිෂ්‍යාවක් වෙලා තාත්තා සේවය කරපු ඉස්කෝලේම ඉන්න උනා. කොහොම ඒ කාලේ?.

මට තාත්තා princple කියලා ගානක් නෑ. මම හිටියේ සාමාන්‍ය ළමයෙක් විදිහට. තාත්තාට ඉස්කෝලේදී කීවෙත් සර් කියලා. ඒත් ගොඩක් අය මම දිහා බැලුවේ විදුහල්පතිගේ දුව විදිහට විතරමයි. මාත් සාමාන්‍ය ළමයෙක් නේද කියලා හිතුවේ නෑ. එහෙම වෙනකොට තාත්තා princple වෙච්චි එක මට මහ වදයක් උන අවස්ථා තිබුනා.

*. තාත්තා හැරුණාම මයුරපාදයේ හිටපු හොදම විදුහල්පති වරයා විදිහට තෝරන්නේ කවුද ?

රත්නපාල විදුහල්පතිතුමා.

*. ඉස්කෝලේ හිටපු විදුහල්පතිවරු අතරින් ළමයින්ගේ ගොඩක් හොද පිළිගැනීමක් මෙඩේරිගම සර්ට තියෙනවා. ඒ ගැන මොකක්ද කියන්න තියෙන්නේ ?

තාත්තා අපිට වගේම ඉස්කෝලේ ළමයින්ට ආදරය කළා. වෙනසක් කරේ නෑ කාටවත්.හැම ළමයෙක්ටම පුලුවන් විදිහට උදව් කරා. සල්ලිවලට දේශපාලන පක්ෂවලට වැඩ කරේ නෑ. ගොඩක් අය අපි පොඩි කාලේ විවිධ තෑගි බෝග අරන් ගෙදර ආවා ළමයි ඉස්කෝලේට දාගන්න. මට හොදට මතකයි. මම ගොඩක් පොඩී එතකොට.

එක මනුස්සයෙක් ආවා ලොකු පෙට්ටියකුත් අරන් ළමයෙක් දාගන්න. මම හිතන්නේ TV එකක් වගේ දෙයක් වෙන්න ඕන.එතකොට අපිට TV එකක් තිබුනේ නෑ. ඒ මනුස්සයාව බැනලා පන්න ගත්තා.

ඒ වගේ තාත්තා කවදාවත් සල්ලිවලට වැඩ කරපු පුද්ගලයෙක් නෙමෙයි.ඉතින් තාත්තාගේ වටිනාකම දන්න අය අදටත් තාත්තාට ආදරෙයි.



*. තාත්තා වර්තමානයේ ඉස්කෝලේ තත්වය ගැන සතුටු වෙනවා කියලා හිතනවාද ?
තාත්තා ඒ ගැන කතා කරන්න එච්චර කැමති නෑ. මට කරන්න පුලුවන් ටික මම කරා. ඉතුරු ටික අලුත් පරම්පරාව කරන්න ඕන. අපේ කාලේ දැන් ඉවරයි කියලා තමයි කියන්නේ.

*. තාත්තාට සහෝදර සහෝදරියෝ ඉන්නවාද ? තාත්තා පවුල් කීවෙනියාද ?
ඔව්. පවුල් සේරම පස්දෙනයි. තාත්තා බාලයා.

*. මෙඩේරිගම සර් මුලින්ම සේවය කරේ මොන ඉස්කෝලේද?

හබ්බුංකඩුව ඉස්කෝලේ.

*. දැන් සර්ට වයස කීයක් විතර වෙනවද ?

2017 ජනවාරි 6 වෙනිදාට 65යි.



*. විදුහල්පති කෙනෙක් නිසා ගෙදරත් ගොඩක් නීති රීති දාන්න ඇති නේද තාත්තා ?

අනේ නෑ. අපි සාමාන්‍ය විදිහට හැදුනේ. පාඩම් කරන්න කියලා වත් බලකරේ නෑ. අධ්‍යාපනයේ වටිනාකම කියලා දෙනවා එච්චරයි. අම්මයි තාත්තයි දෙන්නම ගුරුවරු උනත් අපිට ගෙදරදී එක අකුරක් වත් කියලා දීලා නෑ. අපි සාමාන්‍ය ළමයි වගේ හැදුනේ. 

*. සර්ව කාටහරි බලන්න එන්න ඕන නමි කොහොමද එන්න ඕන. ලිපිනය මොකක්ද?

වේරගල , දෙහිමඩුව   මාවනැල්ල.

*. ආදි ශිෂ්‍යාවක් විදිහට ඉස්කෝලේ වර්තමාන තත්වය ගැන මොකක්ද අදහස ?

ඉස්කෝලේ ජනප්‍රියත්වය වැඩි කරන්න හදනවා වගේම ගුණාත්මක සංවර්ධනයක් වෙනවා නම් හොදයි. වර්තමාන තුළ අනවශ්‍ය මුදල් නාස්තියක් මම දකිනවා.



*. මයුරපාද මිතුරෝ ගැන මොකද හිතෙන්නේ ?

මයුරපාද මිතුරෝ නිසා තමයි මාත් ඉස්කෝලේ එක්ක සම්බන්ධ උණේ. ආදි සිසුන් සහ පාසල සම්බන්ධ කරක පාලම තමයි මයුරපාද මිතුරෝ කියන්නේ.

*. අවසාන වශයෙන් මොකක්ද කියන්න තියෙන්නේ ?
ගොඩක් සතුටුයි තාත්තාව ඔයාලට මතක් උනාට. ඒ වගේම ගොඩක් ස්තූතියි මාව සම්බන්ධ කරගත්තට. සුභපතනවා ඔයාලට තවත් ඉදිරියට යන්න. බුදු සරණයි !.

------------------------------------------------------

කතාබහ අවසානයේ ඇය අපිට මෙහෙම කීවා.

*තාත්තා තමයි මයුරපාදය ඔය තත්වයට ගෙනාවේ. මයුරපාදයේ පියා තමයි මගේ තාත්තා. ඒත් තාත්තා වෙනුවෙන් කිසිම කල ගුන සැලකීමක් මයුරපාදය කරේ නෑ. බීෂණ කාලේ ඉස්කෝලේ දාලා ගිය අය වෙනුවෙන් උපහාර උත්සව තිබුනා. ඒත් ඒ බීෂණ කාලේ ඉස්කෝලේ බාරගත්ත කෙනා වෙනුවෙන් කිසිම දෙයක් නෑ. දුවක් විදිහට මට ඒ ගැන හරිම කනගාටුයි. පුලුවන් නම් මට ඒ ගැන කියන්න අවස්ථාවක් දෙන්න. මේවා තාත්තා දැක්කොත් මට බනියි. ඒත් කමක් නෑ. තාත්තා උන අසාධාරණය ලෝකෙටම කියන්න මම බය නෑ.*




-----------------------------

මේ ලිපිය හැදුවේ අපි දෙසැම්බර් මාසයේ. නමුත් අපි මේ ලිපිය පලකරන්න අද වෙනකල් බලාගෙන හිටියා. මොකද මයුරපාද මිතුරෝ අපි තීරනය කලා අපේ සියලුම සමාජ ජාලා අඩවි අද දිනය එතුමා වෙනුවෙන් වෙන් කරන්න. 

මයුරපාදයේ කීර්තිමත්ම විදුහල්පති වරයෙක් ඉපදුනේ අද වගේ දවසක. ඒක මයුරපාදයේ අපි හැමෝටම වැදගත් දවසක් නොවේද.....

ආදරණීය විදුහල්පති තුමනි ඔබ තුමාට සුභ උපන්දිනක් වේවා. අපි ඔබට දීර්ඝායුෂ පතනවා. 



--------------------------

ඔබගේ අදහස් comment කරන්න.
මිතුරන් දැනුවත් කිරීමට share කර සහය දෙන්න.

ඔබගේ ලිපි අපගේ blog අඩව්ය මගින් දෙස් විදෙස් වැඩිම ආදිසිසුන් පිරිසක් අතරට රැගෙන යන්න අපගේ facebook අඩවියට හෝ mayurapadamithuro @gmail.com අපගේ විද්යුත් ලිපියට ලබාදෙන්න.
-------------

මාවනැල්ල මයුරපාදයේ ප්‍රථම සහ එකම youtube නාලිකාව Mayurapada Mithuro Youtube Channel වෙත මෙතනින් පිවිසෙන්න.

https://m.youtube.com/channel/UCOO_Non2HONE-JvVkgSlXcg

අපගේ facebook පිටුව වෙත මෙතනින් එකතුවන්න.

https://m.facebook.com/mayurapadamithuro/?ref=bookmarks

දැන් ඔබට පහත සදහන් සියලු මාධ්‍ය හරහා මයුරපාද මිතුරෝ සමග සම්බන්ධවිය හැක.
Facebook / Tweeter / Google + / youtube / gmail / blog.


wikipedia හරහා මාවනැල්ල මයුරපාදයේ ලිපි සහ තොරතුරු ප්‍රචාරය මයුරපාද මිතුරෝ කංඩායම   ආරම්භ කර ඇති බව සතුටින් දන්වා සිටිමු.

මයුරපාද මිතුරෝ අපගේ ලිපි,චායාරූප,දර්ශන, සමාජ ජාලා අඩවි, පුවත් සහ තවත් දෑ පිලිබඳ තොරතුරු ලබාගැනීමට google සෙවුම් යන්ත්‍රයේ mayurapada mithuro ලෙස පිරික්සන්න.

මයුරපාද මිතුරෝ - මාවනැල්ල මයුරපාදයේ විශාලතම තොරතුරු ජාලය සමග සම්බන්ධ වූ ඔබට ස්තූතියි..