Music Player

This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

Tuesday 15 May 2018

ගජමෑන් චිත්‍රපටයට මාවනැල්ල මයුරපාද අපේ නමත්.. තොරතුරු දැනගන්න ලිපිය කියවන්න




සිංහල සිනමාව උඩු යටිකුරු කරමින් බිහිවන සිංහල ත්‍රිමාන (3D) චිත්‍රපටය "ගජමෑන්"  නොබෝ දිනකින් දිවයින පුරා සිනමාහල් හරහා ප්‍රචාරය ආරම්භ කිරීමට නියමිතයි. පසුගිය දිනක නිකුත් වූ චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරය පටය නිසා මේ වන විට සමාජ ජාලා ඇතුළු බොහෝ මාධ්‍ය හරහා මේ පිළිබඳ වැඩි වශයෙන් කතා බහ කිරීමට පටන්ගෙන තිබෙනවා.



මෙම චිත්‍රපටයේ නිර්මාණ කංඩායම අතර "මාවනැල්ල මයුරපාද මධ්‍ය මහා විද්‍යාලයේ" ආදි සිසුවෙකුද සම්බන්දව ඇති බවට මයුරපාද මිතුරෝ අපට පසුගිය දිනක තොරතුරු වාර්තා වුණා.

ඔහු නමින් "සේනක වික්‍රමසූරිය"  (2010 කැඩෙට් සාජන්) මාවනැල්ල මයුරපාද 2010 A/L කංඩායමේ සාමාජිකයෙකුවන මොහු මාවනැල්ල දෙවරගම්පොළ ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.

'සේනක වික්‍රමසූරිය'

"ගජමෑන්" චිත්‍රපටයේ VFX/Visual Effects (දෘශ්ය ප්‍රයෝග) සහ  Colour Grading(වර්ණ සංකලන) වෙනුවෙන් "සේනක වික්‍රමසූරිය" විසින් සිය දායකත්වය ලබාදී ඇත.

- මයුරපාද මිතුරෝ -

ලංකාවේ ප්‍රථම ත්‍රිමාන චිත්‍රපට නිර්මාණට මාවනැල්ල මයුරපාද ආදි සිසුවෙකු සම්බන්ධව තිබීම මාවනැල්ල මයුරපාද විදුහලේ අපට සතුටට සහ ආඩම්බරයට කරුණකි.

------

ගජමෑන් පිළිබඳ වැඩිදුර තොරතුරු.

හැත්තෑව දශකයේ අතිශය ජනප්‍රිය හා ප්‍රබල කාටූන් චරිතයක් වූ කැමිලස් පෙරේරාගේ ”ගජමෑන්” ඇතුළු එම නිර්මාණවේදියා විසින් මෙරට පාඨකයින් හමුවේ තබන ලද තවත් අතිශය ආකර්ශනීය කාටූන් චරිත සමූහයක් පාදක කොට ශ්‍රී ලංකාවේ තැනෙන ප්‍රථම ත්‍රිමාණ සජීවීකරණ චිත්‍රපටය නොබෝ දිනකින් රට පුරා ප්‍රදර්ශනය කිරීමට සැලසුම් කොට තිබෙනවා.

”ගජමෑන්” චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනුයේ චානක පෙරේරායි. ත්‍රිමාණ සජීවිකරණය, තොරතුරු තාක්ෂණය හා වෙළෙඳ දැන්වීම් නිෂ්පාදන ක්ෂේත්‍රයේ නියුතු චානක පෙරේරා ශාන්ත පීතර විදුහලේ අධ්‍යාපනය ලබා පසුව ඕස්ට්‍රේලියාවේ, ස්වින්බර්න් විශ්වවිද්‍යාලයෙන් බහුමාධ්‍ය පිළිබඳව උසස් අධ්‍යාපනය ලැබූවෙකි.


ශ්‍රී ලාංකික සිනමාවේ මෙන්ම සමස්ථ මාධ්‍ය ක්ෂේත්‍රයේම ඓතිහාසික අවස්ථාවක් සනිටුහන් කරමින් මෙම චිත්‍රපටිය හඳුන්වා දීමේ හා මෙහි පූර්ව ප්‍රචාරක පටය ප්‍රදර්ශනය කිරීමේ විශේෂ මාධ්‍ය හමුවක්පසුගියදා ජාතික චිත්‍රපට සංස්ථා සිනමා ශාලාවේදී පැවැත්වුණා.

- මයුරපාද මිතුරෝ -

මෙරට පුවත්පත් කලාවේ අසීමිත ජනාදරයට පාත්‍ර වූ අතිප්‍රබල ප්‍රකාශනාත්මක චරිතයක් නූතන සන්නිවේදන ලෝකය හමුවේ තැබෙන ”ගජමෑන්” ත්‍රිමාන සජීවීකරණ චිත‍්‍රපටය නිර්මාණය කොට ඇත්තේ ජේම්ස් කැමරන්ගේ ”ඇවටාර්” හා ස්ටීවන් ස්පිල්බර්ග්ගේ ”ටිං ටිං” වැනි ලෝ සුපතල දැවැන්ත බටහිර සිනමා කෘති නිර්මාණය කරන ලද ”මෝෂන් කැප්චර්” (Motion Capture තාක්ෂණය යොදා ගනිමිනි).


”චලන ග්‍රහණය” යනුවෙන් අර්ථ ගැන්වෙන මෙම මෝෂන් කැප්චර් තාක්ෂණය සිනමා මාධ්‍යයට එක් වන්නේ මෘදුකාංග ආධාරයෙන් සජීවීකරණය කළ චරිතවල ක්‍රියාවන් සැබෑ නළු නිළියන්ගේ චලනයන්ට අනුගත කෙරෙන නව සජීවීකරණ විධික්‍රමය වශයෙනි. මෙම මෝෂන් කැප්චර් ක්‍රමවේදය සඳහා රංගනයෙන් දායක වී ඇත්තේ දසුන් පතිරණ, චාමර ප්‍රයදර්ශන සමග කසුනි. ප්‍රදීප්, ටිරාන්, ශරදා යන අයයි, මෙහි හඬ රංගනයෙන් දායක වන ප්‍රධානතම රංගන ශිල්පීන් දෙපළ වන්නේ මෑත යුගයේ නිර්මාණාත්මක හාස්‍යෝත්පාදක නිරූපනයේ අතිශය ජනප්‍රිය චරිත ද්විත්වය වන චූටි මල්ලි සහ පොඩි මල්ලී යන චරිත යුගළට පණ පෙවූ සුනෙත් චිත්‍රානන්ද හා ගාමින්ද ප්‍රියවිරාජ් යන රංගන ශීල්පීන්ය.

ගජමෑන් චිත්‍රපටයේ තිරරචනය ලියන ලද්දේ ද ඔවුන් දෙදෙනා විසිනි. ඔවුන් සමග රෂී පබෝධා, යුරේනි නොෂිකා සහ සුනිල් පෙරේරා යන අය ද මෙහි හඬ රංගනයෙහි නියැලෙති.

රු. මිලියන 75කට අධික වියදමක් දරා 2010 වසරේ පටන් නිෂ්පාදන කටයුතු සිදු කරන්නා වූ මෙම චිත්‍රපටය නිෂ්පාදනය කරනු ලබන්නේ ස්ටූඩියෝ 101 ආයතනය විසිනි.


******

ගජමෑන් පූර්ව ප්‍රචාරක පටය


******
මයුරපාද මිතුරෝ මෙම  පළවන ලිපි පිලිබඳ තොරතුරු ප්‍රථමයෙන් සහ ඉක්මනින් ලබාගැනීමට අපගේ නිල facebook පිටුව සමග එකතුවන්න


මෙම ලිපිය සම්බන්ධ ඔබගේ අදහස් පහතින් comment කරන්න.
තවත් කෙනෙකුට දකින්න share කරන්න.

මයුරපාද මිතුරෝ සමග එක්වූ ඔබට ස්තූතියි!.

Wednesday 14 February 2018

දඟකාර ඔය දෑස දුටුවා එදා ගීතය ලියවුණු හැටි.



ආයුබෝවන් !.

අද දවසේදීත් මයුරපාද මිතුරෝ සිංදු ගැන ලිපි එකතුව හරහා තවත් ජනප්‍රිය ගීතයක් ගැන කතා කරන්නයි හදන්නේ. අද දවසේ ගීතය විදිහට තෝරා ගත්තේ සුනිල් ගුණවර්ධන මහතා අතින් ලියවුණු "දඟකාර ඔය දෑස" ගීතයයි.
 

ගීතය ලියවෙන්නේ 1979 සැප්තැම්බර් 30 දින... ඒ සුනිල් ගුණවර්ධන මහතා පිය පදවිය ලැබූ දියයි..

- මයුරපාද මිතුරෝ -

සුනිල් මහතා අතින් සනත් නන්දසිරි මහතා වෙනුවෙන් ලියවුණු මේ ගීතය වෙනත් ගීතවලට වඩා අතිශය ජනප්‍රිය වුනා. ඒ ජනප්‍රියත්වය අදටත් සිදුම අඩුවක් නම් සිදුවෙලා නෑ.

ගීතය ගැන වැඩි යමක් කතා කරන්නට නැතත් ගීතය රචනයේදී සිදුවුණු විශේෂ සිදුවීමක් ගැන සුනිල් ගුණවර්ධන මහතා එක්තරා රූපවාහිනී වැඩසටහනදී මතක් කරනවා.

ඒ තමයි සනත් නන්දසිරි මහතාට ඕන වෙනවා මේ ගීතයට අනිවාර්යයෙන් "ඇස් දෙකෙන් ලියුම් ලීවා" කියන අර්ථය ඇතුළත් කරන. ඉතින් සනත් මහතා සුනිල් මහතාට කියනවා...

'මල්ලියේ ඇස් දෙකෙන් ලියුම් ලීවා කියන අර්ථය මේ ගීතයේ අනිවාර්යයෙන් තියෙන්නම ඕන..'

- මයුරපාද මිතුරෝ -

ඉතින් කොච්චර උත්සාහ කරත් ඇස් දෙකෙන් ලියුම් ලීවා කියන්න ගැලපෙන පදයක් හදාගන්න මේ දෙන්නාටම අමාරු වුණා.

කොහොම හරි දෙන්නාම ඇස් දෙකෙන් ලියුම් ලීවා කියන්න ගැලපෙන වචන කල්පනා කර කර ඉන්න අතර්, සනත් නන්දසිරි මහතා යනවා නාන කාමරයට නාන කාමරයට ගියපු සනත් මහතා එක පාරටම ඇතුලේ ඉදන්ම හයියෙන් කෑ ගහන්න පටන් ගත්තා...

'මල්ලියේ.... මල්ලියේ... අපි ඔතනට දාමු "දසුනින්ම හසුනක් මවා" කියලා....'

ඔන්න ඔය විදිහට තමයි මේ රසවත් ප්‍රේම ගීතයට අත්‍යවශ්‍ය කරපු වචනය වෙච්චි "දසුනින්ම හසුනක් මවා" කියන කොටස ගීතයට එකතු වෙන්නේ.

---

දඟකාර ඔය දෑස දුටුවා එදා
දුර ඈත පාසල් වියේ
නොදැනීම අපගේම සිත් යා වුණා
දසුනින්ම හසුනක් මවා //

උදයේ හවා ඔබ හමු වී එදා
දෙඩුවා බැඳීලා සෙනේ //
දෙකොපුල් විලේ හසරැල් පිපී
සතුටින් කල් යා වුණා

දඟකාර ඔය දෑස දුටුවා එදා...

සසරේ සදා අප බැඳෙමුයි පතා
වැඩුණා හදේහී සෙනේ //
නිලුපුල් නෙතේ හසරැල් මැකී
කඳුලින්ම වෙන් වී ගියා

දඟකාර ඔය දෑස දුටුවා එදා...

ගායනය - සනත් නන්දසිරි
සංගීතය - රංජිත් පෙරේරා
ගීපද - සුනිල් ගුණවර්ධන

***

ගීතය රසවිදින්න


මෙම අඩවියේ සිංදු ගැන සියලුම ලිපි එකතුව බලන්න.

*******
මයුරපාද මිතුරෝ මෙම  පළවන ලිපි පිලිබඳ තොරතුරු ප්‍රථමයෙන් සහ ඉක්මනින් ලබාගැනීමට අපගේ නිල facebook පිටුව සමග එකතුවන්න



මෙම ලිපිය සම්බන්ධ ඔබගේ අදහස් පහතින් comment කරන්න.
තවත් කෙනෙකුට දකින්න share කරන්න.

මයුරපාද මිතුරෝ සමග එක්වූ ඔබට ස්තූතියි!.

Monday 1 January 2018

බෝ මලුවෙ මල් සුවදක පැටලි. ගීතය ලියවුණු සත්‍ය සිදුවීම.



ආයුබෝවන්...

මුලින්ම මයුරපාද මිතුරෝ කංඩායම ඔබ සැමට සුභ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා... ඉතින් නව වසරේ පළමු ලිපිය තමයි අද දවසේ අරගෙන එන්නේ...

සිංදු ගැන ලිපි එකතුවට තවත ලිපියක් එකතු කරන්නයි අද හදන්නේ... ඉතින් මේ වෙනකොට අපි සිංහල ගීත හතලිහකට(40) ආසන්න ගීත සංඛ්‍යාවක් ගැන ලිපි ඔබට ලබාදීලා තියෙනවා.. ගීත ගැන රසවත් තොරතුරු දැනගන්න කැමති නම් ඒ ලිපි එකතුව බලන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා...

අද දවසේ කතා කරන්නට තෝරා ගත්තේ මහාචාර්ය සනත් නන්දසිරි මහතා ගායනා කරන "බෝ මලුවේ මල් " කියන ගීතය. මේ ගීත රචනයට හිමිකම් කියන්නේ ප්‍රියානන්ද විජේසුන්දර මහතා.

ප්‍රියානන්ද විජේසුන්දර මහතා

රචකයා ගැන මුලින්ම හැදින්වීමක් කරන්නම්.. මොකද ගොඩක් අය සිංදු ඇහුවට ගීත රචකයන් ගැන දැනුවත් නැති නිසා..

ප්‍රියානන්ද විජේසුන්දර මහතා කියන්⁣නේ ගීත 2000ක පමණ හිමිකරුවෙක්.. ඒ අතරින් ගීත 200ක් පමණ ජනප්‍රියයි.

- මයුරපාද මිතුරෝ -

• කෙලෙසද කිව මැන සිපගත් දෑතට.

• මේ පාලු සීත රාත්‍රියේ.

• දෑස නිලුපුල් තෙමා.

• මට ආරාධනාවක් කළාදෝ.

• බිඳුණු කලක අමතක කළ.

• මගෙ දෑසෙ කඳුළු තව දෑසක සතුටු කඳුළු වේ.

•මගෙ ජීවිතේ සතුට රැඳී තිබුණේ.

•දෑස නිලුපුල් තෙමා. (කපුගේ මහතාගේ පළමු ගීතය)

මේ ඒ අතරින් ජනප්‍රිය ගීත කිහිපයක්.. දැනට එතුමන් ජීවත් වෙන්නේ නවසීලන්තයේ.

**

හරි ආයෙත් බෝ මලුවේ මල් ගීතයට එමු....

මේ ගීතය සනත් නන්දසිරි මහතා  මුහුණ පෑ සත්‍ය සිදුවීමකට අනුව ලියවුණු ගීතයක්. ඒ වගේම සංගීතය නිර්මාණය වෙන්නේ සනත් නන්දසිරි මහතා අතින්...

සනත් නන්දසිරි මහතා.

දවසක් සනත් නන්දසිරි මහතා කුලියාපිටිය පැත්තේ දුර පලාතකට රාත්‍රී ප්‍රසංගයකට යනවා. මේ ගමනේදී ගම්මානයක් මැදින් යන අතරතුර  හුළු අත්තක් බැදගෙන පොල් වත්තක් මැදින් වඩින අවුරුදු හතක, අටක කුඩා හාමුදුරුනමක් සනත් නන්දසිරි මහතා දකිනවා. (හුළු අත්ත කියන එක දන්නවා නේද..) මේක දකින සනත් නන්දසිරි මහතා රියදුරාට කියනවා කරුණාකරලා වාහනේ පොඩ්ඩක් නතර කරන්න කියලා. සනත් නන්දසිරි මහතා මේ පුංචි හාමුදුරුවන්ට කතා කරනවා....

- මයුරපාද මිතුරෝ -

අපේ පොඩි හාමුදුරුවනේ කොහෙද වඩින්නේ?.

මම පංසලට වඩින්නේ...

දුරද පංසල?.

නෑ මේ ලඟ.

මොකද මේ රෑවෙලා පොඩි හාමුදුරුවනේ ?.

මම අම්මා බලන්න ගියා මහත්තයා...

මගේ කාර් එකට වඩින්න පොඩි හාමුදුරුවනේ මම පංසලට එක්කන් යන්නම්...

(පොඩි හාමුදුරුවන්ට මේ කවුද කියලා නම් අදුරගන්න බැරි වුණා..)

මම තමයි සනත් නන්දසිරි කියන්න. බයවෙන්න එපා... වඩින්න හාමුදුරුවනේ..

නෑ මහත්තයා.. මගේ පංසල ලඟයි මම තනියම වඩින්නම්...

ඉතින් පොඩි හාමුදුරුවන්ට සමු දීලා සනත් නන්දසිරි මහතා නැවතත් තමන්ගේ ගමන යන්න පිටත් වෙනවා. කොහෙම හරි මේ සිද්ධිය ගීතයක් නිර්මාණයට හොද කතාවක් විදිහට සනත් නන්දසිරි මහතා මතකේ තියාගන්න අමතක කරේ නෑ...

දවසක් හැන්දෑවක සනත් නන්දසිරි මහතාගේ ගෙදරට ආපු ප්‍රියානන්ද විජේසුන්දර මහතාට මේ සිදුවීම කියලා මේ ගැන ගීතයක් ලියලා දෙන්න කියලා සනත් නන්දසිරි මහතා ඉල්ලීමක් කරනවා...

ඒ වගේම සනත් නන්දසිරි මහතා විශේෂයෙන් ප්‍රියානන්ද මහතාට කියනවා ...

" ප්‍රියානන්ද හැබැයි මේ සිංදුවේ අන්තිම වචනේ ලියන්න "අම්මේ අම්මා නිවන් දැක්කහාම මම අම්මාගේ කිරි සුවදේ ඉතිරෙන්න එන්නම්" කියලා... එහෙම හිතෙනකොටම මතක් වෙනවා "අනේ අම්මත් නෑ නේද එතකොට" ... කියලා ...."

ඉතින් ගීතයේ අවසානය රචනා වෙන්නේ සනත් නන්දසිරි මහතා ඒ කරපු යෝජනාවට අනුවයි.... ඒ විදිහට සිදුවුණු සත්‍ය සිදුවීමට තමයි මේ අති සංවේදී ගීතය නිර්මාණ
වෙන්නේ....

- මයුරපාද මිතුරෝ -



**

" බෝ මලුවෙ මල් සුවදක පැටලි
අම්මා පෙව් කිරි සුවද ගලා එන්නේ..
සුපුරුදු උණුසුමකට සිත ඈදි
ගේ දොර සෙල්ලම් පිටිය මතක්‌ වෙන්නේ..
දං බෝවිටියා කැලේ .. මැදින්..
එන්න සිතයි නුඹ ලගට සැනින්…

එතෙර කරන්නම් හතර වර්ගයම
සංසාරේ යන මේ ගමනේ
චුට්‌ටක්‌ සෙල්ලම් කරලා ඒන්නද
පුරුදු යහලුවන් හා සැනෙනී
එහෙම ගියත් ඒ අය පොඩි සාදු
කියා කියන විට වැද වැටිලා
කොහොමද අම්මේ ඔට්‌ටු දුවන්නෙ
වෙල් ඉපනැල්ලේ පැන නටලා

බෝ මලුවේ මල්…

භවයෙන් භවයේ පෙරුම් පුරා මම
භවුන් වඩා උපදින වාරේ
දිනයක මතුදා හතර වර්ගයම
එතෙර කරන්නම් සංසාරෙන්
ඉන්පසු ඇවිදින් අම්මේ ඔබ ලග
ඉන්නම් කිරි සුවදේ එතිලා
කොහොමද අම්මේ එහෙම කරන්නේ
අම්මත් සසරෙන් එතෙර වෙලා ...

භවයෙන් භවයේ පෙරුම් පුරා මම
භවුන් වඩා උපදින වාරේ
දිනයක මතුදා හතර වර්ගයම
එතෙර කරන්නම් සංසාරෙන්
ඉන්පසු ඇවිදින් අම්මේ ඔබ ලග
ඉන්නම් කිරි සුවදේ එතිලා
කොහොමද අම්මේ එහෙම කරන්නේ
අම්මත් සසරෙන් එතෙර වෙලා .. "

ගායනය - සනත් නන්දසිරි මහතා.
රචනය - ප්‍රියානන්ද විජේසුන්දර මහතා.
සංගීතය - සනත් නන්දසිරි මහතා.

ගීතය රසවිඳින...



ගීතය බාගතකරගන්න පිවිසෙන්න..


මෙම අඩවියේ සිංදු ගැන සියලුම ලිපි එකතුව බලන්න.


*******
මයුරපාද මිතුරෝ මෙම  පළවන ලිපි පිලිබඳ තොරතුරු ප්‍රථමයෙන් සහ ඉක්මනින් ලබාගැනීමට අපගේ නිල facebook පිටුව සමග එකතුවන්න


මෙම ලිපිය සම්බන්ධ ඔබගේ අදහස් පහතින් comment කරන්න.
තවත් කෙනෙකුට දකින්න share කරන්න.

මයුරපාද මිතුරෝ සමග එක්වූ ඔබට ස්තූතියි!.

Wednesday 27 December 2017

උසස් පෙළ ප්‍රතිඵල අන්තර්ජාලයට. ප්‍රතිඵල බලන්න පිවිසෙන්න.


විභාග ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත් කර ඇති බවට මේවන විට මාධ්‍ය හරහා ප්‍රකාශ කර ඇත.

Sunday 17 December 2017

චිත්‍රපට සදහා උපසිරසි පහසුවෙන් නිර්මාණ කරන්නේ මෙහෙමයි.



ආයුබෝවන්!.

අද චිත්‍රපට සහදා උපසිරසි නිර්මාණ කිරීම එක්තරා විදිහක රැල්ලක් බවට පත්වෙලා.. ගොඩක් අය උපසිරසි නිර්මාණයට උනන්දු වෙනවා වගේම උපසිරසි බෙදා හරින්නත් වෙබ් අඩවි කිහිපයක්ම මේ වෙනකොට තරගකාරී විදිහට නිර්මාණය වෙලා තියෙනවා..

අද ලිපියෙන් කතා කරන්නට හදන්නේ පහසුවෙන්ම චිත්‍රපට සදහා උපසිරසි දුරකථනයෙන් නිර්මාණ කරන්න පුළුවන් විදිහක් ගැන..

හරි, මුලින්ම ඔයා චිත්‍රපටියක් තොරා ගන්න ඕන. ඒ වගේම බලන්න ඒ චිත්‍රපටය සදහා සිංහල උපසිරසි මේ වෙනකොටත් නිර්මාණ කරලා තියෙනවාද කියලා. මොකද තෝරගන්න චිත්‍රපටියට උපසිරසි දැනටමත් වෙබ් අඩවිවල තියෙනවා නම් ඒකට නැවතත් උපසිරසි නිර්මාණ කරන එක තේරුමක් නැති නිසා.

චිත්‍රපටියක් තෝරගන්න ඔයාට පුළුවන් Youtube හරහා චිත්‍රපටිවල පූර්ව ප්‍රචාරකපට (Move Trailers) බලන්න. නැතිනම් කෙලින්ම torrent අඩවියකින් චිත්‍රපට බලන්නත් පුළුවන්.

ඊලඟට කරන්න තියෙන දේ තමයි අපි ගත්තු චිත්‍රපටි පිටපතට අදාට ඉංග්‍රීසි උපසිරසි හොයාගන්න එක. ඒකට ඉතින් ඔයාලා චිත්‍රපට පිටපත් වර්ගය බලන්න ඕන. ඒ කියන්නේ * HDTV , Webrip ,DVDRip , Bluray * වගේ මොකක්ද කියලා බලන්න.

දැන් google හරහා හොයන්න අපිට අවශ්‍ය උපසිරසිය. උදාහරණයක් විදිහට අපිට *The 100* කතා මාලාවේ පලවෙනි season එකේ පලවෙනි episode එක ඕන HDTV වීඩියෝ පිටපතට අදාලව.

ඔයාට පුළුවන් google හරහා *the 100 season 1 episode 1 hdtv english subtitles*

මේ විදිහට හොයා ගන්න... නැතිනම් මුලින්ම උපසිරසි අරගෙන පස්සේ ඒකට ගැලපෙන විඩියෝ පිටපත download කරගන්න.

මයුරපාද මිතුරෝ

දැන් අපේ android දුරකථනය හරහා අපිට උපසිරසි නිර්මාණ කරන්න හැටි බලමු. මුලින්ම පහතින් දීලා තියෙන subcake app එක Download කරගන්න.


මෙතනින්

හරි දැන අපි මේ app එක හරහා අපි ගත්තු ඉංග්‍රීසි උපසිරසිය open කරගම්මු.



මේ #1 , #2 , #3 කියලා තියෙන්නේ මේ උපසිරසියට තියෙන Line ගාන. එ වගේම දෙපැත්තේ කෙලවරින් සදහන් වෙන්නේ මේ වචනය play වෙන්න ඕන වෙලාව සහ ඉවර වෙන්න ඕන වෙලාව. පැන්සල් ලකුනින් තමයි අපිට උපසිරසිර edit කරන්න තියෙන්නේ.


මේ උපසිරසි නිර්මාණ කරනකොට වචන අතර තියෙන /N වගේ සලකුණු මකන්න එපා, වචන විතරක් එඩිට් කරන්න. මේ /N සලකුණ පාවිච්චි කරලා තමයි අපි වචන පහලට ගන්නේ.. ( මේවා ඔයාට ටික දවසක් යනකොට නිකම්ම තේරෙයි) .


මයුරපාද මිතුරෝ

ඒ වගේම පුළුවන් නම් වීඩියෝ පිටපත ටික ටික බලන ගමන්ම උපසිරසි පරිවර්තනය කරන්න බලන්න. එතකොට අවස්ථාවට ගැලපෙන විදිහට නිර්මාණාත්මකව උපසිරසි නිර්මාණ කරන්න පුළුවන් වෙයි.

මේ තියෙන්නේ ඒ වගේ බාගෙට කරගෙන යන උපසිරසි පරිවර්තනය කරන එකක්...



ඉතින් මේ ඉංග්‍රීසි උපසිරසි සිංහලට පරිවර්තනය කරනකොට අපිට නොදන්න ඉංග්‍රීසි වචනයක් එහෙම තිබුනොත් Google Translate  හරහා ලේසියෙන්ම පරිවර්තනය කරගන්නත් පුළුවන්. ඒ නිසා ඉංග්‍රීසි ගැන වැඩි දැනුමක් නැති උනත් ප්‍රශ්නයක් නෑ.

Google Translate app එක නැතිනම් Download කරගන්න


හරි උපසිරසි සම්පූර්ණයෙන් සිංහලට පරිවර්තනය කරාට පස්සේ අපිට පුළුවන් Export කරන්න.  නැතිනම් ටිකක් කරලා ඉතුරු ටික පස්සේ කරනවා නම් ඔයාට Save කරන්න පුළුවන්.

Export කරනකොට අපිට උපසිරසියට නමක් වගේම * ass , ssa , srt * කියන උපසිරසි වර්ග තුන හරහාම Save කරන්න පුළුවන්. ⁣( මේ str කියන එක තමයි හොදට දුරකථනවලට එහෙම වැඩ කරන්නේ ).


ඒ වගේම ඔයාට ඉංග්‍රීසි උපසිරසි ලබාගන්න ඕන නම් පහතින් දීලා තියෙන වෙබ් අඩවිවලට ගිහින් බලන්න.






ඒ වගේම ඔයාලට සිංහල උපසිරසි ලබාගන්න පුළුවන් ලංකාවේ වෙබ් අඩවි වලට අමතරව ⁣මේ විදේශ වෙබ් අඩවියෙනුත් උපසිරසි ලබාගන්න පුළුවන් , ගොඩක් අය මේ අඩවිය ගැන දන්නේ නැහැ. ඉතින් ඒකත් බලන්න.


එහෙනම් ඉතින් උපසිරසියක් නිර්මාණ කරන්න.... තවත් ලිපියකින් හමුවෙමු ......

*******

මයුරපාද මිතුරෝ මෙම  පළවන ලිපි පිලිබඳ තොරතුරු ප්‍රථමයෙන් සහ ඉක්මනින් ලබාගැනීමට අපගේ නිල facebook පිටුව සමග එකතුවන්න


මෙම ලිපිය සම්බන්ධ ඔබගේ අදහස් පහතින් comment කරන්න.
තවත් කෙනෙකුට දකින්න share කරන්න.

මයුරපාද මිතුරෝ සමග එක්වූ ඔබට ස්තූතියි!.

Friday 15 December 2017

ඕනෑම පොතක් සියයට අසූව දක්වා විශේෂ වට්ටම් සමගින් ගෙදරටම.



ආයු⁣බෝවන්...

අපිට තියෙන වැඩවල හැටියට පොතක් ගන්න කඩේකට යනවා කියන එකත් ටිකක් අමාරු වැඩක්, ඉතින් මේකට විසදුමක් විදිහට අපි අද අරගෙන ආවේ අන්තර්ජාලයට මීට ටික කාලෙකට කලින් අලුතින් එකතුවුණු ඔබට අවශ්‍ය පොත් මිලදී ගැනීමට නිර්මාණ කළ වෙබ් අඩවි දෙකක්.


ඉතින් පෞද්ගලිකවම මම මේ අඩවි දෙක හරහාම ගණුදෙනු කරලා තියෙනවා, කිහිප සැරයක්ම පොත් මිලදී ගැනීම් කරලා තියෙනවා.

ඒ වගේම ගෙවීමේ ක්‍රම කිහිපයක්ම තියෙන නිසා ඒකත් අපිට ලැබෙන වාසියක් විදිහට සලකන්න පුළුවන්.( Credit Card, Bank Deposit, EZCash , Cash On Delivery )  අඩවි දෙක හරහාම විශේෂ මිල අඩුකිරීම් , වට්ටම් ලබාගන්නත් පුළුවන්, ගෙදරටම වගේම ඕනම රටකට පොත් ගෙන්න ගන්නත් හැකියාව තියෙනවා..

1, KBOOKS අඩවිය.

අංක:1/12, ගාලුපාර , අලුත්ගම ලිපිනයේ KBooks ආයතනයේ වෙබ් අඩවිය තමයි මම දැනට වැඩියෙන්ම පොත් මිලදී ගත්තු වෙබ් අඩවිය. විශාල පොත් එකතුවක් අඩවියේ තියෙනවා වගේම හැම දවසකම වගේ අලුත් පොත් මේ අඩවියට එකතු වෙනවා.... සුහදශීලි වෙබ් අඩවියක්, ඔයාටල ඕනම විස්තරයක් කෙට් පණිවිඩ මගින් දැනගන්න පුළුවන්.

දුරකථන අංකය :- 0765515400

        KBOOKS අඩවියට පිවිසෙන්න...


2, grantha අඩවිය.

පොත් 4000කට ආසන්න ප්‍රමාණයක් මේවන විට අඩවිය හරහා මිලදී ගන්න පුළුවන් , ඒ වගේම මිලදී ගන්නා පොත් සදහා සියයට අසූව දක්වා වට්ටම් ලබාගැනීමේ පහසුකමත් අඩවිය හරහා අපිට ලබාදී තියෙනවා. ඉතින් මේ වට්ටම් ගැන විස්තර අඩවියට ගිහින්ම බලාගන්න.....

දුරකථන අංකය :- 0714108110

Grantha අඩවිය පිවිසෙන්න ....



*******

මයුරපාද මිතුරෝ මෙම  පළවන ලිපි පිලිබඳ තොරතුරු ප්‍රථමයෙන් සහ ඉක්මනින් ලබාගැනීමට අපගේ නිල facebook පිටුව සමග එකතුවන්න


මෙම ලිපිය සම්බන්ධ ඔබගේ අදහස් පහතින් comment කරන්න.
තවත් කෙනෙකුට දකින්න share කරන්න.

මයුරපාද මිතුරෝ සමග එක්වූ ඔබට ස්තූතියි!.

Sunday 19 November 2017

මයුරපාද ආදිශිෂ්‍ය ශාන් නීරෝගේ සද්දේ දැම්මේ Music Video එක මෙතනින් බලන්න.


මයුරපාද ආදිශිෂ්‍ය "ශාන් නීරෝ'ගේ සද්දේ දැම්මේ නමින් Music Video එකක් මේවන විට නිකුත් කරලා තියෙනවා....

ශාන් පිළිබඳ මාධ්‍ය හරහා වැඩි වශයෙන් කතා බහකට ලක්වෙන හේතුව තමයි තමන් විසින් නිර්මාණ කරගත් ගිටාරයක් වාදනය කරන දර්ශනය අන්තර්ජාලය හරහා ප්‍රසිද්ධ වීම....


අදාළ 🎸 ගිටාර් වාදනය සහ ඔහු සමගින් මයුරපාද මිතුරෝ සිදුකළ කතාබහ බලන්න.

-------------------

සද්දේ දැම්මේ ගීතය


*******
මයුරපාද මිතුරෝ මෙම  පළවන ලිපි පිලිබඳ තොරතුරු ප්‍රථමයෙන් සහ ඉක්මනින් ලබාගැනීමට අපගේ නිල facebook පිටුව සමග එකතුවන්න


මෙම ලිපිය සම්බන්ධ ඔබගේ අදහස් පහතින් comment කරන්න.
තවත් කෙනෙකුට දකින්න share කරන්න.

මයුරපාද මිතුරෝ සමග එක්වූ ඔබට ස්තූතියි!.