අපි එදා අව්වේ සීරුවෙන් හිටගෙන අභිමානයෙන් ගායනා කරපු අපේ පාසල් ගීතයේ අපි හිතනවාට වඩා බොහෝ අභිමානයක් එක්වූ දිගු ඉතිහාස කතාවක සාරාංශයක් මගිනි නිර්මාණය වූ අපූරු ගීතයක්.
ආරම්භයේ සිට අද දක්වාම රටට , ජාතියට , ජාතියට ආදරය කරන පිරිසක් පාසල හරහා බිහිකිරීමට මේ ගීතය ලොකු පිටුවහලක් වූවා නිසැකයි....
" වැජඹේ දිගුකල් දිනේ සදාකල්
සිවුකෝරල බිම කිරුළු දරා... "
1. කිණිගොඩ කෝරළය (වර්තමාන රඹුක්‌කන ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාශය)
2. ගල්බඩ කෝරළය (වර්තමාන මාවනැල්ල සහ අරණායක යන ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාස දෙකටම අයත් ප්‍රදේශය).
3. පරණ කුරු කෝරළය (ප්‍රධාන වශයෙන් වර්තමාන කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසය සහ මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ සමහර ප්‍රදේශ අයත්ය).
😎 මයුරපාද මිතුරෝ 😎
4. බෙලිගල් කෝරළය (වර්තමාන නෙළුන්දෙනිය සහ ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කෙට්‌ඨාසයට අයත් ප්‍රදේශය)
මෙම කෝරළ සතරට අමතරව බ්‍රිතාන්‍යය යුගයේදී ගම්පහ දිස්‌ත්‍රික්‌කයට අයත් සිය නෑ කෝරළය සහ හා පිටිගම් කෝරළයත් සතර කෝරළයට අයත්ව තිබූ බව සතර කෝරළයේ මහ ලේකම් මිටියේ දැක්‌වේ.
" දශක තුනක කාලයක් පෘතුගීසි, ලන්දේසි සහ ඉංග්‍රීසි ආක්‍රමණ හමුවේ උඩරට රාජධානියේ ස්‌වාධීනත්වය ආරක්‍ෂා වීමට බලපෑ ප්‍රධාන සාධකයක් වූයේ සතර කෝරළ වාසීන් සතුරු ආක්‍රමණ හමුවේ දැක්‌වූ රණ ශූරත්වයයි "
" මාන පසක් අභිමාන ලෙසින් ලැබ
උදාර ගීය අදීනව ගැයුවෝ... "
* "මාන පසක්" කියන්නේ මොකක්ද ?...
සතර කෝරළේ වාසීන්ගේ රණශූරත්වයට සහ ධෛර්ය සම්පන්න බවට උපකාර පිණිස විවිධ රාජ්‍ය සමයන්හිදී රාජ්‍ය සම්මාන හෙවත් මාන්නයන් පහත් ප්‍රදේශ වාසී ජනතාවට සහ එහි නායකයිනට ප්‍රදානය කර ඇත. මේවා සතර කෝරළයට හිමිවූ මාන්න පස ලෙස හඳුන්වයි. අතීතයේ සිටම මෙම සිංහල රජුන් විසින් පුදනු ලැබූ සම්මාන සතර කෝරලේ වැසියන් මහත් අගේ කොට සලකනු ලැබීය. මෙම සම්මාන පහෙන් ප්‍රධාන මාන්නය වනුයේ ඉර සඳ මහ කොඩියයි. එය සෝමරිවිරුව පිහිටි කොඩිය හෝ විරිදු කොඩිය ලෙසද හඳුන්වයි.
😎 මයුරපාද මිතුරෝ 😎
මායාදුන්නේ සහ රාජසිංහ යන රජවරු ඔවුන්ගේ මුලු රාජ්‍ය කාලයේදී යුද්ධ කටයුතු සදහාම කාලය ගතකල හෙයින් සාමකාමී පාලන අවධියක් ගත කිරීමට වාසනාව නොලද්දෝය. පැරණි රජවරුන් මෙන් අභිෂේක මංගල්‍ය පවත්වා සේවක පිරිසට තාන්න මාන්න දීමට තරම් සුදුසු වාතාවරනයක් කිසිදාක උදා නොවුනි. මෙනිසා මේකාලයේදී ප්‍රධානය කරන ලද රාජ්‍ය දීමනා හදිස්සියේ කරන ලද ඒවා විය. සමහර විටක පුකොලයක සටහන් කරන ලද ලියවිල්ලකින් හෝ කට වචනයෙන් හෝ මේ ප්‍රධාන කරන ලද නිසා පසු කාලයේදී ඒවායේ මුල් පිටපත් සපයා ගැනීමට අපහසු විය.
මෙවැනි ප්‍රධානයන් බොහොමයක් සම්බන්දයෙන් අපට අසන්නට ලැබෙන්නේ ජනවහර ඇසුරෙනි. වීදියේ බංඩාර උඩරට රජුගේ ආධාර ඇතිව සතර කෝරලයේ කැරළි ඇති කල අවස්ථාවේ ඒ මැඬ පැවත්වීමට යවන ලද සීතාවක සේනාවේ නායකත්ව්ය දරන ලද්දේ ලාබල වියේ සිටි ටිකිරි රජ්ජුරු බන්ඩරය. මේ අවස්ථාවේ සතර කොරලයේ ජනතාවගෙන් ලැබුන සහයෝගයට පැහැදුන මායාදුන්නේ රජු “අතිවිශ්වාස ජයවර්ධන සතර කෝරලය” යන නාමය ප්‍රධානය කරන ලදී. මේම ප්‍රධානය සම්බන්දව සතර කෝරලයේ විත්ති පොත් බොහොමයක සහහන් වේ. මේ පොත් බොහොමයක සතර කෝරලයට මාන්න පසක් ලැබුනු බව
මේලකුනු වලට මැදිරට පෙර නන් කලේ...
අතිවිශ්වාස ජයවද්දන නම පත ලේ...
පසක් මාන ලක් දස්කම් පා එක ලේ...පසක් අතුරු රට ඇති සතර කෝර ලේ...
යන ලෙසින් පැවසේ. මේ මාන්න අතරින්, රතු කොඩිය හෙවත් සවරං කොඩිය “කප්පා ගොඩ මුදියන්සේ” විසින් මිනීමරු කිඹුලෙකු මෙල්ල කිරීම නිසාද, දවුණ්ඩය කොඩිය අළුත් නුවර අටුගෙදර නිළමේ නම් යුධ සෙබලා විසින්ද, පච්චලාසය “හිඟුලේ” විසූ යුධ ශූරයෙකු විසින්ද පලමු වැනි රාජසිංහ රජුගෙන් ලබන ලද නම්බුනාමයන්ය..
"සබර පරම ඉසුරු විදු සක්විති
සතර කලා සිප් විදු වෙසරඳුවෝ
මාන පසක් අභිමාන ලෙසින් ලැබ
උදාර ගීය අදීනව ගැයුවෝ..."
පාසල් ගීතයකට එහා ගිය අභිමානයක් ගැබ්ව ඇති මෙම ගීතය එදා විරුවන් අප වෙනුවෙන් සිදුකළ මෙහෙවර කියවෙන විරු ගුණ ගීතයක් කීවාටද වැරදි නැත...
අප මෙය ගායනා කරන මොහොතක් පාසා ඒ වීරයන්ගේ ඇල්ම , බැල්ම , පිහිට , ආරක්ෂාව අප පාසලට ලැබෙනවා නිසැකයි...
මෙම ලිපියට අදාල තවත් ලිපි ඉදිරියේදී මයුරපාද මිතුරෝ මෙම අඩවිය හරහා බලාපොරොත්තුවන්න.
-------
මයුරපාද මිතුරෝ මෙම අඩවියෙහි පළවන ලිපි පිලිබඳ තොරතුරු ප්‍රථමයෙන් සහ ඉක්මනින් ලබාගැනීමට අපගේ නිල facebook පිටුව සමග එකතුවන්න
↪ මෙතනින් ↩
මයුරපාද මිතුරෝ සමග එක්වූ ඔබට ස්තූතියි!.
0 comments:
Post a Comment