මංගලගම අම්බලම ශ්‍රී ලංකාවේ දැකගත හැකි ඉපැරණි අම්බලම් අතුරින් එකකි. එය කෑගල්ල සහ මාවනැල්ල යන නගර දෙක අතර ඉදිකොට තිබෙයි.
මංගලගම අම්බලම, දුටුගැමුණු රජ සමයේ ඉදිකරන ලද අම්බලමක් බැව් විශ්වාස කෙරේ.
ඉන්දියාවේ සිටි මංගල නම් බ‍්‍රාහ්මණයෙකු, ආනන්ද බෝධි පරපුරේ බෝධි අංකුරයක් ද සහිතව මෙරටට පැමිණි අතර, ඔහු ලක්දිව තැනින් තැන පිහිටි වෙරහ විහාර වැඳ පුදා ගනිමින් සෙංකඩගලපුර දෙසට ගමන් කළේය. සිය සංචාරය අතරතුරදී දිනක් රෑ බෝවූ නිසා ඔහු තමා රැගෙන ආ බෝධි අංකුරය සහිත බඳුණ අසල පිහිටි උස් භූමියක තබා, මහමග අයිනේ වූ මෙම අම්බලමේ ලැගුම් ගත් බව සඳහන් වෙයි.
පසුදිනදී නැවතත් සිය ගමන ඇරඹීමට සූදානම් වූ බ‍්‍රාහ්මණයාට, තමා කලින් දින සැන්දෑවේ තැන්පත් කළ බෝධි අංකුරයේ මුල් පොළවට ඇදී ඇති ගොස් ඇති බව දැකගත හැකි විය. කිසියම් ආශ්චර්යයක් නිසා මෙවැනි සිදුවීමක් වෙන්නට ඇතැයි සිතූ බ‍්‍රාහ්මණයා, පසුව එම බෝධි අංකුරය රෝපණය කිරීමට සුදුසු ස්ථානය එයම බව සිතා එහිම රෝපණය කළ බ‍්‍රාහ්මණයා බෝධීන්වහන්සේට ඇප උපස්ථාන කරමින් එහිම නතර විය.
මංගලගම විහාරස්ථානය ඉදිවීම
මේ සිදුවීම සැළවූ එකල ලක්දිව රජු, සිදුවූ සියළු තෙරතුරු බ‍්‍රාහ්මණයාගෙන් විමසා එම ස්ථානයේ විහාරස්ථානයක් කර, අවට ප‍්‍රදේශය ගම්වාරයක් වශයෙන් ඔහුට දුන්නේය. මංගල නමැති බ‍්‍රාහ්මණයාට නින්දගම් වශයෙන් ලබාදුන් නිසා එම ගම මංගලගම නම් විය.
විහාරස්ථානයේ වර්තමාන චායාරූපයක් |
බ‍්‍රාහ්මණයා විසින් රැගෙන ආ එම බෝධි අංකුරය, අම්බලම අසල ඇති මංගලගම බෝධිමාලකාරාම විහාරස්ථානයේ පිහිටි පැරණි බෝධිය බව පැවසෙයි.
මෙම අම්බලමේ පියස, පෙතිඋළු ආදිය කැඞී බිඳී විනාශවී ගොස් ගල් කණු ටික පමණක් බිම පතිතවී තිබූ අතර 1970 සමගි පෙරමුණු රජය සමයේ රඹුක්කන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයා වශයෙන් සිටි ආන්නද සිරිසේන මහතා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහාය ඇතිව මෙය යළි ගොඩනැංවීමට පියවර ගත්තේය.
මිනිස් ක්‍රියාකාරකම් හෝ ස්වාභාවික උපද්‍රව හේතුවෙන් විනාශවී තිබු මෙහි එකල ඉතිරි වී තිබෙන්නේ පේකඩය සහිත එක් ලී කැටයම් කණුවක් පමණක් හා ගල්කණු කිහිපයක් (08ක්) පමණි. පසුව එම ගල්කණු හා ගල්කණුවල අනුරුවට ඉදිකරනලද කොන්ක්‍රීට් කණු උපයෝගී කරගෙන මෙය නැවත ඉදිකර ඇත.
පැරණි ගල් කණු 8ක් සහ පසුව ඉදිකරනලද කොන්ක්‍රීට් කණු 8ක්ද සහිතව මුළු කණු 16ක් මෙම ගොඩනැගිල්ල සතුය. ශේෂවී තිබු දැව කණුවේ ආකාරයටම අළුතින් පේකඩ තනා හා කැටයම් කපා ලී කණු තනා ඇත. කැටයම් වැඩ සඳහා මුලිකත්වය ගෙන ඇත්තේ ප්‍රදේශයේම එකල පදිංචිව සිටි අමුහේනේ පියදාස බාසුන්නැහේ නම් මහතෙකු විසිනි.
අම්බලමට ඇතුලුවීම සඳහා ප්‍රධාන හා අතුරු මාර්ගයන්ට මුහුණලා පිහිටි දොරටු දෙකකි.
තවද මෙහි ඇති ලී කැටයම් සඳහා නෙළුම් මල, බිනර මල, පළාපෙති හා අරිම්බුව වැනි සිංහල සැරසිලි මෝස්‌තර යොදාගෙන ඇත.
😎 මයුරපාද මිතුරෝ 😎
අද දක්නට ඇත්තේ පැරණි ක‍්‍රමයට ගල්කණු මත ගොඩනැංවූ එම අම්බලමය. මෙම පැරණි අම්බලම පිළිබඳව ආනන්ද කුමාරස්සාමි මහතා ස්වකීය ”මධ්‍යකාලීන සිංහල කලා” නමැති ග‍්‍රන්ථයෙහි මෙසේ සඳහන් කර තිබේ.
අම්බලම ප්‍රතිසංස්කරණය කිරීම
මෙම අම්බලමේ පියස, පෙතිඋළු ආදිය කැඞී බිඳී විනාශවී ගොස් ගල් කණු ටික පමණක් බිම පතිතවී තිබූ අතර 1970 සමගි පෙරමුණු රජය සමයේ රඹුක්කන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයා වශයෙන් සිටි ආන්නද සිරිසේන මහතා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහාය ඇතිව මෙය යළි ගොඩනැංවීමට පියවර ගත්තේය.
😎 මයුරපාද මිතුරෝ 😎
මිනිස් ක්‍රියාකාරකම් හෝ ස්වාභාවික උපද්‍රව හේතුවෙන් විනාශවී තිබු මෙහි එකල ඉතිරි වී තිබෙන්නේ පේකඩය සහිත එක් ලී කැටයම් කණුවක් පමණක් හා ගල්කණු කිහිපයක් (08ක්) පමණි. පසුව එම ගල්කණු හා ගල්කණුවල අනුරුවට ඉදිකරනලද කොන්ක්‍රීට් කණු උපයෝගී කරගෙන මෙය නැවත ඉදිකර ඇත.
පැරණි ගල් කණු 8ක් සහ පසුව ඉදිකරනලද කොන්ක්‍රීට් කණු 8ක්ද සහිතව මුළු කණු 16ක් මෙම ගොඩනැගිල්ල සතුය. ශේෂවී තිබු දැව කණුවේ ආකාරයටම අළුතින් පේකඩ තනා හා කැටයම් කපා ලී කණු තනා ඇත. කැටයම් වැඩ සඳහා මුලිකත්වය ගෙන ඇත්තේ ප්‍රදේශයේම එකල පදිංචිව සිටි අමුහේනේ පියදාස බාසුන්නැහේ නම් මහතෙකු විසිනි.
අම්බලමට ඇතුලුවීම සඳහා ප්‍රධාන හා අතුරු මාර්ගයන්ට මුහුණලා පිහිටි දොරටු දෙකකි.
තවද මෙහි ඇති ලී කැටයම් සඳහා නෙළුම් මල, බිනර මල, පළාපෙති හා අරිම්බුව වැනි සිංහල සැරසිලි මෝස්‌තර යොදාගෙන ඇත.
😎 මයුරපාද මිතුරෝ 😎
"ඉතා අලංකාර සාමාන්‍ය ප‍්‍රමාණයේ අම්බලමක් සතරකෝරළේ මංගලගම විය. කුලූණු ගලින් නිමවිය. ලියකම් කරන ලද දැව ද යොදා තිබිණ. ලී වහලයේ උළු සෙවිලිකර තිබිණ. වහල මත දෙකෙළවරේ මැටියෙන් කරන ලද කොත් දෙකක් විය. අම්බලමේ අත්තිවාරමේ ගල්මත දැව ඇදලාය. එම දැවමත මිනිස්සු ඉඳගනිති. කොන් සතරේ කණු සතරකි. එයට අල්ලා වහලකි. අම්බලමේ කණු බොහෝ විය. රාත‍්‍රිය ගත කරන්නන්ගේ පහසුව සඳහා ගොඩනැගිල්ල කොටස්වලට වෙන්කර ඇත."
😎 මයුරපාද මිතුරෝ 😎
ප්‍රතිසංස්කරණය වූ දෑ නැවතත් විනාශවී යන අයුරු |
පෙති උළු සවිකර ඇති වහලය |
පැති පෙනුම |
අතුරු මාර්ගයට මුහුණලා ඇති දොරටුව |
වහලය මුදුනේ පරාල සවිකර ඇති අයුරු |
පේකඩ සහ ලී කණු |
නෙළුම් මල |
බිනර මල |
ප්‍රතිසංස්කරණ වූ පේකඩක් |
***********
මාවනැල්ල සහ අවට ප්‍රදේශවල තවත් මෙවන් තොරතුරු දැනගන්න මයුරපාද මිතුරෝ facebook පිටුවට එකතුවන්න.
ලිපිය සම්බන්ධ ඔබේ අදහස් comment කරන්න.
තවත් කෙනෙකුට දකින්න share කරන්න.
0 comments:
Post a Comment